කුමක්ද මේ සිරුර ?
පස්ස චිත්ත තතං බිම්බං
අරුතායං සමුසස්තං
ආතුරං බහු සංකප්පං
යස්ස නත්ථි ධුවං ඨිති
බොහෝ දෙනා සුවය යැයි සලකා විසිතුරු කොට සරසන මේ සිරුර ගැන සලකා බලන්න.
ධම්ම පදයේ ජරා වග්ගයේ දෙවන ගාථාරත්නය වශයෙන් පැනෙන මේ ගාථාව, බුද්ධ භාෂිතයේ කේන්ද්‍රිය පලය ලෙස සැලැකෙන අනිත්‍ය ධර්මය පිළිබඳ අටුවාවක් වැනිය. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව ගෞතම බුදුන් වහන්සේ වදාළහ. එයිනිදු වඩාත්ම අනිත්‍ය සංකල්පය ගෝචර වන්නේ මිනිස් සිරුරටය.
මමය, මාගේය, යන ආත්මාර්ථය පදනම් කොට ගත් මිනිස් සත්වයා. තම සිරුරෙන් පටන් ගෙන, අඹුදරු, ඉඩකඩම්, ගේදොර, යාන වාහන, බැංකු ගිණුම් දක්වා මහා තණ්හා ජාලයක පැටලී සිටියි.
ළදරු, ළමා, තරුණ යන තුන් විය මිනිස් ජීවිතයක ඉතා ප්‍රසන්න යුග තුනකි. එයින් වඩාත් ප්‍රසන්න කාලය තාරුණ්‍යයයි. මේ තරුණ කාලයේ මිනිසා තම සිරුරට නොදෙන සුවයක් සැපයක් නැත. පංචකාමය වඩාත් ළංවන්නේ මේ තරුණ අවදියටය. සිතින්ද ගතින්ද මහත් උජාරු මවමින් අවශේෂ සමාජය දෙස ගර්හා ස්වරූපයෙන් බලන තරුණ කාලය ගෙවී දියවී යන බව මිනිසා නොදනී.
තම සිරුර පිරිසුදුව තබා ගැනීම ආගම දහමට අනුව කළ යුත්තකි. එහෙත් සිරුරේ ආකර්ශනය සඳහා සිරුරට වදදීම කවර ආගමකට වුවද ගැළපේදැයි සිතා බැලීමට කාලයයි.
ඉහත ගාථා ධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ “සිරිමා” නම් නගර ශෝබනිය, හෙවත් ගණිකාව මිය ගිය පසු, ඇගේ සිරුර අරභයා රජගහ නුවර සිටි “සිරිමා” දෙවඟනක බඳු රුසිරි ඇති. දුටුවෙකු තෙවරක් හැරී බලන යෞවනියකි. පෙර අකුසලයකින් ඇය ගණිකාවක් වූවාය. රජවරු, සිටුවරු, රජදරු, සිටුදරු ඇයට එක් රැයක් මසු දස දහස් ගණනක් ගෙවූහ. ඇයගෙන් කාල වේලා ලබාගැනීම ද ඉතා අසීරු විය.
මේ “සිරිමා” පසුව බුදුන් සරණ ගොස් මහා උපාසිකාවක් වූ බව බෞද්ධ සාහිත්‍යය කියයි’ සිරිමාවන්ගෙන් දන් පිළිගත් එක් භික්ෂු නමක් කාමාග්නියෙන් රෝගාතුරුව උකටලීව සිටියෝ ය. එය දැනගත් බුදු හිමියෝ භික්ෂුව තමන් වහන්සේ වෙතට කැඳවූහ. ඒ මොහොතේම රෝගීව සිටි සිරිමා මළ පුවතද සැලවිය.
රජය කළ බිම්බිසාර රජුට සිරිමාගේ සිරුර දවන්නට පෙර මහජන ප්‍රදර්ශනයට තබන්නැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ තැබූ ඇගේ දේහය පළමුව මසු දස දහසකටද, දෙවනුව මසු පන් දහසකටද, තෙවනුව මසු දහසකට වෙන්දේසියේ ලන්සු තැබීය. අවසානයේ සිරුර නොමිලයේ දෙනු ලැබුවත් ගන්න කෙනෙකු නැත. උකටලි භික්ෂුව අරභයා තථාගතයාණන් වහන්සේ මේ ගාථා ධර්මය වදාරමින්, මිනිස් සිරුරේ ඇති අනිත්‍ය භාවය විග්රහ කළහ. “තිර සිටීමෙත් නැති වණ ගොඩක්වූ ඇට කටු වලින් නගා සිටුවන ලද එදා විසිතුරු කොට සළකන ලද මේ සිරුරේ හැටි බලන්න.
මිනිස් සිරුර අශුචි වලින් පුරවන ලද කලගෙඩියක් වැනිය. කළය මතුපිට විසිතුරු කොට තිබේ. සුවඳ පැන් ගල්වා රියන් ගණනක් ඈතට සුවඳ විහිදුවන සේ සකස් කොට තිබේ. කවර පැත්තෙන් බැළුවත් මේ කළය ඉතා ප්‍රසන්නය. එහෙත් ඇතුළත...? ඇතුලත අශුචි ගොඩකි. මේ උපමාව මිනිස් සිරුර පිළිබඳව මහා දිග කතාවක් කියයි. මේ කතාව වඩාත් ගැළපෙන්නේ අද සමාජයටය. අද සමාජයේ හැම පැත්තේම දක්නට ලැබෙන තරුණ විලාසිතා දෙස බලන විට නම් මේ ගාථා ධර්මය මහජන ප්‍රදර්ශනයට තැබිය යුතු තරම්ය.
එක දවසක් දත් නොමැද්දොත් මුඛය ගඳ ගසයි. දවසක් මුහුණ නොසේදුවොත් ඇස් වල කබ කඳුළු ගුලි ගැසෙයි. මුළු සිරුරම එසේමය. පිරිසුදු බව සහ විසිතුරු යනු අංශ දෙකකි. වෙසක් තොරණක් ගෙන බලන්න. ඉදිරිපස ඉතා විසිතුරු චිත්‍ර විදුලි ආලෝකය දුටුවන් සිත් වශී කරයි. එහෙත් මේ තොරණ පිටුපසට ගොස් බලන්න. තනිකර දඬු තට්ටුවකි. මිනිස් සිරුරද එසේය. මතුපිටින් කොතෙක් විසිතුරු කළත්, පිරිසුදු කළත් ඇතුළත පිරිසුදු කළ හැකිද? බුදු දහමේ හැටියට ඇතුළත පිරිසුදු කිරීමට නම් සිත පිරිසුදු කළ යුතුය. සිත පිරිසුදු කලත් යටකී අශුචි ගර්භය පිරිසුදු කළ නොහැකිය.
සිරිමා පසු කලෙක ගුණවත් යහපත් උවැසියක් වුවද, ඇගේ රූසම්පත දිරාපත් නොවීය. දනට වැඩිය පැවිද්දා මනැසින් වියරු වුවේ එහෙයින්ය.
බුදුන් වහන්සේ මාගන්දියාගේ රූප මානය දමනය කළ අයුරු ඉතා ෂට්ත්ර කතාවකි. මාගන්දියාට පෙනෙන්නට රුවැති යෞවනියක් මවා, ඇය ජරාපත් වන තුරු විවිධ අවස්ථා දැක්වූහ. මේ මනා රූපය කවදා හෝ ජරාවට පත්වන බව තේරුම් ගත් මාගන්දියා රූමතින් මිදුණාය. ලෝකයේ සිටි ඉතා ප්‍රසිද්ධ අග්‍ර ගණයේ යැයි සැලකෙන රුවැති සිනමා නිළියන් වියපත් වූ විට සමාජ සත්කාරයේ යෙදුනු බව අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ එක නිළියක්වත් තරුණ කාලයේ දී තමන්ගේ සිරුර සත්කාරයට මිස සමාජ සත්කාරයේ යෙදුනේ නැත. අපේ වර්තමාන රුවැත්තියන්ටද කිව යුත්තේ ඒ ටිකමය.
කෙළ, සෙම්, සොටු වලින් පටන්ගෙන අතුනුබහන් දක්වා විග්රහ කරන පිළිකුල් භාවනාව මිනිස් සිරුරේ යථා තත්ත්වය පෙන්වන සිනමා පටයක් වැනිය. මේ සිරුර හම නමැති පොරෝණයෙන් වසා තිබේ. අභ්‍යන්තර ඇටකටු තට්ටුව මසින් පුරවා තිබේ. මිය ගිය පසු දින තුනක් තබා ගත නොහැකිය. මරණයත් සමගම “ඉහඳ මැස්සා’ තනියට එයි. ජරාව යනුවෙන් බුදුන් වහන්සේ හැඳින්වූයේ ද එයයි.
කිසිම සිරුරක තිර වූ පැවැත්මක් නැත. නව සිදුරකින් කුණු වැගිරෙන හෙයින් එය නගා සිටුවන ලද වණ ගොඩකි. නව සියයක් පමණ නහර වලින් ගැට ගසන ලද කටු තට්ටුවකි. ඇඳුම් පැළඳුම්, වර්ණ, සුවඳ වලින් සකසන ලද සිරුර, නව දොර දිනපතා පිරිසුදු නොකළහොත් මහා දුගඳක් හමයි. මේ සිරුරේ යථා තත්ත්වය බලන්නැයි ඉහත ධම්මපද ගාථාවෙන් බුදුන් වහන්සේ දැක්වූ සංකල්පය කොතරම් බුද්ධි ගෝචරද? සර්ව සාධාරණද?
සියලු සතුන්ගේ ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය. ඉපදීම යනු මේ සංසාර ගමනේ එක්තරා අම්බලමක් පමණය. ඒ අම්බලමේ අවුරුදු සිය දහස් ගණනක් සිටිය නොහැකිය. අම්බලම් ගතව සිටින අපට කුමන විසිතුරුද?
දවස පුරා කුසගින්නට ගන්නා ආහාරය පසුවදා මළ මගින් පිටව යයි. රස මසුවුළු අනුභව කළත් ඒවා සිරුරේ සදාකල් පවතින්නේ ද නැත. තොල් සායම්, නිය සායම්, ඇහි බැම සායම් ගැල්ලූවත් ඒවා එක දවසකට පමණය. මේ බහුරු කෝලම් සියල්ල තාවකාලිකය. ළදරු, ළමා, තරුණ වියද තාවකාලිකය. සියල්ල කාලයත් සමග ගෙවී දියවී යයි. ඒ නිසා අප විසිතුරු කළ යුත්තේ සිරුර නොවේ. සිතය. සිත විසිතුරු කළ පුද්ගලයා ජීවිතය පිරිසුදු කළ පුද්ගලයා වේ.
මිනිස් ස්වභාවය තේරුම් ගෙන, සිරුරේ ස්වභාවය වටහා ගෙන ජීවිතයට මුහුණ දීම, ජීවිතය ජයග්‍රහණය කිරීමකි.
විසිතුරු ලස්සනටම ගත ඇරුණු
මහමස් කන්දකි ඇට යට කෙරුණු
තෙරුවන් සිරුරට විසිතුරු කරුණු
කළගෙඩියකි එය මළ මූ පිරුණු