සත්ත්වයන් උපදනා ස්ථානයෝ
තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන
කාම භූමිය ය,
රූප භූමිය ය,
අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය,මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.
එහි අපාය භූමි සතරය යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.
1. නරකයසඤ්ජීව නරකය, කාල සූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.
සඤ්ජීව නරකය
යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.
කාලසූත්ර නරකය
උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්ර නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.
සඞ්ඝාත නරකය
මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.
රෞරව නරකය
මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.
මහා රෞරව නරකය
අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.
තාප නරකය
මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.
ප්‍රතාප නරකය
මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.
මහා අවීචි නරකය
මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.
පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍රය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.
කුඩා නරකයෝගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර වන නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය, යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුන ගස්, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කුල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.
ලෝකාන්තරික නරකය
ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුර පුපුරා ශීතලයෙන් බැදෙති.
2. තිරිසන් අපායමිනිස් ඇසට නො පෙනෙන තරම් ඉතා කුඩා සත්ත්වයාගේ පටන් යොදුන් ගණනක් ඇති සත්ත්වයන් දක්වා සිටින, පා නැත්තා වූ ද, දෙපා ඇත්තා වූ ද, සිව් පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද නොයෙක් සටහන් නොයෙක් ආකාර ඇත්තා වූ ද තිරිසන් සත්ත්ව සමූහය ම තිරිසන් අපාය ය. නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනක් නැත. ඔවුහු උපනුපන් ඒ ඒ තැන්වල ම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැති ව නිරතුරු බියෙන් ත්‍රස්ත ව ජීවත් වෙති.
3. ප්‍රේත අපායමිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නො දැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වූ නොයෙක් ප්‍රමාණ ඇත්තා වූ නොයෙක් සටහන් ඇත්තා වූ ද නොයෙක් ආකාර දුක් ඇත්තා වූ ද සත්ත්ව කොට්ඨාසයට ප්‍රේතාපාය යයි කියනු ලැබේ. ඔවුනට ද භූමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයින් කෘශ වූ ඇට නහර මතු වී ඇති බඩේ සම පිට කටුවේ ඇලී ඇත්තා වූ දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ය. සාගින්න නිවෙන පමණට ආහාර ද පිපාසාව සන්සිඳෙන පමණට පැන් ද ඔවුහු නො ලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුහු බොහෝ කල් ජීවත් වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක් කවදාවත් ආහාර පාන නො ලබති. ඇතැම්හු මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කොට ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු තමන්ගේ ශරීරය ම සූරා කන්නෝ ය. ඇතැම්හු ඔවුනොවන්ගේ වන පිලිකාවලින් ගලන ලේ සැරව ආහාර වශයෙන් ගන්නෝ ය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබන්නෝ ය.
4. අසුරාපායඅසුර යන නාමයෙන් දේව ගණයට අයත් කොටසක් ද ඇත්තේ ය. බෞද්ධ පොත්වල චේපචිත්ති අසුර, පහාරාද අසුර යනාදි නම් වලින් දැක්වෙන්නෝ දේව ගණයට අයත් අසුරයෝ ය. ඔවුහු දෙවියන් මෙන් ම සැප ඇත්තෝ ය. අසුර යන නාමය ව්‍යවහාර කරන ප්‍රේතයන් වැනි දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් ද ඇත්තේ ය. අසුරාපාය යනු ඒ සත්ත්ව සමූහය ම ය. ඔවුහු ද ප්‍රේතයන් මෙන් ම නොයෙක් ආකාර ශරීර ඇත්තෝ ය.
සප්ත කාම ස්වර්ගයමිනිස් ලොව ය, චාතුර් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාන රතිය, පරනිර්මිත වශවර්තිය යන මේ ස්ථාන සත දානාදි පින් කම් කළවුන් උපදනා සප්ත කාම ස්වර්ගය ය. එහි සයක් දිව්‍ය ලෝකයෝ ය. දිව්‍යලෝක වනාහි මිනිස් ඇසින් දැකිය නොහෙන, මිනිස් කයින් ස්පර්ශ කළ නොහෙන, ධාතු වර්ගයකින් නිර්මිත, ශෝභන විමානයන් හා මරණ බිය පවා අමතක වන තරමේ ප්‍රියංකර භාවයක් ඇති උයන් පොකුණු ආදියෙන් යුක්ත වූ පරම රමණීය ස්ථානයෝ ය. ඒවායින් ප්‍රයෝජන ලැබිය හැක්කේ දෙවියන්ට ම ය. දිව්‍යලෝකවල උපදනා දෙවියෝ වනාහි මිනිසුන් මෙන් කලක් මව් කුසයේ වැස හඬ හඬා දුකින් ඉපිද ක්‍රමයෙන් වැඩෙන්නා වූ සත්ත්ව කොටසක් නොව සර්වාංග ප්‍රත්‍යඞ්ගයන්ගෙන් සම්පූර්ණ ව පහළවීම් වශයෙන් උපදනා සත්ත්ව කොට්ඨසයකි. ඔවුන්ගේ ජරාවක් ද නැත්තේ ය. ඔවුන්ගේ ආයුෂ ද ඉතා දිගය. ඔවුන්ගේ වස්ත්රාභරණ පරණ වන්නේ ද කිලිටි වන්නේ ද නො වේ. ඔවුනට ආහාරපාන සැපයීමට වෙහෙසීමක් ද නැත. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නො වදති. දරුවන් වැදීමේ, දරුවන් පෝෂණය කිරීමේ කරදරය ඔවුනට නැැැත. ඔවුහු සෑම කල්හි ම නැටුම් ගැයුම් ආදියෙන් සිත් පිනවමින් වෙසෙති. අපාය සතරය, මිනිස් ලොවය, දිව්‍ය ලෝක සයය යන මේ එකොළොස් භූමියට කාම භූමිය යි කියනු ලැබේ.
රූපාවචර භූමියරූපාවචර භූමි සොළොසකි. බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහාබ්‍රහ්මය යන මේ භූමි තුන ප්‍රථම ධ්‍යාන භූමි නම් වේ. රූපාවර ප්‍රථම ධ්‍යානය ලැබුවෝ ඒවායේ උපදිති. පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය යන තුන ද්විතීය ධ්‍යාන භූමි නම් වේ. රූපාවචර ද්විතීය ධ්‍යානය ලැබුවෝ ඒවායේ උපදිති. පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හය යන මේ තුන තෘතීයධ්‍යාන භූමි නම් වේ. රූපාවචර තෘතීය ධ්‍යානලාභීහු ඒවායේ උපදිති. වේහප්ඵලය, අසංඥ සත්ත්වය, ශුද්ධාවාසය යන මේවා චතුර්ථධ්යාන භූමිහු ය. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය යි ශුද්ධාවාස භූමි පසෙකි. චතුර්ථධ්යාන ලැබූ අනාගාමී හු ශුද්ධාවාස භූමිවල උපදිති. අසංඥ සත්ත්වය යනු සිත නැති කය පමණක් ඇති සත්ත්වයන්ගේ භූමියකි.
අරූපාවචර භූමිආකාසානඤ්චායතන භූමිය ය, විඤ්ඤාණඤ්චායතන භූමිය ය, ආකිඤ්චඤ්ඤායතන භූමිය ය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන භූමිය යයි අරූපාවචර භූමි සතරෙකි. ඒවායේ වෙසෙන සත්ත්වයනට සිත මිස කයක් නැත. අරූපාවචර ධ්‍යානලාභීහු ඒවායේ උපදිති. කාමාවචර භූමි එකොළොස ය, රූපාවචර භූමි සොළොස ය, අරූපාවචර භූමි සතරය යි සත්ත්වයන් උපදනා භූමි එක්තිසෙකි.