සංකාර - ධර්ම
සංකාර සහ ධර්ම දෙකෙහි ලක්ෂණ පහත වගුව පරිදි වේ. ලක්ෂණයහේතුව අනිච්චරූපය ක්ෂයවන බැවින් දුක්ඛභය සහිත බැවින් අනත්තඅසාර බැවින් අනිච්චඅනිච්ච යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි. දුක්ඛකැමති ලෙස නොපවතින දෙයින් ඇතිවන්නේ දුකකි. අනත්ථසංකාර - ධර්ම අනිච්ඡ බැවින්ද දුක්ඛ බැවින්ද අර්ථ රහිතවේ.
|
සීලය තුළ පිහිටා සිටින්නට නම්.දැන් බලන්න ධර්මය තුල අපිට කියා දෙනවා සිල් රකින කෙනාට මේ මේ විදිහට මේ ජීවිතය තුළ සැප විපාක ලබනවා කියල. එතකොට සිල් රකින කෙනාට පිරිස ඉදිරියේ විශාරද බවක් ඇතිවෙනව. එයාට යම් කෙනෙකුට කරුණු කියන්ට පුළුවන් කම තියෙනව. මරණින් මත්තෙ සුගතියේ උපදිනවා කියලත් කියා දෙනවා. එතකොට කොහොමද එයා සිල් රැකීමේ ආනිශංස දැනගන්නෙ? ඒක ප්රත්යක්ෂය තුළින් තමාට වැටහෙනව. තමා සීලයට ආපු ගමන්, සිල් රකින්න පුරුදු උනාම, ඒ කුසලය මුල් කරගෙන මේ ජීවිතයේදි සැප ලැබෙනවා කියල එයාට තේරෙනවා.
දැන් සිල් බිෙඳන කෙනෙක් (හොරකම් කරන කෙනෙක්) ඉන්නව. හොරකම් කරන කෙනා දුස්සීලයි. දුස්සීල කෙනාට මොනවද ලැබෙන ආදීනව? එයාට පිරිස ළඟට යන්න බෑ. එයාගෙ අපකීර්තිය පැතිරෙනවා. ඊට පස්සෙ එයාට බය ඇතිවෙනවා. මේ වගේ අපිට කියා දීල තිබෙනව නේද භාග්‍යවතුන් වහන්සෙ. එතකොට ඒ ආදීනව එයා කොහොමද දැන ගන්නෙ? ප්රත්යක්ෂයෙන්. තමාටම තේරෙනවා දුස්සීල බවට වැටුනහම ඒකෙ ආදීනව. ඒ ආදීනව තේරෙන්නෙ නුවණින් කල්පනා කළොත්, නැත්නම් තේරෙන්නෙ නෑ. එහෙනම් සිල් රකින කෙනා, සීලය නිසා මට මේ විදිහට සැප ලැබෙනවා කියල දැනගන්නෙ කොහොමද? ප්රත්යක්ෂයෙන්. ප්රත්යක්ෂ වෙන්නෙ කොහොමද එයාට ඒක? නුවණින් කල්පනා කරනකොට යි. දැන් ධර්මයේ කියා දෙනව සිල් රකින කෙනාට මේ ජීවිතේ මෙන්න මේ ආනිසංස ලැබෙනවා කියල. එයා ධර්මයෙන් ඉගෙන ගන්නව. එතකොට එයා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනව. ඒ විදිහට එයා දැනගත්තාම එයා ධර්මය දන්න කෙනා. ඒ ධර්මය දැනගත්තට පස්සේ ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි” කියල එයා ඒ දහමට පහදිනවා . ඊට පස්සෙ එයා සීලයට එනවා. දැන් එයා නුවණින් කල්පනා නොකළොත් එයාට දැන ගත්ත දේ දැකගන්ට පුළුවන් ද? දැකගන්ට බෑ. ඔන්න එයා දැන් කාලයක් සිල් සමාදන් වෙලා ඉන්නව. එහෙම හිටියට ඒ කිව්ව සැප එයාට තෝර බේරා ගන්න බැරිනම් එයාට සිල් රැකගන්න බැරිවෙනවා. එයා හිතනව ‘මම සීලයට ආව, මට මුකුත් ප්‍රතිඵලයක් නෑනෙ..” කියල. ‘මට පින් නෑනෙ..” කියනව. එයා සසඳල බලන්නෙ නෑ දුස්සීල බව නිසා ලැබෙන දුක් සහිත විපාක මට දැන් නෑ කියල. සිල්වත් බවේ ආනිශංස මට ලැබෙනවා කියල නුවණින් කල්පනා කරන්නෙ නෑ. සීලයට පැමිණුන කෙනා ‘සිල් රැකීමෙන් මට මේ මේ ආනිශංස ලැබෙනවා” කියල නුවණින් කල්පනා කළොත්, එයා ඒ සීලය තුළ පිහිටනවා. ඇයි එයා ඒ සීලය තුල පිහිටන්නෙ? එයා ඒ සීලය නිසා සතුටු වෙන කෙනෙක් බවට පත්වෙන නිසයි. සීලය නිසා සතුටුවෙන කෙනෙක් බවට පත්වුනොත් එයා ඒ සීලය දිවි හිමියෙන් රකිනව. එයා ජීවිතය පරදුවට තියල සීලය රකිනව. එයා දන්නවා මේකෙන් මට සැප ලැබෙනවා කියල. සීලය බිඳ ගත්තොත්, ඒ හේතුකොටගෙන මට මේ මේ විදිහේ දුක් විපාක ලැබෙනවා කියල එයා දන්නවා. එතකොට එයා පිළිගන්නවා සිල් රැකීමෙන් පින් රැස්වෙනවා, ඒ පිනේ විපාක විදිහටයි මේ සැප ලැබෙන්නේ කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි!
|