සමථ භාවනාව හා ධ්‍යාන
ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය රූපය නිසා රාග ද්වේශ මාන ආදී අකුසල් ඔහු තුළ රැස් වෙයි. මිහිරි හඬ, මිහිරි සුවඳ, මිහිරි රස, මිහිරි පහස, ඇති දෑ නිසා ද යට කී පරිදි ම කෙලෙස් උපදී. මෙකී පි‍්‍රය රූප, පි‍්‍රය ශබ්ද, පි‍්‍රය ගන්ධ, පි‍්‍රය රස, පි‍්‍රය ස්පර්ශය (ඇඟ හැපෙන දෑ) යන පංචකාම වස්තු නම් වෙයි. සිත මොවුන් අතට යොමු වීම නිසා රාගාදිය උපදනා බැවින් එහි දොස් දක්නා තැනැත්තා ඒ පි‍්‍රය රූපාදියෙන් හිත ඉවත් කරන්නට උපායක් සිතයි.
අරමුණක් නැතිව සිතෙක් නො උපදී. හැම විට ම සිත අරමුණක එල්බේ ම ය. එ බැවින් රාගාදිය ඉපැදීමට කරුණු වන ස්ත්‍රී රූපාදියෙන් සිත ඉවත් කොට ගෙන, එසේවූ රාගාදි කෙලෙස් ඉපැදීමට හේතු නොවන අරමුණෙක සිත් බැඳ තබන්නට හෙතෙම තැත් කරයි. එසේ වූ අරමුණක් සොයා ගනී. මේ වර්ගයේ අරමුණු සතළිසෙක් බණ පොත්හි දැක්වෙයි. එයින් යම් කිසි එකෙක සිත් සතන් නිසි පරිදි බැඳ තැබුවොත්, එයින් බැහැර රූපාදිය කරා ඇදෙන්නට සිතට ඉඩ නොතබා ක්‍රියා කළොත් රාග (කාමච්ඡන්ද) ආදි නීවරණ (හිතේ දියුණුව හරස් වන කිලිටි ගති) හිත්හි පහළ වන්නට ඉඩ නොලබයි.
මෙසේ මේ යටකී අන්දමේ අරමුණෙක සිත් සතන් බැඳ තැබීම එහි ම සිත එකඟ කොට පිහිටුවීම සමාධිනමි. එසේ වූ සමාධිය වැඩීම සමාධි භාවනා නමි. සමථ භාවනා යනු ද මෙය ම ය. සමථ යනු කාමච්ඡන්ද (කාමාශා) ආදීන් සංසිදුවීම යි. එය වැඩීම සමථ භාවනා නමි. මේ ශමථ භාවනා යෙහි සිත බදනා අරමුණු සතළිසක් ඇති බව යට කියන ලදී. එයින් එකෙක් පඨවි කසිණය යි. එය වඩා ධ්‍යාන ලබන අයුරු මෙහි නිදසුන් කර දක්වමු.
මෙහි දී පරිත්ත්රාලම්බන මධ්යමාලම්බන අප්රමාණලබ්බන යන තුනින් තමා රිසි එකක් අරමුණු කොට ‘ප්‍රථම ධ්‍යානය ලබම්වා’ යි ඉටා පඨවි කසිණං පඨවිකසිණං’ යි බවුන් වඩන කල්හි සිතේ එකඟ බව වැඩී තහවුරු වීමෙන් විතර්ක පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංගපසින් යුත් ප්‍රථමධ්‍යාන ආජීණව පහළ ;ව්.
එහි කී විතර්කාදි පස ධ්‍යානාංගයෝ ය. ඔවුන්ගෙන් කෘත්‍ය පසෙක කැරයි. විතර්කය තමා හා එක් වැ යෙදුණු චිත්ත චෛතසිකයන් කසිණ ප්‍රතිභාග නිමිත්තට (කසිණාලෝක අරමුණට) නංවයි. විචාරය තමා හා එක්වැ යෙදුණු චිත්ත චෛතසිකයන් ප්රතිගාමී නිමිත්ත හා ගලපයි; ඒ නිමිත්තෙහි හසුරුවයි. පී‍්‍රතියෙන් ඒ අරමුණෙහි චිත්ත චෛතසිකයෝ පිනා යෙත්; වර්ධනයට පැමිණෙත්, සුබය සම්ප්‍රයුක්ත ධර්මයන් සුවපත් කෙරෙයි. ඒකාග්‍රතාව තමා යෙදුණු චිත්ත චෛතසිකයන් අන් අරමුණු අතට යා නොදී කසිණාලෝක අරමුණෙහි ම යොදයි, රඳවයි. බඳියි. මෙම කෘත්‍ය පස නිසා ඒ ධ්‍යාන සිතත් සෙසු එහි වූ චෛතසිකත් කසීණප්රතිභාග නිමිත්තට ළං වෙයි.
තව ද ඒ විතර්කාදී ධ්‍යානාංග පස නිසා නීවරණ පසෙක් දැවෙයි හෙවත් යට පත් වෙයි. විතර්කයෙන් ථීනමිද්ධ නීවරණය (චිත්ත චෛතසිකයන් ගේ අලස බව දැවෙයි. විචාරයෙන් විචිකිච්ඡාව (සැකය) දැවෙයි. පී‍්‍රතියෙන් ව්‍යාපාද නීවරණ දැවෙයි. සුඛයෙන් උද්ධච්චකුක්කුච්ච නීවරණය (නොසන්සුන් බව හා කුකුස) දැවෙයි. ඒකාග්‍රතායෙන් කාමච්ඡන්ද නීවරණය දැවෙයි.
ධ්‍යාණ යන්නෙහි තේරුම් දෙකෙකි. ප්‍රතිභාග නිමිත්තට ළං වීම එකෙක, සතුරු නීවරණයන් දැවීම අනෙකයි. යට කී විතර්කාදී අංග පස එක්වැ මේ කෘත්‍ය දෙක ම කරයි. එහෙයින් ඒ අංග පසින් යුත් සිත ධ්‍යාන චිත්ත නමි. මේ පළමුවන ධ්‍යාන සිතයි.
මේ ධ්‍යානය ලත් යෝගියා විසින් විතර්කාදී ධ්යානාංගයන්හි වහා ආවර්ජනාව පැවැත්විය හැකි බව, වහා ධ්‍යානයට සමවැදිය හැකි බව, ඉටා ගත් තරම් කාලයක් ධ්‍යානයෙහි සිටියැ හැකි බව, කලින් නියම කොට ගත් වෙලාවෙහි ම සමාපත්තියෙන් නැගී සිටියැ හැකි බව, ආවර්ජනයට ඉක්බිති වහා ධ්‍යානා¼ඞග ප්රත්යාවේක්ෂා කටහැකි යන බව යන පස පුරුදු කටයුතුයි. මොහු පංචවශිතාවෝ නම්හ. මේ අනුව ප්‍රථම ධ්‍යානයට සිය දහස් වර සම වැද එය හොඳට පුරුදු වූ කල්හි විතර්කයනැතිව විචාර පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංග සතරින් යුත් දෙවෙනි ධ්‍යානය ලබත හැකි වෙයි. එය ද යට දැක්වුණු පංච වශිතායෙන් පුරුදු කොට ගත් පසුවිචාරය ද නැති ව පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් තුන්වැනි ධ්‍යානය ලබත හැකි වෙයි.
එය ද පංච වශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු පී‍්‍රතිය ද නැති සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් සතරවැනි ධ්‍යානය ලද හැකි වෙයි. එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් පසු උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් පස්වැනි ධ්‍යානය ලද හැකි වෙයි. එය ද පංච වශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් පස්වැනි ධ්‍යානය ලද හැකි වේ. මේ පස් වැනි ධ්‍යානය ද පංචවශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු තෙමේ කැමැත්තේ නම් ඍඩිප්රාතිහාර්ය පෑ හැකි ඍඩිවිධඥානය , දිවකන් නුවණ, අනුන් සිතන දෑ දන්නා නුවණ, පෙර ජාතීන්හි විස්තර දක්නා නුවණ, දිවැස යන අභිඥා පස පුරුදු කළ හැකි වේ.
මෙහි කී පළමුවන, දෙවෙනි, තෙවෙනි, සිවුවන පස්වන යන ධ්‍යාන පස රූපාවචර ධ්‍යාන නමින් වැහැරවේ. මේ ධ්‍යාන ලද්දාහු එයින් නොපිරිහී කලුරිය කළොත් තමා ලත් ධ්‍යානයට සුදුසු වූ රූපී බඹලොවැ උපදිති.
මේ රූප ධ්‍යාන ලත් සමහරු රූපයෙහි දොස් සලකා රූපයක් නැති වැ, නාම ධර්ම පමණක් වැ ඉන්නට සිතා එයට මඟ වූ අරූප ධ්‍යාන වඩති. එහි ක්‍රමය ද මෙහි සැකෙවින් දැක්වේ.
පස්වැනි ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමා කැමැති තාක් විශාල පෙදෙසක කසීණාලෝකය පතුරුවයි. ඉක්බිති ඒ කසිණ එළිය ඉවත් වේවා යි සිතයි. එළිය නොමෙනෙහි කොට හරි, ටිකක් මෙසේ උත්සාහ කිරීමේදී කසිණ එළිය ඉගිලෙයි හෙවත් නොපෙනී යයි. එහි හිස් අහසම පෙනෙන්නට වෙයි. මේ කසිණුග්ඝාටිම ආකාශ (කිසුණු ඉගිළු අහස) නම් වේ. දැන් ඒ අහස අරමුණු කොට ආකාසො ආකාසො (අහස අහස) යැ යි හෝ අනන්තෝ ආකාසෝ (අනන්ත අහස) යැයි හෝ කියමින් මෙනෙහි කරමින් ඒ කිසිණු ඉගුළු අහසෙහි සිත බැඳ තබන්නට යත්න කෙරෙයි, භාවනාව සමෘ¼ඞ වූ විට සිත ඉදිරියේ ඒ කිසුණු ඉගුළු අහස පෙනෙමින් පවතී. එය අරමුණු කොට සිත එහි ම තරයේ පිහිටයි.
මේ පළමුවන අරූප ධ්‍යානය යි. අරමුණ කසිණාලෝකයට වඩා සියුම් බැවින් මේ අනන්ත අහස අරමුණු කරන ධ්‍යාන සිත ද එහි වූ උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙක ද එය හා යෙදුණු සෙසු චෛතසික ද යන සියල්ලෝම රූපාවචර පංචම ධ්‍යාන සම්ප්‍රයුක්ත නාමධර්මයනට වඩා සියුම් වෙති. මෙය අනන්ත කසිණුග්ඝාටිමාකාසය අරමුණු කරන බැවින් ආකාසානංචායතන ධ්යානයැ යි බැවහර වේ. ආකාසනංචායතන ධ්‍යානය ද පංචවශිතායෙන් හුරු පුරුදු කැරැගත් යෝගීතෙමෙ එයට වඩා සියුම් වූ විඤ්ඤාණංචායතන ධ්‍යානය ලැබීමෙහි සමත් වේ.
හෙතෙම ආකාසානංචායතනයට සමවැද එයින් නැගී සිට අනන්ත ආකාසයෙහි එල්බැ සිටි ආකාසානංචායතන සිත හෙවත් අනන්ත විඤ්ඤාණය මෙනෙහි කරයි. අන්තිමේ දී ඔහුගේ උත්සාහය සාර්ථක වෙයි. ඇසින් රූපයක් දක්නක්හු සෙයින් තමා කලින් ලබා තුබුණු ආකාසානංචායතන සිත පැහැදිලිව මතක් කරයි; පැහැදිලි ලෙස දකී. එහි තම වර්තමාන සිත බැඳ තබයි හෙවත් එහිම එල්බ සනිටුහන් කරි. එයට ම එකඟ කෙරෙයි. මෙසේ අනන්ත විඥාන අරමුණු කොට එහි තරයේ එල්බැ පහළ වන සිත විඤ්ඤාණංචායතන (විඥාන අනන්ත ආයතන) ධ්‍යාන සිත වේ. මේ දෙවෙනි අරූප ධ්‍යානය පළමුවැන්නට වඩා සියුම් වේ.
මේ විඤ්ඤාණංචායතන ධ්‍යානය පංචවශිතායෙන් හුරු පුරුදු කොට ගත්තේ එයටත් වඩා සියුම් වූ ආකිංචඤ්ඤායතන ධ්‍යානය ලබනුයෙහි සමත් වේ. හේ ෂඤ්ඤාණංචායතන ධ්‍යානයට සම වැද එයින් නැඟි හිඳ පළමුවෙන් තමා තුළ පහළ වැ තුබුණු ආකාසානංචායතන ධ්‍යාන චිත්තයා ගේ අභාවය (නැති බව) සලකයි. එය මෙනෙහි කරයි. ඒ අනන්තවිඥානය දැන් නැතැයි නැතැ යි කියමින් ඒ නැතිබව්හි සිත සමාධිගත කරන්නට තැත් කෙරෙයි. අන්තිමේ දී ඒ උත්සාහය සඵල වෙයි. ඒ ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව නැමැති ශූන්යත්වයෙහි භාවනා සිත එල්බෙයි. එයම අරමුණු කරයි. භාවනා සිත එහි ම තරයේ එකඟ වැ බැඳෙයි. මේ අවස්ථාවට වැඩුණු ඒ ශූන්‍යත්වය තරයේ අරමුණු කරමින් පහළ වන සිත ආකිංචඤ්ඤායතන (ආකිංචන්‍යය හෙවත් ඒ පළමුධ්යාන සිතේ කිසිත් නැති බව අරමුණු කරන) ධ්‍යාන සිත නම් වේ. මෙය පළමු ධ්‍යාන සිත් දෙකටම වඩා සියුම් ය. මේ තුන් වන අරූප ධ්‍යාන සිතයි.
ආකිංචඤ්ඤායතන ධ්‍යාන සිතද පංචවශිතායෙන් පුරුදු කොට ගත්තේ එහි ශාන්ත බව නුවණින් සලකා බලයි. ඒ ආකිංචඤ්ඤායතන ධ්‍යාන සිත අරමුණු කොට බවුන් වඩන හෙ තෙම අන්තිමේදී එකී අරමුණෙහි ම එල්බැ දළ සංඥාවක් ද නැති සියුම් සංඥාවක් නැත්තේත් නැති හෙවත් ඉතා ම සියුම් සංඥා ස්පර්ශ වේදනාදිය ඇති සතර වන අරූප ධ්‍යාන සිත උපදවා ගනී. එය දළ සංඥාවක් නැති බැවින් හෙවත් ඉතා ම සියුම් සංඥාවක් ඇති බැවින් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත යැයි කියනු ලැබේ. ඉක්බිති ඒ තමා ලත් සතර වන අරූප ධ්‍යානය ද ඉහත කී පරිදි ම පංචවශිතායෙන් හුරු පුරුදු කොට ගෙන කැමැති සේ ධ්යානයනට සමවදින්නට ධ්‍යාන සැපයෙන් කල් යවන්නට හේ සමත් වේ.
මේ අරූප ධ්‍යාන ලැබූ යෝගීහු මරණින් මතු ආකාසානංචායතන ආදී සතර අරූප තලයෙන් තමා ලත් ධ්‍යානයට ගැලපෙන බඹතලයෙහි උපදිති. මේ අරූ තලයෙහි උපන්නහුට රූපයෙක් කොහෙත් ම නැත. ඇත්තේ අරූප ධර්ම (නාම ධර්ම හෛවත් චිත්ත චෛතසික) පමණෙකි.
මෙසේ කසිණ භාවනාවේ මුල් අවස්ථායෙහිදී තදංගප්රභාණයෙන් ද, අර්පණා (ධ්‍යාන) අවස්ථායෙහි දී විෂ්කම්භණ ප්‍රහාණයෙන්ද කාමච්ඡන්දාදී නීවරණයන් සංසිදුවයි. ද්විතීයධ්යානාදියෙහි දී පිළිවෙළින් විතර්කාදී ධ්‍යානාංග ද සංසිදුවයි. ආකාසානංචායතනාදි අරූප ධ්‍යානවල දී ද ධ්‍යාන සිතූත් ඒවායේ යෙදුණු උපේක්ෂා ඒකාග්‍රතා යන ධ්යානාංගත් ඒ හා යෙදුණු ස්පර්ශාදි සෙසු චෛතසිකත් ක්‍රමයෙන් අන්තිම නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයේ දී සංඥවක් ඇත්තේත් නැතැයි නැත්තේත් නැතැයි සිතක් ඇත්තේත් නැත නැත්තේත් නැතැයි ස්පර්ශාදි චෛතසික ඇත්තේත් නැත නැත්තේත් නැතැයි කියැ යුතු තරමට නාම ධර්මයන්ගේ සියුම් බව වෙයි.
මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලෞකික ධ්‍යානයන් ගේ අන්තිම තැන ය. බුදුසස්නෙන් පිටාතර කොතරම් උග්‍ර ධ්යානලාභියෙකු වුව ද නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් එහාට නොයයි. මේ ධ්‍යාන ලැබූ පමණින් සසර දුක් කෙළවර කළා නම් නොවන්නේ ය. දීර්ඝායුෂ ඇති බඹ ලොව උපන්නත් එහි ආයු කෙළවර යලිත් මිනිසෙක් හෝ දෙවියෙක් වෙයි. එසේ ඉපිද හිඳ ප්රමාදී වැ අකුසල් කළොත් අපායගාමී ද වන්නේ ය. එබැවින් මේ ධ්‍යාන ළාභය පරම සැපත ලැබීමෙක් නොවේ. එහේත ධ්‍යානලාභියාට බුදුසස්නේ පිහිටෙන් තමා ලත් ධ්‍යානය ආධාර කොට ගෙන සසර දුකින් නිදහස් වන මගට බැස්ස හැක. ඒ ධ්‍යානයක් පාදක කෙට විදර්ශනා වැඩීමෙනි. එහි ද නේවසංඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත ඉතා සියුම් බැවින් එහි ධ්යානාංගාදිය අනිත්‍යාදි වශයෙන් දැකීම යෝගියාට දුෂ්කර කාර්යයෙකි. එබැවින් එය හැර එයින් පහත වූ කවර ධ්‍යානයකට හෝ සමවැදි එයින් නැඟී සිට සමවත් ධ්‍යානයේ ධ්යානාංගාදිය අනිත්‍යාදී වශයෙන් බලමින් විදර්ශනා කොට සෝතාපත්ති මාර්ග ලැබ ක්‍රමයෙන් කෙලෙසුන් මුල් සිඳ අවසන්හි රහත් බවට ද පැමිණ සසර දුක් කෙළවර කරගත හැක්ක.
පඨවි කසීණය හැර මේ ධ්‍යාන ලබත හැකි තවත් කර්මස්ථාන ඇත. ඒ පිළිබඳ ලුහුඬු සටහනෙක් පහත දැක්වෙනයි.
පඨවි කසිණ, ආපෝ කසිණ, තේජෝ කසිණ, වායෝ කසිණ, නීලකසිණ, පීතකසින, ලෝභිත කසිණ, අවදාතකසිණ, ආකාස කසිණ, ආලෝක කසිණ යන කසිණ දශය ද,
උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ජිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පූලවක, අට්ඨික යන අශුභ දශය ද, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, වාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපාන සති යන අනුස්මෘති දශය ද,
මෙත්තා, කරුණා, මුදිතා උපෙක්ඛා යන බ්‍රහ්ම විහාර සතර ද,
ආහාරයෙහි පටික්කූලසඤ්ඤව ද,
වතුධාතු වචත්ථානය ද,
ආකාසානංචායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිංචාඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන කර්මස්ථාන සතර ද,
යන මොහු ශමථ කර්මස්ථාන සතළිස ය.
මෙහිදී පරිකර්ම භාවනා උපචාර භාවනා යන භාවනා ප්‍රභේදය ද සැලකිය යුතුය. එහි පරිකර්ම භාවනා යනු අර්පණාවට පූර්ව භාගයෙහි පැවැති කාමාවචර භාවනාව ය. එය ද අර්පණාවට ළං ව ම පැවැත්තේ උපවාර භාවනා නම් වේ. අර්පණාවට ඈත් වූයේ, උපචාර භාවනාවට ද පූර්ව වූයේ පරිකර්ම භාවනා නමින් ම වැහැරැවේ. අරමුණෙහි තහවුරු වූ මහද්ගත අවස්ථාවට පැමිණි භාවනාව අර්පණා භාවනාව නමි.
පරිකර්ම නිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත යන නිමිති තුන ද දත යුතු.
පරිකර්ම භාවනාවට අරමුණු වන පඨවිකසිණ මණ්ඩලාදිය පරිකර්ම නිමිත්ත නම් වේ. එයින් සිතට ගත්, සිතෙහි වැදගත්, ඇසි පියා ගෙන සිහිකරන විට සිත ඉදිරියෙහි පෑනෙන පඨවිකසිණ මණ්ඩලාදියේ ම සටහන උද්ග්‍රහ නිමිත්ත නමි. නීවරණයන් යටපත් වීමෙන් සිත පිරිසිදු වන විට සිතට පෑනෙන ඉතා දීප්තිමත් පිරිසිදු ආලෝකය ප්‍රතිභාග නිමිත්ත යි. මේ සැකෙවිනි. වැඩි විස්තර විශුද්ධිමාර්ගාදිය බලා දත යුතු.
උඩ දැක්වුණු සියලුකමටහන්හි ම පරිකර්ම භාවනාව ලැබෙයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති වාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති, මරණසති යන අටෙහි ද ආහාරයේ පටික්කූලසඤ්ඤායෙහි ද චතු ධාතුවවත්ථානයෙහි ද උපචාර සමාධිය ම මිස අර්පණා (ධ්‍යාන) නොලැබේ. සෙසු කර්මස්ථාන තිසෙහි අර්පණා (ධ්‍යාන) ද ලැබේ. එහි ද දස කසිණ ආනාපාන යන එකොළොසින් රූපාවචර ප්‍රථමධ්‍යානය ද ලබත හැකි ය. මෙත්තා කරුණා මුදිතා යන තුනින් ප්‍රථමාදි රූපාවචර පංචමධ්‍යානය දක්වා ම ලබත හැකි ය. දස අසුභ කායගතසති යන එකොළොසින් රූපාවචර ප්‍රථමධ්‍යාන සතර ලබත හැක්ක. උපේක්ඛා බ්‍රහ්මවිහාරය වැඩීමෙන් රූපාවචරපංචම ධ්‍යානය පමණෙක් ලැබෙයි. ආකාසානංචායතනා දී අරූප කර්මස්ථාන සතර වැඩීමෙන් පිළිවෙළින්සතර අරූපධ්‍යාන ම ලබත හැක්ක.
නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්තත් උද්ග්‍රහ නිමිත්තත් හැම කර්මස්ථානයකින් ම සුදුසු පරිිදි ලැබේ. ප්‍රතිභාග නිමිත්ත දස කසිණ දස අසුභ කායගතසති ආනාපානසති යන දෙවිසි කමටහන්හි ම ලැබෙයි.

විදර්ශනා භාවනාව
අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාහි සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කල්ප ලක්ෂ සතරක් තිස්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් සිත ප්‍රගුණ කළ බැවිනි. පාරමිතා ධර්ම මඟින් සිදුකරනු ලබන්නේ ලාමක වූ සිත ශ්‍රේෂ්ඨ භාවයට පත් කිරීම යි. එසේ ශ්‍රේෂ්ඨ භාවයට පත්කරනු ලබන සිත ඔප දමන්නේ භාවනාව යි.
බෝධි සත්ත්වයන් වහන්සේ බුදුවන ආත්මභාවයේ දී පාරමිත ධර්ම සියල්ල ම සම්පූර්ණ කොට සිටියද නිවන් අවබෝධයට එයම ප්‍රමාණවත් නොවීය. වප්මඟුල් දවස ආනාපානසති භාවනාව වැඩීමෙන් සිත දියුණු කිරීමෙහි සාංසාරික පුරුද්දක් උන්වහන්සේ සතුව තිබු බව ප්රකටය. බුදුවීම සඳහා ද භාවනාව අත්‍යවශ්‍ය කාරණාවක් විය. බෝධිසත්වයන් වහන්සේ වසර සයක් මුළුල්ලෙහි නොයෙක් ආකාරයේ ක්‍රම අනුගමනය කොට බුදුවීමට නොහැකි වූ අතර අවසානයේ තෝරාගනු ලබන සත්‍ය ප්‍රතිපදාවක් හා ක්‍රමයක් වූ ආනාපානසති භාවනාවෙන්ම තම අභිලාෂය මුදුන්පත් කර ගත් හ. එහෙයින් භාවනාව යන උතුම් ක්‍රියාදාමයෙන් තොරව ශ්‍රේෂ්ඨත්වයට පත්නොවිය හැකි බව පැහැදිලි වන්නකි.
යමෙක් භාවනාව හෙවත් සිත වැඩීමෙන් තොරව නිර්වාණාධිගමය සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් එය විද්‍යාමාන නොවන්නකි. ඒ නිසා සසරින් එතෙරවීමට අපේක්ෂා කරන සෑම අයෙක්ම සිත දියුණු කළ යුතු වේ. මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ බුද්ධ දේශනාව තුළ ඉගැන්වෙන භාවනාව පිළිබඳ අවබෝධයක් භාවනාර්ථීන්ට ලබාදීමය.
සම්බුදුවරයකු පහළ වීමට පෙර හෙවත් අබුද්ධෝත්පාද කාලවලද භාවනාව මගින් ප්‍රයෝජන ලබාගත් පුද්ගලයන් පිළිබඳ අසන්නට ලැබේ. බෝධි සත්ත්වයන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කළ මුල් 29 වස ද අබුද්ධෝත්පාද කාලයට අයත් වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ මුල් වසර 35 තුළදී ද භාවනාවෙන් ප්‍රතිඵල ලබාගත් පිරිස් ගැන ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. ආලාරකාලාම හා උද්දකාරාමපුත්ත යනු එසේ භාවනාව පිළිබඳ අවබෝධයක් තිබු ප්‍රමාණික චරිත ලෙස එදා සමාජය තුළ ප්‍රසිද්ධත්වයට පත්වී සිටියහ.
දාරුචීරිය ආදි රහතන් වහන්සේලාගේ අතීත කථාව සිහිපත් කරන විට ද බුද්ධ ශාසනය පිරිහීමට ආසන්න කාලයක බවුන් වඩා හෙවත් භාවනාවේ යෙදී රහත් බවට පත් වූ තෙරුන් වහන්සේලා ගැන අසන්නට ලැබෙන බව සිහිපත් කළ යුතු ය. එහෙයින් බුද්ධ දේශනාවෙහි සසරින් එතෙර වීම පිණිස අවධාරණය කරන ප්‍රධාන කාරණය වන්නේ සිත මනා කොට දියුණු කිරීමයි. අබුද්ධෝත්පාද කාලයන්හි භාවනා විධි දක්නට ලැබුන අතර ඒ භාවනා ක්‍රමය බුදුදහම තුළ ද ඉගැන්වේ. බුදුදහමෙහි ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙකකි.
1. සමථ භාවනාව
2. විපස්සනා භාවනාව
මෙහි සඳහන් වු සමථ භාවනාව පිළිබඳ අවබෝධය සඳහා බුදුවරයෙකුගේ පහළවීමත් අවශ්‍ය නොවේ. නුවණැති පුද්ගලයෝ සිත එක් අරමුණක පිහිටුවා ගෙන සිත සමනය කර ගැනීම සිදුකොට ඇත. ආලාරකාලාම සහ උද්දකාරාමපුත්ත යන දෙදෙනාම සමථ භාවනාව පිළිබඳ මනා අවබෝධයක් තිබූ අයයි.
එසේ වූව ද බුදුරජාණන් වහන්සේ සමථ භාවනාව පිළිබඳ ක්රමානුකූල විග්‍රහයක් දේශනා කළ සේක. සමථ භාවනාව පිළිබඳ ත්‍රිපිටක පාළියෙහි ඒ ඒ තැන දක්වා තිබෙන කර්මස්ථාන එක් රැස්කොට විසුද්ධි මාර්ගයෙහි කර්මස්ථාන සතළිසක් දක්වා තිබේ. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සිව්බඹ විහරණ, ආහරෙ පටින්කුල සංඥාව, ධාතුකර්මස්ථානය හා අරූප කර්මස්ථාන සතරය යනාදි වශයෙනි. චිත්ත සමාධිය උපදවා ගැනීම පිණිස සමථ භාවනාව උපකාරී වේ. එම කමටහන් සතළිස පහත දැක්වේ.
දස කසිණ
1. පඨවි කසිණය
2. ආපෝ කසිණය
3. තෙජෝ කසිණය
4. වායො කසිණය
5. නීල කසිණය
6. පීත කසිණය
7. ලොහිත කසිණය
8. ඔදාත කසිණය
9. ආලොක කසිණය
10. ආකාශ කසිණය
දස අසුභ
11 උද්ධුමාතකය
12. විනීලකය
13. විපුබ්බකය
14. විච්ඡිද්දකය
15. වික්ඛායිතකය
16. වික්ඛිත්තකය
17. ගන වික්ඛිත්තකය
18. ලොහිතකය
19. පුලවකය
20. අට්ඨිකය
දස අනුස්සති
21. බුද්ධානුස්සති
22. ධම්මානුස්සති
23. සංඝානුස්සති
24. සීලානුස්සති
25. චාගානුස්සති
26. දෙවතානුස්සති
27. උපසමානුස්සති
28. කායගතාසති
29. මරණානුස්සති
30. ආනාපානාසති
සතර බ්‍රහ්ම විහරණ
31. මෙත්තා
32. කරුණා
33. මුදිතා
34. උපෙක්ඛා
සතර අරූප
35. ආකාසානඤ්චායතනය
36. විඤ්ඤාණඤ්චායතනය
37. ආකිඤ්චඤ්ඤායතනය
38. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
39. ආහාරෙ පටින්කූල සඤ්ඤාව
40. ධාතුමනසිකාරයා
භාවනා කළ යුත්තේ ඇයි?
මෙම භාවනා සතළිස හැමදෙනාටම රිසි සේ තෝරාගෙන එහි යෙදිය නොහැක. ස්වකීය චරිතයට අනුව ගුරූපදේශ සහිතව මෙම කමටහන්වලින් එකක් තෝරාගත යුතු ය. එම චරිත සය පිළිබඳ විස්තර ඉදිරියේදී දැක්වීමට බලාපොරොත්තු වෙමි. සමථ භාවනාව මනා කොට ප්‍රගුණ කිරීමෙන් අෂ්ට සමාපත්ති මෙන්ම පංච අභිඤ්ඤා ද උපදවා ගත හැකිය. එයින් එහා කිසිදු ගුණ විශේෂයක් සමථ භාවනාවෙන් ලැබිය හැකි නොවේ.
විපස්සනා භාවනාව බුදුවරයකු ම ලොව පහළ වී සසරින් එතෙර වීමට අරමුණු කරගෙන දේශනා කරනු ලබන භාවනා ක්රමයකි. මෙම විපස්සනා භාවනාව පිළිබඳ වෙනත් ශාස්තෘවරු කථා නොකරති. නොදනිති. බුදුවරයෝම දනිති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයට ආරෝපණය කොට මෙනෙහි කොට ලොව හේතු ප්රත්යයන්ගෙන් හටගත් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගැනීම මෙම භාවනා ක්රමයේ අරමුණයි. මෙම භාවනා ක්‍රමයෙන් තොර නිර්වාණයක් ද නැත. එහෙයින් නිවන් අවබෝධය පිණිස ක්‍රියාකරන සැවොම මෙම භාවනාව ප්‍රගුණ කළ යුතු වේ.
යම් චේතනාවක් මුල්කරගෙන කුශල ධර්මයන් වර්ධනය කරයි ද එම චේතනාව භාවනා යන නාමයෙන් හඳුන්වයි. භාවනා යනු වර්ධනය කිරීමයි. කුමක් වර්ධනය කිරීම ද? සිත යහපත් අරමුණෙහි වැඩීමයි. සිතට එහා මෙහා යාමට නොදී එකම අරමුණක සිත නැවත නැවත ඉපදවීම් වශයෙන් පවත්වා ගැනීමයි. සීල, සමාධි, පඤ්ඤා යන නිර්වාණගාමී ප්‍රතිපදාව පැවිද්දන්ට මෙන් ම ගිහියන්ට ද එක සමාන වන්නේය. එම නිවන් අවබෝධය පිණිස සමථ හා විපස්සනා යන භාවනා ක්‍රම දෙකම අත්‍යවශ්‍ය ය.
මහා සමුද්‍රය එක් ස්ථානයකින් ම ගම්භීර නොවී ක්‍රමයෙන් ගැඹුරු වී ඇත්තා සේ බුදුදහමෙහි නිවන නැමැති මහසයුර ගැඹුරු වී ඇත්තේ ක්‍රමයෙනි. ශීල, සමාධි, ප්‍රඥා යනු ඒ අනුපිළිවෙළ ප්‍රතිපදාවයි. ශීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් ප්‍රඥාව නිවනටත් ක්‍රමයෙන් පැමිණේ. බාධාවලින් තොරව පහසු සේ නිවන් අවබෝධය පිණිස ශීලයෙහි පිහිටා සමථ භාවනාවෙන් චිත්ත සමාධිය ඇති කරගෙන විපස්සනා භාවනාව වැඩීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කළ යුතු ය.
භාවනාව පිළිබඳ දැන ගැනීමේදී භාවනා කළ යුත්තේ කුමක් නිසා දැයි තේරුම් ගැනීමත් වැදගත් වේ. ලොව සිටින ජීවත්වන සියලු සත්ත්වයෝ උත්තාන සත්ත්වයෝ හා ගහන සත්ත්වයෝ යනුවෙන් ප්‍රභේද දෙකකට වෙන් කරති. කෙලෙස් ධර්ම නොසඟවන්නා වු ප්‍රසිද්ධියේ ම දක්වන්නා වු සත්ත්වයෝ උත්තාන සත්ත්වයෝය. එසේ ප්‍රසිද්ධියේම කෙලෙස් ධර්ම ප්‍රකට කරන්නෝ නම් තිරිසන් සතුන් ය. ගහන සත්ත්වයෝ යනු කෙලෙස් ධර්ම යම්තාක් මට්ටමකින් පාලනය කරගෙන සිටින අප්‍රසිද්ධ කෙලෙස් ඇති සත්ත්වයෝ ය. මෙයින් මනුෂ්‍යයෝ ගැන කියති. තිරිසන් සතුන් කාමය, කෝපය ඇති වු විට ස්ථානය, පුද්ගලයා ආදිය පිළිබඳ නොසලකා තම හැඟීම් ප්‍රසිද්ධ කරයි. මිනිසා එසේ නොවේ.
එහෙත් වර්තමානයේ මිනිසාගේ එබඳු කාම කෝපාදී ලාමක සිතිවිලි අධික වී ඇත. එම නිසාම අපරාධ ද වැඩි වී තිබේ. එම ලාමක ගුණ අවම කර ගැනීමට, යටපත් කරගැනීමට ඉන්ද්රිය සංවර්ධනයට හා චිත්ත දමනයට පිහිට වන උතුම් සිල් රැකීම හා භාවනා අත්‍යවශ්‍යය. භාවනා කිරීමෙන් සිත පිරිසිදු වන අතර හිත පිරිසිදු වීමෙන් ශරීරගත ලේ ද පිරිසිදු වෙයි. ලේ පිරිසිදු වූ විට ලෙඩ රෝග අඩු වෙයි. ශරීරය ද පැහැපත් වෙයි. අනුන්ට ප්‍රිය වෙයි.
බෞද්ධයන්ගේ පරමාර්ථය සසර දුකින් නිදහස් වීමයි. නිවන්සුව ලැබීමයි. එය සිදුකළ හැකි වන්නේ කෙලෙසුන් විනාශ කිරීමෙනි. කෙලෙස් නම් සිත පිළි බඳ අයහපත් ගතියි. ඒ අයහපත් ගති නැති කර ගත හැක්කේ සිත දමනය කිරීමෙනි. ප්‍රධාන ම මාර්ගය භාවනා කිරීමයි. භාවනාව පිළි බඳ සඳහන් කිරීමේදී සිහිපත් කළ යුතු තවද විශේෂ කරුණක් ඇත. ඉහත සඳහන් කළ ප්‍රධාන භාවනා ක්‍රම දෙක ම නිවන් පිණිස අවශ්‍ය නොවේ. හුදු විපස්සනා භාවනාවෙන්ම නිවන් අවබෝධ කර ගත හැකිය. විපස්සනා භාවනාව තුළි න් ම නිර්වාණාවබෝධය ලබාගත් උතුමන් වහන්සේලා පූර්වයෙහි වැඩ සිටියහ. චක්ඛුපාල මහ රහතන් වහන්සේ වැනි එබඳු උත්තමයෝ ඉතා දුකසේ නිවන් අවබෝධ කරගත් බව ප්‍රකට වන්නකි. සමථ භාවනාව වඩා ක්‍රමයෙන් විපස්සනා භාවනාවට අවතීර්ණ වූ උත්තමයන්ට විශේෂ ආනිශංස පසක් ලබාගත හැකිය. එනම්,
1. දිට්ඨධම්ම සුඛ විහරණය
2. විපස්සනා පාදක
3. අභිඥා පාදක
4. නිරොධ සමාපත්තිය
5. භවවිශේෂානිසංසය යන ඒවාය
බුදුරජාණන් වහන්සේ “සමාහිතො භික්ඛවෙ යථාභූතං පස්සති පජානාති” යනුවෙන් දේශනා කොට වදාළේ “මහණෙනි, සමථ භාවනාව තුළින් සමාහිත වූයේ විදර්ශනා භාවනාවෙන් තත්ත්වාකාරය හෙවත් ඇත්ත ඇත සැටියෙන් මනාසේ දකින්නේය... ‘අවබෝධ කරන්නේය.’ යනුවෙන්ය. එම නිසා සෘජුවම විදර්ශනා නොවඩා සමථ භාවනාව වැඩීම තුළින් සිත සන්සුන් කොටගෙන විදර්ශනා වැඩීම මැනවි.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත භාවනා කර්මස්ථාන
මෙත්තානුස්සතිය අද අර්ථ විපරීතයට ලක්වී ඇති හැටි මාර විපත්වලින් මිදී ලෝකෝත්තර මඟ වැඞීමට උපකාරී වන ආරක්ෂා හතරෙන් එකක් වූ මෙත්තානුස්සතිය ගැනයි මේ විග්රහ කරන්නේ. විශේෂයෙන් මෙකල දැනගත යුතු, එහෙත් අර්ථ විපරීතව වැසීගිය භාවනාවක් තමයි මෙත්තානුස්සතිය කියන්නේ. මෙත්තාව කියන්නේ මිත්රත්වයයි. නමුත් මිත්‍රත්වය කියන විට නොයෙක් ආකාරයේ මිත්‍රත්ව තියෙනවා. සතුරා සමග සතුරු වුවෙක් දුටු විට ඔහු සමග එක් අයෙක් කෙරෙහි සතුරුකම් ඇති අනෙක් දෙදෙනා අතරත් මිත්‍රකමක් හටගන්නවා. එහෙම වන්නේ තම සතුරාට අනෙකාත් සතුරුකම් කරන නිසයි. එසේම හොරෙක් තවත් හොරෙක් සමග මිත්‍ර වෙනවා. ඒ, එකතු වී හොරකම්
කරන්නයි. ඒ වගේම සල්ලාලයා, සල්ලාලයෙක් සමග මිත්‍ර වෙනවා. ඒ, එකතු වී සල්ලාලකම් කිරීමටයි. එසේම ගුණවතා, ගුණවතා සමග මිත්‍රයි. ඒ, ගුණයට දෙදෙනාම කැමති නිසයි. මේ විදියට ලෝකයේ මිතුරු දහම විවිධාකාරයෙන් පවතිනවා. මෙහිදී එක් දෙයක් සිද්ධ වෙනවා. එනම් තම මිතුරාට අවැඩක්, අසාධාරණයක්, වැනසීමක් වෙයි ද යන බිය සැකය මිත්‍ර ධර්මයේ ප්රබලත්වයේ තරමට සිද්ධවීමයි. තමාගේ මිතුරාට දුකක් එන විට තමාට ද දුක ඇතිවෙනවා. මහත් වූ මිතුරන් දෙදෙනකුගෙන් එකෙක් ලෙඩ වුණොත් අනෙකාට ඒක කනස්සල්ලක් ගෙන දෙනවා.
මව තමාගේ එකම පුතා පණමෙන් රැකගන්නා ලෙසින් සියලූ සත්වයන් කෙරෙහි මෙත් වඩන ලෙස බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. එසේම ඒ මෙත් සිත අප්‍රමාණ ලෙස ද පැතිර විය යුතුයි. ඉඳින, සිටින, නිදන, ගමන් කරන යන මේ සතර ඉරියව්වලදීමත් නිදාගෙන මිද්ධයෙන් තොරවත් මෙත් සිත පතුරවමින් කටයුතු කරන ලෙස බුදුන් වහන්සේ කරණීය මත්ථ සූත්‍රයේ දේශණා කර තිබෙනවා. එය මෙත්තා සහගත චේතනාවෙන් ලබන විමුක්තියට හේතුවන බවත්, බුද්ධ දේශණාවක්. මවකට දරුවෙකු ලැබුණා යැයි සිතමු. එතැන් පටන් මවට දරුවා කෙරෙහි දැඩි ඇල්මක් ඇතිවෙනවා. දරුවා වේගයෙන් ඇඬුවොත්, බය වුණොත්, දරුවාට රෝගයක්, හුස්ම හිරවන බවක්, අනාගත විනාශයකට හේතුවක් සිදුවන බවක් මවට වැටහුණොත් ලැබෙන විමුක්තිය මොකක්ද? කැඩෙන, බිඳෙන, වැනසෙන, රෝග සෑදෙන නොයෙක් ආපදාවන් වීමට ඉඩ ඇති බව දකින මවට එබඳු දෙයක් වෙයි ද කියා සිතක් ඇති වුණා නම්, කොච්චර නම් වික්ෂිප්ත වේවි ද? උපාදානව උරුම නිසාම මවට නිතර බිය කම්පනය පවතිනවා. තමා මිය යන මොහොතක් එන බව වැටහුණා නම්
අනේ මගේ දරුවාට මම නැතිවුණොත් කවුද?
කියා මහා කම්පාවක් ඇතිවෙනවා. මේ එක දරුවෙක් ගැනයි. දරුවො ගොඩක් ඉන්නවනම් මේ කම්පනය කොහොමට ඇත්ද? මේ තමයි මවක් දරුවා කෙරෙහි දක්වන මිත්‍ර බව. මේ මිත්‍ර බව නිසා සිදුවී ඇත්තේ විමුක්තියක් නොව මහා ගින්නක් බව දැන් වැටහෙනවා.
ලෝක සත්වයෝ අනන්තයි. ඒ අනන්ත ලෝක සත්වයන් අතර ඇසිපිය ගහන මොහොතක කී දෙනෙක් නම් සතුරු සතුන්ගේ දත් පහරින්, නිය පහරින් අමු අමුවේ මැරුම් කනවද? කී දෙනෙක් නම් මර බියෙන් ලතෝනි නගනවද? මිනිස්සු කී දෙනෙක් නම් ගහමරාගන්නව ද? මවකට දරුවන් දහදෙනෙක් ඉන්නවා නම්, ඒ සියල්ලටම මව එකසේ ආදරය කරයි නම්, එක් දරුවෙකුගේ ජයග්රහනයක් වෙනුවෙන් ප්‍රිය සාදයක සතුට භුක්ති විඳින මවට තව දරුවෙකුට කවුරුන් විසින් හෝ ගහන මරු පහරකින් ලතෝනි දෙන හඬ ඇසුණේ නම් ඒ මවට සතුටක්, සැනසුමක් ලැබේ ද? නැතිනම් මහත් වූ හද කම්පාවක් වේවි ද? හෘද සාක්ෂියට අනුව දිය හැකි පිළිතුර නම්, මවට මහා හද කකියවන කම්පාවක් ඇතිවීම මෙන්ම මව ද ලතෝනි දෙමින් අඬා කෑගසන බවයි. ඉතින් ලෝක සත්වයන්ට මේ විදියට මවක් ලෙස කටයුතු කළා නම් සමවතක්, විමුක්තියක් වේ ද කියා කල්පනා කරල බලන්න. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ, දේශනා කළ නිසාවත්, පරපුරෙන් ගෙනා නිසාවත්, පොතේ තිබුණ පළියටවත් පිළිගන්න කියා නොවෙයි. තමන් හොඳට හිතා බලා හදවතට එකඟව වැටහේ නම් පිළිගන්න කියලයි. මේ ගැන කීදෙනෙක් විමසා බලා ඇත්දැයි කල්පනා කරල බලන්න.
එක් අවස්ථාවක විශාඛා උපාසිකාවගේ මිනිබිරියක් කුඩා කලදීම මිය ගියා. ඇයට මහත් ආදරයකින් සිටි විශාඛාවන්ට එය දරාගත නොහැකි තරම් වුණා. එකල තිබූ කුල සිරිතක් අනුව මිනිය ගෙන ගොස් සොහොනකට දමා එම වස්ත්‍ර පිටින්ම නාගෙන, එම තෙත වස්ත්‍රම ඇඳගෙන සිය නිවෙස්වලට යන සිරිතක් ද තිබුණා. විශාඛාවත් මේ විදියට තෙතබරිත වූ වස්ත්‍ර පිටින් යන අතරමගදී දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් වහන්සේ හමුවීමට ගියේ දහමක් අසා ශෝකය තුනී කරගන්නා අදහසිනුයි. උන් වහන්සේ විශාඛාවගෙන් මේ අවේලාවේ තෙත කෙස් සහ වස්ත්‍ර සහිතව කොහි යන ගමන් ආවේදැයි විමසුවා. මෙහෙම විමසුවේ කරුණු දැනගන්නට නුවණ නැති නිසාවත්, සාමාන්‍ය පුද්ගලයන් වගේ නිකරුණේ අහන කතාවක් ලෙසවත් නොවෙයි. එය ධර්ම දේශනාවකට සුදුසු අදහසක් මතුවෙන කාරණාවක් වූ නිසයි. එවිට ඇය තම මිනිබිරියට ඉතා ආදරයෙන් සිටි බවත්, ඇය මියගිය නිසා සොහොනෙහි දමා එන අතරතුර ශෝකය දුරු කරගැනීමට බුදුන් වහන්සේ සොයා ආ බවත් ප්‍රකාශ කළා. උන් වහන්සේ ඇයගෙන් මෙහෙම අහනවා.
“විශාඛාවනි, ඇය ජීවතුන් අතර සිටියා නම් ඔබේ අදහස කෙසේද?”.
“ස්වාමීනී මම ඉතා සතුටුවෙමි”
යි ඇය පිළිතුරු දුන්නා. එබඳු ආදරවන්ත මිනිබිරියන් දහයක්, සියයක් ඇත්නම් කෙසේදැයි උන්වහන්සේ නැවතත් විමසුවා. ස්වාමීනි, මම මහත් සතුටක් ලබමියි, යන්න ඇගේ පිළිතුර වුණා. එසේම මේ සැවැත්නුවර සිටින සියල්ලෝම ඔබේ මුනුබුරු මිනිබිරියන් නම්, ඔබේ අදහස කෙසේද? ස්වාමීනි, එසේනම් මගේ සතුට අසීමිතයි, යන්න ඇගේ පිළිතුර වුණා. විශාඛාවනි, මේ සැවැත්නුවර දිනකට කීදෙනෙක් පමණ මිය යයි ද? ස්වාමීනි, පස්දෙනෙක්, හතර දෙනෙක්, තුන් දෙනෙක් ආදී ලෙස සෑම දිනකම මිය යනු ඇතැයි විශාඛාවගේ පිළිතුර වුණා. එසේනම් ඔබට තෙත ඇඳුම් නොඅඳින, තෙත කෙස් නොපවතින, ශෝකය කණගාටුව නොපවතින එක දිනයක් හෝ දකින්නට හැකිවේ දැයි බුදුන් වහන්සේ විමසනවා. ආදරය, ඇලීම හේතුවෙන් ශෝකය, බිය, කණගාටුව ඇති කරන බවත්, මේ ඇලූම් වස්තු නැති තැනම ශෝකය, බිය, කණගාටුව නැති බවත් උන්වහන්සේ දේශණා කළා.
එහෙනම් ලෝකය පමණක් නොවෙයි, අනන්ත සතුන් තමන්ගේ දරුවන් ලෙස සළකා කටයුතු කළොත් මොකක් වෙයිද? ලැබෙන මෙත්තා සහගත චේතෝ විමුක්තියක් තිබේ ද? කල්පනා කරල බලන්න. මේ ලෝක සත්වයන්ට දරුවන්ට මෙන් සළකා දාහයක්, බියක්, ශෝකයක් නැතිව ඉන්න ලැබේවායි මෙත් වැඞීම කරන විට ඒ හිත කුමන වර්ගයට අයත් වේදැයි චිත්තානුපස්සනාව වැටහේ නම් හිතාගන්න පුළුවන්. මේ කියන මෛත්‍රිය වඩන විට සතෙක් බඩගින්නෙන් පීඩිතව කෙඳිරිගානවා ඇසුණොත් තමන් ද බඩගින්නෙන් සිටින සේ දාහයක් දැනෙනවා. අසල්වැසි ගෙදරක බල්ලෙක් බැඳ තබා ගෙදර උදවිය දිනක් දෙකක් ගෙදර නො ආවේ නම් එබඳු දෙයක් දැක “අර පව්කාර කාලකණ්නි මිනිස්සු බල්ලට කරන අපරාදෙක හැටි! හිතක් පපුවක් නැති එවුන්ගෙ හැටි! බල්ල ඊයේ ඉඳන් බඩගින්නෙ!” මෙහෙම කියනවා. බැරිවෙලාවත් මහා අපාගත සත්වයෙකු පිපාසිත බව කියා කෑගසන විට කර්ම ශක්තියෙන්ම සැකසුණු ලෝදිය කටට වත්කරන හැටි, මහත් ගිනිසැරෙන් දැවී එහෙත් කර්ම ශක්තිය නිසාම නොමැරී නැවත එහිම පහළවන හැටි පෙනුණා නම් කුමකින් කුමක් වෙයිද? මොනවා කියයි ද? කපුටෙක් හෝ ගැරඬියෙක් සතෙක් අල්ලාගෙන ඒ සතා හඬද්දී මරා අමු අමුවේ කනවා දැක්කොත් නිහඬව ඉන්නවා ද? මෙත් වඩන සමහර අය සතාට වඩා කෑගහනවා. හිතට මොකක්ද වෙන්නෙ? හිතා ඉන්නෙ මෛති‍්‍රය නිසා කම්පාව, දුක දැනෙනව කියලයි. ඒ වුණාට තමන් නොදැනුවත්වම හිතට සිදුවන දේ කුමක්ද කියා කල්පනා කරල බලන්න.
එසේම දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශණා කරනවා. මෙත් වඩන පින්වතුන් ධර්ම ශ්‍රවණය කරනවා. මෙහෙම වෙලාවක ළඟපාතක ගැරඬියෙක්, ගෙම්බෙකු ගිලින විට ගෙම්බා කෑගසන හඬ ඇහෙනවා. දැන් මෙත් සිත බලවත් නිසා බණ කීමත් නවතිනවා. බණ ඇසීමත් නවතිනවා. දැන් දුවනවා ගැරඬියාගෙන් ගෙම්බව බේර ගන්න. ඉතින් මොකද වෙන්නේ? අහපු බණ ටිකත් මතක නෑ. නවතපු තැනත් මතක නෑ. මේ තමයි එක් ආකාරයක මෛත්‍රිය ක්‍රියාත්මක වන හැටි. මෙහෙම මෙත් වඩන කොට හිත කොහාටද දුවන්නේ? යනකොට ගැරඬියා ගෙම්බව ගිලල නම්, දැන් මොකද කරන්නේ? පොල්ලක් අරගෙන ගහනව ගැරඬියාට. මොකක්ද සිදුවුණේ කියලා හිතල බලන්න.
ගෙයි වහලය අස්සේ ලේන කූඩුවක් තියෙනවා කියා හිතන්න. ගැරඬියෙක් ලේන පැටව් ගිලින්න කූඩුව ළඟ මාන බලනවා. “අනේ අහිංසක ලේන පැටව්! උන් නිදුක් වේවා!” ගැරඬියාට කෝටු පාරක් ගහලා පන්නා දානවා. නැත්නම් භූමිතෙල් ටිකක් ඉහිනවා. “ඒකට වඩා ලොකු අපරාදයක්නෙ ලේන පැටව් ටික ගිල්ල නම්! බෝසතාණන් වහන්සේත් ලේන අත්බැවක ඉපදිලා ලේන් පැටිය මුහුදට වැටුණු වෙලාවේ මුහුද ඉහින්න වලිගය තෙම තෙමා ගොඩට ගැසුවා කියල කියනවනේ. කොහොම හරි ලේන පැටව් ටික රකින්න ඕනේ. බෝසතාණන් වහන්සේ ගැරඬි අත්බැවක ඉපදුනු බවක්වත් අහල නෑ” දැන් මෙහෙමත් හිතනවා.
“ළමයිනේ මම ටිකක් භාවනා කරනකල් ගැරඬියා ආයෙත් එයි ද කියල බලන්න”. ළමයින්ට මෙහෙම කියලා තමන් දැන් මෛතී‍්‍ර භාවනාව කරනවා. සියලූ සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දැන් ළමයි ඒ ගැන බලන්නේ නැතිව ගිහින් සෙල්ලම් කරනවා. ලේන් පැටව් කෑගහනව ඇහෙනවා. භාවනාව නවතලා පින්වතා ඉක්මනට එතනට යනකොට ගැරඬියා ලේන පැටව් ගිලිනවා. දැන් ළමයින්ටත් බැන බැන ඉක්මනින් භූමිතෙල් ටිකක් ගැරඬියාගේ ඇඟට හලනවා. සතුන්ට සිදුවෙන මරණ බය දැකලා මර හඬ දෙද්දී ගිල දමන හැටි දැකලා පපුව හෝස් ගාලා දාහයට පත්වෙලා. “හරි වැඬේ! මේව මාරයාගෙ වැඩ! භාවනා කරන්න දෙන්නෙ නෑ!” මෙහෙමත් හිතනවා. කමක් නෑ, හොඳට ? වුණහම භාවනා කරනවා. එතකොට කරදරයක් නෑනේ. මෙහෙම හිතලා ? වෙලා භාවනාව පටන් ගන්නවා. නමුත් පැය කාලයි භාවනා කරන්න ලැබුණේ. ගෙදර බළලා මහ මීයෙක් අල්ලගෙන කාමරේ ඇඳ යට උඩවිසිකර කර සෙල්ලම් කරනවා. මීයා මැරිල නෑ. පණ තියෙනවා. එහෙ මෙහෙ දුවන්න හදනවා. දැන් ඉතින් ? භාවනා කරලත් ඉවරයි. ඉක්මනින් නැගිටිනවා. ළමයින්ට කෑගහනවා. “ළමයිනේ මෙන්න බළලා මීයෙක් අල්ලගෙන!” මෙහෙම කෑගහනකොට අනෙක් අයත් බයවෙලා නැගිටිනවා. බළලා මීයා අල්ලගත්ත නිසා කෑගහනවා කියල දැනගත්තම භාවනා කරපු පින්වතාට බැන වදිනවා. “රෑ දොළහයි! මේක මහ කරදරයක්! බළල්ලූ මීයො අල්ලන එක අමුතු දෙයක් ද?” මෙහෙම බනින කොට පින්වතාගෙ හිතට විශාල අමනාපයක් කලකිරීමක් දැනෙනවා. දැන් හිතින් බනිනවා. “පව්කාරයෝ! උපනුපන් ජාති ජාතිවත් මුන් ඉන්න අහලකවත් උපදින්න සිද්ධවෙන්න එපා”. මෙහෙම කොඳුරමින් බළලට කොස්සෙන් ගහල පන්නනවා. බළල මීයත් අරගෙන ගොරවමින් දුවනවා. මීයා කටින් අල්ලනකොට චරස් ගාලා සද්දෙත් එනවා. හිත කීරි ගැහෙනවා. “හරි වැඬේ! භාවනා කරන්න තැනක් නෑ! ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ පව්කාරයෝ!” මෙහෙම හිත හිතා හොඳ පන්සල්, භාවනා කරන්න හොඳ ස්ථාන හොයමින් යනවා. මේ වගේ අවස්ථා අපට කොච්චර නම් අහන්න ලැබෙනවා ද? මේ විස්තරය කිව්වේ මෙහෙම භාවනා කරල මෙත්තා සමාධිය පහළ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නයි.
මාථා යථානියං පුත්තං – ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
කරණීයමත්ථ සුත්‍රයේ මෙහෙම කියලා තිබුණට ඒ කාලේ හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් ගිහි කල භාර්යාවට ළමයෙක් ලැබෙන්න සිටිය දී සසර කලකිරිලා භාර්යාව දමල ගිහින් මහණවෙලා හිටියා. දරුව වැදූ පසු මව දරුව අරගෙන උන්වහන්සේ ලඟට ගිහින් තමා සහ දරුවා අතහැර ගියාට අපහාස කරලා දරුවා උන්වහන්සේ ලඟ තියා
මට දරුවා උන්නත් එකයි, මළත් එකයි. ඔබට දාව ලැබුණු දරුවා තියා ගන්න. මම යනවා.
කියා යන්න ගියා. දරුවා මහ හඬින් හැඬුවා. පහළට බිම දිගේ පෙරළිලා ගියා. නමුත් උන්වහන්සේ ඒ දෙස ඇසවත් ඇරලා බලන්නේ නැතිව එබන්දක් නොවන්නා සේ නිහඬව වැඩසිටියා. දරුවාගේ මව අතහැර යන ලෙස පෙන්වා, දුරට ගොස් ගසක් ලඟ මුවාවෙලා සිදුවන දේ බලා හිටියා. දරුවා ළඟ තියලත් පළක් වුණේ නැති තැන බැන බැන ඇවිත් නැවතත් දරුවා රැගෙන යන්න ගියා. බුදුන් වහන්සේ මේ සිද්ධිය බුදු ඇසින් බලා සිටියා.
මාගේ පුත්‍රයා දරුවා නිසාවත්, බිරිය නිසාවත්, ලෝකය නිසාවත් කම්පා නොවේ
යනුවෙන් බුදුන් වහන්සේ උදාන වාක්‍යයක් දේශණා කළා. මේක පෙළ දහමේ තියෙන කතාවක්. මෙහිදී මාථා කිව්වේ අම්මාට නොවෙයි, අමා මෑණීයන් වහන්සේට හෙවත් බුදුන් වහන්සේටයි. යථානියං පුත්තං කිව්වේ යථාර්ථවත් නියම පුතා හෙවත්, රහතන් වහන්සේටයි. ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ කිව්වේ ආයුෂය ඒ සඳහා වෙන් කරලා, ඒ එකම පුතා අනුරක්ෂණය කරනවා කියන එකයි. එනම් බුදුන් වහන්සේ තම ජීවිත පැවැත්ම, මහා දයානුකම්පාවෙන් ශ්‍රාවකයන්ගේ සුබ සිද්ධිය උදෙසා වෙන් කළා. මේක ආදර්ශයට අරගෙන අනෙක් අයටත් මෙත් වඩන්න කියලයි මේ පෙන්වා තියෙන්නේ.
තවද වේළුවනාරාමය පිටුපස චුන්දසූකර නම් ඌරු වැද්දෙක්, ඌරන් මරමින්, මස් විකුණමින් ජීවත්වුණා. ඌරන් මරණ හඬ වේළුවනාරාමයට ඇහෙනවා. කොසොල් රජු දිනපතාම විත් බුදුන් වහන්සේගේ සැපදුක් විමසා වැඳ පුදා යනවා. භික්ෂුන් වහන්සේලාත් මෙත් වඩනවා. බුදුන් වහන්සේත් මහා මෙත් වඩනවා. නමුත් ඌරන්ගේ මර හඬ කිසිම ගැටලූවක් වෙලා නෑ. කොසොල් රජු, චුන්දසූකරගේ ඌරන් මැරීම ගැන නොහොබිනා බවට ඉඟියක් හෝ දැක්වූවානම් චුන්ද සූකරයාව මොහොතකින් එම ස්ථානයෙන් පිටමං කරනවා. නමුත් එවැනි ගැටලූවක් මතුවී නැති බවයි පේන්නේ. අන්තිමට චුන්දසූකර මියයන්න පණ අදිද්දී ඌරෙක් කෑහනවා වගේ හඬ නැගුවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට
මහණෙනි, චුන්දසූකර පාපය මිහිරි ලෙස සිතා, විපාකය එනතුරු සතුටු වුණා. අද එම විපාකය මතුවෙලා ඌරෙක් වගේ හඬනගනවා. ඔහුට ඔසුපත් නරකය හිමි වී ඇතැයි දේශනා කළා .
,

මාර උගුල්වලින් මිදී ලෝකෝත්තර මග වැඞීමට උපකාරී වන ආරක්ෂා හතරෙන් සිව්වැනි ආරක්ෂාව වූ මරණානුස්සතිය ගැනයි මේ විග්රහ කරන්නේ.
ජීවිතය අනියතය, මරණය නියතය. මොහොතින් මොහොතද මිය යනවා. උපන් සියල්ලෝම මිය යනවා. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ද, චක්‍රවර්තී රජවරු ඇතුලූ සියලූ රජවරුද, සිටුවරුද, නැණවතුන්ද, බලවතුන්ද ආදී සියල්ලෝම මිය යනවා. ඉතින් මා වැන්නවුන් ගැන කවර කතාද?
මේ තමයි අද තියෙන එක්තරා මරණානුස්සති භාවනාවක්.
අනුන්ද මැරෙන නිසා තමාගේ මරණය සිදුවීම ගැන ගණන් නොගන්නා හැටි මෙයින් පේනවා. අනුන්ට හෙණ ගහනවානම් තමන්ට ගසන හෙණයත් ඉවසන්න පුළුවන්. ඒ, අනුන්ටත් හෙණ ගහන නිසයි. එහෙත් ප්‍රශ්ණය වන්නේ අනුන් බේරී තමාට පමණක් හෙණය වැදුනොත්ය. එතකොට නම් ඉවසන්න බෑ. මේ වගේ තමයි සමාජයේ සියලුදෙනා මැරෙන නිසා තමන්ටත් මරණය එම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් අනෙක් අය හැර තමා පමණක් මරණයට පත් වෙනවා නම් ඒක ඉවසන්න බෑ. මේ වගේ, මිනිසුන් යමක් දෙස සංසන්දනාත්මකව බලන්න පුරුදු වෙලා ඉන්නවා මිසක් එහි යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ. කෙසේ වෙතත් සමහරෙක් මේ විදියටත් භාවනාව කරගෙන යනවා. එහෙත් මරණ භය නම් ඉවත්ව ඇති බවක් පේන්න නෑ. මිනීමරුවෙක් තමාව මරන්න එනවා දැක්කොත් වඩපු හැම භාවනාවක්ම කෙළවර කරල පැනල දුවනවා. මෙහෙම කියන්නේ අපහාසයකට නොවෙයි. හිතේ වැඞීම කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි සිතා ගන්නටයි.
මේ ටිකම භාවනා කරන තවත් කෙනෙක් ලෝකයේ ඉන්නවා. ඔහු නම් බෞද්ධයෙක් නොවෙයි. එහෙත් භාවනාව බොහොම තදින් කා වැදී බැලූ බැල්මටනම් ප්‍රතිඵලත් එලිපිටම දිස්වෙනවා. ඒ තමයි ගමේ චන්ඩියා. ඔහුගේ භාවනාව මෙසේය.
ඕනෑම චන්ඩියෙක් ඉන්නව නම් වරෙව්. උපන්නොත් මැරෙනවා. මම බය නෑ මැරෙන්න. ජීවත්වෙන්න ආපු එකෙක් ලෝකෙ නෑ. මම දැන් මැරෙන්න පුළුවන්. මම මැරෙන්න භය නෑ
මෙහෙමත් කියනවා. මරන්න ආවත් දුවන්නෙ නෑ. මේ සමහරෙක්, කෙනෙකුට බැන වදින ආකාරයයි. එතකොට කෙනෙක් සැඩ ගතියෙන් මරණානුස්සතිය වඩල තියෙනවා. කෙනෙක් මුදු මොලොක් බවින් වඩල තියෙනවා. ලෝකයා වඩන මරණානුස්සතිය මෙහෙම වුනත්, ආර්යන්ගේ මරණානුස්සතිය නම් මීට හාත්පසින්ම වෙනස්.
එය අනුන් මිය ගිය නිසා තමන්ද මිය ගියාට ප්‍රශ්ණයක් නෑ ලෙස සහනය සොයන භාවනාවක් නම් නොවෙයි. තමා කරා එන මරණය සිහි කර ඊට පෙර අප්‍රමාදව නිවන් අවබෝධකර ගැනීමට පිළිවෙත් පුරන්න නොපසුබටව උත්සාහ කරන්නේ නම් ඒ තමයි ආර්ය වූ මරණානුස්සතිය. මේ කියන මරණානුස්සතිය බුද්ධ ශාසනයෙන් පිට ලබන්න බෑ.
අං:නි:5, 302 පිටුව, පඨම මරණ සති සූත්‍රය. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා, මහණෙනි මෙහි මරණ සතිය වඩන භික්ෂූන් ඇත්දැයි විමසුවා.
මෙහිදී එක්තරා භික්ෂුවක්, ස්වාමීනි, මම මරණ සතිය වඩමියි පිළිතුරු දුන්නා. මහණ, කෙසේ නම් ඔබ මරණ සතිය වඩත්දැයි බුදු පියාණන් ඇසූ විට, මම එක ? දවාලක් ජීවත් වන්නෙමි නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සාසනය මෙනෙහි කරන්නේ නම් මා විසින් එ්කාන්තයෙන්ම ආත්ම හිත වූ (නිවන පිණිස) මහණ කිස (මහණ කටයුතු) කරන ලද්දෙම් වෙමියි, මෙසේ මරණ සතිය වඩමියි පිළිතුරු දුන්නා.
තවත් භික්ෂූන් වහන්සේ නමක් ද තමනුත් මරණ සතිය වඩන බව කියා, බුදු පියාණන් වහන්සේ ඒ කෙසේදැයි ඇසූ විට, ස්වාමීනි, මම එක දහවලක් ජීවත් වන්නෙමි නම් යෙහෙක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සාසනය මහණ කිස බොහෝ කොට කරන ලදිමියි සිතමින් මෙසේ මරණ සතිය වඩමියි ප්‍රකාශ කළා.
තවත් භික්ෂූන් වහන්සේ නමක්, ස්වාමීනි, මමත් මරණ සතිය වඩමි. එක් අඩ දහවලක් ජීවත් වන්නේ නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සාසනය මහණ කිස කළෙමියි සතුටුව මරණ සතිය වඩමියි ප්‍රකාශ කළා.
තවත් භික්ෂු- වක් එක බත් පතක් වළඳන තරම් කාලයක් නිමිති කර ඉහත කී විදිහටම ප්‍රකාශ කළා.
තව භික්ෂුවක් එක බත් පිඬක් අනා ගිලින තරම් වේලාවක් ද, තවත් භික්ෂුවක් හුස්මක් ගෙන පහත හෙලන තරම් වෙලාවක් ද ජීවත් වුවත් යෙහෙකැයි කියා ඒමොහොතද භාග්‍ය- වතුන් වහන්සේගේ සසුන කරමියි, මහණ දම් පූර්ණ කරමියි මෙසේ මරණ සතිය වඩන බව ප්‍රකාශ කළා.
ඒ සියල්ල මරණ සතිය බවට අනුමත කළ බුදුරජාණන් වහන්සේ මේ අය අතරින් යටත් පිරිසෙයින් බත් පිඬක් ගිලින තරම් වේලාවක්වත් ජීවිතය විශ්වාස නැතැයි මෙනෙහි කර ප්‍රතිපත්ති පූර්ණයට වෙර වඩන භික්ෂුවත්, හුස්මක් උඩට ගෙන පහතට හෙලන තරම් වේලාවක්වත් ජීවිතය විශ්වාස නැතැයි සිහි කර අප්‍රමාදව පිළිවෙත් පුරණ භික්ෂුවත් යන දෙදෙනා අප්‍රමාද විහාරීව යහපත් සේ මරණ සතිය වඩත් යැයි දේශනා කළා.
මේ අනුව අනුන්ගේ මරණ හා සංසන්දනය කරමින්, තමාත් ඒකාන්තයෙන්ම මැරෙන බව සිහි කරමින් සිටියාට එය මරණ සතිය නොවන බවත්, තමාගේ මරණය කොයි මොහොතේ එයිද කියා කිව නොහැකි බව සිතමින්, ප්‍රතිපත්ති පූර්ණයට උත්සාහ කරන උතුමන්ම නියම මරණ සතිය වඩන අය බවත් සිහි කළ යුතුයි. එයම නියම මරණ සතියයි කියා නුවණින් තේරුම්ගෙන ප්‍රතිපත්ති පුරා නිවන් දැකීමට උත්සාහ කළ යුතුයි. හේතු වාසනා ඇති යමෙක් මෙසේ බුද්ධානුස්සති, මෙත්- තානුස්සති, අසුභා- නුස්සති, මරණා- නුස්සති යන මාර්ග ආරක්ෂක සේනා හතර තේරුම් ගෙන මග වඩන්නේ නම් උතුම් නිවන් ඵලය මේ භවයේදීම ලැබීමට හේතු ලබනවා. මේ චතුර් ආරක්ෂාව පෙරටුකොටගෙන මාර සේනාව සමග යුද්ධ වැදුනු රජෙකුට හෙවත් බෞද්ධයෙකුට සිව්රඟ සෙනගක් මෙන් ජයග්‍රහණය ලබා දෙනවා. මෙසේ නිරවුල්ව වටහාගෙන මග වඩා උතුම් නිවන් සාක්ෂාත් කර ගනිත්වා.

බුද්ධ දේශනාව අනුව වැඩිය යුතු මෙත්තා භාවනාව කුමක්ද? එය වැඩීමෙන් කුමක් සිදුවේද?
මිත්‍ර ධර්මය කියන්නේ මිතුරෙකු විසින් මිතුරෙකුට කළ යුතු යහපත කිරීමයි. ග්‍රීෂ්මයෙන් පීඩිත වෙලා දාහ සහගතව එන කෙනෙකුට ජලයට අයිස් කැටයක් දමා දුන්නොත් ඒ වෙලාවේ ඇති සිසිල් බව නිසා ඔහුට එය ආස්වාද සහිතව දැනෙනවා. ඒ ජලය පානය කර ඔහු කායික මානසික සැනසීමක්ද ලබන බව පේනවා. මේ මිතුරෙක් තම මිතුරෙකුට සැලකූ ආකාරයයි කියා සිතන්න. ඒ මොහොතේ අත් දැකීමෙනුත් යහපත් බවක් පෙනෙන්න තිබුණා. අයිස් කැට ඉදිරි කාලයේදීත් දාහය නිවාගන්න හොඳ උපක්‍රමයක් යැයි සිතා, දැන් යහලූවා තවත් අයිස් කැට ඉල්ලා සිටිනවා. තම හිතවත් මිතුරා ප්‍රියමනාප නිසා ඔහුගේ සුවය පතා අයිස් කැට පාර්සලයක්ම තම මිතුරාට දෙනවා. දාහයක්, උෂ්ණ- යක් ඇති විට අයිස් කැට පරිහරණ-යෙන් සිසිලක් ඇතිවන බව මේ මිතුරන් දෙන්නාම දන්නා නමුත්, ඉන් එහාට අයිස්වලට වෙන දේ මේ දෙන්නාම නොදනී නම්, එක් කෙනෙක් ලබාගෙන සතුටු වෙනවා, අනෙකා දීමෙන් සතුටු වෙනවා.
අයිස්වලට වෙන දේ දන්නා අපිට මෙවැනි ක්‍රියාවක් දකින්න ලැබුණා නම්, මෝඩයින් දෙන්නෙකුගේ මෝඩ සිතිවිල්ලකින්, මෝඩ කතාවකින්, මෝඩ වූ ක්‍රියාවක් සිදුකරන බව අපි පවසනවා. එම ක්‍රියාව දකින අපටත් ඒ මොහොතේ දාහයට උෂ්ණයට හේතුවක් තිබුණා නම් අපිත් ඒ අයිස් ජලය පානය කරනවා. නමුත් ඉන් එහාට අර වගේ මෝඩ වැඩකට හිත නොතබන බවත් අපි දන්නවා. අයිස් කැටයේ ස්වභාවය පැය කීපයකදී ක්‍රමයෙන් දියවීම බව අපි දන්නා නිසා මිතුරන් දෙන්නාගෙන් අයිස් කැට රැගෙන ගිය මිතුරාට අත්වන ඉරණමත් අපි දන්නවා. අයිස් කැට රැගෙන යන මිතුරා තම හිතවත් මිතුරාටත් ප්‍රශංසා කරමින් ඔහු හොඳ කෙනෙකියි සතුටු වෙමින් තම නිවෙසට ගිහින් අයිස් පාර්සලය ප්‍රවේසම් කර තබා ගන්නවා. මිතුරෙකුට සැලකීම ගැන අනෙක් මිතුරාටත් සතුටක් ඇති වෙනවා. අයිස් යනු බාහිර පරිසරය තුළ ස්වභාවයෙන්ම දියවන වස්තුවක් බව දැන ගත්තාම තමා දුන් දානයේ තරමත්, ලැබූ මිතුරාට තමාගේ රැවටීමේ තරමත්, එතෙක් තිබූ සතුට නම්, නොදැනීම නිසා තිබූ මුලාවේ ප්‍රතිඵලයක් බවත් වැටහෙන්න පටන් ගන්නවා.
දියවෙන අයිස් කැට වැනි සම්පත්වල නිසි තතු මෙනෙහි කරන බෞද්ධයාට, නිදුක් බව ලබා සිටින මේ පැවැත්ම නැවත දුක එනවිට දියවී කෙළවර වන බවත්, නිරෝගී බව ලැබුවත් එය නැවත රෝගයෙන් කෙළවර වන බවත්, සුවපත්වීම නැවත දාහයට පත්වීමෙන් කෙළවර වන බවත්, නිර්භය බව නැවත බියපත්වීමෙන් කෙළවර වන බවත් වැටහෙනවා. පැවැත්මට ගිජුවූවන්ගේ වෛර නැති බව නැවත වෛරයෙන් කෙළවර වන බවත්, සැපවත් බව දුකින් කෙළවර වන බවත්, මේ ආදී වශයෙන් ලෞකික ආශාවන්ට ගිජු වී ඒවා සොයමින් සැරිසරන සත්ත්වයන්ට ඒවා ලැබීමෙන් වන සතුටක් සැනසීමක් ඇත්නම් ඒවා ඒකාන්තයෙන්ම වැනසීම උරුමකරගෙන ගෙවී යාම, දුර්වල වීම, විකෘති වීම, විපරිනාමික වීම (කැමැත්තට පටහැනිව පරිණාමය වීම) සහිත දේවල් බවත් හොඳින් වැටහෙනවා.
මේ කය මොහොතක් හෝ නිරෝගී බවෙන් යුතු යැයි සිතීම පවා මෝඩ වැඩක්, මෝඩ සිතිවිල්ලක් බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. මනා නුවණින් කල්පනා කළොත් එහි සත්‍යතාවය වටහා ගන්න පුළුවන්. එම නිසා මේ බුද්ධ භාසිතයත් 1 හොඳින් සිතා බලන්න.
ඛුද්දක නිකාය-පටිසම්භිදා මග්ගප්පකරණ (2) – 227 පිටුව – විදර්ශනා කථාවලින්,
පංචස්කන්ධය දුක් සේ දකින්නේ අනුලෝම ක්ෂාන්තිය ලබයි.
පංචස්කන්ධ නිරෝධය සුව සේ දකින්නේ සම්යක්ත්ව නියාමයට පැමිණේ.
පංචස්කන්ධය රෝග සේ දකින්නේ අනුලෝම ක්ෂාන්තිය ලබයි.
පංචස්කන්ධ නිරෝධය නිරෝග සේ දකින්නේ සම්යක්ත්ව නියාමයට පැමිණේ.
පංචස්කන්ධය භය සේ දකින්නේ අනුලෝම ක්ෂාන්තිය ලබයි.
පංචස්කන්ධ නිරෝධය නිර්භය සේ දකින්නේ සම්යක්ත්ව නියාමයට පැමිණේ.
පංචස්කන්ධය ශෝක සේ දකින්නේ අනුලෝම ක්ෂාන්තිය ලබයි.
පංචස්කන්ධ නිරෝධය නිස්සෝක සේ දකින්නේ සම්යක්ත්ව නියාමයට පැමිණේ.
මේ බුද්ධ වචනය මෙසේ තිබෙද්දී නිදුක් බව, සුවපත් බව, දුකින් මිදීම ආදියෙන් ලොවට ආසිරි පැතීමේදී, මෙත් වැඞීමේදී සාමාන්‍ය ලෝකයා සිතන ලෙස අදහස් නොගෙන ආර්ය විනය අනුව අදහස් ගනිමින් මෙත් වැඩිය යුතුයි.
ආර්ය විනයේ මෙත් වැඞීම මොන වගේ මිත්‍රත්වයක් පිලිබිඹු කරන්නේද යන්නත්, එය බාහිර ලෝකයාගේ මෙත් වැඞීමේ හෙවත් මිත්‍රත්වය වැඞීමේ අදහසට වඩා කෙසේ වෙනස් වෙන්නේද යන්නත් සලකා බැලිය යුතුයි. යමෙකුට නිදුක් බව පතන බාහිර පින්වතුන් (සාසනයෙන් බැහැර) එක භවයක විඳින දුක් වේදනා නොඑන අදහසකුත්, එසේම දුක් නැති සුව ජීවිතයකුත් සිහියට ගෙන එවැනි මිත්‍ර දහමක් වඩනවා. නිරෝගී වෙත්වා යනුවෙන් ආසිරි පතන විට රෝගයක් නැතිව ගෙවන ජීවිතයක් ගැන සිහියට නගනවා. සුවපත් වෙත්වා යනුවෙන් මිත්‍ර දහම පතුරුවන විට සුවයෙන් සැනසීමෙන් ජීවිතය ගත කරන්නට ලැබේවා යන සිතක් පහළ කරනවා.
මහණෙනි, යටත් පිරිසෙයින් කැඳ උගුරක් බොන තරම් වෙලාවක්වත් මම භවය හොඳ යයි වර්ණනා නොකරමි
යි යන බුදු වදන ගැන දැන් කල්පනා කරල බලන්න. ඉහත සඳහන් භවයේ පැතීම් වශයෙන් විඳින නිදුක් බවත්, නිරෝගී බවත්, සුවපත් බවත් ලබන්න හිත තබා ආසිරි පැතීම කෙසේ නම් අනුමත කරන්නද? පැවැත්මක සුව දකින කෙනෙක් කෙසේ නම් නිවන් දකින්නද? තමාට කෙබඳු කුසලයක් වැඩෙයිද?
මහණෙනි, මේ භවයේ කොතන හෝ සදා සුවයක් ඇත්නම් මම එතන නොහොඳ යැයි නොකියමි. එබන්දක් නැති නිසාම නිවන පනවමි
යි යන බුදු වදන සිහිකරල බලන්න. ඒ අනුව භව පැවැත්ම අලලා ලෝකයාට හොඳ යැයි පතන බුදු වදනක් නම් ආර්ය පැතුම් අතර නෑ.
දුක් නැතිව, රෝග නැතිව, සුව සහගතව කොතෙක් ජිවත්වෙන්න පැතුවත් එබඳු ආස්වාද ජනක පැතුමක හෝ ජීවිත පැවැත්මක වටිනාකමක් ආර්ය ගුණ ඇති අය, සත්‍ය ඤාණ ඇති අය නම් දකින්නෙ නෑ. එසේ සිටියත් එය අනිච්ඡ බව (කැමති සේ නැති බව) දකිනවා, සහනයක් නොව දුකක්ම බව දකිනවා. නිස්සාර වූ, කැමති සේ නොපවත්නා වූවක්ම බව දකිනවා. වෙනත් සැනසුමක් දකින්නෙ නෑ. වටිනා දෙයක් දුන්නා නම්, පැතුවා නම් ඒක ලෝකයාට කරන ලොකුම යහපතක්. නොවටිනා අනිච්ඡවූ, දුක්ඛ වූ, අනත්ථ වූවක් ලැබෙන්න පැතීම, එහි සත්වයා පිහිටුවීම, මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමට හෝ ආර්ය සම්මා දිට්ඨියට පත්වීමට හේතු වෙන්නෙ නෑ. එබන්දකින් නිවන් දකින්නත් බෑ. එය ලෞකික වූ පැවැත්මෙහි ඇලීමට හේතු වෙනවා. ඇලීමට හේතුවන පැතුමින් යුක්ත වී නොඇලීමටත් පතනවා නම් ඒකත් විහිළුවක්. එසේම එය අනන්ත සත්ත්වයන්ට පතුරවන අප්‍රමාණ මෙත් සිතක් නොව ලෞකික මෙත් දහමක්.
සංසාරය දුකයි කියා වටහාගෙන ඒ සංසාර දුක කිසිම සත්වයකුට නොවේවා කියා පැතීම, සිතින් කරන සම්‍යක් දෘෂ්ඨික වූ කුසලයක්. වචනයෙන්, සසර දුකයි කියා පෙන්වන්න කරුණු වටහා දෙමින්, මිදීමේ අගය කියා දීමත් වචනයෙන් වඩන සම්‍යක් දෘෂ්ඨියෙන් නැගෙන සත්‍ය වචනයක්, මෙත් වැඞීමක්. තමාත් ආදර්ශවත්ව සසර දුක දැන අත්හරින, නොඇලෙන, මිදෙන ලෙස කටයුතු කරමින් අන්‍යයනුත් අනුලෝම කටයුතු දහම්වල යෙදවීම ක්‍රියාවෙන් කෙරෙන සම්‍යක් දෘෂ්ඨික මෙත්තා සහගත ක්‍රියාවලියක්.
සංසාරය රෝග ආකරයක් යැයි දැන, දාහයක් යැයි දැන, සැනසීම නැති තැනක් යැයි දැන, බිය සහිත යැයි දැන, වෛර සහිත යැයි දැන, නින්දා අපහාස සහිත යැයි දැන, සසර වසන තුරු පැවැත්ම තුළ එසේ නොලබා සිටීමට ප්රයත්න දැරීම මහා මුලාවක් යැයි දැන, ලෝකය සියලූ අයුරින්ම අත් හැරීම, නොඇල්ම, මිදීම යන මෙයින් මතු හටගැන්වීමක් නැති නිසා ඉහත කී දුක් ඇතුළු සියලූ දුකින් මිදීම නිවන බව දැනගෙන, එසේ සියලු ලෝ සතුන්ට නිවනම වේවා යි පැතීම, අදහස් කිරීම ආර්ය සම්මා දිට්ඨි සහිත සිතින් කරන කුසලයක්. විග්රහ කර දෙමින් කරුණු පෙන්වා නිවනෙහි සැනසීම, වචනයෙන් කරන දේශනාදියෙන් පෙන්වා ලෝකයා සම්‍යක් දෘෂ්ඨි ගැන්වීම ආර්ය සම්මා දිට්ඨියෙන් වැඩෙන වාචසික මෙත්තා සහගත කුසලයක්.
මෙසේ ආදර්ශමත්ව තමාත් කටයුතු කරමින් අත්හරිමින්, නොඇලෙමින්, මිදෙමින් ක්‍රියාකර ලෝකයාද අත්හැර වීමට, නොඇලවීමට, මිදවීමට ක්‍රියා කරවන්නේ නම්, එය සම්‍යක් දෘෂ්ටියෙන් නැගෙන මෙත්තා සහගත ක්‍රියාවලියක්, කුසල ක්‍රියාවක්. මේ මග මෙසේ අනන්ත සත්වයන් කෙරෙහි පතුරුවන්නේ නම්, ලෝ සතට නිවන් සැනසීම වේවා යන හැඟීමෙන් කරුණු දක්වන්නේ නම්, අනන්ත අප්‍රමාණ වු දුක්, රෝග, භය, ශෝක ආදිය දුරුවීමට හිතුවා වෙනවා, කීවා වෙනවා, කටයුතු කළා වෙනවා. පැවැත්මට මොහොතක්වත් හිත නොබැඳෙන මේ ක්‍රමය විද්‍යමාන කළේ නම්, ලෝකයාට බුද්ධ මාර්ගයම පමුණුවා තමාත් ඊට මහා කුසල වාසනාව ලැබූ උතුමෙක් වෙනවා, මිතුරෙක් තවත් මිතුරෙකුට දෙන වටිනාම වස්තුව වූ ආර්ය මිත්‍ර දහම දෙන කෙනෙක් වෙනවා. ඒකාන්ත කල්‍යාණ මිත්‍රයෙක්ද වෙනවා.
මේ විදියට නිවන් පතා ලෝක සත්වයන්ට ආසිරි පතන විට සිදුවන්නේ කුමක්ද? පළමුව තමාට සංසාරය දුකක් ලෙස, රෝගයක් ලෙස, දාහයක් ලෙස, භයක් ලෙස… ආදී වශයෙන් ආදීනව සහිතව වැටහෙනවා. නිවන සංසිඳීම් සුවයක් ලෙස, රෝගයන්ගේ සංසිඳීමක් ලෙස දුකෙහි, භයෙහි, දාහයෙහි… ආදී නොයෙකුත් ආදීනවයන්ගේ සංසිඳීමක් ලෙස ආනිසංස වශයෙන් වැටහෙනවා. ආදීනව වැටහෙන විට අල්ලා ගත් දේ අත්හරින්න සිතෙනවා, අත් හැරෙනවා. නොඇලෙන්න සිතෙනවා, නොඇලෙනවා. මිදෙන්න සිතෙනවා, මිදෙනවා. එවිට මතු හට නොගැන්මට හේතු වී නිරෝධය සිදුවන නිසා හට ගැන්මේ ඵලය නිරෝධ වෙනවා. නිවන් ප්රත්යක්ෂ වෙනවා.
ලෝකයේ ආදීනව යම් තරමක් බරපතල ලෙස වැටහේද, ඒ තරමටම අන්‍යයන්ට ආදීනවයෙන් මිදීමට පතුරුවන චිත්ත කිරණ මාලාව බලවත් වෙනවා. මිදීමේ, නිවනේ ආනිසංස යම් තාක් බලවත් ලෙස වැටහේද ඒ තරමටම සෙත් කිරණ බලවත් වී ආශිර්වාද ලෙස පැතිරෙනවා.
කිසිම තැනක වටිනා දෙයක් නොදකින නිසා ඇලීම් නැති සිත් ස්වභාවය පවිත්‍ර වෙනවා. එවිට හතුරු මිතුරු ලෙස ඇති ලෝක සම්මත භේදය නැති වෙනවා. භේද නැත්තේ පොදුවේ සිතනවා. සැමටම විසම ගති නැති නිසා සමගුණ ඇතිව කල්‍යාණ වූ ශාසන මිත්‍රත්වය පතුරුවනවා. මෙයින් විහිදෙන කිරණමාලාවන් ලෝ සතුන් කෙරෙහි ධර්ම බලය ලෙස ක්‍රියා කරනවා. යම් විටෙක සත්වයෙක් දහම් මගට යොමු වන්න සියුම් වූ හෝ උත්සාහයක් දරයිද, එවිට තමා කෙරෙහිත් පතුරුවා ඇති ආර්ය කල්‍යාණ මිත්රධර්ම ශක්තිය ඇදී ඇවිත් බලාපොරොත්තුව සාර්ථකව ඉටුකර ගන්න වාසනාව පෑදෙනවා. එය කල්‍යාණ මිත්‍ර වූ ආර්ය උතුමන් නිසා තමාට ලැබෙන සංඝ සරණයක් වෙනවා.
පටිච්ච සමුප්පාදය අනුව
මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං
යන මූලධර්මය ක්‍රියාත්මක වෙලා ආර්ය ගුණයන්ට නැමී සිටින මනෝ විඤ්ඤාණය පහළ වීමට වාසනාව ලබනවා. එයින් සිත්, ආර්ය ගුණයට හැඩ ගැසෙනවා. මෙත් ගුණය ප්‍රගුණ කළ ආර්ය උතුමන් ඉදිරියේ මේ ශාන්ති කිරණ ශක්තිය බලවත්ව ඇති නිසා දකින දර්ශන මාත්රයේදීම ගුණයෙහි පැහැදී සිටිනවා. දේශණා කරන විට වචනයට නැගීමෙන් බලවත් වූ මෙත් කිරණ දහරා ප්රබලව ගලා යනවා. අවනත වූ සිත් ඇති ශ්‍රාවකයන්ට ඒ හේතුවෙන් ආර්ය වූ ඤාණ හටගන්නා ශක්තිය ප්රබලව ලැබෙන නිසා උන්වහන්සේලා ඉදිරියේ නිවී සැනසී යන සිත් පහළ වෙනවා. අන්‍යයන්ට නිවන් අවබෝධ කිරීමට මේ ලැබෙන රුකුල අති මහත් වෙනවා.
ආර්ය වූ මෙත් කිරණින් මෙබඳු මහත්ඵල මහානිසංස ලැබෙනවා වගේම එහි අනෙත් පැත්ත ගත්තොත් යමෙක් පහළ කරන උද්වේගය, ශෝකය, වෛරය, මිත්‍යා දෘෂ්ඨිගත පෙළඹවීම් ආදියේදීත් ඇසුරු කරන අයට ඒ විෂ කිරණ ගලා යනවා. නොයෙකුත් සංවිධාන මගින් කරන උද්ඝෝෂණවලදී ඒවාට ගරු කරන සාමාජිකයන් ඒ ඒ ප්‍රධානීන් ඉදිරියේදී එතරම් ප්‍රබල ලෙස උද්යෝගයට පත්වන්නේත් මේ කිරණ බලය නිසයි. ගෙදර දී වේලක්වත් බඩගින්නේ ඉන්න බැරි අය උපවාසවල යෙදී මිය යන තුරුම ඉන්නෙත්, එලියට බහින්න බයෙන් සිටින අය වේදිකාවල ගිනි තබාගෙන මිය යන්නෙත්, හමුදා ආදියේ සොල්දාදුවන් මරණයට බිය නැතිව මිය යද්දී ඉදිරියට ඇදෙන්නෙත් ඒ ඒ ප්‍රධානීන්ගේ හදවත්වලින් විහිදෙන මේ කිරණ බල ශක්තිය අනුව තම සිත් දැඩිව නැගෙන නිසයි.
මේ හේතුව නොදැන නමුත් තම නායකයා අත් අඩංගුවට ගෙන ඔහුගේ හිත දුර්වල කළොත් දහස් ගණනක සාමාජික පිරිසත් නිරායාසයෙන්ම අධෛර්යමත්ව පරාජිත වන්නෙත් මේ නිසයි. සටන් කළේත් නායකයා නොව සොල්දාදුවන්මයි. සොල්දාදුවන් දහසක් සිටී නම් ඉන් සියයක් මිය ගියත් කිසිම අධෛර්යමත් වීමක් නොවන්නෙත්, සටනේ නායකයා සටන් නොකළත් නායකයා අධෛර්යමත් වූ විට පසු බසින්නෙත් මේ නිසයි.
රජු දැහැමි වන විට රටවැසියන් දැහැමි වන බවත්, රජු අධාර්මික වීමෙන් රට වැසියන් අධාර්මික වන බවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. රජුද පුරෝහිත බමුණන්ට හිස නමා ඔවුන්ගේ උපදෙස් ලබන අවස්ථාවකදී පුරෝහිත බමුණන් අධාර්මිකවීම රටක රජු හා මුලූ රටවැසියාම අධාර්මික වීමටත් හේතුවන බව පෙන්වා ඇත්තේ මේ නිසයි. යම් දිනක මේ ලක්දිව ද පුරෝහිත ගුණ දරණ පින්වත් නායකයන් මුදුන් මල්කඩක් වන් ශ්‍රේෂ්ඨ ආර්ය ගුණ ධර්ම තේරුම් ගෙන අග්‍ර වූ ගුණ දරයි නම් ලක්දිව සාමය සමාදානය ඇති වී අර්ය ගුණය නැවත පෙර සේම නැගීමට ප්‍රධාන කරුණ වන බව බුද්ධ භාසිතය අනුව වටහා ගන්න පුළුවන්.
මෙකල ඇත්තේ නිවන් අවබෝධ කරන්න හේතු සම්පත් ඇති උතුමන්ගේ දුර්ලභ වීමක් නිසා සිදුවන සාසන පරිහානියක් නොව, නියම බොදු මග වැසීයාමේ අඩුපාඩුව නිසා සිදුවන සාසන පරිහානියක් බව, පින්වතුන් නිර්මල දහම් මග සොයා යෑමට ඇති උනන්දුවත් එහෙත් ඒ පමණටම එය හමු නොවීමත් යන කාරණාවලින් තේරුම් ගන්න පුළුවන්. නමුත් එසේ වැසී ගිය බොදු මග නැවතත් කෙමෙන් කෙමෙන් මතුවන බව හේතු ඵල සහිතවම පෙන්වා දෙන්නත් පුළුවන්. මේ කරුණු නුවණින් විමසා බලා නැණවතුන් යහමග ගෙන මෙත් සිත් වඩත්වා!

බුද්ධ ශාසනයේ සතර බ්‍රහ්ම විහරණ වැඩිය යුත්තේ කෙසේද?
ලෝකයේ දකින්න ලැබෙන සියලූම සතුන් අතරේ කොටස් හතරක් ඉන්නවා. ජීවත්වෙන අය, ජීවිතයත් මරණයත් අතර සුවකළ හැකි වාසනාව ඇති අය, සුව කළ නොහැකි අසාධ්‍ය බවට පත් වූ අය, මියගිය අය (මළමිනී) කියන මේ හතර කොටස මිනිස් සිරුරින්ද දැකිය හැකි කොටස් හතරක්. ලෝකයේ තියෙන ගේදොර, ඉඩකඩම්, රැකිරක්ෂා, ධනෝපායන මාර්ග ආදී කටයුතු පැවරීමට සුදුස්සෝ නිරෝගීව ප්‍රබෝධමත්ව බුද්ධිවන්තව කටයුතු කළ හැකි අයයි. ඒ තමයි පළමු පිරිස. ලෙඩරෝගයන්ට ගොදුරුවෙලා දුර්වලව සිටින අයට කිසිම ආයතනයක රැකී රක්ෂා ආදියට කැඳවීමක් හෝ ජීවන නිෂ්පාදන කටයුතු බාරදීමක් හෝ කෙරෙන්නෙ නෑ. ඒ අය ආරෝග්‍ය ශාලා වැනි ස්ථානවල තබා බෙහෙත් කිරීම් ආදියෙන් නිරෝගී කිරීමට කටයුතු කළ යුතුයි. මේ තමයි දෙවන පිරිස.
තුන්වන පිරිස නම් සුවකළ නොහැකි රෝගාබාධිතයන් ය. මෙම අය අනාථ මඩම්වල, අම්බලම් වැනි පොදු පින් තකා කරන ලද ස්ථානවල, පිනට දෙන දෙයකින් යැපෙන, කාගේත් අනුකම්පාවට පාත්රවන අයයි. හතර වන කොටස මියගිය කොටසයි. ඒ මළමිනීය. දුඟද එන නිසා දවා හැරීම, මිහිදන් කිරීම වැනි දේ මිස එ්වාට වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.
මේ බුද්ධ ශාසනයෙත් ලෝක සත්වයන් කෙරෙහි මෙබඳු බෙදුම් හතරක් දකින්න පුළුවන්. ඒ ගැන වෙනම කැටි කිරීම් වශයෙන් පොත්පත් ආදියේ පෙන්වා නැතත්, විසිරී ඇති කරුණු නුවණින් විමසා බලන විට නුවණින් තේරුම් ගන්න පුළුවන්.
“අප්පමාදෝ අමත පදං – පමා දෝ මච්චුනෝ පදං’’ – අප්රමාදී පුද්ගලයා නොමැරුනහු වැන්න. ප්‍රමාද වූවෝ මළවුන් වැන්න.
සතර සති පට්ඨානයේ යෙදෙමින් අප්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන කොටස මේ ආර්ය විනයේ ජීවත්වන කොටසයි. පටිච්ච සමුප්පාද ආදී ධර්ම මාර්ග අවබෝධ කරමින් සුචරිතව, සංවරව බුදුන් වහන්සේ දේශණා කළ මිත්‍ර ධර්මය පරිහරණය කරන කොටසයි. මේ කොටස මිත්‍ර ධර්මයට ගෝචර සාසන භූමියේ නිරෝගීව ධෛර්ය සම්පන්නව ජීවත්වන කොටසයි. භික්ෂු භික්ෂුනී යන උතුම් කොටසත් උපාසක උපාසිකා යන අනුගාමික කොටසත් මේ ජීවත්වන මිත්‍ර දහම දරන්න සුදුසු කොටසයි. කුමන තරාතිරමක, ජාතියක හෝ ගෝත්‍රයක වේවා මේ සිව් පිරිසට මෙත්තා ගුණය ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මිත්‍ර දහම මේ අයටයි.
සංසාර දුකෙහි, රෝගයෙහි, දාහයෙහි සිටින දෙවැනි කොටස තුළ අප්‍රමාද දහම් නෑ. එනම් කම්මස්සකථ සම්මා දිට්ඨි ඇති, ශාසනයෙන් බැහැරව පින් කරන අයයි. එහෙත් සසරටම හේතු ඇති කරන නිසා සංසාර රෝගීන්ය. උපක්‍රම නමැති ඖෂධ යොදමින්, සම්‍යක් ප්‍රයෝග ආදියෙන් යහමගට ගෙන, ශාසන ගුණයන්හි පිහිටුවා ගන්නට වාසනාව ඇති කොටසයි. කරුණා ගුණයට පාත්රවන කොටසයි. නිරෝගී කළ හැකි, බෙහෙත් හෙවත් දහම් ඖෂධ ප්‍රත්‍ය ලබාදී ශාසනය තුළ ජීවත් කරවිය හැකි කොටසයි. උපක්‍රම යොදා හෝ සම්‍යක් ප්‍රයෝගයෙන් හික්මන දහම් දෙසා හෝ හරි මගට ගත හැකි පිරිසයි.
තුන්වන කොටස අනාථ අබ්බගාත කොටසයි. මොවුන් මැරිලත් නෑ. ජීවත් වුනත් සුවයක් ද කර කටයුතු සඳහා සකසා ගන්න බැරි කොටසයි. හෙවත් දහම් වටහා ගන්න නුවණක් ද නැති කොටසයි. එහෙත් දෙව් මිනිස් වැනි ලෞකික ගුණ මාත්‍රයක් ලබන්න පුළුවන්. දහම් මගින් සසරින් ගොඩගන්න බැරි නමුත් සසර තරමක පිනක් ලබන්න නුවණ ඇති කොටසයි. ඒ අයට පින් පිණිස, ආර්ය උතුමන් පිඬුසිඟා යෑම් ආදිය කරනවා. මේ මුදිතා ගුණයට පාත්රවන කොටසයි.
හතරවැනි කොටස කුමන ගුණ මාත්‍රයක්වත් ලබාදෙන්න බැරි, මිත්‍යා සම්මතවල පතුලට කිඳා බැස ඇති නියත මිත්‍යා දෘෂ්ඨික කොටසයි, ප්‍රමාදම කොටසයි. ජීවත්ව සිටින නමුත් ආර්ය විනය අනුව මිය ගිය කොටසයි. මළ මිනීවලට කිසිවක් කර කියාගත නොහැකිවා සේ නියත මිත්‍යා දෘෂ්ඨිකයාට ආර්ය විනයේ මිත්‍ර දහමක් හෝ පූර්ව භාග ප්‍රතිපදාවක් හෝ ආර්ය ශාසනය ඇසුරෙන් ලබන ලෞකික සම්පතට හේතුවන පින් මාත්‍රයක් හෝ ලබන්න බෑ. ආර්ය උතුමන් මෙබඳු තැන්වලදී උපේක්ෂා වෙනවා. ඒ, දහම් මගින් ඔවුන්ට කළ හැකි කිසිම යහපතක් නැති නිසයි. මිත්‍යා දෘෂ්ඨික මනුෂ්‍ය-අමනුෂ්‍ය, සත්ව, තිරිසන් මෙන්ම බොහෝ සතර අපාගත වුවන් ආදීන් කෙරෙහි දේශනාවෙන් හෝ ආදර්ශයෙන් හෝ සත්‍ය ධර්මයක් දීමට නොහැකි නිසා ඒ තැන්වලදී උපේක්ෂා වෙනවා.
මේ විදිහට සියලූ ලෝක සත්වයෝම සසර ආදීනව දැන වටහා, නිවන් දැක සංසිඳීමට පත්වේවා යන පැතුම සියලූ ලෝ සතුන් කෙරෙහි තබනවා. ඒ මෛත්‍රී සහගත චේතනාවයි. ඒ සමග මෙත් සිතත් වෙනවා. මේ මෙත් පැතිරීම මතු කලෙක හෝ ඔවුන්ට යහපත පිණිස උපනිශ්‍රය වෙන්න පුළුවන්. මේ ආකාරයට මෙත් සිතින් බැලීමේ දී සත්‍ය වූ ක්‍රියා, වචන අනුගමනය කරමින් සුදුසු අය සමග සාකච්ඡා, හැසිරීම් ඇතිව ශාසන මිත්‍ර දහම මගින් පිට නොගොස් වාසය කළ යුතුයි. දහම් සත්‍යය වටහා ගත හැකි නැණවතුන් දුටු තැන දේශනා කිරීම්, හරි මගට නම්මවා ගෙන පිහිටුවීම් ආදිය කරමින් කරුණා දහම පැතිරවිය යුතුය.
කුසල මගක් වඩන්නට ශක්තියක් නැති වුනත් යම් සිව් පසයක් පැහැදීමෙන් පූජා කිරීමේ තරමට සතුටු සිත් ඇති අයට අනුකම්පා පිණිසත්, නියත මිත්‍යා දෘෂ්ඨික නොවුනත්, සැඩ ගති ඇති නිසා මුදු මොලොක් බවින් ඉවසීමෙන් ඒ ගති මැඩ පවත්වා ඔවුන්ටත් යහපතක් පිනක් කරගන්න මට්ටමට දුක් ඉවසා ගෙන කටයුතු කරදීම මුදිතාව (මුදු හිත – හිතේ මෘදු භාවය) මුල්කරගෙන ක්‍රියාත්මක කෙරෙනවා. ශාසනික උතුමන් කෙරෙහි කරන වතාවත් කවදා හෝ නිවන් මගට ඒමට පූර්වභාග ප්‍රතිපදා වැඞීමට හේතු වෙනවා. මේ ආකාරයෙන්වත් කිසිම පින් මාත්රයකටද බැස ගැනීමට බැරි පුද්ගලයන් කෙරෙහි කටයුත්තක් නැති නිසා එබඳු අයගෙන් කුමන ඝට්ටන ආවත් මධ්‍යස්ථ වෙනවා. කවදා හෝ සත්‍යය ඔවුන්ට ද වැටහේවායි ප්‍රාර්ථනා සිතින් නිහඬ වෙනවා. උපේක්ෂා වෙනවා.
කම්මා විපාකෝ වත්තන්තී – විපාකෝ කම්ම සම්භවෝ
තස්මා පුනබ්භවෝ හෝතී – ඒවං ලෝකෝ පවත්තතී
කර්මයෝ විපාකයෝ පහල කරති. විපාකයෝ කර්ම රැස්කරති.
එම නිසා නැවත පහළ කිරීම් වෙති. මේ ආකාරයෙන් ලෝකය පවතී
යයි සිහි කරනවා.
කම්මස්ස කථා මානව සත්ථා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමීතී
(කර්මය කරගෙන සිටින සත්ත්වයා ඒනිසාම යම්කිසි යහපත් හෝ අයහපත් වන්නා වූ කර්මයක් කරන්නේද ඒ කර්ම මුල්කොට, දායාද කොට, උපත කොට, නෑයා කොට, පිළිසරණ කොට එ්වාම දායාද කරගෙන පවතින බව) යනුවෙන් සිහි කරමින් කටයුතු කළ යුතුයි.
නිස්සාර පැවැත්ම මහා වටිනා දෙයක් ලෙස සිතමින් ඇලෙමින්, ගැටෙමින් විපාක ලබමින් සත්වයෝ ලෝක පැවැත්ම ගෙන යන හැටි සිහි කළ යුතුයි. මෙසේ මුලාව නිසා ඇලීමද, ගැටීමද වන ආකාරය දකිනවා. ලෝකයේ නිසරුව වැටහෙන විට අත්හරිනවා, නොඇලෙනවා, මිදෙනවා. මිදුනේ, ඇති තතු සත්යාකාරව විද්‍යානුකූලව දැකීමෙන් නිසා යළි කුමන හේතුවක් නිසාවත් ලෝකය අල්ලාගෙන කරන පැවැත්මට හේතු නැති බව වටහා ගන්නවා. අතීතයේත්, වර්තමා- නයේත්, අනාගත- යේත් යම් මිදීමක් වේ නම් මෙසේ සත්‍යය දැකලම මිසක් වෙනත් ක්‍රමයකට එය සිදුනොවන බව දැන ගන්නවා, භව කෙළවර වටහා ගන්නවා. අත් බව කෙළවර වේද, එයින් පහළ කිරීම් කෙළවර වන බවත්, දුක කෙළවර වන බවත් දකිමින් නිරෝධය ප්රත්යක්ෂ කෙරෙනවා. මේ බුද්ධ විහරණයයි (වාසය කිරීම), ආර්ය විහරණයයි, බ්‍රහ්ම විහරණයයි. අරිය විහාරය කියන්නෙත්, බ්‍රහ්ම විහාරය කියන්නෙත්, තථාගත විහාරය කියන්නෙත්, අනාපාන සති විහාරය කියන්නෙත් මෙයම බව බුද්ධ දේශණයයි.

බුදුන් වහන්සේ දේශනා කොට වදාළ, ආර්ය මෛත්‍රිය හා සම මෙත!
බුදුන් වහන්සේ දේශනා කොට වදාල ආර්ය වූ මෙත්තානුස්සතිය අද වන විට අර්ථ විපරීතයන්ට ලක්වී ඇත, එහිදී ගිහි කල තමාට ජාතව උපන් දරුවා තමා ලඟ දමා, මව ගිය වෙලාවේදීත් ඒ දෙස ඇස ඇරලවත් නොබැලීම ගැන බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට ප්‍රශංසා කරපු අවස්ථාවක් ගැනත් සඳහන් කළා. (බුද්දක නිකාය – 1, 138 පිටුව – සංග්රාමජිත් සූත්‍රය). ඒ වගේම චුන්ද සූකර නම් ඌරු වැද්දා මරණාසන්න මොහොතේදී ඔසුපත් නිරයේ ගති නිමිති පහළවෙලා කෑගහන මොහොතේදීත්, භික්ෂූන් වහන්සේලා ඔහු ගැන අනුකම්පාවෙන් එම ස්ථානයට වැඩම කර ඔහුට බණ පදයක් දේශණා නොකරන්නේ මන්දැයි බුදුන් වහන්සේගෙන් විමසා සිටි විට උන්වහන්සේ දේශනා කළේ,
චුන්ද සූකර ඌරන් මැරීමේ පාපය හේතුවෙන් ඔසුපත් නිරයට යාමට නියමිත බවත්, මම එතැනට ගිහින් බණ දේශණා කළොත් ඔහු මටත් ධර්මයටත් අපහාස කර ඒ පාපයෙන් ඔසුපත් නරකයටත් වඩා දැඩි වූ අටමහ නරකයට යාමට පාර කපා ගන්නා බවත්
ය. මේ නිසා චුන්ද සූකර කෙරේ ඇති අනුකම්පාවෙන්ම තමයි උන්වහන්සේ එදා එතැනට නොවැඩියේ කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා. නමුත් මේ වගේ කාරණාවන් අද සමාජයේ සිද්ධ වුනොත් මිනිස්සු මොන තරම් වෙනස් විදියකට ද හිතන්නේ කියා කල්පනා කරල බලන්න. හැබැයි බුදුන් වහන්සේ එදා තුන්කල් නුවණින් යමක් දැක්ක නිසයි ඒ විදියට ප්‍රකාශ කළේත්, ක්‍රියා කළේත්.
ඒ වගේම එදා බුදු රජාණන් වහන්සේට මස් මාංශ, දානය ලෙස පූජා කරපු අවස්ථාත් උන්වහන්සේ ඒවා වලඳපු අවස්ථාත් පෙළ දහම් පොත්වල කොතෙකුත් සඳහන් වෙනවා. නමුත් එදා උන්වහන්සේ වැලඳුවේ වැටීගිය හෙවත් පාංශුකූල හෙවත් පවත්ත මාංශය මිස අද වගේ අසාධාරණ ලෙස සතුන් කපා කොටා මරා සකස් කරගත් මාංශය නොවන බවත් පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ කාරණය නොදන්නා ඇතැම් උදවිය
චුන්ද කර්මකාරක පුත්‍රයා දී ඇත්තේ හතු වර්ගයක්! මෙත් සිත වඩමින් ලෝක සත්වයාට කරුණාවන්ත වූ බුදුන් වහන්සේ මස් මාංශ අනුභව කළයි කියන එක වෙන්න පුළුවන්ද? අපි නම් මලකුණු කනව තියා කට හරියෙවත් තියන්නෙ නෑ
කියා මේ ආදී වශයෙන් විවිධ මත ප්‍රකාශ කරනවා. මස් මාංශ ජරාව කියා පිලිකුල් කර අප්‍රිය ගතිය පෙන්වනවා. මතක් කළොත් මුහුණත් ඇද වෙනවා. නමුත් බුදුන් වහන්සේ මස් මාංශ ප්‍රනීත ආහාර කොටසට වැටෙන බවත් දේශනා කර සප්ත ප්රනීතවලට ඇතුලත් කරල තියෙනවා. හැබැයි ඒ කලින් කිව්වා වගේ පවත්ත මාංශය මිස අසාධාරණ ලෙස ගොඩනැගූ මසක් ගැන නෙවෙයි මේ කියන්නේ. අසාධාරණයෙන් ගොඩනැගූ පවත්ත නොවන මස් මාංශයෙන් දන්දීමට හෝ ඒවා වැලඳීමට බුදුන් වහන්සේ කිසිවිටකත් අනුදැන වදාලේ නෑ. මේ නිසා හිතුමතේ අදහස් ප්‍රකාශ කරන්න යෑම භයානක බවත් තේරුම් ගන්න.
මව තමාගේ එකම පුතා දිවිමෙන් රැුක ගනිමින් මෙත් වඩන්නා සේ සියලූ සත්වයාට මෙත් වැඩිය යුතු බවට කළ දේශනාව අර්ථ වැටහේ නම් තේරුම් ගන්න පුළුවන්. ඊට පෙර බුදුන් වහන්සේගේ මෙත් සිත කෙබඳුදැයි පැහැදිලි කරගනිමු.
සං:නි(1), 226 පිටුව – මාර ධීතු සූත්‍රය -
මම ප්‍රිය ස්වරූප ඇති මධුර ස්වරූප ඇති ක්ලේශ සේනාව දිනා හුදකලාව ධ්‍යාන කරමින් අභිමථාර්ථයාගේ පැමිණීම වූද හෘද ශාන්තිය වූද රහත්ඵල සුවය අවබෝධ කළෙමි. එබැවින් මහජනයා සමග මිත්‍රත්වය නොකරමි. කිසිවකු හා මාගේ මිත්‍රත්වයක් ද නොසැපයේ. මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතර කරත්. නුවණැතියන් ධර්මයෙන් එතර කරන කල්හි කවර ඊර්ෂ්‍යාවක්ද?
මේ තමයි තණ්හා මාරදුවගේ ප්‍රශ්ණයට බුදුන් වහන්සේ දුන් පිළිතුර.
සං:නි.(1) 369 පිටුව – සක්ක සූත්‍රය – සක්ක යක්ෂයා – අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමක් වේද, සියලූ තැන්හි ප්‍රහීනවූ කෙලෙස් ගැට ඇති වෙසෙසින් මිදුනාවූ තොපට එය නොමැනවි.
බුදුන් වහන්සේ : එම්භා සක්ක, යම්කිසි කාරණයකින් සංවාස හෙවත් මිත්‍ර ධර්මය හටගනීද සුප්රාඥතෙමේ එයට සිතින් අනුකම්පා කරන්ට නොනිසියි. එහෙත් පහන් සිතින් අනුන්ට අනුශාසනා කරයි යන යමක් වේද එයින් බැඳීමක් නොවේ. එයම අනුකම්පාවයි. එයම කරුණාවයි.
මේ පෙන්වූ පෙල දහම අනුව බුද්ධ ශ්‍රී මුඛ දේශනාව ලෙස පෙන්වා ඇති ශාසනයේ අනුකම්පාවද කරුණාවද තේරුම්ගත යුතුයි.
“නිරෝගී වෙත්වා” කියා හිතන පතන විට කය නිරෝගී බවට මොහොතක් හෝ ප්‍රතිඥා කිරීම මෝඩ වැඩක් බවත් කළ යුත්ත නම් සිත නිරෝගී කිරීම බවත්, එ් සඳහා පංචස්කන්ධය පිළිබඳව තතු දැන ඇල්ම අත්හල යුතු බවත්, එවිට දුක් දොම්නස් උපායාස ආදී සියල්ල අත්හැරෙන බවත්, සං:නි (3) 3 පිටුවේ එන නකුලපිතු සූත්‍රයේ විස්තර කර තියෙනවා. මේ අනුව නිවන් දැකීමෙන් ලැබෙන හිත, පිරිසිදු බව, නිරෝගීකම, නිදුක් බව ලෙස බුද්ධ ශාසනයේ පෙන්වා ඇති අයුරු තේරුම් ගත යුතුයි.
දැන් මේ කරුණු අනුව ඒ ඒ තැන ඇලීම් බැඳීම් ඇතිකර ගනිමින් මිනිසුන් අතර පවතින මිත්‍රබව බුද්ධ දේශිත මිත්‍රබව නොවන බවත්, නිදුක් වීමට පැතීම මිනිසුන් විසින් දුක යැයි සම්මත කරගත් දුක නැතිව සැප සේ වාසය කරන්නට හිතීමට රුකුල් දෙන අදහසක් නොව සංසාර දුක නැතිවී නිවන් ලැබීමෙන් ලැබෙන නිදුක් බව ලෝකයාට ලැබෙන ලෙස පැතීම බවත්, නිරෝගී වෙත්වා කියන්නේ කොත්තමල්ලි ටිකක්වත් නොබී නිරෝගීව ඉන්න ලැබේවා කියන අදහස නොව, මේ මුළු සංසාරයම රෝගයක් සේ සලකා එ් භව රෝගය සංසිඳුවන නිවන නිරෝගය සේ සලකා එ් පැතුම සැමට ලැබේවා කියා සිතීම බවත් මනා සේ පැහැදිලි වෙනවා.
පෙළ දහමින් තවත් කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ඛු.නි. පටි:මග:ප්රකරණ 227 පිටුවේ විදර්ශනා කතා නම් කොටස බලන්න. එහි අදහස මෙසේය.
සංස්කාරයෝ දුක් සේ සිතා නිවන නිදුක් සේ සිතා, සියලූ සත්වයන් කෙරෙහි සංසාර දුකින් මිදී නිර්වාණ නිදුක ලැබෙන්නට පැතීම නියම ක්‍රමයයි. තමාට සංස්කාර, දුක් සේ වැටහේ නම් එය අනුලෝම ක්ෂාන්තිය ලබාදෙන බවත්, නිවන නිදුක් සේ වැටහේනම් එය සම්යක්ත්ව නියාමයට පමුණුවන බවත් පැහැදිලිව සඳහන් වෙනවා. නිරෝගය පැතීම නම්, සංසාරය රෝගයක් ලෙසද නිවන නිරෝගයක් ලෙසද අදහස් ගෙන පැතීමයි. සියලූ සත්වයනට සංසාර රෝගයෙන් මිදී නිවන නැමති නිරෝගය වේවායි ආසිරි පැතීමෙන් තමාට සංසාරය රෝගයක් සේ ආදීනව වැටහෙනවා, අනුලෝම ක්ෂාන්තිය ලැබෙනවා, නිවන නිරෝගය සේ ආනිසංස වැටහෙනවා, සම්යක්ත්ව නියාමයට පත්වීමට හේතු වෙනවා.
සුවපත් බව පැතීම නම්, සංසාරය විපත් සේ දැක නිවන සුවපත් සේ තේරුම් ගෙන පැතීමයි. සුවපත් වෙත්වා කියා ලෝකයාට ආසිරි පතන විට සංසාර විපතින් මිදී නිවන් සුවයෙන් සුවපත් වේවා යන අදහස ඇතිකරගත යුතුයි. සංසාරය විපත් ලෙස දකින විට අනුලෝම ක්ෂාන්තිය ලැබෙන බවත්, නිවන සුවපත් සේ දකින විට සම්යක්ත්ව නියාමයට පත්වන බවත්, බුදුන් වහන්සේ දේශනාකර තියෙනවා.
මෙසේ විදර්ශනා කතාවන්හි, පංචස්කන්ධයේ ආදීනව හතලිස් අයුරකින් පෙන්වා ආදීනව දැකීම නිසා අනුලෝම ක්ෂාන්තිය ලැබෙන බවත්, ඒවායින් මිදීමේ ආනිසංස ලෙස නිවන සිහිකිරීම සම්යක්ත්ව නියාමයට හෙවත් මාර්ගඵලයන්ට පමුණුවන බවත්, පෙන්වා තියෙනවා. මෙසේ ආර්ය සාසනයේ මෙත් වැඞීම වටහා ගෙන කටයුතු කළොත් අද පවතින දෘෂ්ඨිය නිසා ලබන්නට බැරිව වැසී ඇති නිවන් මග විවෘත වී උතුම් නිවන් සාක්ෂාත් කිරීමට හැකිවනු ඇත.
මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනු රක්ඛේ
යන්නෙහි නියම සාසනික අර්ථය කුමක්ද කියා දැන් නුවණින් සිතා බලන්න. එය හොඳින් වටහා ගැනීම සඳහා පහත විස්තරයද අධ්‍යයනය කරන්න.
අංගුලිමාල මහ රහතන්වහන්සේ එක් අවස්ථාවක පිණ්ඩපාත වඩින වෙලාවක දරුවෙක් බිහි කිරීමට අමාරු වූ එක් ගැබිනි කාන්තාවක් වේදනාවෙන් කෑගසන අයුරු අසා බුදුන් වහන්සේ ළඟට ගොස් ඒ ගැබිනියගේ අඳෝනාව සංවේග දනවන සුළුබව කියා සිටියා. එවිට බුදුන්වහන්සේ, ඔබ ගොස් මෙසේ සෙත් කරන්නැයි පිරිතක් දේශනා කළා.
උපන් දා පටන් මම සත්ව හිංසාවක් නොකළෙමි. ප්‍රාණඝාතයක් නොකළෙමි. ඒ සත්‍ය බලයෙන් ගැබට සෙත් වේවා, දරුවාට සෙත් වේවා
යන්න ඒ පිරිතයි. එවිට අංගුලිමාල තෙරුවන් වහන්සේ පුදුමයට පත්ව
ස්වාමිණී මිනිසුන් 999 ක් මරා මවද මරන්නට තැත් කළ මා කෙසේ නම් එසේ කියා සෙත් කරන්නදැයි
ඇසුවා. එවිට බුදුන් වහන්සේ, ඒ ඔබේ ගිහිකළ කතාවක් බවත්, දැන් ඔබ ඉපිද ඇත්තේ ආර්ය ජාතියෙහි ආර්ය විනයෙහි බවත්, එතැන් සිට ඔබ එබඳු සත්ව හිංසාවක් හෝ ප්‍රාණඝාතයක් හෝ නොකළ බවත් දේශනා කළා.
භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව් පිරිස ආර්ය ජාතියෙහි ආර්ය විනයෙහි උපන් පිරිසකි. මේ මෙත් කර්මස්ථානය ආර්ය ජාතියෙහි ආර්ය විනයෙහි උපන් සිව් පිරිසට ලැබුණු ධර්ම දායාදයකි. මේ සිව් පිරිසට මවත්, පියාත්, සාස්තෘවරයාත්, රජ්ජුරුවොත් බුදුරජාණන් වහන්සේමය. අමා මෑණියන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, සාස්තෘන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ යනුවෙන් බොදුනුවන් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ ඒ නිසයි. මෙය නීතාර්ථ, නෙයියාර්ථ යන සූත්‍ර දේශනා ක්‍රමය අනුව තෝරාගත යුතුයි. (නීතාර්ථ යනු එළිපිටට පේන්න තිබෙන අදහසයි. නෙයියාර්ථ යනු සැඟවුණු අදහසයි. උදා: “ගමන අවසන් කරන කල් නවතින්න එපා.” කියා කිව්වොත් එහි නීතාර්ථය නම් යම් ලෝක සම්මත ස්ථානයක සිට තවත් ස්ථානයකට යන අතරතුර නොනැවතී යන්න කියන එකයි. නමුත් මෙහි නෙයියාර්ථය නම් සංසාර ගමන අවසන් කරන කල් නවතින්න එපා කියන එකයි.)
රහත්ඵලය ලැබූ උතුමන්ට, බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ “මාගේ පුත්‍රයා” යන ප්‍රිය වදනින් ය. සම්මත සංඝත්වයේදී පූර්ණ වූ නොකඩ වූ රහතන් වහන්සේට අනුකූල පිළිවෙත් ඇති උතුමන්ද පුත්‍ර නාමය ලබන්නට සුදුස්සෝය. ශෛක්ෂ ගුණ ඇති අය (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී) දරුවන් නමින් හඳුන්වනවා. ඒ බොදුනු දරුවෝයි. බුදුන් වහන්සේ යමෙකුගේ මාර්ග පිළිවෙත කෙරෙහි සෑහීමකට තෘප්තියකට පත්වන්නේ රහත්ඵලය අවබෝධ කළ විටයි. එතෙක් අවවාද අනුශාසනා කරනවා, වරද දුටුතැන පෙන්වා දෙනවා. දහම් කිරි දෙමින් පෝෂණය කරනවා. බුදු මෑණියන්ගේ එකම පුතා සංඝ නම් වෙනවා. සංඝත්වයේ දී භේද නෑ. ඒකීයයි. ගංගා හතරක ජලය මුහුදට එක් වූ විට එහි ආකාරයන් හැර දමා එකම මුහුදු ජලය වන්නා සේ රහත් ඵලය ලබා සංඝත්වය පූර්ණ කළ විට “පුත්‍රයෝ” කියා කියන්න බෑ. ඒකීය වූ නිසා “මාගේ පුත්‍රයා” නමින් හඳුන්වනවා. අමා මෑණියන් වහන්සේ තම දිවි මෙන් මේ එකම පුතා හෙවත් සංඝත්වය කරා පිහිටුවීමට යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන්නේද, ඒ පුත්රභාවය සැනසුමයි දැන ඒ සඳහා ලෝ සතුන් පෝෂණය කරන්නේද, ඒ ආකාරයෙන් යමෙක් උත්සාහ කරත්නම් ඒ බ්‍රහ්ම විහරනයයි. තව ලෙසකින් කියනවානම් තථාගත විහරනයයි. තවත් ලෙසකින් කියනවානම් අරිය විහරනයයි. හෙවත් ආනාපානා සති විහරනයයි. මේ විහරනය යමෙක් අනුගමනය කරත්නම් තමාද නිවන් දකී, ලෝකයාටද නිවනට හේතු වේ. (අං:නි:5, 61 පිටුව, සීහ සේනාධිපති සූත්‍රය – සීහය, මම වනාහි චාතූර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාශක වූයේ, එම ආශ්වාසය පිණිස දහම් දෙසමි. එයින් සව්වනුදු හික්මවමි.)
මීලඟට සම මෙත කියන්නේ මොකක්ද කියා විමසා බැලිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දුප්පත්, පොහොසත්, ලොකු, කුඩා, නුවණ ඇති, නුවණ නැති, මිනිස්, තිරිසන් … ආදී ලෙස භේදයක් නැතිව කාටත් සමානව මෙත් පතුරුවතියි යනු අද ඇති මතයකි. මෙය සත්‍ය ද නැතිනම් දෘෂ්ඨියක් ද? පෙළ දහමේ එන දේශනාවලින් මෙය වටහාගන්න පුළුවන්.
සං:නි:(4), 571 පිටුව, ඛෙත්තූපම සූත්‍රය මෙම සූත්‍රයේ කෙටි අදහස මෙසේය.
එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන කලක නිඝන්ඨනාථපුත්තගේ සව්වෙකු වන අසිබන්දකපුත්තගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසව හිඳ මෙසේ ඇසීය.
භාග්‍යවතුන් වහන්සේ සියලූ සතුන් කෙරෙහි හිතානුකම්පාව ඇතිව වාසය කරන්නේ නොවේද?
ගාමිණිය එසේ යැයි උන්වහන්සේ පිළිතුරු දුනි. එවිට අසිබන්දකපුත්තගාමිණී අසනවා
එසේනම් භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් ඇතමුන්ට සකසා දහම් දෙසන සේක් ද? ඇතමුන්ට සකසා දහම් නොදෙසන සේක් ද
කියා. එවිට බුදුන්වහන්සේ
එසේ වීනම් තොප පුළුවුස්නෙමි, තොපට වැටහේනම් එසේ විසඳන්න.
යනුවෙන් පහත ආකාරයට දේශනා කළා.
ගොවියෙකුට කුඹුරු තුනක් ඇතැයි සිතන්න. ඉන් එක් කුඹුරක් ඉතා සරුවට වැඬේ. වල්පැළද හට නොගනී. වපුරන බීජ සරු සාර අස්වැන්නක් ලබා දේ. දෙවැනි කුඹුරද සරුවට වැඬේ. නමුත් වල්පැළ සඳහා සාත්තු නොකලොත් වල්පැල වැඬේ. අස්වැන්න බාලවේ. තුන්වෙනි කුඹුර නිසරුය. සාත්තු කරමින් මහන්සි වුවහොත් සුළු අස්වැන්නක් ලැබේ.
මානවකය, ඉඳින් දක්ෂ ගොවියා පළමුව වැඩ කරන්නේ කුමන කුඹුරද? ස්වාමීනී පළමුව සඳහන් කළ වල්පැල නොවැඩෙන සරුසාර අස්වැන්නක් ලබා දෙන කුඹුරයි යනුවෙන් ඔහු උත්තර දුන්නා. මානවකය, ඉන්පසු දෙවනුව වගා කරන්නේ කුමන කුඹුරද? ස්වාමීනී, වල්පැල මර්ධනය කොට අස්වැන්න ගත හැකි දෙවන කුඹුරයි යන්න පිළිතුර වුනා. මානවකය, තවත් කාලවේලා ඇත්නම් වැඩ කරන්නේ කීවෙනි කුඹුරද? ස්වාමීනී, නිසරු වූ එහෙත් බොහෝ මහන්සි වී සාත්තු කර සුළු අස්වැන්නක් ගත හැකි තුන්වන කුඹුරයි.
මානවකය, දක්ෂ ගොවියා එසේ කරන්නේ කුඹුරු සමග අමනාපයකටද? නැත ස්වාමීනී, එබඳු අමනාපයක් කුඹුරු සමඟ ගොවියාට නැත. මානවකය, ගොවියා මේ කුඹුරු තුනම සමානව වැපුරුවොත් සාත්තු කළොත් එය සමද විසමද? ස්වාමිනී විසමයි. දක්ෂ ගොවියා විසම වැඩ නොකරයි.
මානවකය, මමද, ඒ ගොවියා මෙනි. මා හටද කුඹුරු තුනක් ඇත. මාගේ සරුසාරවූ වල්පැල නොවැඩෙන උසස් අස්වැන්න ලැබෙන කුඹුර නම් මේ භික්ෂු භික්ෂුණී දෙපිරිසයි. මාගේ දෙවැනි කුඹුර නම් උපාසක උපාසිකාවෝ යි. දුසිරිත්වලට ප්‍රතිකර්ම කරමින් දහම් බීජ වපුරා පෝෂණය කළ විට මගඵල අස්වැන්න ලබයි. මාගේ තුන්වැනි කුඹුර නම් අන්‍ය වූ පරිබ්‍රාජක පිරිස්ය. දුසිරිත් වැලැක්වීමට ලැබුණු විටක උපදෙස් දෙමින් දහම් බීජ වපුරා පෝෂණය කරමි. එයින් ඉතා සුළු අස්වැන්නක් ලැබේ.
මේ තුන් පිරිස් සමඟ මාගේ අමනාපයක් ද නැත. ඉදින් මම මේ තුන් පිරිසට සමව දේශණා කළොත්, දහම් පෝෂණය කළොත්, ඒ මග සමද විසමද? ස්වාමීනී එසේ සමව දේශණා කළොත්, දහම් පෝෂණය කළොත් විසම වේමය. සම නොවේ.
එහිදී උන්වහන්සේ තවත් උපමාවක් පෙන්නුවා.
ගාමිණී, යම් සේ පුරුෂයෙකුට දිය බඳුන් තුනක් වේ යැයි සිතන්න. එක් දිය බඳුනක් සිදුරු රහිතය, දිය නොවැගිරෙන්නේය, නොසිඳෙන්නේය. තවත් බඳුනක් සිදුරු රහිතය, දිය වෑස්සෙන්නේය. අනෙක් බඳුන සිදුරු සහිතය, දිය වෑස්සෙන්නේය, සිඳෙන්නේය. ඉතින් ඒ පුරුෂ තෙමේ දිය බහාලනු කැමැත්තේ, දිය බහාලන්නේ නම්, පළමුව බහාලන්නේ කුමන බඳුනේද? ස්වාමීනී, පළමුවෙනි බඳුනේය. තවත් අවශ්‍යනම් කුමන බඳුනේද? ස්වාමීනී, දෙවන බඳුනේය. තවත් දිය ඉතිරි නම් කුමන බඳුනේද? ස්වාමීනී, තුන්වන බඳුනේ හැකි පැත්තකය, යටත් පිරිසෙයින් යමක් සෝදා ගන්නවත් හැකි වෙතැයි කියාය. ගාමිණිය, ඒ මිනිසා බඳුන් සමග අමනාපද? නැත ස්වාමීනී. ගාමිණිය, සියල්ලටම සමානව දිය දැම්මොත් සමද විසමද? විසමයි ස්වාමීනී.
මෙසේ බුදුපියාණන් වහන්සේ ඔහු දැනුවත් කළ පසු
ස්වාමීණී, අද පටන් මා තෙරුවන් සරණ ගිය උපාසකයකු සේ දරාගන්නා සේක්වැයි

ලෝකෝත්තර ආර්ය මෛත්‍රී භාවනාව
භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්වකීය අසහාය ඤාණය තුළින් අවබෝධ කොට ගත්තා වූ උතුම්වූ නිර්වාණය සහ ඒ දක්වා වන ශ්‍රේෂ්ඨ ගමන් මග, අනෙක් ලෝසතුන් වෙතද ලබාදීමට කටයුතු කිරීම මහත්වූ උතුම් ක්‍රියාවක් සේ සැළකූහ. අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන ත්රිලක්ෂණය තුළින් සත්‍ය නිවීම දුටු උතුම් ආර්යයෝ තමන් ලත් එම නිවීම සියලු ලෝසතුනටද වේවායි ඔවුන් කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් යුතුව පතති. බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ විවේක නිශ්රිත, විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත, වොස්සග්ග පරිණාමී මහත්ඵල මහානිසංස ලෝකෝත්තර ආර්ය මෛත්‍රී භාවනාව එයයි.
එය, “සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....” යි පද වැලකින් පමණක් ප්‍රකාශ කෙරෙන ලෞකික මිත්‍රත්වය අභිබවා ගිය පැතුමකි. සසර දිගු කිරීමට හේතු වන සංඝනිකා දෝෂ සහිත ලෞකික මෛත්රියෙහිත් නිවනට උපනිශ්‍රය වන ලෝකෝත්තර ආර්ය මෛත්රියෙහිත් ඇති වෙනස මනාසේ අවබෝධකොට ගෙන, නිවැරදි හා සාර්ථක ක්‍රමයට අනුකූලව මෛත්‍රිය විහිදුවා පතුරුවා, උතුම්වූ නිවන කරා ගමන් කිරීමට පහත විග්රහයන් සහ භාවනා කර්මස්ථාන ඔබට මනා පිටිවහලක් වනු ඇත.
“අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් අප්‍රමාණ වූ ධර්මස්කන්ධයෙන්, සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාළා වූ සුඅසු දහසක් ධර්මස්කන්ධය අතරේ මේවන විට අර්ථ විපරීතව සැඟව ගිය දහම් කොටස් බොහෝ වන අතර, මෛත්‍රී භාවනාවද ඒ අතර වූ ඉතා සුවිශේෂී වැදගත්කමක් ඇති දහම් කොටසකි.
බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෛත්‍රී භාවනම් උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට දේශනා කළ නොහැක යන්න බුද්ධ දේශනාවයි (සං.නි.5(1)- 218 පිටුව – භලිද්දවසන සූත්‍රය හෙවත් මෙත්ත සුත්‍රය). එකී මෛත්‍රී භාවනාව නම් මෙලොව පරලොව අභිවෘද්ධිය සලසමින් උත්තරීතර වූ ලෝකොත්තර ධ්‍යාන මගඵල ලබා අරිහත්වයෙන් කෙළවර වීමට මග සලසන්නකි. එහෙත් එවන් මහා වටිනාකමක් ඇති ආර්ය වූ මෛත්‍රී භාවනාව අද වන විට විද්‍යාමානව පවතීද යන්න සැක සහිතය. මන්ද එසේ විද්‍යාමනව පැවතුනා නම් අදත් ඒ උත්තරීතර වූ ධ්‍යාන මගඵල නොඅඩුව ලැබිය යුතුය.”

ආනාපානසති කර්මස්ථානය.......
ආනාපානසති කර්මස්ථානය හෙවත් රාග, ද්වේශ, මෝහ ක්ෂය කිරීම තුළින් නිවනට පත්වීම
ආනාපානසති කර්මස්ථානය අද බොහෝ කොටම වඩනවා. එහෙත් මෙහි ප්‍රතිඵල කොතෙක් දුරට ලබල තියෙනවද? මේ කර්මස්ථානය කායානුපස්සනාවට අයිතියි. යම් කෙනෙක් සතර සතිපට්ඨානයට අයිති කර්මස්ථානයක් වඩනවා නම් එය ආර්ය මාර්ගයට අයිතියි. එසේ නම් නිවන් දැකීමට තවත් දෙයක් කළ යුතු වන්නෙ නෑ. භාවනාව මූලික වශයෙන්ම හිත සම්බන්ධ කටයුත්තක්. බොහෝ අය භාවනා කරන්න ගිහින් මානසික ආබාධ ආදිය ඇතිකරගෙන තියෙන්නේ හරියාකාරව භාවනාව තේරුම් ගෙන නැති නිසයි. අද ආනාපානසති කර්මස්ථානය වඩන විවිධ ක්‍රම තියෙනවා. නාසයෙන් පිටවන හුස්ම රැල්ල මුල්කරගෙන ආශ්වාස ප්රාස්වාස වාතය සිහිකරමින් කරන එක් භාවනා ක්‍රමයක් තියෙනවා. එසේම ඒ ආශ්වාස ප්රාස්වාස වාතය මුල්කරගෙන උදරයේ පිම්බීම සහ හැකිලීම අනුව කරන තවත් භාවනාවක් තියෙනවා. මේ භාවනාව විවේචනය කිරීමක් නෙමෙයි. ඒවා තුළින් භාවනාව වඩන ක්‍රමයකුත් තියෙනවා.
මූලික දහම් වැටහිලා පූර්ව භාග නුවණ පහළ වුනාම කොතනකවත් හිත තියන්න දෙයක් නෑ. කාලයක් තිස්සේ මේ හුස්ම රැල්ලට හෝ පිම්බීම හැකිලීමට හිත තියාගෙන භාවනා කරන විට එයින් ලැබෙන ප්‍රතිඵලය තුළින් රාග, ද්වේශ, මෝහ ක්ෂය වෙනවද කියල කවුරුන් හෝ කල්පනා කරල තියෙනවද? මේ පිළිබඳව තම තමන්ම පරීක්ෂණයක් කරල බලන්න ඕන. එළියක් වගේ දෙයක් දැක්කට හෝ කය සැහැල්ලූ වුනා වගේ දැනුනට හෝ ඒ භාවනාව තමන්ට වැඩිල කියල හිතන් හිටියට හෝ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල දකින්න බෑ. ඒ භාවනාව තුළින් ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබුනද කියල බැලීමට කළ යුතු පරීක්ෂණය කුමක්ද? ඇලීමට හේතු වන්නා වූ යම් කිසි රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආදියක් එන විට ඇලීමේ අඩුවක් වෙලා තියෙනවද, මිදීමක් වෙලාතියෙනවද, මමය, මාගේය කියල ප්‍රිය කරපු දෙයකට පහර වදින විට ගැටීමේ මානසිකත්වයක් නැගෙන්නේ කොහොමද කියා බැලිය යුතුයි. මේ හුස්ම රැල්ලට හිත තියාගෙන මුලින්ම සිත එක්තැන් කරන්න පුරුදු කරගන්න කියලයි මේ භාවනාව පුහුණු කරවන්නේ. එහෙත් බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය සිත පිරිසිදු කරන්න දුන් මගක් මිස සිත එක්තැන් කරන්න දුන් මගක් නොවෙයි. පිරිසිදු කරගත් සිත කොහොමත් එක්තැන් වෙනවා. එක්තැන් වුනා කියන්නේ අවශ්‍ය දෙයට අනුකූල වුනා කියන එකයි. යහපත් වූ ගුණයෙන් ධර්මයට නැඹුරු වුනාම සිත විසිරෙන්නෙ නෑ. ඇලීම, ගැටීම, මුලාව දුරුවීම නිසා කම්පාවක් නෑ. සිත අකම්ප්‍යයි. ප්‍රඥාව තුළින් මේ ටික සිදු වුණා නම් එතැන සමාධියයි ප්රඥාවයි දෙකම තියෙනවා. බුදු දහම තුළ භාවනාවක් වැඩිය යුත්තේ මේ කරුණු දෙකම සම්පූර්ණ වන ලෙසයි.
සෑම ආර්ය භාවනාවක් තුළම විවේක නිශ්රිත, විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත, වොස්සග්ග පරිනාමී යන කරුණු අඩංගු විය යුතුයි. මේ කරුණු හතරෙන් තොර භාවනාවක් ආර්ය භාවනාවක් වෙන්නෙ නෑ. මේ කරුණු සම්පූර්ණ වීමට නම් මේ ලෝකයේ අභ්‍යන්තර වේවා, බාහිර වේවා අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වස්තු හැර තවත් දෙයක් නෑ, අසාර වූ මෙවැනි දේවල් තුළ කුමකට හිත බඳින්නද කියා නිවන මුල්කරගෙන හිත පිහිටුවා ගන්න ඕන.
‘‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’’ කිව්වෙ ඒකයි. එසේනම් නිවනට හිත පිහිටුවාගෙන ආනාපාන සතිය වඩන්නේ කෙසේදැයි බැලිය යුතුයි. අසාර වූ ලෝකය තුළ මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන දේවල් පසුපස ගිහින් මට වැඩක් නෑ, අසාරත්වය නම් ලෝකයයි, සාරත්වය නම් නිවනයි කියල දකින්න ඕන. මේ පූර්ව භාග නුවණ පහළ වූ තැනැත්තාට ආනාපානසති භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන්.
එසේනම් ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියල මුලින්ම දැනගන්න ඕන. ආනා පාන යන වචනවලට අද සම්මතයේ තියෙන්නේ ආශ්වාස ප්රාශ්වාස කියලයි. එහෙත් මෙහි ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. කෙනෙක් ධර්මාවබෝධය ලැබුවම අරගන්න දෙයක් තියෙනවා, පහ කරන දෙයක් තියෙනවා කියල දකිනවා. බුදුන්වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන්වහන්සේලාට දේශනා කරනවා වස් තුන් මාසයක් තුළ දානය ගෙනෙන භික්ෂුව හැර වෙනත් කෙනෙක් මා හමුවීමට නොපැමිණිය යුතුයි කියලා. මේ වස් කාලය තුළ සමවත් සුවයෙන් ගත කළ උන්වහන්සේ වස් අවසානයේ භික්ෂූන්ට දේශනා කරනවා
මහණෙනි, මේ වස් තුන් මාසය තුළ භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් ගත කළාද කියා අන්‍ය පරිභ්රාජකයින් ඇසුවොත්, ආනාපාන සති විහරණයෙන් බහුලව වාසය කළේ යැයි කියන්න. ඒ ආනාපාන සති විහරණය කුමක්දැයි ඇසුවොත් එයට අරිය විහාරය කියාත්, බ්‍රහ්ම විහාරය කියාත්, තතාගත විහාරය කියාත් කියන බව කියන්න.
මෙහිදී ආනාපානසති යන්නට තවත් විශේෂ වචන තුනක් උන්වහන්සේ දේශනා කරල තියෙනවා. බ්‍රහ්ම විහාරය කිව්වේ කුමකට ද යන්න කරණීය මත්ථ සූත්‍රය අවසානයේ දක්වා තියෙන
බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහූ
යන පාඨයෙනුත් බලන්න පුළුවන්. මේ අනුව බුදුන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය කරණීය මත්ථ සූත්රයෙත් සඳහන් වෙලා තියෙනවා.
එසේම අංගුත්තර නිකායේ එන සීහ සූත්‍රයේදී බුදුන් වහන්සේ සීහ සේනාධිපතිට දේශනා කරනවා
යමෙක් මට ආශ්වාසවාදී කියයි නම් කරුණු සහිතව කියන්නේ, භවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාසිත වූයේ එම උත්තම ආශ්වාසය සඳහා දහම් දෙසන්නේය. එයින් සව්වන්ද හික්මවන්නේය.
මෙහි චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසය කියන විට ආශ්වාස කරන වාතයක් ගැන කියල නෑ. එසේනම් මෙයින් කියවෙන්නේ කුමක්දැයි විග්රහ කර බැලිය යුතුයි. අස්වැසිල්ලටත් ආශ්වාස කියනවා. කෙනෙකුට ලෝකයෙන් අස්වැසිල්ලක් ලබන්න පුළුවන්ද? අස්වැසිල්ලක් ලැබෙන්නේ ලෝකයෙන් මිදෙන පැත්ත හෙවත් නිවන වැඩුණු දාටයි. එසේනම් මෙහි ආශ්වාසය කුමක්ද? නිවන ආශ්වාස කළ යුතුයි යන්න පැහැදිලිව පේනවා. ‘‘ඒ චාතුර් මාර්ගඵල සංඛ්‍යා උත්තම ආශ්වාසය සඳහා දහම් දෙසන සේක’’ යනුවෙන් දක්වා තියෙන්නේ නිවන් අවබෝධය සඳහා සද්ධර්මය දේශනා කරන බවයි.
‘‘හන්දාමයං ආනන්ද, සබ්බේ සංඛාරා අනස්සාසිකා’’ ආනන්ද මේ සියලූ සංස්කාරයෝ ආශ්වාස කරන්න වටින ඒව නොවෙයි. මෙහි ආශ්වාසය වායුවක් ලෙස සඳහන් කරල නෑ.
අංගු. නි (1) 336 පිටුවේ එන කාලාම සූත්‍රය අවසානයේ පෙන්වනවා ‘‘චත්තාරෝ අස්සසාසෝ අධිගහෝති’’ මෙහි සඳහන් ආශ්වාස හතර මොනවාද? වෛර පහක්, බිය පහක් දුරු කළ (පංච දුෂ්චරිතයෙන් වෙන් වූ) ආර්ය ශ්රාවකයා ඉහාත්මයේදී (ජීවත්ව සිටින කාලයේදී) ආශ්වාස හතරක් ලබනවා. මේ ආශ්වාස හතර මොනවාද? ධර්මානුකූලව කරුණු අවබෝධ කරගෙන පංච දුෂ්චරිතයෙන් වෙන් වූ ආර්ය ශ්රාවකයා පරලොවක් තියෙනවා කියන බයට පව් නොකර ඉන්නවා නොවෙයි. වරද වරද හැටියට දැක්ක නිසයි ඔහු පව් නොකරන්නේ. මේ ආකාරයෙන් ඔහු පළමු ආශ්වාසය ලබනවා. එසේම පරලොවක් නෑ, පින් පව්වලට විපාක නෑ කියල කිව්වට ආර්ය පුද්ගලයා පරලොවක් නැති නිසාවත්, පිං පව්වලට විපාක නැති නිසාවත් පව් නොකර ඉන්නවා නොවෙයි. යමක් වැරදි බව යථාර්ථවත්ව දැකලයි පව් නොකරන්නේ. මෙසේ දෙවනි ආශ්වාසය ලබනවා. පව් කරන තැනැත්තාටයි පව් සිදුවෙන්නෙ කියල තවත් කෙනෙක් කියනවා. මේ නිසා පව් නොකරනවා නොවෙයි කියලා ආර්ය ශ්රාවකයා තුන්වැනි ආශ්වාසයත් ලබනවා. පිං පව්වල ප්‍රශ්නයක් නෑ, සසර ගමන මේ ආකාරයෙන් සිදුවෙනවා කියල තව කෙනෙක් කිව්වට නොවෙයි අවබෝධයෙන්ම ආර්ය ශ්රාවකයා සැනසුමෙන් ජීවත් වෙනවා. මේ ඔහු ලබන හතරවෙනි ආශ්වාසයයි.
ආස්සාස සූත්‍රය හා පරමස්සාස සූත්‍රය (සං:නි:4, 478 පිටුව) කියල සූත්‍ර දේශනා දෙකක් ත්‍රිපිටකයේ තියෙනවා. ස්පර්ශ ආයතන හය පිළිබඳව උදයංගම, අත්තංගම, ආස්වාද, ආදිනව, නිස්සරණ යන කරුණු යමෙක් තතු සේ දකියිද එකල්හි ආස්වාසයෝ පූර්ණ වෙයි කියලයි එම සූත්‍රවල සඳහන් වෙන්නේ. මෙහි පූර්ණ කළ යුතු ආස්වාසයක් ගැනයි කියවෙන්නේ. මේ ආස්වාසය සඳහායි බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. තමන් වහන්සේම ආස්වාසයේදී කිව්වේ ඒ කරුණ නිසා බව උන්වහන්සේ දේශනා කළේ ඒ නිසයි. මේ කරුණු අනුව ආස්වාස කියන වචනය මේ සාසනය තුළ හිතේ සැනසුමක් මුල්කරගෙන දේශනා කරල තියෙන බව පේනවා. එසේම නිවී සැනසී ලබන නිවන් සුවයටත් ආස්වාස කියනවා. මෙසේ යථාවබෝධයෙන් හිතේ ඇතිවන නිවී සැනසීමක් ඇද්ද, කෙලෙස් සංසිඳී යාමෙන් ඇතිවුනු සැනසීමක් ඇද්ද එය තමයි ආර්ය විනයේ නියම ආස්වාසය. මේ ආස්වාසයට මගක් පිළිවෙතක් ඇත්දැයි වරෙක වච්චගොත්ත පරිබ්‍රාජක සැරියුත් හිමිගෙන් ඇසූ විට, එවැන්නක් ඇති බවත්, එනම් අරි අටඟි මග ලෙස දේශනා කළ බවත් ඉහත කී ආස්වාස සූත්රයේම සඳහන් වෙනවා.
මේ අනුව පාප සංඛාර හෙවත් අනාර්යාෂ්ඨාංගික මාර්ගය පහ කර හැරීම හෙවත් ප්රාස්වාස කිරීමත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආස්වාස කිරීමත් තමයි ආර්ය විනයේ පෙන්වපු ආස්වාස ප්රාස්වාසය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආස්වාස කළ යුතු සේම මිත්‍යා දිෂ්ඨිය, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා…. ආදී වශයෙන් යෙදෙන අනාර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් යමක් තිබේද ඒවා ප්‍රස්වාස කළ යුතුයි. මෙසේ ඇසුරු කළ යුතු සහ පහ කළ යුතු දහමක් ගැනයි ආනාපාන සතියෙන් කියවෙන්නේ.
යමක් යමක් නිසා රාග, ද්වේශ, මෝහ හටගන්නවා නම් ඒ වැඩපිළිවෙල පහ කළ යුතුයි හෙවත් ප්‍රස්වාස කළ යුතුයි. යමක් රාගක්ෂයට, ද්වේශක්ෂයට, මෝහක්ෂයට හේතු වෙනවා නම් එය මනා සේ තේරුම් ගෙන නිතර ඇසුරු කළ යුතුයි. ආස්වාස ප්රාස්වාස මේ ආකාරයට තේරුම් ගෙන භාවනා කරන්න පටන් ගත්තොත් කෙනෙකුට ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙනවා.
බාහිරව කෙරෙන්නා වූ ආස්වාසයක අදහස අරගෙන නිවන් දැකීමේ අදහසින් භාවනා කළාම ඒක නිවන් මගක් වෙන්නෙ කොහොමද? ඒක නිවන් මගක් කියල පෙන්වන්න බැරිවෙලා තියෙනවා. ඒ අනුව කර්මස්ථාන දෙන ආචාර්යවරුන් උපදෙස් දෙනවා සමථය වැඩෙන්න ටික වෙලාවක් ආනාපාන සතිය වඩලා ඉන්පසුව විදර්ශනා වඩන්න කියලා.
කෙසේ හෝ එකතැන වාඩිවෙලා වාතය මුල්කරගෙන ආස්වාස ප්රාස්වාසයට හිත තියාගෙන කරන වැඩපිළිවෙල තුළ භාවනාවක් නැද්ද යන කරුණත් විමසා බැලිය යුතුයි. මේ සඳහා උපක්‍රමයක් භාවිතා කළ හැකියි. මේ භාවනාව කරල ‘‘දැන් බලන්න ආසාවක් නෑ’’ කියන කෙනෙකුගේ ඇස් දෙක රෙදි කඩකින් බැඳල ටික වෙලාවක් ඉන්න කියන්න. ටික වෙලාවක් යන විට ඒ තැනැත්තාට දැනෙනවා සුලූ වෙලාවක්වත් බලන්නෙ නැතිව ඉන්න බැහැ කියල. එවිට තේරුම් ගන්න පුළුවන්, බලන්න කොයි තරම් ආසාවක් තිබිලද ආසාවක් නැහැ කිව්වෙ කියල. මේ ආකාරයෙන්ම අහන්න ආසාවක් නැහැ කියන කෙනෙකුගේ කන් දෙක වහලා කොපමණ වෙලාවක් ඉන්න පුළුවන්ද කියල බලන්න. මෙසේ රාග, ද්වේශ, මෝහ නිසා හටගන්න යම් ක්‍රියාවලියක් තමන් තුළ තියෙනවද කියල මෙවැනි පරීක්ෂණයකින් තමන්ටම හොයාගන්න පුළුවන්. මේ අනුව ආශ්වාස ප්රාශ්වාස මුල්කරගෙන භාවනාවේ යෙදිල ඉන්න කෙනෙක් දකින්න ඕන රාග, ද්වේශ, මෝහ අරමුණුවල අල්ල ගන්න දෙයක් නෑ, මම ඉන්නෙ ආස්වාස ප්රාස්වාස අරමුණක කියල. ආස්වාස ප්රාස්වාස කියල හරි අල්ල ගත්තෙ ලෝකෙට අයිති දෙයක් නම් ලෝකය අල්ලගෙන ලෝකයෙන් මිදෙන්න බෑ කියලත් දකින්න ඕන. ලෝකය අත්හරින්න නම් එහි අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් අසාරත්වය දකින්නම ඕන. ඒ අනුව මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ හිත තියාගත්තෙ කුමකටද කියල ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. කෙනෙකුට රාග, ද්වේශ, මෝහ මුල්කරගෙන මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ආස්වාදයන් සඳහා කය ක්‍රියාකරවන්න අදහසක් එනවනම් මේව තමයි ප්රාශ්වාස කළ යුත්තේ. එසේනම් මේ ආස්වාදයන් ආදීනව සහිතයි කියල දැකලා ඒවා නැවැත්වීමට කය පාලනය කිරීමයි කායානුපස්සනාව කියන්නේ. මේ අනුව මෙයට අවශ්‍ය දහම ඇසුරු කරගෙන යනවා නම් ඇලෙන, ගැටෙන දේකට කය ක්‍රියාත්මක වීම නවත්වන්න, හිත ක්‍රියාත්මක වීම නවත්වන්න පටන් ගන්නවා. මෙහිදී මතු භවය සකසන කාය සංඛාර මර්ධනය වෙනවා. ඒ අනුව රාග, ද්වේශ, මෝහ සහගතව විඤ්ඤාණ නැගෙන්න තිබුණ ශක්තිය දුර්වල වෙලා යනවා. මෙසේ කයත් මනසත් සංවර භාවයට පත්වෙනවා.
මෙසේ විඤ්ඤාණ නිරෝධ වුනා නම් මනස ආගන්තුක උපක්ලේශයන්ගෙන් සුද්ධ වෙලා යනවා. ප්‍රභාශ්වර භාවයට පත්වෙලා යනවා. චතුර්ථ ධ්‍යානයට පත්වෙනවා. මෙහිදී පහ කළේ හුස්ම නෙවෙයි, ඇසුරු කළේ හුස්ම නෙවෙයි කියල පේනවා. පහ කළේ ඇලීමට සහ ගැටීමට හේතුවන රාග, ද්වේශයි. ක්‍රියාව නතර කළාම රාග විඤ්ඤාණයටත්, ද්වේශ විඤ්ඤාණයටත් ආහාර නැතිවෙනවා. ආහාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙනවා. විඤ්ඤාණ නිරෝධ නම් නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති සියල්ල නිරෝධ වෙනවා. මේ ආකාරයෙන් තමයි සතෝව අස්සසති, සතෝව පස්සසති හෙවත් සිහියෙන් ආස්වාස කරනවාත සිහියෙන් ප්රාස්වාස කරනවා යන ක්‍රියාවන් සිදු කළ යුත්තේ. සසරින් මිදීමට චිත්ත පාරිශුද්ධිය ඇතිකර ගන්නේ මේ ආකාරයටයි.
‘‘ආස්වාස ප්රාස්වාසයෝ කාය සංඛාරයි. කාය සංචේතනා කාය සංඛාරයි’’ යනුවෙනුයි අභිධර්මයට අයත් යමකප්රකරණයේ කාය සංඛාර විසඳලා තියෙන්නේ. ‘‘කාය, කාය සංඛාර වේද? කාය සංඛාර, කාය වේද? කාය, කාය වේ. කාය සංඛාර නොවේ. කාය සංඛාර, කාය සංඛාර වේ. කාය නොවේ.’’
කයයි, කාය සංඛාරයි මෙසේ වෙන්කර ගත යුතුයි. ආස්වාස ප්රාස්වාස කරන වාතය වායෝ කාය වශයෙන් සඳහන් වෙලා තියෙනවා. මෙහිදී කාය, කාය සංඛාර වේ නම්, වාතය කාය සංඛාරද යන ප්රශ්නය මතුවෙනවා. ආස්වාස ප්රාස්වාසයෝ කාය සංඛාරයි කියල ආර්ය විනයේ සඳහන් කරල තියෙනවා. කාය සංඛාර, කාය නොවෙයි නම් බුදුන් වහන්සේ දේශනා කළ ආස්වාස, ප්රාස්වාස වාතයද කාය වෙන්නෙ නෑ. ඒවා කාය සංඛාරයි.
කාය සංඛාර හටගන්නේ කොහේද? රූප ඇසුරු කරගෙන හටගත්තත්, කාය සංඛාර කියන්නේ නාම කොටසට අයත් චේතනාවක්. රාගයට, ද්වේශයට, මෝහයට කය ක්‍රියාත්මක කරවන්න යම් චේතනාවක් හටගත්ත නම් කාය සංඛාර හටගන්නවා. එබඳු චේතනාවකින් රාගයට, ද්වේශයට හෝ මෝහයට අනුව කය ක්‍රියාත්මක කළා නම් ඒ ක්‍රියාව සමග බැඳිලා චේතනාවක් වශයෙන් නාම ධර්මයක් හටගන්නවා. මේ ක්‍රියාවයි සංසිඳවන්න ඕන. ‘‘සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති.’’ මේ ශික්ෂණය කරගන්නේ කොහොමද කියල මනා සේ දැනගත යුතුයි. ඇස රූපයකට, කන ශබ්දයකට, නාසය ගන්ධයකට, දිව රසයකට, කය ස්පර්ශයකට, මන ධර්මයකට ඡන්දරාගයෙන් බැඳීම පටිසංවේදයයි. අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් ඒවායේ ආදීනව මෙනෙහි කරලා යථාර්ථය දැකලා එහි ඡන්දරාගය පහ කිරීම ප්රාශ්වාසයයි. ඒවා අත්හැරීමෙන්, මිදීමෙන්, නොඇල්මෙන් ලබන්නා වූ ශාන්තිය, ප්රනීතභාවය මෙනෙහි කිරීමෙන් නිවන ආශ්වාස කළා වෙනවා. මේ කාය හටගත්තේ සංඛාරවලින් කියල දැනගත්තට පස්සෙ ‘‘පස්සං භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්කති’’ වශයෙන් මේ සංඛාර පහ කිරීමට කුමක් ඇසුර කළ යුතුද කියල දකින්න ඕන. මේ සඳහා කාය යන්නෙහි ආදීනවත්, කාය සංඛාරයන්ගේ ආදීනවත් දකින්න ඕන. මේ ආදීනව දකින්නා වූ දහම ඇසුරු කළාම, පැවැත්ම තුළ භය ඇති කරවන්නා වූ සංඛාර පහ කර දමන්න පුළුවන් වෙනවා.
‘‘ඵස්සං භයං කාය සංඛාරං ඵස්සසිස්සාමීති සික්ඛති’’ කියන ආකාරයෙන් කාය සංඛාර පහ වෙනවා. කාය සංඛාර කිව්වේ වාතය නෙවෙයි.
ඇලීමකට හෝ ගැටීමකට කය ක්‍රියාත්මක කරවන්න යම් චේතනාවක් හටගත්තා නම් මේ චේතනා හෙවත් කාය සංඛාර පහ වෙලා ශික්ෂණයට පත්වෙනවා. මෙසේ රාගක්ෂය මාත්‍රයක් වුනා නම් එය නිවනයි. ද්වේශක්ෂය මාත්‍රයක් වුනා නම් එය නිවනයි. මෙසේ පාප මාත්‍රයන් පහවුනා නම් ඒ පමණට නිවන ආශ්වාස වෙනවා. මේ අනුව ක්‍රියාකාරකමක් පහකරලා නොවෙයි නිවන් දකින්නේ. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධියක් ඇතිකරගෙනයි. මේ ආනාපානසති භාවනාව කරගෙන යන කොට සම්මා සමාධිය ගොඩනැගීගෙන එනවා. රාග, ද්වේශ සහගත සිතිවිලි ක්‍රමයෙන් ඈත්වන විට රාගය සහ ද්වේශය නිසා හටගත් දාහය දුරුවෙලා මනස නිදහස් වෙනවා. නිදහස් මානසිකත්වයෙන් නිරාමිස ප්‍රීතියත්, නිරාමිස ප්‍රීතිය නිසා නිරාමිස සුඛයත් ඇතිවෙනවා. නිරාමිස ප්‍රීතියෙන් නිරාමිස සුඛයට පත්වන විට ‘‘සුඛීනෝවා සමාධිය’’ කියන සමාධිය කරා ගමන් කරන්නා වූ මානසිකත්වය උදාවෙනවා. පෙර භාවනාවේ යෙදිල ඉන්න විට කාම අදහස් නැගි නැගී එන විට සිත ඒ අනුව දුවන්න පටන් ගන්නවා. දැන් ඒ රාග විඤ්ඤාණයට ආහාර නැති නිසා විඤ්ඤාණය දුර්වල වෙනවා. මෙසේ විවේකීව ඒ සඳහා මනස මෙහෙයවන්නෙ නෑ. අනාගාමී උතුමන් එම නිදහස් සමාධි සුවය අරමුණු වන විට නිවන් සුවය මුල්කර ගෙන නිතර ‘‘අහෝ සුඛං අහෝ සුඛං’’ යනුවෙන් කියන බවද දහම් කථාවක සඳහන් වෙනවා. මෙසේ විවේකීව ඉන්න ස්වභාවය සැනසුමක් වෙනවා. පාප ධර්මයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්ක වූ, සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ දෙක ඇතිවෙනවා. සවිතක්ක සවිචාර කියන්නේ විතර්ක සහිත විචාර සහිත කියලයි අද පැහැදිලි කරන්නේ. එහෙත් සවිතක්ක කියන්නේ විතර්ක හැර ඒ සමග සම්බන්ධ සෙසු දහම් ලෙසත්, සවිචාර කියන්නේ විචාර හැර සෙසු දහම් ලෙසත් තමයි ‘‘ධම්ම සංඝනීය’’ යන පොතේ සඳහන් වෙන්නේ. විතක්ක විචාර අරමුණුවලට සම්බන්ධ වෙන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන මේවායි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා අරමුණ සවිතක්කයි. ඒ අරමුණුවල හිත හැසිරවීම සවිචාරයි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන අරමුණුවල හිත හසුරුවන කෙනෙකුට ලැබෙන ප්‍රීතිය කාම, ව්‍යාපාද, විහිංසා යන අරමුණුවලින් වෙන්වීමෙන් ලැබෙන නිරාමිස පී‍්‍රතියයි. මේ ආකාරයෙන් ආර්ය මාර්ගය වඩන විට ප්‍රථමධ්‍යානයට පත්වීමත්, සම්මා සමාධියට ධ්‍යාන වැඩෙන ආකාරයත්, ඒ ධ්‍යානවල ලක්ෂණත් ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙනවා.
සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය
ආනාපානසති භාවනාව
භාවනා කර්මස්ථාන 12ක් සතර සතිපට්ඨානයට අයත් කායානු පස්සනා කොටසේ දේශනා කර ඇත. මෙයින් පළමුවැන්න ආන-පාන කර්මස්ථානය යි. මෙම භවනාව කරන විදිය ගැන විවිධ ආචාර්ය මත පවතී. මෙයින් නිවන් දකින්න හේතුවන නිවැරැදි ක්‍රමය තෝරාගන්න නම් ඒ ක්‍රමය තුල රාගය ද්වේශය මෝහය දුරු වේද යන්න විමසා බැලිය යුතුය. එසේ බලා ගන්න ක්‍රමය මෙහිදී විමසා බලයි. හුස්ම රැල්ල අනුව කරන භාවනාව අන්‍යතර චේතෝ විමුක්තිය කි. බුදුන් වදාල භාවනාව හිත පිරිසිදු කිරීමට යි. එය හිත එකඟ කිරීම සඳහා නොවේ. හිත එකඟ වීම අතුරු ඵලයකි. පරිමුඛං සති උපට්ඨපෙත්වා — හිත, නිවන මුල් කරගෙන භාවනා කරයි. පිහිටුවා ගනී.
නිවනට පැමිණීමට, නිවන් මග ආස්වාස කළ යුතුය. එනම් යමක් යමක් හේතුවෙන් රාග ද්වේශ මෝහ වැඩෙනවාද එය අත හැරිය යුතුය. යමක් යමක් හේතුවෙන් රාග ද්වේශ මෝහ දුරු වේද එය වැඩිය යුතුය. රාගය ද්වේශය මෝහය මුල් කරගෙන මෙතෙක් කල් තමා තුල යම් ක්‍රියාවලියක් සිදුවීද, ඇසුරු කලාද ඒ ක්‍රියාවලිය කුමක්ද යන්න හදුනා ගැනීම යි එක තැනකට වෙලා ඉඳන් කරන්නේ. රාග ක්‍රියා නිකම්ම ඇතිවෙන්නේ නෑ. මුලින්ම රාග සංකල්පනාවක් සිතට ඇවිල්ලා ඒක බලවත් වෙලා එය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තමයි රාගයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මනවඩන රූප, ශබ්ද, රස, ගන්ද, පහස, සිතුවිලි හේතුවෙන් තමයි මේ රාග සංකල්පනා ඇතිවෙන්නේ. මේවා ලැබීමට, මේවායේ අස්සාද විදීමට සිත යොමු කරනවා නම් ඒ තමයි පස්සාස කල යුතු දහම. එසේ සිත යොමු නොවන්නට නම් ඒ අසාර ක්‍රියාවල ආදීනවයත්, නිවීමේ ශාන්තියත් මෙනෙහි කිරීම අස්සාස කල යුතු දහම යි. භවනා අරමුණට සිත තබා ගෙන සිටින විට සිත පාලනය වේ. ආහාරය දුර්වල වීමෙන් රාග ද්වේශ මෝහ විඥාන දුර්වල වේ. මනස ක්‍රමයෙන් ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වීම අඩුවේ. මෙයින් රාග ද්වේශ මෝහ නාම-රූප නිරෝධවේ. පටිච්ඡසමුප්පන්නව රාග ද්වේශ මෝහ බවට පත් වීම ඇන හිටී. කර්මක්කය වී නිවී යයි. ආස්වාස-ප්‍රස්වාස යන්න කාය සංඛාර ලෙසද හඳුන්වයි. තථාගත දේශනාව අනුව කාය-සංඛාර කාය-සංඛාරකාය-සංඛාර වේ. කාය-සංඛාර කාය නොවේ. කාය කාය වේ. කාය-සංඛාර නොවේ (යමක ප්‍රකරණය). ආස්වාස-ප්‍රස්වාස කරන වාතය වායෝ කාය යි. එනිසා මේ වාතය කාය සංඛාර නොවේ. බුදුන් දේශනාකලේ කාය දුරුකර නිවීම නොවේ (පංචස්කන්ධය/මස්-ලේ කය). එනිසා අස්වාස-ප්‍රස්වාස ලෙස තථාගත දහමේ හඳුන්වනු ලබන්නේ හුස්ම නොවන බව මෙයින් පැහැදිලි කර ගත යුතුය. කාය සංඛාර කොහෙද හටගන්නේ? රූප ඇසුරු කරගෙන හටගත්තත් රාගයට ද්වේශයට මෝහයට කය ක්‍රියාත්මක කරවීමට යම් ක්‍රියාත්මක වීමක් ඇතිනම් එය නාම කොටසට අයිති වේදනාවක්. හිතේ හටගන්නාවූ සිතුවිල්ලක්. මෙයින් කාය සංඛාර හටගනී. රාගයට කය මෙහෙයවූයේ නම් රාග චේතනා හට ගනී. මේ කාය සංඛාරයකි. ද්වේශයට මෝහයට එසේමය. මේ කාය සංඛාරයයි නැවතිය යුතු. සබ්බ කාය පටිසංවේදී අස්සසිසාමීති සික්කති. සබ්බ කාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති. යනුවෙන් සංවරත්ව්යේ සීලයේ පිහිටීමට වදාලේ එබැවිනි. මේ භාවනාව කරගෙන යනවිට වරදක් නොකරන බව දැන ප්‍රීතියට පත්වෙනවා. සවිතක්ක සවිචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතියත් සුඛයත් ඇති ප්‍රථම ධ්‍යානයට පත්වේ.
නආසික-අග්‍ර යනු ලෝකය ඇසුරු නොකිරීමයි. නිවන ඇසුරු කිරීමයි. පරිමුඛ වන සිතුවිල්ල නිවනයි. ඒ නිවීමට හිත තැබියයුතුය. ඒ හතර ආකාරයකි. එනම් විවේක නිශ්රිත, විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත, ඔස්සග්ගපරිනාමී (රාග ද්වේශ මෝහ සමඟ සංසර්ග නොවී, නොබැඳි). 5:50 වායුවට හිත බැදගෙන ගියත් වායුව වගේම මේ ලෝකයේ අල්ලන්න රඳවා ගන්න වටිනා කමක් නෑ කියන හැඟීම ගන්න ඕන.
ආනා පාන සති භාවනාව අද ඉතා ප්‍රචලිත භාවනා ක්රමයකි. එහෙත් එහි නිවැරැදි ප්‍රථිඵල අද ලබනවාද යන්න ප්‍රශ්න සහගතය. එබැවින් භාවනාවක් කිරීමට පෙර එම භාවනාව ගැන මනා අවබෝධයක් ලබා ප්‍රගුණ කිරීම පසුකාලීනව ඇතිවිය හැකි මානසික සහ කායික අභාධ රාශියක් වලක්වා ගැනීමට පිටුවහලකි. ආර්ය විණයේ ආස්වාස ප්රාස්වාස මොනවාද කියා හොදින් තේරුම් ගත යුතුය. අරිය විහාරය, බ්‍රහ්මය විහාරය, තථාගත විහාරය කියා හඳුන්වනු ලැබේ.,අද මේ අදහස යටපත් වීම හේතුවෙන් බොහෝ දෙනා ආන පාන වැරදියට වැඩීමට යොමුව ඇත. ඒ පිළිබඳව කෙටි විග්‍රයක් මෙහි දැක්වේ.
රාහුලෝවාද සූත්‍රය අනුව ආනා පාන සති භාවනාව ගැන වටිනා විස්තරයක් මතුකර ගත හැක. රූපය නම් කුමක්ද? රූප ස්කන්ධය නම් කුමක් ද? රූපය මගේ වන්නේ කෙසේද? මට ඕනා විදියට පවත්වන්න පුලුවන් ද? රූපයේ ස්වභාවය කුමක් ද? කියා විමසා බැලීමක් (වේදනා, සංඥා, සංඛාර, විඥාන ද මෙසේ දැකිය යුතුය) මෙහි දැක්වේ. 5:15 කය ගැන සිතා බලන්න. කයේ ඇති දේ මොනවාද? තද කොටස් මොනවාද? එනම් පටිවි ධාතුවට අයත් කොටස් මොනවාද? කෙස් ලොම නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු සිවි ඇලදිව පිත්තාසය ආදී වන කොටස් 20කි. ලෝකයේ හමුවෙන පටවි ධාතුවේත් මේ ශරීරයේ හමුවෙන පටිවි ධාතුවේත් යම් වෙනසක් තිබේද? මම කියා මගේ කියා අල්ලා ගන්න වටිනා දෙයක් මෙහි තිබෙනවාද? මේ ශරීරය පටිවි ධාතුවෙන් හැදුනේ කොහොමද?එලියෙන් ඇතුලට මේ පටවි ධාතුව ලැබෙන්නේ කොහොමද? ඇතුලෙන් එලියට මේ පටවි ධාතුව පිටවන්නේ කොහොමද? මෙහෙම බලාගෙන යනවිට අභ්‍යන්තර පටිවි ධාතුව සහ භාහිර පටිවි ධාතුව දෙකක් නොව එකක්මයි කියා වැටහීම ලැබේ. 10:25 මේ ශරීරයේ ගලා යන ස්භාව ඇති ආපෝ ධාතු කොටස් 13 කි. මේ ධාතු කොටස් ද අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙකක් පැවතියත් ඒ දෙකම එකක් බව මෙනෙහි කිරීමේදී වැටහේ. 12:35 මේ ශරීරයේ ඉහල පහල යන වායු ස්භාව ඇති වායෝ ධාතු කොටසක් ඇත. 13:50 මේ ශරීරයේ උෂ්ණ ස්භාව ඇති තේජෝ ධාතු කොටසක් ඇත. 15:10 මේ ශරීරයේ ඉඩ, අවකාශ ඇති ස්භාව ඇති ආකාස ධාතු කොටසක් ඇත. මේ ධාතු කොටස් ද අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙකක් පැවතියත් ඒ දෙකම එකක් බව මෙනෙහි කිරීමේදී වැටහේ. මේ එකක්වත් මම මගේ මට ඕනා විදියට පැවැත්විය හැකිය (ආත්ම) යන සිවභායේ නොවන බව වටහා ගනී. එසේ සිතීමේ ආදීනවත් අසාර බවත් වටහාගෙන, නිරෝධ කර්ගනී. 17:50 පටවි කසිනය වඩන හැටිද මෙහි සඳහන් වේ. මහ පොලොව වගේ කොපමණ කරදර භාදක රිදවීම පෙලීම් ආවත් නොසෙල්වී ඉන්න කියා දේශනා කලා. 19:30 ආපෝ කසිනය වැඩීම ජලයට හෝදන කුනු කොපමණ උනත් ජලය පෑදෙයි වගේ පවිත්‍රව සිටීම යි. 20:35 වායෝ කසිනය වඩන්න වායුව නිදස් වන ආකාරය සිතට අරගෙන. සැහැල්ලු බව, හිරවී හිතට ගෙන. 21:15 තේජෝ කසිනය වඩන්න ගින්න විසින් දැවෙන තැවෙන දේ පුච්චා අලු කර දමනවා වාගේ. 22:10 ආකාස කසිනය වඩන්න අහසවාගේ කිසිම දෙයක් අල්ලා ගෙන නෑ. නිශ්චලයි. ඒ පිළිබඳව කෙටි විග්‍රයක් මෙහි දැක්වේ.
යම් කෙනෙක් මිය යන්න පෙර මූලිකව හිතින්, කයින්, වචනයෙන් යම් කර්මයක් (හොඳ හෝ නරක) කළා නම් කර්මානුරූපව එ් කර්ම බීජ, කර්ම භවයේ පිහිටනවා. බුද්ධ දේශනාව අනුව කර්මය කුඹුරයි, විඤ්ඤාණය බීජයයි, තෘෂ්ණාව ජලයයි, අවිද්‍යාව බැම්මයි. කර්මය නමැති කුඹුරේ පිහිටි අභිසංඛාර විඤ්ඤාණය නමැති බීජය තෘෂ්ණා දියෙන් තෙත්ව අවිද්‍යා බැම්මෙන් වට වෙලා කර්ම භවයේ පිහිටා මතු පුනර්භවයට අභිසංඛාර (නැවත ජනිත වීමට අදාල සංඛාර) බීජය ලෙස පිහිටනවා. කර්ම ක්ෂය නම් වූ මරණයකින් යමෙක් මිය යනකොට කර්ම, කර්ම නිමිති, ගති නිමිති යන තුනෙන් එකක් නිතර අරමුණු වෙමින් බලවත්ව උපාදාන වූ කර්ම භව සිතක් මුල්කරගෙන නිතර සිත් නැගෙන්න වෙනවා. අවසාන මොහොත වන විට මරණාසන්න චිත්ත වීථිය ලෙස සිත් පෙලක් (චිත්තක්ෂණ 17 ක) පහළ වෙනවා. බලවත් වූ කර්ම, කර්ම නිමිතිවලින් යමක් මතුවෙලා විපාක සිතක් ලෙස අවසානයේ පහළ වෙනවා. මේ කියන්නේ ඉතා කෙටියෙන්.
චිත්ත වීථියේ ජවන් 5 ක් ගත වෙනකොට මුලින් පහළ වූ අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරාවජ්ජන, දර්ශණ අරමුණක් මුල් වුනා නම් චක්ඛු විඤ්ඤාණ, සම්පටිච්චන, සන්තීරණ, වොත්ථපන යන චිත්තක්ෂණ 8 ක් සහ ජවන් චිත්තක්ෂණ 5 ක් වශයෙන් චිත්තක්ෂණ 13 ක් පහළ වෙලා 14 වන චිත්තක්ෂණය පහළ වෙනකොට එහි උප්පාද, ථිති, භංග යන චිත්ත මාත්‍ර තුන සමග සිත් පහළ වෙන්න අත්‍යවශ්‍ය වූ එ් මිය යන භවයේ මුල් පටිසන්ධියේදී පහළ වූ වස්ථු රූපය නම් පරමානුව ක්‍රියාකළ කර්ම බලය කෙළවර වෙනවා. මෙයට චුතිය සිදුවන චිත්තය හෙවත් චුති චිත්තයයි නම් කෙරෙනවා. මේ හයවන චිත්තක්ෂණයේදී ගොඩනැගුණු විඤ්ඤාණය ආසන්නම කර්මය ලෙස කර්ම භවයේ පිහිටනවා. මතු පැවැත්මේ වටිනාකමක් අවිද්‍යාවෙන් ගොඩනැගී මේ චිත්තක්ෂණය රූප සංචේතනාවේ චිත්තජ රූපයත් සමග විඤ්ඤාණ බීජය මතු පුනර්භවයට ඈඳෙමින් අළුත් භවයේ පටිසන්ධි චිත්තය ලෙස කර්ම බලයෙන් පිහිටනවා. මේ තමයි පටි සන්ධි චිත්තය. මේ චිත්තක්ෂණය අළුත් භවයට බීජය වෙලා කාය දශක, භාව දශක, වස්තු දශක කියන ශුද්ධාෂ්ඨක තුනක් සහ එකතුව කාය, භාව, වස්තු යන කර්මජ රූප මාත්‍රා 3 ක් සහ ජීවිත රූප මාත්‍රා 3 ක් පිහිටා රූප කලාප 30 ක රූප මාත්‍රා සමග විපාක හිත කර්මජව එක විට පහළ වෙනවා. මේ තමයි පටිසන්ධිය එ්කජකාය. මේ චිත්තක්ෂණයේ උප්පාද මාත්‍රයයි. එ් සමගම සෘතු විපර්යාසය නැගෙන්නට වෙනවා. එතකොට ද්විජ කාය කියල හඳුන්වනවා.
මීළඟට පහළවන 16 – 17 තදාලම්භන චිත්තක්ෂණවලදී චිත්තජ කාය පහළ වෙනවා. එවිට ත්රිජකායික නම් වෙනවා. මේ තමයි ගන්ධබ්බයා. කබලිංකාරාහාරයක් (මස් ලේ කයක ආරම්භයට පෝෂණයක්) මව් කුසකදී හෝ ලැබී නම් චතුජකාය බලවත් වෙනවා. මේ චතුජ කාය ලබනකොට මස්ලේ කය ආරම්භ වෙනවා. එ්කජ කාය හා ද්විජ කාය ඉතා සුළු මොහොතයි. පටිසන්ධියෙන් පසු චිත්තජ රූප පහළ වෙනකොට මනෝමය කායික ගන්ධබ්බයා පහළ වී හමාරයි. දැන් පෙර තිබූ කය අතහැරලයි තියෙන්නේ. හැබැයි මව් ගැබක අළුත් කයක් වෙත ඔක්ඛන්ති වෙලා නෑ. මේ අතර කාලය තුළ තණ්හා උපාදානයෙන් ජීවත් වන බව කතුහල ශාලා සූත්‍රයේ (සං:නි: (4) 700 පිටුව) වච්චගොත්ත පරිබ්‍රාජකයාට දේශනා කරල තියෙනවා. මේ කර්ම, චිත්ත, උතුජ රූප නිසා චක්ඛු දශක, සෝත දශක, ඝාන දශක, ජිව්හා දශක යන රූප කලාප 40 (10×4) සමග පටිසන්ධියේදී ලැබූ රූප කලාප 30 ද සහිතව කලාප 70 ක් වෙලා ගන්ධබ්බයා පෝෂණය වෙනවා. ගන්ධබ්බයින් ගැන කතා කරනකොට දැනගෙන මව් ගැබට ඇතුල් වන, දැනගෙන ගැබේ සිටින, දැනගෙන බිහිවන ගන්ධබ්බ කොටසක් ඉන්නවා. දැනගෙන ඇතුළු වී, දැනගෙන ගැබේ සිට, නොදැන බිහිවන ලෙස තවත් කොටසක් ඉන්නවා. දැනගෙන ඇතුළු වී, නොදැන ගැබේ සිට, නොදැන බිහිවන ලෙස තවත් කොටසක් ඉන්නවා. නොදැන ඇතුළු වී, නොදැන ගැබ තුළ සිට, නොදැන බිහිවන තවත් කොටසක් ඉන්නවා. මේ ගන්ධබ්බ හතර කොටසම මව් ගැබට ඇතුළු වෙලා වැඩෙන්න නම් මව් පිය දෙදෙනෙකුගේ එක් වීමක්, මව ඍතු ඇත්තියක් වීමත් යන කාරණා දෙකක් අවශ්‍යයි.
“මාතා පිතරෝච සන්නිපාතා මාතානි උතුනි හොන්ති ගන්ධබ්බෝච පච්චු පට්ටිතෝ හෝති” වශයෙන් ගන්ධබ්බයෙක් ගැබකට ඇතුළු වෙලා තමයි මස් ලේ කයක් හටගන්නේ. මේකට චතුජ කායට අයිති කරජ කාය (කරජ කියන්නෙ ඝනීභවනය වෙලා ගොරෝසු වෙච්ච කියන එකයි) කියල කියනව. (ගැබකට ආවට පසු කලලය පටන් ගත් පසුවයි කරජ කාය වන්නේ.) ජීවත් වෙලා ඉන්න සත්වයෙක් තුළ තියෙන්නේ මේ කරජ කාය සහ අනෙකුත් කායයන්ගේ සම්පිණ්ඩනයක්. මව් පිය එකතුවකින් ආරම්භයක් ලබලා, මව් කන බොන ආහාරවල පෝෂණය තුළින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර ඇදගෙන එ්වායින් ගොඩනැගෙන කය චාතූර්මහාභූතික කයයි. සතර මහා භූතයන්ගෙන් හටගත් කය කියලත් මේකට කියනවා. සුළඟට අසුවුණු පරඬැලක් සුළඟට ඕන විදිහට ගෙනියනවා වගේ, කර්ම ශක්තිය නමැති ප්රවාහයට අසුවුණු ගන්ධබ්බයා ගැබකට ඇදිල යනවා. මේ ගන්ධබ්බයාට හොඳ එකක්, නරක එකක් කියල තෝරගන්න බෑ. ලැබුණ එකක් පිළිගන්න ඕන. මේ ගන්ධබ්බයා බාහිරින් යම්කිසි ගන්ධයක් ඇදගත්තොත්, එ් ශරීරයට කබලිංකාර ආහාර (කය බලි කරන ආහාර) ගත්තා වෙනවා. එතැන් පටන් චතුජ කායිකයි. මේ තමයි සූක්ෂම කායික තත්ත්වයෙන් ඝනීභවනය වන අවස්ථාව. “කබලිංකාර ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චයෝ” කිව්වෙ මේකයි.
සත්ත්වයා ලෝකයට තියෙන දැඩි කැමැත්ත නිසා ලෝකය දැඩිව අල්ලා ගන්න ඝනීභවන කයක් අවශ්‍ය වෙනවා. මේ අනුව ඝනීභවන වස්තු ඇසුරු කිරීමට ඇති කැමැත්ත නිසයි මස් ලේ කයක් ඇතිවීමට අවශ්‍ය මූලික හේතුව ගොඩනැගෙන්නේ. මේ කරජ කායෙන් සූක්ෂම කය ඉවත් කරන්න නිකන්ම බෑ. කෙනෙකුගේ කර්ම විපාක හෝ පුණ්‍ය සෘද්ධිය බලවත් නම් එ් ඝනීභවන කයෙන් ඉවත්වෙලා යන්න පුළුවන්. එසේම ධ්‍යාන ලාභී පුද්ගලයෙකුට අභිඤ්ඤා බලයෙන් මේ මස් ලේ කයෙන් ඉවත් වෙන්න පුළුවන්. මස් ලේ කයට කබලිංකාර ආහාර අවශ්‍ය වෙනවා වගේ, අධ්‍යාත්මික කයට ආහාර තුනක් සම්බන්ධ වෙනවා. ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර, මනෝ සංචේතනා ආහාර එ් තුනයි. මේ අනුව එක් කයක් විතරක් සංසිඳවල බෑ. අධ්‍යාත්මික කායත්, බාහිර කායත් යන දෙකම දැනගෙන එ් දෙකම සංසිඳවීමෙන් තමයි කයට ඇතිවන දාහයෙන් නිදහස් වෙලා සැනසීම ලබන්න පුළුවන් වෙන්නේ. ඉහාත්ම සුඛ විහරණය (මේ අත්භවයේදීම ලබන සුඛ විහරණය) සහිතව ධ්‍යාන සුවය ලැබෙන්නේ මේ අවස්ථාවේදීයි. මේ අනුව ආනාපානසති භාවනාව තුළින් සංඛාර සංසිඳවන්න නම් මේ සෑම කයක් තුළම දාහය හටගන්න හේතුව හොයල එ් හේතුව සංසිඳවන්න ඕන.
මේ පැවැත්ම තුළ රාග, ද්වේශ, මෝහ කියන්නේ ගිනි. මේවාට අනුකූල දෙයක් ඇසුරු කරල යමක් නිපදෙව්වා නම් එ්ක ගිනි නිපදවීමක්, දාහය නිපදවීමක්. කෙනෙක් රාගයට අනුකූලව ක්‍රියා කළොත් රාගයට අනුකූල චිත්තජ රූපත්, ද්වේශ සහගතව ක්‍රියා කළොත් එ් ගති ස්වභාවය අනුව චිත්තජ රූපත් නිපදවෙනවා. එ්වා තමයි මස් ලේ කයක් එක්ක සියුම් කයක් වශයෙන් පිහිටන්නේ. මන වඩන රූප ස්පර්ශ කරල වින්දනයක් ලබන ලෝක සත්ත්වයා එයින් මුලා වෙලා යලි යලිත් එ්වා පසුපස හඹා යන්න සිතිවිලි පහළ කර ගන්නවා. ඇසට ප්‍රිය මනාප දෙයක් ආවොත් එ්ක ඇදගන්නවා. අප්‍රිය අමනාප දෙයක් නම් වීසි කරනවා. ප්‍රිය මනාප සුවඳක් නාසයට දැනුණොත් උඩට ඇදගන්නවා. අප්‍රිය ගඳක් නම් ‘හ්ම්’ කියල විසිකරනවා. මෙසේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ඇදගන්න කොටසක් තියෙනවා, ඉවතට විසිකරන කොටසක් තියෙනවා. ඇදගැනීම කියන වචනයේ අදහස ඇද එ්වා ගැනීමයි.
ලෝකයේ තියෙන ඇලුම් කරන සියල්ල ඇදගත්තම ඇද වෙන්නයි සිදුවෙන්නේ. එතකොට අවංක බව නැතිවෙනවා. ලෝකෙ හරි වටිනවයි කියල හිතාගෙන රාගයෙන් බැඳිලා මෙච්චර කලක් කරගෙන ආවෙ මේවයි. ප්‍රිය මනාප දේවල්වලට ඇලිල, එ්වායේ හිත තියාගෙන යලිත් එ් පසුපස හඹා යන්නේ, මෙසේ ඇදගෙන ගොඩගහ ගත්ත ඡන්දරාග සහගත මතක සටහන් තුළිනුයි. එ් ගොඩගහ ගන්නේ කර්ම ශක්තියක්. මස් ලේ කයට රූපාකාර ඉඩ ප්‍රමාණයක් වෙන්කර ගත්තට, එ් මානසිකත්වයට එබඳු සීමාවක් වෙන් කරන්න බෑ. ඇදගත්ත එ්වා ගිහින් පිහිටන්නේ එ් සීමා කරන්න බැරි ඉඩ ප්‍රමාණයේ. නැවත විපාක ඵලයක් ලෙස අවශ්‍ය අවස්ථාවලදී ඇදී එන්නේ එ්වයි. මේ හීන භවය හෙවත් කාම භවයයි.
ජීවිත පැවැත්ම සඳහා හුස්ම ගැනීම සහ පහ කිරීමේදී අපට නොපෙනෙන දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් හුස්ම ගන්නකොට ඔහුගේ මනසේ ගති ලක්ෂණය රාගික නම්, පිටින් පෙනෙන භාහිර රූපය පිළිබඳ ෂඞ් ආරම්මන නිමිති රූප, භෞතික කයට ඇදිල ඇවිත් මනෝමය කිරණ මගින් නොපෙනෙන විශ්වයට විහිදිලා මනෝ කයට ඇදල දෙනවා. රාගයෙන් නම් යමක් නිෂ්පාදනය කළේ, එ්වා රත්වීමේ ලක්ෂණය සහිත රතු පාට ස්වභාවයෙන් යුක්ත දේවල් වෙනවා. ද්වේශයෙන් නම් යමක් කළේ එ්වා කළු පාට ස්වභාවයෙන් යුක්තයි. මස් ලේ කය සකස් වෙන්නේ කර්මජ කය සහ මනෝමය කයේ ආකෘතියක් වශයෙන්. මනෝමය කයේ ස්වභාවයට අනුකූලවයි කන බොන ආහාරයෙන් අවශ්‍ය දේ මස් ලේ කයට ඇදල ගන්නේ. කර්ම විපාක බලයකින් හෝ පුණ්‍ය සෘද්ධි බලයකින් හෝ අභිඤ්ඤා බලයකින් කෙනෙක් මස් ලේ කය පැත්තකින් තියල මනෝමය කයින් අයින් වුනොත්, එ් පුද්ගලයාට මේක දකින්න පුළුවන්. කඩුව කොපුවෙන් ඇදල පැත්තකින් තිබ්බම, කඩුව පැත්තක කොපුව පැත්තක තිබෙන්නේ යම් සේද, එසේම නයා හැව ඇරලා පැත්තකට ගියාම නයා පැත්තක හැව පැත්තක තියෙන්නේ යම් සේද, මස් ලේ කය පැත්තක තිබියදී මනෝමය කය පැත්තකට ගිය විටත් එසේමයි කියා බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. කෙනෙක් අලෝභ, අද්වේශ, අමෝහ සිතිවිලිවලින් තම මනස තුළ ශුද්ධතාවයක් ඇති කරගෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන කොට මනෝමය කය වෙත සුදු කිරණ ඇදිල එනවා.
නිවනේ ශාන්තිය එකම අරමුණ කරගෙන රාගක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය සඳහා හිත පිහිටුවා ගත්තම වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණයට නැඹුරුවෙලා චිත්තජ රූප නැගෙන්න පටන් ගන්නවා. දීප්තිමත් ප්‍රභාෂ්වර ස්වභාවයට නැඹුරු වුන මේ චිත්තජ රූප නැගි නැගී කය වටා පිහිටන්න පටන් ගන්නවා. රාග, ද්වේශ, මෝහ ක්‍රියාවන් නිසා අපද්‍රව්‍ය වශයෙන් මෙතෙක් කල් එකතු වුන කොටස අඳුරු පැහැයෙන් යුක්තයි. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී චිත්තජ රූප නිසා හටගත් චිත්ත රූප බලවත් වෙලා එ් අඳුරු රූප දැවෙන්න පටන් ගන්නවා. එසේ දැවෙනකොට විශාල මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා. අධ්‍යාත්මික කයේ හටගන්නා අඳුරු කිරණ නිසා එ් ශරීරයේ වා, පිත්, සෙම් කෝප වීමෙන් විවිධාකාර රෝගාබාධයන්, හිරි වැටීම් සහ විවිධ අපහසුතාවයන් හටගන්නවා. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී චිත්තජ රූපවලින් හටගන්නා සුදු කිරණවලින් එ් අඳුරු කිරණ දැවීම නිසා එ් රෝගාබාධයන් සමනය වීමක් සිද්ධ වෙනවා. නිවනට හිත පිහිටුවාගෙන ඉන්න කොට හටගන්නා වූ එ් සුදු කිරණවලින් මේ ශරීරයේ සෑම තැනකම බැඳිල රැඳිල තියෙන විෂ කිරණ දැවෙන්න පටන් ගන්නවා. අධ්‍යාත්මික කයේ හටගත් අඳුරු කිරණ දැවී යාම නිසා ශරීරයේ බැඳිල තිබුණු අපද්‍රව්‍යයන් ලිිහිල් වෙලා ගැලවිලා යනවා.
රෙද්දක් සෝදන ආකාරයෙන් මෙසේ හිත පිරිසිදු කරගන්නා ලෙස බුදුන් වහන්සේ දේශනා කරනවා. රෙද්දක් ජලයට දැම්මම මුලින්ම ගැලවිලා යන්නේ එක්තරා දූවිලි ප්‍රමාණයක් පමණයි. ඊළඟට සබන් වැනි රසායනික ද්‍රව්‍යයක් දාලා පෙන නගින තෙක් ඇතිල්ලීමෙන් කුණු පෙඟෙන්න ගන්නවා. නැවත එ් රෙද්ද ජලයට දමා පොඟවනකොට එ් කුණු ජලයට එකතු වෙනවා. තවත් කුණු තියෙනව නම් නැවත එ් රසායනිකය යොදල ඇතිල්ලීමෙන් පසු ජලයට දාල ගත්තම තවත් කුණු ප්‍රමාණයක් ඉවත් වෙනවා. මෙසේ නැවත නැවතත් මේ ක්‍රියාව සිද්ධ කිරීමෙන් එ් රෙද්දේ තියෙන සියලූම කුණු ඉවත් කර පිරිසිදු කරගන්න පුළුවන්.
වීත රාගී, වීත දෝෂී අරමුණක් අරගෙන කර්මස්ථානයක් වඩනකොටත් සිදුවෙන්නේ මෙසේ රෙද්දකට රසායනයක් දාලා කුණු පොඟව පොඟවා කුණු ඉවත් කරනවා වගේම දෙයක්. රාග, ද්වේශ, මෝහ සිතිවිලි, ක්‍රියා, වදන් නිසා සිත අභ්‍යන්තරයේ රැු`දිල බැඳිල තිබුණු කුණු වීත රාගී, වීත දෝෂී, වීත මෝහී අරමුණුවලින් පෙඟුනට පස්සෙ එ්වා ඉවත් කරල දැමිය යුතුයි. රාග, ද්වේශ, මෝහ සහගතව සුවයි සුවයි කියල මෙච්චර කලක් ඇදගත්ත දේවල් සුන් කිරීම තමයි භාවනාවේදී සුසුම් හැරීමෙන් කළ යුතු වන්නේ. භාවනාවේදී වාතය ප්‍රයෝජනයට ගන්නේ මේ අපද්‍රව්‍ය ඉවත් කරන්නයි. භාවනා කිරීමේදී මහන්සියක් දැනෙනකොට හොඳට හුස්මක් අරගෙන පිට කළාම සහනයක් දැනෙන්නේ භෞතික ශරීරයේ රැඳිල තිබුණ දේවල් ගැලවිලා ඉවත් වන නිසයි. ඇතැම් අවස්ථාවල ඇඟ ඇතුල රත්වෙනව වගේ දැනෙන්න පටන් ගන්නවා. පපුවට මහන්සියක් දැනෙනවා වගේ හන්දිපත් අස්සේ කැක්කුමකුත් දැනෙන්න පුළුවන්. මස් ලේ කය ඇතුලේ ඇඹරිලා තිබුණු ස්නායු පද්ධති සකස් වෙනකොට එ් වගේ වේදනා එන්න පුළුවන්. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී අරමුණුවල සිත යොදවමින් නිවනට හිත පිහිටුවාගෙන ඉන්න කොට විශ්වයට විහිදිලා තිබුණු සුදු කිරණ, හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් සමගම අභ්‍යන්තර මනෝමය කය වෙත ඇදිල එනවා. මනෝමය කයේ අඳුරු කිරණ දැවිල යන්නෙ චිත්ත ප්‍රසාදය නිසා ඇතිවන සුදු කිරණවල ශක්තියෙන්. මෙහිදී ඇතිවන නිරාමිස ප්‍රීතිය නිසා “ප්‍රීති මනස්ස කායෝ පස්සද්ධති” යනුවෙන් පෙන්වල තියෙන ආකාරයට ප්‍රීති වූ මනස කය සැහැල්ලූ බවට පත් කරනවා. මීළඟට “පස්සද්ධි කායෝ සුඛන්දේති” යනුවෙන් සැහැල්ලූ වූ කය තුළින් නිරාමිස සුඛයත්, “සුඛිනෝ සමාධියති” හෙවත් නිරාමිස ප්‍රීතිය සහ සුඛය තුළින් සමාධියත් ඇති වෙනවා.
ලෝකය තුළ ඇසුරු කරන කිසිම දෙයක් කැමති සේ සිදුවෙන්නෙ නෑ. ඇසුරු කළොත් දුකින් පෙළෙන්න වෙනව කියල ලෝකය අනිච්ච වශයෙන් දැක්ක කෙනෙක් පමණයි සත්‍යාවබෝධය ලබන්නේ.
ආනාපානසති භාවනාව තුළින් “සතෝව අස්සසති සතෝව පස්සසති” සිදුවෙලා සමාධියට පත්වෙන්නෙ එ් ආකාරයෙන්. මෙතෙක් දීර්ඝ කාලයක් රාගයෙන් මත්වෙලා, ද්වේශයෙන් දැවෙමින්, මෝහයෙන් මුලා වෙලා ලෝකය අල්ලගෙන හිතපු, කියපු, කරපු දේවල් ලේසියෙන් අත්හරින්න බෑ. එ් වෙලාවට එ්වායේ ආදීනව ධර්මානුකූලව හේතුඵල වශයෙන් බලන්න ඕන. දීර්ඝ ලෙස ධර්මය ඇසුරු කරන කොට රාග, ද්වේශ, මෝහ සහිත සිතිවිලි, ක්‍රියා, වදන්වල අසාරත්වය දැකලා එ්වා පහ වෙන්න පටන් ගන්නවා. ඇලීම් ගැටීම් අරමුණු සොයාගෙන එ්වා නිච්චද, සැපද, අත්තද? නැත්නම් අනිච්චද, දුක්ඛද, අනත්තද කියල මෙනෙහි කරලා, තමා විනාශය කරා ඇද දමන, දුකට ඇද දමන පාප ධර්ම පහ කර දැමිය යුතුයි.
“දීඝංවා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති” යනුවෙන් පෙන්වල තියෙන්නේ ඇසුරු කරන පහ කරන ක්‍රම දෙකයි. දීර්ඝ ලෙස බැඳිල තිබුණ රාග, ද්වේශ, මෝහ කහට ගැලවිලා මනස ශුද්ධ වෙලා ගියත් ඉතා සුළු කෙලෙස් කහට කොටසක් ඉතිරි වෙන්න පුළුවන්. එ් සුළු කහට මොනවද කියල දැනගෙන කෙටියෙන් දහම් ඇසුරු කරගෙන එ්වා අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් මෙනෙහි කරල පහ කරල දාන්න ඕන.
“රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති” කිව්වේ ඉතිරි වෙලා තියෙන සුළු කහට පහ කරන ආකාරයයි. එ් ආකාරයෙන් සංඛාර පහ කරන්න නම් සියළුම කාය විග්රහ කරල දකින්න ඕන කිව්වෙ එ්කයි. මේ සියලූ කාය මුල්කරගෙන ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් යුක්ත වෙලා සිත, කය, වචනය තුළින් සිදු කරන සෑම සිතිවිල්ලක්ම, ක්‍රියාවක්ම, වචනයක්ම ධර්මානුකූලව අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැකල සියලූ කායන් හා බැඳිල තිබුණ හරයක් නැති ඡුන්ද රාගය පහ කිරීමත්, නිවන් මගට උපනිශ්‍රය වන ප්‍රනීත දහම් ඇසුරු කිරීමත් තුලින් ආනාපානසති භාවනාවෙන් ශික්ෂණය වන ආකාරයත් දක්වල තියෙනවා.
“සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති – සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති” මෙසේ දීර්ඝ වශයෙන් හා කෙටි වශයෙන් මේ කායයන් හා බැඳුණු ඡුන්ද රාගය අත්හැරී යනකොට, මේ පැවැත්ම තුළ බය ඇති කරන්නා වූ සංඛාර පහ කරල දමන්න පුළුවන් වෙනවා. “පස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති – පස්සං භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති” මේ ආකාරයෙන් පැවැත්මට හේතුකාරක වන්නා වූ, භය ඇති කරන්නා වූ සියළු සංඛාර පහකරන කොටයි භාවනාව වැඩෙන්නේ. ආනාපානසති භාවනාව තුළින් සංඛාර පහකරන කොට ආශ්වාස ප්රාශ්වාස බැලිය යුතු තවත් ක්‍රම තුනක් පෙන්වල තියෙනවා.
“ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහරති බනිද්ධාවා කායේ කායානුපස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති”
මේ කරුණ අද පෙන්වන්නේ, තමාගේ කය අනුව ආශ්වාස ප්රාශ්වාස බලමින් වාසය කරන්න, අන්‍යයන්ගේ කයේත් කය අනුව බලමින් වාසය කරන්න, තමන්ගේත් අන්‍යයන්ගේත් කායවල ආශ්වාස ප්රාශ්වාස බලමින් වාසය කරන්න කියලයි. මෙහිදී තමන්ගේ ශරීරයේ නාසය අග, තොල්මත, ආශ්වාස ප්‍රශ්වාස වාතය වැදෙන හැටි බලනවා වගේ අනෙක් අයගේ නාසය අග තොල් මත ආශ්වාස ප්රාශ්වාස වාතය බලන්න පුළුවන්ද කියල හොඳින් කල්පනා කරල බලන්න. ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක් වැනි මිනිස් පුළුටක් නැති තැනකට ගිහිල්ලයි මේ භාවනාවට ඉඳගන්නේ. මේ අවස්ථාවේ අනුන්ගේ කය බලන්නේ කොහොමද? තමන්ගේ ආශ්වාස ප්රාශ්වාස%
- ආන නම් – අස්වාස කරන හෙවත් ඇසුරු කරන අරමුණු ය. විරාග, අද්වේශ අරමුණු ඇසුරු කිරීම නිවනට හේතු වේ. ආන නම් එවැනි අරමුණු ඇසුරු කිරීමයි.
- පාන නම් – පස්සාස කරන හෙවත් ඇසුරු නොකරන අරමුණු ය. රාග ද්වේශ අරමුණු ඇසුරු නොකිරීම පාන නම් වේ.

ලෝකෝත්තර මඟට ආරක්ෂාවක් වූ බුද්ධානුස්සතිය නිවැරදිව වඩන අයුරු..
මාර විපත්වලින් මිදී ලෝකෝත්තර මාර්ගය වැඞීමට සිව්රඟ සෙනඟක් මෙන් සිටින ශාසනයේ ආරක්ෂා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය හා මරණානුස්සතිය කියන මේ හතර සේනාව තමයි මාර්ග ආරක්ෂකයෝ වන්නේ. නමුත් අද වන විට මේ සතර සේනාව සඟවා මායා සේනා හතරක් විද්‍යමාන වී ඇති බවයි පේන්නේ. ඒ බව විමසා බලා වටහා ගැනීම නැණවතුන් සතුයි. මෙයින් පළමුව ම විග්රහ කරන්නේ බුද්ධානුස්සතියයි. මේ ඉතා යහපත් කර්මස්ථානයක්. ඒ වගේ ම වැඩසිදුවන ස්ථානයක්. මෙමඟින් අවැඩ දුරු කර වැඩ හෙවත් ක්‍රියා ශුද්ධිය ඇති කරනවා. මෙය මෙනෙහි කරන ක්‍රම දෙකක් තියෙනවා. නව අරහාදී බුදුගුණ පද වශයෙන් සඡ්ජායනාව එක් ක්‍රමයක්. ඒ වගේ ම මේ ගුණ පදවලින් කියැවෙන ගුණ විග්රහ කිරීමේ දී, මෙ පමණකින් මේ පදයේ ගුණ පූර්ණ වේ යැයි කියා සීමා නො කළ යුතුයි.
ඒ ඇයි…? බුදු ගුණ නම් අනන්තයි. ගුණ පදය කියන්නේ ගුණ පෙදෙසක්. අනන්තය තුළ ඇති පෙදෙසත් අනන්තයි. අනන්ත ලෝක ධාතු පිහිටි අනන්ත ආකාසය ප්‍රදේශ දහයකට බෙදුවත්, ඒ දස ප්‍රදේශයට මෙපමණකින් මේ ප්‍රදේශය පූර්ණ වේ යැයි කිව නො හැකිවා මෙන්, අනන්ත පද හෙවත් ප්‍රදේශ වූ බුදුගුණ මෙපමණකින්, මේ ප්‍රදේශය වේ යැයි කියන්න බෑ. යම් බුදුවරයන් වහන්සේ නමක් සාමුක්ඛන්සික (මෝක්ෂය උදෙසා කරන දේශනා - චතුරාර්ය සත්‍ය කුළුගන්වා කෙරෙන අසමසම දේශනා) දේශණා නියායෙන් එක ගුණයක් නැත්නම් එක ගුණ පෙදෙසක් පිළිබඳව ගුණ ප්‍රකාශ කරන්න ගියොත් උන්වහන්සේගේ ජීවමාන ආයුෂ ගෙවී යනවා මිසක් ගුණ කෙළවර නොවන බවත්, උන්වහන්සේම දේශණා කර තියෙනවා. එම නිසා අනුරූප ගුණ දේශණයක් ප්‍රකාශ කරනවා නම් මෙබඳු ගුණ පෙදෙසට අයත් මේ ගුණ ඇති නිසා මෙම පදය ඇසුරේ වේ, එය අනන්ත ගුණය තුළ ඇතුළත් ය, යනුවෙන් ප්‍රකාශ කරනවා මිසක් මෙපමණකින් මේ පදය පූර්ණ වේ යැයි නො සිතිය යුතුයි.
රහසින්වත් පව් නොකිරීම, කෙලෙස් හී පහර දුරු කිරීම, පූජාවට සුදුසුවීම යන මේවා අරහං කියන පෙදෙසේ ගුණ මිසක් පූර්ණත්වයක් පෙන්විය හැකි කාරණා නොවෙයි. රහසින්වත් පව් නොකිරීම යන කාරණයේ දී අපට වැටහෙන්නේ ගුණ කඳක අංශුවක් පමණයි. සාමාන්‍ය පෘථජ්ජන වූ මඟඵල නොලත් අයෙකු මේ ගුණය සිහිකරන විට වැටහෙනවාට වඩා ශතසහශ්ර ගුණයකින් සෝවාන් මගඵලලාභී උතුමන්ට මේ ගුණය වැටහෙනවා. ඊට වඩා ශතසහශ්ර ගුණයකින් සකෘදාගාමී උතුමන්ට වැටහෙනවා. ඊටත් වඩා ශතසහශ්ර ගුණයෙන් අනාගාමී උතුමන්ට වැටහෙනවා. මේ විදිහට රහතන් වහන්සේලාට අනන්තව වැටහෙනවා. ළිඳේ සිටි ගෙම්බා තම ගෙඹි දරුවාට ගවයාගේ පමණ දැක්වීමට පුම්බන්නට ගොස් පැලී මැරුණා සේ, යන ප්රස්ථා පිරුළ වගේ මෙපමණකින් මේ ගුණය ඇත, යනුවෙන් සීමා තබන්නට ගියොත් එසේම නිෂ්ඵල වෙනවා. එම නිසා රහසින්වත් පව් නොකිරීම, කෙලෙස් සැර දුරු වීම, පූජාවන්ට සුදුසු බව කියන මේවාත් අනන්ත වූ අරහං ගුණස්කන්ධයෝ වෙනවා.
අනන්ත නිසා අසීමිතයි, සඡ්ජායනා කිරීම්, මෙනෙහි කිරීම් උචිත යි. එවිට අනන්ත වූ ගුණ ස්වභාවය වැටහෙමින් අනන්ත ගුණ ගරුත්වයේ පිහිටා බුද්ධානුස්සතිය වැඩෙනවා. රහසින්වත් පව් නොකරන බැවින් ද, කෙලෙස් සර දුරු කළ බැවින් ද, පූජාවට සුදුසු බැවින් ද අරහං නම් වේ කියා මෙනෙහි කළොත් එය පමණ දන්නෙකුගේ අදහසක් කථාවක් ලෙසින් වන ප්‍රකාශයක් බව තේරුම් ගත යුතුයි. බුදුන් වහන්සේ හැර පමණ දකින්නට සමතෙක් තුන් ලෝකයේම නෑ. දකින්නේ නම් අනන්ත බවම පමණක් දකිනවා. ලෝකයේ සම්මත විද්‍යාඥයකුගේ බහ තෝරන වයසේ දරුවෙක් තම පියා දක්ෂ ලෙස පරීක්ෂණ කර විශ්මයජනක නිෂ්පාදන කරන නිසා උසස් විද්‍යාඥයෙක් යැයි වෙනත් අයෙකු කියනවා අසා, ඒ වචන මාලාව මතක තබාගෙන මගේ පියා දක්ෂ ලෙස පරීක්ෂණ කර විශ්මයජනක නිපදවීම් කරන නිසා විද්යාඥයෙකැයි නිගමන සහිත කථාවක් කියයි නම්, සැබැවින්ම එය දරුවාගේ වැටහීම් සහිත කියමනක් වේ ද, නැත්නම් බොලඳ කථාවක් වේදැයි සිතා බලන්න. එවිට ඒ අනුසාරයෙන් බුදුගුණ මෙනෙහි කළ යුතු ආකාරය වටහා ගත හැකියි.
දරුවෙකුට සාගරයේ ගැඹුර, පමණ නොවැටහුණත් දියෙන් බිඳක් ගෙන කට ගා රස බලන්නටත්, ජල කඳ පිළිබඳව සීමාවක් නොවැටහුණත් කිමිදී නාන්නටත්, කුණු සෝදා කය පිරිසිදු කරගන්නටත් පුළුවන්. එසේම තමාට වැටහෙන තේරුම් ගත හැකි මට්ටමින් හිතමින් ගුණ සිහිකරන්නත් පුළුවන්. එවිට වචනය හෝ වචනවලට වැරදි ලෙස ගත් අරුතක් හෝ මනසේ ස්පර්ශ නොවී, ගුණ අදහස් ස්පර්ශ වෙනවා. එමඟින් ගුණ දැනීම පහළ වෙනවා. ඒ ස්පර්ශය සුව දෙනවා. එහි ඇලීම, බැඳීම වෙනවා. ගුණ අනුකූල ස්වභාවයට යම් පහළවීමක් හිමි ද, ඒ පහළවීම හෙවත් භව වෙනවා. එවිට ගුණවතෙක් ජනිත වෙනවා. බුදු ගුණ නාම රූපයන් ඇසුරෙන් බිහි වූ ගුණවතාට බුදුගුණයේ සහජ උරුමයට හිමිවන නැණ නුවණ පහණ වෙනවා. අනිච්ච, දුක්ඛ, අනත්ත යන පෙළ දහම මෙනෙහි කළා ද, අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ශක්ති සහිතව වැටහෙනවා. එය බුදු ගුණ ඇසුරේ ලබන වාසනා ඵලයක්. මේ විදිහට පූර්ව භාග ප්‍රතිපදා මාර්ගයත් ඒකායන මාර්ගයත් ප්රත්යක්ෂ ඵලය ලෙස රහත් ඵල ලැබීම තෙක් කාර්ය සිද්ධිය වෙනවා.
නවගුණ, පද වශයෙන් සඡ්ජායනා කිරීමත්, පූර්වභාග නුවණ ගෙනදීමට හේතු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොම ද? සර්වඥතා ඥාණය ප්රත්යක්ෂ කොට ගෙන වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණ වඩන නාම රූපයන් විද්‍යමාන වෙනවා. පවිත්‍ර වූ ප්‍රභාෂ්වර වූ දැනීමෙන් යම් හැඟීමක් දෙන ශබ්ද රූපයක් විද්‍යමාන කෙරේ ද, ඒ වාග් රූප මාලාව වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණයන්ගෙන් ගෙනවා. එහි අක්ෂර රටාවත්, ශබ්ද රටාවත්, පද රටාවත් අනුකූල නාම රූප පහළ කරන ලෙස ලෝකයට දිස්වෙනවා. ඒ රටාව ඇසුරු කිරීම නිසා නාම රූප ඇසුරක් සිද්ධ වෙනවා. ඒ ඇසුරු කිරීම ප්රත්යක්ෂ කරගෙන විඤ්ඤාණය පහළ වෙනවා.
ඒ විඤ්ඤාණය අනුරූප වූ නාම රූප පහළ කරනවා. එයින් අනුරූප සලායතන වෙනවා. එවිට අනුකූල මනෝ ස්පර්ශය සිද්ධ වෙනවා. එයින් නිවීම, සැනසීම සහිත නිරාමිස සුවය ගෙන දෙනවා. එහි ඇලීම, බැඳී සිටීම වෙනවා. මූල බීජ වූ නාම රූපයෝ යම් ස්වභාවයක් වී ද, ඊට අනුකූල වූ අනුරූපයෝ පහළ වෙනවා. එමඟින් බුද්ධ ගුණවතෙක් ජනිත වෙනවා. ඒ ගුණවතාට අනිච්ච, දුක්ඛ, අනත්ත සහිත දහම් ශ්‍රවණය වේ ද, පූර්ව භාග ප්‍රතිපදා පූර්ණ නිසා ඒකායන වූ රාගක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය වූ මාර්ගය වැඞී ඵල ලබනවා. රහත් බවට පත් වෙනවා.
මිනිසාගේ ලොව පහළවීමක් ඇත් ද, ගස් ජාති, වැල් ජාති, කෘමි ජාති, තිරිසන් ජාති, මත්ස්‍ය ජාතී ආදී ලෙස අසම්බන්ධ ආකාර ස්වභාව මේ මිනිස් ජාතියේ දකින්නට නෑ. මිනිසාගේ ලෙයට ලෙය, මසට මස, සමට සම, ඉන්ද්‍රියට ඉන්ද්රිය බද්ධ වෙනවා. ඒ නිසා මිනිස් ජාතියේ ජාති සමානත්වයක් කායිකව පවතින බව බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. නමුත් මුලා සහගත ලෝකයා මේ ගැන නොසිතා නොයෙක් දුශ්චරිත කරමින්ල ධනයෙන්, බලයෙන්, නිලයෙන් මත්වෙලා තම වංශය උසස් ය, කුලය උසස් ය, ජාතිය උසස් ය, තත්ත්වය තානාන්තරය සම්මතය අනුව මම මෙසේ වෙමියි, සම්මත පනවාගෙන මුලා වූ ජාති අදහසක ගැලී සිටිනවා, යන්නත් බුද්ධ දේශණාවක්. මේ මුලා ජාති ස්වභාවයේ පිහිටා දෘෂ්ටි ගත වී සිටින තුරු නිවන් මඟ වැසෙන බවත් දැන එබැවින් නියම ජාති පහළ වන පටිච්ඡසමුප්පාද දහම් නියාය දැන සසර සැරිසැරීමට හේතුවන ජාතිවල ඉපදීම මේ අත්භවයේදීම හටගන්නා ජාති තුළින් දැන, ඒ ජාති පහළ කරන අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන බවින් ඊට අනුරූප වූ නාම රූප ස්පර්ශ නොකර ඒවා පහ කරමින්, යම් ජාතියක පහළ වන්නේ ද, එහි ජරා මරණයෙන් පසු මතු පහළ නොවේ ද, ඒ ජාතිය ලබන ජාති මාර්ගය සොයා දැන, ඊට පත්වීමට සුදුසු මඟ වැඩිය යුතුයි. මෙය ද බුද්ධ දේශිත ධර්ම රටාව අනුව පෙන්වන පටිච්ඡසමුප්පාද විවරණයක් බව දැන ගන්න.
ප්රවෘත්ති කලාප හෙවත්, මිනිස් භවයේ මව් කුසින් උපතේ පටන් මහල්ලෙක්ව මිය යන තුරු අතර කාලය තුළ මිනිසා උපදින නියම ජාතිය හේතු ඵල අනුව ලැබෙන අයුරු බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. ඒ තුළින් මරණින් මතු සසර ගමනට හේතුවන ජාති සහ ඒවාට හේතුවන මාර්ග, පටිච්ඡසමුප්පන්න ධර්ම මාර්ගයෙන් දැන වටහා ගෙන හේතු නිරෝධ ධර්ම නියායෙන් හැර දැමූ විට එබඳු උපතක් සිදු වෙන්නේ නෑ. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙන් ආර්ය ජාතිවල පහළ විය යුතුයි. කෙළවර අන්තිම ජාතිය වන රහතන් වහන්සේ හෙවත්, රහත් ජාතිය ලැබිය යුතුයි. මෙහිදී පහළ කර නො ගත යුතු ප්රවෘත්ති ජාති කිහිපයක් මෙසේ දක්වන්න පුළුවන්. මිනී මරුවා, හිංසකයා, හොරා, සල්ලාලයා, බේබද්දා, සූදුඅන්තුවා, බොරුකාරයා, කේලමා, ජඩයා, ප්රලාපයා, ලෝභයා, මෝඩයා, මේ ප්රවෘත්ති ජාති අතර ප්‍රධාන ජාති කිහිපයකි. මේ එක් එක් ජාතියක් තුළ ස්වභාවයේ අඩු වැඩිතාවය අනුව අතුරු ජාතිකයෝ බොහෝ වෙනවා. මේ සියල්ලෝම දුගති හිමි ජාතිකයෝ යිල මතු දුගති උපතට හේතුකාරකයෝ යිල උපතක දී දුක් විපාකවලට හේතුකාරකයෝ යි. මේ ජාති පහළ වන්නේ මෙසේයි.
ප්‍රාණඝාතය පිළිබඳව යම් පි‍්‍රය බවක්ල ආස්වාද බවක්, ලාභ කීර්ති ප්‍රශංසා ලබන බවට හේතු කාරක බවක් වුණොත් ඒ කෙරෙහි ප්‍රිය මනාප වී ඒ සඳහා සොයනවා, විමසුම් කරනවා, සෙවූ දේ ලබනවා, දරුණු ආයුධ ඇසුරු කරනවා, සැඩ ගති ප්‍රිය කරනවා, ප්‍රාණඝාතයට සුදුසු අරමුණ, පුද්ගලයා මුණගැසෙනවා, ඊට අවස්ථාව සැලසෙනවා. මේවා මොනවා ද? ප්‍රාණඝාතය සඳහා හේතු ගෙනදෙන ආකාර, ලිංග, නිමිති, උද්දේශ, ප්රඥප්ති, පහළ කරන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුයි. ඇස, කන ආදී ඉන්ද්‍රියන් මඟින් ගන්නා මේවායේ ඇසුර නිසා ඉහත කී ආකාර, ලිංග ආදී නාම රූපයෝ විඤ්ඤාණයේ බැස ගන්නවා. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙනවා. විඤ්ඤාණය නාම රූප පහළ කරනවා. ඒ නාම රූප නැවත විඤ්ඤාණ පහළ කරනවා. විඤ්ඤාණ බලවත් වෙනවා. ඒවා බලවත් නාම රූප පහළ කරනවා. එවිට ඇස, කන, දිව,
නාසය, ශරීරය, මනස අනුකූල කරමින් අනුරූපව සලායතන පහළ වෙනවා. එවිට අනුරූප ස්පර්ශ වෙනවා. යම් නාම රූප ධර්මයක්, යම් ස්වභාව ඇත්තේ ද, ඊට ආවේනික වින්දනය පහළ වෙනවා. එවිට ප්‍රිය මධුර ආස්වාද ලෙස භුක්ති විඳිමින් එහිම ඇළුම් කරනවා. තණ්හාව වෙනවා. ඒ නිසාම තණ්හා කළ තැන තදින් බැඳීම හෙවත්, උපාදාන වෙනවා. පවත්වා ගැනීමේ බලාපොරොත්තු දැඩි වෙනවා. එවිට අනුරූප වූ ස්වභාවයට සිත, කය, පරිසරය හැඩ ගැසෙනවා. ඒ පහළ කිරීම හෙවත්, භවය ගතියට අනුව සිදුවෙනවා. කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. ඵලය නිපද වී හමාරයි. දැන් මිනීමරුවා යන ජාතිය පහළ වුණා.
මේ අනුසාරයෙන් පටිච්ඡසමුප්පාද ධර්ම නියාමයෙන් ප්රවෘත්ති ජාති පහළ වන අයුරු වටහාගත යුතුයි. එම නිසා මිනීමරුවා යන ජාතිය හේතු ඵලයක් පටිච්ඡු සමුප්පන්නයි. දුකට හේතු වෙයි. ඊට ආසා කළත් උපන් සෑම ජාතියක්ම ජරා ව්‍යාධි මරණයන්ට ගොදුරු වෙනවා, වැනසෙනවා. සාරත්වයක් දෙන්නෙ නෑ. නිස්සාරයි. එය හේතුවට අනුකූල ඵලය මිසක් කැමති සේ පැවැත්විය හැක්කක් නොවෙයි. එසේම ගැලවීමට මඟක් තියෙනවා. කිසිවකුගේ බලයකට, අණසකට යටත් ව කිසිම ජාතියකින් තමාට වෙන් නොවිය හැකි ලෙස බැඳ තබා නෑ. හේතුව ඇසුරු කිරීම තමා කළ දෙයක්. එවිට තමා ලෙස තිබුණේ හේතු ඵල ක්‍රියාවලිය යි. ඒ හේතුඵල ක්‍රියාවලිය අවිද්‍යා, තණ්හා, උපාදාන නිසාම ක්‍රියාත්මක වුණා. එයින් ක්රියාඵලය, තමා ලෙස හෙවත්, ප්රවෘත්ති ජාති ලෙස පහළ වී තියෙනවා.
අවිද්‍යා, තණ්හා, උපාදාන, නිරෝධ කරන මඟ බුදුන් වහන්සේ දේශණා කර තියෙනවා. ඒ සත්‍ය ලෝකෝත්තර මර්ගය කිසිම ශ්‍රේෂ්ඨ උතුමකුගේ නිෂ්පාදනයක් ද නොවෙයි. සිදුකර ඇත්තේ යටපත්ව අවිද්‍යමාන තිබූවක් මතුකර විද්‍යමාන කිරීම පමණයි. මිදීමට රුකුල් දෙන මහා ශක්තිය ද මතුකර තියෙනවා. එම ශක්තිය උපයෝගී කර ගනිමින් ආර්ය මඟ ජාති දැන ඒ මඟ, ඒ ජාති ඇසුරෙන් දුක් කෙළවර කරන රහත් ඵලය නමැති අන්තිම ජාතිය කරා යන මඟ පටිච්ඡසමුප්පන්නව යා යුතුයි. සූවිසි ගුණ තුළින් අනුගමනය කළ යුතු ඒ මාර්ගය වටහා ගත් විට ඒ ශාසනික වූ නාමරූප ස්පර්ශය සුදුසු පරිදි ලැබෙනවා. ඒ අනුසාරයෙන් පටිච්ඡසමුප්පන්නව ආර්ය ජාති පෙළ, පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් ද, ඒකායන මාර්ග වශයෙන් ද, ඵල වශයෙන් ද, පහළ වෙනවා. මේ විස්තරය පෙන්වූයේ චතුර් ආරක්ෂා පූර්ව භාග ප්‍රතිපදා
සිදුවන අයුරු පෙන්වීමට යි.
මෙසේ බුදු ගුණ මෙනෙහි කරන විට තමාට වැටහෙන කොටස අනන්ත බුදු ගුණයේ අංශු මාත්‍රයක් බව වැටහෙනවා. එවිට අසමසම වූ ලොව්තුරා බුදුන් වහන්සේලාගේ ස්වභාවය වැටහෙමින් බුදුගුණ අනන්ත බව වැටහෙමින් සම්‍යක් ප්‍රයෝග වූ ද, අනන්ත සසරේ පටන් ලෞකිකත්වයට ඇදෙමින් තිබූ තණ්හා උපාදානයෙන් මෙල්ල වෙනවා. බුදුසරණ ලැබී සැනසුමට, ඒකායන මාර්ගයට සුදුසු ප්‍රතිපදාව අනුගමනයට සුදුසු වූ ජාතියක පිහිටි බව වැටහෙනවා. දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීමත් මෙසේම යි. පිළිසරණත් ඒ විදිහටම ලැබෙනවා. මේ තුන් පිළිසරණ නැතිව අනන්ත සසරේ පටන් ආ තණ්හා උපාදාන මැඬපවත්වන්න බෑ. තමා නො දැනුවත්ව ම රැවටී රූපා රූප භවයන්හි ස්වභාවයන් ස්පර්ශ කර එහි තණ්හා උපාදාන බැඳී නිවන යැයි රැවටෙනවා. සතර මංසංධියක සිටින කෙනකුට හතර දෙසකට පාරවල් හතරක් පේනවා. මංසංධිය මධ්‍යයයි. පාර තෝරා ගත යුත්තේ එතනදීයි. මේ විදිහට උපමා තෝරා ගන්න. එක් මගක් නිවනටයි. එකක් කාම ලෝකයටයි. එකක් රූප ලෝකයටයි. අනෙක අරූප ලෝකයටයි.
යම් ලෝකයකට යන පාරක් ගන්නේ නම් ඒ පාර ඒ ලොවට මිස, වෙන ලෝකයකට නොවෙයි. වෙන ලෝකයකට යන්න නම් මොහොතකින් හෝ සිව්මංසලට ආපසු ඇවිත් හැරී සුදුසු පාරේ යා යුතුයි. එසේ නොහැරී නෑවිත් කිසිවිටෙක අනික් ලොවකට ද, නිවනට ද, යන්න බෑ. බුදුන් වහන්සේ මහා බ්‍රහ්මයාට ධර්ම දේශණා කළත් හැරෙන්න බැරි වූ නිසා තවමත් බඹලොව තණ්හා උපාදාන භව ජාති පහළ කරමින් ඉන්නවා.
එකල රූප ලෝක හා අරූප ලෝක මාර්ගයන්හි ගිය යෝගීන් බුදුන් වහන්සේට හෝ නිවන් මඟට සම්බන්ධව නිවන් මඟට නොහැරී උන්වහන්සේ ආත්මය වනසන භයානක කෙනකු ලෙසත්, ප්‍රකාශ කළා. අන්‍ය මාර්ග ඇසුරෙන් සිදුවන තණ්හා උපාදානයෝ කෙතරම් රැවටීම් සහගත ද, මුලා සහගත ද, යන්න මෙයින් පැහැදිලි වෙනවා. සිල්වත් වූ පළියට ධ්‍යානලාභී වූ පළියට තණ්හා උපාදානයෝ මැඬලන්න බෑ. අවිද්‍යාව, අන්ධ බව නැති කරන්න බෑ. සෝතාපන්න නම් වූ ඇස් ඇති ජාතියට පත්නොවුණ හොත් ශකයාණන් වහන්සේලා කොතෙක් දහම් නැණපහන් දැල්වූවත් අන්ධ බැවින් නොපෙනෙනු ඇත. අත ගා ලැබූ ස්පර්ශයකට ම මුලා වෙලා රැවටෙනවා මිසක්, ඇස් නැත්තෙක් කවදා නම් රූ සටහන් දකී ද? ඇස් පහළ කරගත් සියල්ලෝ යම් දිනක බුදු ගුණ ගරු කළ අයම ය. අපදාන පාලියේ ථේරාපදානයෝ මීට සාක්ෂි දරනවා. ලොව්තුරා බුදුවීමට ද, බුද්ධ ප්‍රසාදය මුල් විය යුතුයි. මේ බුදු ගුණයෙහි අංශු මාත්‍ර හෝ ප්‍රසාදයක් පූර්ව භාග ප්‍රතිපදාවේ මුළටම පහළ වන දිනයක් ඇත් ද, ඒ අවස්ථාව මේ භවයට වසර කල්ප ගණනකට ඈතයි. දහම් ඇස පහළ වන්නේ මෙසේ කල්ප ගණනක් ගිය මූලික ගුණයේ වැඩුණු අයට යි. ඒ පූර්ව භාග ප්‍රතිපදාවේ කල්ප ගණනකට පෙර මුල් වූ තෙරුවන් කෙරෙහි ප්‍රසාද අවස්ථා ද සත්වයෙකුට ලබන්නට හේතු වාසනා තිබිය යුතුයි. එම හේතු වාසනාවට ද ඈත අතීත වූ මුලක් තියෙනවා. එය නම් ආර්ය ගුණයට ළඟම ඇති ලෞකිකත්වයේ මව්පියන්ට ගරු කර ලබන ගුණ පැහැදීමයි.
මෙහෙම කිව්වාම අධෛර්යමත් නොවිය යුතුයි. බුදු, දම්, සඟ ගුණ අසන්නට, දර්ශණය කරන්නට, සිත්හි පවත්වන්නට ඔබට යම් ආසාවක් ඇත් ද, ඒ ගුණය කෙරෙහි සිත් බැඳී, එබඳු ගුණවතුන් ඇසුරක් ඔබට ද ඇත් ද, ඔබ මීට කල්ප ගණනක පටන් පූර්ව භාග ප්රතිපදාවක ආරම්භය ඇති වටිනා පින්වතෙක් බව වටහා ගන්න. තෙරුවන් හි පැහැදෙන, ගුණ කියන, ගුණයෙහි බැස සිටින ඔබගේ නිවන දහම් ඇස ඒ මොහොතේ පහළ වන්නට තරම් අත ළඟයි. මේ මඟ නො වැඩූ, සසර එම වාසනාව නො ලැබූවෙකුට තෙරුවන් ගුණය කොතෙක් විද්‍යමාන වූවත්, අංශුමාත්ර ප්‍රසාදයක් පහළ වෙන්නේ නෑ. එබන්දෝ කෙසේවත් ගුණ ගරුක වෙන්නෙත් නෑ.
එම නිසා එබඳු අය දැක්කත් අසන්න ලැබුණත් ඒ ගැන කම්පා ද නොවිය යුතුයි. අවමන් ද නො කළ යුතුයි. මුණින් පෙරලෙන්නටවත් බැරි දරුවෙක් දැක මොහුට දුවන්නට බැරි ඇයි දැයි අහනවා නම්, හිතනවා නම්, එහෙම අහන හිතන තමා ද සිටින්නේ මහ මුලාවක බව දැනගත යුතුයි. මේ තමයි උපේක්ෂා විය යුතු තැන්. ශාසනික වූ කරුණා මාර්ගයෙන් කවදා හෝ යහමඟට පත් වේවායි ඒ අයට ද, ආශිර්වාද පැතිරවිය යුතුයි. ඒක තෙරුවන් ගුණ දරන උතුමන්ගේ සිරිතක්. මේ ගුණ තුළට ඇතුළු වන උතුමන්ට එම නම්වලින් ආමන්ත්‍රණය කිරීමත් සිදුකරන්නක්. බුදුගුණ කියන විට බුදුන් වහන්සේට පමණක් අයිති ගුණ කියාත්, දම් ගුණ ධර්ම රත්නයට පමණක් අයිති ගුණ කියාත්, සඟ ගුණ සංඝරත්නයට පමණක් හිමි ගුණ කියාත්, සමහර අය සිතනවා. නමුත් එය එසේ නොවෙයි. මේ අනන්ත වූ ගුණස්කන්ධ මාලාවන් ඒ ඒ මට්ටමින් ආර්ය පුද්ගලයන්ටත් තියෙනවා. ශේෂමාත්රව අනුමාන වශයෙන් පෘතඡ්ජන ගෝත්‍රය නො ඉක්ම වූ බෞද්ධයන්ටත් තියෙනවා. (බ්‍රහ්මජාල සූත්‍රය) එසේ නොමැතිව බුදුගුණ නවය බුදුන්වහන්සේට පමණක් නම්, ඒ ගුණ නාමයන්ගෙන් රහතන් වහන්සේලාට ආමන්ත්‍රණය නොකෙරිය යුතුයි. බුදුන් වහන්සේ ද රහතන් වහන්සේලාගේ ගුණයන්ගෙන් පූර්ණයි. නවමහා සඟ ගුණයන්ගෙන් පූර්ණයි. ධජග්ග සූත්‍රයේ දී ශාසන අනුගාමික පින්වතුන්ට බියක් තැති ගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇති වුවොත්, බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ හෝ සිහි කරන ලෙසත් එවිට සියලූ භය තැති ගැනුම්, ලොමු දැහැගැනීම් දුරුවන බවත් පෙන්වා, ඊට හේතුව තථාගතයන් වහන්සේ කිසිවිට කිසිවකට බිය තැතිගැනුම් පලායාම් නැති නිසා බවත් දේශණා කර තියෙනවා. එයින් හැෙඟන්නේ සඟ ගුණ, නමුත් තථාගත ගුණ ම බවයි. තථාගතයන් වහන්සේ සූවිසි තුණුරුවන් ගුණයෙන්ම පූර්ණයි.
කෙබඳු මට්ටමකින් හෝ ගුණයක් තුළ ඇති අනන්ත ගුණ මාලාවන්ගෙන් යම් මට්ටමක් හෙවත් කොටසක් දරන්නේ නම් ගුණ දරන උතුමන්ගේ සංඛ්‍යාවට වැටෙන බව බුදුන් වහන්සේ දේශණා කර තියෙන්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න යන මේ ගුණ, සංඝයාට පවතින බවත්, සංඝත්වයේ ගුණ බවත්, ඒ ගුණ දරන උතුමන් පුද්ගල වශයෙන් අට කොටසක් ද මාර්ගඵල වශයෙන් යුගල ලෙස ගතහොත් හතර කොටසක් ද ලෙසත්, දේශනා කරමිනුයි. එහෙත් සෝතාපන්න පුද්ගලයාට වඩා මෙම ගුණ සකෘදාගාමී පුද්ගලයා ළඟ වැඩියි. අනාගාමී උතුමා ළඟ ඊටත් වැඩියි. රහතන් වහන්සේ ළඟ ඊටත් වැඩියි. බුදුන් වහන්සේ ළඟ පූර්ණයි. එහෙත් ප්රත්යක්ෂ ගුණ ටිකක් තිබුණත් සංඝ නමින් අමතනවා. මේ පරමාර්ථ සංඝත්වයයි, නියමාකාර සංඝත්වයයි. ඒකට ගිහි, පැවිදි භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ.
රහතන් වහන්සේලා ළඟ බුදුගුණවල අරහං ගුණයත් තියෙනවා. එම නිසා අරහං කියා රහතන් වහන්සේටත් ආමන්ත්‍රණය කරනවා. ඒ බව මඡ්ජිම නිකාය (1) (බු.ජ.ග්‍ර.මා) 650 පිටුවේ එන මහා අස්සපුර සූත්‍රයේ 33 ගාථාවේ මෙසේ සඳහන් වෙනවා.
කථංච භික්ඛවේ භික්ඛු අරහං හෝති ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලේසිකා පොනොභවිකා සදරා දුක්ඛ විපාකා ආයතිං ජාති ජරා මරණියා ඒවං ඛො භික්ඛු අරහං හෝති
එසේම බුදුගුණයක් වූ සුගත ගුණය ද රහතන් වහන්සේලාටත් තියෙනවා. ඒ නමින් ද අමතනවා. ඒ බව අංගුත්තර නිකායේ (1) ආනන්ද වර්ගයෙහි දක්වා තියෙනවා.
ස්වාමීනී ඔබ වහන්සේලාගේ රාගය, ද්වේශය, මෝහය, ප්‍රහීන විය. මතු නුපදින ස්වභාව ඇත්තාහුය. ඔබ වහන්සේලා ලෝකයෙහි සුගත වන්නාහුය.
මේ විදිහට රහතන් වහන්සේලා ළඟ බුදු, දම්, සඟ ගුණ පිහිටා තියෙනවා. ඊට හේතුව උන්වහන්සේලා ආර්ය ගුණය තුළින් ඒ ගුණ මාලාවන් දරමින් සූවිසි මහා ගුණ මාලාවන්හි එල්බෙමින් ගොස් රහත් ඵලය ලබා ඇති නිසයි. ගුණ මෙනෙහි කරමින් ඒ ගුණ අනන්ත බව දකිමින් සයුරෙන් ගත් ජල දෝතක් මෙන් ගුණ දරාගෙන නිවන් ගමනට සෑහෙන ගුණ මාලා ගනිමින් දරාගෙන ගුණවතෙක් වෙමින් රහතන් වහන්සේ යන ආර්ය ශ්‍රේෂ්ඨ ජාතියට පත්වනතුරු සූවිසි ගුණ තුළ ගමන් කොට බිය තැති ගැනුම්, ලොමු දැහැගැන්වීම් නැතිව ආර්ය මාර්ගය පූර්ණ කරනවා. පූර්ණ කරනතුරු සරණාගමනය ද රහත් ඵලයෙන් පූර්ණ වූ විට සරණගත බවට ද පත් වෙනවා. මේ විදිහට තිසරණය වටහා ගෙන බුද්ධානුස්සතිය දරාගත් විට එය මහත් වූ ආරක්ෂාවක් වෙනවා.

බුද්ධානුස්සතිය වඩමු
අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව සියලු ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් සමතෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් ලොව්තුරා බුදු කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ වුනු කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුනේය යන්න බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්.
“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. ඒකාන්තයෙන් ඒ බය නැති වෙලා යනවා. කුමක් නිසාද, මහණෙනි තථාගතයන් වහන්සේ අරිහත් සම්මා සම්බුද්ධයි, වීත රාගියි, වීත දෝෂයි, වීත මෝහයි, බය ගන්නෙ නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ”
මෙන්න මේ ගුණයෙන් බුදු රජාණන් වහන්සේ පුර්ණයි. එසේ නම් ශ්‍රාවකයන් වශයෙන් ඔබලා බුදු ගුණ සිහි කරනවා නම්, ඔබලාට ඒ කියන්නා වූ ආශිර්වාදය ලැබෙනවා. මෙන්න මේ ගුණ අපිට වැඩෙන්න නම්, අංශු මාත්‍රයකින් හරි අපි ඒ ගුණයට එන්න ඕනෙ. මේ අප්‍රමාණ ගුණ කැටි කරලා දේශනාවක් කරල තියෙනවා මෙන්න මේ විදිහට,
“අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති”
අපිට පුළුවන් මේ අප්‍රමාණ ගුණ නිතර දෙවේලේ කියමින් හෝ සිහිකරමින් ශාන්තියක් උදා කරගන්න. නමුත් එහෙම දෙයක් දැනට ලැබෙන පාටක් නැහැ, ඒ කිව්වෙ කොහේ හරි අපිට වැරදිලා තියෙනවා, ඒකට හේතුව තමයි අපි මෙච්චර කල් ඉපිසෝ භගවා…කියල පටන් අරගෙන තමයි බුදු ගුණ කර්මස්තානය කලේ. ඒ කිව්වෙ වචන දෙකක් එකපාරට එකට කියනවා නමුත් හරි විදිහ නම්, මෙහි “ඉතිපි සෝ” වචන දෙකක් විදියට ශබ්ද කරන්න ඕනෙ.
“ඉතිපිසෝ” කියද්දි “ඉෂ්ඨත්වය පිස දැමූ” කියන අර්ථයයි හැඟවෙන්නේ. “ඉතිපි සෝ භගවා” කියද්දි මෙසේ මෙසේ කාරණා වලින් ඒ භගවතුන් වහන්සේ කියන අර්ථයයි එන්නේ. මේ ආකාරයට පද , අකුරු මුලින්ම වෙනස් කර ගත් විට අග සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. උපමාවක් විදිහට අඩි 20 විතර උස කනුවක් මුලින් අංශක 10 විතර ඇල කලාම එහි මුදුන විශාල අගයකින් ඇල වෙනව වගේ, මුල වැරදුනාම අගට යන්න යන්න වැරදීම විශාල වෙනවා. ඒ වගේම පද එකින් එකට වෙන් කරලත් කියන්න ඕනෙ. එවිට බුදු රජාණන් වහන්සේගේ ගුණ නමය පද හැටියට කියවෙනවා.
වීතරාගී, වීතද්වේශී. වීතමෝහී ගතිහඬ මුල් කරගත් බුදුගුණ දේශනාවේ ශුද්ධ මාගදි භාෂාවෙන් අරහං , සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ.. ආදි ආකාරයට භවිතා කරගෙන යනකොට ගතිහඬ තුලින් අපිව ගෙනියනවා ඒ ඒ ගතිගුණය කරා. එහෙනම් අපේ මනස වීතරාගී, වීතද්වේශී, වීතමෝහී ගුණයට ක්‍රම ක්‍රමයෙන් නැඹුරු වෙනවා. මෙසේ යම් කාලයක් වැඩු විට බුදුගුණ වල භාෂාවෙ අර්ථය හැඟෙන (තමන්ටම හැඟීමක් එනවා මේකයි මේ ගුණය කියන එක) අවස්ථාවක් එනවා. උපමවාවක් කියනව නම් තමන්ගේ හිතවත් කෙනෙක් වෙන්වුන විට අඬන අවස්තාවක් ගන්න, දුක්, ශෝක, කනගාටු හැඟීමක්. හරියටම වචන වලින් විස්තර කරන්න බැරි දෙයක් වගේ. එවිට මේ ගුණ සිහි කරන විටම කායික මානසික පරිවර්තන සිදුවෙනවා. ඒ හැම පරිවර්තනයමක්ම එකිනෙකට ශාන්තයි, ප්‍රණීතයි. එකිනෙකට සමාධි වැඩෙනවා. නව අරහාදී බුදු ගුණ වලට වෙන් වෙන් වශයෙන් සමාධි නමයක් වැඩෙනවා. මෙන්න මේ සමාධියට වැටහෙන්න පටන් ගන්නවා සමාධි ලක්ෂණය. ඔය ටික පද වලින් කියන්න ගියොත් එහෙම අපිට කවදාවත් අර පහල මට්ටමේ ඉදගෙන නොදත් ප්‍රත්‍යයක් පද වලින් ගන්න ගියොත් එහෙම පහත් මට්ටමේ අදහසකින් පදය වැටහෙනව මිසක් නියම බුදු ගුණ හැගීම එන්නෙ නෑ.
අපිට යම් කිසි වෙලාවක යමක් තේරුම් ගන්න බැරිනම්, අනේ මට කොහොම තේරුම් ගන්නද ආදී අවස්ථාවල “අරහං, අරහං, අරහං, අරහං…….” ලෙස හෝ “නමෝ අරහං, නමෝ අරහං, නමෝ අරහං…..” ලෙස අරහං ගුණය වඩන්න පුළුවන්. මෙහෙම කියද්දි යම් තැනක සැඟවෙච්ච හරියක් තියෙනවා නම් සියල්ල මතු වෙලා හරියට computer එකක් දත්තයන් ගෙනත් දෙනව වගේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා, ඒ සැඟවුණ කරුණු තමන්ගේ මනසට ගෝචර වෙන්න පටන් ගන්නවා.
ලෝකයේ ඒ ඒ තැන් වලට ඇළුම් කරන , බැඳීම් කරන දේවල්, අනවින, කොඩිවින, ඇස්වහ, කටවහා, හෝවා, අඬොවැඩියා සහ බන්ධන ආදියෙන් යම් කෙනෙක් හිර කරල බැදලා තියෙනවා නම් “නමෝ සම්මා සම්බුද්ධෝ, නමෝ සම්මා සම්බුද්ධෝ, නමෝ සම්මා සම්බුද්ධෝ…….” කර්මස්ථානයක් විදියට වඩන්න පුළුවන්. හැබැයි ඔය ආකාරයට භාවනාව වඩනකොට ඇග හිර වෙන්න, තද වෙන්න, වේදනාවන් එන්න පටන් ගනියි. ඒකට හේතුව, අමනුස්සයො හිර කරගෙන, බැඳගෙන කුටි හදා ගෙන හිටපු දේවල් ඔක්කොම පුපුරලා යනවා. ඒ බන්ධන බැඳිල තිබෙන්නේ වා, පිත් , සෙම් වලින්. ඒවා සියල්ල ගැල වෙන්න පටන් ගන්නවා. එවිට ඔළුව හිර වෙනවා, ඇඟ හිරවෙනා, බෙල්ල හිරවෙනවා, අත පය හිර වෙනවා දැනෙනවා. ඒ වුනාට වඩන්නේ බුදු ගුණ නිසා කිසිම ආපදාවක් වෙන්නෙ නෑ. අප්‍රමාණ බුදුගුණ වලට එහා ගිය බලයක් මේ විශ්වයේ නැහැ. පීඩනය වැඩි වෙලා, වැඩි වෙලා අන්තිමට දරා ගන්න බැරි වුනාම අර යක්ෂ බන්ධන පරදිනවා. ඊට පස්සෙ දැනෙන්න පටන් ගන්නවා ඒ ඒ තැන් හිර කර ගෙන තිබුනු හැටි, කැඩිල ගිය හැටි. බන්ධන වල බරපතල කමේ හැටියට වඩා ගෙනම යන්න ඕනෙ. අහවල් දවසෙ මේක සම්පූර්ණ වෙනවා කියන්න බෑ. කවදාහරි සියලු බන්ධන පුපුරල යනවා. අනවශ්‍ය විෂ සහිත දෙයක් තිබුනොත් ඕක ඉදිමිලා ඉදිමිලා පුපුරල යනවා. සමහර විට ලේ විශ වෙලා යන්නත් පුළුවන්. හැබැයි කුණු ලේ යනවා මිසක් හොද නහර එකක් වත් පුපුරන්නෙ නෑ. ඒ වගේම අමනුස්ස ගුහාවන් වූ පිළිකා වගේ සෛල ආදියත් මෙසේ වඩා ගෙන යනකොට පුපුරලා යනවා. මේක තේරුම් අරගෙන බය වෙලා අතර මග නවත්තන්නෙ නැතුව දවස ගානෙ දිගටම කරගෙන යන්න ඕනෙ. සමහරු කියනව 108 වාරයක් වඩන්න ඕන ආදි වශයෙන් නමුත් එහෙම ගනනක් නැහැ, වැඩේ ඉවර වෙනකන් කරන්න ඕන. උපමාවක් කියනවනම් හිතන්න බැලුමක් පුපුරනකන් පිඹිනවා කියලා, අපිට කියන්න බැහැ නේ 108 වතාවක් පිම්බුවාම පිපිරෙනවා කියලා, කරන්නෙ පිපිරෙන කන පිඹින එකයි.
“නමෝ” කියන වචනයෙන් කියවෙන්නෙ “යම් කිසි ගුණයකට නම්‍යශීලි වෙනව එහෙම නැතිනම ඒ උතුම් ගුණයට නමස්කාර කරනවා.” ඒකෙන් පිනකුත් සිද්ධ වෙනවා. කුසලයත් වැඩෙනවා. පින වැඩීමෙන් බාහිර ලෞකික සම්පත්තිය වැඩෙනවා. කුසලය වැඩීමෙන් ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. ඊට අමතරව බයක් , තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් තිබුන නම් ඒකත් දුරු වෙලා යනවා.ලෙඩක්, රෝගයක් තිබුනා නම් ඒකත් දුරු වෙලා යනවා.
ඉතුරු ගුණයන් සහා එම ගුණයෙන් වැඩන දේත් පහත තියෙනවා, ඉහත ආකාරයටම වැඩිය යුතුයි.
මූලික වශයෙන් “නමෝ විජ්ජාචරණ සම්පණ්ණෝ” ගුණය වැඩිමෙනුත් යම් කිසි අප තුල අසංවර භාවයක් තියෙනවා නම එය දුරු වෙලා සංවර භාවයත්, “නමෝ සුගතෝ” ගුණය වැඩිමෙන් තමන්ගෙ ලෞකික/ලෝකෝත්තර වශයෙන් තිබුනු මාර්ගයේ බාධාත් දුරු වෙනවා. ඒ වගේම “නමෝ ලෝක විදූ” කියලා භාවනාව වඩන කොට ලෝකය පිළිබද විද්‍යාව පහල වෙනවා සමගම ලෝකය පිළිබදව බැඳුනු අවිද්‍යාවෙනුත් මිදෙන්න උපනිශ්‍රයක් වෙනවා. තවද “නමෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී” ගුණය වඩන විට යක්ෂ, අමනුස්ස, දාමරික බලහත්කාරකම්, බල පුළුවන්කාරකම් මැඩ පැවැත්විලා යහපත් ජයග්‍රහණ ලැබෙන්න හේතු වෙනවා. ” නමෝ සත්ථා දේව මනුස්සානං” කියලා කාලයක් වඩන විට ඇත්ත කතා කරන මානසිකත්වක් සහ වචන පැටළුමක් නැතිව ලෝකයේ ශස්තෘ බුද්ධිය ඇති කිරීමේ හැකියාව සහ එයට නැඹුරු වන මානසික ශක්තියද ලැබෙනවා. “නමෝ බුද්ධෝ” තුලින් භවය තුල බැඳිලා, රැඳිල ඉන්නවානම් බේරෙන්ඩ බැරුව භව පඳුර උදුරන අර්ථයෙන් වැඩීමේ හැකියාවද, ඉන්පසු ලෞකිකත්වයෙන් නිදහස් වෙලා ලෝකෝත්තරත්වයෙ පිහිටන්නට “නමෝ භගවා.” කියන කර්මස්ථාන ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
නව අරහාදි බුදුගුණ කර්මස්තානය නව ආකාරයකින් වඩන කොට නව ආකාරයක සමාධියක් නව ආකාරයකින් දෙපැත්තකට තිබෙන ලෞකික, ලෝකෝත්තර ඵලයන් ලැබෙනවා. අවශ්‍ය නම් පොදුවේ වඩන්නත් පුළුවන් ” ඉතිපි සෝ භගව .. අරහං…..” කියල. නමුත් එල්ල කරල කරන එක වඩා හොඳයි. මේ අතර බුදුන් සිහි කරල, ගුණ සිහි කරල, බුදු රජාණන් වහන්සේ මෙවැනි උත්තමයෙක් මමත් මෙබදු ගුණ වලට ගරු කරල මමත් ඒ වගේ ජීවිතය හැඩ ගස්සවා ගන්නවා කියල හිතල ඒකත් කර ගන්න ඕනෙ. තමන් තුල ඒ හැඟීම වැඩෙන්න වැඩෙන්න මේ භාවනවෙන් ලැබෙන ප්‍රතිඵලත් වැඩියි. මෙසේ එකින් එකට ශුද්ධ කර ගත්විට යථාවබෝධය ලබා ගන්න පහසු වෙනවා. හරියට මලකඩ කාපු යකඩයක්ට මිටියකින් ගහන කොට එන සද්දෙයි, එහි ඇති මලකඩ ටිකෙන් ටික සුද්ද කරලා ගහන කොට එන සද්දෙයි වෙනස වගේ.
කායානුපස්සනා සතිපට්ඨානය තුළින් ඇලීම සහ ගැටීම දුරුකර ගන්නා හැටි
(ලෝක සත්ත්වයා නොදකින ලෝකය දහම් ඇසින්)
කායානුපස්සනා සතිපට්ඨානය තුළින් ඇලීම සහ ගැටීම දුරුකර ගන්නා හැටි (ලෝක සත්ත්වයා නොදකින ලෝකය දහම් ඇසින්)
කෙනෙක් ලෝකය අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් යථාර්ථවත්ව දැක්ක දවසට ඔහු හෝ ඇය තුළ තිබූ සත්කාය දිට්ඨිය නැතිවී යන බව . ලෝකයට අයත් ඇස, කන, නාසය, දිව, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන දේවල් ඉච්ඡ, සුඛ, අත්ථ වශයෙන් අල්ලාගෙන ලෝක සත්ත්වයා කරන්නේ විකෘති කටයුත්තක්. ඒවා අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් යථාර්ථවත්ව දැක්ක දවසට ඔහුගේ විකෘතිය හෙවත් විචිකිච්චාව පහවී යනවා. දැන් ඔහුට පහළ වන්නේ බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති ආදී වශයෙන් හටගන්නේ විකෘති හිතක් නොවෙයි, ප්‍රකෘති හිතක්. මෙසේ ලෝකයේ යථාර්ථය දැකලා විශ්වාසයට පත්වුනාම, මේ දහම ලෝක සත්ත්වයාට දුන් බුදුපියාණන් වහන්සේ අසම සමයි, සම්මා සම්බුද්ධයි කියලා උන්වහන්සේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදයක් ඇතිවෙනවා. ලෝකයට අයත් දේ පිළිබඳව ලෝක සත්ත්වයාගේ කැමැත්ත අසීමිතයි. එහෙත් මේ දේවල් අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් දැක්කම කෙනෙකු තුළ පවතින ඉච්ඡතාවය අවම වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ කෙරෙහි ඇතිවන ප්‍රසාදය බුද්ධේ අවෙච්ච ප්රසාදයයි. එසේම මේ ධර්මය ලැබුණේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙනෙකුගෙන්මයි කියලා ධර්මය කෙරෙහි අවෙච්ච ප්‍රසාදයක් ඇතිවෙනවා. මේ ධර්මය තුළින් නිවන පූර්ණ කරගන්නා ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා සංඝයා කෙරෙහි ඇතිවන ප්‍රසාදය සංඝේ අවෙච්ච ප්රසාදයයි. මේ සත්‍යය පිළිබඳව අත්දැකීම් ලබලා විශ්වාසයක් ඇති වුනාම
මා කෙරෙහි අවෙච්ච ප්‍රසාදයක් ඇති සියල්ලන් සෝතාපන්නයි
කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ලෝක වස්තූන් කෙරෙහි ඉච්ඡත්වය අසීමිත පෘතජ්ජනයාට මානසික දාහ සහගත වික්ෂිප්ත භාවය අසීමිතයි. තිලකුණු දැක ඉච්ඡත්වය අඩුවුනාම දැනෙන නිවීමේ ශාන්තිය නිසා ඇතිවන්නේ තෙරුවන් කෙරෙහි අසීමිත ප්‍රසාදයක්. මේ තමයි අවෙච්ච ප්‍රසාදය.
මෙතනට පත්වූ කෙනෙක් මේ ලෝකය අසාරයි කියල දර්ශනය කළේ සිල් වෘතයක් සමාදන් වෙලා නෙමෙයි. ධර්මය ශ්‍රවණය කරලයි මෙසේ ධර්මාවබෝධයත් සමග ඒ තැනැත්තාගේ සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පහවී යනවා. ධර්මාවබෝධය තුළින් ත්රිලක්ෂණය දැකලා අසාරත්වය වැටහිලා යම් අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක් සිදුවුනා නම් ශාන්ත වූ ප්‍රණීත වූ නිවන තමන්ටම දකින්න පුළුවන් වෙනවා. මේ මූලික අවස්ථාවේදී සතර අපාගත වීමට හේතුවන්නා වූ යම් පාපකාර ගති ලක්ෂණයක් තිබුණ නම් යථාවබෝධයත් සමග ඒ ගති ලක්ෂණය පහවුණා පහවුණාමයි. නැවත හටගන්නෙ නෑ. සෝවාන් පුද්ගලයා තුළ අවබෝධයෙන් ඇතිවන පහාන සීලයයි මේ. මෙතෙක් සතර අපාගත වීමට හේතුවන යම් පාප කර්මයක් රමණය කරමින් (ඇසුරු කරමින්) සිටියේ නම්, යථාවබෝධය ලැබුණු පසු ඒවා රමණය කිරීමට හේතුවක් නෑ.
මේ සෝවාන් පුද්ගලයා තුළ ඇතිවන වේරමණී සීලයයි. මින් පසුව සතර අපාගත වීමට හේතුවන පාප චේතනාවක් ඒ ආර්ය පුද්ගලයා තුළ හටගන්නෙ නෑ. ඒ චේතනා සීලයයි. එසේම සෝවාන් වූ තැන් පටන් සතර අපාගත වීමට හේතුවන පාප අසංවරතාවයක් ඒ තැනැත්තාගේ හිතේ හටගන්නෙ නෑ. ඒ අනුව සංවර වෙනවා. ඒ සංවර සීලයයි. තවද ඒ ආර්ය ශ්රාවකයා නිවනින් සසර ගමන කෙළවර කරන තුරු අවබෝධයෙන් ලැබුවා වූ මේ සීලය කැඩෙන්නෙ නෑ, හෙවත් විතික්රමණය වෙන්නෙ නෑ. මේ තමයි ඒ තැනැත්තා තුල ඇතිවන්නා වූ අවිතික්කම සීලය. සෝවාන් වූ පුද්ගලයා තුළ ඇතිවන්නා වූ මේ පංච සීලයට අරියකාන්ත සීලය කියලත් කියනවා. සංවරත්තේන සීලං වෙන්නේ මේ ආකාරයටයි. මෙසේ සෝතාපන්න ඵලයට පත් ආර්ය ශ්රාවකයා ක්‍රමයෙන් ඡන්ද රාගයෙන් මිදී යනවා මිසක් ලෝකයට ඇලෙන්නෙ නෑ.
විවිධ මතිමතාන්තර නිසා අද සෝතාපන්න වීම, අරිහත් ඵලයට සමාන තත්ත්වයක් ලෙසයි සලකන්නේ. සෝතාපන්න පුද්ගලයෙකුගේ ස්වභාවය පිළිබඳව දැනගැනීමට ත්රිපිිටකයේ බොහෝ කරුණු අඩංගු වී තියෙනවා. එක් සිටුකුමරියක් හත් අවුරුදු වියේදී බුදුන්වහන්සේගෙන් බණ අසා සෝතාපන්නව සුචරිත කටයුතුවල යෙදෙමින් සිටින අතරතුර සොළොස් වියේදී පමණ කුක්කුටමිත්ත නම් දඩයම් කරන්නෙක් සමග ලෙන්ගතුකමක් ඇතිවී උපක්රමශීලීව දාසියකගේ වෙස් ගෙන සිටු මැදුරෙන් පිටවී ඔහු සමග පලාගොස් දරුවන් දහදෙනෙකුත් හදාගෙන ජීවත් වූ කතාවක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ සිටුකුමරියගේ ඉතිරිව තිබූ කෙලෙස්වල ස්වභාවයයි ඒ. බුදුන්වහන්සේ එක් අවස්ථාවක නිය පිටට පස් ටිකක් ගෙන භික්ෂූන්වහන්සේලාගෙන් විමසනවා ‘‘මහණෙනි, මගේ නිය පිට තියෙන පස්ද වැඩි නැත්නම් මහ පොළොවෙ තියෙන පස්ද වැඩි’’ කියල. යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත්වුණා නම් ඒ ආර්ය ශ්රාවකයා අත්හරින ලද කෙලෙස් ප්‍රමාණය මහපොළොවේ තියෙන පස් තරම් බවත්, ඉතිරි කෙලෙස් ප්‍රමාණය නිය පිටට ගත් පස් තරම් කුඩා බවත් උන්වහන්සේ දේශනා කරල තියෙනවා. මේ කරුණු පිළිඳව පැහැදිලි අවබෝධයක් නැති නිසයි මේ කාලය තුළ ආර්ය මාර්ගය අවබෝධ කර ප්‍රතිඵල ලබන්න බෑ කියල බොහෝ අය පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ.
දස්සනේන පහා තබ්බං හෙවත් දර්ශනයෙන් පහ කළ යුතු සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන මේ ආකාරයෙන් පහවූ පසුවයි භාවනාය පහාතබ්බං හෙවත් භාවනාවෙන් පහ කළ යුතු ඉතිරි සංයෝජන පහ කිරීම සිදු කළ යුත්තේ. මේ අනුව භාවනාවෙන් පහ කළ යුත්තේ ඉදිරියට ඇති ඇලීම, ගැටීම හා මුලාවයි. රාගයත්, ද්වේශයත් දකින්න පුළුවන් ඒත් මෝහය දකින්න බෑ. රාගයත් සමග බැඳුණු මෝහයක් තිබුණ නම් රාගය ක්ෂය වන විට එය නැතිවෙලා යනවා. ද්වේශයත් සමග බැඳුණු යම් මෝහයක් තිබුණ නම් ද්වේශය ක්ෂය වන විට එය නැතිවෙලා යනවා. ඉතිරි වූ සියුම් මෝහය ප්‍රඥාව වැඞීමේදී පහවී යනවා. අසාර වූ ලෝකය අත්හැරී, නොඇලී, මිදී කෙළවර වුනාද එතැනයි සැනසුම තියෙන්නේ. එතැන ජාතියක් නෑ. ජරාවට පත්වෙන්න දෙයක් නෑ. වැහැරෙන්න දෙයක් නෑ. මරණයට පත්වෙන්න දෙයක් නෑ. ඒ නිසා ශෝකයක්, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක් ඇතිවෙන්නෙ නෑ. මේවා පහළ වීමට හේතුවන තැන ඇයි අපි ඉන්නේ? ඇයි මම කියන්නේ? මම කියල හදාගෙන තියෙන්නෙ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මන තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන දේවල් පසුපස හඹා ගොස් ඒවා ගොඩගසාගෙන ඒවායේ ඇලීමෙන් මමෙක් හදාගෙන තියෙනවා. විපරිනාමයට පත්වෙන, තමන් කැමති සේ නොපවතින එම දේවල් කැඩෙන විට, බිඳෙන විට, වැනසෙන විට ඒවා සමග ගැටෙන්න පටන් ගන්නවා. ඇලීම නිසා ගැටීම හටගන්නේ මේ ආකාරයෙනුයි.
කෙනෙකුගේ ළමා කාලය ගැන කල්පනා කරන විට පේනවා ඒ කාලයේ රාග, ද්වේශ අරමුණු නිසා බලවත් රාග, ද්වේශ තිබුණෙ නැති බව. ලෝකය අල්ලන්න ගිය තැන් පටන් තමයි දාහය, අසහනය පටන් ගන්නේ. මේ අසහනය කෙළවර නොකළොත් ඒ නිසා ඇතිවන පවිටු මානසිකත්වය අනන්ත සසර ගමනක් ඇති කරන්න හේතු වෙනවා. බුදුන්වහන්සේ මේකට පුංචි උපමාවක් පෙන්නුවා. එක්තරා දේවතාවෙක් ඉන්න රුක්ෂයක් ලඟට මාළුවා කියන විශාල වැලක ඇටයක් සුළෙඟ් පාවී ඇවිත් වැටුනාම, ඒ දේවතාවා දුක් වෙන්න පටන් ගත්තා. ඒ ඇටය පැළ වෙලා ගහකට ගියාම ඒ වැල මුළු ගහම වෙලා ගන්නවා. කාලයක් ගියාම මුළු ගහම මැරිල යනවා. ඒ දේවතාවා දකින අනිත් දෙවිවරු අහනවා පුංචි ඇටයකට ඔය තරම් බිය වෙන්නෙ ඇයි කියලා. වැස්සක් ආවම ඒ පුංචි ඇටය පැලවෙලා කලක් යනවිට මුළු ගහම වෙලා ගන්නවා. අර දේවතාවා එදාට අනිත් දෙවිවරුන්ට කියනවා මම ඇඬුවේ ඔය කාරණය නිසයි කියලා. යම් කිසි ඇලීමක්, ගැටීමක් කුඩාවට පටන් ගත්තට අවසානයේ මහා විනාශයක් වෙනවා. බුදුන්වහන්සේ දේශනා කළේ ඒ දේවතාවා දුක් වුනා වගේ මුලට භය වෙන්න කියලයි. පාපයේ ඉතා කුඩා අවස්ථාවක් හෙවත් පාප බීජයක් මහා බලවත් විනාශයක මුලවන බව දැන ගන්නයි මේ උපමාව දේශනා කළේ.
එසේනම් මේ ඇලීමයි, ගැටීමයි දෙකෙන් මිදෙන්න කුමක්ද කළ යුත්තේ? ඒවායේ ස්වභාවය භයානකයි කියල දකින්න ඕන. ඒවා හටගැනීමට හේතුව දකින්න ඕන. ඒවා ශේෂයක් නැතිව නැතිකර දැමිය යුතුයි කියල දකින්න ඕන. ඒවා නැති කරන මාර්ගය ධර්මය තුළින් දකින්න ඕන. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඞීමෙනුයි ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් මුලින්ම එන්නේ සතර සතිපට්ඨානයට අයත් කායානු පස්සනාවයි.
‘‘කායේ කායානු පස්සී විහරති. ආතාපි සම්පජානෝ, සතිමා විනෙයිය ලෝකේ අභිජ්ජා දෝමනස්සං’’ – ‘‘මේ කයේ කායානු පස්සනාවේ වාසය කොට, මනා සතියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කොට ඇලීම සහ ගැටීම දුරුකර ගත යුතුයි.’’
අපි මේ කය මුල්කරගෙන සුචරිත කටයුතු මෙන්ම දුෂ්චරිත කටයුතුවලත් යෙදෙනවා. ප්‍රාණගාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර යන කටයුතු දුෂ්චරිත වශයෙන් මෙහෙයවන අතර මේවා අවැඩක්, අසාධාරණයක්, විනාශයට හේතු වෙනවා කියල මනා සිහියෙන් තේරුම් ගෙන කය හික්මවා ඒවා පහකර දැමීමයි කායානු පස්සනාවෙන් කරන්නේ. ඒ සඳහා වැඩිය යුතු කර්මස්ථාන 12 ක් කායානුපස්සනා සතිපට්ඨානය තුළ අඩංගු වෙනවා.
ධම්මානුධම්ම පටිපදාව ආනාපාන සති භාවනාව ඇසුරින්
මජ්ඣිම නිකායේ සඳහන් ආනාපානසති භාවනා ක්‍රමය
බුදුපියාණන් ආනාපාන සති සූත්‍ර දේශණාව දේශණා කිරීමට මුල් වූ පසුබිමේ සඳහන් නිදාන කථාවද අසා දැන තේරුම් ගැනීම බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජනවත් වෙනු ඇත. මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ ආනාපාන සති සූත්‍ර දේශණාවෙහිම ප්‍රකාශ කර දක්වන පරිදි එය මෙසේ සැකෙවින් විස්තර කර දෙමි.
එක්තරා පසළොස්වක පොහොය දිනක බුදුපියාණන් වැඩ සිටි මිගාර වනයට බුදුපියාණන් බැහැ දැකගනු පිණිස භික්ඛු සංඝයා වහන්සේලා විශාල වශයෙන් රැුස්වූහ. සැරියුත්, මුගලන් දෙඅග සව්වන් සමඟ මහා කප්පිතේන, මහා චුන්ද, අනුරුද්ධ, රේවත, ආනන්ද ආදීන් තම තමන්ගේ ශ්‍රාවක භික්ඛූන්ද සමඟ පැමිණ මිගාර වනයෙහි සමවත් සුවයෙන් කමටහන් භාවනා කළහ.
එහි සිටි නවක භික්ඛූන්, මඟඵලලාභීන් සහ මහඅරතුන්වහන්සේලාද දුටු බුදුපියාණන් විමසා සිටියේ ”ඔබලා කුමන කර්මස්ථානයක් භාවනා කරමින් සිටිත්ද යන්නයි.
”අපි සතර සතිපට්ඨානය වඩමින් සිටිමු. අපි සතර සම්මප්පදාන වඩමින් සිටිමු. අපි සතර ඍද්ධිපාද වඩමින් සිටිමු. අපි පංචබල භාවනාව වඩමින් සිටිමු. අපි සත්ත බෝජ්ජංග භාවනාව වඩමින් සිටිමු. අපි අෂ්ටාංගික මාර්ගය වඩමින් සිටිමුයි” බොහෝ අය පිළිතුරු දුන්හ.
තවත් කෙනෙක්, ”අපි මෙත්තා භාවනාව වඩමින් සිටිමු. අපි කරුණා භාවනාව වඩමින් සිටිමු. අපි උපේක්ඛා භාවනාව වඩමින් සිටිමු. අපි අසුභ භාවනාව වඩමින් සිටිමු. අපි අනිච්ච සංඥා භාවනාව වඩමින් සිටිමු.”යැයි පිළිතුරු දුන් සේක.
මේ සියල්ලම සාවධානව අසා සිටි බුදුපියාණන්වහන්සේ සියලු භික්ඛු සංඝයා වහන්සේලා රැුස්කර විශේෂ දේශණයක් කරමින් ආනාපාන සති සූත්‍ර දේශණාව වදාරා විග්රහ කර දුන් සේක. මෙසේ දේශණා කර විග්රහකර දුන් ආනාපාන සති සූත්‍ර දේශණාව මීට පෙර භාවිතයේ තිබූ අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසති භාවනා ක්‍රමයට හාත්පසින්ම වෙනස් එකකි. එය අර්ථ ගැන්වූයේ අරිය විනයට ගැළපෙන පරිදි අර්ථ, ධර්ම, නිරුක්ති සහිතවය.
”සන්ති භික්ඛවේ, භික්ඛු ඉමස්මිං භික්ඛු සංඝේ ආනාපානසති භාවනානුයෝගමනුයුත්තා විහරන්ති. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුල කථා මහප්පලා හෝති මහානිසංසා, ආනාපානසති භික්ඛවේ භාවිතා බහුලී කථා චත්තාරෝ සතිපට්ඨානේ පරිපුරෙන්ති. චත්තාරෝ සතිපට්ඨානේ භාවිතා බහුලී කථා සත්ත බොජ්ජංගේ පරිපුරෙන්ති. සත්ත බොජ්ජංගේ භාවිතා බහුලීකා විජ්ජාවිමුක්තිං පරිපුරෙන්ති.”
මෙහි තේරුම :- ”මහණෙනි මම ඔබලාට ආනාපාන සති භාවනාව දේශණා කරමි. මෙය සියලු භාවනා ක්‍රම වලට වඩා පහසුවෙන් හා ඉක්මනින් සතර සතිපට්ඨානය සම්පූර්ණ කරගෙන සත්ත බොජ්ජංග සම්පූර්ණ කරගෙන විද්‍යා විමුක්තිය පූර්ණ කර ගතහැකි මහත්ඵල සහිත වූ මහානිසංස ඇති භාවනා ක්රමයකි. මෙයම වඩ වඩාත් භාවනා කරන්න. අනිකුත් සියලු භාවනා ක්‍රම වලින් ලබාගත හැකි ධ්‍යාන හා මාර්ගඵල මෙම ආනාපානසති භාවනාව තුළින් පහසුවෙන් හා ඉක්මණින් ලබාගත හැකිය. ඒ නිසා මේ අරිය භාවනා ක්‍රමය ඔබලාට නිර්දේශකර අනුදැන වදාරමි.”
බුදුපියාණන් බුද්ධත්වයට පත්වීමේදී ද උපකාර කරගත්තේත්, භාවිතා කළේත්, මෙම ආනාපානසති අරිය භාවනා ක්‍රමයයි. මෙසේ එදා දේශණා කර වදාළ ආනාපානසති භාවනාව අතීතයේ පටන් පැවත ආ සම්මත ලෞකික ආනාපානසති භාවනා ක්රමයම නොවේ. මෙය අරහත් බවට පත්වූ සමහර ශ්රාවකයින් වහන්සේලා පවා දැන නොසිටි නිසා සියලුම භික්ඛු සංඝයා වහන්සේලා වෙත මෙය දේශණා කර ධර්ම අර්ථය මතුකර පෙන්වා දුන් බවත් ඉතාම පැහැදිළිය.
සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ බොහෝමයක් සූත්‍ර ධර්ම වලද මෙම ආනාපාන සති සූත්‍රය වරින්වර නැවත නැවතත් දේශණා කර වදාරා ඇත. එහි දැක්වෙන පරිදි බුදුපියාණන්වහන්සේ පවා වරින් වර තම ශ්රාවකයින්ගෙන් වෙන්වී මාසයක් දෙකක් තනිවම ආනාපාන සති භාවනාවෙහි යෙදෙමින් ඉහාත්ම සුඛ විහරණය ලබා ගත්හ. මේ අනුව බලනවිට බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ පරිදි මෙම අරිය ආනාපානසති භාවනා ක්‍රමය අරහත් ඵල ලැබූ, මඟඵල ලැබූ සහ මඟඵල නොලැබූ, මඟඵල ලබන්නට උත්සාහ දරන යන තුන් කොටසටම සුදුසු වූ මහත්ඵල ලබාදෙන, මහානිසංස සහිත එකම භාවනා ක්‍රමයයි.
මෙම උතුම් භාවනා ක්රමයෙහි ධර්ම අර්ථයම අද නැවතත් සොයා මතුකර ගෙන අරිය භාවනාවක් ලෙසින් භාවිතයට ගන්නට මිනිසුන්ට මඟ කියාදිය හැකිනම් බොහෝ මිනිසුන්ට අද පවා නිවන් අවබෝධ කරගැනීමට නියත වශයෙන්ම වාසනාව ලැබෙනු ඇත. මේ අනුව ආනාපාන සති සූත්‍ර දේශණාවෙහි සඳහන් ධර්ම අර්ථයම මතුකර තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය.
”කථං භාවිතාච භික්ඛවේ ආනාපාන සති කථං බහුලී කථා මහප්ඵලා හෝති මහානිසංසා, ඉධ භික්ඛවේ භික්ඛු ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංඛං ආභූජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති”
මෙම පාඨයෙන් පෙන්වා විග්රහකර ඇත්තේ ආනාපානසති භාවනාව වඩන්නට උත්සාහ දරණ කෙනෙකු විසින් සම්පූර්ණ කරගත යුතු පූර්ව කොන්දේසි කිහිපයකි. මේවා ඉතා ප්‍රවේශමෙන් කියවා මෙහිදී බුදුපියාණන් ගෙනහැර පා වදාළ ධර්ම අර්ථයම අවබෝධ කරගත යුතුය. යම් කෙනෙකු භාවනාව ආරම්භ කරන්නට පෙර
1. ආරඤ්ඤ ගත විය යුතුය.
2. රුක්ඛමූල ගත විය යුතුය.
3. සුඤ්ඤාගාර ගත විය යුතුය.
1. ආරඤ්ඤගතෝවා යන පදයේ ලෞකික වශයෙන් සම්මත කරගත් අද භාවිතයේ පවතින අර්ථය මහ කැලෑවකට, වනාන්තරයකට ගොස් භාවනා කිරීමයි. එසේත් නැතිනම් කැලෑ ප්‍රදේශවල පිහිටි ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කිරීමයි.
ආරඤ්ඤගතෝවා යන පදයේ අරිය විනයේ එන ලෝකෝත්තර ධර්ම අර්ථය මීට හාත්පසින්ම වෙනස්ය. රඤ්ඤ යනු ”රණබිම, යුධබිම” යන අර්ථයයි. ආරඤ්ඤ යනු රණබිමෙන්, යුධබිමෙන් ඉවත් වූ යන අර්ථයයි. අද ගිහි ගෙදරක වාසය කරන හෝ පන්සලක වාසය කරන හැම කෙනෙකුම තමන් දැන හෝ නොදැන ජීවත්වන්නේ යුධබිමකය. රණබිමකය. තම සිත නිරන්තරයෙන්ම ගෙදර ප්‍රශ්න නිසා, අනෙක් ලෝකයාගේ ප්‍රශ්න නිසා, දේශපාලන ප්‍රශ්න නිසා යුධබිමක සිටින්නෙකුගේ තත්ත්වයට පත්වී අසහනයෙන්, ගින්නෙන් දැවි දැවී හැම මොහොතක්ම ගත කරයි. ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනි යන්ත්‍ර, දුරකථන, පුවත්පත්, ඕපා¥ප ආදී සියල්ලම සිත ගිනි අවුළුවන සිත යුධබිමක සිටින්නෙකුගේ ස්වරූපයට පත්කරන මූලාශ්රයෝය. තමන් මේ යුධ තත්ත්වයෙන් වෙන්වී තම සිත රණ තත්ත්වයෙන් අරණ තත්ත්වයට වෙනස් කරගෙන තම නිවස තුළම හෝ ගෙවත්තේම හෝ නිදහස් තැනක තැන්පත්වීම ආරඤ්ඤගතෝවා යන වචනයේ ලෝකෝත්තර ධර්ම අර්ථයයි.
මහ කැළයකට හෝ වනයකට හෝ භාවනා මධස්ථානයකට හෝ ගියත් තම සිත තුළ පැසවන්නේ සිත ගිනි අවුළුවන සුළු රාග, ද්වේෂ, මෝහ අරමුණු නම්, සිතුවිලි නම් එතැන ආරඤ්ඤ ගතවීමක් නැත. එතැන ඇත්තේ රණබිමක ස්වරූපයයි. මේ නිසා භාවනාවට සැරසෙන කෙනෙකු පළමු පියවර ලෙසින් තම සිත රාගයෙන් ඇලීමෙන්, ද්වේෂයෙන් ගැටීමෙන්, මෝහයෙන් මුළාවීමෙන් නිදහස් කරගෙන භාවනාව ආරම්භ කිරීම අරිය විනයේ ආරඤ්ඤගතෝවා වීමයි.
2. රුක්ඛමූලගතෝවා යන පදයද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම තේරුම්ගත යුතුය. එහි අද භාවිතා කරන සම්මත ලෞකික අර්ථය කැළේ මහ ගසක් මුලට වී භාවනා කිරීමයි. නමුත් මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. රුක්ඛ යනු ආරක්ෂා වීමයි. සිත රැක ගැනීමයි. විඤ්ඤාණයෙන් ක්‍රියාත්මක වන සිතක් නිතරම ඇලීමට, ගැටීමට, මුළාවීමට කැමතිය. තම විඤ්ඤාණය නිරතුරුවම විවිධ ආකාරයේ මායා සිතුවිලි මවාපා පිය මධුර දේ කෙරෙහි සිත අලවයි. නොසැලෙන, නොසෙල්වන චිත්ත ධෛර්යයකින් යුක්තව සිත රැුක ගැනීම රුක්ඛමූල ගතෝවා වීම යන්නයි. කාටවත් පළවා හරින්නට නොහැකි, කවුරුවත් බාධා නොකරන, වැස්සට, අව්වට ආරක්ෂා විය හැකි බාධා රහිත ස්ථානයක් භාවනාව සඳහා තෝරා ගැනීමද රුක්ඛමූලගතෝවා යන්නෙහිම ධර්ම අර්ථයයි.
3. සුඤ්ඤාගාරගතෝවා යන පදයේද ලෞකික සහ ලෝකෝත්තර අර්ථයන් දෙකක්ම ඇත. මේ අර්ථ දෙකම නිවැරදිව තේරුම් ගෙන ධර්ම අර්ථයෙන්ම සුඤ්ඤාගාරගතවීම භාවනාව කරගෙන යාමට උපකාර වෙයි. පාළු හිස් ගෙදරකට යාම හෝ මිනී කනත්තකට යාම, ගල් ගුහාවකට යාම, සුඤ්ඤාගාර ගතවීමක් ලෙස අද සම්මතයේ භාවිතා වෙයි. සුඤ්ඤාගාරගතෝවා යන්නෙහි ධර්ම අර්ථය තමාගේ සිත තුළම ඇති කරගත යුතු නිදහස් තත්ත්වයකට සිත පත්කර ගැනීමයි. රණබිමෙන් තොර වූ ආරඤ්ඤගත වීමෙන් පසුව රුක්ඛමූලගතවීමෙන් පසුව සිත චංචල නොවන, භාවනාවට සුදුසු නිදහස් තත්ත්වයකට සිත පත්කරගත හැකිවෙයි. අතීතයේ තමන්ම එකතුකරගත් රාග, ද්වේෂ, මෝහ මූලික කාම විතර්ක සිතුවිලි වලින් නිදහස්ව සිතට එවන් සිතුවිලි අරමුණු ගලා ඒම නවත්වා ගෙන භාවනා කිරීමට සුදුසු තත්ත්වයකට තම සිතම සුඤ්ඤාගාරයක තත්ත්වයට පත්කර ගැනීමයි. භාවනා කිරීමට ඉඳගත් මොහොතේ පටන්ම සිතෙහි මතුවන්නේ භෞතික, ලෞකික බලාපොරොත්තු නම් කාම විතර්ක නම් එතැන භාවනාවට සුදුසු සිතක් පවතින්නේ නැත. අතීතය අමතක කර ඉන්ද්රිය සංවරය තුළින් සිත තැන්පත් කර ගැනීම කර්මස්ථාන වැඞීමට සුදුසු පරිදි සිත සුඤ්ඤාගාරගත කර ගැනීම මෙහිදී බලාපොරොත්තු වන තත්ත්වයයි.
මේ පියවර තුනම නිවැරදිව තේරුම්ගත් කෙනෙකුට බුදුපියාණන් දේශණා කළ ආනාපානසති භාවනාවද නිවැරදිවම තේරුම්ගෙන භාවිතා කළහැකි වෙයි.
”නිසීදති පල්ලංකං ආභූජිත්වා” යනුවෙන් ප්‍රකාශ කළේ පළක් බැඳ පර්යංකයෙන් හිඳගැනීම ලෙස අද සම්මතයේ ලබාදෙන අර්ථ විග්රහයයි. නමුත් අරිය විනයේ ධර්ම අර්ථය වන්නේ මහන්තත්තකමෙන් ඉවත්වී, උද්ධච්චකමෙන් ඉවත්වී, අභිමානයෙන්, මමත්ත්වයෙන් තොරව තම සිත පහළම අංකයට ගෙනවිත්, මානයෙන් තොරවී අවංකව, පිරිසිදුව භාවනාවට ගැළපෙන ලෙසින් සිත සකස්කර ගැනීමයි. උච්චාසයන, මහාසයන තත්ත්වයෙන් සිත, කය නිදහස් කරගෙන බිමට බැස භාවනාවට ගැළපෙන සේ සිත ගත සකස්කර ගැනීමයි.
”උජුංකායං පණිදාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා” යන පදයේ සම්මත තේරුම කය සෘජුව තබාගෙන හොඳ සිහියෙන් යුතුව ක්‍රියා කිරීම යන්නයි. මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය හේතුඵල දහමට ගළපා බලා, සියලු වැරදි කායකර්ම වලින් වැළකී යහපත් කාය කර්ම සිහිපත් කිරීමයි. සතියෙහි පිහිටා උට්ඨාන වීර්යයෙන් ක්‍රියා කිරීමයි.
”සෝ සතෝව අස්සසති සතෝ පස්ස සති” ”සෝ” යනු හෙතෙම, ඔහු යනුයි.
මෙහි කලින් සඳහන් කළ පූර්ව කොන්දේසි සම්පූර්ණ කරගත් ඔහු සත්‍යාවබෝධයෙන්ම ලැබූ සත්‍ය ධර්මාවබෝධය නිසාම කුසල ධර්ම ආශ්‍රය කරයි. අකුසල ධර්ම ප්රහාණය කරයි. එසේත් නැතිනම් ආශ්‍රය කළයුතු දහමත් දනී. ප්රහාණය කළයුතු අධර්මයත් දනී. කුසලය ආශ්‍රය කළයුතු බවත් දනී. අකුසලය ප්රහාණය කළ යුතු බවත් දනී. ”ආනාපාන සති” යනු වචන තුනකි. ආන = අස්ස, පාන = පස්ස. ”අස්පස් කරනවා” යනුවෙන් අපේ පැරන්නන් අතර ගැමි වහරේ එන ව්‍යවහාර වචනයක් ඇත.” ගෙයක් අස්පස් කරනවා, කාමරයක් අස්පස් කරනවා” යනු ඒ කාමරයේ ඇති ප්‍රයෝජනයට ගතහැකි වටිනා දේ පිසදමා ශුද්ධ කර භාවිතයට ගතහැකි පරිදි අස් කිරීමත්, ප්‍රයෝජනයට ගත නොහැකි නොවටිනා කුණු කන්දල් පස් කිරීමත් ප්රහාණය කර ඉවත් කිරීමත්ය. මේ ආකාරයෙන්ම හැම පෘථග්ජන මිනිසෙකුගේම චිත්තසංථානයද අස්පස් කරගත යුතු තත්ත්වයෙන්ම පවතී. ආනාපාන සති සූත්‍ර දේශණාවෙහි පෙන්වාදුන් අස්ස හා පස්ස යන වචන දෙකෙහි ධර්ම අර්ථය කුසලය ආශ්‍රය කිරීමත් අකුසලය ප්රහාණය කිරීමත්ය.
ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වග්ගයේම ආනාපානසති සූත්‍ර දේශණාවට පෙර ඒ අසලින්ම සඳහන් ”සේවිතබ්බා අසේවිතබ්බා” නමැති සූත්‍ර දේශණාවක් ද ඇත. මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත්‍රයෙන් විස්තර සහිතව පියවරෙන් පියවර විග්රහකර දේශණා කර පෙන්වා වදාළ සේවනය කළයුතු = අස්ස හා සේවනය නොකළ යුතු = පස්ස යන සියලු කුසල් හා අකුසල් දෙකොටසකට බෙදා ඉතාමත් පිරිසිදු ලෙස පෙන්වාදී ඇත. මෙම සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ ගෙනහැර දැක්වූ කරුණු යම් තරමකට හෝ තේරුම්ගත් කෙනෙකුට ආනාපානසති සූත්‍ර දේශණාවේ දේශණාකර වදාළ ”සතෝව අස්සසති සතෝව පස්සසති” යන්නෙන් අදහස් කළ කරුණු දෙවර්ගයම ඉතාම පැහැදිළිව තේරුම් ගත හැකි වනු ඇත. මේ උතුම් අදහස ඇතිවම ත්‍රිපිටකයේ ආනාපානසති සූත්‍ර දේශණාවට කලින් ඒ අසලින්ම මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත්‍රයද ලියාතැබූ බව ඉතාම හොඳින් තේරුම්ගත හැකිවෙයි.
මේ සූත්‍ර ධර්ම දෙකම කියවා ඒවායේ එන ධර්ම අර්ථයන් තේරුම් ගත් කෙනෙකුට පමණක් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන
ආනාපානසති භාවනාවද නොවැරදීම භාවිතා කරන්නට මනස යොමුවනවා ඇත. මේ කරුණු තේරුම් ගන්නට තරම් හැකියාවක් නොමැතිව කවුරු හෝ කවදා හෝ ත්‍රිපිටකයේ එන උතුම් ආනාපානසති දේශණාව සිංහලයට පරිවර්තනය කිරීමේදී ”ප්රාණයාම” නමැති වේද භාවනාවේ ඇතුළත් අදහසට ගැළපෙන පරිදි ”ආශ්වාස ප්රාශ්වාස” යන හුස්ම ඉහළ පහළ දැමීම අරමුණු කරගත් වචන අස්ස – පස්ස වෙනුවට ලියා තැබූහ. මේ අස්ස යන පදය ”අස්සාස” යන පදය ලෙසින් ගෙන එය ආශ්වාස කිරීම ලෙසත්, පස්ස යන පදය ”පස්සාස” ලෙසින් ගෙන එය ප්රාශ්වාස කිරීම ලෙසත් අර්ථ ගන්වා බුද්ධ දේශණාවේ එන උතුම් භාවනා ක්‍රමය ප්රාණයාම භාවනාවක් බවටම පරිවර්තනය කර ගත්හ. අද ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයා මෙම අරිය භාවනා ක්‍රමය ගැන කරුණු කාරණා තේරුම් ගන්නට නොහැකිව, අනරිය භාවනා ක්‍රමයක් භාවිතා කරමින් අතරමංවී ඇති බව තවදුරටත් මේ පොත කියවන කිහිප දෙනෙකුට හෝ තේරුම්ගත හැකිවෙනු ඇත.
(”සේවිතබ්බා අසේවිතබ්බා” සූත්‍ර දේශණාවේ සඳහන් ධර්ම කරුණු පසු පරිච්ෙඡ්දයක විස්තර වශයෙන් ලියා තබන අතර ආනාපානසති සූත්‍ර දේශණාවේ ධර්ම කරුණු මුළින් පැහැදිළි කරදෙන්නට අදහස් කරමි.)
1. ආනාපානසති සූත්‍රයේ සඳහන් කායානුපස්සනාව
”කථං භාවිතාච භික්ඛවේ, ආනාපානසති, කථං බහුලීකථා චත්තාරෝ සතිපට්ඨානෝ පරිපුරෙති. යස්මිං සමයේ භික්ඛවේ”
i. භික්ඛු දීඝංවා අස්ස සංතෝ දීඝං අස්සසාමිති පජානාති
දීඝංවා පස්ස සංතෝ දීඝං පස්සසාමිති පජානාති
ii. රස්සංවා අස්ස සංතෝ රස්සං අස්සසාමිති පජානාති
රස්සංවා පස්ස සංතෝ රස්සං පස්සසාමිති පජානාති
iii. සබ්බකාය පටිසංවේදි අස්සසිස්සාමිති සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
iv. පස්සං භයං කායසංකාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සං භයං කායසංකාරං පස්සසිස්සාමිති සික්කති
කායේකායානුපස්සී භික්ඛවේ, තස්මිං සමයේ භික්ඛු විහරති
ආතාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං කායේසු කායඤ්ඤතරාහං
භික්ඛවේ ඒවං වදාමි යදිදිං අස්සාසපස්සාසා
තස්මාතිහ භික්ඛවේ කායේ කායානු පස්සී තස්මං
සමයේ භික්ඛු විහරති”
ආනාපානසති සූත්‍ර දේශණාවේ පිළිවෙලින් පියවර දාසයක්ම විග්රහ කර ඇති අතර මෙම පියවර දාසයම ගිරිමානන්ද සූත්රයේද ආනාපාන සතිය ලෙසින්ම ඉදිරිපත් කර ඇත. ආනාපානසති සූත්‍ර දේශණාවේ මෙම පියවර 16 කොටස් හතරකට බෙදා දක්වා ඇත. මුල් පියවර හතර කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද දෙවන පියවර හතර වේදනානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද තුන්වන පියවර හතර චිත්තානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද හතරවන අවසාන පියවර හතර ධම්මානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද ඉතාමත් පිරිසිදු ලෙසින්ම විභජනය කර, විග්රහකර, විස්තර කරදී ඇත.
ඉහත සඳහන් කළ පාලි පාඨවලින් දැක්වෙන්නේ පළමුවන පියවර වූ කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාවේ එන පියවර හතරයි. එහිම එන කරුණු කිහිපයක් විස්තර වශයෙනුත් අර්ථ, ධර්ම, නිරුක්ති වශයෙනුත් පැහැදිළිකර ගැනීමෙන් ආනාපානසති භාවනා කිරීමෙන් කායේකායානුපස්සනාව වැඩෙන ආකාරය තේරුම් ගත හැකිය. ”මහණෙනි, ආනාපානසති භාවනාව නිවැරදිව දැන තේරුම් ගෙන නිතර නිතර බහුල ලෙස භාවනා කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙයි. සතර සති පට්ඨානය නිතර නිතර වැඩෙන විට සත්තබොජ්ජංග වැඩෙයි. සත්තබොජ්ජංග වැඞීමෙන් විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි. විද්‍යා විමුක්තිය යනු ප්‍රඥා විමුක්තියයි. නිවන් අවබෝධයයි”.
කායානුපස්සනාව විග්රහකර දේශණාකළ පදවැල් වල ”පජානාති” යන පදය මුල් පේළි හතරේම සඳහන් වේ. පජානාති යන පදය ආනාපානසති සූත්‍ර දේශණාවේ සඳහන් පද අතරින් ඉතාමත්ම වැදගත් පදයකි. මෙහි තේරුම නිවැරදිවත් පූර්ණ ලෙසත් මුළින්ම තේරුම්ගත යුතුමය.
”පජානාති” යන පදයෙහි ධර්ම අර්ථය පිරිසිඳ දැන ගැනීම යන්නයි. ”පරිජානාති” ”පරිජානං” යන පදවලින් ද බොහෝ තැන්වල සඳහන් මෙම පදයම ”පරිඤ්ඤෙයිය” යන පදයෙන්ද විග්රහකර ඇත. මෙසේ පිරිසිඳ දැනගත යුතු වන්නේ හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ්‍රය කළයුතු, සේවනය කළයුතු කුසල ධර්මයන් තෝරාබේරා ගෙන ආශ්‍රය කිරීමත් (අස්ස) හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ්‍රය නොකළ යුතු ප්රහාණය කළයුතු (පස්ස) අකුසල ධර්ම ප්රහාණය කිරීමත් යන දෙපැත්තයි. මේ තේරුම් නොගත් පිරිසිඳ දැන නොගත් කෙනෙකු ”නප්පජානාති” යන පදයෙන්ද බුද්ධ භාෂිතයේදී හඳුන්වා දී ඇති බවත් තේරුම්ගත යුතුය.
අරිය මාර්ගය වැඩෙන අරිය මාර්ගයට උපකාරවන කුසල ධර්මයන් පිරිසිඳ දැන ආශ්‍රය කිරීමත් අරිය මාර්ගය වසා සිටින අරිය මාර්ගයට බාධක අකුසල ධර්මයන් පිරිසිඳ දැන ඒවා ප්රහාණය කර ඉන් ඉවත්වීමත් යන දෙකම ආනාපානසතිය නිවැරදිව වඩන කෙනෙකු අනිවාර්යයෙන්ම දැනගෙන භාවිතා කළයුතු දෙපැත්තයි. ”අස්සසාමිති පජානාති, පස්සසාමිති පජානාති” යන මේ දෙපැත්ත පිරිසිඳ දැන ක්‍රියාකළ යුතු බවයි.
”සතෝව අස්ස සති”,”සතෝව පස්ස සති” එනම් සතියෙහි පිහිටා ඇතුළට ගෙන ආශ්‍රය කළ යුතු ධර්මයත්, ප්රහාණය කර බැහැර කළයුතු අධර්මයකුත් ලෙසින් දෙයාකාරයක්ම ඇති බව පිරිසිඳ දැන නොගත් කෙනෙකුට ආනාපානසති භාවනාවෙන් කායානුපස්සනාව එනම් කාය පස්සදිය, කය සංසිඳවීමක් කරගත නොහැකිය. මේ නිසා ”පජානාති” යන වචනයෙන් හතර වරක්ම අවධාරණයෙන් පළමුකොටම ප්‍රකාශකර සිටියේ, ඉතාම වැදගත් දෙයකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව දෙයාකාර වූ ක්‍රියාවන්ම තෝරා බේරාගෙන කටයුතු කළයුතු බව අවධාරණය කිරීමයි.
හුස්ම ඇතුළට ගැනීමත්, හුස්ම පිට කිරීමත් එක ආකාරයක අස්ස පස්ස කිරීමකි. මේ සඳහා ”පජානාති” යන පදයෙන් අවධාරණය කර පෙන්වූ පිරිසිඳ දැන ගැනීමක් අවශ්‍ය නොවේ. හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම කල්පනාවක් ඇතත් නැතත් හොඳ සිහියක් ඇතත්, නැතත් මරණ මොහොත දක්වාම නිතැතින්ම සිදුවන දෙයකි. කොතරම් හොඳින් හුස්ම ගත්තත් දිග, කෙටි වශයෙන් හුස්ම ගත්තත් අනිත් ඉන්ද්රියයන් පහකින් කරන ක්‍රියා යහපත් නොවේ නම් ඒ අනෙක් ක්‍රියා නිසා ඇතුළට ගන්නා දේ කෙළෙස් නම් අයහපත් නම් අයහපත් දේ බැහැර කරනු වෙනුවට යහපත් අයහපත්, කුසල් අකුසල්, සියල්ලම බැහැර කරයි නම් එවිටද ඇතුලාන්තය, අභ්‍යන්තරය පිරිසිදු විය නොහැකිය. ඒ නිසා තේරුම් ගතයුතු වන්නේ ආශ්වාස ප්රාශ්වාස කිරීම ආශ්‍රය කොටගත් භාවනා ක්‍රමයක් ද ඇති බවත් එය අරිය භාවනා ක්‍රමය නොවන බවත්ය.
සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය කියවා සේවනය කළයුතු කුසලය හා අසේවනය කළයුතු සේවනයෙන් බැහැර කර ඉවත් කළයුතු අකුසලය කෙළෙස් තේරුම්ගත් කෙනෙකුට ඉතාම පහසුවෙන් ආනාපාන සති සූත්‍ර දේශණාවේ සඳහන් කළ,
”සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති
සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති”
යනුවෙන් දේශණා කළ ”සබ්බකාය” හා ”පටිසංවේදී” යන පද දෙකේ තේරුමද අරිය විනයෙහි එන ධර්ම අර්ථයෙන්ම තේරුම් ගත හැකිවෙයි. කායානුපස්සනාව – කාය පස්සදිය – කය සංසිඳවීම සිදුකර ගැනීමට නම් මේ කය යනු කුමක්දැයි මුළින්ම තේරුම් ගත යුතුය. කාය යනු ක්‍රියා හයක එකතු වීමකි. මේ ක්‍රියා හය නිසාම මෙය කයක් වූවා මිස ක්‍රියා හය නැති කලක මෙය කඳක් මිස කයක් වන්නේද නැත. ”සබ්බ කාය” ලෙසින් පෙළ දහමේ විග්රහ කළේ ඇසින් කරන ක්‍රියාවන්, කනෙන් කරන ක්‍රියාවන්, නාසයෙන් කරන ක්‍රියාවන්, කටින් කරන ක්‍රියාවන්, කයෙන් කරන ක්‍රියාවන් හා මනසින් කරන ක්රියාවන්ය. මේ ක්‍රියා හය නිසාම චක්ඛුකාය – රූපකාය, සෝතකාය – ශබ්දකාය, ඝාණකාය-ගන්ධකාය, ඡුව්හාකාය – රසකාය, ස්පර්ශකාය – කායකාය, මනෝකාය – ධම්මකාය ලෙසින්ද මේ ක්‍රියා හඳුන්වන බව ඉතාම පැහැදිළිය.
මේ ක්‍රියා හයම කරන්නට දොරවල් හයක්ම ඇත. මේ දොරවල් හයෙන්ම යමක් ඇතුළට ගතහැකි නිසා මේ කයට අපි ”ගත” යන පදයද භාවිතා කරමු. හොඳ – නරක, යහපත් – අයහපත්, කුසල් – අකුසල් යන දෙයාකාරයෙන්ම යුතුවූ සියලුම දේ ඇතුළට ගත හැකිවන්නේ මේ දොරවල් හයෙන්මය. ඇතුලාන්තය ශූද්ධ පවිත්‍ර කරගන්නට නම් ඇතුළට ගත් නරක දේ පිට කළ යුතු වන්නේද මේ දොරවල් හයෙන්මය. ඒනිසා ”සබ්බකාය” ලෙස අදහස් කරන විට හැම කෙනෙකුම තමාගේම ඉන්ද්රියයන් හය හා ඒ ඉන්ද්රියයන් හයෙන්ම කරන ක්‍රියාවන් හයද නිවැරදිව තේරුම් ගත යුතුය.
”පටිසංවේදී” යන පදයේද ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. ”සංවේදිතාවය” යන පදය ඔබ අසා ඇති නිසා දැනටමත් දන්නා දෙයකි. ”සං” යනු යමක් එකතුරගත්, රැස්කරගත්, උපාදානය කරගත් ගති ලක්ෂණ යන තේරුමයි. එසේ එකතු කරගත් දේ නිසා විඳින වින්දනය, ලබන වේදනාව ”පටිසංවේදී” යන්නයි. පටි යනු බැඳීමයි. යම් කෙනෙකු කරන, කියන, හිතන සියලුම ක්‍රියා නිසා යමකට, යමෙකුට සිතින් බැඳෙයි. එසේ සිතෙන් බැඳෙන්නේ යම් වින්දනයක්, වේදනාවක් විඳීමට තමා කැමති වූ නිසාය. ඉන්ද්රියයන් පිනවීම ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන පදය මේ සංවේදීතාවයයි.
1. ඇසින් බලා රූපයක් දැක, චක්ඛු විඤ්ඤාණයක් බිහිවෙයි. ඇස පිනවීම යනු මෙයයි ඇසින් විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
2. කනෙන් යම් ශබ්දයක් අසා සෝත විඤ්ඤාණයක් බිහිවෙයි. කන පිනවීම යනු මෙයයි. සෝත විඤ්ඤාණ ආහාර බිහිවෙයි.
3. නාසයෙන් යමක ගඳ සුවඳ ගෙන ඝාණ විඤ්ඤාණයක් බිහිවෙයි. නාසය පිනවීම යනු මෙයයි. ඝාණ විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
4. දිවෙන් ආහාරයක රස විඳීමෙන් ජිව්හා විඤ්ඤාණය බිහිවෙයි. දිව පිනවීම යනු මෙයයි. ජිව්හා විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
5. කයට යම් ස්පර්ශයක් ලැබීම නිසා පොට්ඨබ්බ විඤ්ඤාණය බිහිවෙයි. කය පිනවීම යනු මෙයයි. කාය විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
6. මනසට යම් මතක සටහනක් ගෙන මනෝ විඤ්ඤාණය බිහිවෙයි මන පිනවීම යනු මෙයයි. මනෝ විඤ්ඤාණ ආහාර උපදින්නේ මෙසේයි.
”සබ්බ කාය” යනුවෙන් සඳහන් කළේ මෙම ක්‍රියාවන් හයම නිසාම උපදින විඤ්ඤාණ ශක්තියටයි. මේ ක්‍රියා හය නිසාම කාය පටිසංවේදී බවද ඇතිවෙයි. චිත්ත පටිසංවේදී බවද ඇතිවෙයි. වෙන කිසිම ආකාරයකින් කාය පටිසංවේදී බව හෝ චිත්ත පටිසංවේදී බවක් කිසි කෙනෙකුට ඇතිවිය නොහැකිය. පටිසංවේදී බව යනු විඤ්ඤාණ ශක්තිය ඉපදවීමයි.
කය සංසිඳවීමට නම් මේ ක්‍රියා හයෙන්ම (එකතු කරන) ආශ්‍රය කරන හොඳ දේ ආශ්‍රය කිරීමත්, ආශ්‍රය නොකළ යුතු අයහපත් දේ බැහැර කිරීමත් යන ක්‍රියා දෙකම කළ යුතුය. හොඳ නරක සියල්ලම ආශ්‍රය නොකිරීම හෝ සියල්ලම ආශ්‍රය කිරීම හෝ යන දෙකම අන්ත දෙකකි. සියල්ලම ආශ්‍රය නොකිරීම නිසා සිත අසංඥ තත්ත්වයකට පැමිණීමත් සියල්ලම ආශ්‍රය කිරීම නිසා දාහය, ගින්න – අභිජ්ඣා දෝමනස්ස බිහිවීමත් සිදුවෙයි. අභිජ්ඣා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. එය දුකට, දොම්නසට මුල්වන හේතුවයි. කාය පස්සදිය නැතිවන්නේ ක්‍රියාව අසංවර වන්නේ ”දාහය” ”ගින්න” අභිජ්ඣා ගති ලක්ෂණයන් සිතේ උපදින නිසාමය.
”සබ්බකාය පටිසංවේදීතාවය” පිළිබඳව මෙතරම් දීර්ඝ විස්තරයක් කළේ මුළු ආනාපානසති භාවනා ක්රමයම රැඳී පවතින්නේ මේ ”සබ්බකාය පටිසංවේදී” බව යන්නෙහි දෙපැත්තම නිවැරදිව තේරුම් ගැනීම මත නිසාමය. කය ගිනිගන්නා, කය දාහයට පත්වන අභිජ්ඣා ගති ලක්ෂණයන් සේවනය කිරීමෙන් බැහැරවිය යුතු බවත් කයෙහි ගින්න නිවන, කය සංසිඳවන, කය නිවන ක්‍රියාවන්හි යෙදීම කළ යුතු බවත් අවධාරණය කිරීම සඳහාය. ”කාය” යනු ක්‍රියාව යන තේරුම මිස ශරීරය නොවේ.
”පස්සං භයං කාය සංඛාරං” යනුවෙන් අදහස් කළේ කෙනෙකු තුළ සියලු භය ඇතිවන්නේ කාය සංඛාර නිසා බව පෙන්වා දී කාය සංඛාර නිසා උපදින අයහපත් අකුසල් දේ බැහැර කර නිදහස් විය යුතු බවත් පෙන්වා දී ඒ සමඟම යහපත් කුසල් ආශ්‍රය කිරීමෙන් සියලු භය සංසිඳෙන බවත් භය සංසිඳීමත් සමඟම කය සංසිඳෙන බවත් පෙන්වා දීමටයි. ක්‍රියාවන් යහපත් වීමත් සමඟම අයහපත් ක්‍රියාවන් බැහැර කිරීමත් සමඟම කය සංසිඳී – කායානුපස්සනාව වැඞී – ගින්න සංසිඳී – දාහය නැතිවී – භය සංසිඳී නිවුණු කයක ස්වභාවයට පත්වෙයි.
ඉන්ද්රියයන් හයම දොරවල් හයක් ඇර තැබුවා සේ විවෘත කර තැබීමෙන් හොඳ නරක සියලුම කුණු එකතු වෙයි. කුණු එකතු කිරීම නැවැත්වීමට නම් තමාගේම ඉන්ද්‍රියන් හයම සංවර කරගත යුතුය. ඒ ආකාරයෙන්ම කුණු සළාහැර පිරිසිදු වීම කරගත හැකිවන්නේද ඒ ඉන්ද්රියයන් හයෙන්ම කවදා හෝ අතීතයේ එකතු කර චිත්තසංථානයේ තැන්පත් කර ගබඩාවී පවතින කුණු ගති ගුණ ඒ ඉන්ද්රියයන් හයම ආශ්රයෙන් බැහැර කිරීමෙනි. කුණු ඇතුළට ගත් (ඉන්ද්රියයන්) දොරවල් හයෙන්ම කුණු බැහැර කිරීමද කළ යුතුය. මෙය ඉන්ද්රිය භාවනාවයි. ඉන්ද්රියයන් සංවර කර ගැනීමයි. සංවර සීලයයි. මේ අනුව ආනාපානසති භාවනාව යථා පරිදි අවබෝධ කරගෙන සතියෙන් යුතුව භාවනා කිරීමෙන් සීල, සමාධි, පඤ්ඤා යන තුන් ආකාරයේම ක්‍රියාකාරීත්වය පූර්ණ වෙයි.
කායානුපස්සනාව යථා පරිදි සිදුනොවී නම් කය සංසිඳීම සිදුවූයේ නැත්නම් වේදනාව සංසිඳීමක් වේදනානුපස්සනාවේ පිහිටීමක්් හෝ සිත සංසිඳීමක් චිත්තානුපස්සනාවේ පිහිටීමක් හෝ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරාගෙන ධම්මානුපස්සනාව පුරා ගැනීමක් හෝ කිසිසේත්ම සිදු නොවේ.
හුස්ම ගැනීම – ආශ්වාසය – හුස්ම පිට කිරීම – ප්රාශ්වාසය ලෙසින් අස්ස, පස්ස යන පද අර්ථ ගන්නා එක ක්‍රියාවක් දෙස පමණක්ම බලා කය සංසිඳවා ගත නොහැකිය. ක්‍රියාවන් හයම දෙස බලා ක්‍රියාවන් හයෙන්ම යහපත් කුසල් ආශ්‍රය කිරීමත්, අයහපත් අකුසල් බැහැර කිරීමත් කළ යුතුය. මේ අනුව තම තමන්ම තමාගේම ඉන්ද්රියයන් හයෙන්ම වටිනා, හරවත්, ප්‍රිය මධුර යැයි සිතා එකතු කරගන්නා දේ පිළිබඳව දෙවරක් නොව කිහිපවරක්ම ඉවසා, සිතා බලා එවැනි ප්‍රිය මනාප දේ ගින්න, දාහය, අභිජ්ඣා, ශෝකය, භය ඇතිකර වන දේ නම් ඒවා ඇතුළට නොගත යුතුය. සිත කය නිවන භය ඇති නොවන කය සංසිඳෙන දේ නම් ඒවා පමණක් ඇතුළට ගත යුතුය. සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍ර දේශණාවේ ඉතා දීර්ඝ වශයෙන් මේ කරුණු විස්තර කර ඇත. එය කියවා තේරුම් ගැනීම කාටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනු ඇත’
2. වේදනානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්
යස්මිං සමයේ භික්ඛවේ, භික්ඛු
v. පීති පටිසංවේදී අස්සසිස්සාමිති සික්ඛති
පීති පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
vi. සුඛ පටිසංවේදී අස්සසිස්සාමිති සික්ඛති
සුඛ පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
vii. චිත්තසංඛාර පටිසංවේදී අස්සසිස්සාමිති සික්ඛති
චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
viii. පස්සම් භයං චිත්ත සංඛාර පටිසංවේදි අස්සසිස්සාමිති සික්ඛති
පස්සම් භයං චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
”වේදනාසු වේදනානුපස්සී භික්ඛවේ, තස්මිං සමයේ භික්ඛු විහරති. ආතාපි සංපජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජඣාදෝමස්සං”
කායානුපස්සනාව වැඩූ කෙනෙකු තම ක්‍රියාවන්ගේ වේගය සංසිඳවා ගැනීමත් සමඟම වේදනාව ගැනද යම් තරමක හැඟීමක් ඇතිවෙයි. ඉන්ද්රියයන් පිනවීමෙන් ලබන ප්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බව හා එවන් ඉන්ද්රියයන් පිනවීම අත්හැරීමෙන් ලබන නිරාමිස ප්රීිතිය, නිරාමිස සුවය හා සිත නිවීමද යම් තරමකට හෝ තේරුම් ගත හැකි වෙයි. කය රමණය කරන ක්‍රියාවන් නිසා කාම ප්‍රීතියත්, කාම සුඛයත් ඇතිවේ. කාමයෙන් වෙන්වීම නිසා නෙක්ඛම්ම ප්‍රීතියත්, නෙක්ඛම්ම සුවයත් ඇතිවෙයි. කාම ප්‍රීතිය හා කාම සුඛය යන දෙකම වේදනාවෙන් විඳීමත් ප්‍රීතියක් හා සුවයකි. ඒ දෙකම සුළු මොහොතකින් වෙනස් වී දුකට පත් කරවන දුකම උරුම කරදෙන එක දිගටම පැවැත්විය නොහැකි ප්‍රීතියක් හා සුවයකි. නෙක්ඛම්ම ප්‍රීතිය ඊට හාත්පසින්ම වෙනස් නිරාමිස ප්‍රීතියකි. නිරාමිස සුවයකි. මේ ආකාරයෙන්ම කායික ප්‍රීතිය, උපධි ප්‍රීතියකි. උපධි සුඛයකි. නිරුපදි ප්‍රීතිය හා නිරුපදි සුඛය යහපත් එකකි. සාසව ප්‍රීතිය හා සාසව සුඛය බැඳීමක්, බරක්, බයක් උපදවයි. අනාසව සුඛය සම්මා සුවයයි. අනරිය ප්‍රීතිය අනරිය සුවය සසර ගමන දික් කරන්නකි. අරිය ප්‍රීතිය, අරිය සුවය නිර්වේදයිත සුඛයකි. නිදහස්වීමේ සුවයකි. ඒ ආකාරයෙන්ම සමාධි සුවය, උපේක්ඛා සුවයද නිවන් සුවයට මංපෙත් හෙළිකරයි.
මෙහි කළින් දැක්වූ පරිදි සෑම සංඛාර ක්‍රියාවක් නිසාම කෙනෙක් යම් විඳීමක් වින්දනයක්, වේදනාවක් ලබයි. මෙය ප්‍රිය වේදනාවක් හෝ අප්‍රිය වේදනාවක් හෝ මැදිහත් වේදනාවක් හෝ විය හැකිය. අකුසල් කර්මයක් කිරීමෙන් ලබන ප්‍රිය වේදනාව හා ප්‍රිය සුවය මොහොතකින් දුක්, අප්‍රිය වේදනාවක් බවටද පත්වෙයි. ඒ අනුවම කුසල කර්මයක් නිසා කුසල ධර්මයක් කිරීමෙන් ලබන ප්‍රීතිය හා සුවය නිරාමිස ප්‍රීතියක්ද වෙයි. අත්හැර නිදහස්වීමේ සුවයක් වෙයි.
මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ ප්‍රීති, සුඛ, චිත්ත, සංඛාර යන තුන් අවස්ථාවෙහිම අත්හැර නිදහස් විය යුතු ප්‍රීතියක්, සුවයක් හා චිත්ත සංඛාර පටිසංවේදී බවක් ඇත. ”පස්ස සිස්සාමිති සික්ඛති” යනු ඒ අතහැර මිදී හික්මිය යුතු ප්‍රීතියයි. සුඛයයි. චිත්ත පටිසංවේදීතාවයයි. ඒවාගේම ආශ්‍රය කළයුතු කුසල මූල ප්‍රීතියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදී බවක්ද ඇත. ”අස්ස සිස්සාමිති සික්ඛති” කීවේ මේ ආශ්‍රය කළයුතු ප්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බවයි.
වේදනානුපස්සනාව සඳහා වේදනාව සංසිඳීම සඳහා මේ දෙයාකාර ක්‍රියාවන්ම කළ යුතුය. අත්හළ යුතු කාම ප්‍රීති, කාම සුඛ, කාම චිත්ත පටිසංවේදී බව ආදී කොට ඇති ඉන්ද්රියයන් පිනවීමේ ප්‍රීති, සුඛ අත්හැර, නිදහස් වී, ශික්ෂණය විය යුතුය. එවාගේම ආශ්‍රය කළ යුතු නෙක්ඛම්ම සුවය, අනාසව සුවය, නිරාමිස ප්‍රීතිය, සමාධි සුවය ආදී ප්‍රීති හා සුඛ අත්විඳ ගත යුතුය. එය අරිය සුවයයි. මේ අනුව වේදනානුපස්සනාව ලැබීමට නම් වේදනාව සංසිඳුවා ගැනීමට නම් මේ සඳහන් කළ දෙයාකාරයේම ආශ්‍රය කිරීම හා ආශ්රයෙන් බැහැර කිරීමද තෝරා බේරාගෙන කටයුතු කළ යුතුමය.
නිරාමිස සුවය හා ප්‍රීතියත් නෙක්ඛම්ම සුවය හා ප්‍රීතියත් නිරුපදි සුවය හා ප්‍රීතියත් සමාධි සුවය හා ප්‍රීතියත් යන සියල්ලමත් අත්හැර සිත අසංඥ තත්ත්වයට පත්කර ගත හොත් කිසි විටකත් ධම්මානුධම්ම ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට උපකාර වන ප්‍රසාදයට පත්වූ සිතකින් ධම්මානුපස්සනාවෙහි යෙදීමටද නොහැකි වෙනු ඇත. ඒ නිසා ආශ්‍රය කළ යුතු ප‍්‍රීතිියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදීතාවයකුත් ඇති බව නිතරම කල්පනා කර කායානුපස්සනාව හා වේදනානුපස්සනාව වැඩිය යුතුය.
කාම ප්‍රීතිය, කාම සුවය, උපධි ප්‍රීතිය හා උපධි සුවය, සාසව ප්‍රීතිය හා සාසව සුවය ආමිස සුවය හා ආමිස පී‍්‍රිතිය හැම විටම අභිජ්ඣා දෝමනස්සයට මුල්වන බව දැන එය ප්රහාණය කර දමා ඉන් ලබන වේදනාව ප්‍රිය මධුර වුවත් එහි අනිච්ච බව පසක් කොට දැන ඉන් මිදී නිදහස්විය යුතුය. එය වේදනානුපස්සනාව වැඞීමයි. වේදනාව සංසිඳීමයි. ඒ මිස කයෙහි ඇතිවන වේදනා බැලීම වේදනානුපස්සනාව නොවේ.
කාම සුවය කාම ප්‍රීතිය නිසා උපධි සුවය ප්‍රීතිය නිසා නිතරම සිතෙහි භයක්, බරක්, බැඳීමක් ඇතිවෙයි. එයට හේතුව කොයි මොහොතේ හෝ පී‍්‍රතිය, සුවය නැති වී අවසන් වී යාදෝ යන භයයි. නමුත් නෙක්ඛම්ම පී‍්‍රතියේ හා සුවයේ නිරුපධි පී‍්‍රතියේ හා සුවයේ, සමාධි සුවයේ පී‍්‍රතියේ එවැනි භයක්, තැති ගැන්මක් හිතකට ඇති වන්නේ නැත. එය අත්හැර මිදී නිදහස්වීමේ සුවයයි. පී‍්‍රතියයි. ඒ නිසා ”පස්සං භයං චිත්ත සංඛාරං” යන තත්ත්වය තේරුම් ගෙන වේදනාව සංසිඳවා ගත යුතුය.
සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ වේදනානුපස්සනාවට අදාළව සේවනය කළයුතු කුසල් ධර්මයන් හා සේවනයෙන් බැහැර කළ යුතු අකුසලයන් පිළිබඳව පැහැදිළිවම විස්තර කර ඇති නිසා අස්ස හා පස්ස යන කොටස් දෙකම නිවැරදිවත්, පිරිසිදුවත් දැන ඒ අනුව කි‍්‍රයා කළ යුතු වන්නේය. අස්ස යන්න ආශ්වාස ලෙසත් පස්ස යන්න ප්රාශ්වාස ලෙසත් වැරදියට පරිවර්තනය කරගෙන හුස්ම ඉහළ පහළ දැමීම, පිම්බීම හැකිළීම කෙරෙහි අවධානය යොමු කර අරමුණු වන සියලුම පී‍්‍රති හා සුඛ අත්හැර ලබන්නට හැකි වන්නේ අසඤ්ඤ තත්ත්වයකි. ධර්මය නොදැනීම නිසා ධර්මය වැරදියට පරිවර්තනය කිරීම නිසා සිදුවූයේ මෙවන් මහානර්ඝ වූ ආනාපානසති භාවනා ක්‍රමය භාවිතයෙන් අනේක වූ දුක්විඳි ලෝක සත්ත්වයාට ලබාගත හැකිව තිබූ වේදනා සංසිඳියාව ලබාගැනීමේ අරිය මාර්ගය වැසී යටපත් වී යාමයි. අද වේදනානුපස්සනාව යනු කායික වේදනාවක් බැලීමකට පමණක් සීමාවී ඇත. මෙය ප්රාණයාම භාවනාවකි.
3. චිත්තානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්
”යස්මිං සමයේ භික්ඛු
ix. චිත්තපටිසංවේදී අස්සසිස්සාමිති සික්ඛති
චිත්තපටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
x. අභිප්පමෝදයං චිත්තං අස්සස්සාමිති සික්ඛති
අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමිති සික්ඛති
xi. සමාදහං චිත්තං අස්සසිස්සාමිති සික්ඛති
සමාදහං චිත්තං පස්සසිස්සාමිති සික්ඛති
xii. විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්ඛති
විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්ඛති
චිත්තේ චිත්තානුපස්සී භික්ඛවේ, තස්මිං සමයේ භික්ඛු
විහරති අතාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ
අභිජ්ඣාදොමනස්සං නාහං භික්ඛවේ මුට්ඨස්සතිස්ස
අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි
තස්මාතිහ භික්ඛවේ චිත්තේ චිත්තානුපස්සී තස්මිං
සමයේ භික්ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං”
සියලු අකුසල් කි්රයාවන් බැහැර කර කුසල් කි්රයාවන් ආශ්‍රය කිරීම නිසා කයෙහි ක්‍රියාවන් නිසා ඇතිවන දාහය, ගින්න සංසිඳවාගත්, ඒ අනුවම වේදනාවද සංසිඳුවාගත් ආනාපානසති භාවනානුයෝගියාට දැන් තම සිත සංසිඳුවා ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. කි්රයාවන් නිසා බිහිකරගත් වේගය සමඟ මෙතෙක් සිතින් බැඳී තිබූ චිත්ත පටිසංවේදීතාවය අත්හැරීමත් සමගම දැන් චේතෝ විමුක්තිය ලබාගැනීම අරමුණු කරගෙන සිත ප්‍රසාදයට පත්වෙයි. මෙය නිරාමිස පී‍්‍රතියයි. නිරාමිස සුඛයයි. නිරාමිස පී‍්‍රතියත්, නිරාමිස සුවයත් ක්‍රමයෙන් අත්හැර නිදහස් වීමෙන් සිත අධිමොක්ඛ තත්ත්වයට, අභිප්රමෝද තත්ත්වයටද පත්වෙයි. අභිප‍්‍රමෝදයට පත්වූ සිත සමාදහං තත්ත්වයටද පත්වෙයි. සමාදහං තත්ත්වයට පත්වීමේදී සිදුවන්නේ මෙතෙක් සිතෙහි රැුඳී පැවති (සං) අභිජ්ඣා, දෝමනස්ස ගති සහමුළින් ඉවත් වී, ”සම්මා” තත්ත්වයට සිත පත්වීමයි. නෙක්ඛම්ම, උපේක්ඛා තත්ත්වයට සිත පත්වීමයි.
පෘථග්ජන පුද්ගලයෙකු තුළ කායික දාහය, ගින්න, දුක ඇතිවන්නේත් මානසික දාහය, ගින්න, දුක ඇත්වන්නේත් පංචස්කන්ධය උපාදානය කරගන්නේත් අභිජ්ඣාව නිසාමය. අභිඉච්චා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. බලවත් කැමැත්තයි. දැඩි ලෝභය නිසා සිතෙහි ගින්නක් දාහයක් නිරන්තරවම උපදී. දැඩි ලෝභයෙන්, ආශාවෙන්, උපාදානය කරගත් දේ තමන්ට අහිමිවී යාමත් සමගම දොම්නස් සිතක්ද, ද්වේෂයක්ද ඇතිවෙයි.
ආනාපානසති සූත්‍ර දේශණාවේ සඳහන් මුල් පියවර දොළහ තුළදීම අභිජ්ඣාව දෝමනස්ස යන කෙළෙස් ගති ලක්ෂණ කෙනෙකුගේ සිත තුළින් සහමුළින්ම ඉවත්කර,
සිත ”සමාදහං චිත්තං” යන තත්ත්වයට පත්කර ගන්නට මඟ කියාදෙයි. මේ සඳහා සිතින් බැහැර කළ යුත්තේ අකුසල් සහගත කි‍්‍රයා, වදන් හා සිතුවිලිය. ඒ සමගම ආශ්‍රය කළ යුත්තේ අභිජ්ඣාව දොම්නස සිතෙහි උපදින්නට මුල්වන සිතෙහි තැන්පත්ව පවතින කිළිටි කෙළෙස් ගති ලක්ෂණ සළාහැර පිරිසිදුවීමට උපකාරවන කුසල කි්රයාවන්ය. කුසලස්ස උපසම්පදා යන පදයෙන් විග්රහ කරදුන්නේ මෙම යථාර්ථයයි. මේ අනුව ආනාපානසති සූත්‍රයෙන්ද පෙන්වා දුන්නේ ”සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා” යන ආශ්‍රය කළයුතු හා බැහැර කළ යුතු යන දෙපැත්තමයි. මෙතැනදී බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් සඳහන් කළ කරුණක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
”නාහං භික්ඛවේ මුටඨස්සතිස්ස – අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි”
”මුට්ඨස්සතිස්ස” යනු ඇත්ත නැත්ත තේරුම් කරගන්නට නොහැකි හේතුඵල ධර්මය තේරුම්ගත නොහැකි මුට්ඨ, මෝහ, සතියෙහි පිහිටා කටයුතු නොකරන, සංපජානනය කළ නොහැකි, අසම්පජානස්ස පුද්ගලයාටයි. ”මම ආනාපානසති භාවනා ක්‍රමය එවැන්නන්ට දේශණා නොකරමි, නිර්දේශ නොකරමි” සංපජානනය කළ නොහැකි පුද්ගලයාට සමාදහන් චිත්තං තත්ත්වයට පත්වීමටද හැකියාවක් ද නැත. ”සං” යනු රැස්කරගත් උපාදානය කරගත් රාග, ද්වේෂ, මෝහ මූලික ගති ගුණයෝයි. ”සං” නිවැරදිවම තේරුම් ගෙන, පිරිසිඳ දැනගත නොහැකි පුද්ගලයාට ”සං” වලින් මිදී සම්මා තත්ත්වයට පත් වීමද කරගත නොහැකිය. සම්මා දිට්ඨියට පත්වන්නට නොහැකිය. දස්සනේන සම්පන්නෝ යන තත්ත්වයට පත්විය නොහැකිය. අසම්පජානස්ස යනු එවන් ගති ලක්ෂණයන් ඇති පුද්ගලයාට භාවිතා කළ නමකි. එවන් පුද්ගලයෙකුට තමන් ආශ්‍රය කළයුතු කුසල කි‍්‍රයා හෝ බැහැර කළ යුතු අකුසල කි‍්‍රයා හෝ වෙන්කොට දැන හඳුනාගත නොහැකි නම් මෙවන් උතුම් ආනාපානසති භාවනාවකින් ලබාගත හැකි ඵලයක්ද නැත. මේ බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ ධර්මයයි.
හුස්ම ඇතුළට ගැනීම හා පිටකිරීම, ආශ්වාස ප්රාශ්වාස කිරීම හෝ පිම්බීම හැකිළීම කෙරෙහි පමණක් සිත යොමුකරගෙන සිතට එන සියලුම අරමුණු, සිතුවිලි බැහැර කරන්නාද අසම්පජනාස්ස පුද්ගලයෙකි. අසඤ්ඤ තලයකට පත්වීම ඔහු ලබන ඵල විපාකයයි.
අරිය විනයෙහි ලබන චේතෝ විමුක්තිය ලබන්නේද මෙම චිත්තානුපස්සනාවත් සමඟය. ”විමෝචයං චිත්තං” යනුවෙන් සඳහන් කළේ චේතෝ විමුක්තියයි. ”ප්රාණයාම” භාවනාව නම් අනරිය භාවනා ක්‍රමයෙන්ද චේතෝ විමුක්තියක් ලබාගත හැකිය. අනරිය අරූපී ධ්‍යානයකට පත්වීමෙන් ලබන එම චේතෝ විමුක්තියත් අරිය විනයේ එන අකුප්පා චේතෝ විමුක්තියත් දෙයාකාරය.
අරිය විනයේ එන චේතෝ විමුක්තිය ලැබූ පුද්ගලයාට ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරන්නට සුදුසු චිත්ත ශක්තියක් සිතේ පිරිසිදු බවක් ධර්මතාවයෙන්ම ලැබෙන නිසා ධම්මානුපස්සනාව වඩා ප්‍රඥා විමුක්තියම පූර්ණකර ගැනීම කරගත හැකිය.
නමුත් අනරිය භාවනාවකින් ලබන චේතෝ විමුක්තියත් සමඟම ඒ අනරිය ධ්‍යානයන් නිසා ලබන ලෞකික සුවයෙන් මත් වී ඉන් ඔබ්බට යාමේ පිළිවෙතක් දැකගන්නට නොහැකිව ඒ ලෞකික සුවයෙහිම ඇළෙයි. එයම නිවන යැයි එයම විමුක්තිය යැයි තීරණය කර ඒ අරූපී ධ්‍යානයම සුවයක් සේ ගෙන වාසය කරයි. මේ නිසා සිදුවන්නේ එවන් අනරිය ධ්‍යානයන් ලැබූ පුද්ගලයින් අසඤ්ඤ තලයක් අල්ලාගෙන මරණ මොහොතින් පසුව එවැනි අසඤ්ඤ තලයකම උපත ලැබීමයි.
මේ නිසා නිවැරදි ආනාපානසති භාවනාව තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීම හෝ වැරදි ආනාපානසති භාවනාව භාවිතා කර අසඤ්ඤ තලයක උපත ලබා සංසාරයේ අතරමං වීම හෝ යන දෙකෙන් එකක් තෝරා ගන්නට ඔබ දක්ෂ විය යුතුය.
4. ධම්මානුපස්සනාව වැඩීම
”යස්මිං සමයේ භික්ඛවේ, භික්ඛු,
xiii. අනිච්චානු පස්සී අස්සසිස්සාමිති සික්ඛති
අනිච්චානු පස්සී පස්සසිස්සාමිති සික්ඛති
ixv. විරාගානු පස්සී අස්සසිස්සාමිති සික්ඛති
විරාගානු පස්සී පස්සසිස්සාමිති සික්ඛති
xv. නිරෝධානු පස්සී අස්සසිස්සාමිති සික්ඛති
නිරෝධානු පස්සී පස්සසිස්සාමිති සික්ඛති
xvi. පටිනිස්සග්ගානු පස්සී අස්සසිස්සාමිති සික්ඛති
පටිනිස්සග්ගානු පස්සී පස්සසිස්සාමිති සික්ඛති
ධම්මේසු ධම්මානුපස්සී භික්ඛවේ තස්මිං සමයේ
භික්ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං සෝ යංතං
අභිජ්ඣා දෝමනස්සං පහානං තං පඤ්ඤය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
තස්මාතිහ භික්ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං එවං භාවිතා ඛෝ භික්ඛවේ
ආනාපානසති එවං බහුලීකථා චත්තාරෝ
සතිපට්ඨානේ පරිපූරෙති”
”ධම්මානුධම්මපස්සනාව” යන්න අරිය විනයෙහි මිස වෙනත් කිසිම ආගමක, දර්ශනයක හෝ භාවනා ක්රමයක ඇතුළත් වන එකක් නොවේ. ධම්මානුපස්සනාව වැඞීමට නම් ති‍්‍රලක්ඛණය නිවැරදිවත් යථාවබෝධයකින් යුතුවත් තේරුම්ගත යුතුමය. ති‍්‍රලක්ඛණය නිවැරදි ලෙස අවබෝධ නොවූ කෙනෙකුට ”අනිච්ච” යන පදයේ තේරුම පවා එහි ධර්ම අර්ථය පවා නොදැන ධර්මාවබෝධයක් ඇතිව කි‍්‍රයාකරතියි සිතිය නොහැකිය. මේ ආකාරයෙන්ම ධම්මානුපස්සනාව වැඞීමට නම් හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳවද යම්කිසි අවබෝධයක් ලබා සිටිය යුතුමය. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන ”භව” නිරෝධ කිරීමටත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, කුණු මුල් කපාහැර ප්‍රඥාව උපදවා පහදා ගැනීමටත් හැකියාව, ශක්තිය ලැබිය යුතුය.
ධම්මානුපස්සනාව වැඞීමෙන් සිදුවන්නේ ප්‍රඥා විමුක්තිය සම්පූර්ණ වීමයි. විද්‍යා විමුක්තියට පත්වීම යනුද ප්‍රඥා විමුක්තියට පත් වීමයි. සම්මා විමුක්තියට පත්වීම ලෙසින්ද මෙය බොහෝ තැන්වල සඳහන්ව ඇත. චේතෝ විමුක්තියට පත්වීමත් ප්‍රඥා විමුුක්තියට පත්වීමත් යනු දෙයාකාරයක විමුක්තියට පත් වීමකි. අවිද්‍යාවෙන් දුරු වූ, මානයෙන් දුරු වූ, භව නිරෝධ කළ උත්තමයා ප්‍රඥා විමුක්තියට පත් වූ අරහත් බුද්ධ තත්ත්වයටම පත්වූ උත්තමයෙකි. ඔහුට තවදුරටත් කරගතයුතු දෙයක් ඉතිරිව නැත.
අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගත් චතුරාර්ය සත්‍යයන් යථාපරිදි අවබෝධකරගත් අරිය පුද්ගලයෙකුට රාග – විරාග කිරීමටත්, රෝද – නිරෝධ කිරීමටත්, සංයෝජන – පටිනිස්සග්ග කිරීමටත් ධර්මතාවයෙන්ම ශක්තිය හා හැකියාවද ලැබෙයි. ඒ අනුව ආශ්‍රය කළ යුතු ධර්මතාවය – කුසල ධර්මයන් ආශ්‍රය කර, පහකර දැමිය යුතු අකුසල ධර්මයන් ප්රහාණය කර, සියලු සංයෝජනයන් ගෙන් මිදී මෙතෙක් සංසාර ගමන පවත්වාගෙන යාමට උපකාරවූ සියලු බැඳීම් – පටි නිස්සග්ග කර සියලු උපධීන්ගෙන් මිදී, නිදහස් වී අරහත් තත්ත්වයට පත්වීමට කි‍්‍රයාකරන උත්තමයෙකි.
චේතෝ විමුක්තිය පමණක් ලැබූ පුද්ගලයා යම් ආකාරයක අනරිය ධ්‍යනයක් ලබාගෙන චිත්ත විමුක්තියක් ලබා ගත්තද අරිය තත්ත්වයට පත්නොවූ අරිය ධර්මයෙහි යෙදීමට සමත් නොවන පෘථග්ජන පුද්ගලයෙකු නිසා යම් මොහොතක එම චේතෝ විමුක්තිය නැතිවී ධ්‍යානයන් නැති වී නැවත සාමාන්‍ය පුද්ගලයෙකු බවටත් පත්විය හැකිය. ඒවාගේම ඔහු සතර අපා දුකෙන් මිදුණු පුද්ගලයෙකු ද නොවේ.
චේතෝ විමුක්තිය ලබා ධ්‍යාන ලබාගෙන හෝ චේතෝ විමුක්තියෙන් තොර ධ්‍යානයන් නොලබාම හෝ ප්‍රඥා විමුක්තියට පත් අරිය උත්තමයාට ප්‍රඥා විමුක්තියට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් අකුප්පා චේතෝ විමුක්තියද උරුමයෙන් ලැබෙයි. අකුප්පා චේතෝ විමුක්තිය යනු කම්පනය නොවන, නොසෙල්වෙන, වෙනස් නොවන චේතෝ විමුක්තියයි. යමෙකුට අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගත හැකි වන්නේද ප්‍රඥා විමුක්තියට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසින්මය. මේ නිසා ප්‍රඥා විමුක්තිය හා චේතෝ විමුක්තිය යනු දෙයාකාර දෙවිධියක ශක්තීන් හා බලයන් බව නිවැරදිවම තේරුම් ගත යුතුය. චේතෝ විමුක්තිය පළමුව නොලබා ප්‍රඥා විමුක්තියෙන් අරහත් තත්ත්වයට පත් අයම බහුලය. බෞද්ධයෙකුගේ එකම බලාපොරොත්තුව නිවන් අවබෝධය ලබාගෙන සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි. අනරිය භාවනා ක්‍රමයකින් ධ්‍යාන ලබාගැනීම හෝ ඍර්ධි ප්රාතිහාර්යයන් පෑමේ ශක්තිය ලබාගැනීම හෝ පංච අභිඥා ලබාගෙන තම ශක්තීන් විදහාපෑම හෝ බුදුපියාණන්වහන්සේ අනුදැන වදාළ දෙයක් නොවේ. ප්‍රතික්ෂේප කළ දෙයකි. මේ අනුවම එවකට ජම්බුද්වීපයේ පැවති අනරිය ආනාපනසති භාවනා ක්රමයද බැහැර කළ බුදුපියාණන්වහන්සේ අනිකුත් හැමතැනකදීම පෙන්වාදුන් පරිදි ආනාපාන සතිය වැඞීමේදීද අරිය මාර්ගයක් ඇති බව පෙන්වා දී ඒ සඳහා නව අර්ථ කථනයක් ලබාදී පහසුම හා කෙටිම නිවන් මඟ පූර්ණ කරගැනීමේ ඒකායන මාර්ගය නම් අරිය ආනාපානසති භාවනාව වැඞීම බව පැහැදිළිවම ආනාපානසති සූත්‍ර දේශණාවෙන් පැහැදිළි කර දුන්හ.
සත්ත සම්බොජ්ජංග වැඩීමෙන් විද්යාම විමුක්තිය පූරණය වීම
විද්‍යා විමුක්තිය පරිපූරණය කරගෙන බුද්ධ බවට පත්වී නිවන් අවබෝධය පූර්ණ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම සම්බොජ්ජංග වැඞී සත්ත සම්බෝජ්ජංග පූර්ණ කරගත යුතුමය. නිවන් අවබෝධය පූර්ණකර ගැනීමේදී නියත වශයෙන්ම සම්පූර්ණ කරගත යුතු අංග හතක්ම සත්ත බොජ්ජංග ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාරා ඇත. බුද්ධත්වයට පත්වීම යනු ලොව්තුරා බුද්ධත්වයට පත්වීම, පච්චේක බුද්ධත්වයට පත්වීම හා අරහත් බුද්ධත්වයට පත්වීම යැයි තුන්තරා බෝධියක්ම බුද්ධ භාෂිතයේ සඳහන් වෙයි. මෙතැන බුද්ධ යනුවෙන් වදාළ පදයේ ධර්ම අර්ථය බු+උද්ධ යන්නයි. (භු) බු යනු බිහි කිරීමයි. ”භව” යන පදයෙන්ද පටිච්චසමුප්පාද ධර්මයේ විග්රහ කළේ (භු) බු යන පදයයි. ”භව” සහමුළින් උදුරා දැමීම බුද්ධ තත්ත්වයට පත්වීමයි. ”භව” යනු කර්මබීජ උත්පත්ති බීජ යන්නයි. ”උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති”, ”උපාදාන නිරෝධා භව නිරෝධා”, ”භව නිරෝධා ජාති නිරෝධා”, යනුවෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ කරන ලද විග්රහයද ඉතාමත්ම පැහැදිළිය. කර්ම බීජ, උත්පත්ති බීජ සහමුළින්ම උදුරා දමා, නසා දමා අවසන් කිරීමෙන්ම පමණක් ”භව” නිරෝධ කර ජාති නිරෝධ කරගත හැකිවෙයි. ජාති යනු උපතයි. ජාති යනු නිතරම ඵලයකි. ලබා ඇති උපත දැන් නැති කළ නොහැකිය. ජාති නැති කිරීමට නම් මතු ජාතියක උපත ලැබීමම නැති කරනු මිස දැන් ඊට වෙනත් ක්රමයක්ද නැත. මතු ජාතියක උපත නැති කිරීම සඳහා කළයුතු හා කළ හැකි එකම දේ කර්ම බීජ, උත්පත්ති බීජ, භව නිරෝධ කර, භව උදුරා ඉවත්කර දැමීමයි. භව නිරෝධ කරන්නට අහවර කරන්නට ප්රායෝගිකවම අනුගමනය කළ යුතු මග, පටිපදාව සත්ත සම්බොජ්ජංග සම්පූර්ණ කර ගැනීමයි. එසේ නම් සත්තබොජ්ජංග වැඞීම යනු භව අංග හතක්ම උදුරා දමා ඉවත් කිරීමයි. චිත්තසංථානයේ යළි යළිත් භව අංග බිහිවෙන තුරාවට කර්ම බීජද උපදී. ”භව” නිරෝධ කර සියලු කර්ම බීජ වලින් චිත්තසංථානය හිස්කර, මතු යළිත් කර්ම බීජ (භව) නැවත කවදාවත් නොඋපදවන තත්ත්වයටම පත්වීම සත්ත බොජ්ජංග පූර්ණ කර ගැනීමයි. මෙතනදී යළි කවදාවත් උත්පත්ති බීජ, කර්ම බීජ එකතු කර, රැස්කර නොගන්නා ආකාරයට චිත්තසංථානය පිරිසිදු කර ගැනීම සත්ත සම්බොජ්ජංග වැඞීම නමින් අදහස් කෙරේ. අතීතයේදී උපදවා චිත්තසංතානයේ රැුස්කර ගබඩා කරගෙන තිබූ සියලු අතීත කර්ම බීජයන්ද විනාශ කර, භව උදුරා දමා, අලුතින් කිසිම කර්ම බීජයක් උපදවා ගබඩා කර ගැනීමද නවතා දමා පිරිසිදු තත්ත්වයටම චිත්තසංථානය පත්කර ගැනීම සත්ත සම්බොජ්ජංග පූර්ණකර ගැනීම ලෙසින් සරළ ලෙස පෙන්වා දිය හැකිය.
අවිද්‍යාව හා තණ්හාව නිසාම මෙතෙක් කළක් ඒවායෙහි ඇති යම් සාර බවක් දැක සංසාර දෘෂ්ඨියෙන්ම එසේ එකතුකර ගබඩා කරගත් සියලු කර්ම බීජයන් දැන් විද්‍යා විමුක්තියට පත්වීම නිසා නිස්සාර ලෙසින් දැක ඒවා එකතු කිරීමෙන්, ගබඩා කිරීමෙන් හා භාවිතා කිරීමෙන්ද වැළකී ඉවත්වීම බුද්ධ බවට පත්වීමයි. සත්ත සම්බොජ්ජංග වැඞීමෙන් නියත වශයෙන්ම අෂ්ටාංගික මාර්ගයද වැඩෙයි. ප්‍රඥා විමුක්තියද පූර්ණ වෙයි.
ආනාපානසති අරිය භාවනාව වැඞීමෙන්, නිතර නිතර බහුල ලෙස භාවිතා කිරීමෙන්, සතර සතිපට්ඨානයද වැඩෙයි. සතර සතිපට්ඨානය වැඩෙත්ම, බහුල ලෙස වැඩෙත්ම, සත්ත සම්බෝජ්ජංගද වැඩෙයි. සත්ත සම්බොජ්ජංගයන් වැඞී පූර්ණ වීමත් සමඟම විද්‍යා විමුක්තිය පරිපූරණය වෙයි. ආනාපානසති සූත්‍රයෙන් පෙන්වා වදාළ මෙම අරිය මාර්ගය ඉතාම පහසුවෙන් ඉතාම කෙටි කලකින් විද්‍යා විමුක්තිය පරිපූරණය කරගැනීමේ කෙටිම මාර්ගය බවත් ඒකායන මාර්ගය බවත් බුද්ධ දේශණාවෙහිම පැහැදිළිව දක්වා ඇත.
පෘථග්ජන පුද්ගලයෙකු කරන, කියන, හිතන බොහෝමයක් ක්‍රියාවන් කරන්නේ අවිද්‍යාවෙන්, තණ්හාවෙන් පංචඋපාදානස්කන්ධයම අල්ලා, උපාදානය කර ගැනීමේ එකම චේතනාවෙනි. මේ ආකාරයට පංචස්කන්ධය උපාදානය කර ගැනීමත් සමඟම උපාදානය කරගත් දේ රැුකගන්නට ක්‍රියා කරන නිසා පංචනීවරණ ධර්මයන්ටද යටත්වෙයි. මෙසේ යමක් උපාදානය කර ගැනීමත් සමඟම සිදු වන්නේ කර්ම බීජ උත්පත්තියක් සිදුවීමයි. බොහෝමයක් පෘථග්ජන මිනිස්සු පංච නීවරණ ධර්මයන් යනු මොනවාදැයි නොදනිති. පංචඋපාදානස්කන්ධය පිළිබඳව හා පංචස්කන්ධය පිළිබඳව වෙනස්කම් කිසිවක්ම නොදනිති. කර්ම බීජ තමන්ම තම කැමැත්තෙන්ම උපදවා ගෙන, තමාගේම චිත්තසංථානයේ ගබඩාකර, රැස්කර ගන්නා බවද නොදනිති. මෙවන් කරුණු පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගත් පුද්ගලයා පමණක් සති සංපජානකාරී පුද්ගලයෙකි. සම්මා දිට්ඨියට පත් පුද්ගලයෙකි. පංචඋපාදානස්කන්ධයම තම කැමැත්තෙන්ම අල්ලා උපාදානය කරගන්නේත්, පංච නීවරණ ධර්මයන්හිම චන්දරාගයෙන් ඇලෙන්නේත්, දෙවනුව ඒවා සමඟ ගැටෙන්නේත්, මුලා වූ ස්වභාවයෙන් අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් ක්‍රියා කරන්නේත් මේ කරුණු පිරිසිඳ නොදත් අසම්පජානස්ස පුද්ගලයායි. මොහු මොටවූ මුට්ඨස්ස පුද්ගලයෙකි. ඇත්ත දැක සතියෙහි පිහිටිය නොහැකි කෙනෙකි. ”ආනාපානසති අරිය භාවනාව එවන් අසම්පජානකාරී, මුට්ඨස්ස පුද්ගලයින් සඳහා නොව සම්පජානකාරී අසම්මුට්ඨස්ස පුද්ගලයින් සඳහාම පමණක් දේශණා කරමි” යි බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් දේශණාකර පෙන්වා වදාළහ.
සත්ත සම්බෝජ්ජංග ධර්මයන් වැඞීමෙන් ”භව” නිරෝධ වී ක්‍රමයෙන් කර්ම බීජ උත්පත්ති බීජ ඛය වී යයි. කර්ම බීජ ඛය වී, භව නිරෝධ වීම යනු රාගක්ඛය වීමයි. ද්වේෂඛය වීමයි, මෝහඛය වීමයි. ඒ අනුව සත්ත බොජ්ජංග වැඞීම යනු කුමක්දැයි තේරුම් ගෙන නිවැරදි ආකාරයෙන් ප්‍රතිපත්ති පිරීමෙන්ම, කර්ම බීජ ඛය වී ජාති නිරෝධ වීමද සිදුවෙයි. භව නිරෝධ කිරීම යනු සම්බොජ්ජංග වැඞීමයි. භව නිරෝධ වී ජාති නිරෝධ වී, මතු යළි උපතක් නොලබන තත්ත්වයයි. නිවන් අවබෝධය පූර්ණකර ගැනීම සඳහා සත්ත සම්බොජ්ජංග වඩා සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය අංගයක් බව බුද්ධ දේශණාවේ හැම තැනකම පැහැදිළිවම දක්වා ඇත. ඒ ඒ බොජ්ජංග ධර්මයන් වෙන්කොට, නම්කර, පොත පතෙහි වෙන් වශයෙන් සඳහන් කර තිබුණත් මේ කිසිවක් නම් වශයෙන්, පියවර වශයෙන් නොදැනම තමාගේම ආධ්‍යාත්මය තුළින්ම සත්ත සම්බොජ්ජංග ධර්මයන් වැඞී පූර්ණ වී නිවන් අවබෝධ කරගත් බොහෝ අරහතුන්වහන්සේලා පිළිබඳව බුද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත.
ආනාපානසති භාවනාව නිවැරදිවත්, යථා පරිදිත් පිරිසිඳ දැනගත් කෙනෙකුට ආශ්‍රය කළයුතු කුසල ධර්මයන් හා ආශ්රයෙන් බැහැර කළයුතු අකුසල ධර්මයන් තෝරා බේරා ගන්නට තරම් දියුණු මනසක්ද ඇතිවන නිසා සතියෙහි පිහිටා කටයුතු කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙන්නට පටන් ගනී. පටිසංවේදී බව, සම්පජානකාරී බව, කාය සංඛාර, චිත්ත සංඛාර ආදී පදවල එන ”සං” යන පදයේ තේරුමද යථාපරිදි වැටහෙනු ඇත. ”සං” යන පදයෙන් විග්රහ කළේ එකතුවීම, රැස්කිරීම, බැඳීම, උපාදානය කර ගැනීම යන ධර්මතාවයයි. ”භව” යනු මේ බැඳීම නිසා උපදින ගති ලක්ෂණයයි. ඒ ගති ලක්ෂණයම කර්ම බීජයකි. මතු එම ගති ලක්ෂණයටම අදාළ උපතක්ද ලබාදෙන්නට ඒ ”භව” සමත් වන නිසා එය උත්පත්ති බීජයකි. කාය පටිසංවේදී, චිත්ත පටිසංවේදී, පී‍්‍රති පටිසංවේදී, සුඛ පටිසංවේදී යන සියලු ගතිගුණයන් අපි සංතෝසය ලෙසින්ද සතුට ලෙසින්ද සාමාන්‍ය භාෂාවේදී හඳුන්වමු. නමුත් මෙහි එන පටිසංවේදී බව නිසා සංතෝසය පමණක්ම නොව සංවේගය, සංතාපය, සංවේදී බව හා සම්බන්ධයද පෘථග්ජන සිතකම ඇතිවෙයි. සං, නිවැරදිව තේරුම්ගත් කෙනෙකු හේතුඵල ධර්මය දැන ඒ තුළින්ම ”සංදිට්ඨික” තත්ත්වයටද පත්වූ කෙනෙකි. සම්මා දිට්ඨියට පත්වීම යනුද එයයි. සං+මා යනු එකතු කරගත්, බැඳුනු, උපාදානය කරගත් දෙයින් (මා) මිදී නිදහස්විය යුතුයැයි දකින දැකීමයි. මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ සම්මා අංග අටෙන් නිදහස ්වීමත්, සත්ත බොජ්ජංග ධර්මයන් පූර්ණ කරගැනීමත් යනු එක ම ප්රතිපදාවක දෙපැත්තක් බව පහදා දීමටයි.
ආනාපානසති සූත්‍ර දේශණාවෙහි මෙන්ම සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේත් ත්‍රිපිටකයේ තවත් බොහෝ තැන්වලත් පෙන්වා වදාළ සත්ත සම්බොජ්ජංග වඩා පූර්ණකර ගැනීම යනු කුමන ආකාරයක ප්‍රතිපත්ති පිරීමක්ද යන්න පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගැනීම කාටත් ප්‍රයෝජනවත් වෙනු ඇත.
සත්ත සම්බොජ්ජංග යන පදයේම සඳහන් ආකාරයට අංග හතක්ම ඇත. මෙම අංග හත අතරින් සති සම්බොජ්ජංගය වැදගත්ම හා මූලිකම අංගයයි.
”අතාපි සංපජානෝ සතිමා විනෙය්ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං උපටඨිස්ස තස්මිං සමයේ
සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ඣෙංගා
තස්මිං සමයේ භික්ඛු භාවෙති.”
මෙහි සඳහන් අර්ථය ”අභිජ්ඣා දෝමනස්ස” යන ගති ලක්ෂණයන් කෙනෙකු තුළ පහළවීම නිසාම තමා තුළම ඇතිවන අනර්ථකර ඵලවිපාක යථාපරිදි දැක, තේරුම් ගෙන අභිජ්ඣා දෝමනස්ස ගති ලක්ෂණ වලින් ඉවත්වී සිත සම්මා දිට්ඨියට පත්කර ගන්නට හැකි පළමු ලක්ෂණය සති සංපජානනයයි. අසම්පජානස්ස යනු එය දැක ගැනීමට සමත් නොවන යන අර්ථයයි. අසම්පජානකාරී පුද්ගලයාට හේතුඵල දහමට බහා ගළපා බලා තමා තුළම බිහිවන අභිජ්ඣා ගති ලක්ෂණ නිසා ඇතිවන දැඩි ලෝබකමද දැඩි ආශාවද හේතු කොට තමා තුළම බිහිවන අයහපත් ගති ලක්ෂණයන්, කර්මබීජ බිහිවීම තේරුම් ගත නොහැකිය. අභිජ්ඣාව නිසාම තමා තුළ මතුවන දොම්නස් ගතිය ගැනද තේරුම් ගත නොහැකිය. කෙනෙකු දුක් විඳින්නේ අභිජ්ඣාව නිසා ඇතිවන දෝමනස්ස ගතිය නිසාමය.
අභිජ්ඣා දෝමනස්ස යන ගති ලක්ෂණයන් අන්ත දෙකක ගති ලක්ෂණ බව දැක ඒ ගති ලක්ෂණ වලින් තම සිත නිදහස් කරගත හැකි පුද්ගලයා අසම්මුට්ඨස්ස පුද්ගලයායි. මුට්ඨස්ස පුද්ගලයා, මොට්ට පුද්ගලයා මෝහය නිසාම දැඩි ලෝබයෙන්, ආශාවෙන් හැකිතාක් අල්ලා ගන්නට, උපාදානය කරගන්නට දරණ උත්සාහය නිසාම එහි ඵලය ලෙසම දෝමනසයටද පත්වීම නියත වශයෙන්ම සිදුවන දෙයකි.
මේ නිසා සති සම්බොජ්ජංගයේ පිහිටි පුද්ගලයෙකු සතියෙහි පිහිටා හොඳ නරක, හේතුඵල, ආදීනව – ආනිසංස දැන, දැක, තේරුම් ගෙන ක්‍රියා කරන පුද්ගලයෙකුද වෙයි. ඔහු හිතට වහල් වී ක්‍රියාකරන පුද්ගලයෙකු නොවේ. ඇත්ත ඇති සැටියෙන් දැනගත් කෙනෙකි. සති සම්බොජ්ජංගයෙහි නිවැරදිව පිහිටා කටයුතු කරන පුද්ගලයෙකුට ඉතිරි සම්බොජ්ජංග හයමත් සම්පූර්ණ කරගෙන බොජ්ජංග ධර්ම පරිපූරණය කර ගැනීමේ හැකියාව හා ශක්තියද ලැබෙයි.
ප්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය යන බෝධි අංග තුනම එක පැත්තක පිහිටි ඒවාය. සිත තුළම ජනිත වන අභිජ්ඣා දෝමනස්ස ගති පහකර දැමීමෙන් ලබන ප්‍රීතිය, සුඛය හා විරිය වඩන පංචකාම නීවරණ ධර්මවලින් සිත නිදහස් කරන කුසල අකුසල ධර්ම තේරුම් ගැනීමටත්, සාවද්‍ය අනවද්‍ය ධර්මයන් තෝරා බේරා ගන්නටත්, හින ප්‍රණීත ධර්මයන් තේරුම් ගන්නටත්, කටුක දේ බැහැර කර, සුවදේ තෝරා ගන්නටත් හැකි ශක්තිය හා හැකියාව කෙනෙකු තුළ ඇති කරවන අවස්ථාවයි.
පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගයන් අනික් පැත්තේ වැඩෙන දහම්ය. කාය පස්සදිය, කය සංසිඳීම ඇතිවීම හා චිත්ත පස්සදිය සිත සංසිඳීම ඇතිවීමත්, සමථ, විපස්සනා නිමිති පහළ වී සිත සමාධි ගතවීමටත් සිත නෙක්ඛම්ම උපේක්ඛා යන උතුම් තත්ත්වයට පත්වන්නටත් මේ බොජ්ජංග වැඞීම උපකාර වෙයි. මෙතනදී චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය යන දෙයාකාර උභතෝ විමුක්තියම පූර්ණ වන්නේ් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වීමත් සමඟය.
”සෙයි්‍යථාපි භික්ඛවේ අයං කායෝ ආහාරටඨිතිකෝ,
ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරෝ නො තිට්ඨති
ඒව මේව ඛෝ භික්ඛවේ සත්ත බොජ්ඣංගා
ආහාරට්ඨිතිකා ආහාරං පටිච්චා තිටඨන්ති
අනාහාරා නො තිට්ඨන්ති කො ච භික්ඛවේ
ආහාරෝ අනුප්පන්නස්ස වා සත්ත බොජ්ජංගස්ස
උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස
භාවනාය පරිපුරියෝ අත්ථි භික්ඛවේ
සතිසම්බොජ්ජංගංගට්ඨානියා
ධම්මා අයමාහාරෝ අනුප්පන්නස්ස වා
සතිසම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා
සතිසම්බොජ්ජංගස්ස භාවනා පරිපූරියා”
ආහාර හේතුකොට ගෙනම ආහාර ප්‍රත්‍ය කොට ගෙනම කය පවතින්නා සේම, පංචකාම නීවරණ ධර්මයන් ආහාර කොට ගෙනම, ප්‍රත්‍ය කොට ගෙනම වැඩෙන කර්ම බීජ නැතිකර දමා සත්ත බොජ්ජංග ධර්මයන් උපැදීමට නම් ඒ සඳහාද අවශ්‍ය සුදුසු ආහාර දිය යුතුය. ඒනිසා සත්ත බොජ්ජංග ධර්මයන් වැඞීමට බාධක ආහාර පිට කිරීමත්, ආශ්‍රය නොකිරීමත් පිරිසිඳ දැන ක්‍රියා කිරීමෙන්ම සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙයි. ආනාපාන සති සූත්‍ර දේශණාවේ පෙන්වා වදාළ ”සබ්බ කාය” මෙතැනදී ද පැහැදිළිකර දී ඇත. මෙතැන ආහාර යනු කබලිංකාර ආහාර, සංචේතනා ආහාර, ස්පර්ෂ ආහාර හා විඤ්ඤාණ ආහාර යන සතර කොටසටම අයත් ආහාර කොටස්මය. මේ ආහාර සතර වර්ගයේමත් භාවිතයට ගතයුතු යහපත් කොටසකුත්, භාවිතයට නොගතයුතු අයහපත් කොටසකුත් යැයි කොටස් දෙකක්ම වෙයි. සියලු ආහාර ගැනීමෙන් හෝ සියලු ආහාර නොගැනීමෙන් හෝ සත්ත බොජ්ජංගයන් වඩාගෙන නිවන් අවබෝධ කරගත නොහැකිය. අයහපත් ආහාර කොටස් භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ ගතිගුණ වැඞී කර්ම බීජ, ”භව” උපත් ලැබෙයි. අයහපත් ආහාර බැහැර කිරීමෙන් හා යහපත් ආහාර භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ දුරුවී, සමාධිගත වන්නටත් උපේක්ඛා තත්ත්වයට සිත පත් වන්නටත් ශක්තිය ලැබෙයි.
මේ අනුව ආන – ඇතුළට ගැනීම හා පාන – පිට කිරීම යන්න පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමම නිවන් අවබෝධයට ඉමහත් සේ උපකාරවන බව මෙහිදීත් ඉතාමත්ම පැහැදිළිය.
ආනාපානසතිය බහුලව නිතර නිතර වඩත්ම, කායානුපස්සනාව වැඞී, කය සංසිඳී, රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ වලින් තොරවූ සිත කය දෙකම විවේක නිශ්රිත, විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත, වොස්සග්ග පරිණාමී ව සති සම්බොජ්ජංගය වැඩෙයි. සති සම්බොජ්ජංගය වැඞීමත් සමඟම ප්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය වැඞී ප්‍රීති, සුඛ, ඒකාග්ගතාවයන් හා කුසල් දහම් මෙනෙහි කිරීමද බහුල වෙයි. අකුසල දහම් බැහැර කිරීමද බහුල වෙයි. ඊළඟ පියවරේදී පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය වැඞී සිත සමාදහං චිත්ත තත්ත්වයට පත් වී සමථය හා විපස්සනා නුවණ දෙකම පහළවීමත් සමඟම ධම්මානු ධම්ම පස්සනාවත් පූර්ණ වෙයි.
මේ ආකාරයටම වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිදී ඒ ගති ලක්ෂණයන් නිසා නැවතත් සම්බොජ්ජංග හතම වැඞී දියුණු වෙයි.
මේ ආකාරයටම චිත්තානුපස්සනාවෙන් හා ධම්මානුපස්සනාවෙන්ද හතර වරක්ම වැඞී සත්ත සම්බොජ්ජංග පූර්ණ වෙයි. හතර වරක්ම විවේක නිශි‍්‍රත, විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත, වොස්සග්ග පරිනාමී සත්ත සම්බෝජ්ජංගයන් වැඞීමත් සමඟම නෙක්ඛම්ම උපේක්ඛා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි.
කායානුපස්සනාව වැඞී, කාය පස්සදිය ලැබීමත් සමඟින් කෙරෙහි උපේක්ඛා සිතක් ඇතිවී නෙක්ඛම්ම උපෙක්ඛාව දියුණු වෙයි. සියලු ක්‍රියාවන් වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිඳීමත් සමඟින් උපේක්ඛා සිතින් සියලු වේදනා ඉවසා දරා, සොම්නස් වේදනා, දොම්නස් වේදනා දෙකම දුරුකර නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි. චිත්ත පස්සදිය වැඞී සිත සංසිඳීමත් සමඟම සිතෙහි ද නෙක්ඛම්ම උපේක්ඛාව ඇතිවෙයි. ධම්මානුපස්සනාව පූර්ණවීමත් සමඟම විපස්සනා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පහළ වී නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි.
මේ ආකාරයට සතර සතිපට්ඨානය හා සත්ත සම්බොජ්ජංග මෙන්ම නෙක්ඛම්ම උපේක්ඛාවත් සම්පූර්ණ වීම නිසා අකුප්පා චේතෝ විමුක්තියත්, විද්‍යා විමුක්තියත් සම්පූර්ණ වී ප්‍රඥා විමුක්තියේ පිහිටීම සිදුවේ. මෙය නිවන් අවබෝධය පූර්ණ වී අරහත් ඵලයට පත්වීමයි. (මජ්ඣිම නිකායේ සළායතන විභංග සූත්‍රය)
ආනාපානසති සූත්‍ර දේශණාවෙන් පසුව ඊළඟටම මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන කායගතාසති සූත්‍ර දේශණාවෙහි හා ආනාපානසති සූත්‍ර දේශණාවෙහි එන කායානුපස්සනාවේද ප්‍රායෝගික වශයෙන් ඇත්තේ ඉතා සුළු වෙනස්කමකි. ආනාපාන සති සූත්‍ර දේශණාවේ එන කායානුපස්සනාවම විවිධ ආකාරයෙන් විස්තර සහිතව විග්රහකර පෙන්වීමක් කායගතාසති සූත්‍රයේදී විග්රහ කර ඇත. මෙහි තේරුම නම් ආනාපානසති භාවනාව සතිසම්පජානයෙන් යුත් ප්‍රඥා විමුක්ත හෝ උභතෝභාග විමුක්ත පුද්ගලයාට භාවිතයට සුදුසු වන අතර සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයාට කායගතාසති භාවනාව භාවිතයට සුදුසු ලෙසින් විස්තර කර ප්‍රතිපදාව දීර්ඝ ලෙසින් පෙන්වා දී ඇත යන්නයි. ඒ විනා මෙම සූත්‍ර දෙකෙහි විශේෂ වෙනස්කමක් නැත. මෙසේ බුදුපියාණන් දේශණා කර වදාළ භාවනා කර්මස්ථාන අතරින් හැම අතින්ම සම්පූර්ණ ලෙස නිවන දක්වාම මඟ පෙන්වන වැදගත්ම සූත්‍ර දේශණාව වන්නේ ආනාපාන සති සූත්‍ර දේශණාවයි. අනිකුත් සියලුම කර්මස්ථානයන්ද මෙහි ඇතුළත්ය’
අරිය අනාපානසති භාවනා ක්‍රමය හා අනරිය ලෞකික අනාපානසති භාවනා මය අතර ඇති විශේෂ වෙනස්කම්
ආනාපානසති සූත්‍ර දේශණාවෙන් විස්තර වශයෙන් විග්රහ කර, ප්‍රකාශ කර පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක්‍රමය බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, මතුකර, පෙන්වා වදාළ භාවනා ක්රමයකි. අනරිය ලෞකික ප්රාණයාම භාවනා ක්‍රමය අතීතයේ පටන්ම වේද ග්රන්ථ වල සඳහන් උපනිෂද් ආගමේ භාවිතා කළ අනරිය භාවනා ක්රමයකි. මේ ආකාරයට මූලික වශයෙන්ම වෙනස්කම් ඇතිව ආනාපානසති භාවනාව යන නමින්ම භාවිතයේ ඇති භාවනා ක්‍රම දෙකක්ම ඇති බව හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. එකක් ලෞකිකය. අනික ලෝකෝත්තරය.
අතීතයේ ලොව ප්‍රචලිතව භාවිතා කළ මෙම අනරිය ලෞකික ආනාපානසති භාවනාව පිළිබඳව බුදුපියාණන්වහන්සේ තරම් කරුණු කාරණා දැන සිටි වෙනත් කෙනෙකු නොවූහ. ඊට හේතුව ගිහිගෙයින් නික්මුණු දා පටන්ම වසර හයක්ම ජන්බුද්වීපයේ එවකට පැවති සියලුම අනරිය භාවනා ක්‍රම ප්රායෝගිකවම අත්හදා බලමින්, ධූතාංග රකිමින්, වත්පිළිවෙත් පුරමින්, දහදුක් විඳිමින්, දුෂ්කර ක්‍රියා කළ නිසාය. ඒ අනරිය ක්‍රමවලින් ප්රාණයාම භාවනා ක්‍රමවලින් අනරිය ආනාපාන සති භාවනා ක්‍රමය මගින් ලබාගත හැකිවූ ධ්‍යානයන්ද ප්රායෝගිකවම ලබාගෙන පුද්ගලිකවම අත්විඳගෙන ලබාගතහැකි නිවනක්, විමුක්තියක් නොදුටු බුදුපියාණන්, ඒ සියලු අනරිය ක්රමයන් පසෙකලා මෙතෙක් භාවිතයේ නොපැවති අරිය ආනාපානසති භාවනා ක්‍රමය ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, භාවිතා කර ප්‍රඥා විමුක්තියට පත්වූ බව අරිය පර්යේෂණ සූත්‍රයේ පැහැදිළිවම දේශණා කර පෙන්වා ඇත. මෙතැනදී බුදුපියාණන් භාවිතා කළේ වේද ග්රන්ථ වල එන ආනාපානසති භාවනාව නොවේ.
දහසක් දුක්විඳ අත්ථතාපනයෙහි යෙදී ධූතාංග රැුක, වත් පිළිවෙත් පුරා සය වසරක් තුළ ලබාගත් ධ්‍යානයන් සියල්ලම ලෞකික වූත් භෞතික වූත් ඒවා මිස විද්‍යා විමුක්තියට පත්වී ලබන නිවනක් එහි නොවන බව බුදුපියාණන්වහන්සේම යථාපරිදි තේරුම් ගත් බව නිතර නිතර ප්‍රකාශ කර ඇත.
අනරිය භාවනා ක්‍රම භාවිතයෙන් ලබන අෂ්ට අභිඥාද යම් ආකාරයක රාගයෙන් ද්වේෂයෙන් වෙන්වූ එකකි. නමුත් මෝහයෙන් සහමුළින්ම ඉවත්වී ලබන විද්‍යා විමුක්තිය එහිදී නොලබන බවත් පැහැදිළිවම දේශණා කර ඇත. ලෞකික වූත් භෞතික වූත් පංච අභිඥා හා ඍර්ධි ප්රාතිහාර්යයන්ද පෑ හැකි මෙම අනරිය ධ්‍යානයන් උපදවා ගැනීමේ භාවනා ක්‍රමය බුදුපියාණන් සොයා දැනගත් දෙයක් හෝ බුද්ධ දේශණාවක් හෝ නොවේ. බුදුපියාණන් සොයා දැන දේශණාකළ ආනාපානසති භාවනා ක්‍රමය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විවේක නිශ්රිත, විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත, වොස්සග්ග පරිනාමී විද්‍යා විමුක්තියම ළඟාකර දෙන භාවනා ක්රමයකි. එය අරිය මාර්ගයයි.
අද සම්මත වශයෙන් භාවිතා කරන අනරිය ආනාපාන සතිය භාවනා කිරීමට නම් කැලයකට, ආරඤ්ඤයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට යාමත් එසේ ගොස් මිනිස් වාසයෙන් තරමක් දුරස්වී, තනිවී භාවනා කිරීමත් කළ යුතුය. මෙහිදී ලබාදෙන වැදගත්ම හා එකම උපදේශය සිතට අරමුණු වන සියලු ආකාර අරමුණු සිතින් ඉවත් කර හොඳ නරක සියලු අරමුණු වලින් ඉවත්වීමට ක්‍රියා කිරීමට පුරුදු වීමයි. මෙහිදී සිදුවන්නේ රාග, ද්වේෂ අරමුණු තාවකාලිකව යටපත්වී, සිත සංඥා වලින් තොරවී අසංඥ තත්ත්වයට පත්වීමයි. මේ ආනාපානසති භාවනාව වැඞීමට යම් ධර්මාවබෝධයක් හෝ සබ්බකාය පිරිසිඳ දැන ගැනීමක් හෝ අවශ්‍ය නොවේ. ඒ නිසා කිසිවිටෙකත් මෝහයේ, අවිද්‍යාවේ මුල් ගළවා විද්‍යා විමුක්තියට පත්වීම මෙහිදී සිදු නොවේ. අවිද්‍යාව දුරුවී, විද්‍යාව උපතක් නොලබන නිසාම ධ්‍යානයන් ලැබුවත් මෝහ මුල දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි.
අද භාවිතා කරන මෙම ලෞකික ආනාපානසති භාවනා ක්‍රමයට අනුව කය සෙළවීම, ඉරියවු වෙනස් කිරීම හෝ වෙනත් බාහිර බාධක, උපද්‍රව භාවනාව දිගටම පවත්වා ගෙන යන්නට නොහැකිවන බාධක හේතුන්ය. බලයෙන්, කෘතිම වශයෙන් තාවකාලිකව යටපත් කරගත් රාග, ද්වේෂ ගති ලක්ෂණයන් මෙවන් බාහිර බාධාවීම් සිදුවීමත් සමඟම නැවතත් මතුවී එයි. මෙහිදී මෝහ මූලය නොසිඳන නිසා මෝහ ගතිය සහමුළින්ම උදුරා ඉවත් නොකරන නිසා රාගය උපදවන, ද්වේෂය උපදන යම් අරමුණක්, දර්ශනයක් ශබ්දයක් නිසා ධ්‍යානය කඩා වැටෙයි. වසර පනහක් හෝ කැලයක භාවනා කර සියලු ධ්‍යානයන් ලබාගත් කෙනෙකු පවා කැලයෙන් එළියට පැමිණ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ජීවත්වන විට දින ගණනකදී ධ්‍යානයෙන් පිරිහීගත් සාමාන්‍ය පුද්ගලයෙකු බවටම යළි පත්වෙයි. වසර ගණනක් දුක් විඳ ධූතාංග රැක උපයාගත් අනරිය ධ්‍යානයන් සහමුළින්ම නැතිවී යයි.
බුදුපියාණන් දේශණා කර වදාළ අරිය ධ්‍යානයන් එවැනි දේ නොවේ. යථාවබෝධයෙන්, ධර්මාවබෝධයෙන් සත්‍යය දැන තේරුම්ගෙන අරිය තත්ත්වයට පත්වූ උත්තමයෙකු නැවත කිසිදාක වසර සියයක් පෘථග්ජනයා අතර ජීවත් වූවත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළා නොවෙයි. ධ්‍යානයන්, මාර්ග ඵලයන් පිරිහීමක් සිදු නොවෙයි. මෙහිදී ආරඤ්ඤගතවීම, රුක්ඛමූලගතවීම, සුඤ්ඤාගාරගතවීම තම ආධ්‍යාත්මයෙන් අභ්‍යන්තර වශයෙන් ඇති කරගන්නා ගතිගුණ සමුදායකි. ඒවාට හුරුපුරුදු වූ විට මහ සෙනඟක් මැදදී පවා මොහොතකින් සමාධි ගතවී සමාපත්තියෙහි පිහිටා ක්‍රියාකිරීමේ ශක්තියක් අරිය ධ්‍යානයන් ලැබූවෙකු සතුව පවතී.
මුලදී යම් ආකාරයක නිසල පරිසරයකට වී භාවනාව පුරුදු පුහුණු කරගත් පසුව, භාවනා කරන ඉරියව්ව හෝ ඉඳගෙන, හිටගෙන, ඇවිදිමින්, නිදයමින් සිටම හෝ භාවනා කිරීමට බාධකයක්ද නොවේ. ඒනිසා සතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානයේම පිහිටා කටයුතු කිරීමේ ශක්තියක් බුදුපියාණන් පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක්රමයේ පවතී. යථාවබෝධය ලැබූ අරහතුන්වහන්සේ පැය විසිහතර මුළුල්ලේම සතර සතිපට්ඨානයෙන් යුතුවම සියලු කටයුතු කරයි. ඒ ලබාගත් සත්‍යාවබෝධය නිසාම සිදුවන්නකි.
අද භාවිතා කරනු ලබන අනරිය ආනාපානසති භාවනා ක්රමයේ උගන්වන පරිදි මුළින්ම සමථ භාවනාව වඩා සමථයට පත්වී දෙවන අවස්ථාවේදී විපස්සනා භාවනාව වෙත මාරුවීමක් ප්‍රකාශ කරයි. නමුත් බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ ආනාපානසති භාවනාව එවැන්නක් නොවේ. එය යුගනද්ධ භාවනාවකි. සමථ විපස්සනා වැඞීම යැයි දෙකක් එහි වෙන්කොට නැත. සමථ විපස්සනා දෙකම එකටම එක සමගම වැඩෙන එකම භාවනා ක්රමයද මෙයයි. ඉන්ද්රියයන් හයම මෙහිදී එකවර සංවර වන නිසා
තමන් දැන හෝ නොදැන සමථ විපස්සනා යැයි වෙන් කිරීමකින් තොරවම සතර සතිපට්ඨානයේම පිහිටීමත් සමඟම සත්ත බොජ්ජංග වැඩෙන්නට පටන් ගනී. මේ අනුව හුස්ම ගැනීම පිට කිරීම – පිම්බීම හැකිළීම මෙනෙහි කිරීමේදී පළමුව සමථය වඩා දෙවනුව විපස්සනාවට මාරුවිය යුතුයැයි ප්‍රකාශ කළත් එහිදී විපස්සනා භාවනාවක් සිදුවන්නේම නැත. අනිච්ච සංඥාව වැඞීමෙන් – සඤ්ඤාපටිලාභය විපස්සනා කිරීමත්, විරාග සංඥාව, නිරෝධ සංඥාව වැඞීමෙන් – දිට්ඨිපටිලාභය විපස්සනා කිරිමත්, පටිනිස්සග්ග සංඥාව වැඞීමෙන් – අත්ථපටිලාභ සංඥාව විපස්සනා කිරීමටත් හැකි වන්නේ අරිය ආනාපානසති භාවනාව වැඞීමේදී මිස පිම්බීම හැකිළීම අරමුණු කරගැනීමේදී නොවේ. මේ අනුව අද පුරුදු කරන පුහුණු කරන ආනාපානසති භාවනාව යැයි නම් කළ ක්රමයේ විපස්සනා භාවනාවක් සිදුවන්නේ යැයි අනුමානයෙන් වත් සිතිය නොහැකිය.
බුදුපියාණන් අර්ථ විග්රහ කර අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව සීල, සමාධි, ප්‍රඥා යන අංගයන් තුනම ක්‍රමානුකූලව වැඩෙන භාවනා ක්රමයකි. සංවර, සංසිඳීම හා සම්මා යන අංග තුන සීල, සමාධි, ප්‍රඥා යන නම් වලින්ද බුද්ධ දේශණාවේ නම්කර ඇත. ඉන්ද්රියයන් හයම සංවරවීමත් සමඟ සංවර සීලයේ පිහිටීමත් කාය පස්සදිය, වේදනා පස්සදිය හා චිත්ත පස්සදිය සමඟ සංසිඳීම සිදුවන බවත් ධම්මානුපස්සනාව වැඞීමත් සමඟ ප්‍රඥාව පූර්ණ වී සම්මා අංග අටම පූර්ණවන බවත් අරිය ආනාපානසතියේ පෙන්වා වදාළ නිවන් මාර්ගයයි. අනරිය ආනාපානසතිය වැඞීමෙන්ද යම් සීලයක පිහිටන නිසා ශික්ෂණය වීමත් සංවර වීමත් සිදුවන අතර ප්‍රඥා විමුක්තියට පත්වීමට උපකාර වන විද්‍යා විමුක්තිය නම් පූර්ණ වීමක් සිදු වන්නේම නැත. ඒනිසා එය නිවනට උපකාර නොවන භාවනා ක්‍රමයක් බව කාටත් තේරුම් ගත හැකිය.
බුද්ධ දේශණාවේ අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව පෘථග්ජන, සේඛ, අසේඛ යන තුන් කොට්ඨාශයටම භාවිතයට සුදුසු භාවනා ක්රමයකි. බුදුපියාණන්වහන්සේ පවා බොහෝ අවස්ථාවල විවේක සුවයෙන් සති ගණන් වාසය කළේ මෙම ආනාපානසති භාවනාවේ යෙදෙමිනි. මේ බව බොහෝ සූත්‍ර දේශණාවල සඳහන්ය. මේ අනුව අරිය විනයෙහි දක්වා වදාළ ආනාපානසති භාවනා ක්‍රමය අරහත් බව ලබා නිවන් අවබෝධකරගත් අසේඛ උත්තමයන්ටත් මගඵල පූර්ණය කරන්නට උත්සාහ ගන්නා සේඛ පුද්ගලයින්ටත් අරිය තත්ත්වයට පත්වන්නට මං සොයන පෘථග්ජන පුද්ගලයින්ටත් එක සමානව භාවනා කළ හැකි මහත්ඵල ලබාදෙන මහානිසංස ඇති භාවනා ක්රමයකි.
මේ අනුව මෙහි සඳහන් කරුණු කාරණා කිහිප වරක් හෝ කියවා බලා තේරුම්ගෙන තමා තමා තුළින්ම ධර්මය අනුගමනය කර නිවන අත්විඳ ගන්නට උත්සාහ කරන්න. වචන හරඹයක යෙදී මෙවන් උතුම් ධර්මයක් යටපත් කරන්නට උත්සාහ දරණ බොහෝ උගත්තු එදා මෙන්ම අදත් සිටිති. හෙටත් එවැනි අය යම් යම් දෘෂ්ඨි වල එල්බගෙන කටයුතු කරනු ඇත. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ දරණ කෙනෙකු ලෙස මේ පොත කියවන ඔබ මෙහි සඳහන් අරිය මාර්ගය ප්රායෝගිකවම ක්‍රියාත්මක කර බලන්නටම උත්සාහ ගන්න. සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ යන පියවරයන් තුනම සම්පූර්ණ වශයෙන් මෙම ආනාපානසති සූත්‍රයේ ඇති නිසා එය දැන අනුගමනය කර අත්විඳ ගැනීම හෝ නොසළකා මඟහැර අතරමංවීම ඔබටම අයත් කාර්යයයි. වගකීමයි.
මේ උතුම් බුද්ධ ධර්මය ප්‍රඥාවන්ත පුද්ගලයාට මිස දුප්පඤ්ඤ පුද්ගලයාට ගෝචර නොවේ යැයි ආනාපනා සති සූත්‍ර දේශණාවේදී මෙන්ම වෙනත් තැන්වලදීත් බුදුපියාණන් වහන්සේ ම පෙන්වා වදාළහ.
මිනිසුන් ලෙස උපතලත් ඔබ හැම කෙනෙකු උපතින් ම මනසක්ද උරුම කරගෙන ම උපත ලබා ඇත. මනස පාවිච්චි කරමින් තම චිත්තසංථානයේම ගබඩා වී පවතින කෙළෙස් ගති දැක ඒවා ප්රහාණය කර දැමීමට ක්‍රියා කළහොත් බොහෝ මිනිසුන්ටත් ප්‍රඥාවන්තයින් ලෙසින් ද ක්‍රියා කිරීමේ ශක්තියක් තමා තුළම ඇති කර ගත හැකියි. මේ අනුව ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි ආකාරයට මිනිසුන්ගේ සිතුම් පැතුම් සැකසීමට උපකාර වීමත්, ධර්මාවබෝධය ලැබූ අයට සසර දුකින් සඳහටම මිදී නිදහස් වීමට මඟ පැහැදිළිවම පෙන්වා දීමත් බුද්ධ දේශණාවේ ඒකායන පරමාර්ථය වේ.
යමකුට බුද්ධ ධර්මය අසා බුද්ධ දේශණාවෙහි සඳහන් සරළ දේ පවා තේරුම් ගත නොහැකි නම් එය කාගේවත් ම වරදක් නොවන බවත් තමා තුළම ඇති වැරදි දෘෂ්ඨිය බවත් දැනගත යුතුයි. බුද්ධ ධර්මයේ දේශණා කර වදාළ ගැඹුරු ධර්මයන් නිවැරදිව ම තේරුම් ගත හැකි වන්නේ තමා තුළම අනන්ත අප්‍රමාණ කාලයක් පටන්ම මුල් බැසගෙන පවතින මිච්ජා දෘෂ්ඨි, වැරදි ගතිගුණ, වැරදි හුරු පුරුදු තමා තුළින් ම ඉවත් කර නිදහසේ සිතන්නට පුරුදු පුහුණු වීමත් සමඟම පමණි. මේ වැරදි ආකල්ප, නරක ගතිගුණ, හුරු පුරුදු අතීතයේ තමන්ම එකතු කර තමාගේම චිත්තසංන්ථාය තුළම ගබඩා වී පවතින නිසා ඒ කෙළෙස්වලින් ම තමාගේ ම මනස වැසී යෑම හේතු කොට ගෙනම දැන් තමා මෝහයෙන් යුතුව ක්‍රියා කරන බවත් දැනගත යුතුයි. තමා දුක් විඳින්නේ මේ බව නොදැනීම, අවිද්‍යාව, නොදන්නාකම නිසයි. මෝඩකම ඇත්තේ තමා තුළමයි. තම මනස වසා, මුවහ කරගත්තේ ද තමන් මයි.
දැඩි දෘෂ්ඨියෙන් මුළා වූ, මිච්ඡ දිට්ඨියෙන් භරිත වූ බොහෝ මිනිසුන්ට බුදු බණ දේශණා කර මනස, ඥාණය උපදවා පහදා ගන්නට මඟ කියා දුන්නත් ක්‍රියාත්මක වශයෙන් ඒ මඟ අනුගමනය කරගන්නට ඔවුන්ට නොහැකියි. එවැනි අයට පිහිට වන මඟක් පෙන්වීමද අපහසුයි. එවැනි අයට ධර්මය දේශණා කරන්නට දරණ උත්සාහය ද කාලය අපතේ යැවීමක් පමණි.
පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක්, සීනි බෝලයක් වැනි ඒ මොහොතේ සිත සනසා ගන්නට යමක් දී රවටනවා මෙන් ඒ අයට ලෞකික දෙව් මිනිස් සැප සම්පත් මවා පෙන්වා දී තාවකාලික හෝ යහමඟට ගැනීමේ ක්රමයක්ද බුද්ධාගමේ නම් ඇති බව තේරුම් ගත යුතුයි. එවන් ලෞකික සැප සම්පත්, දෙව් මිනිස් සැප සම්පත් හඹා යන පුද්ගලයා නිරන්තරයෙන්ම ආත්ම දෘෂ්ඨියට පත්වීමද සිදුවෙයි. ලාභ දෘෂ්ඨියට පත්වීමද සිදුවෙයි. ආස්වාදයක් විඳගැනීමේ අත්ථපටිලාභ දෘෂ්ඨියද ඒ නිසා ම භව දෘෂ්ඨිය හා විභව දාෂ්ඨියට පත් වීම ද නියත වශයෙන් ම සිදු වේ.
මේ අනුව මිනිසෙකු ලෙසින් අද උපත ලබා සිටින ඔබ පළමු කොටම ශුද්ධ පවිත්‍ර කරගත යුතු වන්නේ තමා තුළම මුල් බැසගෙන පවතින වැරදි දෘෂ්ඨියයි. මිච්ඡුා දෘෂ්ඨියයි. සක්කාය දෘෂ්ඨියයි. සීල, සමාධි, ප්‍රඥා යන අංග තුනම මේ සඳහා ද නියත වශයෙන් ම උපකාර වන බව තේරුම් ගත යුතුයි. සීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය නිසාම දෘෂ්ඨි විශුද්ධියට පත්වීම ද සිදු කර ගත හැකි වේ.
බුද්ධ භාෂිතයේ සඳහන් පංච සීලය සීල විශුද්ධියයි. බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ පංච සීලය පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ දී මෙසේ දක්වා ඇත.
”පාණාතිපාතස්ස පහානා සීලං වේරමණී සීලං, චේතනා සීලං, සංවරෝ සීලං, අවිතික්කමෝ සීලං”
සංවර සීලය මෙහි වැදගත්ම අංගයයි. එහිදි මූලිකම කොටස් හතරක් විග්රහ වේ. සියලු සිල් පදයන්හි ම මේ අංග පහම අඩංගු වේ.
1. ප‍්‍රාතිමෝක්ඛ සංවර සීලය – චාරිත්‍ර වාරිත්‍ර සීලයයි.
2. ඉන්ද්රිය සංවර සීලය – ඉන්දියයන් හය සංවර කර ගැනීමයි.
3. ආජීව පාරිශුද්ධ සංවර සීලය – පිරිසිදු ආජීවකයෙකුගේ පැවැත්මයි.
4. ප්‍රත්‍ය සංනිශ්රිත සංවර සීලය – සිවුපසය සංවරත්වයෙන් පරිහරණය කිරීමයි.
සතර සංවර සීලයේ පිහිටියෙකු අප්පමාද වූ අයෙකි. මදයට, ප්‍රමාදයට හේතු ඔහු තුළ නොවේ. කළ්‍යාණ ධර්මයන් පිළිපදින කළ්‍යාණ මිත්රයින් ආශ්‍රය කරන කෙනෙකි. බිය පහකර දැමුවෙකි. අවංකව, පිරිසිදුව, පවිත්‍රව ක්‍රියා කරන කෙනෙකි. මරණ මොහොතේදී පවා සිහි මුළා නොවී සිහියෙන් කාලක්‍රියා කරන්නට හැකි ශක්තිය ඇත්තෙකි. මරණයෙන් පසු නිවන් නොදැක්කේ නම් සුගති ලෝකයකම උපත ලබයි. සංවර සීලයේ පිහිටා ක්‍රියාකරන කෙනෙකු චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය මෙන්ම අවිතික්කම සීලයෙහි ද පිහිටා ක්රියාකරන්නකුම වේ.
මිනිස් සමාජයේ සාමාජිකයකු ලෙසින් එදිනෙදා තම පැවැත්ම යහපත් ලෙසින් පවත්වා ගන්නට නීති ගරුකව ශිෂ්ඨ සම්පන්නව, සුචරිතවත් ලෙසින් ජීවිතය පවත්වා ගන්නට උපකාර වන සම්මත පංච සීලයක්ද තිබේ. එය ලෞකික සීලයයි. එය සමාජ චර්යා ධර්ම පද්ධතියකි. ගිහියාටත්, පැවිද්දාටත් නිත්‍ය සීලයක් ලෙසින් පෙන්වා දුන් මේ ලෞකික සීලය යහපැවැත්මකට මෙන්ම යහපත් සමාජ රටාවකටද උපකාරවන සීලයකි. මේ මඟින් ලෝකයේ ජීවත් වන්නට, ශික්ෂණය වන්නට, හික්මීමට උපකාරයක් ලැබේ. සංවරත්වය, සංවර සීලය යන්න ඊට වඩා බලවත් එකකි. එය බෞද්ධ අබෞද්ධ හැම මිනිසකුටම නිවන් අවබෝධය සඳහාම නියත වශයෙන් උපකාර වන සීලයකි. බුද්ධ ධර්මයේ හැර වෙනත් ආගමක හෝ ආගම් සංකල්පයක් තුළ හෝ මේ සංවර සීලය පෙන්වා දී නොමැත. සුගති ලෝකයකට යාමේ හෝ අපායෙන් බේරී නිදහස් වීමට හෝ බලාපොරොත්තුවෙන් රකින සීලයක් නම් එය සංවර සීලයක් නොවේ. එහි යම් ලෞකික බලාපොරොත්තුවක් පැවතීම එයට හේතුව වේ.
ජෛන, පතංජලී, ශිව ආදී විවිධ පෙරදිග ආගම් වල එදා පැවති පංචසීල හෝ උපෝස්ථ සීල ප්රතිපත්තීන් ඉතා ගරු කොට වැදගත් කොට සැලකූ බව පෙනේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ, ගුරුළුගෝමීන් වැනි අටුවාචාරීන් විග්රහ කර පෙන්වූයේ ද වේද, ජෛන, ශිව, පතංජලී ආදි ආගම්වල එදා අනුගමනය කළ ලෞකික සීල ප්රතිපදාවන් ම මිස සංවර සීලය යන අර්ථය ඇතිව පෙන්වා වදාළ සීලයක් නොවේ. අද බුද්ධාගමේ ද සිල් ගැනීම, සිල් රැුකීම ආදි වශයෙන් ගිහි, පැවිදි දෙපිරිසම කරන්නේත් විශ්වාස කරන්නේත් එදා විශුද්ධි මාර්ගය ලියා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉස්මතු කර දුන් ලෞකික සීල ප්‍රතිපදාව මිස සංවර අර්ථයෙන් එදා බුදුපියාණන් පෙන්වා වදාළ ත්‍රිපිටකයේ සඳහන් වන සීල විශුද්ධිය නම් නොවේ. මේ සීල සමාදානය ද හොඳ යහපත් දෙයකි. මෙහි අයහපතක් ඇතැයි කාටවත් ම කිව නොහැකිය. නමුත් බුද්ධ ධර්මය අනුගමනය කර, නිවන් අවබෝධයම ලබා ගන්නට බලාපොරොත්තු වන බෞද්ධ පින්වතුනට නම් මෙම ලෞකික සීල ප්‍රතිපදාවට අමතර වශයෙන් ලෝකෝත්තර නිවන් මාර්ගයට උපකාර වන සංවර සීලයද අත්‍යවශ්‍යම වන අංගයකි.
වේරමණි සීලය බුදුපියාණන් බුද්ධත්වයට පත්වන වකවානුවෙහිත් ජන්බුද්වීපයේ බහුල ලෙසින් ම භාවිතා කළ සමාදන් වූ සීල ප්‍රතිපදාවකි. බුදුපියාණන්වහන්සේ මේ සම්මත සීල ප්රතිපදාවටම ලෝකෝත්තර අර්ථයක් ලබාදී සංවර අර්ථයෙන්ම සීලයේ පිහිටා ක්‍රියාකළ යුතු බව දේශණා කර වදාරා ඇත.
සමාදන් කරවීම යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ යම් කෙනෙකු පොරොන්දු කරවා ගෙන, සපථ කරවාගෙන, යමකින් වළක්වා ගැනීමට දරණ උත්සාහයකි. මෙය බොහෝ දේව ආගම් වල දකින්නට ලැබෙන ලක්ෂණයකි. නමුත් බුද්ධ භාෂිතයේ අනුදැන වදාළ සීල ප්‍රතිපදාවෙහි, සීලයේ පිහිටා ක්‍රියාකරන කෙනෙකුගේ ළය සිසිල් වන බව, හදවත සුදුවන බව, (සුහද) ඉන්ද්රියයන් සංවර වන බව ඒ පුද්ගලයාටම අත්විඳ ගන්නට හැකි වන කරුණකි. ඒ සීල ප්‍රතිපදාවෙන් තමන්ම නිවෙන බව, නිදහස් වන බව, තමන් ම නිවනට ළංවන බව, අත්දැක ගත හැකි වීම විශේෂත්වයකි.
නිවන් මඟට උපකාර වන ලෝකෝත්තර සීලයේ, සීල ප්‍රතිපදාවේ පිහිටා ක්‍රියාකරන පුද්ගලයා නියත වශයෙන්ම නිරුත්සාහයෙන්ම අනිවාර්යයෙන්ම යහපත්, හොඳ නිවැරදි පුද්ගලයෙකු වීමද සිදුවේ. මෙය අතුරු ප්රතිඵලයකි. නමුත් අරියකාන්ත සීලයේ ඒකායන පරමාර්ථය සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි.
ආගම් සංකල්පවල පෙන්වා දෙනු ලබන ලෞකික සීල ප්‍රතිපදාවෙහි යෙදීමෙන් අත්කුක්කංසන පරවම්හනය සිදු නොවේ. එනම් කුල බලය, නිල බලය, ධන බලය, උගත්කම, බුද්ධිමත් කම, බහුස්සුත බව වැනි මානය මුල් කොට ගත් ගති ගුණ නිසා අනුන් පහත හෙළා ක්‍රියා කරන්නට, තමන් උසස් යැයි සිතන්නට, එසේ කථා කරන්නට උපකාරවන ආත්මාර්ථකාමී ගතිගුණ ප්රහාණය නොවේ. ප්‍රහාණ සීලය, චේතනා සීලය මේ ලෞකික සීල සමාදානයන් තුළ නැති නිසා එවැනි ගතිගුණ ප්රහාණය වීමක් සිදු නොවේ. අප්‍රමාණ මෙත්තාව – චේතෝ විමුක්තිය, සම මෙත පතුරවා විද්‍යා විමුක්තියට පත්වීමට නම් ලෝකෝත්තර සීල ප්‍රතිපදාවෙහි ම පිහිටිය යුතුයි. තමන් සංසාරයේ පුරුදු කරගෙන ආ යම් යම් ගති පුරුදු, ආත්මවාදී ලක්ෂණයන් ඉවත් කර පාරිශුද්ධ තත්ත්වයට පත් වීමට නම් අවිතික්කම සීලයේද පිහිටිය යුතුමයි. පාපය, වරද සම්මතයට වඩා ලෝකෝත්තර සීලයේ පදනම බවම තේරුම් ගෙන ක්‍රියා කිරීම ”සංවරට්ඨේන සීල විශුද්ධිං” යන පදවල අර්ථයයි.
අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා වදාළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ලෝකෝත්තර සීල අංග සම්පූර්ණ කරගත හැකි වන්නේද සංවර සීලයෙන්, චේතනා සීලයෙන් හා අවිතික්කම සීලයෙන් ම පමණි. මේ බව මහාචත්තාරිස සූත්‍රයේදී ඉතාමත් පැහැදිළිව විග්රහ කර පෙන්වා දී තිබේ.
ආගම්වල සමාදන් වන ලෞකික සීලය ඒ ඒ කාලයට, ඒ ඒ දේශයට, ඒ ඒ පුද්ගලයාට, ඒ ඒ පාලකයාට අනුව වෙනස් වූ, වෙනස් වන දෙයකි. රටක මිනිහකු මැරීම පාණාතිපාතයට අයත් වන පාප කර්මයක් නමුත් යුද්ධයක් පවතින රටක යම් ලෞකික පරමාර්ථයකින් මිනිසුන් මරණයට පත්කර හෝ රට රැුක ගැනීම යහපත් සදාචාරවත් සම්මත වූ එකක් බව අද මෙන් ම එදා ද සැළකූ බව පෙනේ. මේ අනුව සිල්පද රැුකීමත්, සමාදන් වීමත් විවිධ සමාජ අවශ්‍යතාවන් අනුව වෙනස් වන දෙයකි. අනුන් සතු දේ බලයෙන් අල්ලා ගැනීම අදින්නාදානය ද මේ ආකාරයෙන් ම සිදු වේ. කාමයෙහි හැසිරීම ද මේ ආකාරයෙන්ම විග්රහ කරගත යුතුයි. අතීතයේ රටේ රජුට තම රටේ හැම රුවැති කාන්තාවක්ම තම අන්තඃපුරයට ගෙන්වා ගන්නට අයිතියක් පැවතුණි. මේ නිසාම සම්මත සීලය හා සංවර සීලය යන දෙකෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාණ යන සියල්ලම නා නා අර්ථ ගන්නා බව පෙන්වා දිය යුතුයි. තමන්ට හොඳ දේ, තමන්ට ගැළපෙන දේ, වැඩි දෙනකු පිළිගන්නා සම්මත ක්‍රමය, ලෞකික සීලයයි. එය සමාජමය වශයෙන් කොතරම් යහපත් වුණත්, නිවනට බාධක නම් එය සංවරත්වයට බාධක නම්, චේතනාව අපිරිසිදු නම් එතන නිවනට උපකාර වන සීලයක් ද නොපවතී. මේ අනුව සංවර අර්ථයෙන්ම සීල විශුද්ධියේ පිහිටා ක්‍රියා කිරීම නිවනට මාර්ගයයි.
මේ ආකාරයෙන්ම විශුද්ධි මාර්ගයේ කංඛාවිතරණ විශුද්ධියක් පිළිබඳවද පෙන්වාදී ඇත. විචිකිච්ඡුාවෙන් වෙන් වී උද්ධච්චයෙන් වෙන් වීම, අවික්ඛේපාර්ථයෙන්ම චිත්තවිශුද්ධියට පත්වීමක් මිස කංඛාවිතරණයෙන් මිදී, සැකයෙන් නිදහස් වීමේ ක්‍රමවේදයක් බුද්ධ දේශණාවෙහි නම් පෙන්වා දී නොමැත. අටුවාචාරීන් ”කංඛා විතරණය” හා ”විචිකිච්ඡුාව” වෙන් කොට නොදුටු නිසා, විචිකිච්චාව ද සැකයක් සේම විග්රහ කිරීමෙන් ”අනිච්චානුපස්නාව” ප්‍රගුණ කර නිච්ච සංඥාව ප්රහාණය කිරීමෙන් අසාර බව, අනාථ බව අනුපස්සනා කරමින් අත්ථ සංඥාව ප්රහාණය කිරීමේ ක්‍රමය බෞද්ධයාට නුහුරු නුපුරුදු දෙයක් බවට ම පත් කරන ලදී.
නිවන් අවබෝධ කරගැනීමට කටයුතු කරන ගිහියකු හෝ යෝගාවචරයකු ”පංච ප්රහාණයන්” පිළිබඳවද නිවැරදිවම අවබෝධ කරගත යුතුයි. ”කුසලස්ස උපසම්පදා” යනුවෙන් පෙන්වා දුන්්නේ සළා හැර, අස්කර, ඉවත්කර දැමිය යුතු කුණු, කෙළෙස්, ආසව පිළිබඳවයි. මේ නිසා සංසාර ගමනේදී කවදා හෝ තමන් එකතුකර තම චිත්තසංථානයේ ම
දැනට ගබඩා වී ඇති කිළිටි ගති (කුණු) ප්රහාණය කර, ඉවත් කිරීම පස් ආකාරයකින් සිදු කරගත යුතුයි. මේ පස් ආකාරය පංච ප්රහාණයන් ලෙසින් ධර්ම විග්රහයේ පැහැදිළිවම පෙන්වා දී තිබේ.
1. විෂ්කම්භන වශයෙන් ප්රහාණය කිරීම
2. තදංගම වශයෙන් ප්රහාණය කිරීම
3. සමුච්ෙඡ්ද වශයෙන් ප්රහාණය කිරීම
4. පටිපස්සද්දි වශයෙන් ප්රහාණය කිරීම හා
5. නිස්සරණ වශයෙන් ප්රහාණය කිරීම
1. විෂ්කම්භන වශයෙන් ප්රහාණය කළ යුත්තේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මයිි. කාමච්ඡන්දය දුරු කිරීමෙන් නෙක්ඛම්ම තත්ත්වයට සිත පත්වීමත්, ව්‍යාපාදය දුරු කිරීමෙන් මෙත් සිත වැඞීමත්, ථීනමිද්ධය දුරු කිරීමෙන් අලෝක සංඥාව මතුවීමත්, උද්ධච්චය දුරු කිරීමෙන් සිතේ විසිරුණු ගතිය දුරු වී, අවික්ඛේප තත්ත්වයට සිත පත්වීමත්, විචිකිච්චාව දුරු වීමෙන්, හේතුඵල දැක සතියෙහි පිහිටා කටයුතු කිරිමේ ශක්තිය ලැබීමත් නිසා, පළමුවැනි අරිය ධ්‍යානයට පත්වීමේ හැකියාව ද ලැබේ. මේ අනුව, එතෙක් කාලයක් සිතේ මුල් බැසගෙන පැවති නීවරණ ධර්මයෝ ප්රහාණය වී ප්‍රථම ධ්‍යානයේ පටන් මාර්ගයන්ට පත් වේ. මේ ක්‍රියාවලිය සඳහා ද ආනාපානා සතියම වැඩිය යුතුයි. සේවනය කළ යුතුයි. භාවිතා කළ යුතුය. බහුල ලෙසින් භාවිතා කළ යුතුයි.
නෙක්ඛම්ම අස්සසති කාමච්ඡන්දං පහජති
අව්යාපාදං අස්සසති උද්ධච්චං පජහති
අවික්ඛේපං අස්සති උද්ධච්චං පජහති
ධම්මවවත්තේන අස්සසති විචිකිච්චං පජහති
ඥාණ වශයෙන් ජාතධම්මා අවිජ්ජා පජහති
පාමොජ්ජ (ප්‍රමෝදය) ජාතධම්මා අරතිං පජහතෝ
මෙහිදී භාවිතා කළයුතු සේවනය කළයුතු වන්නේ ඉතාමත් ම පැහැදිළිව ආනාපානා සතියයි. නෙක්ඛම්ම ආන කරන විට (අස්ස) කාමච්ඡන්දය ”පාන” කළ යුතුයි. ප්රහාණය කිරීම ”පාන” යන අර්ථයෙන් හා පජහති යන අර්ථයෙන්ද මෙහිදී පෙන්වා දී තිබේ.
2. තදංගප්පහාණංච – දිටිඨිගතානං නිබ්බේධ භාගියා සමාධං භාවයතෝ. මේ දෙවන අවස්ථාවේදී ධ්‍යානයන් ලබා ගැනීමත් සමඟම මෙතෙක් පැවති තද දෘෂ්ඨිගතවීම් නිර්වේදයට පැමිණ, වේදනා විඳීමෙන් තොර වූ තත්ත්වයකට පැමිණ, තදින් දෘෂ්ඨිගත වීමෙන්ද ඉවත් වී සමාධිගත වීමත් සමඟම සංයෝජන වෙන්කර දැක ගැනීමටත්, ආසව අනුසය වෙන්කර දැක ගැනීමටත් හැකි වේ. මෙය තදංගම ප්‍රහාණයයි.
3. සමුච්ඡේදප්පහාණං – ලෝකුත්තරා ඛයගාමි මග්ගං භාවයතෝ
මාර්ග ඵලයන් ලබාගන්නටම උපකාර වන ආසව, අනුසය ඛය වී යන, කෙළෙස් මුලින් ගළවා දමන, සමුච්ඡේද වශයෙන් කෙළෙස් ප්රහාණය කරනු ලබන්නේ මේ අවස්ථාවේදීයි. මෙය ලෝකෝත්තර නිවන් මාර්ගය වන,
1. සෝතාපන්න මාර්ගය
2. සකෘදාගාමි මාර්ගය
3. අනාගාමි මාර්ගය
4. අරහත් මාර්ගය
යන මාර්ගයන් සතර සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන ආසවඛ්‍යා ඥාණය හා අනුසය ඛයා ඥාණයමයි. ඛණ සම්පත්තිය හතර වරකදී සම්පූර්ණ වීමත් සමඟම සමුච්ෙඡ්ද වශයෙන් ආසව ඛය වී, නිවන් මාර්ගය සම්පූර්ණ වන්නේ මෙම තුන් වන පියවරේදීයි.
4. පටිපස්සද්දීප්පහාණංච – පලක්ඛනේ (මාර්ගඵලයකට පත්වීම)සමුච්ඡේද වශයෙන් අනුසය ධර්මයන් ඛය වී යාමත් සමඟම සෝවාන්, සකෘදාගාමි අනාගාමි, අරහත් ඵලයන්ට පත් වන්නේ මේ අවස්ථාවේදීයි. මේ ඛණ සම්පත්තිය පූර්ණ වීමයි.
5. නිස්සරණප්පහානංච – නිරෝධෝ නිබ්බානං
මේ අවස්ථාව නිවන් ඵලයට පත්වී සිත අනුප්පාද තත්ත්වයට පත්වීම නිසා ලබන නිවන් සුවය අත්විඳ ගැනීමයි. අරහත් මාර්ග ඵලයෙන් පසුව ලබන නිබ්බාන සුවය සදාකාලික වශයෙන්ම සසර දුකින් මිදී ලබන අනුප්පාද නිස්සරණයයි. කෙළෙස් උපත ලබන සියලු මාර්ගයන් සහමුළින් ම ගළවා අවසන් කර නිස්සරණ තත්ත්වයට පත්වීමයි.
1. i. චක්ඛුංච පටිච්ච රූපේච – උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
ii. චක්ඛුංච නපට්ච්ච රූපේච – අනුප්පාදෝ නිබ්බානං
මේ ප්‍රකාශ දෙකෙන් පැහැදිළිවම දෙපැත්තක් පෙන්වා දී ඇත. පළමුවැනි ප්රකාශයෙන ඇසත් රූපයත් පටිච්ච වීම නිසා කැමැත්තෙන්ම බැඳීම හේතුව කොටගෙනම විඤ්ඤාණ ශක්තියක් සිතක උපදී. ”සං” ශක්තිය උපදී. කෙළෙස් උපදී.
දෙවැනිව ප්‍රකාශ වන්නේ ”න පටිච්ච” – කැමැත්තට වහල් නොවී, කැමැත්තට නොබැඳී, උපේක්ඛා සිතින් ක්‍රියා කිරීම නිසා විඤ්ඤාණ ශක්තියක් නොඋපදින නිසා ඵල විපාකයක් උරුම නොවේ යන අදහසයි. ඵල විපාක උරුම නොවේ නම් එතැන ”අනුප්පාද” තත්ත්වයක් පවතී. එයම නිවනයි. නිදහස් වීමයි. මෙතැන ”අනුප්පාදෝ” යන පදයෙන් විග්රහ කළේ සම්මත උපතකින් නිදහස්වීම පමණක්ම නොවේ. මොහොතක් මොහොතක්ම පාසාම සිතක උපදින විඤ්ඤාණ ශක්තියකින්ම නිදහස් වීම පිළිබඳවයි. කර්ම බීජ සකස් වීම, කෙළෙස් උපත අනුප්පාද වීමයි. මේ ආකාරයටම
2. i. සෝතංච පටිච්ච සද්ධංච – උප්පජ්ජති සෝත විඤ්ඤාණං
ii. සෝතංච න පටිච්ච්ච සද්ධං ච – අනුප්පාදෝ නිබ්බානං
3. i. ඝානංච පටිච්ච ගන්ධංච – උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං
ii. ඝානංච න පටිච්ච ගන්ධං – අනුප්පාදෝ නිබ්බානං
4. i. ජිව්හාච පටිච්ච රසාච – උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං
ii. ජිව්හාච න පටිච්ච රසාච – අනුප්පාදෝ නිබ්බනං
5. i. කායංච පටිච්ච පොට්ඨබ්බං – උප්පජ්ජති කාය විඤ්ඤාණං
ii. කායංච න පට්ච්ච පොට්ඨබ්බං – අනුප්පාදෝ නිබ්බානං
6. i. මානාච පටිච්ච ධම්මෝච – උප්පජ්ජති මනෝ විඤ්ඤාණං
ii. මනාච න පටිච්ච ධම්මෝච – අනුප්පාදෝ නිබ්බානං
මෙතැනදී තේරුම් ගතයුතු වැදගත්ම මූල ධර්මය වන්නේ මේ ඉන්ද්රියයන් හයට පටිච්ච වීමට අමතරව වෙනත් කිසිම ආකාරයකින් විඤ්ඤාණ ශක්තියත් සිතක උත්පාදනය නොවන බවයි. ඒ වාගේම ප්‍රිය බවෙන්, අප්‍රිය බවෙන් හෝ මුළාවෙන් පටිච්ච නොවුණොත් උපේක්ඛා තත්ත්වයට සිත පත් කර ගෙන ක්‍රියා සිතක් පමණක් පැවැත්වූවොත් එතැනදීත් විඤ්ඤාණ ශක්තියක් නොඋපදින බවත්, විඤ්ඤාණ ශක්තියක් උත්පාද නොවුණොත් කර්ම බීජ සකස් නොවන බවත් දැනගත යුතුයි.
1. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීමම දුකට හේතුවයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදෝ සුඛං (නිරාමිස සුවයයි).
2. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීමම භයට හේතුවයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදෝ ඛේමං (සහනයයි).
3. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීම ආමිසං – ආසව උපතට මුලයි.
විඤ්ඤාණ ශක්තීන් අනුත්පාදනය නිරාමිසං.
4. විඤ්දාණ ශක්තියක් ඉපදීම සංඛාර පැවැත්වීමට මුලයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදනය නිබ්බානං – නිදහස් වීමයි.
මේ නිවන නිදහස මොහොතින් මොහොතම තමන්ටම අත්විඳ ගත හැකි දෙයක්ම බවත් හැම කෙනෙකුටම දැන් අවබෝධ විය යුතුයි. විඤ්ඤාණ ශක්තිය දුර්වල වී යත්ම ප්‍රඥා ශක්තිය ක්‍රියාත්මක වීමටත් ආරම්භ වේ. ප්‍රඥා ශක්තිය යනු රාග, ද්වේෂ, මෝහ ගති වලින් හටගත් ආසව, අනුසය ධර්ම ඛය කර, ගළවා දැමීමට ඇති හැකියාවයි. ආසවඛයා
ඥාණයයි.
භාවනා කිරීම පරමාර්ථ වශයෙන් කොටස් හතරකට බෙදා බුද්ධ භාෂිතයෙහි විග්රහ කර අර්ථ දක්වා ඇත.
i. අනතිවත්තනට්ඨේන භාවනා
ii. ඉන්ද්රියානං එකරසට්ඨේන භාවනා
iii. තදුපග විරිය වහනට්ඨේන භාවනා
iv. ආසේවනට්ඨේන භාවනා යනුවෙනි
1. අනතිවත්තන – අර්ථයෙන් භාවනාව යනු අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් පැවැත්මෙහි, ජීවත්වීමෙහි ඇති යථාර්ථය ප්රත්යක්ෂ කර යථාවබෝධයක් ලබා ගැනීමට හැකි වන ආකාරයට භාවනා කිරීමයි. දුක්ඛ, සමුදය, නිරෝධ ප්රත්යක්ෂ කර චතුරාර්ය සත්‍යයන් ප්රත්යක්ෂ කර අවබෝධ කර ගත හැකි වන්නේ මෙම විපස්සනා භාවනා ක්රමයෙනුයි.
දුක යනු කිමැයි පීලනට්ඨෝ අභිඤ්ඤෙයියං (පීඩන අර්ථයෙන්)
දුක යනු කිමැයි සංඛතට්ටඨෝ අභිඤ්ඤෙයියං (එකතු කිරීමේ අර්ථයෙන්)
දුක යනු කිමැයි සන්තාපට්ඨෝ අභිඤ්ඤෙයියං (තවන අර්ථයෙන්)
දුක යනු කිමැයි විපරිණාමට්ඨෝ අභිඤ්ඤෙයියං (වෙනස් වන අර්ථයෙන්)
දුක පීඩාවක්ය, තමන්ම සකස්කර ගත් දෙයක්ය, පෙළිමක්ය, විඳ වීමක්ය යන අර්ථයෙන් යථා පරිදි අවබෝධ කරගත යුතුයි. දුක යනු සංඛාර කිරීමෙන් තම සිතෙන් ම සාදා එකතු කර තමාම සකස් කරගත් දෙයක් බව යථා පරිදි අවබෝධ කරගත යුතුයි. දුක යනු නිරන්තරයෙන්ම සන්තාපයට පත්කර වන, සංවේදී බවට මුල්වන බරක්, භයක්, බැම්මක් බව යථා පරිදි දැනගත යුතුයි. දුක යනු නිරන්තරයෙන් ම යමක් විපරිණාමයට පත්වන, වෙනස් වන ස්වභාවය නිසාම උරුම වන්නක් බව යථා පරිදි තේරුම් ගත යුතුයි.
සමුදයස්ස ආයුහනට්ඨෝ අභිඤ්ඤෙයිය (කර්ම බීජ සකස් වන බව) සමුදයස්ස නිදානට්ඨෝ අභිඤ්ඤෙයිය (කර්ම බීජවලට නිදාන වන බව) සමුදයස්ස සංයෝගට්ඨෝ අභිඤ්ඤෙයිය (සංයෝජන බිහි වන බව) සමුදයස්ස පලිබෝධට්ඨෝ අභිඤ්ඤෙයිය (පලිබෝධයක් බව)
සමුදය යනු ආයුහනය කර්ම බීජ සකස් වීමක්, සං උපත ලැබීමක්, රාග ද්වේෂ මෝහ උපත ලැබීමක් යන අර්ථයෙන් යථාපරිදි අවබෝධ කරගත යුතුයි.
සමුදය යනු නිදාන හේතුවක්, පටිච්ච වීමක් නිසා ම සිතක හටගත් කැමැත්තක් මුල්කොට ගෙනම බිහි වූවක් බව යථා පරිදි අවබෝධ කර ගත යුතුයි.
සමුදය යනු සංයෝජන ධර්මයක්, දස සංයෝජනයන් බිහිවීමට උපකාර වන සංඛාරයක් බව යථා පරිදි අවබෝධ කරගත යුතුයි.
සමුදය යනු සිතක මතුවන පලිබෝධයක් බව නිවැරදිවම යථා පරිදි අවබෝධ කර ගත යුතුයි.
නිරෝධස්ස නිස්සරණට්ඨෝ අභිඤ්ඤෙයියං (නිස්සරණය)
නිරෝධස්ස විවේකට්ඨෝ අභිඤ්ඤෙයියං (විවේක නිශ්රිත)
නිරෝධස්ස අසංඛට්ඨෝ අභිඤ්ඤෙයියං (අසංඛත)
නිරෝධස්ස අමතට්ඨෝ අභිඤ්ඤෙයියං (නිවන)
නිස්සරණ යනු නිස්සරණ අර්ථයෙන්ම නිරෝධය යථා පරිදි දැන ගත යුතුයි. සංසාර රිය ගමනෙන්, සැරි සැරීමෙන් මිදී නිදහස් වීම යන අර්ථයෙන් ම බව තේරුම් ගත යුතුයි.
විවේකය යනු විවේක අර්ථයෙන්ම නිරෝධය යන්නෙහි අර්ථය යථා පරිදි අවබෝධ කර ගත යුතුයි. ක්‍රියා හයක වේගයෙන් වෙන් වීම බවද දැන ගත යුතුයි. ඇසින් කරන ක්‍රියාව, කනෙන් කරන ක්‍රියාව, නාසයෙන්, දිවෙන්, කයෙන් කරන ක්‍රියාව මෙන්ම මනසින් කරන ක්‍රියාවන් නිසා විඤ්ඤාණ ශක්තිය උපදින බව දැක ඒ ක්‍රියා හයම පාලනය කර ගැනීමෙන් විවේක අර්ථයෙන් නිරෝධය තේරුම් ගත යුතුයි.
අසංඛත යනු අසංඛත අර්ථයෙන් ම නිරෝධය යථා පරිදි තේරුම් ගත යුතුයි. මෙතන ක්‍රියාව යන්න සංඛාර බවද දැනගත යුතුයි. සංඛාරයකට පටළැවීම නවතාගත හොත්, ක්‍රියා සිතක් පමණක් පැවැත්වුවහොත්, අසංඛත අර්ථයෙන් නිරෝධ වීම තේරුම්ගත යුතුයි.
අමතට්ඨෝ යනු අමතට්ඨෝ යන අර්ථයෙන්ම නිරෝධය තේරුම් ගත යුතුයි. මත් වීම, මදයට ප්‍රමාදයට හේතුව තේරුම් ගෙන අමත (මත අත්හැරීම) යන අර්ථයෙන්ම, අප්පමාද යන අර්ථයෙන්ම, නිරෝධය තේරුම් ගත යුතුයි. රාගයෙන්, කාමයෙන් මත්වීම සංසාර රිය ගමනට පාදක වන හේතුවයි. අවිද්‍යාව, තණ්හාවට නිදාන වන හේතුවයි. ”අමත” යනු, මතෙන් තොර යන අර්ථයෙන්ම නිරෝධය තේරුම් ගත යුතුයි. මජ්ක්‍ධිමා යන අර්ථයයි.
මේ අනුව අනතිවත්තන භාවනා ක්‍රමය, සමථ විපස්සනා යන භාවනා ක්‍රම දෙකටම පොදු වූ ඉතාමත් වැදගත්, නිවනට නිවැරදිවම උපකාර වන, උපකාර කර ගත යුතු භාවනා ක්‍රමයයි. මෙම භාවනා ක්රමයේ භාවනා කළයුතු, භාවිත කළ යුතු සියලුම කර්මස්ථාන ආන – පාන මූල ධර්මයට අනුගත වීම ප්‍රධානතම ලක්ෂණයයි.
ආන යනු ආශ්‍රය කළ යුතු – ඇතුළට ගත යුතු දේ පෙන්වා දීමයි
පාන යනු බැහැර කළ යුත – ප්රහාණය කර ඉවත් කළ යුතු දේ පෙන්වා දීමයි
මේ සඳහා ආශ්‍රය කළ යුතු හා බැහැර කළ යුතු දේ පෙන්වූ කර්මස්ථාන මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. අස්ස- පස්ස විග්‍රහය
1. අනිච්චානුපස්සනා – නිච්ච සඤ්ඤා පජහතෝ (ප්රහාණය)
2. දුක්ඛානුපස්සනා – සුඛ සක්ඤා පජහතෝ
3. අනත්ථානුපස්සනා – අත්ථ සඤ්ඤා පජහතෝ
4. නිබ්බදානුපස්සනා – නන්දිං පජහතෝ (අභිනන්දනය)
5. විරාගානුපස්සනා විහරති – රාගං පජහතෝ
6. නිරෝධානුපස්සනා විහරති – සමුදයං පජහතෝ
7. පටිනිස්සග්ගානුපස්සනා විහරති – ආදානං පජහතෝ (උපාදානය)
8. ඛයානුපස්සනා විහරති – ඝන සඤ්ඤා පජහතෝ
9. වයානුපස්සනා විහරති – ආයුහනං පජහති (කර්ම සකස් කිරීම)
10. විපරිණාමානුපස්සනා විහරති – ධුව සඤ්ඤා පජහති
11. අනිමිත්තානුපස්සනා විහරති – නිමිත්තං පජහති
12. අප්පනිහිතානුපස්සනා විහරති – පණිහිතං පජහති
13. සුඤ්ඤතානුපස්සනා විහරත – අභිනිවේසං පජහති
14. අධිපඤ්ඤා ධම්මානුපස්සනා විහරති – සාරාභිනිවේසං පජහති
15. යථාභූත ඥාණ දස්සනං විහරති – සම්මෝහාභිනිවේසං පජහති
16. ආදීනවානුපස්සි විහරති – ආලයාභි නිවේසං පජහාති
17. පටිසංඛානුපස්සී විහරති – අප්පටිසංඛං පජහති
18. විවට්ටානුපස්සි විහරති – සංයෝගාභිනිවේසං පජහති
මෙම විපස්සනා කර්මස්ථාන මාලාවේ, සෑම පියවරකදී ම ආන – පාන (අස්ස – පස්ස ) කොටස් දෙකම ඉතාම පැහැදිළිව අවබෝධ කරගත හැකි ආකාරයෙන්ම පෙන්වා දී ඇත. මෙහිදී කළු ධර්ම ප්රහාණය කිරීමත්, සුදු ධර්ම ආශ්‍රය කිරීමත් කළයුතු බවත් ඉතාමත් පැහැදිළි කරුණකි. නිවන යනු තමා තුළම මෙතෙක් කල් මුල් බැසගෙන පැවති කෙළෙස් (කළු ධර්ම) බැහැර කර දමා, ඒ වෙනුවට සුදු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමයි. සුදු ධර්ම කිසි විටෙකත් සසර දික් කරන කර්ම බීජ සකස් කරන විඤ්ඤාණ ශක්තිය උත්පාදනය කරන ඒවා නොවේ. ආසව නොවේ. සුදු ධර්ම කිසි විටෙකත් ඇලීමට, බැඳීමට ගැටීමට මුල් නොවන නිසා ඒවා ”අනුප්පාදෝ” ධර්මයෝමයි. අනුප්පාදය, නිබ්බානං තත්ත්වයයි.
2. ඉන්ද්රියානං ඒක රසට්ඨ භාවනා
පෘථග්ජන පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන්ම විසුරුණු ස්වභාවයෙන් යුතු වූ කැළඹිලි ගතියෙන් යුතු වූ සිතක් ලෙසින්ම පවතී. මෙය ”වික්ඛේප” සිතක් ලෙසින් ධර්මයේ පෙන්වා දී ඇත. සිත වික්ඛේප තත්ත්වයට පත්වීමට හේතුව පංචකාම නීවරණ ධර්ම වලින් ආවරණය වී, මුවහ වී පැවතීමයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චාව යන පංචකාම නීවරණ ධර්ම නිසා පිරිසිදු සිතක් කෙළෙස් වලින් වැසීයයි. කෙළෙස් වලින් වැසී, මුවහ වූ සිතක් නිරන්තරයෙන්ම භයට පත්වන, කම්පනයට පත්වන, වේදනාවට පත්වන, අසහනයට පත්වන නොසන්සුන් සිතකි. එවන් සිතක් උද්ධච්ච ගතියෙන් යුක්තය. මොහොතින් මොහොතම වෙනස් වන්නා වූ එවන් සිතකින් භාවනා කර්මස්ථාන වැඞීමක් කළ නොහැකියි.
ඉන්ද්රියයන් හය සංවර කරගැනීමෙන් ම ඒකරසට්ඨ තත්ත්වයට පත්කර ගත හැකිය. මේ සඳහා සමථ භාවනා කර්මස්ථානයන් භාවිතා කර සිත එකඟ කර ගැනීම ඒකරසට්ඨ භාවනාවයි. මේ සඳහාද භාවිතා කළ යුත්තේ ආන- පාන (අස්ස – පස්ස ) භාවනා කර්මස්ථානයෝමයි.
මේ සඳහා භාවිතා කළ යුතු භාවනා කළයුතු ආන – පාන භාවනා කර්මස්ථාන පහත දැක්වෙන පරිදි දැක්විය හැකියි’
1. කාමච්ඡන්දය ප්රහාණය කර – නෙක්ඛම්ම වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
2. ව්‍යාපාදය ප්රහාණය කර – මෙත් සිත (අව්‍යපාදය) වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
3. ථීනමිද්ධ ප්රහාණය කර – අලෝක සංඥා වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
4. උද්ධච්චය ප්රහාණය කර – අවික්ඛේප වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
5. විචිකිච්චාව ප්රහාණය කර – ධම්මවවත්ථාන වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
6. අවිද්‍යාව ප්රහාණය කර- ඥාණයන් මතුකර ගැනීම
7. පංචකාමයන් ප්රහාණය කර – පළමුවැනි ධ්‍යානයට පත්වීම (පළමුවන ධ්‍යානයේදී සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකාග්ගතා මතුවෙයි)
8. සවිතක්ක සවිචාර ප්රහාණය කර – දෙවැනි ධ්‍යානයට පත්වීම
9. ප්‍රීතියද ප්රහාණය කර – තුන්වැනි ධ්‍යානයට පත්වීම
10. සුඛයද ප්රහාණය කර – උපේක්ඛා, ඒකාග්ගතා සහිත සතරවන ධ්‍යානයට පත්වීම
11. රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සංඥා පහකර ආකාසානාඤ්ඤායතන ධ්‍යානයට පත්වීම
12. ආකාසානාඤ්ඤායතන යටපත් කරමින් -විඤ්ඤාණඤ්ඤායතනයට පත්වීම
13. විඤ්ඤාණඤ්ඤායතනය යටපත් කරමින් – ආකිඤ්ඤාණඤ්ඤායතනයට පත්වීම
14. ආකිඤ්ඤාණඤ්ඤායතනය යටපත් කරමින් – නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පත්වීම
මෙම ක්‍රමය සමථ භාවනාව තුළින් ධ්‍යාන ලබා අභිඥා ලබා ගැනීමේ ක්‍රමයයි. ධ්‍යානයන් ලබා ගෙන, අභිඥා ලබාගෙන, දෙවනුව මාර්ග ඵලයට පත් වන්නට කැමති වූ කෙනකුට පළමුවෙන් ම සමථ භාවනාව ප්‍රගුණ කර, ධ්‍යානයන් ලබා, පසුව විපස්සනාා භාවනා කර්මස්ථානයන් භාවනා කර නිවන් මඟ ඵලයන්ද ලබාගත හැකියි. මෙය බොහෝ කල් ගතවන ක්රමයකි. මේ ක්‍රමය සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමයයි’
3. තදුපග විරිය වහට්ඨේන භාවනා ක්‍රමය
මෙයද බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකට ම පොදු වූ භාවනා ක්රමයකි. යුගනන්ධ භාවනාව භාවිතා කරන කෙනකුට මාර්ග ඵලයන් ඉක්මනින් ලබාගන්නටත්, ආසවඛයා ඥාණය දියුණු කරගෙන සමථ විපස්සනා දෙක සමව ඉදිරියට ගෙන යන්නටත් මේ භාවනා ක්‍රමය උපකාර වෙයි. මෙහිදී වෙනම කර්මස්ථාන භාවනා කිරීමක් අවශ්‍ය නැති අතර සමථය හා විපස්සනාව සඳහා භාවිතා කළයුතු කර්මස්ථායක් ම භාවනා කළ යුතුයි.
4. ආසේවනට්ඨේන භාවනා ක්‍රමය
මෙම භාවනා ක්‍රමයේදී සතර ඉරියවුවේදීම සතර සතිපට්ඨානයේ පිහිටා ක්‍රියා කිරීමේ හැකියාව, ශක්තිය, පුරුද්ද මනාකොට ප්‍රගුණ කරගත යුතුයි. ආසේවති, භාවේති, බහුලීකරෝති යනුවෙන් මෙය ධර්ම විග්රහයේදී පෙන්වා දී ඇත. අසා දැනගත්, අවබෝධ කරගත් ධර්මය අනුගමනය කරමින් මගඵල ලබා ගැනීම සඳහා
1. ආවජ්ජන්තෝ – නැවත නැවතත් මාර්ගය ආවර්ජනය කර, අවබෝධය පූර්ණ කර ගැනිීමට උත්සාහ ගත යුතුයි.
2. ජානත්තෝ – අනුගමනය කිරීමට ධර්ම මාර්ගයම යථාපරිදි දැනගත යුතුයි. අවබෝධය පූර්ණ කරගත යුතුයි.
3. පස්සන්තෝ – යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප්රහාණය කළ යුතු කෙළෙස් පිරිසිඳ දැක ගත යුතුයි.
4. පච්චචෙක්ඛන්තෝ – ප්රත්යාවේක්ෂා නුවණින් පසුවිපරම් කර බලා, තමා තුළම පවතින කෙළෙස් ගති දැක මතුකර ප්රහාණය කර ගත යුතුයි.
5. චිත්තං අධිට්ඨහන්තෝ – ප්රහාණය කළ යුතු කළු ධර්ම ප්රහාණය කිරීමටත් ඒ වෙනුවට සුදු ධර්ම ආශ්‍රය කිරීමටත් ඇලීම, ගැටීම දුරලා, උපේක්ඛා
තත්ත්වයෙන් ක්‍රියා කිරීමටත් පටන් ගත යුතුයි.
6. සද්ධාය අධිමුච්චන්තෝ – ශ්‍රද්ධා ඉන්ද්රිය, ශ්‍රද්ධා බලයන් සිත තුළ ක්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා මෙතෙක් කලක් අසද්ධාවෙන් කම්පා වුණ ස්වභාවයෙන් පැවති සිත සද්ධාව නිසා කම්පා නොවන, අකම්පියට්ඨේන තත්ත්වයෙන් බලවත් වෙයි.
7. විරියං පග්ගහන්තෝ – විරිය ඉන්ද්රිය විරිය සිත තුළින් මතු වී ක්‍රියාත්මක වීමට පටන්ගෙන මෙතෙක් කලක් කුසීත කමෙන්, කම්පාවන ස්වභාවයෙන් පැවති සිත (අකම්පියට්ඨේන) කම්පා නොවන, විරිය බලය ලෙසින් වර්ධනය වෙයි.
8. සති උප්පට්ඨපෙන්තෝ – සති ඉන්ද්රිය, සති බලය ක්‍රියාත්මක වී මෙතෙක් ප්‍රමාදයෙන් කම්පනයට පත් වූ සිත අප්‍රමාදයෙන් අකම්පන තත්ත්වයට පත්වන, කම්පා නොවන තත්ත්වයට පත්වෙයි. හේතුඵල දෙකම දැක ප්‍රමාදයට හේතු ඉවතලා ක්‍රියා කරයි.
9. චිත්තං සමාදහන්තෝ – සමාධි ඉන්ද්රිය, සමාධි බලය මතු වී ක්‍රියාත්මක වීමත් සමඟ ම මෙතෙක් උද්ධච්චයෙන් කම්පනයට පත් වූ සිත දැන් උද්ධච්චයෙන් ඉවත් වී, අකම්පිත තත්ත්වයෙන් ම සමාධිගත වෙයි. චිත්ත සමාධියක පිහිටයි.
10. පඤ්ඤාය පජහන්තෝ – පඤ්ඤා ඉන්ද්රිය, පඤ්ඤා බලය ක්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප්රහාණය කර මනස අකම්පිය තත්ත්වයට පත් වීමෙන් ක්‍රියාත්මක වෙයි. චිත්තය පිරිසිදු වී ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි. මේ පංච ඉන්ද්රියයන්, පංච බලයන් ක්‍රියාත්මක වී
– අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගැනීමටත් (අභිඤ්ඤාතං)
– දැක ගත යුතු දේ පිරිසිඳ දැක ගැනීමත් (පරිඤ්ඤාතං)
– භාවිත කළයුතු දේ තෝරා භාවිතා කිරීමත් (භාවේතබ්බං)
– බැහැර කළයුතු දේ දැන හැඳින, බැහැර කර නිදහස් වීමත් සමඟම සත්‍යාවබෝධය ප්රත්යක්ෂ වෙයි. (පහාතබ්බං)
මේ අනුව, ”සංයෝජනා පහීයන්තී, ආසව අනුසයා ඛයා හොන්ති” තත්ත්වයට පත්වෙයි.
සග සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ වී සෝතාපත්ති ඵලයට පත්වෙයි.
සසග සකෘදාගාමි මාර්ගය සම්පූර්ණ වී සකෘදාගාමි ඵලයට පත්වෙයි.
සසසග අනාගාමි මාර්ගය සම්පූර්ණ වී අනාගාමි ඵලයට පත්වෙයි.
සඩග අරහත් මාර්ගය සම්පූර්ණ වී අරහත් ඵලයට පත්වෙයි.
ඉන්ද්රියය ධර්මයන් හා බල ධර්මයන් ක්‍රියාත්මක නොවූ කාලයකදී නිරතුරුවම සිත කම්පනයට, තැති ගැනීමට, අසහනයට, වේදනාවට, කැළඹීමට පත් වූවත් දැන් සමථයට පත් වූ සිත විපස්සනා වැඞීම සඳහා හේතුඵල ධර්මයට බහා ගළපා, ඉවසා විමසා, තෝරා බේරා ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නට වීම නිසා සති සම්බොජ්ජංගයේ පටන් සත්ත සම්බොජ්ජංගයම ක්‍රියාත්මක වී පැවැත්ම පිළිබඳව, ජීවත්වීම පිළිබඳව යථා තත්ත්වය සම්පුර්ණයෙන් ම අවබෝධ වී, බිහි කිරීමට උපකාර වූ විඤ්ඤාණ ශක්තීන් ප්රහාණය කර, කෙළෙස් ප්රභවය කිරීමේ (සංභව ශක්තිය) ක්‍රියාකාරිත්වයෙන් බැහැර වෙයි. භව නිරෝධ වෙයි. භව අනුත්පාද වෙයි.
සම්මා අංගයන් අටමත් සම්පූර්ණ වී, සම්මා ඥාණ හා සම්මා විමුක්ති පරිපූර්ණ වීමෙන් නිවන් සුවයට පත් වෙයි. සමථ, විපස්සනා භාවනා ක්‍රම දෙකම එක විට යුගනද්ධ වශයෙන් භාවනා කිරීමෙන්, එක දිගටම භාවිතා කිරීමෙන්, බහුල ලෙසින් ම භාවනා කිරීමෙන් (සේවිතාය, භාවිතාය, බහුලීකථාය) යථාභූත ඥාණ දර්ශනය ලැබෙයි. යථා භූත
ඥාණ දර්ශනය ලැබූ අරිය උත්තමයා අබමල් රේණුවක තරම්වත් රාගයෙන් ඇලීමේ සංඛාර සිතකින් කටයුතු නොකරයි. තවත් කෙනෙකු කෙරෙහි ද්වේෂයෙන් කිසි විටෙකත් ක්‍රියා නොකරයිි. සිතේ ගැටීමේ සංඛාර මතු නොවෙයි.
මමත්වයෙන්, මානයෙන්, අවිද්‍යාවෙන් මම, මගේ, මගේ ආත්මය යන හැඟීමෙන් ක්‍රියා නොකරයි. ”මම” යනු සකස් කරගත් ඝණ සංඥාවක්, හේතුඵල පරම්පාරාවක් මිස නිච්ච සේ, සුඛ සේ, අත්ථ සේ පවතින දෙයක් නොවන බව යථා පරිදි දැක අවබෝධ කරගත් කෙනකු බවට ම පත්වෙයි.
මේ තත්ත්වයට පත් වූ අරිය උත්තමයාට ධ්‍යාන වලට පත් වීමේ හෝ ඍර්ධි ප්රාතිහාර්ය පෑමේ හෝ ලෝකයාට තමන් කවුදැයි ප්‍රකාශ කර පෙන්වා දීමේ හෝ කිසිඳු අවශ්‍යතාවයක් කැමැත්තක් ඇති නොවේ. ලැබූ නිදහස් වීමේ සුවය විඳිමින් ඉහාමත් ම සුඛ විහරණයෙන් කල් ගෙවීමේ අගය දකියි.
යථාවබෝධයෙන්ම ධර්ම මාර්ගය අනුගමනය කරනු ලබන යුගනද්ධ වශයෙන් සමථ විපස්නා භාවනා කරනු ලබන පුද්ගලයාට දැන හෝ නොදැනම ලැබෙන්නා වූ ඥාණයන් කිහිපයක් පිළිබඳවත් නම් වශයෙන්ම පෙන්වා දීම සුදුසුයි.
1. සම්මස්සන ඥාණය (”සං” දැක ගැනීමේ ඥාණයයි – සං විමර්ශණය)
අතීත, අනාගත, වර්තමාන සියලු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්
i. අනිච්ච වශයෙන් දැක, ඒවා නිච්ච ලෙසින් දැකීම මුලාවක් බව යථා පරිදි තේරුම් ගැනීමේත්,
ii. දුක්ඛ වශයෙන් දැක, ඒවා සුඛයක් සේ දැකීම මුළාවක් බව යථා පරිදි තේරුම් ගැනීමේත්,
iii. අනත්ථ වශයෙන් දැක, ඒවාට බැඳීම අනාථ වන තත්ත්වයක් උදාවන බව මෙනෙහි කිරීමේ පිරිසිඳ දැකීමේත් නුවණ (වවත්ථානේ පඤ්ඤා) සම්මස්සන ඥාණයයි.
මේ ආකාරයෙන් ත්රිලක්ඛණය භාවනා කරන යෝගියාට අනිච්චං ඛය අර්ථයෙනුත්, දුක්ඛං භය අර්ථයෙනුත්, අනත්ථං අසාර අර්ථයෙනුත් වැටහෙන්නට පටන් ගනී. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයටම අදාළව අවිද්‍යා මූළයෙන් මතුවන සියලු සිත් අවිද්‍යා සංඛාර සිත් ම බවත් දැක ගන්නට පටන් ගනී. පැවැත්මේ නිසරු බව ප්රත්යක්ෂ කරගනී. අවිද්‍යාව මුල් නොවූ විට, අවිද්‍යාව නැති තැනක, මතුවන සියලු සිත් ”කාර” සිත් (ක්‍රියා සිත්) පමණක් බවත් දකී. මේ කරුණු යථාපරිදි මෙනෙහි කිරීමේ ශක්තිය සම්මස්සන ඥාණයයි. ”සං” දැක ගත්, ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත්වූවෙකුට සම්මස්සන ඥාණයද පහළවෙයි.
2. උදයව්‍ය ඥාණය
පච්චුප්පන්නානං (වර්තමානය) ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයව්යනුපස්සනේ ඥාණං – වර්තමාන මොහොත කෙරේ සිත පවත්වාගෙන සිටින විට, මොහොතින් මොහොතේ ම සිතෙහි මතුවන – රූප (ජාතං රූපං) ජනිත වීම තුළින්,
– නිබ්බත්ති ලක්ඛණං (අභිනව තත්ත්වයන්ට පත්වීමේ ලකුණු දැකීමත්)
– විපරිණාමානුලක්ඛණං (වෙනස් වී, වැය වීම දැකීමත්) යන දෙයාකාරය අනුපස්සනා කිරීමේ ඥාණය උදය, වැය දැකීමේ ඥාණයයි. උදයවීම සිදුවන හේතු පහක් ඇත.
i. අවිද්‍යාව නිසා රූප උදය වේ. (අවිජ්ජා සමුදය) උපත දකී.
ii. තණ්හාව නිසා රූප උදය වේ. (තණ්හා සමුදය) උපතදකී.
iii. කර්මය හේතුවෙන් රූප උදය වේ. (කම්ම සමුදය) උපත දකී.
iv. ආහාර නිසා රූප උදය වේ. (ආහාර සමුදය) උපත දකී.
v. පස්ස නිසා නිබ්බත්ති ලක්ඛණ උදය වේ. (පස්ස සමුදය) උපත දකී.
මේ කරුණු පහට අමතරව කිසිම දෙයක් රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ උපතට හේතු නොවේ.
i. අවිද්‍යා නිරෝධො රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
ii. තණ්හා නිරෝධෝ රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
iii. කම්ම නිරෝධෝ රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
iv. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ – වැය වන ආකාරය පසක්කොට දකී.
මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම උදය හා වැය වෙන් කොට දැකගැනීමේ ඥාණය උදය වැය ඥාණයයි.
3. විපස්සනා ඥාණය
ඇසට ප්‍රිය හෝ අප්‍රිය රූපයක් අරමුණු වූ සිතකට ඇලීමක්, බැඳීමක්, ගැටීමක්, මානයක් ඇති වන බවත් ඒ ගතිය භංගකර අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් මෙනෙහි කර, ප‍්‍රත්‍යවේක්ඛා නුවණින් පටිච්චවීමේ ගතිය ප්රහාණය කළ හැකි බවත් තේරුම් ගැනීමේ නුවණ, විපස්සනා නුවණයි. මේ ආකාරයට පංචස්කන්ධය පිළිබඳවම උපාදානය කිරීමේ ගතිය විපස්සනා නුවණින් බැහැර කිරීම රාග විරාගයයි. උද්ධච්චයට හේතුවන වික්ඛේප ගතිය භංග කර සිත ඒකාග්ගතාවයට පත්කර ගැනීම සමථයයි. අවිද්‍යාව විරාග කර සිත තුළ ප්‍රඥාව උපදවා ගැනීම ප්‍රඥා විමුක්තියයි. මේ අනුව සමථ හා විපස්සනා දෙකම මෙහි අඩංගුයි.
4. ආදීනව ඥාණය
– පංච ආකාරේහි ආදීනවෝ හෝති
– අට්ඨාකාරේහි අවිජ්ජා නිරෝධෝ හෝති
භාවනානුයෝගියාට ඉතාමත් වැදගත් ඥාණයකි. අදීනව ඥාණය. භාවනානුයෝගියා අවිද්‍යාවෙහි ආදීනව පස් ආකාරයකින් දැක අවබෝධ කර ගත යුතුමයි.
i. අනිච්ච වශයෙන්, අනිච්ච අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
ii. දුක්ඛ වශයෙන්්, දුක්ඛ අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
iii. අනත්ථ වශයෙන්, අනාථ අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
iv. සංතාප වශයෙන්, සංතාප අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
v. විපරිණාම වශයෙන්, විපරිණාම අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි’
අනිච්ච – කැමති සේ පැවත්විය නොහැකි, රිසිසේ, මනාප සේ නොපවතින දෙයක් බව දැකිය යුතුයි. (න නිච්චං)
දුක්ඛ – කැමැත්ත අනුව පැවැත්විය නොහැකි නම්, දුකම උරුමකර දෙන දෙයක් බව දැකිය යුතුයි.(න සුඛං)
අනත්ථ – දුකම උරුම කර දෙන්නක් නම් නියත වශයෙන්ම අනාථ තත්ත්වයට පත් කරවන්නක් බව (න අත්ථ) සන්තාපයට පත්කරවන්නක් බවත්, සංඛතය විපරිණාමයට පත් වී වැනසී යන බවත් දැකීම ආදීනව ඥාණයයි.
අට ආකාරයකින් අවිද්‍යාව නිරෝධ කිරීමේ දැනුම හා හැකියාව ද ආදීනව ඥාණයයි.
i. නිදානය නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළහැකි බව
ii. සමුදය නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
iii. ජාති (උප්පජ්ජති) නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
iv. ප්‍රභව (සංභව) බීජය සකස්වීම නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
v. හේතුව නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
vi. ප්‍රත්‍ය නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළහැකි බව
vii. ඥාණයන් උපද්දවා ගැනීමෙන් අවිද්‍යාව නිරෝධ වන බව
viii. නිරෝධ පට්ඨානයෙන්ම අවිද්‍යාව නිරෝධ වන බව
මෙසේ පස් ආකාර වූ ආදීනවයෝ දැක, අට ආකාර වූ නිරෝධ කළ යුතු කරුණුද දැකගත් පුද්ගලයා ඒ මඟ අනුගමනය කිරීමෙන් ආශ්‍රය කළයුතු දේ මෙන්ම ප්රහාණය කළයුතු දේ (අස්ස පස්ස) දැක ඒ අනුව ශික්ෂණයට පත් වෙයි. මේ අනුව ආදීනව ඥාණය යන්න නිවන් මාර්ගය අනුගමනය කරන කෙනෙකුට ඉතාමත් ම වැදගත් ඥාණයකි.
5. සංඛාරුපෙක්ඛා ඥාණය
ආදීනව ඥාණය අවබෝධ වූ තැනැත්තාට,
”උප්පාදෝ භයං අනුප්පාදෝ සුඛං උප්පාදෝ
ආමිසං අනුප්පාදෝ නිරාමිසං
උප්පාදෝ සංඛාරං අනුප්පාදෝ නිබ්බානං”
වශයෙන් කරුණු අවබෝධ වීමත් සමඟම සංඛාර පැවැත්ම ම, සියලු දුක්, සියලු භය, සියලු ආසව උත්පත්තියට මුල් වූ හේතුව බව යථා පරිදි අවබෝධ කර සංඛාර උපේක්ඛා ඥාණයෙන් සළකා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව තේරුම් ගැනීමේ නුවණයි.
යමක් එකතු කරන්නට කරුණු ලබන සියලුම ක්‍රියා සංඛාර බවත් සංඛාර නිසාම උපත, පැවැත්ම, නිමිත්ත, පටිසන්ධි ආදිය සියල්ලම සිතේ බිහි වන බවත් දැක සංඛාර උපෙක්ඛා ඥාණයෙන් ඒවායෙහි නොවටිනා බව, අසාරවත් බව, නිස්සාර බව, දැකීම සංඛාර උපේක්ඛා ඥාණයයි. සංඛාර සිත් නිස්සාර බව දැකීම සංඛාර උපේක්ඛා ඥාණයයි. සංඛාර සිත් කෙරෙහි උපේක්ඛාවෙන් ම බැලීමට පුරුදු වීමයි.
අනිමිත්ත සමාපත්තියට, අප්පනිහිත සමාපත්තියට පත්වීමට උපකාර වන්නේද සංඛාර උපේක්ඛා ඥාණයමයි. මුංචිතුකම්මතා ඥාණය යන්න ද සංඛාර උපේක්ඛා ඥාණයට ම භාවිතා කරන නමකි. මුංචිතුකම්මතා ඥාණය යනු අවබෝධය ලැබීම නිසා කැමැත්තෙන්ම මුදනු හැකි, මිදී අතහරිනු හැකි, උපේක්ඛා සිතින් ඉවසා විමසනු ප්රත්යාවේක්ෂා කරනු යනුවෙන් වදාළ ගුණයන් පිහිටීමේ ඥාණයයි. මෙසේ කැමැත්තෙන්ම මුදවා අතහරිනු ලබන්නේ රාගය ද්වේෂය හා මෝහය යන කෙළෙස් ගති තුනයි.
සංඛාර උපෙක්ඛා ඥාණය පෘථග්ජන පුද්ගලයාට එක් අයුරකින් ද මඟඵල සම්පූර්ණ කරන ලද අසේඛ වූ අරහතුන්වහන්සේට තවත් අයුරින්ද අවබෝධය ලැබෙන බවත් ධර්මයේ ම පෙන්වා දී ඇත.
විවිධ අරමුණු වලට අදාළව අනිච්චතෝ, දුක්ඛතෝ, අනත්ථතෝ අනුපස්සනා කිරීමෙන් ම නිච්ච, සුඛ, අත්ථ සංඥා ප්රහාණය කරමින්ම චිත්තසංථානය පිරිසිදු කර සංඛාර උපෙක්ඛා ඥාණය ප්රත්යක්ෂ කරගත යුතුයි. සංඛාර කිරීම නවතා ක්‍රියා සිත් පැවැත්වීමට ම සිත පුරුදු පුහුණු කරගත යුතුයි.
සමථ වශයෙන් ධ්‍යානයන් අටෙහිදීම ධ්යානපටිලාභයත් සමඟම නීවරණ දුරු වීමෙන් පටිසංඛා සංතිට්ඨානා පඤ්ඤාවෙන්, සංඛාර උපෙක්ඛා ඥාණය ලබාගනී. අරිය ධ්‍යානයන් අටෙහිදීම සිත සමථ තත්ත්වයට පත් වීමෙන් මෙය සිදු වෙයි.
විපස්සනා වශයෙන් අවස්ථා දහයකදී පටිසංඛා සංතිට්ඨානා, සංනිසීදතී, සම්මාදියති වශයෙන් සෝවාන් මාර්ගය හා ඵලය, සකෘදාගාමී මාර්ගය හා ඵලය, අනාගාමී මාර්ගය හා ඵලය, අරහත් මාර්ගය හා ඵලය, සුඤ්ඤත සමාපත්තිය හා සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය ද ලබා ගනී. මේ අනුව සංඛාර උපෙක්ඛා ඥාණය නිවන් මාර්ගයේ ඉතාමත් උතුම් අවස්ථාවක් බව තේරුම් ගත යුතුයි.
6. මග්ගේ මග්ග ඥාණං
මාර්ග ඥාණය යනු අරිය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමයි.
i. දස්සන අර්ථයෙන් සම්මා දිට්ඨියට පත්වීම – ”මිච්ඡ දිට්ඨියා වූට්ඨාති” යනු වැරදි දැක්ම පෙරළා දමා නැඟී සිටීම යන අර්ථයයි. මිත්‍යා දෘෂ්ඨිය, තදංගම වශයෙන් ද චිත්තසංථානයේ පවතින කෙළෙස්් දෘෂ්ඨී වශයෙන් පෙරළා දමා සම්මා දෘෂ්ඨියට පත්වීම මෙහිදී සිදු වේ. තමාම එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ (සං) වලින් මිදී එවැනි කෙළෙස් සහමුළින් ම ගළවා දැමිය යුතු බව දැක ගැනීම සම්මා දිට්ඨියයි’
ii. අභිනිරෝපන අර්ථයෙන් සම්මා සංකප්පයට පත්වීම – මිච්ඡ සංකප්ප
ගළවා ඉවත් කර දමා යළිත් කෙළෙස් රෝපනය නොවන පරිද්දෙන් කාම විතර්ක, විහිංසා විතර්ක, පාප විතර්ක චිත්තසංථානයෙන් ගළවා දැමීම (ඛය කිරීම) සම්මා සංකප්පයයි.
iii. පරිග්ගහ අර්ථයෙන් සම්මා වාචාහි පිහිටා මිච්ඡුා වාචා වුට්ඨාති – මිථ්‍යා වචන වලින් සහමුළින්ම ඉවත් වී වචී සංඛාර ක්‍රියා සිත් බවට පෙරළීම මෙහි අදහසයි.
iv. සමුට්ඨාන අර්ථයෙන් සම්මා කම්මන්තයෙහි පිහිටා මිච්ඡ කම්මන්ත වුට්ඨාති – සසර ගමනට හේතු වන සියලුම සංඛාරයන්ගෙන් සහමුළින් ඉවත්වීම මෙයින් අදහස් කෙරේ. කර්ම සකස් කිරීම, කර්ම බීජ නිපදවීම සඳහා මෙතෙක් කරන ලද සියලු කාය සංඛාර නවතා ක්‍රියා සිත් පමණක් පැවැත් වීමට පටන් ගනී.
v. වෝදාන අර්ථයෙන් සම්මා ආජීවයෙහි පිහිටා මිච්ඡුා ආජීවෝ වුට්ඨාති (පෙරළා දමා නැඟී සිටීම යන අර්ථයෙනි).
vi. පග්ගහට්ඨේන වෙන් කිරීමේ අර්ථයෙන් සම්මා වායාමයෙහි පිහිටා, මිච්ඡ වායාමයෙන් වුට්ඨාතී.
vii. උපට්ඨාන අර්ථයෙන් සම්මා සතියෙහි පිහිටා ම්ච්ඡුා සති වුට්ඨාති – හේතුඵල දහමට බහා බලා ආසව, කෙළෙස් මුළින් ගළවා නැඟී සිටින අර්ථයෙන්, එළඹ සිටි සිහියෙන් ක්‍රියා කිරීම.
viii. අවික්ඛේප අර්ථයෙන් සම්මා සමාධියෙහි පිහිටා ”මිච්ඡුා සමාධි වුට්ඨාති” – සිතෙහි අවික්ඛේප ගතිය, නොවිසුරුණු නොකැළඹුණු ගතිය ඇති කර
ගැනීමෙන් සමාධියෙහි පිහිටා ක්‍රියා කිරීමේ ශක්තියයි. මේ ආකාරයට සෝතාපන්න මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සතර අවස්ථාවේදීම චිත්තසංථානයේ මෙතෙක් ගබඩා වී පැවති කෙළෙස් (සං) ප්රහාණය කර, මුළින් ගළවා දමා (වුට්ඨාති) ආසව ඛය කර දමා නිවන් මාර්ගය පූර්ණ කරගත යුතුයි.
ix. විමුක්ති ඥාණය – ජින්නවට්ට මනුපස්සනෝ පඤ්ඤා විමුක්ති ඥාණං. ආධ්‍යාත්මිකව හා බාහිර වශයෙන් උපදින ක්ලේශ ධර්මයන් උපක්ලේශයන් (ඇලීම- ගැටීම- මුළාව) සමුච්ජේද වශයෙන් ප්රහාණය කිරීම විමුක්ති ඥාණයයි.
x. අනුප්පාදෝ ඥාණං – කෙළෙස් ගති යළිත් සිතෙහි නැවත කවදාවත්ම නොඋපදන ලෙසින් ම අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගත් පසුව රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කිසිවිටකත් පටිච්ච නොවන නිසාම විඤ්ඤාණ ශක්තියක් නොඋපදින කර්ම බීජ සකස් නොකරන තත්ත්වයටම සිත පත්වීම, අනුප්පාදෝ ඥාණයයි.
xi. පලක්ඛනේ ඥාණං – මාර්ග ඥාණය සම්පූර්ණ වීමත් සමඟම යථාභූත ඥාණ දර්ශනයෙන් සම්මා ඥාණ උපදවා පහදා ගැනීමත් සමඟම සම්මා විමුක්තියද සම්පූර්ණ වී, දස අංගේ සමන්නාගතෝ යන තත්ත්වයට පත් වී මාර්ග සතරත් ඵල සතරත් සම්පූර්ණ වී නිවන් සුවයට පත්වීමයි. මෙසේ සියලු සංයෝජන ධර්ම වලින් නැවත නොඋපදින ලෙසින් ම මිදී නිදහස් වූ බවත් සියලු ආසව, අනුසව ධර්මයන් මුළින් උදුරා දමා, විමුක්ත වූ බවත් චිත්තසංථානය කර්ම බීජවලින් සහමළින්ම නිදහස් වූ තත්ත්වයකට පත් වූ බවත් සහතික කොට දැකීම නිවන් සුවයයි.
කොතෙක් දුක් විඳිමින්, කොයි තරම් වීර්යයෙන් උත්සාහයෙන් ධූතාංග රකිමින් කොපමණ කාලයක් භාවනා කළත් යමෙකු අරිය ධර්මයේ පෙන්වා වදාළ නිවැරදි ආනාපාන සති භාවනාව යන්නෙහි අර්ථය, ධර්මය, නිරුක්්තිය තේරුම් නොගත්තේ නම් ”ද්වතාවය” තේරුම් නොගත්තේ නම් සීල, සමාධි, පඤ්ඤා යන ත්රිශික්ඛාවෙහි තිපරිවට්ටය යථා පරිදි අවබෝධ කර නොගත්තේ නම් ඔහුට බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාව සම්පූර්ණ නොවේ. අරිය මාර්ගයේ පෙන්වා වදාළ ප්‍රතිඵල ද නොලබයි.
අතීතයේදී කවදා කවුරුන් හෝ කෙසේ හෝ මාර්ග ඵල අවබෝධ කර නිවන් අවබෝධ කරගත්තේ නම් ඒ සෑම කෙනෙකුම බුද්ධ ආනාපානසති භාවනාව තුළින්ම සතර සතිපට්ඨානය ප්‍රගුණ කර සතර සතිපට්ඨානයේම පිහිටා මාර්ගය සම්පූර්ණ කරගත් අයම වේ. අනාගතයටද මෙම ධර්මතාවය වෙනස් නොවේ.
බුද්ධ දේශණාවට අයත් පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ සඳහන් ආනාපාන සති විග්රහයේදී පහත සඳහන් ගාථාව දේශණා කර අනාපානා සතිය නිවැරදි ආකාරයටත් බුද්ධ දේශණාවට අනුවත් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය අවධාරණයෙන් ම පෙන්වා දී ඇත.
”ආනාපානසති යස්ස, පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දේසිතා
සෝ ඉමං ලෝකං පහාසේති
අබ්හං මුත්තෝච චන්දිමා” ති
මෙහි අර්ථය යම් කෙනෙක් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ පරිදි විපස්සනා ක්‍රමයට භාවනා කළහොත්්් පූර්ණ වශයෙන් අනුගමනය කළොත් යථාභූත ඥාණ දර්ශනය ලබාගත හොත් හෙතෙම සියලු කෙළෙස් ධර්මයන්ගෙන් මිදී අරහත් මඟ ඵලයට පත් වන්නේ අඳුරු වළා පෙළින් මිදුණු පුන්සඳ බබලන්නාක් මෙනි යන්න වේ.
ත්රිලක්ඛණ භාවනාව භාවිතා කිරීමෙන් යෝගියකුගේ චිත්තසංථානය තුළ ”නව පාමොජ්ජ” මූලික ධර්මයන් ප්‍රගුණ වෙන ආකාරයද මෙහිදී පෙන්වා දීම කළ යුතුමයි.
රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ අනිච්චා, දුක්ඛා, අනත්ථා වශයෙන් භාවනා කර නිච්ච සුඛ, අත්ථ සංඥා ප්රහාණය කිරීමේදී
1. අනිච්චතෝ මනසිකරෝතෝ – පාමොජ්ජං ජායති (සිතෙහි ප්‍රමෝදය ජනිත කරවයි).
2. පමුදිතස්ස – පීතිං ජායති (ප්‍රමෝද වූ සිතෙහි පීතිය ජනිත වෙයි).
3. පීතිං මනස්ස – කායෝ පස්සම්භතී (කය සංසිඳෙයි) කායානුපස්සනාව වැඩෙයි’
4. පස්සද්ධිකායෝ – සුඛං වේදති (කායානුපස්සනාවෙන්, වේදනානු පස්සනාවද වැඩෙයි).
5. සුඛිනෝ චිත්තං සමාධියතිි ( චිත්තානුපස්සනාව ද වැඩෙයි).
6. සමාහිතෝ චිත්තෝ – යථාභූත ඥාණ දස්සනං ජායති පස්සති.
7. යථාභූතං ජානං පස්සං නිබ්බින්දති (නිර්වේදයට, නොබැඳීමට පත්වෙයි).
8. නිබ්බිංදං විරජ්ජති (රාගයෙන් වෙන් වී, විරාග තත්ත්වයට පත්වෙයි).
9. විරාගං විමුච්චති (විමුක්ති ඥාණ දර්ශනයට පත්වෙයි).
මෙහි පෙන්වා වදාළේ විපස්සනා භාවනා (අනිච්ච දුක්ඛ අනත්ථ) කර්මස්ථානයන් දිගටම භාවනා කරගෙන යෑමේදී සතර සතිපට්ඨානයෙහි පිහිටා විමුක්ති ඥාණ දර්ශනයට පත්වෙන නිවැරදි නිවන් මාර්ගයයි. සෑම කෙනෙකුම මේ නිවැරදි මඟ අනුගමනය කරමින් නිවන් සුවය අත්විඳ ගන්නටම ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.
”අභිඤ්ඤෙයියං අභිජානන්තෝ
පරිඤ්ඤෙයියං පරිජානන්තෝ
පහාතබ්බං පජහන්තෝ
භාචේතබ්බං භාවෙන්තෝ
සච්ජිකාතබ්බං සච්ජිකරොන්තෝ
තස්ස තං මග්ග ආසේවතෝ, භාවයතෝ, බහුලීකරෝතෝ සංයෝජනා පහියන්තී, අනුසයා ඛ්‍යයන්තීහොන්තී ති”
ලෝකයේ උපතක් ලබන සත්ත්වයින්, භූතයින්, ප්‍රාණීන් අතුරින් මනුස්සයින් ලෙස හඳුන්වන කොටසට පමණක් සෘජුවම මේ උතුම් බුද්ධ ධර්මය අසා ශ්‍රවණය කර, අනුගමනය කර, අත්විඳ ගැනීමෙන් නිවන් අවබෝධය ලැබීමට හැකියාව හා ශක්තිය ලබා ඇත. මේ ශක්තිය, මනස, යෝනිසෝමනසීකරණීය ශක්තිය උපතින්ම සෑම මිනිසකුම ලබා තිබුණත් මේ ශක්තිය, හැකියාව නිවැරදි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට නම් කළ්‍යාණ මිත‍්‍රයකුගෙන්ම පරම පවිත්‍ර බුද්ධ ධර්මය අසා දැනගත යුතුයි . වෙනත් කිසිම සත්ත්වයකුට මනස උසස් තත්ත්වයකට පත් කර ගැනීමටත් මනීන්ද්‍රිය පාවිච්චි කිරීමටත් හැකියාවක් උපතින් ලබා නැත. ”දෙවි දේවතාවන්ට මේ ශක්තිය ලැබී නැද්ද?” යන්න ඔබට ගැටළුවක් පැන නැගිය හැකිය. දෙවි දේවතා කොටස් වලටත් මේ ශක්තිය හැකියාව ලබාගන්නට නම් ඒ අයටත් අරිය උත්තමයකු විසින් දේශණා කරනු ලබන ධර්මය ශ්‍රවණය කරන්නට හැකිසේ මනුස්සාවේශයක් ගත යුතුයි. එනම් මිනිහකුගේ කටහඩ අසා ගන්නට හැකි පරිදි කන් යොමු කර මනුස්සාවේශයට පත් විය යුතුයි. දෙවියන්ටත් ඒ ආකාර වූ ශක්තියක් හැකියාවක් ලැබී තිබේ. මේ හේතුව නිසා ධර්ම දේශණාවකදී පළමුව ”සමන්තා චක්ඛවාලේසු” යනුවෙන් දෙවියන්ට ආරාධනා කරනු ලැබේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් පහත ගාථා පේළි වලින් එය මනාව දැක ගත හැකියි.
”භුම්මා දේවා සද්ද මනුස්සාවේසුං”
චාතුර්මහා රාජිකා දේවා සද්ද මනුස්සාවේසුං
ආදී වශයෙන් සෑම දෙව්ලොවකටම වෙන් වෙන් වශයෙන් ධර්මය ඇසීම සඳහා කන් යොමු කරන ලෙසට කරන ලද ආරාධනය ”සද්දා මනුස්සාවේසුං” යනුවෙන් දක්වා ඇත. බුදුපියාණන් වහන්සේ මනුස්ස කටහඬින් දේශණා කරනු ලබන ධර්මය ශ්‍රවණය කිරීමට හැකිවන ලෙසින් අවේශය වෙනස් කර කන් යොමු කරන ලෙස දෙවියන්ට ආරාධනා කළ වදාළහ. එසේ නොවුණානම් දෙවියන්ට ධර්මය අසා තේරුම් ගැනීමට නොහැකි වේ.
නමුත් සෑම මිනිහෙකුට ම උපතින් ම මනසක් ලැබී ඇති නිසා තවත් මිනිසෙකු ප්‍රකාශ කරන දේ අසා තේරුම් ගැනීමටත් අවබෝධ කරගැනීමටත් හැකියාවක් ශක්තියක් ලබා ඇත. ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යන සත්‍යාවබෝධය ලබා ගැනීමට සෑම මිනිසෙකුට ම ශක්තිය හා හැකියාවක් උපතින්ම උරුම වී ඇත.එම නිසා අද මිනිසත් බවට පත් වී සිටින ඔබ සැම මේ උතුම් ධර්මය අසන්නටත් අද වාසනාවන්ත වී සිටින බව තේරුම් ගත යුතුයි.
මේ මනුස්සකම ලැබුවේ අනන්ත අප්‍රමාණ කාලයකට පසු විය හැකියි. මනුස්සයකු ලෙස උපත ලැබූ කෝටි ගණනක් අතුරෙන් බෝහෝම සුළු පිරිසකට පමණක්ම මේ උතුම් බුද්ධ ධර්මය අසා තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. එම නිසා මේ ලැබූ දුර්ලභ අවස්ථාව උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගෙන මනස යොමු කර මේ ධර්මය අසා දැන, අනුගමනය කිරීමට පසුබට නොවිය යුතුයි.
අසන, ශ්‍රවණය කරන ධර්මය යෝනිසෝමනසිකාරයෙන්ම විමර්ශණය කළ යුතුයි. කවුරු හෝ කියූ නිසා මේ සියල්ලම අන්ධ භක්තියෙන් පිළිගැනීම යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය දැන ගැනීම නොවේ. යෝනිසෝමනසිකරණය යනු අසා දැනගත් දේ මනසින් විමසා බැලීමයි. සති සම්පජානකාරී වීම යනුද යෝනිසෝමනසිකරණ ශක්තියයි. එනම් අසා දැනගත් ධර්ම කාරණා හේතුඵල දහමට බහා ගළපා බැලීමයි. යම් හේතුවක් නිසා පටිච්ච වීමක් සිදු වී නම් හේතුව අත්හැර නිදහස් විය යුතුයි. හේතුව නිදහස් වීමක් නම් නොඇලෙන, නොගැටෙන මුළා නොවන්නක් නම් එය භාවිතා කිරීම ආශ්‍රය කිරීම නිවනට මඟයි. මේ අනුව සතිපම්පජානකාරී වන කෙනෙකුට සතර සතිපට්ඨානයෙහි ම පිහිටා සතර ඉරියව්වෙන් ම දිනයේ පැය විසිහතර පුරාම සතියෙන් ක්‍රියාකිරීමට හැකියාව ලැබේ.
කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යනු ඇලෙන, ගැටෙන, මුළා වන ක්‍රියාවලින් වෙන් වී එවන් ක්‍රියා, සිතුවිලි, වදන් වලින් ඉවත් වී ඒවා ඉවසා, විමසා උපේක්ඛා සිතින් සළකා බැහැර කර සැනසීම ලබා ගැනීම මිස වෙනත් ප්රතිහාර්ය පෑමක් නොවෙයි. මේ අනුව ”සතියෙන් යුතුව ක්‍රියා කිරීම යනුවෙන් ධර්ම විග්රහයේ සඳහන් ප්‍රකාශය හොඳ සිහියෙන් ක්‍රියා කිරීමට යන අදහසට වඩා බලවත් වෙනසක් සහිත ප්‍රකාශයක් බව සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි. ඕනෑ ම කපටි, කෛරාටික වැරදි වැඩක් කිරීම සඳහාත් කෙනකුට හොඳ සිහියක් අවශ්‍ය වේ. නමුත් සතියෙහි පිහිටා හේතුඵල දෙකම දැන ක්‍රියා කරන කෙනකු තමාටම ආපසු අනිසි ප්‍රති විපාක උරුම වන පව්කාරකම්, ළාමක දේ කිසි විටකත් නොකරයි. සතියෙහි පිහිටා ක්‍රියා කීරීමේ ධර්ම අර්ථය හොඳ සිහියෙන් ක්‍රියා කිරීම යන්නට වඩා ඉතා ගැඹුරු බව දැන ගත යුතුයි.
සතියෙහි පිහිටා ක්‍රියා කිරීමටත්, භාවනා කිරීමටත් ”ද්වතා” ධර්මතාවය පිළිබඳව තරමත් දුරට හෝ අවබෝධයක් ඇති කර ගත යුතුමයි. සෑම සංඛතයකම සෑම සංකල්පනාවකම දෙපැත්තක් තිබේ. ප්‍රිය දේ, අප්‍රිය දේ, හොඳ දේ, නරක දේ, කළු ධර්ම, සුදු ධර්ම, පින් පව්, කුසල් අකුසල්, සුව අසුව, ලාභ අලාභ, දුක සැප ආදී වශයෙන් ඕනෑ ම දෙයක දෙපැත්තක් ඇති බව කුඩා දරුවකුට පවා තේරුම් ගත හැකි සරළ දෙයකි.
පෘථග්ජන පුද්ගලයෙකු නිතරම උනන්දු වන්නේ ප්‍රිය දේට ඇලීමට, අප්‍රිය දේ සමඟ ගැටීමට, අප්‍රිය දේ ප්‍රතික්ෂේප කර ලාභ දේ ඇතුළට ගැනීම හා අලාභ දේ බැහැර කිරීම සඳහායි. හොඳයි යනුවෙන් තීරණය කරනු ලැබූ දේ සමඟ එකතු වීමටත් නරකයි යනුවෙන් තීරණය කළ දේ ඉවත් කිරීමටත් සැම විටම ක්‍රියා කරති. එවන් පෘථග්ජන පුද්ගලයෙකු ප්‍රිය දෙයක් පිළිබඳව හේතුඵල ධර්මතාවය නොදකී. ප්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵලවිපාක ගැන සොයා කටයුතු නෙකරයි. බොහෝ විටම ප්‍රිය ගතිය යනු තමා තුළම ඇති සංසාර පුරුද්දක් බව පෘථග්ජන පුද්ගලයා නොදනී. ඒ ප්‍රිය බව විඤ්ඤාණය ආහාර සොයා ගැනීම සඳහා ම ඇටවූ උගුලකි. මේ බව තේරුම් ගත නොහැකි පෘථග්ජනයා මේ උගුලේ පැටලී මුළාවට පත් වී සංසාරයට බැඳෙති. ප්‍රිය දේම උපාදානය කරගැනීමට වෙහෙසෙති.
පෘථග්ජන පුද්ගලයෙකු ප්‍රිය, අප්‍රිය යනුවෙන් මිම්මක් තම තමන්ට ම පෞද්ගලික වූ මානයක් ඇති කරගෙන ක්‍රියා කරති. මේ මැනීම මේ මිම්ම සැමටම සර්ව සාධාරණ වූ පොදු මිම්මක් නොවේ. මේ මිම්ම තමන්ට රිසි ආකාරයට ගොඩනඟා ගත් ප්‍රිය, ලාභ හොඳ මිම්මකි. ප්‍රිය දෙයට ඇලීම නිසා හෝ අප්‍රිය දෙයක් සමඟ ගැටීම නිසා හෝ තමාගේ ම චිත්තසංථානය තුළ සිදුවන විපර්යාසය, කිළිටි වීම ඔහුටම දැක ගැනීමට නොහැකි වීම නිසාම මෙවන් ප්‍රිය දේට ඇලීමත්්, අප්‍රිය දේ සමඟ ගැටීමත්, ප්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵල විපාකයත්, තමන් උපාදානය කරගන්නා පංච උපාදානස්කන්ධය තමාටම උරුම කර දෙන සංසාර බරත්, සංසාර බැම්මත්, සංසාර භයත් ඔහුටම දැක ගැනීමට නොහැකි වේ. හිතේ මුල් බැස ගෙන පවතින ප්‍රිය දේට ඇලීමේ ගතිය ඊට වඩා බලවත් වීම නිසාම තමාට උරුම වන ඵල විපාක නොපෙනී යයි.
මේ ගතිය හැඟීමට වහල් වී ක්‍රියා කිරීමයි. විචිකිච්චාවෙන් ක්‍රියා කිරීම යන පෘථග්ජන ගතිය පටිඉචිච වීම යනු මෙයයි. මේ පුරුද්ද තමන්ම අතීතයේ එකතු කරගත් තම චිත්තසංථානයේ ම ගබඩා කරගත් ගති පුරුදු වේ. මේ ගති පුරුදු වලට සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම දෘෂ්ඨි ගත වීම නිසා නිරන්තරයෙන්ම ක්‍රියා කරනු ලබන්නේ් අන්තවාදී දෘෂ්ඨියකිනි. තමන්ට යම් ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ නිසාම සක්කාය දිටිඨියත්, මිච්ඡුා දිට්ඨියටත් පත් වේ. භව දෘෂ්ඨිය, විභව දෘෂ්ඨියටත් පත් වේ. මේ නිසා පෘථග්ජන ලෝකයා නිරතුරුවම තමාගේම ලෝකයක් නිර්මාණය කරගෙන ලෝකස්වාදයක් විඳීමේ, ලෝකාස්වාද දෘෂ්ඨියකින් ක්‍රියා කරති. එනම් සැප හඹා යමින් දුකම උරුම කරගැනීමයි. මේ පරම සත්‍යය දැක ගන්නට නොහැකි වන ලෙසින් ඒ ඒ පුද්ගලයාගේම මනස ප්‍රිය, අප්‍රිය යන ගති වලින්, පුරුදු වලින් වැසී මුවහ වී පවතී. ප්‍රිය, අප්‍රිය යන අන්ත දෙකටම අන්තගාමී ලෙසින් නොඇලී, නොගැටී, උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක්රියාකරන්නට පුරුදු වීම, පුහුණු වීම නිවනට මඟය. ඇලීමෙන්, ගැටීමෙන් හා මුළාවෙන් මිදීමම නිවැරදි මඟයි. පිරිසිඳ දැක ක්‍රියා කිරීමට පුරුදු වීම සතියේ පිහිටා සති සම්පජානකාරීව ක්‍රියා කිරීම නිදහස් වීමේ මාර්ගයයි.
පෘථග්ජන ලෝකයාගේ දැනුම ඒ ඒ පුද්ගලයාගේ ම ප්‍රිය අප්රියතාවය අනුවම ඊටම සීමා වූ එකකි. ඒ නිසා කෙනෙක් යමක් පිළිගන්නේ හෝ තේරුම් ගන්නේ හෝ ඒ ගැන හොයන්නේ බලන්නේ හෝ එය ප්‍රිය මනාප දෙයක් නම් පමණි. ලෝකයේ වාසය කරන මිනිසුන් දෙදෙනෙකුට එකම දෙයක් පිළිබඳව දෙයාකාරයකින් දැකගන්නට, තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට නොහැකි වීමේ හේතුව මේ ප්‍රිය, අප්‍රිය, මනාප, අමනාප යන අන්තවාදී ගති ලක්ෂණයි. හුරු පුරුදුයි. මේ ප්‍රිය අප්‍රිය, මනාප අමනාප යන අන්තවාදී ගති ලක්ෂණ නිසා කෙනෙකුගේ චිත්තසංථානය කිළිටි වේ. චිත්තසංථානය කිළිටිවීමත් සමඟම මනස මුවහ වී මෝහය යනුවෙන් හඳුන්වනු ලබන ගති ලක්ෂණය නිසා මනසීකරණීය ශක්තිය දුර්වල වේ. එම නිසා ප්රියතාවයෙන් ඇලීමත්, අප්රියතාවයෙන් ගැටීමත් යන අන්ත දෙකම මනස මුවහ කරන කළු ධර්ම වේ. එවන් ගති කෙළෙස්, අකුසල් යනුවෙන් හඳුන්වනු ලබයි. සරළව විග්රහ කරනවා නම් මේ සියල්ල කුණු ගොඩකි.
මේ අනුව පෘථග්ජන ලෝකයා හොඳය, යහපත්ය, සැපය, සුවයක්ය යනුවෙන් හිතන සියලු දේ, ඒ ඒ පුද්ගලයාගේ සංසාර පුරුද්දට අනුව ඒ ඒ පුද්ගලයාට ම ආවේණික වූ ප්‍රිය දේ හා අප්‍රිය දේ මිස ඒවායෙහි කාටත් පොදු පරම සත්‍යයක් නැති බව තේරුම් ගත හැකියි. මේ ප්‍රිය දේට අන්තගාමී ලෙසින් ඇලීම නිසාත්, අප්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීම නිසාත් සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම සංසාර ගමන යාමට හේතු වන, උපකාර වන සමුදය, කර්ම බීජ තමන් ම සකස් කර ගනී. මේ අනුව රාග, ද්වේෂ, මෝහ යන ගති තුන එනම් කළු ධර්ම, කෙළෙස් නැත්නම් කුණු ගති මෙසේ කර්ම බීජ සකස් කිරීමට හේතු වේ.
එසේම රාගක්ඛ්‍යය, ද්වේෂක්ඛ්‍යය, මෝහක්ඛ්‍යය කිරීම සඳහා උපකාර වන සියලුම ක්‍රියාකාරකම් කුසල් ධර්ම ලෙසත් ධර්මයේම විග්රහ වේ. විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලැබූ සෑම කෙනෙක් ම කළු ධර්මත්, සුදු ධර්මත් ක්‍රියාත්මක කරමින් හොඳ නරක දෙයාකාරයේම ඵල විපාක උරුම කර ගනී. රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්ම සිතක උපත ලැබීමට මුල් වූ ක්‍රියාකාරකම් හා රාගක්ඛ්‍යයට, ද්වේෂක්ඛ්‍යයට, මෝහක්ඛ්‍යයට හේතුවූ කුසල් ධර්ම සිතක උපත ලබන ක්‍රියාකාරකම් යන ද්වයතාවයම නිවැරදිවත් පූර්ණ ලෙසත් තේරුම් ගැනීම චතු අරිය සත්‍යයයන් තේරුම් ගැනීමටත් උපකාර වේ.
සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම ජීවත් වීම යනුවෙන් අර්ථ ගන්වන්නේ කළු ධර්ම ඉපදීම සඳහා සංඛාර ක්‍රියාත්මක කරමින් කුණු එකතු කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වීමයි. එසේම සුදු ධර්මයන් ක්‍රියාත්මක කරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගතිගුණාංග නිරාමිස, නිරාසව, වීතරාගී, වීතදේසී, වීතමෝහී යන ක්‍රියාකාරකම් වලත් නිරත වේ. තම මනස අපිරිසිදු නම් මෝහය, මුළාව සිතේ පවතී නම් කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තෝරා බේරා දැන හඳුනාගෙන, සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට දැනීමක් නැතිකම නිසා අතරමං වූවන් සේ සැප හඹා ගොස් දුකම උරුම කරගනී.
මනසේ ක්‍රියාවලිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මැනීම, පෙරීම, තෝරා බේරා හොඳ නරක වෙන් කිරීමේ ශක්තියයි. මේ සඳහා මනායතනය උපකාර නොවන අතර ”මනීන්ද්‍රිය”උපකාර වන බව තේරුම් ගත යුතුයි. මනායතනය ලෙස මනස ක්‍රියාත්මක වනතාක් එතැනදීත් විඤ්ඤාණයට ම (ආහාර) කුණු එකතුකර ගැනීමටම මනායතනයත් උපකාර වේ. මනස ඉන්ද්‍රීයයක් වශයෙන් ක්‍රියාත්මක වන විට පමණක්ම කෙනෙකුට යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරීමේ ශක්තිය හා හැකියාව ලැබේ.
එසේ නම් කළු ධර්ම එකතු කිරීම නිසා චිත්තසංථානය කිළිටි වන බවත්, මනස වැසී අඳුරු වී යන බවත් සුදු ධර්ම ඇතුළට ගැනීම නිසා චිත්තසංථානය පිරිසිදු වී මනස ශක්තිමත් වන බවත් දකී. සුදු ධර්ම නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වේ. ප්‍රඥාව දියුණු වේ. අරහතුන්වහන්සේ කෙනෙකු තුළ විඤ්ඤාණ ශක්තියක් ක්‍රියාත්මක නොවේ. රාග, ද්වේෂ, මෝහ එකතු කරන ක්‍රියාකාරකම් එනම් අවිද්‍යා සංඛාර නොකරයි. පංචස්කන්ධය පරිහරණය කළත්, භාවිතා කළත් පංචස්කන්ධය උපාදානය කර නොගනී. ඒ අනුව අරහතුන්වහන්සේ කෙනෙකු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්රියයන් හයම භාවිතා කළත් ඒ කිසි ම ඉන්ද්‍රියයක් ආයතනයක් බවට පත් කොට කුණු (රාග, ද්වේෂ, මෝහ) එකතු කරන්නට ක්‍රියා නොකරයි. අරහතුන්වහන්සේගේ ඉන්ද්රියයන් හයම සංවර වී ඇත.
අතීතයේ කවදා හෝ තමන් ම කළු ධර්ම තම චිත්තසංථානය ඇතුළට නොගත්තේ නම් අද තමන්ට ම විඤ්ඤාණයෙන් කටයුතු කරන කෙනෙකු ලෙස මෙවැනි උපතක් ලබා ජීවිතයක් ගත කළ නොහැක. අතීතයේ කවදා හෝ සුදු ධර්ම ස්වල්පයක් හෝ චිත්තසංතානය තුළට නොගත්තේ නම් අද තමන්ට ම මනසක් ලැබී මේ ආකාරයට මිනිසෙකු ලෙස මනීන්ද්‍රිය භාවිතා කිරීමේ හැකියාවද නොලබයි.
මේ අනුව කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් නිවැරදිව ම දැන හඳුනාගෙන, තෝරා බේරා ගැනීමේ ශක්තිය හැකියාව දියුණු කර ගැනීම ධර්මාවබෝධය ලැබීම යනුවෙන් හඳුන්වයි. කළ්‍යාණ මිත්‍රයෙක් යනු, කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම යනු කළු ධර්ම පෙන්වා දී ඒවා නසා දැමීමට, ප්රහාණය කිරීමට, නිවැරදිව මඟ කියා දිය හැකි උත්තමයාටයි. කළ්‍යාණ යනු ”කළු නසන” යන අර්ථයයි. කළ්‍යාණ මිත්‍රයෙක් කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් පිරිසිදුව, පැහැදිළිව වෙන් කර පෙන්වා දී කළු ධර්ම ප්රහාණය කිරීමට හා සුදු ධර්ම ආශ්‍රය කිරීමටද නිවැරදිව මාර්ගය පෙන්වා දෙයි. ඒ නිසා කළ්‍යාණ මිත්රයකුගෙන් ම පරම පවිත්‍ර බුද්ධ ධර්මය ම අසා දැන, ඊට පසු මේ මඟ නිවැරදිව අනුගමනය කිරීමෙන් තමන්ගේ ම චිත්තසංතානය පිරිසිදු කර, ප්‍රඥාව උපදවා පහදා ගෙන, භව උදුරා දමන්නටත් ක්‍රියා කළ හැකි වේ.
යම් කිසි මිනිසකුගේ මනස අපිරිසිදු නම්, මනායතනය ක්‍රියාත්මක වේ නම් ඔහුට ද්වතාවය ධර්මය තේරුම් ගත නොහැක. කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තේරුම් ගැනීමට නොහැකි නිසා ඔහු කුණු එකතු කර තව තවත් චිත්තසංථානයේ කෙළෙස් පුරවා ගනී. කළු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමත් සමඟම මනස වැසී මෝහයෙන් මුළා වී සත්‍යාවබෝධය දුරස් වේ.
ප්‍රඥාව යනු චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් කළු ධර්ම ප්රහාණය කර ඉවත් කිරීමේ හැකියාවයි. ප්‍රඥාව ක්‍රියාත්මක වීමට නම් පඤ්ඤා ඉන්ද්‍රියම ක්‍රියාත්මක විය යුතුයි. මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමඟම ශ්‍රද්ධා ඉන්ද්රිය, වීර්ය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය යන ඉන්ද්රිය ධර්මයන් සිත තුළම ක්‍රියාත්මක වී පඤ්ඤා ඉන්ද්රිය ක්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප්රහාණය කර ආසව, අනුසය ඛය කර අස්කර දමන්නටත් ශක්තිය ලැබේ.
තමන්ගේම මනස කිළිටි කර ගැනීමෙන් මනස, මනීන්ද්‍රිය ලෙසින් ක්‍රියාත්මක නොවීමත්, එසේම මනස පිරිසිදු කිරීමෙන් මනීන්ද්‍රිය වාගේම පඤ්ඤා ඉන්ද්‍රියත් ක්‍රියාත්මක කිරීමට හැකි ශක්තිය ලබා ගන්නෙත් තම තමන්මය. මනස මුවහ වූ තරමට චිත්තසංථානයේ කුණු ගබඩා වූ තරමට කෙනෙක් දුක් විඳියි. උපාදානය කර ගන්නා දේ වල සීමාවක් ද නොදනී. ඒ උපාදානය කර ගන්නේ ම කුණු ගොඩවල් බවත් ඒවා සංසාර බරක් බවත් නොදනී. නොදකී.
කුණු ඉවත් කර අස් කර හිත නිදහස් වූ තරමට ම තමන්ටම නිදහස ලැබේ. තමන් දුක් විඳීමෙන් බැහැර වේ. සත්‍යාවබෝධය පූර්ණ වේ. ප්‍රඥාව ක්‍රියාත්මක වේ. ආසව, අනුසය ඛය කිරීමෙන් සංයෝජන ප්රහාණය වේ. නිවන යනු මෙසේ අතීතයේ තමන් එකතු කරගත් කෙළෙස් තමන්ගේම චිත්තසංථානයෙන් සේසයක්වත් ඉතිරි නොවන්නට ප්රහාණය කර ඉවත්කර දැමීමටයි. මෙතැනදී රාග විරාගයත්, අවිද්‍යා විරාගයත් යන දෙයාකාරයෙන්ම චිත්තසංථානය පිරිසිදු කරගත යුතුයි. චිත්තසංථානය කෙළෙස් රහිත වූ තත්ත්වයටම පිරිසිදු කර ගැනීමත් සමඟම විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤත තත්ත්වයටත් ප්‍රඥා ශක්තිය පූර්ණ තත්ත්වයටත් පත්කර ගැනීම අරහත් ඵලයට පත්වීමයි. එසේ නම් නිවන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී සිතක් බවට තමාගේම සිත විමුක්තියට පත් කර ගැනීමයි නිදහස් කර ගැනීමයි.
එසේ නම් ඔබේම සිත ඔබම කිළිටි කර ගන්නේ ප්‍රිය දේට අන්තගාමී ලෙස ඇලීමෙනුත්, අප්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීමෙනුත් බිහි වන මුළා ගතිය නිසා ම බව නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
ඔබේ සිත තුළ තැති ගැනීමක්, චලනයක්, නොසන්සුන්කමක්, කම්පනයක් ඇති වන්නේ මේ මුළාව නිසාමයි. මුළාව නිසාම මානයක්, මමත්වයක් සිතක ඇති වේ. මානයෙන් සිත මත් වීම නිසා කෙනෙකු තුළ අවිද්‍යාව පහළ වේ. මානය නිසාම කෙනෙකු තුළ තණ්හාවද ඇති වේ. මේ ”මම” යන දෘෂ්ඨිය මුළා දෘෂ්ඨියකි. මායාවකි. තමන්ම ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගැනීම නිසා බිහි කරගත් මුලා දෘෂ්ඨියක් මිස මම, මාගේ, මාගේ ආත්මය යනුවෙන් අල්ලා ගැනීමට, දිගටම පවත්වා ගැනීමට හැකි කිසිම දෙයක් මේ පැවැත්ම තුළ නොපවතී. මේ පැවැත්ම යනු, ජීවත් වීම යනු තමන්ම කරන, කියන, හිතන හේතුඵල පරම්පරාවකට පටිච්ච වීම නිසා බිහි කරගන්නා ඵලවිපාක පරම්පරාවක් උරුම කරගැනීම හා ඒ ඵලවිපාක සංසාරයි යැයි යන මිථ්‍යා දෘෂ්ඨියෙන් උපාදානය කර ගැනීමයි.
සම්මා දෘෂ්ඨියට පත් වීම යනු මෙසේ එකතු කර ගැනීමේ ක්‍රියාවලිය දැක, හේතුඵල පරම්පරාවක් තමන්ම තම චිත්තසංථානයෙන්ම සකස් කර ගන්නා බව නිවැරදිවම දැක, ඒ හේතු පරම්පරාවටමත් පටිච්ච නොවී, ඉන් මිදී, ඵලයෙන්ද නිදහස් විය හැකි බව දැකීමයි. ඒ මිස හොඳ යහපත් දේ අල්ලා උපාදානය කර ගැනීමක් සම්මා දිට්ඨිය යන පදයෙන් ධර්ම අර්ථ නොගැන්වේ. හොඳ, නරක දෙක ම පවතින්නේ් උපදින්නේ මේ හදාගත් ලෝකය තුළමයි. ඒ දෙකම ලෞකිකයි. එම නිසා මිච්ඡ දිට්ඨියෙන් මිදී ඊළඟට ලෞකික සම්මා දිට්ඨියෙනුත් මිදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම නිවනයි.
ප්‍රිය දේකට බැඳුණු විට (පටිච්ච වීමෙන්) ප්‍රිය මනාපයැයි තමා තීරණය කරගත් දේ, ඒ ප්‍රිය ආකාරයෙන්ම එක දිගටම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක්, කැමැත්තක් සෑම පුද්ගලයකු තුළම හට ගනී. මේ ගතිය ”නිච්ච සංඥාව” යන පදයෙන් විග්රහ වේ. මේ ”නිච්ච” වීම තමන්ගේ සිතේම හටගත් ”නිච්ච සංඥාවක්” නිසා සෑම පෘථග්ජන පුද්ගලයකුම තමන් ප්‍රිය කළ දේ තුළින්ම තම ඉන්ද්‍රියන් පිනවීමක් ද බලාපොරොත්තු වේ. මේ ආමිස සැපය, ආමිස සුවය, ඉන්ද්රිය පිනවීම යන ගති ලක්ෂණයයි. මේ වාගේ ඉන්ද්රියයන් පිනවීමෙන් යම් සැපයක් විඳගන්නට තමාම බලාපොරොත්තු වීමත් සමඟම, පෘථග්ජන පුද්ගලයකු තුළ මමත්වය ඇති වේ. ”සැප විඳගන්නේ” ”මමයි” යන අන්තවාදී දෘෂ්ඨියටත් පත් වේ.
චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං,
තින්නං සංගති පස්සෝ,
සං පස්ස ජා වේදනා
වේදනා පච්චයා තණ්හා, උපාදාන, භව
ඇසට ප්‍රිය රූපයක් අරමුණු වීම නිසා ඇසත්, ප්‍රිය රූපයත්් පටිච්ච වීමෙන් චක්ඛු විඤ්ඤාණයක් (රූපය උපාදානය කරගැනීමේ බලාපොරොත්තුවක්) සිතේ හටගනී. ඇස, ප්‍රිය රූපය හා ඒ රූපය පිළිබඳව ඇති වූ විඤ්ඤාණය, බලාපොරොත්තුව (තින්නං සංගති පස්සෝ) එකට ස්පර්ෂ වීම නිසා ”සංපස්සජා වේදනා” යන ප්‍රිය වේදනාවක්, වින්දනයක් සිතේ ජනිත වේ. මෙවන් ප්‍රිය වේදනාවක් සිතේ ජනිත වීම යනු තමාගේම මන පින වීමට, ඇස පින වීමට එම රූපය උපාදානය කර ගැනීමේ අවශ්‍යතාවයක් බලවත් සේ සිතෙහිම හට ගැනීමයි. උපාදානය කර ගැනීමත් සමඟම ”භව” තත්ත්වයට පත් වීමෙන් කර්ම බීජ සකස් වේ. නැතිනම් සමුප්පාද ක්‍රියාවලියක් පූර්ණ වේ. සමුදය ධර්මයක් සැකසී බිහි වේ. සමුදය බිහි වීමෙන් පසු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස ආදී සියල්ලමත් උරුමයෙන්ම තමන්ටම ලැබේ.
මුළින් සඳහන් කරන ලද ප්‍රිය රූපය දුටු විගසම ඒ අවස්ථාවේදීම ඒ රූපය අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව සේම අසුභ බවත් අවබෝධ කරගැනීමෙන් ඒ ප්‍රිය රූපය නිච්ච බවක්, සුභ බවක් හෝ අත්ථ වශයෙන් ගැනීමට යමක් හෝ එහි නැති බව ප්රත්යක්ෂ කර පිරිසිඳ දැකීම සඳහා රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා වශයෙන් ත්රිලක්ඛණ භාවනාව මෙනෙහි කළ යුතුයි. මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයමත් නිච්චයි, සුඛයි, අත්ථයි, සුබයි යනුවෙන් මෙතෙක් සංසාරයේ ඇති කරගෙන පැවති වැරදි පුරුද්ද නිසාම සියලු මිනිසුන් සැප හඹා ගොස් දුකම උරුම කර ගන්නා බව හතර අවස්ථාවකදී පූර්ණ වශයෙන්ම දැක සත්‍යාවබෝධ කර ගැනීම අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකීමයි. මඟඵල ලබා නිවන් අවබෝධය, සම්පූර්ණ කර ගැනීමයි.
බුද්ධ ධර්මය අසා දැන, අනුගමනය කර ධම්මානුධම්ම පටිපදාවෙහි නිරත වීම යනු අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙනුත් තමන්ම හදා ගත් ලෝකය තමන්ටම අදාළව තමා තුළින්ම යථා පරිදි දැක ගැනීමයි. පිරිසිඳ දැකීමයි. යමෙක් ලෝකය යථා පරිදි දැක ගන්නට උත්සාහ කරයි නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයම තමා තුළින්ම දැක ගත යුතුයි. තමන් ජීවත් වෙනවාය, උත්පත්තියක් ලබනවාය, කර්ම සකස් කරනවාය, පටිසන්ධි ලබනවාය, අභිනව තත්ත්වයන්ට පත් වෙනවාය, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව ආද’ ඵල විපාක ලබනවා යන මේ සියල්ලම තමාගේම ක්‍රියාකාරකම් නිසාම මිස ඉබේ සිදුවන දේ හෝ ඉබේ සිදු විය හැකි දේ හෝ නොවන බවත් නිවැරදිවම තේරුම් ගත යුතුයි.
තමා යනු කවුද? මේ ජීවත් වීම කියන්නේ කුමකටද? ජීවිත යන පදයේ අර්ථය, ධර්මය කුමක්ද? ලෝකය යනු කුමක්ද? මේ ලෝකය නිර්මාණය කර ගත්තේ කවුද? ඇයි මේ ලෝකයක් හැදුනේ? ලෝකය සාදා ගෙන මම යනුවෙන් කෙනෙක් උපදවා, බිහිකර ගත්තේ නැත්නම්, දුක් විඳින කෙනෙක් ඉන්නවාද? තමන් කිසි විටෙකත් දුකක් බලාපොරොත්තු නොවුණත් නිරතුරුවම තමාට දුකම උරුම වන්නේ ඇයි? මේ ආදී තවත් දහසක් ප්‍රශ්ණ වලට තමා තුළින්ම තමන්ට ම පිළිතුරු සපයා ගත යුතුයි. මේ ප්රත්යක්ෂ අවබෝධය හතර අවස්ථාවකදී පුර්ණ වීම නිවනයි.
එදා බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ මුළු බුද්ධ ධර්මයම දේශණා කර වදාළේ පෘථග්ජන ලෝකයාට මේ කරුණු අවබෝධ කරගැනීමටත් මෙම මායා පැවැත්මෙහි සත්‍යය ප්රත්යක්ෂ කරගැනීමට මාර්ගයත් පෙන්වා දීමේ ඒකායන පරමාර්ථයෙනි. පෘථග්ජන ලෝකයා රූපය මමයි, මාගේ රූපයයි, රූපයෙන් තොර මමෙක් නැත, මගෙන් තොර ලෝකයක් නැත, රූපය තුළ ආත්මයක් ඇත ආදී වශයෙන් තමා පිළිබඳවම ඇති කර ගත් වැරදි තීරණයක් නිසා ”මම” යන මමත්ත්ව සංකල්පයන් හිතෙන් මවාගෙන මම ”නිච්ච” බවට පත් කර ගන්නට, මම සැප, සුව, සුඛ විඳගන්නට හැම විටම මුලා වූ දෘෂ්ඨියකින් ක්‍රියා කරයි. අවිද්‍යාවට මුළාවට හා තණ්හාවට හේතුව මෙයයි.
මේ සාදාගත් ශරීර කූඩුව තුළ ක්‍රියාත්මකව පවතින ගත, හිත යන කොටස් දෙක ”වත” යනුවෙන් හඳුන්වයි. ”වත” විවිධාකාරයෙන් බෙදා වෙන් කර, කොටස් නම් කර විභංග කර පෙන් වූ එකම විද්‍යාඥයා ලොව්තුරා බුදුපියාණන්වහන්සේයි. ගත, හිත යන නාම රූප කොටස් දෙක නැවත නැවතත් විභංග කර බෙදා බලන ආකාරයත් මේ හදාගත් ශරීර කූඩුවේත්්, විඤ්ඤාණ ශක්තියේත් ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” බව පිරිසිඳ දැක ගෙන මේ පැවැත්මෙහි ඇති නිස්සාර බව පසක්කර දැක ගැනීමට උපකාර වීම සඳහා ධර්මය දේශණා කර වදාළහ. විභංග යන පද දෙක වි+වෙන් කිරීම, භංග+බෙදා බැලීීමයිි. විභංග කිරීම යනු බෙදා බැලීමයි. ”භගවත්” ගුණය යන්නත්් විභංග කර බැලීමයි. පැවැත්මෙහි සත්‍යය අවබෝධ කර ගැනීමේ පහසුව තකාම ඉදිරිපත් කරන ලද්දේත් විභජ්ජ වාදයයි. බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර දෙසිය පනහක් පමණ කාලයක් ගතවන තුරු මේ උතුම් බුද්ධ ධර්මයට ”විභජ්ජවාදය” ලෙසින්ද හැඳින්වූයේ මේ විභංග කර පෙන්වීම නිසයි. ”අනිච්ච, දුක්ඛ අනත්ථ, අසුබ” යන සංකල්ප පහසුවෙන්ම කෙනෙකුට තේරුම් ගත හැකි වන්නේ තම වතම බෙදා බලා ඇත්ත ඇති සැටියෙන් දැන ගත් විට පමණකි.
ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් ”ආචික්ඛනා දේශණා පඤ්ඤපනා, පට්ටපනා, විභජනා, විවරණා උත්තානිකම්මන්ති” යන පද වලින් ඉතාම පැහැදිළි ලෙසින් බුදුපියාණන් ලෝකයාට දේශණාකර පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යයන්, ත්රිලක්ඛණය, අෂ්ටාංගික මාර්ගය මෙන්ම මජ්ක්‍ධිමා පටිපදාව ද අවබෝධ කර ගැනීමට මේ වත බෙදා භාග කර, විභජනය කර, විවරණා කර දැකීමට උපකාර වන නිසයි.
මේ ආකාරයට තමන්ගේම ගත, හිත බෙදා බලා තමන්ම එහි යථා තත්ත්වය පරිපූර්ණ වශයෙන් දැක බලා ගැනීමට නම් අවම වශයෙන් ”භගවත්” ගුණයෙන් පෙන්වා වදාළ විභංග කිරීම යථා පරිදි අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන බෙදීම් කිහිපයක් හෝ දැනගත යුතුමයි. මේ පහත සඳහන් සියලු විභංග කිරීම් තමා තුළින්ම දැක ගන්නට උත්සාහ ගත යුතුයි.
1. ස්කන්ධ විභංගය – රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යනුවෙන් කොටස් පහකට බෙදා වෙන් කර දැක ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි.
2. පංචඋපාදානස්කන්ධ විභංගය – රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. ස්කන්ධය හා උපාදානස්කන්දය වෙන් කොට දැකිය යුතුයි.
3. ඉන්ද්රිය විභංගය – චක්ඛු ඉන්ද්රිය, සෝත ඉන්ද්රිය, ඝාණ ඉන්ද්රිය, ජීව්හා ඉන්ද්රිය, කාය ඉන්ද්රිය, මනීන්ද්‍රිය යන හය මනාව වෙන් කොට දැක ගත යුතුයි.
4. ආයතන විභංගය – චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය වෙන් කොට දැකිය යුතුයි. ආයතනය හා ඉන්ද්රියයන් වෙන් කොට දැකිය යුතුයි.
5. විඤ්ඤාණ විභංගය – චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණය, හා මනෝ විඤ්ඤාණය වෙන් කොට තේරුම් ගත යුතුයි.
6. රූප විභංගය – අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ලඟ රූප, සියුම් රූප, ඝණ රූප, ප්‍රිය මධුර රූප, ඕලාරික රූප, කටුක රූප ලෙස විභංග කර දැකිය යුතුයි.
7. රූප සංඥාව – රූප සංචේතනාව, රූප තණ්හාව, රූප චිතක්ක, රූප විචාර වෙන් කොට දැන හඳුනා ගත යුතුයි. (මේ ආකාරයට ම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණත් මේ පස් ආකාරයට ම බෙදා බලා දැන හඳුනාගත යුතුයි).
8. ධාතු විභංගය – පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය විභංග කර දැන ගත යුතුයි.
9. කේසා, ලෝමා, නඛා, දන්තා ආදි රූප කොටස් 32 පිළිබඳව බෙදා බලා දැන තේරුම් ගත යුතුයි.
10. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී කොට ඇති අට්ඨාරස ධාතු පිළිබඳවත් තමා තුළින් දැනගත යුතුයි.
11. චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන යන ඉන්ද්රියයන් හයට අමතරව ජිවිතේන්ද්‍රිය, සද්ධා ඉන්ද්රිය, වීරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය හා පඤ්ඤා ඉන්ද්රිය යන ඉන්ද්රිය ධර්ම ගැන ද දැන ගත යුතුයි. මේ සියලුු ඉන්ද්රියයන් තමා තුළ ම පවතින බව දැකගත යුතුයි.
12. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු, කාම භව, රූප භව, අරූප භව, සඤ්ඤී භව, අසඤ්ඤී භව, නේවසඤ්ඤා නාසඤ්ඤ භව ඒකවෝකාර භව, චතුචෝකාර භව හා පඤ්ඤාවෝකාර භව පිළිබඳවත් දැනගත යුතුයි.
13. පළමු වන ධ්‍යානයේ සිට සතර වන ධ්‍යානය ගැනත් (රූප ධ්‍යාන) ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ධ්‍යාන ගැනත් දැනගත යුතුයි. (අරිය ධ්‍යානයන් අරිය ධ්‍යාන ලෙසත්, අනරිය ධ්‍යානයන් අනරිය ධයානයන් ලෙසත් වෙන් කොට දැන ගත යුතුයි.)
14. ධ්‍යාන යනු චේතෝ විමුක්තිය බවත් රාග විරාගය බවත් දැනගත යුතුයි. මඟඵල යනු ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය බවත්, අවිද්‍යා විරාගය බවත්, දැනගත යුතුයි. මඟඵල ලැබීමෙන් සංයෝජන ප්රහාණය වී, ආසව අනුසය ධර්මයන් ඛය වී, ඉවත් වන බවත් දැන ගත යුතුයි. ධ්‍යානයන් ලබාගත් පමණින් ආසව අනුසය ධර්ම ඛය කිරීමට නොහැකි බවත් දැනගත යුතුයි.
15. අවිද්‍යා මූල පට්ච්ච සමුප්පාද ධර්ම අවිද්‍යාව නිසා උපදින බව දැන ගත යුතුයි. සංඛාර, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති වශයෙන් තමාගේ ම සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය තමාම දැකගත යුතුයි.
16. අවිද්‍යා මූල සංඛාර ආදී සියලුම පටිච්ච සමුප්පාද අංගයන් තම සිත තුළදීම නිර් උදා කර, සමුදය ශක්තියක් උදා නොකර නිරෝධ කළ හැකි බවත් දැකිය යුතුයි.
17. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය කුණු සළාහැර, සිතින් කෙළෙස් අස්කර දැමීමේදී කුසල මූල සංඛාර විඤ්ඤාණ, නාමරූප, සළායතන, පස්ස, වේදනා පසාදෝ, අධිමොක්කෝ, භව, ජාති යන තත්ත්වයට සිත පත්වන සැටිත් දැක ගත යුතුයි.
18. පටි+ඉච්ච+සං+උප්පන්න යන ක්‍රියාවලිය තුළින් ඉච්ච (නිච්ච) ගළවා දැමීමට එහි අනිච්ච, දුක්ඛ, අනත්ථ බව පසක් කොට දැක දුක්ඛ අරිය සත්‍යය, සමුදය අරිය සත්‍යය, නිරෝධ අරිය සත්‍යය හා නිරෝධගාමී මාර්ග අරිය සත්‍යය ද තමාම අවබෝධ කර ගත යුතුයි.
19. දුක්ඛං අභිඤ්ඤෙයිය, දුක්ඛ සමුදයං අභිඤ්ඤෙයිය, දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤෙයිය දුක්ඛස්ස ආදීනවෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤෙයිය පිළිබඳවද යථා පරිදි අවබෝධ කරගත යුතුයි. (අභිඤ්ඤෙයිය යනු උසස්ම මට්ටමකින් සත්‍යවබෝධය, පුර්ණවබෝධය ලැබීමේ යන අදහසයි.)
20. රූපං අභිඤ්ඤෙයිය … වේදනා අභිඤ්ඤෙයිය……..
සංඥා අභිඤ්ඤෙයිය ….සංඛාර අභිඤ්ඤෙයිය…
විඤ්ඤාණ අභිඤ්ඤෙයිය ….රූපං සමුදය අභිඤ්ඤෙයියං
වේදනා සමුදය අභිඤ්ඤෙයියං
රූපං නිස්සරණං අභිඤ්ඤෙයියං, වේදනා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඥා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඛාර නිස්සරණං අභිඤ්ඤෙයියං, විඤ්ඤාණ නිස්සරණං අභිඤ්ඤෙයියං මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයාගේම උපත (සමුදය), වැය, නිස්සරණය, නිරෝධය ප්රත්යක්ෂ කර දැක ගත යුතුයි.
21. මේ ආකාරයටම රූප, වේදනා ආදී පංචස්කන්ධයෝත්, ආයතනත්, ඉන්ද්‍රියයනුත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන බාහිර ආයතනයෝත් යන සියල්ලෙහි ම
1. අනිච්චානුපස්සනා අභිඤ්ඤෙයියං
2. දුක්ඛානුපස්සනා අභිඤ්ඤෙයියං
3. අනත්ථානුපස්සනා අභිඤ්ඤෙයියං
4. නිබ්බිදානුපස්සනා අභිඤ්ඤෙයියං
5. විරාගානුපස්සනා අභිඤ්ඤෙයියං
6. නිරෝධානුපස්සනා අභිඤ්ඤෙයියං
7. පටිනිස්සග්ගානුපස්සනා අභිඤ්ඤෙයියං
මේ විපස්සනා භාවනාවයි. අනුපස්සනා භාවනාවයි. තමා තුළින්ම උපත ලබන පංචඋපාදානස්කන්ධයම පිළිබඳව මේ ආකාරයට තමන් අනුපස්සනා කරමින් ත්රිලක්ඛණ භාවනාව ප්රත්යක්ෂ වන තුරුම භාවනා කළ යුතුයි. උපාදානය බැහැර කළ හැක්කේ ”නිච්ච, සුඛ, අත්ථ ” සංඥා ප්රහාණය කිරීමෙන් පමණි.
22. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී අරමුණුවලට පටිච්ච වූ චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මනෝ ආයතන වලින් සමුදය උපදී. (සං උපත ලබයි) උදය වෙයි. මේ ආකාරයට බිහි වන සමුදය උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කර ගත යුතුයි.)
1. උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කරගත යුතුයි)
2. පවත්තං අභිඤ්ඤෙයියං
3. නිමිත්තං අභිඤ්ඤෙයියං
4. ආයුහනං අභිඤ්ඤෙයියං (කර්මය සකස් වීම)
5. පටිසන්ධිං අභිඤ්ඤෙයියං
6. ගතිං අභිඤ්ඤෙයියං
7. නිබ්බත්ති අභිඤ්ඤෙයියං (අභිනව තත්ත්වය)
8. උපපත්ති අභිඤ්ඤෙයියං (නෙකඩවා උපතක් වීම)
9. ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, උපායාස අභිඤ්ඤෙයියං
23. මේ ආකාරයට ම අරමුණුවලට (රූප ආදී) ඇස ආදී ඉන්දියයන් පටිච්ච නොවුවොත් පටිච්ච වීම නිරෝධ කළහොත්”
1. අනුප්පාදෝ අභිඤ්ඤෙයියං
2. අපවත්තං අභිඤ්ඤෙයියං
3. අනිමිත්තං අභිඤ්ඤෙයියං
4. අනායුහනං අභිඤ්ඤෙයියං
5. අප්පටිසංධිං අභිඤ්ඤෙයියං
6. අගතිං අභිඤ්ඤෙයියං
7. අනිබ්බත්ති අභිඤ්ඤෙයියං
8. අනුපපත්ති අභිඤ්ඤෙයියං
9. අජාති, අජරා, අමර, අව්‍යාධි, අශෝකං, අපරිදේව, අනුපයාස අභිඤ්ඤෙයියං. අභිඤ්ඤෙයියං යනු තම සිතින් ම බිහිවෙන තත්ත්වයන් ප්රත්යක්ෂ කර ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමේ උසස්ම යථාවබෝධයයි.
24. උප්පාදෝ දුක්ඛං – අනුප්පාදෝ සුඛං අභිඤ්ඤෙයියං
පවත්තං දුක්ඛං – අපවත්තං සුඛං අභිඤ්ඤෙයියං
නිමිත්තං දුක්ඛං – අනිමිත්තං සුඛං අභිඤ්ඤෙයියං
ආයුහනං දුක්ඛං – අනායුහං සුඛං අභිඤ්ඤෙයියං
පටිසන්ධිං දුක්ඛං – අප්පටිසන්ධි සුඛං අභිඤ්ඤෙයියං
ගතිං දුක්ඛං – අගතිං සුඛං අභිඤ්ඤෙයියං
නිබ්බන්ති දුක්ඛං – අනිබ්බන්ති සුඛං අභිඤ්ඤෙයියං (අභිනව)
උපපත්ති දුක්ඛං – අනුප්පත්ති සුඛං අභිඤ්ඤෙයියං
ජාති, ජරා…දුක්ඛං – අජාති, අජරා, අමර, අශෝකං සුඛං අභිඤ්ඤෙයියං(ද්වතාවය පිරිසිඳ දැකීමයි)
25. උප්පාදෝ භයං – අනුප්පාදෝ ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පවත්තං භයං අපවත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං භයං – අනිමිත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං භයං – අනායුනහං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං භයං – අප්පටිසන්දිං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ගතිං භයං – අගති ඛෙමං අභිඤ්ඤෙයියං
නිබ්බති භයං – අනිබ්බති ඛෙමං අභිඤ්ඤෙයියං
උපපත්ති භයං -අනුපපත්ති ඛෙමං අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණං, භයං – අජාති, අව්‍යාධි, අමර, ඛෙමං අභිඤ්ඤෙයියං (ඛෙමං යනු සහනයක් අභය තත්ත්වයකි.)
26. උප්පාදෝ සාමිසන්ති – අනුප්පාදෝ නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පවත්වත්තං සාමිසන්ති – අපවත්තං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සාමිසන්ති – අනායුහනං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සාමිසන්ති – අප්පටිසන්ධිං නිරාමිසන්ති අභිඤ්ඤයියං
ගතිං සාමිසන්ති – අගති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ සාමිසන්ති – අජාති, අජරා, අව්‍යාධි අමර නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
සාමිසන්ති යනු ආමිස බිහි කරන, සමුදය බිහි කරන ගතිගුණ යන අදහසයි. මේ අනුව රාග,ද්වේෂ, මෝහ මෙන්ම කාමසව, භවාසව, දිට්ඨාසව බිහි කිරීමට මේ ආමිස හේතුවේ.
27. උප්පාදෝ සංඛාරාති – අනුප්පාදෝ නිබ්බානන්ති අභිඤ්ඤයියං
පවත්තං සංඛාරාති – අපවත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං සංඛාරාති -අනිමිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සංඛාරාති – අනායුහං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සංඛාරාති – අප්පටිසන්ධිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ගතිං සංඛාරාති – අගතිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සංඛාරති – අනිබ්බිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සංඛාරාති – අනුපපත්තිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ, සංඛාරාති – අජාති, අජරා, අව්‍යාධි, අමරණං අශෝකං, අපරිදේව, අනුපයාසං, නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
යම් කෙනෙකු යෝනිසෝමනසිකාරයෙන් මේ කරුණු අනුපස්සනා කර විපස්සනා කර තමා ගැනම අවබෝධය පූර්ණ කර ගත හොත් ”අභිඤ්ඤෙයියං” තත්ත්වයට පත් වෙනු ඇත. අවබෝධය ප්රත්යක්ෂ ලෙසින් දැක සත්‍යාවබෝධය බවට පත් කර ගත හොත් අභිඤ්ඤෙයියං යන උසස් තත්ත්වයට පත්වෙනු ඇත. අවබෝධය පරිපූර්ණ කර පරිපූර්ණ සත්‍යාවබෝධය ලබා ගැනීම නිසා ”අභිඤ්ඤෙයියං, අභිජානනත්තෝ” යන තත්ත්වයට ම පත්වීම ද සිදු වේ.
මේ ආකාරයට තමා තුළම ක්‍රියාත්මක වන හේතුඵල ධර්ම ක්‍රියාවලිය පිරිසිඳ දැක ඒ පිළිබඳව පූර්ණාවබෝධයක් ලැබූ විට,
අභිඤ්ඤාය – අභිඤ්ඤාතට්ඨෝ (උසස් අවබෝධය)
පරිඤ්ඤාය – තීරණට්ඨෝ (පිරිසිඳ දැක තීරණ ගැනීම)
පහානස්ස – පරිච්චාගට්ඨෝ (ප්රහාණය කළයුතු දේ අත්හැරීම) භාවනාය – ඒකරසට්ඨෝ (ඒකාග්ග සිතින් භාවනා කිරීම)
සච්ජීකිරියාය – දස්සනට්ඨෝ
යන පූර්ණාවබෝධය ලැබූ පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් පරිපූර්ණ ලෙසින්ම අවබෝධ කරගත් කෙනකු බවටත් පත් වේ. ආසව හා අනුසය ධර්ම ඛය කර (උදුරා, ගළවා දමා) ඉවත් කිරීමට අවශ්‍ය ආසවඛ්‍යා ඥාණය ද ලබා ගනී. අනුසය ධර්මයන් ඛ්‍යාහොන්තී, සංයෝජනා පහියන්තී යනුවෙන් පෙන්වා වදාළේ ආසවඛ්‍යා ඥාණය ලැබීමෙන් ආසව ධර්ම ගළවා ඉවත් කර, අනුසය ධර්මයන් ද ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය ප්‍රභාශ්වර තත්ත්වයට පත් කර ගැනීමත්, දස සංයෝජන ක්‍රමානුකූලව අවස්ථා හතරක දී ප්රහාණය වී යාමත් සිදු වී සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන් හා ඵලයන් සම්පූර්ණ වන ආකාරයත් පැහැදිළි කර පෙන්වා දීමයි.
මෙතැනදී පෙන්වූ උප්පාදෝ භයං, උප්පාදෝ දුක්ඛං, උප්පාදෝ සාමිසං, උප්පාදෝ සංඛාරං යන විග්රහයේදී ”උප්පාදෝ” යනු පුද්ගලයකුගේ, සත්ත්වයකුගේ සම්මත උත්පත්තිය පමණක්ම නොවේ. මොහොතක් මොහොතක් පාසාම, චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම සිතක උපත ලබන්නාවූ අරමුණු වලට පටිච්ච වීම නිසා ප්‍රිය අප‍්‍රියතාවයන්ට බැඳීම නිසා ඇලීම, මුළා වීම නිසා සිතක හේතුඵල පරම්පරාවක් උපත ලබන, පවතින, ක්‍රියාත්මක වන ආකාරයත් විග්රහ කිරීමයි.
අනුප්පාදෝ ඛෙමං, අනුප්පාදෝ සුඛං, අනුප්පාදෝ නිරාමිසං, අනුප්පාදෝ නිබ්බානන්තී යනුවෙන් විග්රහ වන්නේ චිත්තසංථානයක නිච්ච සංඥාවක්, අත්ථ සංඥාවක් නොඉපදුණොත්, සංඛාර උත්පත්තියක් පටිච්ච නොවුණොත්, චිත්තසංථානය අනිමිත්ත බවට, අප්පණිහිත බවට, සුඤ්ඤත බවට පත්වීම නිසා නිබ්බානන්තී බවට පත්වන බව පෙන්වීමටම කරන ලද විග්රහයකි. ඒ මිස දැන් ගත කරන මේ ලබා ඇති උපත අනුප්පාද කිරීමේ ක්‍රමයක් පිළිබඳව නොවේ. පංචඋපාදානස්කන්ධයම අතහැරියහොත්, සංඛාර පැවැත්වීම (එකතු කිරීම) අත්හැරියහොත්, ආසව – නිරාසව කළහොත් නිබ්බානන්ති යන නිවන් සුවයත් මේ මිනිස් ජීවිත කාලය තුළදීම අත් දැක, අත්විඳ ගත හැකි සත්‍යය වූ දෙයක් බව ප්‍රකාශ කිරීමයි. මෙතැනදී විග්රහ කර පෙන්වා වදාළේ”
”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
සෝතංච පට්ච්ච සද්ධං උප්පජ්ජති සෝත විඤ්ඤාණං
මනාච පටිච්ච ධම්මා උප්පජ්ජති මනෝ විඤ්ඤාණං”
මේ ඉහත පෙන්වා ඇති වාක්‍යවල ”උප්පජ්ජති” යන පදයෙන් පෙන්වා දුන්නේ පෙරදී විග්රහ කරන ලද උප්පත්ති යන අදහසමයි. එමනිසා පුද්ගලයෙක්, සත්ත්වයෙක් අත්විඳින සම්මත උත්පත්තියත් සම්මත මරණයත් අතර ජීවිත කාලයක් තුළ අනත්ත අප්‍රමාණ වාරයක් උප්පත්ති, උපපත්තිි, නිබ්බත්ති යන පද වලින් විග්රහ කරන ලද ”උපත්” ලබයි. එසේම ඒවා ගෙවී, දිය වී විනාශ වී යයි. ”පොනෝභවිකා” යනු පුන පුනා බිහි කිරීම යන අදහසයි.
”අනුපපත්ති යන සංඛාර නොකරන තත්ත්වය අනුව සමුදය ධර්මයෝ උපදවා නොගැනීම සඳහා ”සං” නූපදීම, නිර්උදා හේතුව කොටගෙන ලබන නිදහස, නිවන අත්විඳ ගත හැකියි. සමුදය නිරෝධ කිරීමත් – නිරෝධගාමී මාර්ගයත් නිවනයි.
මේ අනුව බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ පිරිසිදු නිවන් මාර්ගය ඒකායන අර්ථයෙන්ම ”අනුප්පාදෝ ඥාණං” මුල් කොටගත් අනුප්පාදය අවසාන පරම අර්ථය කොටගත් අනූපූරක නිවන් මාර්ගයක් ම වේ.
මේ නිවන් මාර්ගය පැහැදිළිවම, පිරිසිදුවම දැන ගැනීමත්, ඒ නිවෙන මාර්ගය යථාවබෝධයෙන්ම අනුගමනය කිරීමත්, ඒ දැනගත් මඟ තමන්ම අත්විඳ ගැනීමත් නිවනයි.
”අභිඤ්ඤාතං අභිඤ්ඤේයිය
පරිඤ්ඤාතං පරිඤ්ඤෙයිය
භාවේ තබ්බංච භාවිතං පහාතබ්බංච පහීනං
සච්චිකාතබ්බංච සච්චිකිරියා”
බුදුපියාණන්වහන්සේ ඉහත ගාථාවෙන් දේශණා කර වදාළේ අනුපුබ්බංගම නිවන් මාර්ගයි. මෙහි ”අභිඤ්ඤෙයියං අභිඤ්ඤාතං” යනු දැනගත යුතු දෙයයි. ” භාවේ තබ්බංච භාවිතං, පහාතබ්බංච පහීනං” යනුවෙන් පෙන්වා වදාළ ඉදිරි පියවර දෙක පිළිබඳව බුදුපියාණන්වහන්සේ ඉතාමත් පැහැදිළිව පහත ගාථාවෙන් ඉදිරිපත් කර වදාළහ.
”පරිඤ්ඤට්ඨේ පඤ්ඤා දුක්ඛේ ඥාණං
පහානට්ඨේ පඤ්ඤා සමුදයේ ඥාණං
සජ්ජිකිරියට්ඨේ පඤ්ඤා නිරෝධේ ඥාණං
භාවනට්ඨේ පඤ්ඤා මග්ගේ ඥාණං”
මෙහි විස්තර කරන ලද දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිණී මාර්ගය යන මේ හතර පියවරයන් පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි. මේ හතර පියවරයන් අතරින් හතරවන පියවර අවසාන පියවර එනම් මාර්ගය සම්පූර්ණ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතුව ඇති කොටස් පිළිබඳව බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළහ. පළමු වන කොටස සමථ භාවනාව ලෙසත් දෙවන කොටස විපස්සනා භාවනාව ලෙසත් විග්රහ කර පෙන්වා දී ඇත. සමථ භාවනාව හා විපස්සනා භාවනාව යනු විශාල වෙනස්කම් සහිත දෙයාකාරයක ක්‍රම දෙකකි. සමථ භාවනාවෙන් සිදු වන්නේ පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතක් සමථයකට පත් කිරීමයි. හිතේ පවතින වික්ෂෝපභාවය, එහෙම නැත්නම් උද්ධච්චභාවය, විචිකිච්චා තත්ත්වය ඉවත් කරලා හිත සමථ තත්ත්වයට ගෙන එ්ම සමථයෙන් සිදු වේ.
සමථ භාවනාවේ කොටස් දෙකක්ම භාවිතයේ ඇති බව හොඳින් ම තේරුම් ගත යුතුයි. අරිය භාවනාවක් ලෙස හෝ එසේ නැත්නම් අනරිය භාවනාවක් ලෙස සමථ භාවනාව භාවනා කළ හැකියි. අද බොහෝ තැන්වල සමථ භාවනාව වඩන්නේ අනරිය භාවනාවක් ලෙසයි. නමුත් විපස්සනා භාවනාවේ නම් මේ ආකාරයට කොටස් දෙකක් නොපවතී. විපස්සනා භාවනාව බුද්ධ දේශණාවේ පමණක් ම ඇති වෙන කිසිම ආගමක, දර්ශනයක හෝ ක්රමවේදයක නොමැති භාවනා ක්රමයකි. බුදුපියාණන්වහන්සේ් දේශණා කළ උතුම් බුද්ධ ධර්මයේ ම පමණක් මෙම විපස්සනා භාවනාව විග්රහ කර පෙන්වා ඇත. නමුත් සමථ භාවනාව බුද්ධොත්පාද කාලයකත්, අබුද්ධෝත්පාද කාලයකත් භාවිතා වේ. බුද්ධාගම පවතින, බුද්ධාගම නොපවතින තැන්වලත් භාවිතා වේ.
බුදුපියාණන් වහන්සේ උපත ලබද්දී ලෝකයේ එකම බෞද්ධයකු හෝ නොසිටියහ. නමුත් ඒ කාලයේ දී සමථ භාවනාව භාවිතයේ තිබුණි. විපස්සනා භාවනාවක් කිසිම විටකත් භාවිතා වී නොතිබිණි. සිද්ධාර්ථ බෝසත්තුමා බුද්ධත්වයට පත් වූ පසුව මේ විපස්සනා භාවනාවක් පිළිබඳව ලෝකයාට දේශණා කර වදාළහ. එසේ නම් සමථ භාවනාව බුදුපියාණන්වහන්සේ් පහළ වීමටත් පෙර සිටම තිබූ බව අප වටහා ගත යුතුයි. බෝසත්තුමා බෝධිසත්ව කාලයේ දී අවුරුදු හයක්ම දුෂ්කර ක්‍රියා කළේ මේ අනරිය සමථ භාවනාවක්ම භාවිතා කිරීමෙනි. සමථ භාවනාවක් වැඞීමෙන් පමණක්ම ධ්‍යාන ලබාගත හැකි වේ. විපස්සනා භාවනාවෙන් ධ්‍යාන ලැබිය නොහැකියි. විපස්සනා භාවනාවෙන් ලබා ගත හැක්කේ මඟඵලයි, සමාපත්තිනුයි. සමථ භාවනාව අරිය වූවත් අනරිය වූවත් එයින් ධ්‍යානයන් ලබා ගැනීම කළ හැකි බව දැන ගැනීම අවශ්‍ය වේ. නමුත් එයින් සමාපත්ති ලබා ගැනීම කළ නොහැකිය. විපස්සනා භාවනාවකින් පමණක්ම මඟඵල හා සමාපත්ති යන උසස් අංග ලබා ගත හැකිය. එම නිසා සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙක පිළිබඳව පැහැදිළිවම වෙන් කර තේරුම් ගත යුතුයි.
බුදුපියාණන්වහන්සේ පහළ වීමට පෙරත් ජන්බුද්වීපයේ ඍෂිවරුන් නොයෙකුත් අභිඥාලාභීන් සමථ භාවනා වඩා ඒ ඒ ධ්‍යානයන්ට පත් වී අභිඥා ලබා අෂ්ට සමාපත්තියට පත් වී නොයෙකුත් ඍද්ධි ප්රාතිහාර්ය පෑ අය ඒ කාලයේත් සිටියහ. ඒ නිසා එදා පැවති සමථ භාවනාවත් බුද්ධ ධර්මයට අනුගත කිරීමට ක්‍රමවේදයක් බුදුපියාණන්වහන්සේ ඉදිරිපත් කර වදාළහ. අරිය සමථ භාවනාව එම ක්‍රම වේදය තුළ අන්තර්ගත වේ.
බුදුපියාණන්වහන්සේගේ ධර්මය අසා, ශ්‍රවණය කර තේරුම් ගත් ඕනෑම කෙනෙකුගේ අවසාන ඉලක්කය ප්‍රඥා විමුක්තිය ලබා ගැනීමයි. මෙයම විද්‍යා විමුක්තිය යනුවෙන්්ද සඳහන් වේ. බුදුපියාණන්වහන්සේ බලාපොරොත්තු වූයේ ප්‍රඥා විමුක්තියට පත් වීමයි. නිවන යනු ප්‍රඥා විමුක්තියයි. සමථ භාවනාවකින් ප්‍රඥා විමුක්තියක් ලබා ගත නොහැකියි. එයින් ලබා ගත හැකි වන්නේ චේතෝ විමුක්තිය පමණි. අනරිය භාවනාවක් මඟින්ද චේතෝ විමුක්තිය ලබා ගත හැකියි. මේ අනුව සමථ භාවනාව අරිය හෝ අනරිය හෝ වුුවද මේ ක්‍රම දෙකෙන්ම චේතෝ විමුක්තිය ලබා ගත හැකිය. නමුත් ප්‍රඥා විමුක්තිය නම් ලබා ගත නොහැකියි.
විශේෂයෙන්ම පටිසම්භිදා මග්ගයේ බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ පරිදි යම්කිසි පුද්ගලයෙකු නිවන් අවබෝධ කර ගැනීමට යම්කිසි ධම්මානුධම්ම පටිපදාවක් පුරයි නම් ඒ සඳහා ක්‍රම හතරක් භාවිතා කළ හැකි වේ. ඒ ක්‍රම හතරෙන් ඕනෑ ම එකකින් හෝ එහෙම නැත්නම් ඒ ක්‍රමවලින් එකක් දෙකක් කලවම් කර හෝ ප්‍රඥා විමුක්තියත් චේතෝ විමුක්තියත් දෙකම ලබා ගැනීම කළ හැකි බව දේශණා කර වදාරා ඇත. එම ක්‍රම හතර නම්,
1. සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමය
2. විපස්සනා පුබ්බංගම සමථ භාවනා ක්‍රමය
3. යුගනද්ධ භාවනා ක්‍රමය
4. ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං ක්‍රමය
සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමයේදී පළමුව සමථ භාවනාව වඩා ඊට පසු විපස්සනා භාවනාවට මාරු වීමක් කළ යුතුයි. දෙවන ක්‍රමයේදී මුලින් සමථ භාවනාවක් වැඞීමක් නොකර විපස්සනා භාවනාවෙන්ම ආරම්භ කළ හැකියි. විපස්සනා භාවනාව මඟින් සමාධියට එහෙම නැත්නම් සමථයට පත් වීම එහිදී සිදු වේ. යුගනද්ධ භාවනාවේ දී සමථ පුබ්බංගම හෝ විපස්සනා පුබ්බංගම හෝ යනුවෙන් වෙන් නොකෙරේ. මෙහිදී සමථ, විපස්සනා භාවනා දෙකම සම්ප්රයුක්තව එකටම භාවනා කළ හැකිය. මේ හතර වන ක්‍රමය වූ විපස්සනා භාවනාව ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං යනුවෙන් හඳුන්වනු ලබන භාවනා ක්රමයකි. එය ප්‍රඥා විමුක්තිය ලබා ගැනීම සඳහා භාවනා කළ හැකි බොහොම කෙටි ක්රමයකි. මෙය ගෝචර වන්නේ ප්‍රඥාවන්තයන්ට ම පමණි. බාහියදාරුවීරිය තුමා, පුක්කුසාති රජ්ජුරුවෝ, සංතති අමාත්‍යවරයා, දබ්බමල්ලතිස්ස අරහතුන්වහන්සේ, කුමාර කාශ්‍යප හාමුදුරුවෝ වැනි බුද්ධ සාහිත්‍යයේ සඳහන් වන දාහතර දෙනෙකු, නැතිනම් පහළොස් දෙනෙකු ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං යන ක්‍රමයට නිවන් අවබෝධ කර ගෙන ඇත. එනම් ප්‍රඥා විමුක්තියට පත් වූහ. උන්වහන්සේලා කිසි විටකත් ධ්‍යාන නොවැඩූහ. සමථය නොවැඩූහ. විනාඩි ගණනක් තුළදී උද්ධච්ච විග්ගහික මානසං තත්ත්වය උදාකර ගත්හ. උද්ධච්චය, විග්ගහිත තත්ත්වයට පත් කළහ. එහෙම නැත්නම් උද්ධච්චය උදුරා දැමූහ. රාග, ද්වේෂ මුල් බොහොම පහසුවෙන් උපුටා දමන ක්‍රමයක් ලෙස මේ උද්ධච්ච විග්ගහිත මානසං ක්‍රමවේදය හැඳින්විය හැකිය.
මේ මුල් ක්‍රම තුනේදීම සමථ, විපස්සනා දෙකම භාවිතා කළයුතු බව හොඳින් තේරුම් ගත යුතුයි. මේ ක්‍රම දෙක මිශ්‍ර කර භාවිත කිරීමද කළ හැකිය. එහෙම නැත්නම් මුලින් සමථය වඩා ඊට පසු විපස්සනාව වැඞීම කළ හැකිය. එසේත්් නැත්නම් පළමුව විපස්සනාව වැඞීම කළ හැකිය. එම නිසා හැම කෙනෙකු ම පිරිසිදුවම, පැහැදිළිවම මේ සමථ හා විපස්සනා භාවනා යනුවෙන් අර්ථ ගන්වන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතු වේ. එසේ තේරුම් ගත් තරමට පමණක්ම භාවනාවක් වඩා, අනුගමනය කර, අත්දැක, ප්‍රතිඵල ලබා ගැනීම කළ හැකි වේ.
ධ්‍යාන ලැබීමට අවශ්‍ය නම් ආරම්භයේ සිටම සමථය වඩා අවසානයේදී ඒ ධ්‍යාන ලබා ගැනීම කළ හැකිය. ඊට පසු විපස්සනා භාවනාවට මාරු වීමටද හැකියාව ඇත. සිත සමථ තත්ත්වයට පත් වූ පසු එනම් උද්ධච්ච යන තත්ත්වයෙන් සිත සමථ තත්ත්වයට පත් වූ පසු විපස්සනාවට මාරු වීමටත් හැකියි. බුදුපියාණන්වහන්සේ දේශණා කළ සමථ, විපස්සනාව භවනාවන්හි ඉබේ මාරු වීමක් නොමැත. සමථ භාවනාව තුළින් ඉබේම විපස්සනාවට මාරු වීමක් සිදු නොවේ. බුදුපියාණන් වහන්සේ දේශණා කළ අරිය භාවනාව තුළ සමථයෙනුත්, විපස්සනාවෙනුත් පියවරෙන් පියවරට තමන්ගේ මනස පිරිසිදු වීම සිදු වේ. සත්‍යාවබෝධය දියුණු වේ. ඒ නිසා තමන්ගේ සිත සමථයකට පත් වූ බව තමන්ම තේරුම් ගත් විගස විපස්සනාවට මාරු වීමට ඕනෑ ම කෙනෙකුට හැකියාව ඇත. ඉබේ මාරු වන ක්‍රමයක් බුදුපියාණන්වහන්සේ් දේශණා කර වදාරා නොමැත. යථාවබෝධයෙන්ම විපස්සනාවට මාරු වීම කළ යුතු වේ.
අනරිය භාවනාවකදී නම් සමථයෙන් පසුව විපස්සනාවට මාරු විය නොහැකියි. ඊට හේතුව හිතේ පිරිසිදු වීමක් ඇති නොවන නිසයි. අනරිය භාවනාවකදී සමථය යන තත්ත්වයෙන් මත් වී සිත අසංඥ තත්ත්වයට පත් වීම සිදු වනවා මිස විපස්සනාවකට පත් නොවේ. එනම් අනරිය වූ භාවනාවක් වඩා කිසිම අයුරකින් විපස්සනාවකට මාරු වීමේ ක්‍රමයක් නොපවතී.
අරිය හා අනරිය යනුවෙන් කොටස් දෙකක් විස්තර වන්නේ සමථ භාවනාවේදීයි. විපස්සනා භාවනාව අරිය භාවනාවක් ම පමණි. ඒ කාරණය හොඳින් ම තේරුම් ගත යුතුයි. පංච නීවරණවලින් වෙන් වූ සිතක් ඇතිව සමථයකට පත් වුවොත් ධ්‍යාන ලැබුවොත් එය අරිය තත්ත්වය ආශ්‍රය කරන අවස්ථාවකි. එසේ නොමැතිව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන මේ පංචකාම නීවරණ ධර්මවලින් වෙන් නොවී ඕනෑම කෙනෙකුට සමථ භාවනාවක් කිරීමේ හැකියාව පවතී. එවිට එය අරිය භාවනාවක් නොවේ.
අරිය සමථ භාවනාවක දී නම් පළමු පියවර වශයෙන් කාමච්ඡන්දයෙන් වෙන් වීම සඳහා කාමච්ඡන්දය දුරැලීම සඳහා එය යටපත් කිරීම සඳහා නෙක්ඛම්ම භාවනාවක් භාවිතා කළ යුතුයි. නෙක්ඛම්ම තත්ත්වයට හිත පත් කරගත යුතුයි. සෑම පෘථග්ජන පුද්ගලයෙකුගේම හිතේ කාමච්ඡන්දය පවතී. ඒ තත්ත්වය දුරැුලීම සඳහා හිත නෙක්ඛම්ම තත්ත්වයට පත් කර ගැනීම සිදුකළ යුතුයි. ඒ සඳහා කර්මස්ථානයක් ගෙන භාවනාවක් ලෙස භාවිතා කළ යුතුයි.
ඊළඟට දෙවන පියවර ව්‍යාපාදය දුරැලීම සඳහා අව්‍යාපාදයට හිත පත්කර ගැනීම සඳහා භාවනා කර්මස්ථානයක් භාවිතා කිරීමයි. ව්‍යාපාදය යනු ද්වේෂයයි. ඊළඟ පියවර ථිනමිද්ධයෙන් වෙන් වීමයි. ථීනමිද්ධ යනු යම්කිසි මත් වීමකි. ඒ ථිනමිද්ධයෙන් වෙන් වී සිතේ අලෝක සංඥා මතුවන තත්ත්වයට හිත පත් වන භාවනාවක් වැඩිය යුතුයි. ඊළඟට උද්ධච්ච කුක්කුච්චයෙන් සිත නිදහස් කර අයින් වී යෑමත් සමඟ හිතේ පවතින වික්ෂෝප ගතිය ඉවත් වී අවික්ඛේප තත්ත්වයට සිත පත් වී, සමථ තත්ත්වයටත් පත් වේ. මේ පිළිබඳව තවත් විග්රහ කරනවානම් කාමච්ඡන්දයෙන් වෙන් වී නෙක්ඛම්ම තත්ත්වයට, ව්‍යාපාදයෙන් වෙන් වී අව්‍යාපාද තත්ත්වයට, ථීනමිද්ධයෙන් ඉවත් වී අලෝක සංඥාවක් මතුවන තත්ත්වයට, උද්ධච්චයෙන් වෙන් වී අවික්ඛේප තත්ත්වයට, විචිකිච්චාවෙන් වෙන් වී ධම්ම වවත්තේන තත්ත්වයට, අරතියෙන් වෙන් වී පාමොජ්ජ යන තත්ත්වයට පත්වීම සිදුවිය යුතුයි. සමථ භාවනාවේ මුල් කොටස එනම් පංචකාම නීවරණ ධර්ම යට පත් කර සිත සමථ තත්ත්වයට පත් කර ගැනීම පළමුව කර ගත යුතුයි.
මේ අනුව කාමච්ඡන්දයෙන් වෙන් වීම සඳහා නෙක්ඛම්ම භාවනාවක් වැඩිය යුතුයි. පළමුව සිතක කාමච්ඡන්දය ඇතිවන අයුරු විග්රහ කර ගත යුතුයි. සිතක විවිධ කාම අරමුණු, නිමිති පහළ වේ. සිතට රූප ආරම්මණයක්, ශබ්ද ආරම්මණයක්, ගන්ධ ආරම්මණයක්, රස ආරම්මණයක්්, කාය පහස පිළිබඳ ආරම්මණයක්, මනෝ ආරම්මණයක් අරමුණු විය හැකිය. සිතකට අරමුණු ආකාර හයකට අරමුණු වේ. මේ ඉන්ද්රියය හයට රූපයක් අරමුණු වුණු විගසම අදාළ අරමුණු ප්‍රිය ආකාරයේ හෝ අප්‍රිය ආකාරයේ හෝ එහෙමත් නැත්නම් මධ්‍යස්ථ යන තත්ත්වයේ අරමුණක් හෝ විය හැකිය. ප්‍රිය රූපයක් අරමුණු වුව හොත් හිත කාමඡුන්දයට හා වේ. අප්‍රිය රූපයක් අරමුණු වූ විට ව්‍යාපාදයට පත් වේ.
කාමච්ඡන්දය යනු ඉන්ද්රියයන් පිනවන ආකාරයේ ප්‍රිය අරමුණකට සිතේ බැඳීම, ඇලීම, එකතු වීම, තණ්හා වීම, ආශා වීම, සම්බන්ධ වීම, උපාදානය වීම යන ලක්ෂණයන් ඇති වීමයි. හිතේ කාමච්ඡන්දයක් ඇති වන්නට මුල් වන්නේ මේ රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ ආදී අරමුණු හයක් පමණක්මයි. මේ හය ආකාරයෙන් තොරව මීට වෙනස් කිසිම ආකාරයකට හිතේ නිමිත්තක් පහළ විය නොහැකියි. මේ ඉන්ද්රිය හයෙන්ම ඉහත විස්තර කළ ආකාරයට කාමච්ඡන්දයට මුල් වන්නා වූ අරමුණු හයක් ඇති කරගනී. තවද රූපයක් පිළිබඳව ව්‍යාපාදයට හේතු වන්නා වූ ගැටීමක්, ද්වේෂයක්, තරහක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක් ඇති වන්නේ මේ අරමුණුම අප්‍රිය වන විටයි. මේ ව්‍යාපාදයට හේතුව කලින් දුටු රූපයට දැන් අප්‍රිය වීමයි. කලින් ප්‍රිය රූපයක් තිබුණේ නැතිනම් ඒක දැන් අප්‍රිය වුණේ නැතිනම් ව්‍යාපාදයක් ඇති විය නොහැකියි. ද්වේෂය යනු සිතේ මතු වන දෙවන වේෂයකි. කාමච්ඡන්දය හා ව්‍යාපාදය යන දෙකෙන්ම වෙන් වීමට නම් ඒ සඳහා භාවනා ක්‍රමයක් කර්මස්ථානයක් අනුගමනය කළ යුතුයි. තමන්ගේ හිතට වික්ෂෝපභාවයක්, උද්ධච්චභාවයක්, විචිකිච්චාවක් ඇති වීමට හේතු වන්නේ කාමච්ඡන්දයයි. එහෙම නැත්නම් ව්‍යාපාදයයි. මේ කාමච්ඡන්දය හා ව්‍යාපාදය නිසා නිතර ම කෙනෙකුගේ සිත කිළිටි වේ. සිත සමථ තත්ත්වයෙන් ඉවත් වී අසහනයට, වික්ෂෝප බවට පත් වේ.
කාමච්ඡන්දයෙන් හා ව්‍යාපාදයෙන් සිත කිළිටි වීම නිසා මනස අඳුරු වී, මුවහ වී මෝහය යන තුන්වන කිළිට් ගතියකුත් මතු වීම සිදු වේ. උද්ධච්ච, විචිකිච්චා, අවිජ්ජා යන ගති තුනට ම හේතු වන්නේ මේ තුන්වන කිළිටි ගතියයි. සිත අසහනයට පත් වන්නේ මේ ගති නිසයි. කාමච්ඡන්දයෙන් හා ව්‍යාපාදයෙන් සිත මත් වූ විට ඇති වන්නේ ථීනමිද්ධ තත්ත්වයයි. සිත මත් වී ථීනමිද්ධ තත්ත්වයට පත් වූ විට අප නොදැනීම මෝහයෙන් මුළා වී, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා, අවිජ්ජා යන ගති ලක්ෂණ වලටත් සිත පත් වේ.
මේ අරිය සමථ භාවනාව වඩන විට කාමච්ඡන්දයෙන් දුරුවන්නට අවශ්‍ය කරන කමටහන් භාවිතා කිරීමට සිදු වේ. කාමච්ඡන්දයක් මතු වන්නේ තමන්ගේ ඉන්ද්රියයන් හය අතරින් කුමන හෝ ඉන්ද්රියයකින් ප්‍රිය නිමිත්තක් සිතට ඇතුලු වීමෙනුයි. නැතිනම් ස්පර්ශ වීමෙනුයි. ව්‍යාපාදය ඇති වන්නේත්් ඒ ආකාරයටම වේ. සිතට ස්පර්ශ වන්නේ ප්‍රිය අරමුණක් නම් එතැන ඇති වන්නේ කාමච්ඡන්දයයි. අප්‍රිය අරමුණක් නම් ව්‍යාපාදයයි. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය පහස, ප්‍රිය මතක සටහන් නිසා කාමච්ඡන්දයත්, අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද, අප්‍රිය ගන්ධ, අප්‍රිය රස, අප්‍රිය පහස, අප්‍රිය මතක සටහන් නිසා ව්‍යාපාදයත් සිතක ඇති වේ. මේ ප්‍රිය පැත්ත එක අන්තයකි. අප්‍රිය පැත්ත තවත් අන්තයකි. මේ අන්ත දෙකෙන් එකක්් හෝ සිතේ ඇතිවිට සිතේ සමථයන් ඇති කර ගැනීම කළ නොහැකියි. මේ අන්ත දෙකට මුළා වී සිටින තාක් විපස්සනා කිරීමට හෝ සමථයට පත් වීම කළ නොහැකියි. එමනිසා මේ අන්ත දෙකෙන් ඉවත් වීමට නම් ථීනමිද්ධ තත්ත්වයට පසුව ඇති සිතේ උද්ධච්ච තත්ත්වය අඩුකර ගැනීම අවශ්‍යය වේ. එවිට අවික්ඛේප තත්ත්වයෙන් සිත සමථයකට පත් වී විපස්සනා භාවනාවට පදනම සකස් වේ. මේ සඳහා පියවර හතක්ම අනුගමනය කළ යුතුයි.
1. කාමච්ඡන්දයෙන් නෙක්ඛම්ම තත්ත්වයට පත් වීම
2. ව්‍යාපාදයෙන් වෙන් වී අව්‍යාපාද තත්ත්වයට පත්වීම
3. ථිනමිද්ධයෙන් ඉවත් වී අලෝක සංඥාවට පත්වීම.
4. උද්ධච්චයෙන් ඉවත් වී සමථ තත්ත්වයට, නැත්නම් අවික්ඛේප තත්ත්වයට පත්වීම
5. විචිකිච්චාවෙන් ඉවත් වී ධම්ම වවත්තේන තත්ත්වයට පත්වීම
6. ඊට පසු අවිද්‍යාවෙන් ඉවත් වී, සිතේ ඥාණ මතු වීම
7. අරතියෙන් වෙන් වී, පාමොජ්ජ තත්ත්වයට සිත පත්වීම
පාමොජ්ජ යනු ප්‍රමෝදය යන අදහසයි. මේ පියවර හතේදීම එකක් ඉවත් කරමින් එසේ ඉවත් කරන එක වෙනුවට වෙනත් එකක් ඇතුළට ගැනීමේ ක්‍රියාවක් සිදු වේ. මෙතැන විස්තර වන්නේ බුදුපියාණන්වහන්සේගේ් දේශණාවේ සඳහන් අනාපාන සතිය බව හොඳින්ම තේරුම් ගත යුතුයි. එකක් ආශ්‍රය කරන විට තව එකක් ප්රහාණය කිරීම කළ යුතුයි. නෙක්ඛම්ම ආශ්‍රය කිරීමත් සමඟම කාමච්ඡන්දය බැහැර කිරීම අවශ්‍ය වේ. කාමච්ඡන්දය බැහැර කිරීමත් සමඟ නෙක්ඛම්ම ආශ්‍රය කිරීම එහෙම නැත්නම් නෙක්ඛම්ම තත්ත්වයට දියුණු වීම මඟින් පමණක් සිත සමථයකට පත් වීම සිදු වේ. ව්‍යාපාදයෙන් ඉවත් වීමත් සමඟ ”සිතේ අව්‍යාපාද තත්ත්වයත්” ථිනමිද්ධයෙන් දුරු වීමත් සමඟ ”අලෝක සංඥා තත්ත්වයත්” උද්ධච්චයෙන් ඉවත් වීමත් සමඟ ”ධම්ම වවත්තේන තත්ත්වයත්” ඇති වීම සිදුවිය යුතුයි. මේ පියවර හතේම විග්රහ වන්නේ අනාපාන සතිය භාවනා කිරීමයි.
ඉහත විස්තර කරන ලද පියවර හත වැඞීම සඳහා වඩාත් සුදුසු බොහොම කෙටි කර්මස්ථාන කිහිපයක් පහත සඳහන් කර ඇත. රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක්, සුව පහසුවක්, මතක සටහනක් පිළිබඳව හිතේ කාමච්ඡන්දයක් ඇති වුව හොත් කය රමණය වීම සිදුවේ. එහෙම නැත්නම් කය ගිනි ගනී. කය ගිනිගන්නා සියලුම දෙයින් කාමච්ඡන්දයත් මතු වේ. කය රමණය වේ. කය රතියට පත් වේ. එමනිසා මේ කාමච්ඡන්දයෙන් ගිනි ගන්නා රාග අරමුණක් යම්කිසි කෙනෙකුට ඇති වූ වහාම කළ යුත්තේ (ඒ අරමුණ ගැන)
”අත්හැරීම නාථයි
නොඇල්ම නාථයි
මිදීම නාථයි
නිවනම නාථයි
අත් හැරීම වෙත්වා
නොඇලීම වෙත්වා
මිදීම වෙත්වා
නිවනම වෙත්වා”
යනුවෙන් භාවනා කිරීමයි. කාමච්ඡන්දයෙන් ඉවත් වී නෙක්ඛම්ම තත්ත්වයට හිත පත් කර ගැනීමයි. මේ ආනාපානා සතියමයි. මේ ආනාපානා සතිය එකක් ප්රහාණය කිරීම සඳහාත් තව එකක් ඇතුළට ගැනීම සඳහාත් බව තේරුම් ගත යුතුයි. සිතට ආ කාම අරමුණු – රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු අත්හැරීම සඳහා ඉහත සඳහන් කළ ”අත් හැරීම නාථයි” ආදී වශයෙන් වන කර්මස්ථානය භාවිත කළ හැකියි.
දෙවන පියවර ව්යාපාදයයෙන් ඉවත් වීමයි. එහෙම නැත්නම් අව්‍යාපාද තත්ත්වයට හිත පත්වීමයි. ව්‍යාපාදය යනු හිතේ ඇති වන ද්වේෂයයි. නොයෙක් අවස්ථාවල මේ ද්වේෂය සිතේ මතු වේ. තමන් අකමැති කුමන හෝ රූපාරම්මණයක් හෝ ශබ්දාරම්මණයක් හෝ සළායතන ආශ්‍රිතව වෙනත් ආරම්මණයක් හෝ අරමුණු වූ විට ව්‍යාපාදයක්, ද්වේෂයක් සිතේ හට ගනී. මේ ද්වේෂය සිතට අරමුණු වූ විට එය දිගින් දිගටම සිතේ මුල් බැස ගනී. එම නිසා ද්වේෂ සිතිවිල්ලක් ඇති වූ වහාම සිතෙන් එම සිතුවිල්ල ඉවත් කිරීම නැතිනම් ප්රහාණය කිරීම කළ යුතුයි. අව්‍යපාද තත්ත්වයට සිත පත් කර ගත යුතුයි. ඒ සඳහා සිතට ඇති වූ එම රූපාරම්මණය අරමුණු කොට මෙත්තා, කරුණා, මුදිතා යන පරම මෙත්තා කර්මස්ථානයක් භාවිතා කළ යුතුයි. කාමච්ඡන්දයෙන් හා ව්‍යාපාදයෙන් ඉවත් වූ විගසම හිතේ පවතින්නේ් නෙක්ඛම්ම, අව්‍යාපාද තත්ත්වයයි. නෙක්ඛම්ම තත්ත්වයට, අව්‍යාපාද තත්ත්වයට හිත පත් වූ විටම සියයට පනහක් හැටක් පමණ සිත සමථයකට පත්වේ. නමුත් තව දුරටත් තුන්වන තත්ත්වයක් මෝහයෙන් මතු වී එන මත් වීමක් සිතේ මතු වේ. මේ මත් ගතියත් ඉවත් කළ යුතුයි. ථීනමිද්ධය ඇති වන්නේ මේ මත් ගතිය නිසයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය නිසා කෙනෙකුගේ හිත මත් වේ. රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, සිලබ්බත පරාමාස මදය, මාන මදය, තරුණ මදය යනුවෙන් මද වර්ග විසි එකක් ම විග්රහ කර ඇත. කුස පිරෙන්න ආහාර ගත් විට බුදිමත ආදිය නිසා අපේ හිතේ ශක්තිය බොහොම දුර්වල වේ. එහෙම නැත්නම් හීන වේ. මේ සියලුම මත් නිසා සිත ථීනමිද්ධයට පත් වේ. රාගය වැඩි වූ විට ද්වේෂ මදය ඇති වේ. ථීනමිද්ධයෙන් ඉවත් වීමට නම් මෝහයෙන් ඉවත් වී අලෝක සංඥාව සිතේ ඇති කර ගත යුතු වේ. ”අලෝක” යනු එළියක් නොවේ. ”අලෝක” අප මේ ඇලී බැඳී පවත්වා ගෙන යන්නට හදා ගත් ලෝකයෙන් ඉවත් වීම අලෝක සංඥාවයි. ථීනමිද්ධයෙන් ඉවත් වීමට නම් ආලෝක සංඥා තත්ත්වයට පත් විය යුතුයි.
රාගයෙන් ඉවත් වී සිත සමථ තත්ත්වයටත්, ව්‍යාපාදයෙන් ඉවත් වී අව්‍යාපාද තත්ත්වයටත්, ථීන මිද්ධයෙන් ඉවත් වී අලෝක සංඥා තත්ත්වයට පත් වූ විට කෙනෙකුගේ සිතේ ඇතිවන්නා වූ අසහනය, උද්ධච්චය එහෙම නැත්නම් සිතේ ඇති වී තිබෙන කම්පනය, භයට, විඳවීමට, තැති ගැනීමට පත් වන ගතිය ඉවත් වේ. උද්ධච්චයෙන් ඉවත් වීමත් සමඟම හිත සමථයට පත් වීම නිසා කිසිම කම්පනයක් හිතේ ඇති නොවේ. උද්ධච්චයෙන් ඉවත් වීමත් සමඟ අවික්ඛේප යන තත්ත්වයට එහෙම නැත්නම් සමථ තත්ත්වයට යම් පුද්ගලයෙකුගේ හිත පත් වූ විට ඔහු නකම්පති, නචලති, නභයති, නවේදති, නවික්ඛේපති යනුවෙන් බුදුපියාණන් වහන්සේම මේ සමථ තත්ත්වය විග්රහ කර වදාළහ.
සිත උද්ධච්චයට පත්වීමට, අසහනයට පත් වීමට, හිතේ එකඟතාවයක් ඇති කරගත නොහැකි තත්ත්වයට පත් වීමට මූලික හේතු කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය යන ගති තුනයි. මේ ගති තුන ඉවත් වීමත් සමඟම සමථ තත්ත්වයට, අවික්ඛේප තත්ත්වයට හිත පත්වේ. අවික්ඛේප තත්ත්වයට හිත පත් වීමෙන්, උද්ධච්චය ඉවත් වූ විගසම විචිකිච්චාව, විඤ්ඤාණයේ කිළිටි වූ කැමැත්ත ඉවත් වී හේතුඵල දහමට බහා ගළපා බැලීමේ ශක්තිය ලැබේ. ධම්මෝ වවත්තේන ශක්තිය ලැබේ. මේ සමථ තත්ත්වයට, එහෙම නැත්නම් උද්ධච්චයෙන් ඉවත් වූ තත්ත්වයට පත් වූ විගසම මනස බොහෝම පිරිසිදු බවට පත් වේ. ඒ අවස්ථාවේදී අවශ්‍ය නම් විපස්සනා භාවනාවකටත් මාරුවීමේ හැකියාව ඇත. එහෙම නැතිනම් තව දුරටත් සමථයේම රැුඳෙමින් ධ්‍යාන ලබා ගැනීමටත් හැකියාව ඇත.
කාමච්ඡන්දයෙන් ඉවත් වී නෙක්ඛම්ම තත්ත්වයටත්, ව්‍යාපාදයෙන් ඉවත් වී අව්‍යාපාද තත්ත්වයටත්, ථීනමිද්ධයන්යෙන් ඉවත් වී අලෝක සංඥා තත්ත්වයටත්, උද්ධච්චයෙන් ඉවත් වී සමථ තත්ත්වයටත්, අවික්ඛේප තත්ත්වයටත්, විචිකිච්චාවෙන් ඉවත් වී ධම්මෝ වවත්තේන තත්ත්වයටත් ඊට පසු අවිද්‍යාවෙන් ඉවත් වීමත් සමඟම ඥාණ පහළ වීමට පටන් ගැනීමත් සමඟ පළමු වන අරිය ධ්‍යානයට පත් වන්නට හැකියාව ලැබේ.
කාමච්ඡන්දය ආදී කොට ඇත්තා වූ පංච නීවරණ වලින් ඉවත් වීමත් සමඟ පළමුවන ධ්‍යානයට පත් වී සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා තත්ත්වයට පත් වීම සිදුවේ. මේ අවස්ථාවේදී විතක්ක, විචාර නොකරයි. මෙතෙක් විතක්ක, විචාර පැවැත්වීමට හේතුව විඤ්ඤාණයේ ඇති උද්ධච්ච බව හා විචිකිච්චාවය. එහෙම නැත්නම් නොයෙකුත් ආකාර වූ රූප, වේදනා, සංඥා ආදී අරමුණු දිගේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, ථිනමිද්ධ ආදී නීවරණ ධර්ම ඇසුරු කිරීම සිතේ උද්ධච්ච බවට, විචිකිච්චා බවට හේතුවයි. නමුත් දැන් සිතේ පවතින්නේ සවිතක්ක, සවිචාර නිසා සිත බොහොම යටපත් වේ. නෙක්ඛම්ම, අව්‍යාපාද, අලෝක සංඥා වාගේම ධම්ම වවත්තේන යන ගති සිතේ පවතින නිසා සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා යන පළමු වන ධ්‍යානයට සිත පත් වේ. ඊට පසු සවිතක්ක, සවිචාර ඉවත්් කර දෙවන ධ්‍යානයට පත්විය හැකිය. ඊළඟට ප්‍රීතිය ඉවත් කර තුන්වන ධ්‍යානයටත්, තුන්වන ධ්‍යානයෙන් පසු ප්‍රීති සුඛ දෙක ම ඉවත් කර සෝමනස්ස දෝමනස්ස සියල්ලම ඉවත්කර ඒකග්ගතාව හා උපේක්ඛා පමණක්් ඉතිරි වන හතර වන ධ්‍යානයටත් පත්වීමට හැකියි. හතර වන ධ්‍යානයෙන් පසුව රූප සංඥා, පටිඝ සංඥා, නානත්ථ සංඥා ඉවත්කර ආකාසඤ්ඤායතනයටත්, එයත් ඉවත් කර විඤ්ඤාණංඤායතනයටත්, විඤ්ඤාණංඤායතනය ඉවත් කර නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් පත්වීමත් සමඟම සමථ ධ්‍යානයන් එතැනින් අවසන් වේ.
මෙහි විස්තර කරන ලද්දේ සමාධි භාවනාවයි. මෙම සමාධියෙන් ඉදිරි පියවරකට ගමන් කළ නොහැකියි. කෙසේ වුවද කිසිම කෙනෙකුට දිගින් දිගටම සමථ භාවනාව විතරක්ම වැඞීමෙන් ඵලක් නැත. ඊට හේතුව සමථය තුළ නිවනක් හෝ මාර්ගඵල හෝ නොමැති වීමයි. එයින් ලබා ගත හැක්කේ ධ්‍යාන පමණකි. ධ්‍යාන එකක්, දෙකක්, තුනක්, හතරක් ලබන විට හිත සමථයට පත් වී චේතෝ විමුක්තියත් මතු විය හැකිය. එම නිසා බුදුපියාණන්වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන හැම කෙනකුටම තමන්ට කුමන අවස්ථාවකදී හෝ ඥාණ පහළ වූ විට එහෙම නැත්නම් සිත සමථයකට පත් වූ විට විපස්සනා භාවනාවට මාරු වීමේ හැකියාව තිබේ. නමුත් විපස්සනා භාවනාවය යනුවෙන් අර්ථ ගන්වන්නේ කුමක්ද? යන්න පළමුව වටහා ගතයුතුයි. විපස්සනා භාවනාව යනුවෙන් අදහස් කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම කුමක්ද යන්න දැන ගත්තේ නැත්නම් එම භාවනාවට මාරු වීමටත් නොහැකියි.
ඉහත සඳහන් කළ කිසිම අවස්ථාවකට නොගිහින්ම විපස්සනා භාවනාවක් පමණක්ම වුවත් භාවිතා කළ හැකියි. මේ සමථ භාවනාවේදීත් විස්තර වන්නේ අරිය අනාපානා සතියයි. මෙහිදී සිදු වන්නේ් හිත සමථයකට පත් කරගැනීමයි. ඊට පසු ධ්‍යාන ලබා ගැනීමට අවශ්‍ය නම් අටවන ධ්‍යානයටත් පත් විය හැකියි. නමුත් මේ කටයුත්ත සඳහා දීර්ඝ කාලයක් ගතවන නිසා අපට මේ කෙටි ජීවිත කාලය තුළ නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් මාර්ගඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් දිගින් දිගටම සමථ භාවනාව පමණක්ම වැඞීම නිෂ්ඵල කාර්යයකි. මුලින් බොහෝම කෙටි වශයෙන් සමථ භාවනාවක් වඩා කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන පංච නීවරණ ධර්ම වලින් ඉවත් වී පසුව විපස්සනා භාවනාවකට මාරු විය හැකිය.
මනසක් ඇති ඕනෑම මිනිසෙකුට මෙය සරළ විධියට තේරුම් ගත හැකිය. මෙතැන විපස්සනා භාවනාවේදී විග්රහ වන්නේ ආනාපානා සති භාවනාවමයි. අනාපානසතිය යැයි හදුන්වන්නේ හුස්ම ගැනීම, පිට කිරීම දෙස ලබා සිටීම හෝ බඩ පිම්බීම හැකිළීම ගැන බලා සිටීම හෝ නොවෙයි. යම් කිසි දෙයක් ඇතුළට ගැනීමත් එසේ ඇතුළට ගැනීම නිසා යම් කිසි දෙයක් පිට කිරීමත් පමණි. ආන යනු ඇතුළට ගැනීමයි. පාන යනු පිට කිරීමයි. එනම් යම්කිසි දෙයක් ආශ්‍රය කිරීමක්් යම් කිසිදෙයක් ප්රහාණය කිරීමත් කළ යුතුයි. මෙය විපස්සනා භාවනාවයි.
විපස්සනා භාවනා කර්මස්ථාන වලදී පළමුව විග්රහ වන්නේ ත්රිලක්ඛණ භාවනාවයි. බුදුරජාණන්වහන්සේ මාගධී භාෂාවෙන් දේශණා කර වදාළේ,
නිච්ච සංඥා පජහති
අනිච්චානු පස්සී විහරති
සුඛ සංඥා පජහති
දුක්ඛානු පස්සී විහරති
අත්ථ සංඥා පජහති
අනත්ථානුපස්සී විහරති යනුවෙනුයි.
අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි යනුවෙන් විපස්සනා භාවනාව වඩා එවා ඇතුළට ගැනීමත් ඇතුළේ පවතින නිච්ච, සුඛ, අත්ථ සංඥා ප්රහාණය කිරීමත් කළ යුතුයි. මෙය තවදුරටත් විග්රහ කළ යුතුයි.
නිච්ච සංඥාවක් සිතකට ඇතුලු වුණේ කෙසේද? යන්න මුලින්ම විග්රහ කර බැලිය යුතුයි. අනිච්චානුපස්සනාව භාවනාව කරන්නේ ඇයි? මේ මුළු බුද්ධ දේශණාවේම ගැඹුරු තැන වේ. මේ මුළු බුද්ධ ධර්මයම අසා දැන ගත්තේ මේ පිළිබඳව දැන ගැනීම සඳහායි. බුද්ධ ධර්මය යනු පටිඉච්ච – සං උත්පාදන (පටිච්චසමුප්පාද) ධර්මයයි. රූප අරමුණක්, ශබ්ද අරමුණක්, ගන්ධ අරමුණක්, රස අරමුණක්, පොට්ඨබ්බ අරමුණක්, මනෝ අරමුණක් යන මේ හය ආකාර වූ අරමුණු වලට පිටස්තරව වෙනත් කිසිම අරමුණක් හිතට අරමුණු විය නොහැකියි. ඇහැට රූපයක් අරමුණු වූ පමණින්ම සංඛතයක් බිහි නොවේ. එය තව තැනකට පටිච්ච නොවුණි නම් පටිච්ච සමුප්පාද විග්‍රහය තුළදී විග්රහ කර පෙන්වා දුන් පරිදි ”සං” නොඋපදී.
චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
සෝතංච පටිච්ච සද්දංච උප්පජ්ජති සෝත විඤ්ඤාණං
ඝාණංච පටිච්ච ගණ්ධංච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං
ජිව්හංච පටිච්ච රසංච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං
කායංච පටිච්ච පොට්ඨබ්බංච උප්පජ්ජති කාය විඤ්ඤාණං
මනාච පටිච්ච ධම්මංච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං
මේ හය අවස්ථාවේදීම ඉන්ද්‍රියයන්ට අරමුණු ලැබුණු හැම විටම පටිඉච්චවීම සිදුවේ. ”පටිඉච්ච” වීම යනු කැමැත්තෙන්ම බැඳීමයි. පෘථග්ජන පුද්ගලයාගේ සිතේ නිතරම කැමැත්තෙන්ම යම් අරමුණකට බැදීමක් ඇති වේ. මේ පටිඉච්ච වීම නිසා සිතේ නොදැනීම විඤ්ඤාණ ශක්තියෙන් ”සං” උපදී. එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ උපදී. ඒ රාග, ද්වේෂ, මෝහ ඉපදීමේ ශක්තිිය ”සං”ලෙස විස්තර වේ. ඉන්ද්රියය හය ආශ්‍රය කරගෙන විඤ්ඤාණය ඇති වන ආකාරය ඉහතින් විස්තර කරන ලද ආකාරයට බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළහ. මේ පටිඉච්ච වීම එහෙම නැත්නම් කැමැත්තෙන් බැඳීම යන ක්‍රියාවෙහි අන්ත දෙකක්ම තිබේ. කාමච්ඡන්ද යනු ප්‍රිය බවත්, ව්‍යාපාද යනු අප්‍රිය බවත් යන අන්ත දෙකටම පටිඉච්ච වීම සිදුවේ. කැමැත්තෙන් බැඳීමය යන්න පමණක්ම පටිඉච්ච වීම යනුවෙන් අදහස් නොකෙරේ. එය හොඳින්ම තේරුම් ගත යුතුයි. අකමැත්තෙන් ගැටීමක් අන්තගාමී පටිඉච්ච වීමකි. මෙයට උදාහරණයක් ලෙස තමා ප්‍රිය කරන මිත්රයෙකුට, නෑදෑයෙකුට හොඳක් වීම දැකීමට අපි කැමැති වෙමු. ඒවාගේම තමන් අප්‍රිය කරන විරුද්ධකාරයෙකුට නපුරක්, විනාශයක්, නරකක් සිදුවනවා දැකීමටත් අපි කැමති වෙමු. එතැනදීත් කැමැත්තකින් බැඳේ. කැමැත්තෙන් බැදීම විතරක් නොව අකමැත්තෙන් ගැටීමත් එහෙම නැත්නම් අකමැත්තෙන් ප්‍රතික්ෂේප වීමත් යන අන්ත දෙකම මේ පටිච්ච වීමට අයිති වේ. අපි අකමැති පුද්ගලයාට හානියක් සිදුවනවාට අපි කැමති වෙමු.
මේ පටිඉච්ච වීම සිදුවනුයේම ආයතන දෙකක් ස්පර්ශ වීම හේතුවෙනි. එහෙම නැත්නම් පටිඉච්ච වීම සිදු නොවේ. අසේ් රූපයයි. ස්පර්ශ වූ විට චක්ඛු විඤ්ඤාණය ඇති වන ආකාරයටම කනයි, ශබ්දයයි ස්පර්ශ වූ විට සෝත විඤ්ඤාණය ඇතිවීම සිදුවේ. අනිකුත් ඉන්ද්රියයන් සම්බන්ධ වූ විට ඒ ඒ නමින් ඇති විඤ්ඤාණ හට ගන්නේ ඒ ආකාරයටයි. නමුත් ස්පර්ශ වීම විතරක් ප්‍රමාණවත් නොවේ. පටිඉච්ච වීමක් සිදුවිය යුතුයි. පටිඉච්ච වීම සිදු වූයේ නැත්නම් විඤ්ඤාණය හට ගැනීමක් සිදු නොවේ. පටිඉච්ච වීම, විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය වීමට ”සං” උත්පාදනය වීමට එකම හේතුවයි. පටිඉච්ච වුනේ නැත්නම්, දෙක එකට බැඳුනේ නැතිනම් අපේ හිතේ විඤ්ඤාණ ශක්තියක් මතු විය නොහැකියි.
මේ අවස්ථාවේදී හිත ක්‍රියාත්මක වන ආකාරය බැලිය යුතුයි. යම්කිසි දේකට හිත කැමැත්තෙන් පටිඉච්ච වූ විට, බැඳුනු විට ඊට පසු එය එතැනින් නොනැවතී ”අභිඉච්ච” වේ. දැඩි කැමැත්තක් හිතේ ඇති වේ. ඇස පිනවන රූපයක් නැවත නැවතත් බැලීමට නැවත නැවතත් ගැටීමට සිත අභිඉච්ච වේ. අභිජ්ජාවක් දැඩි ලෝභයක් හිතේ ඇති වේ. මේ අභිජ්ජාව නිසා අපේ හිතේ නිච්ච සංඥා මතු වේ. ප්‍රිය රූපයක් නම් ඒ ප්‍රිය ආකාරයෙන්ම ඒ රූපය දිගින් දිගටම දැකීමේ අවශ්‍යතායවක් ඇති වේ. ඉච්ච, නිච්ච කර ගැනීම යනුවෙන් විග්රහ වන්නේ මේ අවස්ථාවයි. නිච්ච යනු ස්ථිර කර ගැනීමයි. ඉච්ච, පටිඉච්ච වීමත්, පටිඉච්ච අභිඉච්ච වීමත් නිසා ”නිච්ච” කර ගැනීමත් සිදුවේ. මේ නිච්ච කර ගැනීම නිසා අපේ හිත ”උද්ධච්ච” ගතියට පත් වේ. මේ නිච්ච යන ගතිය දිගටම පැවැත්වීමට නොහැකි නිසා තමන්ගේම හිතේ උද්ධච්චයක්, එහෙම නැත්නම් වික්ෂේපයක්, අසහනයක් මතු වේ. මෙ ආකාරයට පටිඉච්ච වීම සිදු වූයේ නැතිනම් ”නිච්ච” සංඥාවක් ඇති නොවේ. නිච්ච සංඥාව ඇතිවුණේ නැතිනම් උද්ධච්ච සංඥාවක් ඇතිවීමක් සිදුනොවේ. උද්ධච්ච සංඥාවක් නැත්නම් විඤ්ඤාණ සිතේ කිළිටි වූ කැමැත්තක් (විචිකිච්චාවක්) මතු නොවේ. මේ ”පටි ඉච්ච” ”නිච්ච” යන ගති දෙක මේ සංසාර ගමනට ප්‍රධාන හේතුවයි. එහෙම නැත්නම් අපේ හිත අසහනයට පත් වන්න, කිළිටි වන්න, උදහස් බවට, කම්පනයට, භයට, වේදනාවට, වින්දනයට පත්වන්න හේතුව පටිඉච්ච හා නිච්ච යන ගති දෙකම වේ.
රූප, ශබ්ද, ගන්ධ ආදිය මේ ඇස, කන ආදී ඉන්ද්රියය හයට ස්පර්ශ වීමෙන් ඇති වන පටිඉච්ච වීම තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ තම තමන්ටමයි. තමන්ගේ ඇස, රූපයට බැඳීමත්, ඇළීමත් නැත්නම් ගැටීමත් මෙසේ ඇලුණු ගැටුණු රූපය රිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමත් සැප විඳිනවා යනුවෙන් විග්රහ කළ හැක. සුඛ සංඥාව නැතිනම් සැප යනු ඇස පිනවීම, කන පිනවීම, නාසය හා දිව පිනවීම, කය පිනවීම, මන පිනවීමයි. මේ හය ආකාර වූ ඉන්ද්රියයන් පිනවීම පෘථග්ජන පුද්ගලයෙකුගේ සැප ලෙස හඳුන්වනු ලැබේ. නිච්ච සංඥාවක් ඇති කර ගන්නේ නිතරම සැප බලාපොරොත්තුවෙනි. පටිඉච්ච වීම නිසා සිතේ ඇති වන නිච්ච සංඥාව නිසා ඇති වන ගතිය ”සුඛ” සංඥාව හෙවත් සැප විඳීමේ අවශ්‍යතාවයි. සැප විඳීමේ ලෝභකම නිසා සුඛ සංඥාව ඇති වේ. සුඛ සංඥාව නිසා අත්ථ සංඥාව එහෙම නැත්නම් මමත්වය, අස්මි මානය, මඤ්ඤතාවය, තමාය, මමය යන තත්ත්වයක් ඇති වේ. නිච්ච සංඥාවක්, සුඛ සංඥාවක් ඇති වන්නේ නැතිනම් අත්ථ සංඥා (මේ ”මම”) ඇති නොවේ. ඇත්ත ඇති සැටියට තේරුම් ගත්තා නම් ”මම” යන සංඥා ඇති නොවේ.
නිච්ච සංඥාව නිසා සුඛ සංඥාවක්, සුඛ සංඥාව නිසා අත්ථ සංඥාවක් අත්ථ සංඥාව නිසා සෑම පෘථග්ජන පුද්ගයෙකුගේම සිතේ නන්දි රාගයක් ඇති වේ. නන්දි යනු ඡුන්ද රාගයේ මුලයි. අභිනන්දනය යන්නෙහි මුල්්් අවස්ථාවයි. නන්දි එහෙම නැත්නම් නන්දනය යනු සිත පිනවීමේ කැමැත්තයි. ඒ නන්දි සංඥාවක් සිතට බැස ගත් විට ඒ නිසා සිතේ රාගයක් මතුවේ. රාගය නිසා සිතේ සමුදය ධර්මයක් බිහි වේ. සමුදය ධර්මයක් බිහි වීම නිසා අප යම් යම් සංඛත ධර්ම උපාදනය කර ගනී. මෙතැන පියවර හතක්ම විග්රහ කළ හැක. මේ පියවර හතම එකම තැනකින් ආරම්භ කළ යුතුයි. මේ පියවරවල් එකක් හෝ මැදින් ආරම්භ කළ නොහැක.
1. පටිඉච්ච නිසා නිච්ච සංඥාව
2. නිච්ච සංඥාව නිසා සුඛ සංඥාව
3. සුඛ සංඥාව නිසා අත්ථ සංඥාව
4. අත්ථ සංඥාව නිසා නන්දි සංඥාව
5. නන්දි සංඥාව නිසා රාග සංඥාව
6. රාග සංඥාව නිසා සමුදය
7. සමුදය නිසා උපාදානය
යනුවෙන් මේ පියවර හතම ඒක දිගටම පෘථග්ජන සිතක බිහි වේ.
අප යමක් කැමැත්තෙන්ම උපාදානය කර ගැනීමට පෙර මෙම පියවර හතම සම්පූර්ණ විය යුතුයි. බුදුරජාණන්වහන්සේ මේ විපස්සනා භාවනාවෙන් පෙන්වා වදාළේ ආනාපාන සතියයි. ”නිච්ච සංඥා පජහති, අනිච්චානු පස්සී විහරති” යනුවෙන් නිච්ච සංඥාව ප්රහාණය කිරීම සඳහා අනිච්චානු පස්සනාව වැඩිය යුතු බවයි.
මේ අනිච්චානුපස්සනාව යනු කුමක්දැයි නැවත විග්රහ කර බැලිය යුතුයි. තමන්ගේ කැමැත්තෙන් ප්‍රිය රූපයට බැඳීමත් ඒ බැඳුණු රූපයට අපේ හිතේ ඇති කැමැත්ත මොහොතකට වඩා පවත්වාගෙන යාමට නොහැකි බවත්, එය ගෙවී විපරිණාමයට පත් වී යන බව තමන් ම මෙනෙහි කර, ප්රත්යක්ෂ කර අවබෝධ කර ගැනීමත් ”අනිච්චානුපස්සී විහරති” යනුවෙන් විස්තර කළ හැක. මෙහි අනිච්ච යනුවෙන් විග්රහ වන්නේ තමන්ගේම හිතේ ඇති වන ප්‍රිය හෝ අප්‍රිය හෝ ස්වභාවයයි. අන්තගාමී ලෙසින් අන්තයකට බැඳීමේ කැමැත්තයි. ඒ කැමැත්ත අපට රුචි සේ, මනාප සේ එක දිගට ම පවත්වා ගෙන යෑමට හැකි දෙයක් නොවේ. මේ ගතිය සත්‍යය ස්වභාවය ප්රත්යක්ෂ කර, අවබෝධ කර ගත් විට සත්‍යය වශයෙන්ම තේරුම් ගත් විට එවිට ඒ පුද්ගලයා ”නිච්ච සංඥා පජහති, අනිච්චානුපස්සී විහරති” ක්‍රියාත්මක කළ අයෙකු බවට පත්වේ. මේ අවස්ථාවේදී පටිඉච්ච බවට පත් වීම සිදුනොවේ. එනම් පටිනිස්සග්ග වේ.
උදාහරණයක් ලෙස අපි ප්‍රිය රූපයක් ගනිමු. ඒ ප්‍රිය රූපය අපේ ඇසේ ස්පර්ශ වී ගැටී, පටිඉච්ච වුවද ඊට අපි නොබැඳී සිටිමු. එසේ නොබැඳෙන්නේ ඒ ප්‍රිය රූපය තව දවසකින්, දෙකකින් සමහර විට පැයකින්, දෙකකින් වුවද ගෙවී වෙනස් වන නිසයි. මල් පූජාවෙන් බුදුරජාණන්වහන්සේ මේ ධර්මතාවය අවබෝධ කර ගත යුතු බව පෙන්වා වදාළහ. ඒ මල්වල වර්ණ, ගන්ධ සියල්ලම තව ස්වල්ප වේලාවකින් වෙනස් වී විපරිණාමයට පත් වී අවසන් වේ. අප මොන තරම් ආශා කළත්, කැමති වුණත්, ඉච්ච වුණත් ඒ මල්, ඒ ආකාරයට දිගටම නොපවතී. පැයකින් දෙකකින් තුනකින් ඒ මල් පර වී, විනාශ භාවයට පත් වේ. මේ ආකාරයට අනුපස්සනාවේ යෙදීම ”අනිච්චානුපස්සී විහරති” යනුවෙන් විග්රහ කර වදාළහ. අපේ කැමැත්ත අනුව පවත්වා ගෙන යා හැකි කිසිම දෙයක් නැති බව මෙයින් අවබෝධ කර ගත යුතුයි. මේ ති‍්‍රලක්ඛණ භාවනාවේ ආරම්භයයි. ත්රිලක්ඛණය යනුවෙන් අදහස් කරන්නේ ලක්ෂණ තුනක් ගැන නොවෙයි. ඛණ තුනක් පිළිබඳවයි. මෙතන ත්රිලක්ඛණ යනුවෙන් අදහස් කළේ ඛය කර, අස් කර දැමිය යුතු ගති තුනක් පිළිබඳවයි. අපි ඛය කර ඉවත් කර මුළින්ම උදුරා අස් කර දැමිය යුතු ගති තුන වන්නේ,
1. නිච්ච බව – නිච්ච සංඥාව
2. සුඛ බව – සුඛ සංඥාව
3. අත්ථ බව – අත්ථ සංඥාව
මේ ගති ඉවත් කිරීම සඳහා,
1. අනිච්චානුපස්සනාව
2. දුක්ඛානුපස්සනාව
3. අනත්ථානුපස්සනාව
භාවනා කර ප්රත්යක්ෂ කර පිරිසිඳ දැක ගත යුතුයි. මෙලෙස ඉවත් කළයුතු ගති තුන මොනවාද යන්න නිවැරදි ලෙස තේරුම් නොගත්තේ නම් මේ ”ඛණ” සම්පත්තිය ලැබෙන අවස්ථාව තේරුම් නොගත්තේ නම් චතුරාර්ය සත්‍යය අවබෝධ වී, දුක අවබෝධ වී, දුක්ඛ සමුදය අවබෝධ වී, දුක්ඛ නිරෝධ කර ගැනීමටත් හැකියාවක් නොලැබේ. එම නිසා මෙතැන ධර්ම අර්ථයම හොඳින් තේරුම් ගත යුතුයි. මෙතැන විස්තර වන්නේ ඛය කර දැමිය යුතු උදුරා ඉවත් කර දැමිය යුතු කාරණා තුනක් පිළිබඳව මිස ක්ෂණ සම්පත්තිය නොවෙයි. ඛණ සම්පත්තියයි. ”ඛීණං පුරාණං, ආසවක්ඛයා ඥාණං, ඛයං විරාගං” යන ඛණ ලෙස සඳහන් වන්නේ පජහති, පහානාති, පස්සති එනම් ඉවත් කළ යුතු, ප්රහාණය කළ යුතු, බැහැර කළ යුතු යන තේරුමයි. මේ ති‍්‍රලක්ඛණ භාවනාවෙන් කරගත යුතුදේ කිසිම කෙනකුට සිතාගත නොහැකිව ධර්මය යටපත් වී තිබුණි. යථාර්ථය වැසී තිබුණි. නමුත් දැන් එය මතු කර, විවෘත කර අවසානයි. බුද්ධ දේශණාවේ ඇති නිවැරදිම ආනාපානා සතිය විග්රහ වන්නේ ත්රිලක්ඛණ භාවනාවේදී පමණි.
නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව ප්රහාණය කිරීම සඳහා පිළිවෙලින් අනිච්චානුපස්සනාවත්්, දුක්ඛානුපස්සනාවත්්, අනත්ථාන්පස්සනාවත්් වඩන්නට හැකියි. නන්දි බව, එහෙම නැත්නම් අභිනන්දය හිතේ ඇති වන්නා වූ කැමැත්තේ දැඩි බව ඉවත් කිරීම සඳහා නිබ්බිදානු පස්සනාව වැඩිය යුතුයි. නිබ්බිදාව යනු නොබැඳීමයි. බිහිකිරීමට හේතු වන්නා වූ බැඳීමේ දුරු වීම නිබ්බිදානු පස්සනාවෙන් සිදුවේ. බැඳීමෙන් නික්මීම නිබ්බිදාවයි.
ඊට පසු රාගය දුරුලීම සඳහා විරාගානුපස්සනාව වැඩිය යුතුයි. රාගයක් ඇති වන්නේ සිතේ ඇති වන කැමැත්ත නිසයි. මේ රාගය නිසා ”සං ”උපදී. සම්බන්ධයක් ඇති වේ. ඊළඟට සමුදය දුරු කිරීම සඳහා නිරෝධය කිරීම සඳහා නිරෝධානු පස්සනාව වැඩිය යුතුයි. නිර්+උදා කිරීම නිරෝධ කිරීම යනුවෙන් හැඳින්වේ. ඊළගට පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් ඉවත් වීම සඳහා පටිනිස්සග්ගානුපස්සනාව වැඩිය යුතුයි. මේ අවස්ථාව වන විට පියවර හතක් සම්පූර්ණ වී අවසානයි.
1. අනිච්චානුපස්නාව වඩා”නඉච්ච” තත්ත්වයට පත් වීම (නිච්චං පජහති)
2. දුක්ඛානුපස්සනාව වඩා”න සුඛ” තත්ත්වයට පත් වීම (සුඛං පජහති)
3. අනත්ථානුපස්සනාව වඩා ”න අත්ථ” තත්ත්වයට පත් වීම (අත්්ථං පජහති)
4. නිබ්බිදානුපස්සනාව වඩා ”න නන්දි” තත්ත්වයට පත් වීම (නන්දිං පජහති)
5 විරාගානුපස්සනාව වඩා ”න රාග” තත්ත්වයට පත් වීම (රාගං පජහති)
6. නිරෝධානුපස්සනාව වඩා ”සමුදය” වීම වළක්වා ගැනීම (සමුදයං පජහති)
7. පටිනිස්සග්ගානුපස්සනාව වඩා ”උපාදානය” කර ගැනීම නැවැත්වීම (ආදානං පජාහති)
මේ විපස්සනා භාවනාවේ තව ඉදිරි පියවර හතක් තිබේ. වයානුපස්සනාව වඩා ඉවත් කරගතයුතු කොටසක් වගේම ඛයානුපස්සනාව, විපරිණාමානුපස්සනාව, අනිමිත්තානුපස්සනාව, සුන්යතානුපස්සනාව, විවට්ටානුපස්සනාව වඩා ඉවත් කර ගත යුතු ඒ ඒ කොටස් තිබේ. මේ පියවරයන් ඉදිරියේදී විස්තර කර ඇත. මේ මුල් පියවර හත හොඳින් තේරුම් ගැනීමෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන ඵල තුනටම පත් වීමටත් අරහත් ඵලය සඳහා ඉදිරි පියවර සියල්ල උපකාර කර ගැනීමත් කළ යුතුයි.
අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ථානුපස්සනාව, නිබ්බිධානු පස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව යන අවස්ථා හත තේරුම් ගෙන ඒවා විපස්සනා භාවනාවක් ලෙස වැඞීමට යම් කිසි කෙනෙකුට හැකියාව ඇත්නම් සංයෝජන පහක්ම ඉවත් කර ගැනීම සිදු කර ගත හැක. අනුසය කොටස් හතරක්ම ඛයා වීමත් ඒ සමඟ සිදුවේ.
අප මුළින්ම කරගත යුත්තේ අපේ හිතේ ඇතිවන ආරම්මණයකට, නිමිත්තකට, කැමැත්තකට අන්තවාදීව එහෙම නැත්නම් අකමැත්තකට ඇති බැඳීමෙන් හා අකමැත්තට ගැටීමෙන් ඉවත් වීමට කි‍්‍රයා කිරීමෙන් සිත උපේක්ඛා තත්ත්වයට පත් කර ගැනීමට ක්‍රියා කිරීමයි. එනම් නිච්ච, අනිච්ච කර ගැනීමටයි. පටිඉච්ච සංඥාව සමථයකට පත් කර ඉවත් කිරීමටයි. මෙතැනදී වෙනම සමථයක් භාවනා නොකළාට උද්ධච්චය ඉවත් වීම, සමථයකට පත්වීම ඉබේම සිදුවේ. මෙය විපස්සනා පුබ්බංගම සමථ භාවනාව යනුවෙන් හැඳින්වේ. විපස්සනාව වැඞීමත් සමඟ සමථයත් ඉබේම වැඬේ. මෙයම, යුගනන්ධ භාවනාව ලෙස විග්රහ කළ හැක.
මේ නිච්ච සංඥාවක් සිතේ මතුවීම පිළිබඳව සිතින් පටිඉච්ච වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයට විභංග කර පෙන්වා දී ඇත. මුළු අභිධර්මයේම විග්රහ වන්නේ මෙම විභංගය පිළිබඳවයි. මෙම විභංගයෙන් කොටසක් ගෙන විග්රහ කර බලමු.
පළමුව විග්රහ කළ යුත්තේ රූප නිමිත්තයි. ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” රූපයකින් තොරව කිසිම කෙනෙකුට වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඤ්ඤාණයක් සිතක මතු විය නොහැකියි. එනම් එය බුද්ධ ධර්මයට සම්පූර්ණයෙන්ම විරුද්ධ ප්‍රකාශයක් වේ. නමුත් මේ රූප සංඥාව කුමක්ද යන්න පිළිබඳව හොඳින් බෙදා විග්රහ කර තේරුම් ගත යුතුයි. මේ රූපය යනු විවිධාකාරයෙන් බෙදිය හැකි දෙයකි. ඒ බෙදීම බුදුරජාණන්වහන්සේ විභංගප්රකරණයේ එහෙම නැත්නම් අභිධර්මයෙන්ම බෙදා දක්වා වදාළහ. රූප යන්න මුළින්ම පි‍්‍රිය රූප, අප්‍රිය රූප ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. ඊළගට අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝණ රූප, අධ්‍යාත්මික රූප, බාහිර රූප, ප්‍රණීත රූප, අප්රිණීත රූප යනුවෙන් එකොළොස් ආකාරයකට බෙදා පෙන්විය හැකියි. පළමුව ප්‍රිය, අප්‍රිය ලෙසත් ඊට පසුව එකොළොස් ආකාරයක් ලෙසත් බෙදා දැක්විය හැකියි. රූප රූපත්, ශබ්ද රූපත්, ගන්ධ රූපත්, රස රූපත්, ස්පර්ශ රූපත්, මනෝ රූපත් යන ආකාරයට නැවතත් බෙදා දැක්විය හැකිය. රූප, රූප යනුවෙන් නැවතත් හය ආකාරයකට බෙදිය හැකියි. තවදුරටත් විභංග කරනවා නම් සිහින රූප, රූපවාහිනී රූප ආදී වශයෙන් බෙදා දැක්විය හැකියි. මේ ආකාරයට මේ රූප විභංගය තවදුරටත් කළ හැකි වේ. නමුත් මේ විග්‍රහය පමණක් තේරුම් ගැනීම හොඳටම ප්‍රමාණවත් වේ. රූප විවිධාකාරයි. සෑම රූපයක්ම ප්‍රිය, අප්‍රිය නම් පටිච්ච වීමක් වීමට ඉඩ ඇත.
රූපයේ නිච්ච සංඥාව පිළිබඳ කර්මස්ථානයක් භාවනා කරන විට කළයුතු දේ හොඳින් තේරුම්ගත යුතුයි. නිච්ච සංඥාව විවිධ ආකාරව ඇති බව ඉහත පෙන්වා ඇත. ඒ විවිධ ආකාර වූ රූප පිළිබඳව නිච්ච සංඥාවක් මතුවී, යමකට පටිඉච්ච වීමට මුල් වේ. අපේ හිත කිළිටි වීමට මුල් වන්නේ පටිඉච්ච වීමයි. නිච්ච සංඥාවක් ඇති වීමයි. අනිච්චානු පස්සනාව වඩා මේ නිච්ච සංඥාව ඉවත් කර ගත හැකි නම් සිත තුළ පටිඉච්ච වීමක් ඇති නොවේ. අපේ හිත කිළිටි නොවේ. එහෙම නම්, අපේ හිත කිළිටි වීමට මුල්ම හේතුව රූප සංඥාවකට පටිඉච්ච වීමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇලීම හෝ ගැටීමයි.
රූපය වාගේම වේදනාවත් පිළිබඳව මුලින් ප්‍රිය, අප්‍රිය ලෙස බෙදා, ඊළඟට අතීත, වර්තමාන, අනාගත, සියුම්, ඝන ආදී වශයෙන් විවිධාකරයට බෙදා වෙන් කර අනුපස්සනා කළ හැකියි. ඒ වාගේම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණත් ඒ විධියටම බෙදා අනුපස්සනා කළ යුතුයි. ස්කන්ධ විභංග කරමින් භාවනා කිරීම ලෙස මෙය විග්රහ වේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ පිළිබඳව පහත ආකාරයටම විපස්සනා කළ හැකියි.
රූපං අනිච්චා
වේදනා අනිච්චා
සංඥා අනිච්චා
සංඛාර අනිච්චා
විඤ්ඤාණං අනිච්චාතී
රූපං දුක්ඛා
වේදනා දුක්ඛා
සංඥා දුක්ඛා
සංඛාර දුක්ඛා
විඤ්ඤාණං දුක්ඛාති
රූපං අනත්ථා
වේදනා අනත්ථා
සංඥා අනත්ථා
සංඛාර අනත්ථා
විඤ්ඤාණං අනත්ථාතී
මේ ති‍්‍රලක්ඛණ භාවනාවෙන් පසුව නිබ්බිදානුපස්සනාවත්, විරාගානුපස්සනාවත්, නිරෝධානුපස්සනාවත්, පටිනිස්සග්ගානුපස්සනාවත් යන හතර ආකාරයටමත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනු පංචස්කන්ධය ගැනමත් භාවනා කර නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව, නන්දි සංඥාව, රාග සංඥාව, සමුදය සංඥාව, ආදාන, උපාදාන සංඥාව ඉවත් කළ හැකියි. ඒ ස්කන්ධ අනුව කරන භාවනාවයි. ස්කන්ධ අනුපස්සනාවයි.
ඊට පසු ආයතනවලට අනුව භාවනා කළ හැකියි. චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන ආයතන හය සඳහා පහත සඳහන් භාවනාව යොදා ගත හැකිය.
චක්ඛුං අනිච්චා
සෝතං අනිච්චා
ඝානං අනිච්චා
ජීව්හං අනිච්චා
කායං අනිච්චා
මනං අනිච්චා
චක්ඛුං දුක්ඛා
සෝතං දුක්ඛා
ඝානං දුක්ඛා
ජීව්හං දුක්ඛා
කායං දුක්ඛා
මනං දුක්ඛා
චක්ඛුං අනත්ථා
සෝතං අනත්ථා
ඝානං අනත්ථා
ජීව්හං අනත්ථා
කායං අනත්ථා
මනං අනත්ථා
ආයතන පිළිබඳව ත්රිලක්ඛණ භාවනාවෙන් පසුව නිබ්බිදානුපස්සනාවත්, විරාගානුපස්සනාවත්, නිරෝධානුපස්සනාවත්, පටිනිස්සග්ගානුපස්සනාවත් වඩා පියවර හතම සම්පූර්ණ කර ගත යුතුයි. අභ්‍යන්තර ආයතන හය සේම බාහිර ආයතන හය පිළිබඳවත් භාවනා කළ යුතුයි.
ඇසෙන් දකින රූප
කනෙන් අසන ශබ්ද
නාසයට දැනෙන ගඳ සුවඳ
දිවට දැනෙන රස
කයට දැනෙන පහස
මනසට දැනෙන මතක සටහන්
මේ ආයතන සම්බන්ධයෙනුත් අනිච්ච, දුක්ඛ, අනත්ථ, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග යන අනුපස්සනා භාවනා කළ හැකි වේ. ඊට පසු අභ්‍යන්තර හා බාහිර ආයතන නිසා ඇති වන විඤ්ඤාණ ශක්තිය පිළිබඳව භාවනා කළ යුතුයි,
චක්ඛු විඤ්ඤාණං අනිච්චා
සෝත විඤ්ඤාණං අනිච්චා
ඝාන විඤ්ඤාණං අනිච්චා
ජිව්හා විඤ්ඤාණං අනිච්චා
කාය විඤ්ඤාණං අනිච්චා
මනෝ විඤ්ඤාණං අනිච්චා
මේ ආකාරයටම දුක්ඛ, අනත්ථ, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග යන ඉතිරි හයටත් මේ භාවනාව දිර්ඝ කර අනුපස්සනා කළ හැකියි.
ඊළඟට ධාතු ලෙස එනම් ධාතුමනසිකාරය ලෙස අනුපස්සනා භාවනාවේ යෙදිය හැකියි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යනුවෙන් මූලික ධාතු හයක් විග්රහ වේ.
ආපෝ අනිච්චා දුක්ඛා අනත්ථා
තේජෝ අනිච්චා දුක්ඛා අනත්ථා
වායෝ අනිච්චා දුක්ඛා අනත්ථා
පඨවි අනිච්චා දුක්ඛා අනත්ථා
අකාශ අනිච්චා දුක්ඛා අනත්ථා
විඤ්ඤාණ අනිච්චා දුක්ඛා අනත්ථා
මේ ආකාරයට ත්රිලක්ඛණ භාවනාවෙන් ඉදිරියේ ඇති කොටස් ඉන්ද්රියය, ආයතන, ධාතු, ස්කන්ධ, යනාකාරයට භාවනා කළ පසු බුදුරජාණන් වහන්සේ දේශණා කළ පටිච්චසමුප්පාද ධර්මයේ සඳහන් අංගයන් අනුවත් ත්රිලක්ඛණ හා සම්බන්ධ කරමින් භාවනා කළ හැකියි.
අවිද්‍යා සංඛාර අනිච්චා දුක්ඛා අනත්ථා
විඤ්ඤාණ අනිච්චා දුක්ඛා අනත්ථා
නාමරූප අනිච්චා දුක්ඛා අනත්ථා
සළායතන අනිච්චා දුක්ඛා අනත්ථා
පස්ස අනිච්චා දුක්ඛා අනත්ථා
වේදනා අනිච්චා දුක්ඛා අනත්ථා
තණ්හා අනිච්චා දුක්ඛා අනත්ථා
උපාදාන අනිච්චා දුක්ඛා අනත්ථා
භව අනිච්චා දුක්ඛා අනත්ථා
ජාති අනිච්චා දුක්ඛා අනත්ථා
ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, උපායාස, අනිච්චා, දුක්ඛා, අනත්ථා
ත්රිලක්ඛණය යොදා ගනිමින් භාවනා කළ පසුව නිබ්බිදානුපස්සනාව, විරාගානු පස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්නාවත් භාවනා කළ හැකි වේ. ඉහත පෙන්වූ සෑම අනුපස්සනාවකදීම පැහැදිළි විය යුත්තේ මේ සියල්ලම සංඛාර බවයි. ස්කන්ධ, ආයතන, විඤ්ඤාණ, ධාතු, පටිච්චසමුප්පාද ධර්මයේ මූල ධර්මය ආදී ලෙස භාවිතා කළ සෑම භාවනාවක්ම හොඳින් තේරුම් ගෙන භාවිතා කළ යුතු වේ.
අප මේ සංසාර ගමන යන්නේ පි‍්‍රය, අප්‍රිය සංඛාර කරමිනි. සංඛත හදා ගනිමිනි. සංඛාර යනු එකතු කර ගැනීම සඳහා කරන ක්‍රියාවයි. ඒ ක්‍රියාව අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි ලෙස අවබෝධ කරගත යුතු වේ. එම නිසා ක්‍රියාවට නොබැඳී උපාදානය නොකර, පටිනිස්සගානු කිරීම කළ යුතු වේ. උපේක්ඛා තත්ත්වයට සිත පත්වන්නේ ඒ අනුවයි.
”සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අත නිබ්බින්දති දුක්ඛේ
එස මග්ගෝ විසුද්ධියා”
”නිච්ච” ”අනිච්ච” දෙකම නිවැරදිවම තේරුම් ගත හැකි වූවානම්, ”සබ්බේ සංඛාරා අනිච්චාති” යනුවෙන් අදහස් කළ දේ පිළිබඳව අවබෝධ විය යුතුයි. මේ කාරණය තේරුම් ගැනීම බුද්ධ ධර්මයේ ත්රිලක්ඛණය තේරුම් ගැනීමයි. ”සබ්බේ සංඛාරා අනිච්චාති” පිළිබඳ නිවැරදිව විග්රහ කර සංඛාර පිළිබඳව නිවැරදිව හඳුනා ගත යුතු වේ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ධාතු වශයෙන් හෝ රූප, ශබ්ද, ගඳ, සුවඳ, ආදී කොට අත්තාවූ යම් සංඛත ධර්මයක් එකතු කර ගැනීමට තමාම කරන සියලුම ක්‍රියාකාරකම් අවිද්‍යා සංඛාර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අප එකතු කර ගන්නා සියලුම දේ සබ්බේ සංඛාරා වශයෙන් හඳුන්වයි. මේ එකතු කර ගන්නා සියලුම දේවලට සිදුවන්නේ කුමක්ද? එනම් ”අනිච්චාති” කැමැත්තට අනුව පැවැත්විය නොහැකි වීමයි. අප කොයි තරම් ආශාවකින්, උවමනාවකින් එකතු කරගැනීමට ක්‍රියා කළත් මේ එකතු කර ගන්නා සංඛත ධර්මයන් අපේ කැමැත්තට අනුව පැවැත්විය හැකි දේ නොවේ. ”සබ්බේ සංඛාරා අනිච්චාති” යනු මේ විශ්වයේ ඇති සියලුම සංඛාර ධර්මයන් නොවේ. එහෙනම් මේ මොනවාද? මේ බොහොම සුළු කොටසකි. ප්‍රිය හා අප්‍රිය දේට පටිච්ච වීමෙන් ඇතිවන සංඛාර මේ සුළු කොටසට අයත් වේ. ඒ ඒ පුද්ගලයා කැමති දේ, එකතු කිරීමට කරන ක්‍රියා සංඛාර ලෙස අර්ථ ගැන්වේ.
පෘථග්ජන පුද්ගලයකු දවසේ පැය 24 පුරාම නිරතුරුව ම සංඛාර නොපවත්වති. සියයට 75කට, 80කට වැඩි ප්‍රමාණයක් කාර, ක්‍රියා සිත් පවත්වති. නමුත් පෘථග්ජන පුද්ගලයකු හැම විටම සංඛාරත් ක්‍රියාත්මක කරති. නිතරම අවිද්‍යා සංඛාරයක් කරන්නේ යමකට පටිඉච්ච වී පි‍්‍රය රූප, ප්‍රිය හඬ, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය මතක සටහන් යන මේවායින් යමක් එකතු කිරීම සඳහායි. ”සබ්බේ සංඛාරා අනිච්චාතී” යන වචන වලින් අර්ථ ගැන්වෙන්නේ අවිද්‍යාවෙන් කරන ක්‍රියා පමණි.
අපි බලා සිටින විට අනන්ත අප්‍රමාණ රූප දකිමු. ඒවා රූප සංඛාර සිත් නොවේ. ඒවා කාර සිත් ලෙස හඳුන්වයි. අප යමක් සිතින් එකතු කිරීමට ක්‍රියා නොකරනවා නම් එතැන පවතින්නේ කාර සිත් මිස සංඛාර සිත් නොවෙයි. එකතු නොකරන නිසා ඒවා සංඛාර නොවේ. අවිද්‍යා සංඛාර යනු එකතු කිරීමට කරන සීමා සහිත ක්‍රියා කොටසක් පමණි. එකතු කිරීම සඳහා කරනු ලබන සෑම ක්‍රියාවක්ම කරනු ලබන්නේ අන්ත දෙකෙන් එකකට අන්තගාමී ලෙසින් බැඳීමෙනි. එනම් ප්‍රිය හෝ අප්‍රිය අනන්තයට බැඳීමෙනි. ”සබ්බේ සංඛාරා අනිච්චාතී, යදා පඤ්ඤාය පස්සතී” යන්න ප්‍රඥාවෙන් යථා පරිදි තේරුම් ගෙන මෙහි තිබෙන ”නිච්ච” බව ප්‍රඥාවෙන් යථා පරිදි ප්රත්යක්ෂ කර ගතහොත් අවිද්‍යා සංඛාරයක පැටලී එකතු කරන්නට කරනු ලබන කි‍්‍රයාවෙන් වැළකුණොත් එතැනදී ”අත නිබ්බින්දතීං දුක්ඛේ” යන අර්ථයෙන් සදාකාලිකවම දුකෙන් අත මිදෙන්නටත් හැකිවේ. ”ඒසමග්ගෝ විසුද්ධියා” එනම් නිවන අවබෝධ කර ගැනීමටත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමටත් මඟපාදා ගත හැකියි. ඉතාම පිරිසිදුව, පැහැදිළිව බුදුරජාණන්වහන්සේ මේ කරුණු දේශණා කර වදාළහ. ඉතාම සරළ, ඉතාම සුමට මෙම ධර්මතාවය ඕනෑම කෙනෙකුට මනසින් කල්පනා කර තේරුම් ගත හැකියි.
මේ පැහැදිළි ධර්මය අද භාවිතයෙන් ඉවත් වී වැසී පවතින්නේ ඇයි? මේ ගැන නම් සෑම කෙනෙකුමත් කල්පනා කර බැලිය යුතුයි. ඇයි මේ ධර්මය මෙහෙම වැහුණේ? මේ වැහීමට, යටපත් වීමට මූලික කරුණු දෙකක් බලපා තිබේ. අද භාවනා කරන පුද්ගලයින් නිච්ච සංඥාව ප්රහාණය කිරීමට අනිච්චානුපස්සනාවක් භාවනා නොකරයි. නිච්ච සංඥාව වෙනුවට අද භාවිතා වන්නේ ”නිත්‍ය” යන වැරදි සංඥාවයි. ”අනිච්ච” සංඥාව වෙනුවට ”අනිත්‍ය” සංඥාවයි. ”නිච්ච” යන වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී නිත්‍ය යනුවෙන් පරිවර්තනය කරන ලදී. ”අනිච්ච” යන්න ”අනිත්‍ය” යනුවෙන් පරිවර්තනය විය. මේ පරිවර්තනය වැරදි ලෙසින් කිරීම නිසා බුද්ධ භාෂිතයේ අර්ථය, ධර්මය විකෘති විය. අපි උදාහරණයකින් මෙය පැහැදිළි කර ගනිමුු. අද සවස 6 ට ඉර බසිනවාය යන්න නිත්‍යයි. සියල්ලන්ටම එය පැහැදිළියි. අනිත්‍යානුපස්සනාව අවුරුදු සීයක් නොව ආත්ම සීයක් භාවනා කළත් මේ ”නිත්‍ය” සංඥාව ඉවත් කිරීමට අපට නොහැකියි. නමුත් අපේ හිතේ යම්කිසි රූපයකට කැමැත්තක් ඇති වී ඒ රූපය ගැන නිච්ච බවක් ඇති වී නම් අනිච්චානුපස්සනාව විනාඩි 5 ක් භාවනා කළවිට අපට එය සිතින් ඉවත් කිරීමට නොහැකිද? හැකියි. කළ නොහැකි දෙයක් කිරීම බුදුරජාණන්වහන්සේ කාටවත්ම අනු දැන වදාළේ නැත. නමුත් ඒ නොහැකි දේම කිරීම අද පවතින භාවනා ක්‍රමවල අඩංගු වේ. භාවනා මධ්‍යස්ථානවල කිරීමට උත්සාහ දරන්නේත් කළ නොහැකි දෙයක් කිරීමට වෙහෙසීමටයි. තමන්ගේ හිත හදාගැනීම වෙනුවට නියාම ධර්මයන් වෙනස් කිරීමට උත්සාහ දැරීම නිරර්ථක ප්රයන්තනයකි.
මෙයට හේතුව ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී සිදුවුණු වැරැුද්දකි. පාලි ත්‍රිපිටකයේ ”නිච්ච අනිච්ච” වශයෙන් ඉතාම පිරිසිදුව සඳහන් වචන දෙක සිංහල පරිවර්තනය කිරීමේදී ”නිත්‍ය අනිත්‍ය” ලෙස පරිවර්තනය කර පද විකෘති කර අර්ථ ගන්වා ඇත. ජීවිතං අනියතං, මරණං නියතං යන්න භාවනා කර මරණයෙන් බේරෙන්නට කාටවත්ම කෙසේවත් කළ නොහැක්කකි. නමුත් අප කැමතිසේ සදා කල් පවතින මරණයක් නොවන ජීවිතයකුත් නැති බවත් නිවැරදිවම තේරුම් ගත්තොත් මේ නිච්ච, අනිච්ච තේරුම් ගත්තොත් මතු මරණයෙන් බේරෙන්නත් ඕනෑම කෙනෙකුට හැකියාව ඇත. නිච්ච, අනිච්ච යන මේ වචන දෙක ”නිත්‍ය, අනිත්‍ය” ලෙස වරද්දා ගත් පසුව, තේරුම් ගත් පසුව, විකෘති කළ පසුව හැම තැනම වාගේ අද වැරදි භාවනාවන් කරනු දක්නට ලැබේ. නිත්‍ය අනිත්‍ය කිරීම නියාම ධර්ම වෙනස් කිරීමට උත්සාහ දැරීමකි.
මෙහිදී පරමාර්ථය නොදැකීම එහෙම නැත්නම් ආනාපාන සතිය තුළින් ධර්මය නොදැකීම මෙයට මුල් වූ හේතුවයි. ආනාපාන සහිත ධර්මානුකූලවම දුටුවා නම් අරිය ආනාපාන සති භාවනාවේ මූල ධර්මය තේරුම් ගත්තා නම් ඉවත් කළයුතු, බැහැර කළයුතු කොටස කුමක්ද, ආශ්‍රය කළයුතු, ඇතුළට ගතයුතු කොටස කුමක්ද යන්න ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකියි. තමන්ගේ හිත හදාගැනීම මෙතන පර්මාර්ථය ධර්මයයි. ”නිච්ච අනිච්ච” පද දෙක ”නිත්‍ය අනිත්‍ය” යනුවෙන් වරදවා තේරුම් ගැනීමත්, ඊට පසු ”අත්ථ අනන්ථ” යන වචන දෙක ”ආත්ම අනාත්ම” ලෙස වරදවා තේරුම් ගැනීමත්, වරදවා අර්ථ දැක්වීමත් නිසා නිවන් මඟ වැසුණි. මෙහිදී විග්රහ වන්නේ ආත්ම අනාත්ම සංකල්පයක් පිළිබඳව නොවෙයි. මෙතැන අදහස් වන්නේ මමත්වය එහෙම නැත්නම් තම්මතාව පිළිබඳවයි. බුදුරාජාණන්වහන්සේ මේ පිළිබඳව විග්රහ කර ඇත්තේ ”අසාරට්ඨේන අනත්ථා” යනුවෙනි. අසාර අර්ථයෙන් අනත්ථ විග්රහ කර වදාළහ. ඒ අනුව සාරයක් ඇත යනුවෙන් අර්ථ දැක්වීම අත්ථ ලෙස සැළකිය යුතුයි. එසේ නම් අනත්ථ යන වචනයට යෙදිය යුතු නිවැරදිම සිංහල වචනය ”අනාථ” යන අර්ථයයි. මේ වචනයත් සියයට සියයක්ම නිවැරදි නොවේ. ඒ නිසා තව දුරටත් විග්රහ කරගත යුතුයි. කෙසේ වුවත් ”අනාථ” යන වචනය අනික් සියලුම වචන වලට වඩා අර්ථය අතින් නිවැරදියි. ආත්ම, අනාත්ම යන වචන සහමුළින්ම වැරදි යෙදීමකි. බුදුපියාණන්වහන්සේ කිසිම දවසක ආත්ම, අනාත්ම වාදයක් ඉදිරිපත් නොකළහ. එය බැහැර කර ප්‍රතික්ෂේප කළහ. කිසිම විටක ඒ පිළිබඳව දේශණා කිරීමක් හෝ අනුමාන කිරීමක් හෝ නොකළහ. බුදු දහම ආත්ම වාදයෙන් තොර වේ. අනාත්ම වාදයෙනුත් තොර වේ.
වච්චගොත්ත, සච්චක සූත්‍රයේදී බුදුපියාණන්වහන්සේ් මේ ආත්ම, අනාත්ම සංකල්ප දෙකම පැහැදිළි ලෙසම ප්‍රතික්ෂේප කර වදාළහ. එතරම් පැහැදිළි ලෙස දේශණා කර ඇති දෙයක් මේ ත්රිපිටය සිංහලට පර්වර්තනය කළ පුද්ගලයින් වැරදියට පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත. ”නොබැඳීම” යන අර්ථය ගෙන දෙන ”නිබ්බිදානුපස්සනාව” පිළිකුල යනුවෙන්් පරිවර්තනය කර ඇත. මේ ආකාරයට වචන කිපයක්ම වැරදි ආකාරයට පරිවර්තනය කිරීම නිසාත්, ඒ වාගේම අරිය ආනාපාන සතිය යන්න තේරුම් නොගැනීම නිසාත් මේ විපස්සනා භාවනාව විකෘති වී, බෞද්ධයන් අතර සහමුළින්ම භාවිතයෙන් ඉවත් වී ගිය බව හැම කෙනෙකුම හොඳින් තේරුම් ගත යුතුමයි.
විපස්සනා භාවනාවට අදාළව තවත් කරුණක් පැහැදිළි කර දිය යුතුයි. විපස්සනා භාවනාවක් වැඞීමට වඩා සමථ භාවනාවක් වැඞීම පහසුයි. සමථ භාවනාව තේරුම් ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකියි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යන පංචනීවරණ සහමුළින්ම සිතෙන් ඉවත් කිරීම අමාරු කාර්යයකි. බුදුරාජාණන්වහන්සේ දේශණාකර වදාළේ රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මනයක්, පොට්ඨාබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක් සිතට අරමුණු වූ විට එය පළමුව සමථයකට පත් කර නොසිටියහොත් විපස්සනාවක් කළ නොහැකි බවයි. පළමුව සිත සමථයකට පත්කර ගැනීම කළ යුතුයි. තමන්ගේ හිතට අරමුණු වූ අරමුණ නිමිත්ත මුළින්ම ආවර්ජනය කළ යුතුයි. බුදුරජාණන්වහන්සේ මෙය ”ආවජ්ජන්තේ” යනුවෙන් පෙන්වා වදාළහ. ඊට පසු ‘‘ජානත්තෝ’’ නිවැරදිව දැන ගැනීමත් ”පජානත්තෝ” පිරිසිඳ දැක ගැනීමත් කළ යුතුයි. ”පස්සති පහානත්තෝ” ප්රහාණය කළයුතු දෙයක්ද, නැත්නම් භාවිත කළයුතු දෙයක්ද යන්න තේරුම් ගත යුතුයි. මෙතැනදී බුදුරජාණන්වහන්සේ පියවර 14 ක් පිළිබඳව විස්තර කර වදාළහ. එම පියවර 14 නම්,
ආවජ්ජනට්ඨෝ – ආවර්ජනය කිරීමේ අර්ථයෙන්
විජානනට්ඨෝ – නිවැරදිව දැන ගැනීමේ අර්ථයෙන්
පජානනට්ඨෝ- පිරිසිඳ දැකගැනීමේ අර්ථයෙන්
පස්සනට්ඨෝ- ප්රහාණය කළ යුතු ප්රහාණය කිරීම
පච්චිවෙක්ඛනට්ඨෝ – ප්රත්යාවේක්ෂා නුවණින්
චිත්තං අධිට්ඨහන්තෝ – සිතේ අධිෂ්ඨානයෙන්
සද්ධාය අධිමුච්චන්තෝ – සත්‍යාවබෝධය සඳහා ශ්‍රද්ධාවෙන්
වීරිය පග්ගන්හන්තෝ – නොපසුබට වීර්යයෙන්
සතිං උප්පට්ඨපෙන්තෝ – හේතුඵල දහමට ගළපා බැලීමෙන්
චිත්තං සමාදහන්තෝ – චිත්ත සමාදානයෙන්
පඤ්ඤාය පජානනත්තෝ – ප්‍රඥාවෙන් කළු ධර්මය බැහැර කිරීමෙන්
අභිඤ්ඤෙයියං – අභිජානනත්තෝ – දැනීම
පරිඤ්ඤෙයියං – පරිජානනත්තෝ – පිරිසිඳ දැකීම
භාවතේබ්බංච – භාවෙන්තෝ – භාවිතා කළයුතු දේ
පහාතබ්බංච – පජාහන්තෝ – ප්රහාණය කළයුතු දේ
සච්ඡිකාතබ්බංච – සච්ඡිකරොන්තෝ – ලැබිය යුතු සත්‍යාවබෝධය
විපස්සනා භාවනාවක් වඩන සෑම කෙනෙකුම මේ පියවර 14 ම නිවැරදිව දැනගත යුතුයි. හිතට අරමුණක් අරමුණු වූ විගසම පච්චවෙක්ඛන්තෝ යන ප්රත්යවේක්ෂා නුවණින් එය සළකා බලනතුරු ආවර්ජනය කළ යුතුයි. මෙතැනදී ද්වතාවය, තිපරිවට්ටය, ත්රිලක්ඛණය පිළිබඳව දැනගැනීම අත්‍යාවශ්‍ය වේ. ද්වතාවය ඔස්සේ අදාළ අරමුණ කළු ධර්මයක්ද, සුදු ධර්මයක් ද යන්න බේරා දැනගෙන, සුදු ධර්මයක් නම් එය භාවිතා කළ යුතුයි. කළු ධර්මයක් නම් එය බැහැර කළ යුතුයි. විපස්සනා භාවනාව යනු මෙයයි. සිත සම්පුර්ණයෙන්ම පිරිසිදු වීමත් සමථයකට පත් වීමත් මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම මගින් සිදුවේ. නමුත් කළු ධර්මයකින් සිත කිළිටිවන අරමුණකින් නම්, එතැනදී නිච්ච සංඥාවක් සිතේ හට ගනී. නිච්ච සංඥාව වැඩි දියුණු වුවහොත් පටිඉච්ච බව ඇති වී ඇලීමට, බැදීමට, ගැටීමට සිත පත්විය හැකියි. විපස්සනා භාවනාවට නිමිත්ත කරගත යුත්තේ මෙයයි. එමනිසා මෙම නිමිත්ත හොඳින් අවර්ජනය කර දැනගෙන (ජානතෝ), පිරිසිඳ දැනගෙන (පජහන්තෝ) එය ප්රහාණය (පස්සතෝ) කළ යුතුයි. නැවත නැවතත් අදාළ අරමුණු ප්රත්යාවේක්ෂා කර (පච්චවෙක්ඛිතබ්බං) තේරුම් ගැනීම කළ යුතුයි. මේ පෘථග්ජන හිතක් අවිද්‍යා විතක්ක, විචාර පැවැත්වීම යනු මෙයයි. අවිද්‍යා විතක්ක, විචාර සිතේ උපදී නම් දිගින් දිගටම අදාළ අරමුණ පිළිබඳව සිතින් රෝද නොකර එම අරමුණ වහාම හඳුනා ගැනීමට උත්සාහ ගත යුතුයි. මෙසේ විතක්ක, විචාරයන් මතු වීමට හේතුව නිච්ච සංඥාවක් සිතේ උපදවා ගැනීම සඳහා සිත පටිඉච්ච වන බව තේරුම් ගෙන පටිඉච්ච වීම, අනිච්ච බවත්, දුක බවත්, අනත්ථ බවත් වටහා ගැනීමයි. තවද ඉදිරි පියවරයන් වූ නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්නාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව පිළිබඳව මනාව තේරුම් ගෙන ති‍්‍රලක්ඛණ භාවනාව වඩා විපස්සනා භාවනාව මගින් නිමිත්ත ඉවත් කර අදාළ නිමිත්ත නිසා යමකට බැඳීමෙන් හෝ ගැටීමෙන් හෝ ඉවත් වී උපේක්ඛාවට පත්විය යුතුයි.
මේ අවස්ථාවේදී හොඳින්ම තේරුම් ගතයුතු වන්නේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ථානුපස්සානාව යන ත්රිලක්ඛණය පමණක් වැඞීමට චතුරාර්ය සත්‍යය අවබෝධ වී, සෝවාන් මාර්ගයටත්, ඵලයටත්, පත්වීමට හැකි බවයි. නමුත් සකෘදාගාමී, අනාගාමී මාර්ග හා ඵල සම්පූර්ණ කරගැනීම සඳහා නිබ්බිදා, විරාගා, නිරෝධා, පටිනිස්සග්ගා යන පියවරවල් සම්පූර්ණ කර ගත යුතුයි.
සමථ භාවනාවේදී නිදාන හේතුව මුළින්ම ගළවා දැමීම සිදුනොවේ. නමුත් විපස්සනා භාවනාවකදී හේතුව දැක එය සහමුළින්ම ගළවා ඉවත් කිරීම සිදුකරනු ලබයි. සමුච්ඡේද වශයෙන් ඉවත් කිරීම ප්රහාණය කිරීම යනු මෙයයි. මුල් අවස්ථාවේදී තදංගම වශයෙන් නැත්නම් විෂ්කම්භන වශයෙන්, සමථ තත්ත්වයට පත් වීම පමණක් සිදුවේ. නමුත් විපස්සනාවකදී හේතුව සමුච්ඡේද වශයෙන්ම එහෙම නැත්නම් සහමුළින්ම උදුරා, ඉවත් කිරීම සිදුවෙයි. පටිඉච්ච වුණේ නැත්නම් හිත කැමැත්තට බැදුණේ නැත්නම් සිත අන්තගාමී ලෙස කිළිටි කරන රාගයට, ද්වේෂයට, මෝහයට පත්විය නොහැකි වේ. හේතුඵල ධර්මයට බහා ගළපා බලා මුල්ම හේතුව පළමුවන හේතුව ම ගළවා ඉවත් කිරීම විපස්සනා කිරීමයි. ”නිච්ච” සංඥාව ප්රහාණය කිරීමෙන් සුඛ සංඥාව ඉවත් වේ. පටිනිස්සග්ගානුපස්සී වීමෙන් ”උපාදානය” ඉවත් වී සමුච්ෙඡ්ද වශයෙන්ම කෙළෙස් මුල් ගැළවී යයි. විපස්සනා භාවනාවක් යනු තමන්ගේ හිතේ ඇති වන රාග, ද්වේෂ, මෝහ ගති තුනම සහමළින්ම ගළවා ඉවත් කිරීමයි. විපස්සනා භාවනාව නිවැරදිව හඳුනාගැනීම මගින් නිවනට මඟ දැන ගැනීමටත් මාර්ගඵල අවබෝධ කර ගැනීමටත්, ප්‍රඥා විමුක්තියට පත් වීමටත්, ප්‍රඥා විමුක්තිය පිළිබඳව යථා පරිදි අවබෝධ වීමටත් උපකාරී වේ.
විපස්සනා භාවනාවක් වඩනවිට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන පංච බලයන්ට, සතර සම්මප්පධන්වලට, සතර සතිපට්ඨානයට, සප්ත බොජ්ඣංගයට, අෂ්ටාංගික මාර්ගයට ගළපා බැලිය යුතුයි. නමුත් ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” නිවැරදිව තේරුම් ගැනීම මගින් සත්තිස්බෝධිපාක්ෂික ධර්ම දැන හෝ නොදැන හෝ සම්පූර්ණ වීම සිදු වේ. ත්රිලක්ඛණය වැඞීමත් සමඟම නිච්ච, සුඛ, අත්ථ සංඥා ප්රහාණය වීමත්, නිවන් අවබෝධ වීමත්, මඟ ඵල ලබා ගැනීමත්, ප්‍රඥා විමුක්තියට පත්වීමත් සිදු කර ගත හැකියි.
නිච්ච, සුබ, අත්ථ යන ගති තුන ඉවත්කර, ඛය කර, අස්කර ගැනීම පමණක් නිවනට උපකාර වන බව මතක තබා ගත යුතුයි. තමන්ගේ ආධ්‍යාත්මය තුළින්ම, තමන් කෙරෙන්ම මතුවන කිළිටිවූ කැමැත්ත, විචිකිච්චාව තමන්ම ඉවත් කර ගැනීම හැර වෙනත් කෙනෙකුට අප වෙනුවෙන් මෙය කරදිය නොහැකියි. විඤ්ඤාණ චිත්තයෙන් මතු වන පටිඉච්චය එහෙම නැත්නම් නිච්ච සංඥාව නිසාම ඇතිවන විඤ්ඤාණය මේ සංසාර ගමනට හේතු වන එකම බලවේගයයි. මේ පටිඉච්චය ඉවත් වූ විට හිතක විඤ්ඤාණ ශක්තියක් ක්‍රියාත්මක වීම සිදු නොවේ. සමුදය ධර්මතාවක් බිහි නොවේ. රාගය, ද්වේෂය, මෝහය, ඉවත් වීමෙන් හිත සමථයටත් පත් වීමත් සමඟම ප්‍රඥා විමුක්තියටත් පත් වේ. නිවන් අවබෝධ කර ගැනීමෙන් ආධ්‍යාත්මික වශයෙන් නිවුණුු පුද්ගලයෙකු බවට පත්වේ.
”දීඝංවා අස්සසන්තෝ දීඝංවා අස්සසාමීති පජානාති, දීඝංවා පස්සසන්තො දීඝංවා පස්සසාමීති පජානාති”
”දීඝංවා” යන වචනය පිළිබඳව විග්රහ කළ යුතුයි. අප මේ දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් රැඳී සිටින්නට හේතුව කුමක්ද? දිගින් දිගටම මේ දිවි පෙවත පවත්වා ගෙන යෑමට හේතුව කුමක්ද? දීර්ඝ වශයෙන් ආශ්‍රය කළා වූ නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව මේ දීර්ඝ සංසාර ගමනට හේතුවයි. සංසාර ගමන නවත්වා ගැනීමට අවශ්‍ය නම් නිච්ච, සුඛ, අත්ථ සංඥාවන් ප්රහාණය කළ යුතුයි. අනිච්ච, දුක්ඛ, අනත්ථ අනුපස්සනා කර ආශ්‍රය කිරීමත් කළ යුතුයි. ආනාපාන සතිය යනුවෙන් විග්රහ කරන ලද්දේ මෙයයි. සංසාරයේ දිගින් දිගටම සිතින් පටිඉච්චවීම නිසා නිච්ච සංඥාවට බැඳීමෙන් මේ දීර්ඝ සංසාර ගමන නිමා නොවීය. දීර්ඝ වශයෙන්ම ආශ්‍රය කරන ලද මේ ”නිච්ච” ගතිය ඉවත් කිරීමට අනිච්චානුපස්සනාව භාවනාව කළ යුතුයි. පජානාති යන පිරිසිඳ දැකීම නොමැතිව විපස්සනාවත්, අනුපස්සනාවත් කළ නොහැකිය.
ඉහත දක්වන ලද ගාථා පාඨයේ ඊළඟ ගාථාව ”රස්සංවා” යන්න යොදා අනාපානාසති සූත්‍රයේ ඉදිරිපත් කර ඇත. මෙහි ”රස්සංවා” යනු අද අදම තමන් අසන, තේරුම් ගන්නා දේ නිසා තමාගේ හිතේ නොයෙකුත් පටිඉච්ච වීම ඇතිවීම විග්රහ කිරීමට භාවිතා කළ පදයකි. කැමැත්ත නිසාත්, නොකැමැත්ත නිසාත්, සිතේ උපදින තත්ත්වයන් සිතින් ම ඉවත්කළ යුතුයි. අද අද අප පටිඉච්ච වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණත් ඉවත් කළ යුතු වේ. එම නිච්ච සංඥාව ඉවත් කිරීමට අනිච්චානුපස්සනාව වැඩිය යුතුයි. ආනාපානා සති භාවනාවේ අස්ස පස්ස නැතිනම් ආශ්‍රය කළ යුතු දේ හා ප්රහාණය කළයුතු දේ යනුවෙන් විග්රහ කරන ලද්දේ මෙයයි.
ආනාපාන සති භාවනාවේ ”සබ්බකාය පටිසංවේදී” යන පද කිහිපය බුදුපියාණන් වහන්සේ් පටිසම්භිදා මග්ගයේ ආනාපාන සතිය විග්රහ කිරීමේදී සබ්බකාය පිළිබඳව විස්තර කර වදාළහ. කාය යනු – රූප කාය, චක්ඛු කාය, සෝත කාය, ශබ්ද කාය, ඝාණ කාය, ගන්ධ කාය, ජීවිහාකාය, රස කාය, කාය කාය, පොට්ඨබ්භ කාය, මනෝ කාය, ධම්ම කාය ලෙස විග්රහ වේ. පංචස්කන්ධයේද කායවල් පහක් පෙන්වා දිය හැක.
රූප කාය
වේදනා කාය
සංඥා කාය
සංඛාර කාය
විඤ්ඤාණ කාය
මෙහි සඳහන් කළ සියලුම ක්‍රියාවන් සබ්බ කාය ලෙස විස්තර වේ. යමක් එකතු කිරීම සඳහා කරන, කියන, හිතන සියලුම ක්‍රියා සබ්බ කාය ලෙස හැඳින්වේ. ප්‍රිය වේදනාවකට හෝ අප්‍රිය වේදනාවකට හෝ සෑම විටම කෙනෙකු පටිසංවේදී වේ නම් එසේත් නැත්නම් බැඳේ නම් එය ”සබ්බ කාය පටිසංවේදී” යනුවෙන් විග්රහ වේ. අප ඒ බැඳීමත් අඩුකර ගැනීම අවශ්‍ය වේ. ”අස්සසිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති” යනු ශික්ෂණයෙන්, සංවරත්වයෙන් ප්රහාණය කළ යුතු කොටස හා ඇතුලු කර ගත යුතු කොටසයි. හිත සමථයකට පත්වීමත් සමඟ මේ සබ්බ කාය පටිසංවේදී බව අපට නොදැනීම ”පස්සං භයං” කාය සංඛාරං යන තත්ත්වයටත් පත් වේ.
මේ ආකාරයට විපස්සනා භාවනාවෙන්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන සියලු ආකාර වූ සංසිඳීම් සඳහා ආනාපාන සති සූත්‍රයේ ඇතුළත් පියවර 16ටම තමන්ම තම සිතින්ම පත්වේ. කායානුපස්සනාව, ධම්මානුපස්සනාව යනු කුමක්ද? සංසිඳීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ථානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, ධම්මානුපස්සනාව, ඛයානුපස්සනාව, විපරිණාමධම්මානුපස්නාව, අනිමිත්තානුපස්සනාව යන භාවනාවන් භාවිතා කළ යුතුයි.
බුදුපියාණන්වහන්සේ දේශණා කළ මේ බුද්ධ ධර්මය සුඤ්ඤතා දර්ශනයකි. මෙහි සුඤ්ඤ යන පදය හොඳින් තේරුම් ගත යුතුයි. දර්ශන දෙකක් පිළිබඳ විග්රහ වේ. අසඤ්ඤතා දර්ශනය හා සුඤ්ඤතා දර්ශනය යනු එම දර්ශන දෙකයි. මේ සුඤ්ඤතාවයට මුල් වන්නේ අනිමිත්තානුපස්සනාව, අප්පතිහිතානුපස්සනාව හා සුඤ්ඤාතානුපස්සනාව යන සමාපත්ති තුනකි. මේවා සමාධි නොවේ. සමාපත්ති වේ. මේ සුඤ්ඤතා සමාපත්තිය යන්නෙහි තේරුම පැහැදිළිව වටහා ගත යුතුයි. මෙහිදී සිදුවන්නේ රාග, ද්වේෂ, මෝහ යන විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤ කිරීමයි. එහෙම නැත්නම් ඒ ශක්තිය සහමුළින්ම ඉවත් කිරීම සඳහා විපස්සනා භාවනාව භාවිතා කළ යුතුයි. නමුත් අනරිය භාවනාවේදී රාග, ද්වේෂ, මෝහ ශූන්‍ය වී, ඉවත් වී මුලින් ගළවා දැමීමක් සිදු නොවේ. ඒ වෙනුවට රාග, ද්වේෂ, මෝහ යටපත් වේ. යටපත් වීමත් සමඟම සිත් මත් වේ. මත් වූ නිසාම නේවසඤ්ඤා නාසඤ්ඤා යන අනරිය ධ්‍යානයේ දී සිදු වන්නේ මේ විඤ්ඤාණ ශක්තිය සහමුළින් ශූන්‍යතා තත්ත්වයට පත්වීම නොවෙයි. සිත අසඤ්ඤ වීමයි. අසඤ්ඤ වීමේ දී සිදු වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර වශයෙන් ලැබෙන සංඥා පවා නැතිව යාමයි.
අනරිය භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස ලබන්නා වූ ධ්‍යානයේ දී නේවසඤ්ඤා නාසඤ්ඤා තත්ත්වයේ දී සිදු වන්නේ මෙයයි. සංඥා පැමිණීමක් සිදුනොවන අතර සංඥා ලබා ගැනීමත් කළ නොහැකියි. නමුත් අරිය විපස්සනා භාවනාවේ දී සිදු වන්නේ විඤ්ඤාණ ශක්තිය, එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ ශක්තිය ඉවත් වී සුඤ්ඤ තත්ත්වයට පත් වීමයි. බුදුරජාණන්වහන්සේ මේ විපස්සනා භාවනාවෙහි එනම් ”දස අනුස්සති” භාවනාවෙහි අවසානයට ”දස සංයෝජනං පහීයන්ති ආසව අනුසයා ඛ්යායන්ති” යනුවෙන් විග්රහ කළ වදාළේ විපස්සනා භාවනාවේ පෙන් වූ පියවර 14 නිවැරදිව අනුගමනය කිරීම නිසා දස සංයෝජනම ප්රහාණය වී ආසව අනුසය සියල්ලමත් ඛය වී ආසවක්ඛයා ඥාණයෙන් ආසව ගැළවී සෝවාන් ආදී මාර්ගඵල වලටත් පත්වීම පිළිබඳවයි. මෙහි ඛය යනු මුළින්ම ගළවා ඉවත් කිරීමයි.
ප්‍රඥා විමුක්තියත් විද්‍යා විමුක්තියත් සම්පූර්ණ වීමෙන් දස සංයෝජනයම ප්‍රහීණ වී සියලුම ආසව අනුසය සහමුළින්ම ඉවත් වීම සිදුවේ. නමුත් අරිය හෝ අනරිය හෝ සමථ භාවනාවෙන් දස සංයෝජනවලන් එකක් හෝ් ප්‍රහීණ වීමක් සිදු නොවේ. ආසව අනුසය ඛය වීමකුත් සිදු නොවේ. එතැන දී සිදුවන්නේ සිත සමථයකට වීමත් ධ්‍යාන ලැබීමෙන් චේතෝ විමුක්තියට පත්වීමයි. ධ්‍යානයන් යනු නිවන නොවේ.
චේතෝ විමුක්තිය කිසිසේත්ම නිවන නොවේ. එය රජ්ජුරුවන්ට ඇති ආභරණයක් හා සමාන වේ. අරහතුන්වහසේ කෙනෙකුට යම්කිසි බලයක්, ඍර්ධි ප්රාතිහාර්යය පෑමේ ශක්තියක් ආදී වශයෙන් නොයෙකුත් ශක්තීන් ලැබිය හැකි වන්නේ චේතෝ විමුක්තිය ලබා ගැනීමෙන් පමණයි. ඒවා නිවනට නම් උපකාර වන දේ නොවේ. ඒවා පුණ්‍ය ශක්තිය අනුවම ලැබෙන ශක්තීන් ය. යම්කිසි අරහතුන්වහන්සේ කෙනෙකුට අභිඥා ලැබීමට, ඍර්ධි ප්රාතිහාර්ය පෑමට, අහසින් යෑමට, දිව්‍ය චක්ෂුසයක් ලැබීමට අවශ්‍ය නම් සමථ භාවනාව වඩා අෂ්ට සමාපත්තියටම පත්විය යුතුයි. සමථ භාවනාව වඩා පංචනීවරණ ධර්මයන්ගෙන් ම ඉවත් වී ඊට පසු පිළිවෙලින් අරිය ධ්‍යාන අටටම පත්විය හැකියි. එතැනදී අභිඥා ශක්තීන් ලබාගත හැකි වේ. චේතෝ විමුක්තිය, ධයාන, ඍර්ධි ප්රාතිහාර්ය පෑමේ හැකියාව ශක්තිය ලැබේ. එතනින් පසු විපස්සනා භාවනාවට මාරු වී මඟ ඵල ලබා ගැනීමෙන් නිවන සාක්ෂාත් කරගත හැකිය.
නමුත් මේ ක්‍රමය ඉතාමත්ම අපහසු වැඩ පිළිවෙලකි. අතීත සංසාරයේ දී එවැනි සමථ භාවනාවක් වඩා හුරු පුරුදු කෙනෙකුට නම් මෙම ක්‍රමවේදය උචිත වේ. නමුත් අපේ මේ ජීවිත කාලය හුඟක් කෙටි නිසා ඒ කෙටි කාලය තුළ නිවන් දකින්නටත් වුවමනා හෙයින් සමථ භාවනාව යම්තාක් දුරට වඩා කාමච්ඡන්දයෙන් වෙන් වූ විගසම නිවන් අවබෝධයට අවශ්‍ය වන්නා වූ විපස්සනා භාවනාව වඩා මඟඵල ලබා ප්‍රඥා විමුක්තියට පත් විය හැකියි. අවුරුද්දකින් දෙකකින් වුවත් මෙම ක්‍රමය අනුගමන කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය. ඒ නිසා විපස්සනා භාවනාවම වැදගත් කොට ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුවෙන් තොරව රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කිරීමේ එක ම පරමාර්ථයෙන් ත්රිලක්ඛණ භාවනාවේ ම යෙදීමට සැවොම අදිටන් කරගත යුතුයි.