සංසාරය
“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
ස්කන්ධයන්ගේ ද ධාතූන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිටී පැවැත්ම සංසාරය යැයි කියනු ලැබේ. සංසාරය කුමක් දැ යි තවත් ක්‍රමයකින් කියතහොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්වයන් ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යැයි කිව යුතු ය. ලෝකයෙහි අනන්ත සත්වයෝ ඇත්තා හ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්භාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේ ය, එහි මුල පටන්ගැනීම නො පෙනෙන්නේය” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයා ගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නො පෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.
මුල් කොණක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්වයෙකු එක් එක් ජාතියක උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙ හි එක් එක් සත්වයෙකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නොමළ තැනක් ද මළ සිරුර නො දැමූ තැනක් ද නැත.
තමා මළ කල්හි, මළ සිරුර දැමීමට අනෙකකු ගේ මළ සිරුරක් නො දැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපාසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ ප්‍රදේශයේ උපාසළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරම තුදුස් දහසක් (14,000) මෙහි දවා තිබේ. ලෝකයේ නො මළ තැනක් නම් නැතය යනු එහි අදහසයි. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයෙකු ගේ මව නො වූ සත්වයෙක් ද පියා නො වූ සත්වයෙක් ද සහෝදරයෙකු නො වූ සත්වයෙක් ද සහෝදරියක නො වූ සත්වයෙක් ද පුත් නො වූ සත්වයෙක් ද දූ නො වූ සත්වයෙක් ද සුලභ නො වෙත්, යැයි බුදුන් වහන්සේ වදාළ සේක. තව ද අනවරාග්ර සංසාරයෙහි එක් සත්වයෙකු බිව් මව් කිරි ද හැඩූ කඳුලු ද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බව තථාගතයන් වහන්සේ වදාළ සේක.
තව ද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසූයේ මැ යි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබූ වෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.
සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙ හි ද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙ හි ය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකදු පිපාසාව සංසිදෙන පමණට පැනක් හා කුසගින්න සංසිදෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන, ප්‍රේතව අතීතයෙහි උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල් වලින් අනිමින් ගිනියම් වූ ලෝහ ගුලි ලෝ දිය මුව බහාලමින් අපමණ දුක් දෙන සංජීව ආදී නරකවල උපන් වාරයන් ගේ ප්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැදුනහොත් සත්වයාට මතු ද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැදී සිටීමේ භයානකත්වය නිම කල නො හේ. ඒ බව දත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතෙරව නිවන් පුරයට පිවිසුනා ය. දුකින් මිදුණු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සහ කරත්වා.
සංසාරයේ ආයු කාලය (වේපුල්ල සූත්‍රය)මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය.
ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්රයට” අයත් වේ. සම්බුදුවරයෙකු “ආඥා ක්ෂේත්රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී.
අන්තඃකල්පයක් විනාශය වන ක්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය.
දිව්‍ය භූමි 06
එක් දිනයක මනුෂ්‍යය වසර
පරමායුෂ දෙව්ලොව වසර
පරමායුෂ මනුෂ්‍යය වසර
චාතුර්මහාරාජිකය
50
500
අනූ ලක්ෂයකි
තාවතිංසය
100
1000
තුන්කෝටි හැට ලක්ෂයකි
යාමය
200
2000
දාහතර කෝටි හත් ලක්ෂයකි
තුසිතය
400
4000
පනස් හත් කෝටි හැට ලක්ෂයකි
නිම්මාණරතිය
800
8000
දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි
පරනිම්මිත වසවර්තිය
1600
16000
නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි
අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01 අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01
ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.
ප්‍රථම ධ්‍යාන භූමි 03
1. බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි
2. බ්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි
3. මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි
ද්විතිය ධ්‍යාන භූමි 03
1. පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02
2. අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04
3. ආභස්සරය ආයු කාලය මහා කල්ප 08
තෘතිය ධ්‍යාන භූමි 03
1. පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16
2. අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32
3. සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64
චතුර්ථ ධ්‍යාන භූමි 02
1. වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500
2. අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500
සුද්ධාවාස භූමි 05
1. අවිහ ආයු කාලය මහා කල්ප 1000
2. අතප්ප ආයු කාලය මහා කල්ප 2000
3. සුදස්ස ආයු කාලය මහා කල්ප 4000
4. සුදස්සී ආයු කාලය මහා කල්ප 8000
5. අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000
අරූපාවචර භූමි 04
1. ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000
2. විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000
3. ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000
4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000
කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී,භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.
“මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
“මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.
සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.
“බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.
ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදුරදුන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් (පාරමී) සම්පූර්ණ කළා. මෙයටත් පෙර මහා බෝසතාණන් විසින් දීපංකර බුදුන් ඉදිරියේ නියත විවරණ ලැබීමට පෙර මනෝ ප්‍රණිදානය සහ වාක් ප්‍රණිදානය ලෙස දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනියත විවරණ, සම්මා සම්බුදුවරු 512,000 ක් හමුවේ පුරනු ලැබුවා. මේ අනුව ගෞතම බුදුරජුන් ගේ මුළු පාරමී කාලය විසි අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් වන අතර එම කාලය තුල හමු වූ සම්මා සම්බුදුවරු ගණන 512,027 නමක් වන බව දත යුතූ ය.
අනාගතයේ වීර්‍ය්‍යාධික බුදු කෙනෙකු ලෙස, මතු බුදුවන මෛත්‍රීය බෝසතුන් සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරා සිටිනවා.