වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ
“මහණෙනි, සැරියුත් මුගලන් දෙනම සේවනය කරව්.
මහණෙනි, සැරියුත් මුගලන් දෙනම භජනය කරව්.
මහණෙනි, සැරියුත් මුගලන් දෙනම පණ්ඩිතහ.
සබ්‍රහ්මචාරීන්ට මැනවින් අනුග්‍රහ කරන්නාහ.
මහණෙනි, සැරියුත් නුඹලා සැමට මවක් වැනිය. මුගලන් කිරිමවක් වැනිය. මහණෙනි, සැරියුත් භික්ෂු සංඝයා සෝවාන් ඵලයෙහි පිහිටුවයි. මුගලන් අරිහත්ඵලයෙහි පිහිටුවයි.
මහණෙනි, සැරියුත් තෙමේ චතුරාර්‍ය්‍ය සත්‍ය විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නට, දේශනා කරන්නට, පණවන්නට, පිහිටුවන්නට, විවරණය කරන්නට, බෙදා විභජනය කරන්නට අතිශයින් ම සමර්ථ වෙයි. දක්ෂ වෙයි. ඒ සඳහා සුදුසු වෙයි. ”
( බුදුපියාණන් වහන්සේ. මජ්ජිම නිකාය – සච්චවිභංග සුත්‍රය. )
ඉහත සඳහන් වුයේ සම්මා සම්බුද්ධ වචනයි, ඇසුරු කරයුත්තෝ කෙබඳු විය යුතුද යන්න ඉතා මැනවින් අප මහා බුදුපියාණන් වහන්සේගේ මේ දේශනාවෙන් පැහදිලිව පෙන්වාදී ඇත. මෙබඳු අති උතුම් මහා රහතන්වහන්සේලා වැනි උත්තමයෝ මෙකල අති දුර්ලභ බැවින් සැබෑ කලණ මිතුරන් සොයා ගැනීමද, අතිශයින්ම දුෂ්කර කරුණක් වී ඇත. මෙලෙසින් අතිශයින්ම දුර්ලභ වන කලණ මිතුරා වනාහි නිවනම අරමුණුකොට නිවන් මාර්ගය පුර්ණය කර ගැනීම උදෙසා දොරටුව විවරකරදෙන සත්පුරුෂ උත්තමයෙකි.
පුජ්‍ය පාද වහරක අභයරත්නාලංකාර හිමිපාණන් වහන්සේ, වහරක, ගෝනගල්දෙණිය ගමේහි වර්ෂ 1950 දී, වීරසිංහ අරච්චිගේ අභයරත්න යන නමින් උපත ලබා වහරක මහා විද්‍යාලය තුලින් අධ්‍යාපනය ලැබූ අතර, ධර්ම පොත්පත් අභාෂය තුලින් සහ උන්වහන්සේ සහජයෙන් ලද දහම් ප්‍රඥාව තුලින් සිය දහම් මඟ වර්ධනය කරගත්හ. සහජයෙන් ලද උරුමය නිසාවෙන් කුඩා කල සිට භාවනාවට හිතතබා දහම් මඟ වැඩීමට පුරුදුවුණු අතර ඒ තුලින් සමාධියේ ඉහළ අවස්ථා කරා යොමුවී, මේ අත්භවය තුළ බුදු මඟ යෑමේ ඉදිරි පියවර තබන ලද්දේය. උන්වහන්සේ පරම දුර්ලබ බුදුදහම පිළිබඳව බොහෝසෙයින් පර්යේෂණ සිදුකලේ සියලු ලෝක සියලු සත්වයන් හට නිවැරදි ධර්මමාර්ගය අවබෝධකරදීමේ උතුම් අධිෂ්ඨානය නිසාවෙණි.
අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ පින්වත් අබේරත්න පුතණුවෝ තම තරුණ ජීවිතය කරා යොමුවූයේ අසීමිත පරිත්‍යාගශිලී බවකින් සහ කැපකිරීම් මධ්‍යයේ බැව් පසුකාලීනව කරන ලද ධර්ම දේශනා වලින් පැහැදිලි කෙරේ.
නොයෙක් අත්දැකීම් ලබමින් දැනුවත් වෙමින් දිවිගමනේ 27 වෙනි වසරට සපැමිණි අබේරත්න තරුණයා හට චන්ද්‍රලතා නම් තරුණිය සමග අතිනත ගැනීම සිදුවු අතර මෙම විවාහය ගිවිසගැනීමේ අසිරිමත් ම පැතිකඩ වන්නේ මතු යම් දිනයකදී සම්මා සම්බුද්ධ සාසනයේ මහණදම් පිරීමට දෙදෙනා තුළම ඇති කැමැත්ත එමොහොතේම ප්‍රකාශයට පත්වීමය. අබේරත්න තරුණයා දියණියකගේ සහ පුත් කුමරුවකුගේ දයාබර පියෙකු බවට පත්වීම මෙම විවාහය කරණකොටගෙන සිදුවුණි.
ලෝකයේ පවතින්නාවූ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක යන්නාවූ ධර්මතාවයන්ට මුහුණදෙමින් දිවිගමන තුළදී භාවනා ආදී බොහෝ පුණ්‍ය කටයුතු වලම නිරත වෙමින් තම දහම් මඟ එළිපෙහෙළි කරගත්තේය. මේබඳු පුණ්‍ය ක්‍රියාවල යෙදෙන අතර ලෝක සත්වයා පිලිබඳ පහළවූ අසීමිත දයානුකම්පාව හේතුකොටගෙන හැකි සෑම යහපතක්ම කිරීමට කාරුණික විය.
සිය ගුරු හිමියන් ලෙස දඹදෙණිය හත්පත්තුවේ ද්විතීය සංඝනායක සද්ධර්ම කිර්ති ශ්‍රී රේවත, අති පුජ්‍ය දියකෙලිනාවල මේධංකර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ යටතේ වීරසිංහ අරච්චිගේ අබේරත්න මහතා පුජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි ලෙසින් මහණ දිවියට එළඹුණේය.
මෙලෙස මහණ දිවියට පත්වූ අබේරත්න මහතා, තමන් සතුව තිබූ සියලු දේපළ සාසන උන්තිය සඳහා කැප කිරීමෙන් පසුව ගිහි කල බිරිඳ සහ දියණියද සිල් මාතාවන් ලෙස සිය කැමැත්තෙන්ම මහණ දිවිය ආරම්භ කළේය. දියණිය ද තමන් සතුව තිබු නිවස සහිත දේපළ සම්මා සම්බුද්ධ සාසනයේ අභිවෘර්ධිය උදෙසා පුජා කිරීමෙන් පසු එම ස්ථානය මෙහෙණි ආරාමය වෙනුවෙන්ම වෙන් කෙරුණු අතර ගිහිකල තම පුතු ද ඔහුගේ මනාපය පරිදි සම්බුද්ධ සාසනය තුල පැවිදි විය. මේ සමඟම මෙම පවුලේ සියලුදෙනා සසර දුක් කෙලවර කර නිවන් සුවය අත්පත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවේන් බොඳු මඟ යෑමේ ගමන ආරම්භ කළෝය.
පහසුවෙන් අවබෝධ කළහැකි ලෙසින් සද්ධර්මය දේශනා කිරීම, වචන වලට ගැති නොවී අදහස ඉතා හොඳින් තේරුම් ගතහැකි ලෙසින් සහ අවශ්‍යව ඇති කොටස නියමිත අන්දමින්, මුල මැද අග ගලපමින් සරල සිංහල යොදා ගනිමින්, විශේෂයෙන් ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙසින් දේශනා ඉදිරිපත් කිරීම නිසා බොහෝදෙනාට පහසුවෙන් ධර්ම අවබෝධය ලබාගැනීමේ අතිදුර්ලභ අවස්ථාව උදාවී ඇත. අවබෝධයට වඩාත් පහසුවීම පිණිස යොදාගනු ලබන උදාහරණ වල විශේෂත්වය වන්නේ නිතර අප දකින, නමුත් අපගේ සිත් යොමුනොවන උදාහරණ ඒ සඳහා යොදා ගැනීමයි.
වහරක හිමිපාණන් වහන්සේගේ දේශනා ශක්තිය වන්නේ, කෙනෙක් විමසනු ලබන පැනයක් සඳහා දෙනුලබන පිළිතුරු දේශනාවේදී, අසනලද පැනයට පමණක්ම නොව ඒ ආශ්‍රිතව ඇති සෑම අතිසියුම් ගැටළු සියල්ලක් සඳහාම පිළිතුරු ලබාදීමය. මේ අන්දමට පිළිතුරු ලැබෙන්නේ උන්වහන්සේ වෙත ලැබෙන සියලු ප්‍රශ්න, කොටස් වලට බෙදා විභජනය කොට ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙස දේශනා වන නිසාවෙනි.
මෙම දේශනා ප්රාතිහාර්යය වඩාත්ම අසිරිමත් වන්නේ, වහරක හිමිපාණන් වහන්සේගේ පටිභාන කාව්‍යමය දේශනාවන් නිසාවෙනි. මෙම පටිභාන කාව්‍යය නම්, එක් අර්ථයක් විග්රහ කිරීමේදී එම අර්ථ විග්‍රහය සඳහා උදාහරණ උපමා ද ඇතුලත්ව කවි සමුහයක් මඟින් මෙම විග්‍රහය කිරීමයි. මෙම කාව්‍යයෝ නිතැතින්ම එම මොහොතේ ගෙතී එන්නක්ම වන අතර, මුල මැද අග සහ අක්ෂර ඝණ මාත්‍රා යන සියල්ල ගැලපී විතරාගී ස්වර රටාවකින් ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙසින් දේශනා වන්නක්ම වන නිසාවෙණි.
වහරක හිමිපාණෝ මෙලෙස ධර්මය දේශනා කරන අවස්ථා වලදී, නිතැතින්ම සිහියට නැඟෙනුයේ බුද්ධ කාලයේ දී දේශනා ප්රාතිහාර්ය කෙලෙසනම් සිදුවන්නට ඇද්දෝයි යන සිතුවිල්ලමය.
වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් ඉතාම අල්පවූ පහසුකම් වලින් සමන්විතව ආරම්භ කෙරුණු කුඩා ධර්මශාලව ක්‍රමක්‍රමයෙන් පින්වතුන්ගෙන් පිරීඉතිරීගියේ එම පිරිස් ශ්‍රවණය කරන ලද්දාවූ ශ්‍රී සද්ධර්ම රත්නය හේතුකොටගෙන ඔවුන්ගේ දහම් ඇස විවෘත වූ නිසාවෙණි. මෙසේ දහම් ඇස විවෘත වූ පිරිස් ඔවුනොවුන් විසින් මෙම සදහම් පණිවිඩය අන්යටද ලබාදීමට නොපැකිලව උත්සුකවුයේ සියලු ලෝක සියලු සත්වයාහට ඇති දයානුකම්පාව හේතුකොටගෙනමය. මේ අන්දමින් සද්ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස් නිතිපතා වැඩිවීම හේතුවෙන් ධර්මශාලාව අතුරුසිදුරු නොමැතිව පිරීඉතිරී යනු දුටු සැදැහැවතුන් ඔවුන්ගේම උවමනාව පරිදි අලුතෙන් ගොඩනැඟිලි ඉඳිකරන්නටත්, අලංකාර කරන්නටත්, සංවර්ධනය කරන්නටත්, පටන්ගත් අතර මේවනවිට මෙම පුණ්‍ය භුමිය ඉතාම අලංකාරව, බෞද්ධ සිද්ධස්ථානයක තිබියයුතු චෛත්‍යය රාජයාණන් වහන්සේ, බෝධින් වහන්සේ මෙන්ම බුදු මැඳුර යන සියලු අංගයන්ගෙන් සමන්විතව නිමවා අති අතර වන්දනාමාන සඳහා පැමිණෙන අතිවිශාල වූ බැතිමතුන් සඳහා අවශ්‍යවන පහසුකම්ද සලසා ඇත.
වහරක හිමිපාණන් විසින් බොදුනුවන්ගේ දහම් ඇස අවධි කිරීම හේතුවෙන් ඔවුන් විසින් කරනලද පුජාවන් ඤාණසම්ප්රයුක්ත්ව ත්‍රිහේතුක උත්කෘෂ්ඨව කරන ලද හෙයින් ඔවුන් හට ලෝකෝත්තර මෙන්ම ලෞකික සහනය ලබා ගැනීමේ අවස්ථාව හිමිවීම නිසාම මෙම පුණ්‍ය භූමිය කෙරෙහි පින්වතුන්ගේ ප්‍රසාදය දිනෙන්දිනම වර්ධනය වෙමින් පවතී.
සම්බුද්ධ ශාසනය ලොව පවතිනතක්කල් පවතිනු සඳහා සැදැහැවත් පින්වත් පිරිස් මෙම පුණ්‍ය භුමිය ඉඳිකරනු දුටු වහරක හිමිපාණෝ ඔවුන් සියලුදෙනාටම මෙන්ම සියලුලෝක සියලු සත්වයාහටද මහා දයානුකම්පාවකින් මෙත්සිතම පැතිරවූහ. සියලුලෝක සියලු සත්වයාහට මහා දයානුකම්පාවෙන් මෙත් සිත පතුරවමින් දහම් ඇස අවධි කරවීමට උපකාරීවන වහරක අභයරත්නාලංකාර හිමිපාණන්ගේ ඇති උතුම් ගුණසමුදාය දැකගන්ම සඳහා මෙන්ම දහම් අවබෝධය ලබාගැනීමටත් උන්වන්සේ පිටතින් නොවිමසා උන්වහන්සේවම විමසා දත යුතුය.
තථාගතයන් වහන්සේව පර්යේෂණය කරන ලෙසට බුදුපියාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට දේශනා කරන ලද්දේය. “ විමංසක මහණ, තථාගතයාන්වහන්සේ සම්මා සම්බුද්ධ ද, නැද්ද යන්න පර්යෙෂණ කර දැනගන්න” ලෙස අප මහා බුදුපියාණන් වහන්සේ වදාළේ යථාර්තය අවබෝධ කර ගැනීමට ඇති ක්‍රමයක් එතුල ගැබ්ව ඇති බැවිනි. එනම් උන්වහන්සේ ගැන පරික්ෂා කරන නැණවතුන්ට උන්වහන්සේගේ කිසි ක්‍රියාවක අංශු මාත්‍ර වරදක් නොදකින වැවින් බුද්ධාලම්භන ප්‍රීතිය සමග සද්ධාව මුල් බැසගන්නා බැවිනි.

ඔබ වහන්සේගෙ කුඩා කාලය ගැන කිව්වොත්?
ඉපදුනේ 1950 ජූලි මාසෙ 10 වෙනිද. ගෝනගල්දෙනිය වහරක කියන්නෙ මේ ගමමයි. උපං ගමත් මෙහෙ. ඉපදුනේඉස්පිරිතාලෙක නෙමෙයි. අපේ මහ ගෙදර තියනකොට එහෙ තමයි උප්පත්තිය ලැබුවෙ. එතන පටං ගෙන මේ කාලෙ වෙනකං අවුරුදු 59 ක් විතර වෙනව.
මහණ වුනේ?
මහණ වෙලා දැං අවුරුදු 4ක් විතර වෙනව. ගිහිවතේ සෑහෙන කාලයක් ගතකලා. පොඩි කාලෙ ඉඳං ධර්ම මාර්ගය අනුගමනය කිරීම තමයි කරල තිබුනෙ. වැඩිපුරම තිබුනෙ ධර්ම පර්යේෂණ. ඒවායෙ ප්‍රතිඵලයක් වශයෙන් අවසාන මල් පල ගැන්වීමක් තමයි පැවිද්ද.
මීට කලින් මහණ වුනේ නැත්තෙ ?
ඒක ඉතිං නිගමනය කරන්න බෑ. දෛව තත්ත්වය කැරකෙන හැටි තමයි. අපිට ඒ බලාපොරොත්තු ඕන තරම් තිබුන. නමුත් ඒ බලාපොරොත්තු එකක් වත් ඒ ඒ කාලෙට ඉෂ්ඨ උනේ නෑ.
සමහර වෙලාවට ලෝක ස්වභාවය අත්දැකල හිටං යන ගමන තුල විශේෂයෙන් අවබෝධය ලැබෙනව. අන්න ඒක අත්දැකීම් සහිතයි. අත්දැකීම් රහිත අවබෝධය ලැබෙන්නෙ අන්න්ත සංසාරෙ එබඳු පාරමිතා ගුණ පුරපු අයටයි. ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ඒ තත්ත්වයට පත්වෙන්න මූලික අත්දැකීම් මේ ගිහි ජීවිතයෙ හුඟක් ලබලයි ගියෙ. සෑම බුදුවරයෙක්ම යන්නෙ එහෙම. අපි එතන කියනව නෙමෙයි නමුත් ඒකත් එක්තරා රටාවක්. මොකද අනුමාන වශයෙං අත්දැකීම් ගැන හිතනවට වැඩිය මේ ලෞකික ගිහි ජීවිතයෙ සැප සම්පත් කියන ඒවා, මේවයෙ ස්වභාවය, පවුල් ජීවිත වල ස්වභාවය තමන්ම භුක්ති විඳීම හොඳ ලස්සන අත්දැකීමක් වෙනව. ඒක අවබෝධයට හරි වැදගත් වෙනව. හේතු වාසනා තියෙන්නත් පුළුවන් හේතු කාරක තියෙන්නත් පුළුවන් ඒ අවස්ථාවට පත්වෙන්න.
ඔබ වහන්සේ මුලින්ම ධර්මයට නැඹුරු උනේ?
ඒ කාරනේ කියන්න අමාරුයි . ඉතාම කුඩා කාලයේ පටං තිබිච්ච පර්යේෂණ බලාපොරොත්තුවක් තිබුනා. බුදුරජානන් වහන්සේ දේශනා කරපු සත්‍යය ධර්මය මොකක්ද කියල හොයල ලෝකෙට දෙනව කියන අදහස. ඒක අවුරුදු හතර පහ තරම් ඉතාම කුඩා කාලෙ ඉඳන් තිබිච්ච දෙයක්. කෙනෙක්ගෙං අහල දැනගෙන උද්දාමයක් ඇතිවෙලාවත් උද්වේගයක් ඇති වෙලාවත් කරපු දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම ඇති වෙච්ච දෙයක්. සසර උරුමයක් හේතුව වෙන්න පුළුවන්.
සෝවාන් වෙන්න අවශ්‍යය සද්ධර්ම ශ්‍රවනය, කල්යාන මිත්‍ර සේවනය ආදිය ඔබ වහන්සේට ලැබුනේ?
ඒක හුඟක් ගැඹුරු ප්‍රශ්නයක්. දැං මෙහෙම කියන්න පුළුවං. බුදුරජානන් වහන්සේගේ මූලික ශ්‍රාවක පරම්පරාව ඉතා පිරිසිදුව ඉන්න කාලෙ යම්කිසි කෙනෙක් සෝවාන් උනා කියල අපි හිතමුකෝ දැනට අවුරුදු හාර පන්සීයකට ඉස්සෙල්ල. තව භව ගනනාවක් එයා එනවනෙ සසර ගමනෙ. ඒවාගෙ එන පිරිස් අදත් ඉන්නව. ඒ කියන්නෙ දැනට අවුරුදු හාරපන්සීයකට , හත් අටසීයකට ඉස්සෙල්ල හොඳට පිරිසිදු ධර්මය තියෙන අවස්ථාවක ධර්මය අවබෝධ කරගෙන එදා සෝතාපන්න වෙච්ච අය මේ කාම ලෝකෙ සැරි සරාගෙන තව කාලයක් යනව. තවම වැඩි කාලයක් නෑනෙ ඒ මූලික සුද්ධ පරපුර නැතිවෙලා.
ඒ කාලෙ එහෙම වෙච්ච පිරිස් අදත් බොහෝ කොට ඉන්නව. මේ ලංකාවෙමත් ඉපදිච්ච අය ඕන තරම්. එහෙම පිරිස් වලට කවදාවත් තව කෙනෙක්ගෙං ධර්මයක් අහල මූල ආරම්භ කරන්න අවශ්‍යය නැහැ. ඒක ලබලනෙ තියෙන්නෙ. පරප්‍රත්‍යය රහිතයි. අනුංගෙ ආධාරයක් අවශ්‍යය නැහැ. උඩ බලපුවහම ඉරහඳ පේනව වගේ යථා ධර්මය පේනව. අත්හැරී ගිය කොටස අත් හැරී ගියාමයි ආයෙ සැරයක් එන්නෙ නෑ.
ඒ නිසා උප්පත්තියෙ පටන්ම ඒ අයගෙ ඒ ගති ලක්ෂණ තියෙනව. ඒ පිරිස් වලට පුළුවන් තව ආධාරයක් නැතුව මේ කාලෙ ධර්ම අවබෝධය ලබාගන්න. එහෙම අය ඕන තරං ඉන්නව . යම්කිසි කෙනෙකුට දේශනා ශක්තියක් තියෙනවනං තමයි ඒ අහගත්තු දරාගත්තු දේ නැවත වාරයක් ලෝකෙට දෙන්න පුළුවං හැකියාව ලැබෙන්නෙ. වැඩිහරියක් ශ්රාවකයින්ට දේශනා ශක්තිය නෑ. තමන්ට අවබෝධය තියෙනව. ඉතිං එහෙම අය දූ දරුවො වශයෙං පොඩි අය වශයෙං තවත් සමාජයෙ ඉන්නව. ඒ ගොල්ලො පුංචි කාලෙ ඉඳංම හිංගි හිංසා කරන්න සත්ත්ව හිංසා කරන්න කැමති නෑ. හොර මැර වංචා කරන්න කැමති නෑ. හොඳ දැහැමි ජීවිතයක් ගතකරන්න කැමතියි. එහෙම ස්වභාවයක් තියෙනව.
අන්න එහෙම එකක් තමයි ලෝකෙ තියෙන්නනෙ. ඔය තුලින් තෝරගන්න ඕනෙ අපි යන්නෙ කොහොමද කියල.
ඔබ වහන්සේව මුන ගැහෙන්නෙ?
සෙනසුරාදයි පෝය දවසයි මාසෙ පෝය සහ පාලොස්වක කියන දවස් දෙකයි. අනිත් දවස්වල මගේ සමාධියට අයිති වැඩේ කරගන්නව. ඒක ට නිදහස අවශ්‍යයි. ඒකයි වෙන් කරල තියෙන්නෙ.
ඔබ වහන්සේ ලඟ කෙනෙකුට මහණ වෙන්න අවශ්‍යය නම්?
ලෝක සම්මතයක් තියෙනව පැවිදි වෙලා උපසම්පදා වෙලා අවුරුදු දහයක් යන්න ඕනෙ කියල කෙනෙක් පැවැදි කරන්න තමන්ට අවසර ගන්න . ඒ සම්මත කඩල අපිට කරන්න බෑ.. සම්මත බිඳීම ගැලපෙන්නෑනෙ.
වෙන තැනක මහණ වෙලා ආවොත්?
පුළුවං, ප්‍රතිපත්ති මාලාව විතරයි අවශ්‍යය වෙන්නෙ. තමන්ට නිදහස් තැනක ඉඳං ප්‍රතිපත්ති පුරාගන්න ඕනෙ. මම ඉතිං බාහිර වැඩිපුර පිරිස අරගෙන තව කරදර වැඩි කරගන්නෑ . ඒක මගෙ නිදහසට බාධයි. ඒ හින්ද මම තව කවුරුවත් බාහිර අය තියාගන්නෙ නෑ මේ කාලෙ වෙනකොට. ඉදිරි අනාගතයේදි ඒවාට සුදුසු පිරිසක් ඊට ගැලපිල කටයුතු කරගත්තොත් මට ප්‍රශ්නයක් නෑ . එහෙම පිරිසක් සකස් වෙලා, ඊට අවශ්‍යය තැනක සත්කාර කරන්න ඇප උපස්ථාන කරන්න පිරිසක් එහෙම ලෑස්තිවෙලා, ඉදිරි කාලෙ සකස් උනොත් අවවාදයක් අනුශාසනාවක් අපිට දෙන්න පුළුවන් ඒව කරගෙන යන්න.
දැනට අත්‍යාවශ්‍යයයෙන්ම ඒකට හිමි පිරිසක් ඉන්නව , ඒක විග්රහ කරල තේරුම් කරල දෙන්න අමාරුයි. ඒ සසරෙදි සම්බන්ධ වෙච්ච පිරිසක් . ඒ පිරිසට ඉන්න ඉඩ ඇරල ඒ අවස්ථාවෙන් මේ කටයුතු කරගෙන යනව.
අවශ්‍යය අයට අවශ්‍යය ධර්මය දෙනව ඉතිං ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ධර්මය අහල තම තමන්ගෙ ගෙවල් වල ඉඳල හරි මේ ඵල ලබන්න පුළුවන්. ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් බව අත්දකින්න පුළුවන් බවට හේතු සාධක තියෙනව. ඒක ඉතිං කෙනෙකුට කියල ඔප්පු කරල පෙන්වන්න බෑ. ඒ ලැබූ අය තමයි ලැබූ තත්ත්වයන් දන්නෙ. තමංගෙ චිත්ත ශාන්තිය තමන්නෙ දකින්නෙ. කෙනෙකුට මේව විග්රහ කරල දෙන්න බෑ ඒකයි.
ඔබ වහන්සේ බණකට දානෙකට වඩම්මන්නේ?
ඒවට වඩින්නෙ නම් නෑ.
ඔබට මඟ හැරුණු යහ පාලනය!
මේ දිනවල බහුතරයක් පිරිස උනන්දුව සිටින්නේ දේශපාලනය සම්බන්ධවූ මාතෘකාවන් සමඟයි. අන්තර්ජාලය හරහා හෝ වේවා එදිනෙදා ජීවිතයේදී හෝ වේවා කතා බහ කරන්නට යෙදෙන ඔබ තුල දක්නට ලැබෙන්නාවූ නොදන්නාකම පිළිබඳව විවෘත මනසකින් විමර්ශනය කොට ගැඹුරින් සිතා බලා යහපත සලසා ගැනීම පිණිස මෙම සටහන අංශු මාත්‍ර වශයෙන් හෝ වේවා උපකාර යන මෙත් සිතින් යුතුව සටහන් තබමි.
බෞද්ධ යැයි පවසන බොහෝ පිරිසක් පවසන්නේ මේ ලක්බිම බෞද්ධයන් වැඩි ප්‍රතිශතයක් සිටින බෞද්ධ රටක් බවයි. එහෙත් ඔබගේ ක්‍රියා, වදන් තුල ඒ බෞද්ධ බව තිබෙනවාදැයි බුද්ධිමත්ව විමර්ශනය කල යුතුමය.
දේශපාලනික වාද විවාද හමුවේ බොරු, කේළාම්, පරුෂ වචන, අපහාස කිරීම්, චරිත ඝාතනය කිරීම් ආදියෙන් නොනැවතී බුදු රජාණන්වහන්සේ සහ ධර්මයට අදාල කොටස් නොගැලපෙන ලෙසින් යොදාගෙන කරන්නාවූ තර්ක වාද බොහෝමයක් දැකගන්නට ලැබිණි.
එපමණක් නොව දේශපාලනික වශයෙන් පමණක් දැක සම්මා සම්බුදුරජාණන්වහන්සේලා උදෙසා මේ ශාසනය උදෙසා සකස් කොට පූජා කරන්නට යෙදෙන්නාවූ “සඳහිරු සෑ රඳුන්“ දෙකඩ වන තෙක් බලාගෙන සිටින්නාවූ තමන් බෞද්ධ යැයි කියනා පිරිස් හමුවීමද මෙම සටහන තැබීමට තවත් හේතු කාරණාවකි.
ශාසනය උදෙසා කරන්නට යෙදුනාවූ මහා පින්කමක් රටේ සාපයක් ලෙසින් දැකීමට තරම් ඔබගේ බෞද්ධ යැයි කියාගන්නා මනස විකෘති වන්නේ කෙසේදැයි තමන්ගෙන්ම විමසා දැකිය යුතුමය. පස්ගොඩක් එකතු කොට... වැලි ගොඩක් එකතුකොට බුදු හිමියන් සිහිපත් කොට ඒවායේ අගයවත් නොදැන වන්දනා කලාවූවන්නටත් එයින් ලැබුණු ආනිංශසයන් මෙතෙකැයි කියා නිමකරන්නට නොහැකියි... ඒ ආරම්භයන් අරිහත්වය දක්වාම රුකුල්වූ ආකාරය අපදාන පාලියේ ඉතාමත් පැහැදිලිව සටහන් වීද ඇත.
මහා පුණ්‍ය කුසල ශක්තියක් රැස්වන්නාවූ රැස්කරගත හැකි මෙවන් වූ මහා පින්කමක් මෑතකාලයේදී තමන්ට දැක සතුටු වීම පිණිස කරවීම පිළිබඳව සතුටු වීම පසෙකලා එහි වූ අඩුපාඩුකම් ගැන පුන පුනා කතා කරමින්... මේ පින්කම සාපයක් ලෙසින් දකමින්... එහිදී පුදන්නට වූ රත්ත්‍රන් පිළිබඳව සොයා බැලිය යුතුයැයි කතා කරමින්... දේශපාලනික වශයෙන් පමණක් සිතමින් නන් අයුරින් මේ පින්කම බාලකරන්නට වෙර දරන ඔබ මේ යන්නේ කොයිබටද? මෙහි බරපතලකම ඔබට මොහොතකට හෝ අංශු මාත්‍ර වශයෙන් හෝ දැනුනා නම් ඔබ මේ ආකාරයෙන් ඔබගේ සිත, කය, වචනය හසුරවනවා තබා ඒ ගැන සිත් මාත්‍රයක්වත් පහල කරනොගනු ඇත.
ශාසනහිතකාමී දෙවියන් කෝපවන්නේ මේ පින්කම තුල සිදුවූ අඩුපාඩු නිසාවෙන් නොව බෞද්ධ යැයි පවසමින් ඔබ විසින් ශාසනය එල්ල කොට කරන්නාවූ මේ මහත් වූ අකුසල් සහගත විපරීත ක්‍රියාවන් නිසාවෙන් බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇත. තමන් කරන පින්කම මහා පින්කමක් ලෙසින් සැලකීමටත් අනුන් කරන්නාවූ තමන් අකමැති පිරිස් කරන්නාවූ පින්කම් අවතක්සේරු කිරීමත් සසර දුකෙන් මිදීමට තබා සුගතිගාමීවීමටත් ඔබට රුකලක් ගෙන නොදෙන බව බුද්ධිමත්ව විමසා දැකගත යුතුය.
මෙවන් වූ අඩුපාඩු ඔබතුල වේ නම් එය සුළු පටු කොට විහිළුවක් කොට නොසැලකිය යුතුමය. ඒ අංශු මාත්‍ර හෝ මෙවන් වූ අඩුපාඩු වේ නම් ඒවා ඔබටත් සමාජයටත් මේ තුන්ලෝකයකටත් ගෙන දෙන අයහපත මෙතෙකැයි කිව නොහැකිය. ඒ නිසා බුද්ධිමත්වන්න! මේ දේවල් තෝරාගෙන යහපත උදාකරගත හැකි අපූරු ධර්මයක් තිබියදී සසර අනාථයෙක් නොවන්න!
දේශපාලනික වශයෙන් සම්බන්ධවී සිටින්නාවූ ස්වාමීන්වහන්සේලාගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සලකා උන්වහන්සෙලා පහත් කොට සැලකීම බහුතරයක් තුල සිදුවන තවත් අහිතකර තත්වයකි. බුදු පියාණන්වහන්සේලා විසින් ශාසනයක් නියෝජනය කරමින් චීවරයක් දරන්නේ නම් උන්වහන්සේලා තුල පැවතිය යුතු විනයක් වශයෙන් මේ මේ දේවල් නොකල යුතුයැයි පැවසුවේද මේ තමන්ටත් තුන්ලෝකයක තවත් බොහෝ සත්ව කොටස් වලටත් සිදුවන හානිය නිසාමය. ඒ දේවල් ගැන නොසිතා උන්වහන්සේලා කරගන්නා මහා විනාශයට ඔබද හවුල්කාරයෙකු නොවන්නේ නම් ඔබ දුර්ලභ මනුශ්‍යයකු ලෙසින් බුද්ධිමත්භාවයෙන් කටයුතු කලා වැනිය.
දේශපාලන කටයුතු නිසාවෙන් සිත, කය, වචනය හසුරුවන විට තමන්ටත් අනුන්ටත් ඒ තුලින් කොතරම් යහපතක් සිදුවේ දැයි විමර්ශනයෙන් යුතුවම ඒ ඒ දෑ කරන්නට තරම් බුද්ධිමත් විය යුතුය.
“ධර්මය යැයි කියා සමාජයේ පවතින තත්වයට කතා නොකර සිටිය යුතු නැත“ යන්න යමෙක්ගේ තර්කයයි. ඒ නිසා ඔබට ද්වේශ සිත් ඇතිවන ලෙසින් ඒවා කරන්නට එපා යැයි පවසන්නට මට කිසිසේත්ම අයිතියක් නැතත් නිර්වාණය ලැබීම පිණිස තම තමන්ගේ යහපත උදාකරගැනීම පිණිස අංශු මාත්‍ර හෝ උපකාරයක් සපයන්නෙකු වශයෙන් ඔබ විසින් ඔබ ගැන පමණක්ම නොව පක්ෂ විපක්ෂ අනාථව සිටින සියලු සත්ව පිරිස් වෙතත් සිදුකරගත යුතු සැබෑම යහපත කරගැනීමට උපකාරයක් වන ආකාරයෙන් විමර්ශණය පිණිස මේ සටහන තබන්නෙමි.
ලෞකික ලෝකයේ යම් යම් දෑ කතා කරනා විට විහිළු තහළු පවා කරගන්නා විට තම තමන්ගේ සීමාවන් හඳුනාගැනීමට බුද්ධිමත් විය යුතුය. මන්ද ලෝකයක් යම් හෙයකින් වර්ණනා කරන්නේ නම් එය බුදු හිමියන් පෙන්වා දුන්නාවූ ධර්මය තුල පවතින්නක් නොවේ. එසේ තිබෙනවා යැයි යමෙක් පවසන්නේ නම් එය ධර්මය තවමත් නොදුටු නිසාවෙන් පවසන්නාවූ දෙයක් විනා සැබෑවද නොවේ.
තවමත් අප සිත් තුල තිබෙන්නාවූ කෙලෙස් මට්ටම් අනුව ලෝකයේ බොහෝ දෑ සැබෑවක් ලෙසින් ගෙන නිත්‍ය සංඥාවෙන් ගෙන තමන්ට රිසි සේ පැවැත්විය හැකි දෙයක් යැයි සිතාගෙන සුවයක් සැපයක් ගෙන දෙන්නක් සේ සිතාගෙන “මම,මගේ, මගේ ආත්මය“ යැයි සිතාගෙන කියන කරන සිතන දෑ බොහෝ වේ.
එය සැබෑව නොවන බව හඳුනාගැනීම දුර්ලභ මිනිසෙක් වන ඔබගේ සැබෑම බුද්ධිමත්භාවයයි. එය සැබෑව නොවෙන බව දැන හැඳින කතා කරන විට ක්‍රියා කරන විට තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් අයහපතක් නොවෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් හැකි සිහිය තම තම නැණ පමණින් ලැබේ.
ලෝකය කෙතෙක් වර්ණනා කලද එය වෙනුවෙන් කොතෙක් ගැටුනද ලැබෙන්නේ අනාථවූ ලෝකයක අනාථයෙක්ම පමණක්ම වීමට විනා ඒ අනාථභාවයෙන් මිදීම නොවන බව ප්‍රඥාවන්තව තෝරාගත යුතුය.
මෙම ලිපියේ කරුණු සමාජයක් වශයෙන් අනුන් දෙස නිගා කොට බැලීම පිණිස නොව තම තමන් තුල මෙවන් වූ අඩුපාඩුකම් තිබේ නම් තමන්ටම අනුකම්පාවෙන් යුතුව ඒවා සකස් කොට ගෙන යහපත සලසා ගැනීම පිණිස වේ. මන්ද මෙවන් දෑ පැවසූ විට පළමුව තමන් තුල මේවා තිබෙනවාදැයි විමර්ශනය කිරීම පසෙකලා අපගේ සිත් යොමුවන්නේ බාහිරයේ වූ වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම පිණිසයි. පළමුව තමන් දෙස බලන්න... තමන් තුල ඒවා නොවේ නම් අන් අයටද තමන්ට හැකි අයුරින් යහපත සලසා ගැනීමට රුකුලක් වෙන්නට තම තම නැණ පමණින් කටයුතු කල හැකිය.
එසේ නොමැතිව ඔබ කියනවා නම් මේ රට විනාශ වෙනවා දූෂණ වංචා වැඩියි අන්‍යආගමිකයන්ගේ බලපෑම වැඩියි ලෙසින් ඔබ විසින් බුද්ධිමත්ව සිතිය යුතු වන්නේ රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධ ප්‍රතිශතයක් නම් මේවාට වගකිව යුත්තේ අවම ප්‍රතිශතයක් වන අන්‍ය ආගමිකයන්ද එසේත් නැතිනම් වැඩි ප්‍රතිශතයක් යැයි පවසාගන්නා බෞද්ධ යැයි කියාගන්නා පිරිසදැයි බුද්ධිමත්ව විමසා බලන්න.
අනුන්ගේ වැරදි කියමින් අනුන්ගේ වංචා දූෂණ සොයමින් කාලය ගත කරන ඔබ අංශුමාත්‍රයක්වත් ඔබගේ වරදක් සොයාගන්නට ඔබගේ සිත ඔබටම කරන වංචාව තෝරාගන්නට ඔබ තුල කෙලෙස් වලින් සිදුවූ ඇති දූෂණය සොයා ගන්නට යොදාගන්නේ නම් පුද්ගලයෙක් වශයෙන්වත් සමාජයක් වශයෙන්වත් රටක් වශයෙන්වත් මෙසේ පහත් තත්වයට ඇඳ නොවෙටෙනු ඇත.
ඔබ තනි පුද්ගලයෙක් වශයෙන් බුදු වදන නිතර සිහිපත්කොට ගෙන හැසිරුණා නම් වරද නිවරද දැක කටයුතු කලේ නම් සමාජයක් වශයෙන් මෙවන් විපත් අවම වනු නොවේදැයි අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් තිබේ නම් විමසා බලන්නට උත්සාහවන්ත වන්න.
“මාගේ ශාසනය විනාශ වන්නේ මේ ශාසනය තුල සිටින්නාවූ පිරිස් නිසා“ බව බුදු හිමියන් ප්‍රකාශ කල බව නිති සිහි තබාගෙන ඒ විනාශයට හවුල් දෙන්නාවූ රුකුලක් වන්නාවූ පුද්ගලයෙකු නොවී සැබෑවටම මේ ශාසනය රැකගැනීම පිණිස සිතිවිලි, ක්‍රියා, වදන් තුලින් කටයුතු කරන්නාවූ පුද්ගලයෙකු බවට පත්වීම අතිදුර්ලභ මනුශ්යත්වයක් ලත් අතිදුර්ලභ බුද්ධ ශාසනයක් ලත් ඔබගේ යුතුකම නොවේදැයි ඔබ විසින් ඔබගෙන්ම විමසා ඒ අනුව කටයුතු කල යුතු නොවේදැයි මොහොතකට සිතා බලන්න.
තමන්ගේ යුතුකම ලෙසින් සලසා රාගය ද්වේශය මෝහය වැඩීම පිණිස යමෙක් කටයුතු කරන්නේ නම් ඒ පුද්ගලයා තුල පවතින බෞද්ධ බවක් නැති බව විවෘත මනසකින් ප්‍රඥාවන්තව දැකීමට උත්සාහ කරන්න. මන්ද අවසන ඔබව බේරාගැනීමට කිසිවෙකු නොවනු ඇත.
සෑම ඡන්දයක්ම ජනාධිපතිවරණයක්ම මහ මැතිවරණයක්ම පමණක් නොවේ වාර්ෂිකව, මාසිකව, දෛනිකව ඒ ඒ ආකාරයෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම තමන්ගේ සිත ධර්මය තුලින් කොතරම් පෝෂණය වී ඇතිදැයි විමර්ශනය කර සොයා බැලීමට කමටහනක් කරගන්නට අවබෝධයෙන් යුතුව උත්සාහ කරන්න. තම සිත් තුල පෙරට වඩා රාගය, ද්වේශය, මෝහය අඩු වෙලාද? වැඩි වෙලාද? විමසන්න... බුද්ධියේ විමසුමට ලක්කල යුතු සැබෑම විමසුම මෙයයි.
භාවනා කරන්නට කාලය සොයන ඔබට මෙන්න මෙවන් වූ අවස්ථාවන් ඉතාමත් වටිනා භාවනාවක්ම වේවි. අන්තර්ජාලය හුදෙක් රාගය ද්වේශය මෝහය වැඩෙන තෝතැන්නක් කරනොගෙන ඔබගේ දුර්ලභ මිනිස් ජීවිතයෙන් නිසි ඵල නෙලාගැනීමට උපකාර කරගන්න.
බෞද්ධ අබෞද්ධ බව තීරණය වනුයේ ඔබගේ සිතිවිලි, ක්‍රියා, වදන් තුල පවතින ප්රඥාවන්තභාවය තුල මිස ලේඛණගත ප්‍රතිශත තුල හෝ උප්පැන්න සහතික තුල නොවන බව බුද්ධිමත්ව විවෘත මනසකින් දැකගන්නට උත්සාහ කරන්න.
පාටක් ඕනෑම නම් ලැබීමට සුදුසුය පාට වන්නේ පින් පාටය. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් වෙලී ඒ පාට ගන්නට අපහසුවේවි. පක්ෂව කතා කරන්නට අවශ්‍ය නම් කෙලෙස් තොර කරන නිකෙලෙස් පක්ෂය ගැන කතා කරන්න එයට සහාය දෙන්න අවාසියක් නැතිවම දූෂණයක් නැතිවම වංචාවක් නැතිවම ජය නියතයි! අනාගතය සුභයි!
අවසාන වශයෙන් ගැඹුරින් සිහිපත් කරගැනීමට ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් පවසනවා නම් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මැනගැනීම තුලම තවමත් කෙලෙස් ගැබ්වී තිබෙන කොට ඉන් මෙහා සත්‍යය මෙයයි... සත්‍යය මෙයමයි... ලෙසින් ගෙන කියන, කරන, සිතන දෑ තුල සාපේක්ෂ සත්‍යය ලෙසින් මුලාවක්ම මිස ගැබ්වූ සැබෑ සත්‍යයක් නොවෙන්නේමය.
චිත්‍රපටියක් දැක සතුටු වී දුක්වී කම්පනයන්ට ලක්වන්නේ යම්සේද අන්න එයම ඔබ සත්‍යය යැයි සිතා සිටින දේ තුලද පවතී. ඉන් ඔබ්බට ගිය කිසිඳු සංකීර්ණ බවක් ගැඹුරු බවක් ඒ තුල නොපවතී. මේ නුවණින් දකින්නේ යම්දිනකද එතැන් පටන් ඔබට බොහෝම සැහැල්ලුවෙන් යුතුව ඒ ඒ දෑ ගැන දැකිය හැකිය. වාතාවරණය අනුව කුමක් කතා කලද සිහියෙන් යුතුව තමාටත් අනුන්ටත් යහපත සැලසෙන ලෙසින් ඒ ඒ දේ කතා කිරීමටත් සාමකාමී මනසක් පවත්වාගනිමින් ක්‍රමයෙන් කම්පනයන්ට ලක්වීම නතර කරගැනීමටත් හැකිවනු ඇත.
ඔබගේ අසංවර පාලනයකින් තොර සිත, කය, වචනය ඔබටම සාපයක් වී ඇතිවා විනා, සමාජයටම සාපයක් වී ඇතිවා විනා, රටටම ලෝකයටම සාපයක් වී ඇතිවා විනා කිසිවෙකුත් එයට වගකිව යුතු නොවේ.
ඔබ විසින් ඔබගේ සිත, කය, වචනය සංවරත්වයෙන් යුතුව පාලනයකින් තොරව පාවිච්චි කරන්නේ යම් දිනකද එදිනට ඔබට යහ පාලනය උදාවනු ඇත. ඔබට සාපයක් වීමට රටක පාලකයෙකුටවත් රජයකටවත් නොහැකිවා සේම ඔබට යහ පාලනයක් ගෙන එන්නටද කිසිදු පාලකයෙකුට හෝ රජයකට නොහැකිය.
“කිසිවෙකුටත් ඔබගේ ගැලවුම්කරුවා වීමට නොහැකිය. ඔබගේ සිත, කය, වචනය සංවරත්වයට පත්කරගන්නේ යම්දිනකද ඔබ ඔබගේම ගැලවුම්කරුවා වනු ඇත“ යන බුදු වදන පසෙකලා සෑම දිනයකම බාහිරයෙන් ගැලවුම්කරුවන් ලැබෙන තුරු බලාගෙන සිටීම ගැලවුම්කරුවන් තෝරාගැනීමට ජනාධිපතිවරණ මැතිවරණ එනතෙක් බලාගෙන සිටීම ප්රඥාවන්තදැයි තම තම නැණ පමණින් විමසා දැනගනිත්වා!!!
බෞද්ධ යන නාමය ඔබට ලැබී ඇති පමණින් ඔබ සම්මා දිට්ඨිකයෙක් බවත් මිත්‍ය දෘෂ්ඨිකයෙකු නොවන බවත් ඔබට සිතේ නම් ඔබට වැරදුණු මුල්ම දේ එයම වේ. එනිසා ප්‍රඥාවන්තවන්න!!!
ඔබව ගලවාගැනීමට කිසිවෙකුත් නොපැමිණෙනු ඇත. අවසන ඔබට මේ ලැබී ඇති දුර්ලභ මිනිස්බවයද අහිමිවනු විනා ලැබෙනා කිසිවක්ම නොවනු ඇත! මේ සසර බිය හැකිනම් දැක වටහාගන්නට තරම් ප්‍රඥාවන්ත වන්න!!!
තෙරුවන් සරණින් සැබෑම වංචාව, දූෂණයත් ඒවායෙන් මිදුණ සැබෑම යහ පාලනය දැක ඒ වෙනුවෙන් තම තම නැණ පමණින් කටයුතු කරගැනීමට තරම් දුර්ලබ මිනිසෙක් වශයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරගැනීමට සියලු දෙවි රැකවරණයත් තෙරුවණේ ආශිර්වාදයත් සැමටම ලැබේවා!!!
මොහොතකට හෝ රැවටී ඇත්නම් මඟ නොමඟ වී ඇති නම් තෙරුවණේ සරණ ලැබ රැවටීමෙන් මිදේවා!!!

- ඔබ මෙවන් වූ ධර්මයක් මඟ හරිමින් වියපත්වූ විට ඇසුරු කරන්නට තබාගනිමින් කටයුතු කරන්නේ නම් ධර්මයෙන් පෝෂිත රටක් සමාජයක් අනාගතයේදි ලැබේවි යැයි බලාපොරොත්තු වන්නේ කෙසේද?
- ඔබ බුදු වදන අමතක කොට රාගයෙන් වෙලේ නම් ද්වේශයෙන් දැවේ නම් මෝහයෙන් අන්ධ වේ නම් සත්ධර්මය බබළවන රහතුන්ගෙන් නොඅඩු කාලයක් නොබෝ දිනකින් ලැබේවි ලෙසින් හෝ වේවා මෙකල නිතර කතා කරන යහ පාලනයක් ධාර්මිශ්ඨ පාලනයක් ලැබේවි යැයි සිහින දකින්නේ කෙසේද?
- ඔබ තවමත් තමන්ගේ යුතුකම ඉටු නොකොට යුතුකම් ඉටු කරන සමාජයක් ලැබේවි යැයි බලාපොරොත්තු වන්නේ නම් එය ලැබේවිද?
- ඔබට තවමත් මේ ශාසනයේ සිදුවන අංශු මාත්‍ර හෝ ශාසනික කටයුත්තක් කුහක කමක් නැතිව දැක සතුටුව අනුමෝදන් විය නොහැකි නම් මේ ශාසනය තුලින් ලබාගත හැකි අප්‍රමාණ ශාන්තිය ලබාගත හැකිවේවි යැයි සිතිය හැකිද?
මෙම ලිපියේ කරුණු සමාජයක් වශයෙන් අනුන් දෙස නිගා කොට බැලීම පිණිස නොව තම තමන් තුල මෙවන් වූ අඩුපාඩුකම් තිබේ නම් තමන්ටම අනුකම්පාවෙන් යුතුව ඒවා සකස් කොට ගෙන යහපත සලසා ගැනීම පිණිස වේ. මන්ද මෙවන් දෑ පැවසූ විට පළමුව තමන් තුල මේවා තිබෙනවාදැයි විමර්ශනය කිරීම පසෙකලා අපගේ සිත් යොමුවන්නේ බාහිරයේ වූ වෙනත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම පිණිසයි. පළමුව තමන් දෙස බලන්න... තමන් තුල ඒවා නොවේ නම් අන් අයටද තමන්ට හැකි අයුරින් යහපත සලසා ගැනීමට රුකුලක් වෙන්නට තම තම නැණ පමණින් කටයුතු කල හැකිය.
එසේ නොමැතිව ඔබ කියනවා නම් මේ රට විනාශ වෙනවා දූෂණ වංචා වැඩියි අන්‍යආගමිකයන්ගේ බලපෑම වැඩියි ලෙසින් ඔබ විසින් බුද්ධිමත්ව සිතිය යුතු වන්නේ රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධ ප්‍රතිශතයක් නම් මේවාට වගකිව යුත්තේ අවම ප්‍රතිශතයක් වන අන්‍ය ආගමිකයන්ද එසේත් නැතිනම් වැඩි ප්‍රතිශතයක් යැයි පවසාගන්නා බෞද්ධ යැයි කියාගන්නා පිරිසදැයි බුද්ධිමත්ව විමසා බලන්න.
අනුන්ගේ වැරදි කියමින් අනුන්ගේ වංචා දූෂණ සොයමින් කාලය ගත කරන ඔබ අංශුමාත්‍රයක්වත් ඔබගේ වරදක් සොයාගන්නට ඔබගේ සිත ඔබටම කරන වංචාව තෝරාගන්නට ඔබ තුල කෙලෙස් වලින් සිදුවූ ඇති දූෂණය සොයා ගන්නට යොදාගන්නේ නම් පුද්ගලයෙක් වශයෙන්වත් සමාජයක් වශයෙන්වත් රටක් වශයෙන්වත් මෙසේ පහත් තත්වයට ඇඳ නොවෙටෙනු ඇත.
ඔබ තනි පුද්ගලයෙක් වශයෙන් බුදු වදන නිතර සිහිපත්කොට ගෙන හැසිරුණා නම් වරද නිවරද දැක කටයුතු කලේ නම් සමාජයක් වශයෙන් මෙවන් විපත් අවම වනු නොවේදැයි අංශු මාත්‍ර හෝ බුද්ධි මට්ටමක් තිබේ නම් විමසා බලන්නට උත්සාහවන්ත වන්න.
“මාගේ ශාසනය විනාශ වන්නේ මේ ශාසනය තුල සිටින්නාවූ පිරිස් නිසා“ බව බුදු හිමියන් ප්‍රකාශ කල බව නිති සිහි තබාගෙන ඒ විනාශයට හවුල් දෙන්නාවූ රුකුලක් වන්නාවූ පුද්ගලයෙකු නොවී සැබෑවටම මේ ශාසනය රැකගැනීම පිණිස සිතිවිලි, ක්‍රියා, වදන් තුලින් කටයුතු කරන්නාවූ පුද්ගලයෙකු බවට පත්වීම අතිදුර්ලභ මනුශ්යත්වයක් ලත් අතිදුර්ලභ බුද්ධ ශාසනයක් ලත් ඔබගේ යුතුකම නොවේදැයි ඔබ විසින් ඔබගෙන්ම විමසා ඒ අනුව කටයුතු කල යුතු නොවේදැයි මොහොතකට සිතා බලන්න.
තමන්ගේ යුතුකම ලෙසින් සලසා රාගය ද්වේශය මෝහය වැඩීම පිණිස යමෙක් කටයුතු කරන්නේ නම් ඒ පුද්ගලයා තුල පවතින බෞද්ධ බවක් නැති බව විවෘත මනසකින් ප්‍රඥාවන්තව දැකීමට උත්සාහ කරන්න. මන්ද අවසන ඔබව බේරාගැනීමට කිසිවෙකු නොවනු ඇත.
සෑම ඡන්දයක්ම ජනාධිපතිවරණයක්ම මහ මැතිවරණයක්ම පමණක් නොවේ වාර්ෂිකව, මාසිකව, දෛනිකව ඒ ඒ ආකාරයෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම තමන්ගේ සිත ධර්මය තුලින් කොතරම් පෝෂණය වී ඇතිදැයි විමර්ශනය කර සොයා බැලීමට කමටහනක් කරගන්නට අවබෝධයෙන් යුතුව උත්සාහ කරන්න. තම සිත් තුල පෙරට වඩා රාගය, ද්වේශය, මෝහය අඩු වෙලාද? වැඩි වෙලාද? විමසන්න... බුද්ධියේ විමසුමට ලක්කල යුතු සැබෑම විමසුම මෙයයි.
භාවනා කරන්නට කාලය සොයන ඔබට මෙන්න මෙවන් වූ අවස්ථාවන් ඉතාමත් වටිනා භාවනාවක්ම වේවි. අන්තර්ජාලය හුදෙක් රාගය ද්වේශය මෝහය වැඩෙන තෝතැන්නක් කරනොගෙන ඔබගේ දුර්ලභ මිනිස් ජීවිතයෙන් නිසි ඵල නෙලාගැනීමට උපකාර කරගන්න.
- දුෂණය වැඩිවෙලා... වංචා වැඩිවෙලා... මේ රට විනාශ වෙනවා යැයි කම්පා වෙන ඔබගේ සිත තුල පවතින දූෂණය තෝරාගන්නට එයට විරුද්ධවට සටන් කරන්නට කාලය වැය කරන්නේ නම් රටේ දූෂණයද අවම වනු ඇත.
- ඔබගේ සිතේ පවතින වංචාව තෝරාගෙන එයට විරුද්ධව සටන් කරන්නේ නම් ඒ වෙනුවෙන් කාලය වැය කරන්නේ නම් රටේ වංචාවද අවම වනු ඇත.
- ඔබ විසින් ඔබටම කරගන්නා විනාශය දැකගන්න එයට විරුද්ධව නැඟී සිටින්න ඒ වෙනුවෙන් කැපවී කාලය වැය කරන්න රටද විනාශයෙන් වැළකෙනු ඇත.
බෞද්ධ අබෞද්ධ බව තීරණය වනුයේ ඔබගේ සිතිවිලි, ක්‍රියා, වදන් තුල පවතින ප්රඥාවන්තභාවය තුල මිස ලේඛණගත ප්‍රතිශත තුල හෝ උප්පැන්න සහතික තුල නොවන බව බුද්ධිමත්ව විවෘත මනසකින් දැකගන්නට උත්සාහ කරන්න.
පාටක් ඕනෑම නම් ලැබීමට සුදුසුය පාට වන්නේ පින් පාටය. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් වෙලී ඒ පාට ගන්නට අපහසුවේවි. පක්ෂව කතා කරන්නට අවශ්‍ය නම් කෙලෙස් තොර කරන නිකෙලෙස් පක්ෂය ගැන කතා කරන්න එයට සහාය දෙන්න අවාසියක් නැතිවම දූෂණයක් නැතිවම වංචාවක් නැතිවම ජය නියතයි! අනාගතය සුභයි!
අවසාන වශයෙන් ගැඹුරින් සිහිපත් කරගැනීමට ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් පවසනවා නම් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මැනගැනීම තුලම තවමත් කෙලෙස් ගැබ්වී තිබෙන කොට ඉන් මෙහා සත්‍යය මෙයයි... සත්‍යය මෙයමයි... ලෙසින් ගෙන කියන, කරන, සිතන දෑ තුල සාපේක්ෂ සත්‍යය ලෙසින් මුලාවක්ම මිස ගැබ්වූ සැබෑ සත්‍යයක් නොවෙන්නේමය.
චිත්‍රපටියක් දැක සතුටු වී දුක්වී කම්පනයන්ට ලක්වන්නේ යම්සේද අන්න එයම ඔබ සත්‍යය යැයි සිතා සිටින දේ තුලද පවතී. ඉන් ඔබ්බට ගිය කිසිඳු සංකීර්ණ බවක් ගැඹුරු බවක් ඒ තුල නොපවතී. මේ නුවණින් දකින්නේ යම්දිනකද එතැන් පටන් ඔබට බොහෝම සැහැල්ලුවෙන් යුතුව ඒ ඒ දෑ ගැන දැකිය හැකිය. වාතාවරණය අනුව කුමක් කතා කලද සිහියෙන් යුතුව තමාටත් අනුන්ටත් යහපත සැලසෙන ලෙසින් ඒ ඒ දේ කතා කිරීමටත් සාමකාමී මනසක් පවත්වාගනිමින් ක්‍රමයෙන් කම්පනයන්ට ලක්වීම නතර කරගැනීමටත් හැකිවනු ඇත.
ඔබගේ අසංවර පාලනයකින් තොර සිත, කය, වචනය ඔබටම සාපයක් වී ඇතිවා විනා, සමාජයටම සාපයක් වී ඇතිවා විනා, රටටම ලෝකයටම සාපයක් වී ඇතිවා විනා කිසිවෙකුත් එයට වගකිව යුතු නොවේ.
ඔබ විසින් ඔබගේ සිත, කය, වචනය සංවරත්වයෙන් යුතුව පාලනයකින් තොරව පාවිච්චි කරන්නේ යම් දිනකද එදිනට ඔබට යහ පාලනය උදාවනු ඇත. ඔබට සාපයක් වීමට රටක පාලකයෙකුටවත් රජයකටවත් නොහැකිවා සේම ඔබට යහ පාලනයක් ගෙන එන්නටද කිසිදු පාලකයෙකුට හෝ රජයකට නොහැකිය.
“කිසිවෙකුටත් ඔබගේ ගැලවුම්කරුවා වීමට නොහැකිය. ඔබගේ සිත, කය, වචනය සංවරත්වයට පත්කරගන්නේ යම්දිනකද ඔබ ඔබගේම ගැලවුම්කරුවා වනු ඇත“ යන බුදු වදන පසෙකලා සෑම දිනයකම බාහිරයෙන් ගැලවුම්කරුවන් ලැබෙන තුරු බලාගෙන සිටීම ගැලවුම්කරුවන් තෝරාගැනීමට ජනාධිපතිවරණ මැතිවරණ එනතෙක් බලාගෙන සිටීම ප්රඥාවන්තදැයි තම තම නැණ පමණින් විමසා දැනගනිත්වා!!!
බෞද්ධ යන නාමය ඔබට ලැබී ඇති පමණින් ඔබ සම්මා දිට්ඨිකයෙක් බවත් මිත්‍ය දෘෂ්ඨිකයෙකු නොවන බවත් ඔබට සිතේ නම් ඔබට වැරදුණු මුල්ම දේ එයම වේ. එනිසා ප්‍රඥාවන්තවන්න!!!
ඔබව ගලවාගැනීමට කිසිවෙකුත් නොපැමිණෙනු ඇත. අවසන ඔබට මේ ලැබී ඇති දුර්ලභ මිනිස්බවයද අහිමිවනු විනා ලැබෙනා කිසිවක්ම නොවනු ඇත! මේ සසර බිය හැකිනම් දැක වටහාගන්නට තරම් ප්‍රඥාවන්ත වන්න!!!
තෙරුවන් සරණින් සැබෑම වංචාව, දූෂණයත් ඒවායෙන් මිදුණ සැබෑම යහ පාලනය දැක ඒ වෙනුවෙන් තම තම නැණ පමණින් කටයුතු කරගැනීමට තරම් දුර්ලබ මිනිසෙක් වශයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරගැනීමට සියලු දෙවි රැකවරණයත් තෙරුවණේ ආශිර්වාදයත් සැමටම ලැබේවා!!!
මොහොතකට හෝ රැවටී ඇත්නම් මඟ නොමඟ වී ඇති නම් තෙරුවණේ සරණ ලැබ රැවටීමෙන් මිදේවා!!!
Ven. Waharaka Abayarathanalankara Thero is one of the greatest noble Bhikkus who is guiding many of us to do such wonderful massive distinction activities which hasn’t done before in the nearest history. As much as his unique style of preaching, heals many hearts, these noble activities also healing many of hearts without a doubt. So here are some glimpse of those wonderful meritorious activities to please your mind...