සතර සතිඵට්ඨානය
කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම
වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය පැවැත්වීම
චිත්තානුපස්සනාව - සීතේ ඇතිවන විවිද වෙනස්කම් ගැන සිහිය පැවැත්වීම.
ධම්මානුපස්සනාව - ජීවිතය අවබෝද කරණ කොනය (දෙය) පිලිබදව සිහිය පිහිටවීම
1 නීවරණ ධර්ම ගැන බලන්න
3 ආයතන භාවනාව
4 බොජ්ජන්ග භාවනාව (චතුරාර්ය සත්‍ය අවබෝධ කීරීමේ අන්ග 7
කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම
- ආනාපානසතිය
- සති සම්පජන්නය (සිහිනුවන පැවත්වීම)
- ඉරියාඵත (අත පය හසුරවන ඉරියව්ව ගැන සිහිය පිහිටවීම)
- අසුභය
- ධාතුමනසීකාරය
- නවසීවතිකය (මැරුන සිරුරක් අවස්ථා 9යකදී සිදුවනදේ දැකීම)
වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය පැවැත්වීම
චිත්තානුපස්සනාව - සීතේ ඇතිවන විවිද වෙනස්කම් ගැන සිහිය පැවැත්වීම.
- සිත විසිරීලානම් දන්නවා
- සිත කලබලනම් දන්නවා
- සිත අලසනම් දන්නවා
- සිත දියුනු නැත්නම් දන්නවා
- සිත පිරිහිලානම් දන්නවා
- සිත එකග වෙනවානම් දන්නවා
- සිතේ කෙලෙස් තියනවානම් දන්නවා
ධම්මානුපස්සනාව - ජීවිතය අවබෝද කරණ කොනය (දෙය) පිලිබදව සිහිය පිහිටවීම
1 නීවරණ ධර්ම ගැන බලන්න
- කාමත්ඡන්දය
- ව්‍යාපාදය
- තීනමිද්‍ය
- උද්දච්ච කුක්කුච්ච
- විචිකිච්චා
3 ආයතන භාවනාව
4 බොජ්ජන්ග භාවනාව (චතුරාර්ය සත්‍ය අවබෝධ කීරීමේ අන්ග 7
- සති සම්බෝජ්ජන්ගය
- ධම්ම විචය සම්බෝජ්ජන්ගය (නුවනින් විමසීම )
- වීරීය සම්බෝජ්ජන්ගය
- ප්රිති සම්බෝජ්ජන්ගය
- පස්සද්ධී සම්බෝජ්ජන්ගය (කායික මානසික සැහැල්ලුබව )
- සාමාදි සම්බෝජ්ජන්ගය
- උපෙක්ෂා සම්බෝජ්ජන්ගය
“ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“
බුද්ධ දේශණාව
"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."
“ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“
බොහෝ කාලයකට පසු වැදගත් යමක් ඔබත් සමග බෙදා ගත යුතුයි යන අදහස පහල වූ බැවින් මේ කරුණ සදහා නියම කාලය මේ යැයි සිතා මෙසේ ලියමි. මෙහි එන සෑම කරුණක්ම බුද්ධිමත්ව නුවණින් විමසා බලා තම තමන්ගේ යහපත උදාකරගැනීමට අවංකව කටයුතු කිරීමේ තීරණය ඔබටම භාරකරන්නෙමි.
සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් යම් ප්රකාශයනයක් යමෙක් පිළිබදව සිදු කරනවා නම් උන්වහන්සේ විසින් එය සිදුකරන්නේ සියලු හේතු තතු සේ දැනගෙනයි! එහෙම නේද? ඒත් ඉතින් අපි යමෙක් ගැන හෝ යම් ධර්මයක් ගැන යම් ප්‍රකාශයක් කරන්නේ තවම හරියටම සත්ධර්මයවත් තතු සේ නොදැනයි නේද? එහෙම කියන්නේ කොහොමද සත්ධර්මය මම තතු සේ නොදන්නවෑ... කියලා වාද විවාද තර්ක එහෙමත් සිතට නැගේවි... ඒත් හොදින් හිතලා බලන්නකෝ සත්ධර්මය තතු සේ දැනගන්නේ උත්තරීතර අරිහත්වයේදී නොවේද කියලා... මේ කරුණ අප විසින් කිසිම මොහොතක අමතක නොකල යුතු කරුණක් කියලා මම විශ්වාස කරනවා...
ඒ ඒ මාර්ගඵල අනුව ඒ ඒ ආර්ය පුද්ගලයන්ගේ බුද්ධිමට්ටම් අනුව විවිධ අවස්ථාවල සත්ධර්මය අන් අයට උපකාරයක් වන අයුරින් බෙදා හදාගත්තද මෙය මෙසේමයි කියන විශ්වාසය නිවැරදිව ඇති කරගත හැකි වන්නේ ඒ උත්තරීතර අරිහත්වයට පත්වූ පසු පමණමයි නොවේද කියලා තම තමන්ගේ ඥාන මට්ටම් වලින් විමසා බැලිය යුතු වෙනවා. අරිහත්වයට පත්වූ පසුත් උන්වහන්සේලාගේ ඥාන මට්ටම් අනුව ධර්මය බෙදාගන්නා ක්රමයන් විවිධ වන්නට තිබෙන අවස්ථාව නිසාම ඒ ඒ ධර්ම කරුණු 100%ක් පරිපූර්ණව විස්තර විග්රහ ඇතිව සිදු නොකරන්නට තිබෙන අවස්ථාවද වැඩියි...
ඉතින් අපි අපගැන කථා කලොත් අපි තාම මේ සත්ධර්ම මාර්ගයේ ඉන්න නොදරුවෝ... හේතු ඵල දහම තමන් තුල වැඩී ඇති බව ප්රත්යක්ෂ වූවත් බුදු පියාණන්වහන්සේ විසින් සියලු හේතු තතු සේ දැනගෙන සිදු කල යම් යම් කාර්යයන් සිදුකරන්නට අප කිසිවෙකුටත් නොහැකියි යන්න තරයේම සිහි තබා නොගත්තොත් මහා අයහපතක් සිදුවෙන්නට තිබෙන අවස්ථාව වැඩි බව අප නිතරම සිහි තබාගැනීම වඩාත් සුදුසුයි කියලයි මගේ අදහස... මම එහෙම කිව්වේ සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් සියලු හේතු තතු සේ විමසා බලා සිදුකරන යම් යම් නිගමන අපි මතුපිට සුළු යම් යම් කරුණු කීපයක් දැක දැන නිගමනයන්ට පත්වන්නට යොදාගන්නා නිසයි.
මේ ටික කාලයට විවිධ අයගේ විවිධ වූ මතයන් පිටස්තරයෙක් ලෙසින් මට හැකි අයුරින් මගේ බුද්ධි මට්ටම හැකි අයුරින් ගවේෂණයක යෙදුණු විට මට වැටහුණු කාරණය නම් ඒ බෙහෝ දෙනෙකුගෙන්ම නිවී සැනසීම පිණිස ගතහැකි පුංචි හෝ අදහසක් තිබෙන බවයි.... මා ගැන කථා කලොත් මේ සත්ධර්ම ඇසුර මට හැකි උපරිමයෙන් සෑම විටම ඒ ඒ පදයන්ගෙන් ඔබ්බට ගිය අර්ථය අදහස විමසා බලන්නට යොමුවූ නිසාම ඒ ධර්මය දේශනා කරන පුද්ගලයන් සමග විශේෂ ඇලීමක් හෝ විශේෂ ගැටීමක් ඇති නොකරගෙන කටයුතු කරගන්නට මට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබුණ බව කිව යුතුම වෙනවා... කෙනෙක් කියූ නිසා පිලිගන්නේ නැතිව යමක් යම් තැනක තියෙනවා කිව්වොත් ත්‍රිපිඨකයේ මෙය තිබෙනවා කිව්වොත් ඒ ඒ තැන මට පුළුවන් උපරිමයෙන් ගවේෂණය කරන්නට කටයුතු කලේ පුංචි කාලේ පටන්ගෙනම තිබූ කෙනෙක් කිව්වට එකපාරටම පිලිගන්නේ නැතිව ඉන්න ස්වභාවය නිසාමයි. ඉතින් ඒ ගවේෂණයේ ප්‍රතිඵල ඇත්තටම මගේ අල්ප වූ බුද්ධිමට්ටමෙන් නම් යහපතක්ම ලබා දුන් බව මට සහතික විය හැකියි. මේ සත්ධර්මයේ තුලින් මේ වන විට ලබා ඇති නිවීම සැනසීමත් තවමත් ලබන නිවීම සැනසීමත් පෙන්වා දෙන්නට වචන කොතරම් භාවිතා කලත් හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ කරුණ සම්බන්ධයෙන් මා අනුගමනය කල සහ තව දුරටත් සිදු කරගෙන යන පිලිවෙත කථා කරනවා නම් සෑම මොහොතකම තෙරුවණේ ආශිර්වාදය උපරිමයටම ලබන බව අත්දකිනවා... ඒකට හේතුව වන්නේ මේ ධර්මය මා ඇසුරු කලේ සහ කරන්නේ මාගේ නිවී සැනසීම පිණිසත් ඒ නිවී සැනසීම තුලින් ලෝකයාට සෙත සැලසීමේ අවංක චේතනාවම පමණක්ම නිසාත් බව මට 100%ක්ම පැහැදිලියි. ඉතින් මම හැමවිටම හිතුවේ මේ සත්ධර්මය සත්‍ය නම් යමෙක් තුලින් ඒ සත්‍ය ධර්මය මතු වෙනවා නම් පුද්ගලත්වයෙන් පිටතට ගොස් ඒ ධර්මය මුල් කරගෙන එකම සත්ධර්මයක් මතු විය යුතු බවයි... මේ වෙනකොට මට හැකි අයුරින් සිදු කල ගවේෂණයට අනුව මට වැටහුණු කාරණය නම් මේ සත්ධර්මය මතු වන ඒ උත්තරීතර ආර්ය සංඝරත්නයට අයත් යැයි අනුමාන කල හැකි බොහෝ පිරිසක් අප අතරම සිටින බවයි... ඒ ඒ අයට තිබෙන ඥාන මට්ටම් අනුව ඒ ඒ අය තමන්ට වැටහෙන අයුරින් ඒ ඒ කරුණු පහදා දෙන්නට උත්සාහ කරනවා... ඉතින් ඒ අදහස් වචන පද එකම නොවෙනවා වගේම එකක්ම විය යුතුමයි කියලත් නියමයක් නැති බවත් සිහි තබාගැනීම සුදුසු බව තමයි මගේ අදහස...
උදාහරණයක් විදියට කියනවා නම් අපි වීදුරු කියන ස්වභාවය තුලින් හදුනාගත යුතු දේ ඒ ඒ දේහි හැඩයෙන් හදුනාගන්නට ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නේද?ඒ කියන්නේ වතුර බොන වීදුරුවක් හැදිලා තියෙන්නෙ වීදුරු කියන ස්වභාවයෙන් වගේම බීම බොන බීම බෝතලයක් හැදිලා තියෙන්නෙත් වීදුරු කියන ස්වභාවයෙන්ම නම් අපි ඒ දෙක වීදුරුද කියලා හදුනාගත යුතු වන්නේ ඒ ස්වභාවයෙන් මිස ඒවායේ හැඩයෙන් නොවන බව සිහි තබාගත යුතු වෙනවා කියලයි මගේ අදහස... දැන් බොහෝ පිරිසක් දැන හෝ නොදැන කරන්නෙත් මේ හැඩයෙන් හොයාගන්නවා මිස ස්වභාවය අනුව හොයාගන්නට උත්සාහ කිරීමක් නොවේ යන්නයි මගේ අත්දැකීම....
ඉතින් ඒ ස්වභාවය තමයි චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද ධර්මය සහ රාගවිනය ද්වේශ විනය මෝහ විනය කියන බුදු හිමියන් විසින් ධර්මය හදුනාගන්නටැයි කියලා පෙන්වා දුන්න ක්‍රම වේදයන් කීපය. ඒකට බහා බලන කෙනෙකුට වචන පද එක්ක ගැටීමක් එන්න විදියක් නෑ කියලා මම මේ වෙනකොට අත්දැකීමෙන් දන්නවා... එහෙම වෙනවා නම් වෙන්නේ ඒ ඒ පුද්ගලයා විසින් ඒ ඒ ධර්මය බෙදන පුද්ගලත්වය කෙරෙහි ඇති කරගන්නා ඇලීම මත හෝ තමන් තුල සත්ධර්මය මතු නොවීම යන මූලික කාරණා මත මිස වෙන හේතුවක් මත නොවේ කියලත් මගේ බුද්ධිමට්ටමෙන් තෝරා ගත්ත කාරණයක්...
ඉතින් අපි ධර්මයවත් හරි හැටි අවබෝධකරගන්නේ නැතිව... ප්‍රඥාව පූර්ණයට පත්කරගන්නේ නැතිව හැඩය තුලින් නිගමනයන්ට පත්වෙලා සිතින්, කයෙන්,වචනයෙන් අපවාද උපවාද අපහාස කරනවා නම් දැන හෝ නොදැන අප මේ අපහාස කරන්නේ බුදු පියාණන්වහන්සේගේ සත්‍ය වූ සත්ධර්මයටමයි කියන දේ තෝරා බේරාගත්තේ නැතිනම් මහා විනාශයක් තම තමන්ටම සිදුවෙනවා කියලයි මගේ අදහස... මේ වෙනකොට අත්දැකීමෙන් දුටු දෙයක් තමයි එකම ධර්මයට එක හාමුදුරුකෙනෙක් කියන කොට බනිනවා වෙනත් හාමුදුරුකෙනෙක් කියන කොට මහා ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා මාන කරමින් පිලිගන්නවා... අන්තිමට හොදින් විමසා බලනකොට අවස්ථා දෙකේම ලැබුණු ධර්මය තුල තිබෙන අන්තර්ගතය ගැඹුරු බව සිද්ධාන්තය එකම එකයි... ඉතින් මුලින්ම සිද්ධාන්තය තමන් තුල ප්රත්යක්ෂ කරගත්තා නම් මේ අවුල වෙන්න යනකොට තමන් විසින්ම ඒ සිද්ධාන්තය තුලින් ඒ අවුල වෙන්න කලින්ම නවත්තගන්න තරම් බුද්ධිමත්භාවයක් වර්ධනය වෙනවා කියලායි මගේ අදහස.
ඉහල ප්‍රඥා මට්ටමක ඉන්න කෙනෙක් ඒ මට්ටමෙන් පහදා දෙන විට පහල මට්ටමක ඉන්න කෙනෙකුට එය ඒ ආකාරයෙන්ම ප්රත්යක්ෂ වීමක් සිදු වන්නේ නෑ... ඒ කෙනා වචන පද තෝරාගත් පමණින් ඒ දේ ප්රත්යක්ෂ වශයෙන්ම දන්නවා කියලා හිතාගත්තද එය එසේ වන්නේ නෑ... ඉතින් යමෙකුට සිතෙනවා නම් තමන් අරිහත්වයෙන් මෙහා සිටින මාර්ග ඵල ලාභියෙක්ය කියලා හැම තිස්සේම ඒ පුද්ගලයා සිහියෙන් ඉන්න එක සුදුසුයි තමන් තවමත් අරිහත්වයට නම් පත්වෙලා නෑ කියන දේ පිලිබදව. එතකොට තමයි ඒ තත්වයට ලගා වෙන්නට තමන්ට තවමත් කල යුතු දෑ තිබෙනවා කියන දේ පිළිබදව අවබෝධයක් තිබෙන්නේ... නැතිනම් සිටින තැනම සිටිනවා මිසක් තමන් තමන් පිළිබදව තෝරාගත්ත නිගමනය වැරදි නම් අඩුපාඩු සහිත නම් සසර අනාථයෙක්ම වෙනවා විනා සිදුවන යහපතක් නම් නැති බව විමසා දැනගත යුතු වෙනවා.
ඉතින් මා දැක තිබෙනවා තමන් ඇලුම් කරන ස්වාමීන්වහන්සේලා දේශනා කරන ධර්මයේ පද ඒ ආකාරයෙන්ම වෙනත් තැනකින් මතු නොවුනොත් අහන්නේවත් නැතිව ප්‍රතික්ෂේප කරන පිරිස් අප අතර ඉන්නවා. හදිසියේවත් හේතු ඵල දහමට ගැලපෙන ධර්මයක් ඒ ස්වාමීන්වහන්සේ කෙනෙක් දේශනා කලොත් “ආ අපේ හාමුදුරුවන්ව කොපි කරලාද කොහෙද අපේ හාමුදුරුවන්ගේ දේශනයක් අහලා වෙන්න ඇති“ කියලා කියන බොහෝම අඩු බුද්ධිමට්ටමකටම පත්වෙච්ච අයත් මා දැක තිබෙනවා. ඒ විතරක් නෙවේ අරිහත්වයට පත්වෙච්ච උතුමන් පිළිබදව පවා සැක සංකා උපදවාගන්න මට්ටම යම් යම් අවස්ථා වල කටයුතු කල පිරිස් දැක තිබෙනවා... ඇයි ඒ? සරලව කියනවා නම් ගලපන්න කිව්ව සූත්‍රය ධර්මය විනය පැත්තක තියලා ඒවා මතු කරලා දුන්න වචන පදයන්ට ඒ ඒ ධර්මය ගලපන්න ගිහින් තමයි ඒ වගේ නොගැලපෙන අදහස් වලින් සිත් සතන් පිරිලා ගිහින් තියෙන්නේ. ඉතින් මෙවැනි ගෝල බාලයන් දැකලා ඒ ඒ ස්වාමීන්වහන්සේලාට පවා අගෞරව කරන්නට අපහාස උපහාස කරන්නට අහන දකින බාහිර පිරිස් යොමුවෙනවා. ඉතින් නිවැරදි සත්ධර්මයක් ඒ ගරු කටයුතු ස්වාමීන්වහන්සේලාගෙන් පිටවුණත් දේවදත්ත වැනි ගෝලයන්ගෙන් බුදු හිමියන් ගැන නිගමනයට පත්වෙනවා වගේ කටයුතු කරන නිසාවෙන් ඒ ඒ හිමිවරුන්ට අපහාස කරන්නට උපහාස කරන්නට උපවාද කරගන්නට බොහෝ පිරිස් යොමුවෙනවා. ඉතින් ඇත්තටම ඒ ගරු කටයුතු ස්වාමීන්වහන්සේලා විසින් නිවැරදිව නිරවුල්ව සත්ධර්මය පෙන්වා දී තිබුනත් ගෝල බාලයන් ඒවා ග්‍රහණය කරගෙන තිබෙන මට්ටම අනුව ඒ ඒ අයගෙන් දැනගන්න පිරිස ඒ ඒ අයගේ හැසිරීම අනුව මැනගන්න පිරිස් බොහෝ අවුල් වලට පත්වෙනවා. අකටයුත්තක්ම සිදු කරගන්නවා. ඉතින් තම තමන්ගේ නිවන කැමැත්තෝ තම තමන්ගේ හිත සුව කැමැත්තෝ මේ කරුණු බොහෝම නුවණැතිව විමසා බලා ලැබෙන සෑම සියලු අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කිරීම වඩාත් සුදුසු යැයි මා විශ්වාස කරනවා. තමන් පිලිගන්නේ දේහිම එල්ලී නොසිට බුදු හිමියන් තෙරුවන කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන තමාගේ හිත සුව පිණිස තමාගේ නිවීම පිණිස තමා තුල ප්‍රඥාව වර්ධනය කරගැනීම පිණිසම මේ ධර්මය ගවේෂණය කරන්නේ නම් මේ අපූරු ආශ්චර්යමත් සත්ධර්මය තමන්ව සුරකින ආකාරය තමන්ට යහපත ලබාදෙන ආකාරය උපරිමයෙන්ම අත්දැකගන්නට හැකිවෙනවා ඒකාන්තයි නිසැකයි.
හැබැයි ඉතින් මේ ගවේෂණය කරන්නේ තර්ක වාද කරලා ලෝකේට පේන්න ධර්ම ලොක්කෝ වෙන්න නම් ඒ තුලින් තවත් කෙනෙක් වැරදියි කියලා ඔප්පු කරන්න නම් එයින් ලැබෙන යහපතක් ඇත්තේ නෑ කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මන්ද එවැනි පුද්ගලයන් මා දැක තිබෙන නිසාත් එවැනි පුද්ගලයන් මේ ධර්ම මාර්ගය තුල අතරමග මග නොමග වූ අයුරුත් දුටු නිසාමත්. ඉතින් මේ වෙනස අත්දැකීමෙන් ලබන්නට නම් බුදු හිමියන් දේශනා කරන ලද සත්ධර්මය තුලම හැසිරෙමින් තම තමන්ට අවංක වෙමින් කටයුතු කිරීම වැදගත් වෙනවා. එවිට මේ ධර්මය තුලින් ලැබෙන දෑ බොහෝමයි කියලා තමන්ටම අත්දැක ගන්නට හැකිවේවි.
මේ ලිපියේ ඇති කරුණු නැවත නැවත කියවා හෝ වටහාගන්නට උත්සාහ කරන්නේ නම් වඩාත් සුදුසුයි කියලායි මගේ අදහස... මන්ද ධර්මය තුලින් දියුණුවක් ලබන්න... බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්න චිත්ත විශුද්ධිය තමන් තුල වර්ධනය වන පමණින් මේ මේ දේවලට සාර්ථකව මුහුණ දී ඒ ඒ දේ නිවැරදිව තෝරාබේරාගෙන යහපත උදාකරගන්නට තිබෙන අවස්ථාව වැඩි වෙනවා මිස අඩුවක් වෙන්නේ නෑ...තමන්ගේ නිවන තමන්ට පමණක් නොවේ එයින් අන් අයටත් ලැබෙන යහපත ආශිර්වාදය අනන්තයි අප්‍රමාණයි... යමෙක් තුල ඇත්තටම ලෝක අනුකම්පාවක් තියෙනවා නම් වහා වහා තමන්ගේ නිවන පූර්ණය කරගන්නට ප්‍රඥාව පූර්ණයට කටයුතු කරගන්නට කටයුතු සිදු කල යුතු වෙනවා... ඒ ප්‍රඥාව පූර්ණය කරගන්නට ක්‍රම වේදයක් හික්මීමක් සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙනවා ... අන්න ඒ විදියට කටයුතු කරලා එතෙක් සිත කය වචන බොහෝම සංවරයෙන්අන්අය ගැන නිගමනයන්ට පත්නොවී ඒ ඒ හැම අවස්ථාවකින්ම තමන්ගේ නිවී සැනසීමට ගත හැකි දේ ලබාගෙන මේ කටයුත්ත බොහෝම පරිස්සමෙන් තීක්ෂණ බුද්ධියකින් යුතුව සිදු කරගත හැකිවෙනවා...
එකපාරම එක එක පුද්ගලයන් ගැන අහන දකින දෑ ගැන නිගමනයන්ට පත්වෙන්නට යොමුවීම සුදුසු නෑ... එයින් අවාසිය තමන්ටමයි... තමන් යමකට අකමැති නම් එයින් පෞද්ගලිකව ඉවත් වී සිටින්න ඒ පිළිබදව තමන්ගේ පෞද්ගලික මතය තුලින් අදහස් උදහස් ලබාදෙමින් අන් අයවත් කුපිත කරවමින් විවේචනයන්ට යොමුවීම ධර්ම මාර්ගයේ වැඩීමට මහා බාධකයක් වේවි. “මම තාම අරිහත්වයට පත්වෙලා නෑනේ“ කියන අදහස නිතර නිතර සිහි කරගෙන ඒ තත්වයට ලංවෙන්නට සත්ධර්ම ඇසුර ලබන්න... මේ ලෝකය තවමත් අරිහතුන්වහන්සේලාගෙන් ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් බහුල පින්බිමක්... උන්වහන්සේලා ඒ ඒ මට්ටම් වලින් කුමන ආකාරයෙන් ධර්මය දේශනා කලත් මතු වන්නේ එකම ධර්මය තමයි.... ඒ එකම ධර්මය විස්තර කරන්න විග්රහ කරන්න යොදාගන්න පදයන් වෙනස් වුණා කියලා ඒ ධර්මය අධර්මයක් කියනවා නම් ඒ අනුව ගැටෙනවා නම් ඒ ඒ උත්තමයන්ට ගරහනවා නම් තමන් හරියි කියලා හිතාගෙන ඉන්න ධර්මයෙන් වුණත් තමන්ට ලැබෙන සැනසීමක් යහපත් අභිවෘද්ධියක් ප්‍රතිඵලයක් නෑ කියලා නිතර සිහි තබාගැනීම වැදගත් වෙනවා.
අරිහතුන්වහන්සේ කෙනෙක් වැඩියත් තමන් ඉන්න රාමුව පුංචි නම් ඒ රාමුවට උන්වහන්සේ ගැලපෙන්නේ නැතිනම් උන්වහන්සේගෙන් තමන්ට ලබාගත හැකි වැඩි යහපතක් නැති බව තම තම නිවන කැමැත්තෝ හොදින් නුවණින් විමසා දැක දැන වටහාගන්නට උත්සාහ ගනිත්වා. තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත මතින් සිත කය වචනය හසුරුවා කටයුතු කරන විට ඒ තුලින් අයහපතක් සිද්ධ කරගන්න පිරිසත් වැඩිවෙනවා.
නෙලුම් හැදෙන්නේ මඩේමයි... මඩෙන්මයි පෝෂණය වෙන්නෙත්... නෙලුම කිව්වොත් මට මඩ වල ඉන්න බෑ... මට වෙනතැනක හැදෙන්න ඕන කියලා ඒක නෙලුමක් වෙන්නේ නෑ වගේම ඒකට අපි ලබාදෙන විශේෂත්වය ගෞරවය ඒ විදියට ලබාදෙන්නෙත් නෑ... අන්න ඒ නෙලුම වගේ මේ කුණු ගොඩේම ඉදලා කුණු ගාගන්නේ නැති මානසිකත්වයක් ඇති කරගන්නට තමයි බුදු හිමියන් අපට මාර්ගයක් පෙන්වා දුන්නේ... ඒකට කුණු වලිනුත් සහාය උපකාර ලබාගත යුතු වෙනවා... ඒ නිසා පිදිය යුත්තන් පුදමින් ලබාදිය යුතු ගෞරවය හැමවිටම සමසේ ලබාදෙන්නට උත්සාහ කරමින් තමන්ගේ නිවීම පිණිස කටයුතු කරගන්න එක අප්රමාදී බවට ප්‍රඥාව පූර්ණය කරගන්නට වඩාත්ම සුදුසු ක්‍රමය කියලයි මගේ අදහස...
ගලපන්න කිව්වදේට ගලපනවා විනා වචන පදයන්ට නොගලපා... හැඩයට අනුව නොසසදා අන්තර්ගතය විමසා බලා තම තමන්ගේ යහපත උදාකරගැනීම වඩාත් සුදුසු යැයි සිතමි. ඒ වගේමයි තමන් මේ සත්ධර්ම මාර්ගය තුල අත්දැකීමෙන්ම නිවීමක් සැනසීමක් ඒ ඒ මට්ටම් වලින් උදාකරගන්නේ නැතිව අනුන්ට ඒ දේට පත්වෙන්නට මග පෙන්වන්න උත්සාහ නොකර සිටින එක බොහෝම වැදගත් වෙනවා. පිස්සු හැදිලා වගේ දකින දකින අයට නොමිලේ ලබාදෙන අත්පත්‍රිකා වගේ බෙද බෙද යන්නේ නැතිව ධර්ම ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඒ ඒ පිරිසට මතක් කරන්නට කැමැතියි. “ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“ / “අත්තාන මේව පඨමං - පතිරූපේ නිවෙසයේ“ කියලා ධර්මයේ මෙවැන්නක් සදහන් කරනවා “පළමුව තමා සුදුසු ගුණයෙහි පිහිටු විය යුතුයි“ යන්න පැහැදිලි කර දීමට. නැත්නම් වැදි බණ වෙනවා කියලත් කථාවට කියනවනේ... ඉතින් තමන් යහපතෙහි නොපිහිටා අනුන්ට අවවාද කරන්නට යාමෙන් නියම ප්‍රතිඵල ලබන්නට අපහසුයි කියලා නුවණින් විමසා දැනගත යුතු වෙනවා.
සැබෑවටම සත්ධර්මය තුලින් පෝෂණය ලබනවා නම් ඒ අනුව හික්මෙනවා නම් කාගෙන් වුවද ලැබෙන යහපත් අවවාදය පිළිගෙන සිය ජීවිතය සකසා ගැනීම සිදු කරගන්නට බුද්ධිමත් ඒ ඒ පිරිස් කටයුතු කරනවා. ධර්ම දේශනා කරන්නේ කව්ද කොතැනද මාර්ග ඵල ලබලද නැත්ද ආදී බාහිර දෑ ඒ නුවණැත්තාට වැඩක් නැත. කාගෙන් වුවද යහපත් දෑ තෝරාගෙන ඒවා ප්‍රායෝගිකව භාවිතා කරමින් බහුලව භාවිතා කරමින් ප්රත්යක්ෂ නුවණ ඇතිකරගැනීම නුවණැත්තා කටයුතු කරන ආකාරයයි. ඒ නුවණැත්තා අනුශාසකයා විවේචනය නොකර ඒ අනුශාසනයෙන් තම ජීවිතය යහපත් කර ගන්නට වෙහෙසෙනවා මිස ලෝකයේ පවතින්නට ලාභ කීර්ති ප්‍රශංසා උදෙසා හෝ “මම දන්නවා“ කියන දෑ පෙන්වන්නට ඒ ධර්මයේ හික්මෙන නුවණැත්තා තුල කිසිදු කැමැත්තක් අභිප්රායක් ඇත්තේම නැත! ඉතින් මේ කරුණු නුවණින් විමසා බලා කව්රු කව්රුත් යහපත් උදා කරගැනීමට කටයුතු කරන්නට පෙළඹෙන්නටත් ඒ සදහා තෙරුවණේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙන්නටත් මෙත් සිතින් සෙත් පතමි! තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!
ආර්ය ශ්‍රාවකයාගේ අප්‍රමාදය පිණිස හේතුවන සුවිශේෂීවූ කරුණු
බුද්ධ දේශනාවෙන් ඇසුරින් කැටි කොටගත් ආර්ය ශ්‍රාවකයාගේ අප්‍රමාදයට හේතුවන කරුණු කීපයක් කෙටියෙන් පෙන්වා දෙන්නටයි මෙම ලිපිය යොදාගන්නේ. ඉතින් සෝතාපන්න ආදී මාර්ග ඵලයන් ලැබූ ආර්ය ශ්‍රාවකයෙකු වුවත් සමහර කරුණු කෙරෙහි සැලකිලිමත් නොවනු හොත් නිවී සැනසීම ප්‍රමාද වෙනවා... ඔහුගේ / ඇයගේ මාර්ග ඵලයන් පූර්ණයට පත්කරගෙන අරිහත්වයට පත්වීම ප්‍රමාද වෙනවා... ඒ නිසා ආර්ය අනාර්ය දෙපිරිසටම ඉතාමත් වැදගත් වෙන මේ කරුණු රැස කියවා එකින් එක නුවණින් විමසා තමන්ට හැකි උපරිමයෙන් තමාගේ ජීවිතයට ලං කරගෙන අප්රමාදී වීමට කටයුතු කරගැනීම ඔබට භාර කරමින් මෙසේ සටහන් තබන්නෙමි!
ආර්ය ශ්‍රාවකයාගේ අප්‍රමාදය පිණිස හේතුවන සුවිශේෂීවූ කරුණු මෙසේයි;
1. ආර්ය ශ්‍රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි
නිවීම පිණිසම සිත, කය, වචනයෙහි සංවරත්වයෙන් යුක්තව ආචර ගෝචර සම්පන්නව අංශුමාත්ර වරදෙහිත් බිය උපදවාගෙන ඒ ඒ ශික්ෂා පදයන්හි දැඩිකොට හික්මීම.
2. ඉදුරන්හි වැසූ දොර ඇතියේ වෙයි
ඇස, කණ, දිව, නාසය, කය සහ මන ඉන්ද්‍රීයයන් තුලින් මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයන් ඇසුරු කිරීමේ සංවරත්වය. කෙටියෙන් කියනවා නම්; රාග, ද්වේශ, මෝහයන් කෙරෙහි සිහියෙන් හිදිමින් මිදීම.
3. බොජුනෙහි පමණ දන්නේ වෙයි
මෙහි අදහස නම් ප්රත්යවේක්ෂා කොට ආහාරය ගැනීමයි. කෙසේද යත්; යම් ආහාරයක් ගන්නා විට “මම මේ ආහාරය ගන්නේ පංච කාමය ආශ්වාදයන් ලබමින්, කෙලි කවටකම් කරමින්, ක්‍රීඩාවන් කරමින්, සැරසෙමින්, ප්‍රමාද වෙමින්, මත්වීම පිණිස නොවේ. මේ කයෙහි යැපීම පිණිස, වෙහෙස සංසිදීම පිණිස, ආර්ය මාර්ගය පූර්ණයට පත්කරගැනීම පිණිස කය පවත්වාගැනීමේ අරමුණින් යුක්තවයි“ ලෙසින් සිතා අධිශ්ඨානයෙන් යුක්තව ආහාර ගැනීමයි.
එහෙම ආහාර ගන්නා විට රසවත් ආහාරයක් කියලා තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නේ වත් රසවත් නැතැයි කියලා අවශ්‍යතාවයට වඩා අඩුවෙන් ආහාරයක් ගෙන කුසගින්නේ සිටින්නේවත් නැහැ. මන්ද එසේ ආහාරයක් ගන්නා විට තමන්ගේ සැබෑ අරමුණු රසය හෙවත් දිව පිනවන අරමුණ නොවන නිසා.
මෙන්න මේ පමණ නොදැනීම හෙවත් රස පිණිස ආහාරයක් ගන්නා විට එහෙම කාලයක් වේලාවක් ප්‍රමාණයක් නැතිව ආහාර ගන්නට අප පෙළඹෙනවා.
ඉහත පරිදි පුරුදු කරන්න අද අදම උත්සූක වන්න... මෙය ඉතාමත් ප්‍රායෝගිකයි නිවැරදිව පුරුදු පුහුණු කලොත් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන බවට අත්දැකීමෙන්ම මට කියන්න පුළුවන්. මමත් මෙය පුරුදු පුහුණු කරනවා... මගේ දියුණුව මටම අත්දකින්නට හැකියි... පෙර මෙන් රස තෘෂ්ණාවෙන් ආහාර සෙවීම ක්‍රමයෙන් අඩුවෙමින් යන බව තමන්ටම අත්දැකගන්නට හැකියි... කුමන ආකාරයේ කෑමක් වුවත් තේරීම් බේරීම් නොකර කය පැවැත්වීමේ අරමුණෙන් යුක්තව ආහාරයට ගැනීමට කම්පාවකින් තොරව හැකියාව ලැබෙමින් පවතිනවා... එය දියුණු වෙලා දැන් මට දිනකට එක වේලකින් පමණක් යැපෙන්නට හැකි මානසිකත්වයක් ගොඩනැගිලත් තියෙනවා... ගිහි පරිසරයක ඉන්න නිසා අන් අයට අපහසුතාවයක් කරදරයක් නොවන පරිදි මේ කටයුතු කරගෙන යන්නට නුවණින් යුතුව කටයුතු කරගනිමින් බුදු හිමියන් පෙන්වූ අවවාදයන් උපදේසයන් නිවීම පිණිසම යොදාගෙන දියුණුව ලබන්නට හැකිවෙලා තියෙනවා... ඉතින් කව්රුවත් ඇවිත් කරලා දෙනකම් ඉන්නේ නැතිව තමන්ගේ හිතේ ධෛර්යෙන් අධිශ්ඨානයෙන් යුක්තව සැබෑවටම නිවීමේ ආශාව ඇතිව සසර දුක් කෙලවර කරගැනීමේ උනන්දුව ඇතිව මේ කටයුතු නුවණැතිව ප්‍රගුණ කරන්න තම තමන් තීරණය කරගත යුතු වෙනවා.
4. නිදිවැරීමෙහි යෙදුනේ වෙයි
දවස තුල සක්මනේ යෙදෙමින් නීවරණ ධර්මයන්ගෙන් මිදෙයි. රාත්‍රියෙහි ප්‍රථම යාමයේදී සක්මනෙහි යෙදෙමින් නීවරණ ධර්මයන්ගෙන් මිදෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු පයහි වම් පය මදක් ඇල තබා දකුණු පසට ඇලව යලිත් නැගිටින කාල සීමාව අධිශ්ඨාන කොට සීහ සෙය්යාව කරයි. රාත්‍රියෙහි පශ්චිම යාමයේ නැගී සිට යලිත් සක්මනෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කරයි. මෙසෙයින් නිදිවැරීමෙහි යුක්ත වූයේ වෙයි.
ඉහත තියෙන්නේ ත්‍රිපිඨක ග්රන්ථයන්හි දැක්වෙන ආකාරයයි... එහි අදහස මගේ නැණ පමණින් වැටහෙන පරිදි තෝරාගත් පරිදි විස්තර කර දෙනවා නම් මෙසේයි...
සක්මනෙහි යෙදීම ලෙසින් මෙහි අදහස් කර ඇත්තේ කායිකව අපි කරන සක්මන පමණක් නොවන බවයි මගේ හැගීම. ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට කියනවා නම් මෙහෙම හිතමු... “සිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා“ කියලා සිංදුවකත් තියෙනවානේ. ඒ සිංදුවෙන් අදහස් කලේ සිත කිසිවිටකත් එකතැනක තියෙන්නේ නැති බවයි... හැම තිස්සේම පංච කාම ආශ්වාදයන් ඔස්සේ එහේ මෙහේ ඇවිදිනවා... ආශ්වාදයන් හොයනවා... හරියට හිගන්නෙක් වගේ ඉල්ල ඉල්ල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම පසුපස ඇවිදිනවා... මෙසේ සක්මන් කරවන හිත අප විසින් එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය පිණිස සක්මන් කරවිය යුතුයි... හරියට සටන් බිමට බැහැලා ඉන්න සෙබලෙක් සතුරන් විනාශ කරන්න ඉදිරියටම ගමන් කරනවා වගේ... රාග ද්වේශ මෝහ කියන කෙලෙස් සතුරන් අල්ලා ගැනීම පිණිස සිතට විවේකයක් නොදී සක්මන් කරවිය යුතුයි...
නිදා නොගන්නා සෑම මොහොතකම මේ ආකාරයට සිත සක්මන් කරවන්නට ප්‍රගුණ කල යුතුයි. මේ විදියට හැසිරෙන සිතට නිදි මතක් දැනෙන්නේ නෑ... අත්දැකීම තුලින් මට කියන්නට හැකියි මේ ක්‍රමය ඉතාමත් ප්‍රායෝගික බව.
බුදු හිමියන්ගේ කාලයේදී පවා සක්මන් කරමින් සිටින විටත් නින්ද ගොස් වැටෙන භික්ෂූණ්වහන්සේලා සිටි බවට නොයෙක් විට සටහන් දක්නට ලැබෙනවා... ඇත්ත එය වෙන්න පුළුවන්... ඒ වෙන්නේ සිත සක්‍රීය නොවී අක්‍රීයව පංච නීවරණ ධර්මයන්ගෙන් මත්වන විටයි. එවිට කෙලෙස් සමග කරන සටන කෙරෙහි අලස බවක් දැනෙනවා... එහෙත් ඉහත ආකාරයට සක්මන අප තුල ප්‍රගුණ වූ විට මේ ආකාරයට සිදුවන්නේ නෑ... සැතපී වුණත් නිදිමතක් නැතිව නිද්‍රාවට පත්නොවී භාවනාව කරගන්නට හැකිවෙනවා.
කෙලෙස් සතුරන් අල්ලා ගැනීම පිණිස සක්‍රීය වූ මනසකට තවත් විදියකට කියනවා නම් රෝදයක් වැනි වූ මනසට “සක්මන“ කියනවා කියලාත් කියන්න පුළුවන් කියලා මට හිතෙනවා. මන්ද එවිට කය සක්මන් කලා හෝ කය හිදගෙන සිටියා හෝ කය හිටගෙන සිටියා හෝ කය සැතපී සිටියා හෝ යන සතර ඉරියව්වෙන් කය පවත්වාගෙන භාවනාව සිදුකරන්නට හැකියි ලෙසින් බුදු හිමියන් පෙන්වූ කරුණටත් මෙය මනාව ගැලපෙනවා.
ඉහත ත්‍රිපිඨකයේ සදහන් පරිච්ඡේදය තුල සදහන් වෙන පරිදි දිවා කාලය තුලත් මධ්‍යම රාත්‍රියේ මද කාලයක් හැරුණ කොට අනෙක් කාල සීමාවන් තුලත් සක්මනෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන් පහ කරන්න කියන විට එයින් අදහස් කරන්නේ නිදාගෙන සිටින සීමිත කාලය හැරුණු කොට මේ කෙලෙස් සතුරන්ගේ ප්රහාණය පිණිස විදර්ශනාවෙහි යෙදෙන සමථයෙහි යෙදෙන සක්‍රීය මනසක් ඇතිව අනෙක් සෑම කාලයක්ම ගත කිරීම සිදු කල යුතු බවක් පැහැදිලි වෙනවා.
කයට වෙහෙසක් මහන්සියක් ඇතිවිට කයට සැතපීමට අවශ්‍ය නම් ඒ අවස්ථාවත් ප්රත්යවේක්ෂාවෙන් යුක්තවම ඒ කියන්නෙ “මම මේ සැතපෙන්නේ පංච කාම ආශ්වාදයන් ලැබීම පිණිස නොවේ... මත්වීමට ප්‍රමාදයට නොවේ... කයේ වෙහෙස සංසිදුවාගෙන ආර්ය මාර්ගය පූර්ණය කරගැනීම පිණිස මේ කයට ලබා දිය යුතු විවේකය ලබා දීම පිණිස පමණයි“ ලෙසින් සිතා නැගිටිය යුතු වේලාවක් සිතින් අධිශ්ඨාන කරගෙන නිදා ගත් විට අවශ්‍ය විවේකය උපරිමයෙන් ලැබෙනවා මෙන්ම අධිශ්ඨාන කරගත්ත කාලයටත් නැගිටින්නට හැකියාවක් ලැබෙනවා.
නින්දෙන් කය මිදුන වහාම සක්‍රීය මනස හෙවත් සක්මන පටන් ගත යුතු වෙනවා... නැතිනම් යලිත් කම්මැලිකමට නිදාගන්න හිතෙනවා. කෙලෙස් සතුරන් පරාජය කිරීමේ සටන වහ වහා ආරම්භ කිරීම පිණිස වහාම සැතපී සිටි තැනකින් බැස ගොස් කයට පිබිදීම පිණිස අවශ්‍ය දේ සපයා දීම බාහිර වශයෙන් උපකාර වෙන කරුණු ලෙස තමයි මට වැටහෙන්නේ. ඒ කියන්නේ සීතල වතුරෙන් මුහුණ හොදාගෙන උණුසුම් තේ වැනි පානයක් ගත් විට කයෙහි මැලි බවක් වේ නම් එයත් නැතිවෙන්න හේතු තියෙනවා... ඒත් මදියැයි සිතෙනවා නම් කය වෙහෙස වෙන ලෙසින් සක්මනෙහි / ඇවිදීමෙහි යෙදවීම තුලින් නැවත කයටත් ක්‍රියාශීලි බවක් ලැබෙනවා.
ඉතින් ලෝකෝත්තර වූ නිවීම පිණිසම වූ අර්ථයත් මතුපිටින් ලැබෙන ලෞකික අර්ථයත් යන දෙකම එකට කැටිකොට නිවීම පිණිසම සක්මන කරගන්නට ප්‍රගුණ කරගත යුතු වෙනවා... ප්‍රගුණ වන තරමට නිද්‍රා සහගත බව නැතිවෙනවා. අප්‍රමාදීව නිවී සැනසීමට හැකිවෙනවා. මේ දේවල් තම තමන් අත්දැකීමෙන් කොතරම් සුදුසුද රාගක්ෂය ද්වේශක්ෂය මෝහක්ෂය වෙනවාද කියලා අත්දැකීමෙන් යුක්තව දැනගෙන මේවා හරිද වැරදිද කියලා තීරණයට පත්වෙනවා මිසක් පොතේ තියෙන එකට ගැලපෙන්නේ නෑනේ කියලා නම් තර්ක වාද කරමින් කාලය නාස්ති කරගන්නට උත්සාහ කරන එක තරම් අනුවණකමක් තවත් නෑ කියලා තමයි මට නම් ඕනෑම වේලාවක කියන්නට තියෙන්නේ.
තමන්ගේ ගැලවීම තමන් විසින්ම කරගත යුතුයි. ඒ සදහා කටින් සටන් කරමින් ඉදලා හරියන්නෙ නෑ... තමන් දැඩි අධිශ්ඨානයෙන් යුක්තව තමන් තුල ඉන්න සතුරන් සමග සටන් කරන්න පටන් ගන්න ඕන... අන්න එතකොට තමන්ටම ක්‍රමයෙන් අත්දැකගන්නට හැකිවෙනවා පොත්පත්වල තියෙන්නේ තවත් කෙනෙක් කියලා දෙන්නේ ඇත්තටම කෝප්පයක තියෙන වතුර ප්‍රමාණයට සමාන ධර්ම කොටසක් පමණයි කියලා... ඒත් බුදු හිමියන් පෙන්වා දුන්න තමන් විසින්ම අත්දැකීමෙන්ම දැකිය යුතු අනන්තවත් සත්ධර්මය කෝප්පයේ තිබෙන ජල ප්‍රමාණයට සාපේක්ෂව මහා සාගරය වගේ කියලා වැටහෙන්නට පටන් ගන්නවා. එතකොට තමයි තමන් තුලත් තෙරුවන කෙරෙහි සැබෑම ගෞරවය ඇතිවෙන්නට පටන්ගන්නේ... ඒ නිසා තමයි බුදු හිමියන් කියලා තියෙන්නෙ තම තම නැණ පමණින් තෝරගන්න කියලා. අනුන්ගේ නැණ පමණින් තමන්ව මුදවාගන්නට කිසිවෙකුටත් නොහැකි බව සිහි තබාගෙන තමාතුල මේ උත්තරීතර සත්ධර්මය වර්ධනය කරගන්නට උත්සූක වෙත්වා කියලා මෙත් සිතින් පතමි!
5. සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වූයේ වෙයි
1. බුද්ධරත්නයේ, ධම්මරත්නයේ, සංඝරත්නයේ යන තෙරුවන්හි අනන්තවත් ගුණ නුවණින් දැක අචල ශ්‍රද්ධාවකින් යුක්ත වෙයි.
2. පාපයට පිලිකුල් කරයි.
3. කාය, වචී, මනෝ දුෂ්චරිතයෙහි අකුශල ධර්මයන්හි ලජ්ජා ඇතිවෙයි බිය ඇතිවෙයි.
4. නිවී සැනසීම පිණිසම වූ සත්ධර්මය බොහෝ කොට අසමින්, දරමින්, නුවණින් විමසමින් අනුගමනය කරයි.
5. අකුශල ධර්මයන්ගේ පහ කිරීම පිණිසත් කුසල ධර්මයන්ගේ වැඩීම පිණිසත් දැඩි වීර්යයෙන් යුක්තව කටයුතු කරයි.
6. සිහියෙන් යුක්තව පෙර කල කී සිතූ දෑ කෙරෙහි සිහිකරනවා. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව කල කී දෑ කෙරෙහිත් තමන්ට ඒ ඒ අරමුණු ලැබී සිත, කය, වචනය ක්‍රියාත්මක කල ආකාරය කෙරෙහිත් මතුවට ලැබිය හැකි එවන් වූ අරමුණු කෙරෙහිත් මනා සිහියෙන් යුක්තව කටයුතු කරනවා
7. උදය වැය ස්වභාවය මෙනෙහි කිරීමට හැකි ප්‍රඥාවෙන් යුක්තව පංචඋපාදන්සක්ධන්යන්ගේ උදාවීම වැය වීම හෙවත් හේතු ඵල දහම අවබෝධකරගෙන ඒවා මෙනෙහි කරමින් යථාර්ථය මෙනෙහි කිරීමේ ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා
6. අධිචිත්තය ඇසුරු කල ඉහාත්මයෙහි සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුලව ලබනුයේ වෙයි
කාමච්ඡන්දයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් උපන් ප්‍රථම ධ්යනයත්... ද්විතීය ධ්‍යනය, තෘතීය ධ්‍යානය, චතුර්ථධ්යානයත් යන ආදිය රිසි සේ ලබමින් ඇසුරු කරමින් චිත්ත අභ්‍යන්තරයේ උපන් සුඛ විහරණයෙන් යුක්තව වෙසෙයි.
මෙහිදීත් ධ්‍යාන ගැන තම තම නැණ පමණින් දැනගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි සමහර පුද්ගලයන් සිටින්නට පුළුවන් ධ්‍යාන නොලැබෙන එහෙත් උපචාර සමාධි ලෙසින් හදුන්වන ආර්ය සමාධියන්ට පත්වීමට පමණක් හැකි අය... ධ්‍යාන කියන්නේ ඉහාත්ම සුඛ විහරණය පිණිස කයේ පහසුව පිණිස තිබෙන්නක්... අරිහත්වයට මෙය අනිවාර්ය අංගයක් නොවන බවට හදුනාගත යුතුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් සිව්පිළිසිඹියාවත් පංච අභිඥාබලයනුත් සහිතව, ඒ වගේම තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් සිව්පිළිසිඹියාව පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් පංච අභිඥා බලයන් පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් ත්රිවිධ්යාවන් පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් සතර ධ්‍යානයක් පමණක් ඇති, තවත් අරිහතුන්වහන්සේලා ඉන්න පුළුවන් උපචාර සමාධීන් පමණක් ඇතිව.
මේවා එකින් එක වෙනස් වුණා කියලා ඒ ඒ අවස්ථාවේ උන්වහන්සේලා ලබා ඇති අරිහත්වයේ නිවනෙහි කිසිදු වෙනසක් නොවන බව බුද්ධිමත්ව වටහාගන්නට උත්සාහ කල යුතුයි. සසරේ පුරුදු පුහුණු කර ඇති ආකාරයට පාරමිතා පුහුණු කොට ඇති ආකාරය අනුව මේ මේ දේවල් වෙනස් අයුරින් ලැබෙන්නට හෙතු තියෙනවා...
පොදුවේ ආර්ය ශ්‍රාවකයෙකු පිළිබදව විස්තර විග්රහ කරන විට සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් මේ සතර ධ්‍යානයන් පිළිබදව සමාපත්තීන් පිළිබදව වර්ණනා කොට විශේෂ කොට විග්රහ කොට පෙන්වා දෙනවා. ඉතින් තමනුත් ඒවා ලබාගෙන ඒ සුවයන් ලබන අතර අප්‍රමාදීව නිවීම පිණිසම කටයුතු කරගැනීමට උනන්දු විය යුතුයි වීර්ය කල යුතුයි... නොලැබුනා කියලා පසුතැවෙන්නේ නැතිව ඇත්තටම නොලැබෙන්න හේතුව කුමක්ද කියලත් දැන හදුනාගන්නට උත්සාහ කල යුතුයි. නැතිනම් නිවීම පිණිසම නොවූ නොගැලපෙන භාවනාවන් කරලා මේ සතර ධ්‍යානයන් නොලැබූ විට හෝ විකෘතීන් ලබා ධ්‍යානයන් ලෙසින් රැවටී සිටින විටත් නොගැලපෙන අදහස් ගෙන මග නොමග වෙන්නට තිබෙන අවස්ථාව වැඩියි. “මට මෙය ලැබෙන්නේ නැතිව ඇති“ ධ්‍යානයන් ලැබෙන භාවනාවන් නොවඩා කිසිම උත්සාහයක් නැතිව අතහැර දැමීම අනුවණකමක් බව සිහි තබා ගත යුතුයි.
තෙරුවන් සරණින් යහපතක්ම වෙත්වා!!!