දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
සියපින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසි තුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
යනුවෙන් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ආරම්භයේ දී බුදුගුණ වැනූ පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි උපතින් පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විමර්ශනයක් කිරීම මේ ලිපියෙහි අරමුණයි.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු සුදොවුන් රජ මැදුරට සපැමිණි අසිත තවුසා සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ බලා ඒකාන්තයෙන්ම බුදුවන බව දැන කුමරුට වැන්දේ ය.
එමෙන් ම බෝසතුන් ඉපදී සත් දිනකින් නම් තබන දිනයේ දී රජ මැදුරට සපැමිණි සිව් වේදයෙහි පරතෙරට පත් බමුණන් එකිසිය අටදෙනෙකුගෙන් එකසිය හත් දෙනෙකු ම ඒ අංග ලක්ෂණ බලා “මෙකුමරු ගිහි ව සිටියහොත් සක්විති රජ කෙනෙකු වන බවත්, ගිහි සැප අත්හැර දමා පැවිදි වුවහොත් ලොව්තුරා බුදු කෙනෙකු වන බවත්” පැවසූහ.
ඔවුනතුරෙන් වයසින් බාල ම කොණ්ඩඤ්ඤ නමැති තවුසා කුමරුගේ නළලෙහි දක්නට ලැබුණු ඌර්ණ රෝම ධාතුව දැක ‘මෙකුමරු ඒකාන්තයෙන් ම රජ මැඳුර අත්හැර දමා ගොස් පැවිදි ව බුදු වන්නේ ය” යි ස්ථිරව ම ප්‍රකාශ කෙළේ ය.
එසේ කීමට හේතුව නම් වෛදික ග්රන්ථවලට අනුව මෙම මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ එක්කෝ බුදු වන බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ සිරුරෙහි ය. නැතිනම් සක්විති රජ කෙනෙකුගේ සිරුරෙහි ය.
දීඝ නිකායෙහි ලක්ඛණ සූත්‍රයෙහි විස්තර කෙරෙන පරිදි බුදු සිරුරෙහි එම උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වූයේ උන්වහන්සේ පෙර සංසාරයෙහි කරන ලද අපරිමිත පින් බලයෙනි. එහි දැක්වෙන පරිදි ඒවා එකිනෙක මෙහි දී කෙටියෙන් පැහැදිලි කෙරේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයෙහි දිනක් භික්ෂුන් වහන්සේලා අමතා “සක්විති රජ වන්නා වූ හෝ බුද්ධත්වයට පත් වන්නා වූ හෝ මහා පුරුෂයන්ගේ සිරුරෙහි පිහිටන මහා පුරුෂ ලක්ෂණ මේ මේ ය”යි කීමට සමර්ථ අංග ලක්ෂණ විද්‍යාව නම් වූ ශාස්ත්‍රය ඉගෙන ගෙන ඇතත් එම ලක්ෂණ සිරුරෙහි උපතින් ම පහළ වීමට හේතුව ඔවුන් නො දනිති’යි ප්‍රකාශ කොට ඒ ඒ මහා පුරුෂ ලක්ෂණ පහළ වීමට හේතු වූ කරුණුත්, ඒවාට අදාළ අතීත කර්මත්, ඒවා පහළ වූ උතුමන්ට ලැබෙන කුශල කර්ම විපාකත් පහත දැක්වෙන පරිදි වෙන් වෙන් වශයෙන් මැනවින් දේශනා කොට වදාළහ.
1. සුප්පතිට්ඨිතපාදතා
“සුපිහිටි පා ඇති බව“ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදවල පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණයකි. මෙබඳු ලක්ෂණයක් ලැබීමට උන්වහන්සේ පෙර කළ කුශල කර්මය නම් කයින්, වචනයෙන් හා සිතින් සුචරිතයන්හි හා දාන ශීලාදී දශ කුශලයන්හි යෙදීම ද, දෙමව්පිය, සිල්වතුන්, ගුණවතුන්, කුලදෙටු ආදී වැඩිහිටියනට කළ යුතු සත්කාර උපස්ථාන ආදියෙහි යෙදීම හා සෙසු බුදු බව ලැබීමට සුදුසු කුශල ක්‍රියාවන්හි යෙදීම ද වේ.
එසේ පෙර තමන් සුචරිත ක්‍රියාවන්හි යෙදීමෙන් ලැබූ පළපුරුදු හේතුවෙන් එකල සුචරිත ක්‍රියාවන්හි යෙදුණ අයුරින් ම මේ ආත්මයේ දී ද කය, වචන, සිත යන තිදොරින් ම එබඳු පින්කම්හි යෙදෙති.
පෙර සසර පුරුද්දට අනුව මේ කාලයේ ද දාන ශීලාදී සුචරිතයන්හි යෙදීම, මහණ, බමුණු, කුලදෙටු, වැඩිහිටි ආදී ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුදු බව ලැබීමට සුදුසු පින්කම්හි යෙදීම, බුදු බව ලැබීමෙන් පසුත් පුරුද්දට අනුව කරති. එය පෙර ජාතිවල කළ කුශල කර්මයට සමාන ව ඇති වූ පුරුද්දයි.
පෙර එබඳු උසස් පින්කම් කළ බවට සාක්ෂ්‍ය වශයෙන් උන්වහන්සේගේ සිරි පතුල් පොළොවෙහි මනාකොට පිහිටන බව නම් වූ “සුප්පතිට්ඨිතපාදතා” නමැති ලක්ෂණ ඇති විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාකයක් වශයෙන් අනුන් විසින් මැඩලිය නො හැකි උතුමෙක් වූ සේක. එය එම සුචරිත කර්ම විපාකය යි.
2. හෙට්ඨානි පාදතලෙසු චක්කානි ජාතානි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි යටි පතුල්වල චක්‍ර ලක්ෂණ පිහිටා ඇත. “චක්කවරංකිතරත්තසුපාදො” යනුවෙන් යසෝධරා දේවිය සිය රහල් පුතණුවන් හට පැවසූ නරසීහ ගාථාවන්හි සඳහන් වන්නේ එම කරුණයි.
මේ ලක්ෂණ ලැබීමට පෙර කරන ලද කුශල කර්ම නම් බොහෝ දෙනාට හිත සැප පිණිස ක්‍රියා කිරීම, අන්‍යයන්ගේ බිය තැති ගැනීම් දුරු කිරීම, දැහැමි ආරක්ෂා සංවිධාන ඇති කිරීම, පිරිවර සහිතව දන් දීම ද වේ.
පෙර කරන ලද කුශල කර්මවල පුරුද්දට අනුව බුද්ධත්වයට පත්වීමෙන් පසුත් එබඳු සුචරිත ධර්මයන්හි යෙදුණ බවට ලකුණක් වශයෙන් චක්‍ර ලක්ෂණය පහළ විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාක වශයෙන් මහ පිරිස් ඇති වූහ.
යමෙක් සසර දී තමනුත් දන් දී අනුන් ලවාත් දන් දේ නම්, හෙතෙම උපනුපන් ආත්මවල දී භවභෝග සම්පත් හා යස පිරිවර සම්පත් ද ලබයි. යමෙක් තමන් තනිවම දන් දෙයි නම්, අනුන් ලවා දන් නොදේ නම් හෙතෙම භවභෝග සම්පත් කොතෙකුත් ලබන්නේ නමුත් යස පිරිවර සම්පත් කිසිවක් නොලබයි.
3. දීඝංගුලිතා
4. ආයතපණ්හිතා
5. බ්රහ්මුජ්ජුගත්තතා
දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්රය පහළ වූයේ පෙර ජාතිවල ප්‍රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොරව සියලු සත්ත්වයන්ට හිතානුකම්පීව විසීම නිසාය.
බුදු දහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද, සතුරන් විසින් නොනැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්‍රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්රේෂ්ඨාර්ථයෙහි ය.
6. සත්තුස්සදතා
තථාගතයන් වහන්සේගේ පිටිපතුල් දෙකත්, පිටිඅතුල් දෙකත්, උරහිස් දෙකත්, කරත් යන මේ සත් තැන මාංශ බහුලව පිරී තිබිණ. එයට හේතුව වශයෙන් ලක්ඛණ සූත්‍රයෙහි දක්වා ඇත්තේ පෙර ජාතිවල මිහිරි දේ දන්දීම ය.
එම කුශල කර්මයෙහි පුරුද්ද නිසා බුද්ධත්වයෙන් පසුත් මිහිරි දේ දන් දීමට කැමති වූහ. එහි කුශල විපාක වශයෙන් ප්රණිත වූ ද, මිහිරි වූ ද ආහාර පාන ලැබිණ.
තුන් සිත පහදවා ගෙණ දන්දීම නිසා මනුෂ්‍ය සම්පත්තිය ද, දිව්‍ය සම්පත්තිය ද, නිවන් සම්පත්තිය ද යන ත්රිවර්ග සම්පත්තිය ම ලැබෙන බව බුදුහු වදාළහ. එමෙන් ම දන්දීම ආයුෂ වැඩෙන ආයු සංවත්තනික කුශල කර්මයක් ලෙස බුදු දහමෙහි ඉගැන්වේ.
7. මුදු තලුණ හත්ථපාදතා
8. ජාලහත්ථපාදතා
පෙර ජාතීන්හි දානය, පි‍්‍රයවදනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනතාවට සංග්‍රහ කිරීම නිසා මෘදු වූ තරුණ රතු පැහැති අතුල් පතුල් ඇති බව හා දැල් කවුළුවකට සමාන අත් පා ඇති බව යන ලක්ෂණ පහළ විය.
බුදු වුණු ආත්මයේත් එබඳු කුශල කර්ම කිරීමට සිත් විය. එම කුශල කර්ම විපාක වශයෙන් දෙවි මිනිසුන් සහිත ලෝවැසියාගෙන් මැනවින් සංග්‍රහ ලබන මහ පිරිස් ඇත්තෙක් වූහ.
9. උස්සංඛපාදතා
10. උද්ධග්ගලොමතා
පෙර ආත්මභාවවල දී බොහෝ දෙනාට අර්ථ ධර්ම නිශි‍්‍රත වචනයෙන් කථා කරන නිසා පිරුණු ගොප් මසැති පා ඇති බව හා උඩුකුරු අග් ඇති රෝම ඇති බව යන ලක්ෂණ ඇති විය. එහි කුශල කර්ම විපාක වශයෙන් ගිහි වූයේ නම් කාමභෝගීන් අතර ශ්‍රේෂ්ඨ වේ. පැවිදි වූයේ නම් සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨ වේ.
11. එණිජංඝතා
පෙර ආත්ම භාවයන්හි දී මහජනතාවට ශිල්ප ශාස්ත්‍ර උගන්වා සුසිරිතෙහි යොදාලීම නිසා ඕලු මුවන්ගේ මෙන් කොණ්ඩා ඇති යන ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ගිහියනට අවශ්‍ය උපභෝග පරිභෝග වස්තුන් ද, පැවිදි වූයේ නම් පැවිද්දනට අවශ්‍ය එබඳු වස්තූන් ද ලැබේ.
තමන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවට අනුරූප වූ විපාක ලැබෙන බව බුදුහු පෙන්වා දුන්හ. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං” යනුවෙන් වපුරණ බීජයට අනුරූපවම තමාට අස්වැන්න නෙළා ගත හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ එබැවිනි.
12. සුබුමච්ඡචිතා
පෙර ජාතිවල දී මානය දුරු කොට මහණ බමුණන් වෙත පැමිණ හොඳ නරක විචාරීම නිසා කුණු නොගෑවෙන සියුම් සිවිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ගිහි වුවහොත් අන්‍ය කාමභෝගීන්ට වඩා මහ නුවණැත්තෙක් වේ.
පැවිදි වුවහොත් මහා ප්‍රාඥයෙක් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අසම වූ නුවණැති වූ සේක. මානය යනු මැනීමයි. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් මානය තෙවැදෑරුම් වේ.
අසවලාට වඩා මම උසස් යැයි මැනීම ස්යෙමානයයි. අසවලා හා මම සමාන යයි මැනීම සදිසමානය යි. අසවලා තරම් මම උසස් නැහැ යි මැනීම හීනමානයයි. මේ ත්‍රිවිධ මානය ප්‍රහීණ වන්නේ අර්හත් මාර්ග ඵල ලැබීමෙනි.
13. සුවණ්ණවණ්ණතා
බුදු සිරුරෙහි රන්වන් පැහැයක් ඇති බව යි. වක්කලී තෙරුන් බුදුරදුන්ගේ රන්වන් සිරුර දෙස බලා සතුටු වීමේ අදහසින් පැවිදි වී බණ භාවනාදියෙහි නොයෙදී උන්වහන්සේ දෙස ම බලා සිටිමින් කාලය ගත කරණ අයුරු දැක, “අපෙහි වක්කලි, කිං තෙ ඉමිනා දුග්ගන්ධෙන පූතිකායෙන” යනුවෙන් වක්කලී, මෙතැනින් ඉවත්ව යන්න.
මේ දුර්ගන්ධ වූ කුණු සිරුරෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක් ද? යනුවෙන් බුදුරදුන් පවසා ඇත. එවිට උන්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් බුදුරදුන්ගේ උපදෙසින් සම්‍යක් ඥානය ලැබ බවුන් වඩා රහත් බව ලැබූහ.
පෙර ජාතීන්හි නොකිපෙනසුලුව අන්‍යයන් පරුෂ වචනයෙන් බැණ වදින කල්හි ද අසතුටක් වත් පහළ නොකිරීම ද, සුවපහසුව ලබා දෙන බුමුතුරුණු ආදිය දන්දීම ද නිසා රන්වන් සිවි ඇති ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් සුවපහසුව ගෙන දෙන ඇතිරිලි පොරෝනා වස්ත්‍රාදිය ලැබිණ.
ආහාර පානාදිය දන් දීමෙන් කායික මානසික ශක්තිය ලැබේ. ආලෝකය ලබාදීමෙන් ප්‍රඥාව ලැබේ. යාන වාහනාදිය දීමෙන් සැප ලැබේ. වස්ත්‍රාදිය දන් දීමෙන් වර්ණය ලැබේ. යමෙක් ගෙවල් දොරවල් ආදිය පරිත්‍යාග කරයි නම් හෙතෙම සියල්ලම දුන් තැනැත්තෙක් වේ.
14. කොසොහිතවත්ථගුය්හතා
පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
15. නිග්රෝධපරිමණ්ඩලතා
16. ආජානුලම්බීහත්ථතා
පෙර ජාතිවල දී මහජනතාවට සංග්‍රහ කිරීමෙහි යෙදෙමින් සුදුස්සා සුදුසු තැන තැබීම හා ඔහුට සුදුසු දේ පරිත්‍යාග කිරීම නිසා නුග ගස් සේ පරිමණ්ඩල වූ සිරුර ඇති ලක්ෂණය ඇති විය.
එනම්, උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් යන ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ඇති විය. එමෙන් ම සිට ගෙන නොනැමී දෙදණ පිරිමැදිය හැකි වූහ.
එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ආඪ්‍ය වූ මහත් ධනයෙන් යුක්ත වීම හා පැවිදි වූයේ නම් සද්ධා, සීල, හිරි ඕතප්ප, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සත්තාර්ය ධනයෙන් යුක්ත කෙනෙක් වේ.
17. සීහපුබ්බද්ධකායතා
18. චිතංසරාසතා
19. සමචත්තක්ඛන්ධතා
පෙර ජාතිවල අන්‍යයන් ගුණයෙන් හා ධනයෙන් වැඩෙනු කැමති වීමත්, ඉවසීමත් නිසා සිංහයකුගේ පූර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුළු සිරුර ඇති බව, පිට දෑලවර මැද පිරුණු බව, සම වූ වට වූ මනා ගී්රවය ඇති බව යන ලක්ෂණය පහළ විය.
එහි කුශල කර්ම විපාකය වශයෙන් ගිහියෙකු නම් නොපිරිහෙන සම්පත් ඇති මහ රජෙක් වේ. පැවිද්දෙකු නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.
20. රසග්ගසග්ගිතා
තලැටක් පමණ සුළු ආහාරයක් වුණද දිවග තැබූ කෙණෙහි ම මුළු ශරීරය ම පුරා ඕජාව පැතිර යනු හැකි වන සේ උඩු අක් ඇතිව ගෙලෙහි පිහිටි හත් සියයක් රස නහර ඇති බව යන මේ ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල දී කැට කැබිලිති ආදියෙන් වත් සත්ව හිංසා නොකිරීම නිසාය.
එහි කුශල විපාක වශයෙන් පෙර ජාතිවල පුරුදු පරිදි සත්ව හිංසා නොකිරීමත්, නොකරවීමත්, නිරෝගී බවත් ඇති විය. යමෙකු සත්වයින්ට තාඩන පීඩන හිංසාදිය කෙරේ නම් හෙතෙම උපනූපන් ජාතිවල දී විවිධ රෝගාබාධයන්ට ලක් වන බව චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි සඳහන් වේ.
21. අභිනීලනෙත්තතා
22. ගොපඛුමතා
දියබෙරලිය මලක් මෙන් ඉතා නිල් වූ ද, රන්වන් රතු සුදු කළු පැහැ උවමනා කල්හි ඒ ඒ පැහැයන් ඇති පිරිසිදු පස් පෑ දිස්නා ඇස් ඇති බව, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ඉතා ප්‍රසන්න ඇස් ගුළි ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල ද්වේෂයෙන් අනුන් පෙළීම් රවා බැලීම් නොකොට, සෘජු සිතින් පි‍්‍රය ඇසින් බලති.
එම කුශල කර්ම විපාකය වශයෙන් බොහෝ දෙනාට පි‍්‍රය මනාප වූහ. දකින්නවුන්ගේ නෙත් සිත් ඇද ගන්නා මනා රූ සපුවකින් යුක්ත වූහ. දහම් ඇසීමෙහි ලොල් වූ බොහෝ දෙනෙකු උන්වහන්සේ දෙස ඇසිපිල්ලන් නොගසා බොහෝ වේලාවක් බලා සිටියේ ඒ මනා රූ සපුව නිසායි. එම සම්පත් උන්වහන්සේ ලැබුවේ පෙර කරන ලද පින් බලයෙනි.
23. උණ්හීසසීසතා
නළල් පටින් වෙළන ලද්දක් වැනි වූ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇති බව මේ ලක්ෂණය ඇති වූයේ අතීත ජාතිවල පුරෝගාමී ව සුචරිත ක්‍රියාවල යෙදීමත් තමාගේ මෙහෙයීමෙන් මහජනයා යහමඟ හැසිරවීමත් නිසා ය.
පෙර පුරුද්දට අනුව මේ ආත්මයේ දී ද එසේ පුරෝගාමී සුචරිතයෙහි යෙදීමට හා යෙදවීමටත් කැමැත්ත ඇති වේ. එහි විපාක වශයෙන් බොහෝ අනුගාමිකයෝ ඇති වූහ. එසේ ඇති වූ සැරියුත් මුගලන් පරම්පරානුයාත සුපිළිපන් මහසඟරුවන ගණනින් මෙපමණ ය’යි පමණ කළ නොහැකිය.
24. එකෙකලොමතා
25. උණ්ණාභමුකන්තරෙජාතා
එක එක රෝම කූපයෙහි එකක් එකක් ම රෝම ඇති බව, නළල මැද දෙබැම අතර දකුණට කැරකී පිහිටි රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බව යන ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල අසත්‍යයෙන් වැළකී සත්‍ය වචනයම කීම නිසා ය.
මේ ආත්මයෙහි ද සත්‍යය කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් තමා අනුව යන මහ පිරිස් ඇත්තෙක් වූහ.
26. සමචත්තාළීසදන්තතා
27. අවිවරදන්තතා
සමසතළිස් දත් ඇති බව විවර රහිතව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟ කරන වචන කීම නිසාය.
දැනුදු එසේ ම කේලාම් නොකිමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවෙකු විසිනුත් බිඳිය නොහැකි මහ පිරිසක් ඇති වූහ.
28. පහූතජීව්හතා
29. බ්‍රහ්මස්සරතා
පෙර ජාතිවල පරුෂ වචනයෙන් වැළකී පි‍්‍රය මනාප වචන කීම නිසා මෘදු වූ දිග පළලැති දිව ඇති බව ද, බ්‍රහ්මයාගේ මෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්මස්වර ඇති බව ද යන ලක්ෂණ ඇති විය.
මේ ආත්ම භාවයෙහි ද පෙර පුරුද්දට අනුව එසේ පරුෂ වචනයෙන් වැළකී පි‍්‍රය වචන කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එම කුශල කර්ම විපාකය වශයෙන් ඉවත නොදැමිය යුතු අර්ථවත් වචන ඇත්තෙක් වූහ. බුදුරදුන්ගේ වචන දෙකක් නැත. උන්වහන්සේ කියන ආකාරයෙන්ම කරණ, කරණ ආකාරයෙන්ම කියන යථාවාදී තථාකාරී වූහ.
එමෙන් ම උන්වහන්සේගේ වචන ද නිෂ්ඵල නොවීය. බුද්ධ වචනය නිසා මහජනතාවගේ දෙලොවම සාර්ථක වීය. බුද්ධ වචනය සම්බන්ධයෙන් සඳහන් කරන තැන්වල “සාත්ථං සව්යචඤ්ජනං කෙවලපරිපුණ්ණං” යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි.
බුදුරදුන්ගේ කටහඬ විස්තර කරන පාලි අටුවාව “විස්සට්ඨ මඤ්ජු විඤෙඤය්යා බින්දු ගම්භීර නින්නාදී ස්වණියා කරවීකභාණී” යනුවෙන් අෂ්ටාංග සමුපේත බ්‍රහ්ම ස්වරයෙන් යුක්ත බව සඳහන් කර තිබේ.
ඉතා පැහැදිලි වූ ද, ඉතා මිහිරි වූ ද, දෝංකාරය දෙන්නා වූ ද, ඇසීමට සුදුසු වූ ද, කුරවි කෙවිල්ලන්ගේ කටහඬට බඳු ඉතා සුමිහිරි කටහඬක් බුදුරදුන්ට ඇති බව මෙයින් පැවසේ.
එවැනි බුදු වදන් මහජනතාවගේ කන්වලට අමා මිහිරක් ම ගෙන දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නවුන් එම කටහඬින් වශී කරවීම පුදුමයක් නොවන්නේ ය.
30. සීහහනූතා
පෙර ජාතිවල සම්ඵප්‍රලාප කථාවෙන් තොරව අර්ථ ධර්ම නිශි‍්‍රත වචන කීම නිසා සිංහයකුගේ යටි හනුව මෙන් පිරිපුන් උඩු යටි දෙහණු ඇති බව යන ලක්ෂණය පහළ විය. පෙර පුරුදු ද පරිදි මේ ආත්ම භාවයේ ද අර්ථ ධර්ම නිශි‍්‍රත වචන කීම හා අනුන් ලවා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සතුරන් විසින් විනාශ කළ නොහැකි කෙනෙක් වූහ.
31. සමදන්තතා
32. සුසුක්කදාඨතා
සම දත් ඇති බව, දිලිසෙන ඉතා සුදු දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල මිථ්‍යා ජීවිකාවෙන් තොරව ජීවත් වූ නිසාය. මේ ජාතියෙහි ද පෙර පුරුද්දට අනුව මිථ්‍යා ජීවිකාවෙන් තොරව විසීමට කැමැත්ත ඇති විය.
එහි කුශල විපාක වශයෙන් සුචරිතවත් පිරිවර ඇති විය. ඉහත සඳහන් කරණ ලද මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත වූ ශාන්තිනායක අංගීරස සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

සැඟවුණු ශ්‍රී සද්ධර්මය
අද වනවිට විවිධ වූ පුද්ගලයින් මෙන්ම සංඝයා වහන්සේලාද නිවන් දැකිය හැකි ධර්මය ඇත්තේ තමා ළඟ පමණයි වශයෙන් ත්‍රිපිටක ධර්මයට විවිධ වූ අර්ථ කථන පළකරමින් තමා වටා පිරිසක්ද සකස් කරගෙන සිටියි. ශ්‍රී සද්ධර්මය සැඟවී ගොස්ය කියා කීවාට එය පිළිගත නොහැක. එය හේතු සාධක සහිතවම පෙන්වා දිය යුතුය. වර්තමානය වනවිට ලෝක සත්ත්වයාගේ දහම් පිපාසය වැඩිවී ධර්ම ගවේශනයේ සෙදෙන්නන් බොහොමයක් සිටින බව සියලුම දෙනාට හැගී යයි. මේ අතර බුදුවරුන් යැයි කියා ගන්නා, රහතන් වහන්සේලා යැයි කියා ගන්නා, සෝ්වාන්, සකෘදාගාමීන් යැයි කියා ගන්නා පිරිස්ද සිටියි. මුදලට මාර්ගඵල ලබා දෙන්නන්ද සිටියි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අපට මේවා එකවර ප්‍රතික්ෂේප කිරීමටද අයිතියක් නොමැත. බුදුරජාණන් වහන්සේ මේ සඳහා අපට ඉතා පැහැදිලි ක්‍රම රටාවක් දී තිබේ. යම් මගක් අනුගමනය කරයි නම් එය ඇලීමට ගැටීමට හේතු සාධක වන්නේ නම්, එනම් රාග, ද්වේශ, මෝහ සහිත වන්නේ නම්, ඒ මග අතහැරිය යුතුය. යම් මගක් අනුගමනය කරන විට එය ඇලීමට ගැටීමට හේතු නොවන රාගක්ෂය ද්වේශක්ෂය මෝහක්ෂය වන මාර්ගයක් නම් ඒ මග අනුගමනය කරන ලෙස බුදු වදනෙහි සඳහන් වේ. මෙකල බොහෝ දේශකයන් තම මත අනුව නව අර්ත කතන දෙමින් වසර දෙදහසක පටන් ථේර පරපුරේ මහා සංඝ රත්නය අවිවාදයෙන් පිලිගෙන රැකගෙනආ ත්‍රිපිටක සූත්‍ර ධර්ම බිදහරාන්නටත් ඔවුන්ගේ මත ධර්මයට නොගැලපෙන බවට ශාක්ෂි ලෙස ත්‍රිපිටක ගත සූත්‍ර වලින් කරුනු පෙන්වුවහොත් ඒවා බමුනු මතයයි ප්‍රතිකෙෂ්ප කරමින් දැඩි මිසදිටු ගෙන ඇතිබව පෙනේ.
එසේ නම් අප විසින් කළ යුත්තේ මාර්ගඵලලාභීන් යැයි කියාගන්නා පිරිස් තුළ ඇලීමට ගැටීමට හේතුවන කෙළෙස් ප්‍රහීණ වී ඇත්ද, ඔවුන් පවසන මග යාමේදී අපගේ ඇලීමට ගැටීමට හේතුවන කෙළෙස් කොපමණ ප්‍රහීණ වී ඇත්ද, තව කොපමණ ප්‍රහීණ වීමට තිබේද වශයෙන් ප්‍රඥා ගෝචරව වටහාගත හැකිද යන්නත් උන්වහන්සේලාගේ දේශනා ත්‍රිපිටක ධර්මයට ගැළපෙනවාද යන්නත් සූත්‍රයට ධර්මයට විනයට සැසඳෙනවාද යන්නත් සොයා බැලීම සුදුසුය.
මීට වසර 500ට පමණ පෙර මළියදේව මහරහතන් වහන්සේ නමින් අරිහතුන් වහන්සේ නමක් වැඩසිටි බවට සියලු දෙනා අවිවාදයෙන් යුතුව පිළිගනී. ඊට පසුව එලෙස අරිහතුන් වහන්සේලා ගැන කිසිඳු සඳහනක් ඉතිහාස කතාවේ දැනගන්නට නොලැබේ. එලෙස මළියදේව නමින් මහරහතන් වහන්සේ කෙනෙකු වැඩසිට ඇති බව සියලුම දෙනා අවිවාදයෙන් පිළිගැනීමටත් අද බිහිවී සිටින මාර්ගඵල ලාභීන් ප්‍රතික්ෂේප කිරීමත් පිළිබඳ සළකා බැලීමේදී මළියදේව මහරහතන් වහන්සේ තමා අරිහතුන් වහන්සේ කෙනෙකු බව හේතු සාධක සහිතවම ඔප්පුකර ඇති බව අපට පසක් වේ.
භික්ෂූන් ප්‍රතිපත්ති පුරන තුරු බුද්ධ ශාසනය මාර්ගඵල ලාභීන්ගෙන් වඳ නොවේය යන්න බුද්ධ දේශනාවකි. නමුත් වර්තමානයේ භික්ෂූන් වහන්සේලාගේ අඩුවක්ද නොවේ. නමුත් මාර්ගඵල ලාභීන් සිටීද යන්න සහ සිව්පිළිසිහිඹියාපත් අරිහතුන් වහන්සේලා සිටීද යන්න පිළිබඳව යම් කුකුසක් ඇතිවේ. ඉතිහාස කතාවේද මළියදේව මහරහතන් වහන්සේගෙන් පසුව එවැනි සඳහනක් නොවේ. එසේ නම් කොතන හෝ ප්‍රශ්නයක් ඇති බව පෙනේ. නිවන් දැකිය හැකි ශ්‍රී සද්ධර්මය විද්‍යමාන වේ නම් භික්ෂූන් වහන්සේලා අතර ශාසන බ්‍රහ්ම චරියාවෙන් යුත් මගඵල ලාභීන් සිටින බවට අවිවාදයෙන් පිළිගත හැකි හේතුසාධක සහිතව ප්‍රකාශ කළ යුතුවේ.
තථාගතයන් වහන්සේ විසින් දේශනා කර ඇති ආකාරයට නිවන යනු රාගක්ෂයෝ නිබ්බාණං, ද්වේශක්ෂයෝ නිබ්බාණං, මෝහක්ෂයෝ නිබ්බාණං යන්නයි. එසේ නම් නිවන කරා ඇති මාර්ගය රාග, ද්වේශ, මෝහ ක්ෂය වන මාර්ගයකි. දුතීය සාරිපුත්ත සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට සෝවාන්වීමට නම් අංග හතරක් පූර්ණය කළ යුතුය. ඒවා නම් කළ්‍යාන මිත්‍ර සේවණය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ දහම්අනුදහම් පිළිවෙතයි. එනම් සෝවාන් වීමට කළ්‍යාන මිත්රයෙකුගෙන් සද්ධර්මය ශ්‍රවනය කර, ශ්‍රවනය කරන ධර්මය මෙනෙහි කරගෙන දහම් අනුදහම් පිළිවෙතෙහි යෙදිය යුතුය. කළ්‍යාන මිත්‍ර ආර්ය උතුමෙක් ගෙන් ධර්ම ශ්‍රවනය කරන සැදැහැති පින්වතුන් නුවන මෙහෙයවා මුලුහිතින් බන අසනවානම් මේ සෝතාපත්ති අංග හතරම පූර්නවන බව පෙන්වා ඇත. එසේ නම් අප විසින් සෝවාන් වීමට කළ යුත්තේ කළ්‍යාන මිත්‍රයකු සොයාගෙන සද්ධර්මය ශ්‍රවණය කිරිමයි. නෙත්තිප්‍රකරණයෙහි 29 වන පිටුවෙහි පෙන්වා දී ඇති ආකාරයට දස සංයෝජනයන්ගෙන් තුනක් වන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ දර්ශනයෙන් ප්‍රහීණ වන බවත් ඉතිරි හත භාවනාවෙන් ප්‍රහීණ වන බවත් මැනවින් දක්වා ඇත. මෙලෙස දර්ශනයෙන් ප්‍රහීණ කළයුතු කොටස ප්‍රහීණ වන්නේ ශ්‍රවනය තුළින්මය. මේ සඳහා සද්ධර්මය ශ්‍රවනය කර මූලික අවබෝධය ලබා ගත යුතුමය.
එසේ නම් ත්‍රිපිටක ධර්මයට අනුකූලව ධර්ම ගවේශනයේ යෙදෙන අපහට මීළගට කළයුතු වන්නේ කළ්‍යාන මිත්‍රයකු සොයා ගැනීම තුළින් ආර්ය ධර්මය ශ්‍රවනය කිරිමයි. කළ්‍යාන මිත්‍රයා යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය ආර්ය උතුමෙකුගෙන් අසා දැනගත් ආර්ය ශ්‍රාවකයාය. එසේනම් එවැනි ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙකුගෙන් අසා දැනගතයුතු ධර්මය කුමක්ද?
ත්‍රිපිටකය පුරාම සොයා බැලුවද සෝතාපන්න වූ සියලුම දෙනා සෝවාන් වී ඇත්තේ ධර්මය අසා දැනගෙනයි. ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රථමයෙන් සෝවාන් වුණූ ගිහි කාන්තාව වන්නේ අනුශ්සව ප්රසන්නකාලී නැමැති ස්ත්‍රියකි. ඇය ධර්මය අසා දැනගෙන ඇත්තේ යක්ෂයින් දෙදෙනෙකු විසින් කරන ලද්දාවූ සාකච්ඡාවකිනි. ඒ එක් යක්ෂයෙකු බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අසා පැමිණ අනෙක් යක්ෂයාට දේශනා කරන ලද අවස්ථාවේදීය. මහාවග්ග පාලියෙහි 1හි 85වන පිටුවෙහි සඳහන් වන ආකාරයට අස්සජී ස්ථවිර තෙමේ ශාරිපුත්ත පරිබ්‍රාජකයා හට දේශනා කළ ධර්මය නම් “හේතුවෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙත්ද ඔවුන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වඳාළ සේක. ඔවුන්ගේ යම් නිරෝධයක් වේද එයද වඳාළ සේක. මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද ඇත්තේය” යැයි ඉක්බිති ශාරිපුත්‍ර පරිබ්‍රාජකයා මෙම ධර්මය අසා පහවූ රාගාදී රජස් ඇති පහවූ කෙළෙස්මල ඇති යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේද ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැයි යන සෝතාපත්තිමග්ග ඥානය උපන්නේය වශයෙන් සඳහන් වේ. මේ සිංහල තේරුමෙහි සෝතා පත්ති මග්ග ඤානය උපන්නේය යන්න යන්නට පාලියෙන් පෙන්වන්නේ ධම්ම චක්කුං උදපාදි කියාය එනම් දහම් ඇස පහලවිය යන්නයි. ඒකීවේ සෝතාපන්න වීම ගැනයි.
එසේනම් අප විසින්ද දැනගතයුතු ධර්ම ක්රමයේ(ධර්මයේ) සාරාංශය මෙයයි. මෙය තිලකුණ වැටහීමෙන් ලබන සිවුසස් දර්ශනයයි. එනම් අනිච්ච(අනිසි), දුක්ඛ(දුක), අනත්ත(අනාථ/අසාර බව) වැටහෙන විට නැගෙන සිවු සස් අවබෝදයයි(දුක්ඛ ආර්යසත්‍යය, දුක්ඛ සමුදය ආර්යසත්‍යය, දුක්ඛ නිරෝධ ආර්යසත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාආර්යසත්යය දකිනාවූ ඥානදර්ශනයයි). ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙකුගෙන් අසා දැනගතයුතු ධර්මය මෙයයි. මෙය අපට පොත් කියවා තේරුම් ගත නොහැක. තනිවම භාවනා කර තේරුම් ගත නොහැක. එවැනි ක්‍රම ධර්මානුකූල නොවේ. එසේනම් අප විසින් කළ යුත්තේ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙකුගෙන්ම මෙය අසා දැනගැනීමයි. එවිට උන්වහන්සේගේ ශරීරයෙන් පිටවන්නාවූ ආර්ය මෛත්‍රී කිරණ වල බලපෑමද අපට උපනිශ්‍රයක් වී පංච නීවරණ සමණ වී විනීවරණ මොහොතක් උදාවේ. එවැනි අවස්ථාවකදී සවිතක්ක වූ සවිචාර වූ ප්‍රීති සුඛ ඒකාග්ගතාවයද සමග සෝතාපත්තිමග්ග ඥානය පහළ වේ ඵලයට පත්වේ.
ශ්‍රී සද්ධර්මය ලොව පවතී නම් උතුම් වූ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේලාද සිටී නම් ඔබ ත්‍රිහේතුක උප්පත්තියක් ලබා දහම් පිපාසයෙන් සිටී නම් කුමටද තව තව ප්‍රමාද වන්නේ?

පංච සීලය නැතහොත් පන්සිල් මොනවාද?
මෙම ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් ඔබට මේ වන විටත් ඔබ දැන හදුනාගෙන සිටින ඉතාමත් ඕනෑකමින් පිළිපදින පංචසීලය වන, “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” ඉක්මනින්ම පෙන්වා දේවි. යමෙක් ඇසුවොත් පංච දුෂ්චරිතයන්ගෙන් වැළකීම යනු කුමක්දැයි එවිටත් ඔබ දෙන පිළිතුර “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” ලෙස නොවේද? යමෙක් ඇසුවොත් පංච ශික්ෂා යනු මොනවාද ලෙසින් එවිටත් ඔබ දෙන පිළිතුර “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” නොවේද? තවත් කව්රුන් හරි ඇසුවොත් පස් පවින් වැළකීම යනු කුමක්ද ලෙසින් එහෙත් ඔබගේ පිළිතුර “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” මෙයම නොවේද? සිල් වත ලෙසින් ඇසුවත් සීලය ලෙසින් ඇසුවත් ඔබගේ පිළිතුර මෙයම නොවේද? අපි විසින් සිතිය යුතු අවස්ථාව දැන් එළඹ ඇත. පංචසීලය, පංච දුෂ්චරිතය, පංච ශික්ෂා, පස් පවින් වැළකීම, සිල් වත හෝ සීලය ලෙසින් මේ එකම කාරණා 5 ගැනීම කොතරම් සුදුසුද ලෙස අප සිතා බැලිය යුතුයි. පංච දුෂ්චරිතය, පන්සිල්, පංච සික්ඛා, පස්පව්, සිල්වත, සීලය මේවාද විස්තර සහිතව දැනගත යුතුය. ප්‍රථමයෙන් සිල් සහ සිල් වත යන කරුණු පැහැදිලිව වෙන් කර ගත යුතුයි... ඒ නිසා ඒ පිලිබදව විමසා බලමු!
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
යම් සමාදානයක් වේද එය වතකි.
සංවරත්වයේ පිහිටිමක් වෙයිද එය සීලයකි.
එසේ නම් වත සීලය නොවේ. අප සමාදාන වන පංච දුෂ්චරිත වත, අශ්ඨාංග සීල වත ආදියත් භික්ෂූණ් වහන්සේලා සමාදන් වන සාමණේර වත, උපසම්පදා වත ආදියත් සිල් නොව වත් ගණයට වැටේ. වත යනු සීලයට උපකාර වන දෙයක් බව පෙන්වා දී ඇත. වතක් සමාදානය වන තැනැත්තා තමන් විසින්ම යම් කාලයක් තුල අධිෂ්ඨානයක් කරගන්නවා මම මෙන්න මේ කාලය තුල මෙවැනි පවින් හෝ මේ මේ වැරදි ක්‍රියාවන්ගෙන් ඉවත් වී සිටිනවා ලෙසින්.
එසේනම් පන්සිල් හෙවත් පංච සීලය මොනවාද?
“සංවරට්ඨේන සීලං” යන දහම් විග්‍රහය පරිදි සීලය සංවරත්වයේ පිහිටීමෙන් ලැබෙන සිසිල් ගුණයකි. ආර්ය ශ්‍රාවකයාගේ සීලයට නිති පන්සිල් හවෙත් නිත්‍ය පංච සීලය කියති. නිත්‍ය ලෙසින් පෙන්වා දෙන්නේ ස්ථිර යන අදහසයි. යම් සීලයක් ස්ථිර නම් එය කිසි ආකාරයකින් වත් නොකැඩෙන සීලයක් විය යුතුය. එහි පළමු වැනි කොටස ප්‍රාණඝාතයෙන් වැළකීම යනුවෙන් අදහස් කරන අර්ථයක් අද අප අතර දකින්නට අත්විදින්නට ඇත. සෝතාපන්න ආර්ය ශ්රාවකයා කෙසේවත් නොකරන්නේ පව් හයක් පමණක් බව ධර්මයේ සදහන්වේ. එනම්
01) මව මැරීම
02) පියා මැරීම
03) අරිහතුන් වහන්සේලා මැරීම
04) බුද්ධ ශරීරයේ ලේ ඉපැද්දීම
05) සංඝ භේදය
06) නියත මිත්‍යා දෘෂ්ඨියෙකු නොවීම යන කාරණා 6යි.
අරිහතුන් වහන්සේ දිවි ඇති තෙක් නොකරන කරුණු 5ක් ගැනද පෙන්වාදී ඇත.
1. දැන දැන ප්‍රාණියෙකුගේ දිවි තොර කිරීම
2. දැන දැන අන්සතු වස්තුවක් සොර සිතින් ගැනීම
3. දැන දැන කාම මෛථුනයක යෙදීම
4. දැන දැන මුසාවාද කීම
5. සංනිධිකාරක පරිභෝග වැළදීම
අරිහතුන් වහන්සේගෙන් නොකෙරෙන බව කී මේ කාරණා තුලින් හතරක්ම මෙකල නිත්‍ය පංච සීලය තෝරා සමාදන් කරවනවා නේද? එසේම වතක් සීලය හැටියටද අර්ථ දී තියෙනවා නේද? මෙසේ කල විට තත්වය බැරෑරුම් ලෙස වැටහී සෝතාපන්න වීමත් එසේ මෙසේ වැඩක් නෙවේ ලෙසින් වැටහී අධෛර්යට පත්වෙනවා නොවේද?
එසේනම් පද වශයෙන් නොගන්න පංච සීලය මොනවාද? ධර්මයෙහි සදහන් වෙනවා අඛණ්ඩ වූ, අචිද්‍ර වූ, අසබල වූ, අකල්මාස වූ යන කාරණා 4කින් යුක්ත ශුද්ධ සීලය ඇත්තා සෝතාපන්න පුද්ගලයෙක් ලෙසින්. එසේනම් එලෙසින් පෙන්වාදුන් පංචසීලය කුමක්ද?
“කිං සීලං? සීලය යනු කුමක්ද?”
“පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලංතී!”
ආර්ය පුද්ගලයාගේ සෝතාපන්න පුද්ගලයාගේ පංච සීලය මෙයයි.
කළ්‍යණ මිත්‍ර ඇසුරකින් සද්ධර්මය ශ්‍රවණය තුලින් තම තමන්ගේ නුවණින් මෙනෙහි කොට ධර්මාවබෝධය ලබන තැනැත්තා හට ත්රිලක්ෂණය වැටහී මේ ලෝකය අසාර ලෙසින් දකිනවා. ඒ පුද්ගලයා හට පරපත්‍ය රහිතයි හෙවත් අන්‍ය ආධාර අනවශ්‍යයයි දස මාර සේනා පැමිණියත් එම පුද්ගලයා නිවනින්ම සසර කෙලවර කිරීම අනිවාර්යයි ඔහු ආපසු හැරවීමට හේතු නොමැති බව බුදු පියාණන් වහන්සේ දේශනා කොට තියෙනවා. මෙවැනි පුද්ගලයින්ගෙන් ලෝකයට කිසිවිටක අවැඩක් සිදුවන්නේද නැත.
මෙම පුද්ගලයා තුල සතර අපාගත වීමට නියමිත යම් වැඩපිලිවෙලක් තිබෙන්නේද එවැනි වැඩපිලිවෙලක් කිසිදිනක ඒ සිත තුල හටගන්නේ නැහැ. එය පහ වූවා. පහ වූවාමය. නැවත නොනැගේ. එයයි පහාන සීල ලෙසින් පෙන්වා දුන්නේ.
එලෙසින් සතර අපාගත වීමට හේතුවන යම් වැඩපිලිවෙලක් ඉන්පසු රමණය කරමින් හෙවත් ඇසුරුකරමින් නැවත එවැනි දේ ඇසුරු කිරීමට එම පුද්ගලයාට යෙදෙන්නේ නැහැ. එය වේරමණී සීලයයි.
සතර අපාගත වීමට හේතුවන යම් පාප සිතුවිල්ලක් ඇත්ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි කෙදිනකවත් හට ගන්නේ නැහැ. එය චේතනා සීලයයි.
සංවර සීල ලෙසින් පෙන්වා දී තිබෙන්නේ එලෙසින් සතර අපාගත වීමට හේතුවන පාපයන් කිරීම තුලින් ඇතිවන යම් අසංවරතාවයක් ඇත්ද ඒ සිතෙහි හටගන්නේ නැහැ යන්නයි.
මෙම සෝතාපන්න ආර්ය ශ්රාවකයා කෙදිනක හෝ නිවන් අවබෝධය තුලින් මේ සසර ගමන කෙලවර කරන තුරු මේ ලෙසින් කියන්නා වූ සීල ගුණය බිදෙන්නේ නැහැ... අත්හැරෙන්නේ නැහැ... එය ප්‍රතික්‍රමණය හෙවත් ඉවත්වී යන්නේ නැහැ කියලා අවිතික්කම සීල ලෙසින් පෙන්වා දුන්නා.
මෙන්න මේ කියන පංච සීලයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා අරිය කාන්ත සීලයෙන් යුක්තයි. මෙන්න මේ ලෙසින් පෙන්වා දෙන පංච සීලය සමාදන්විය නොහැකියි යන්න ඔබටම වැටහෙනවා ඇති. සතර අපාගත වීමට නියමිත වැඩපිලිවෙල මිස සියළු පවින් නිදොස්වූ පුද්ගලයෙක් ලෙස මෙහිදී සෝතාපන්න පුද්ගලයා හදුන්වාදී නොමැති බව ඔබ විසින් අවබෝධ කරගත යුතුමය. බුදු පියාණන්ගේ ප්‍රතිමා අසලට ගොස් හෝ ගරුතර සංඝරත්නය අසලදී හෝ කොතැනකදී හෝ වාක්‍ය පහක් කටපාඩම් කරගෙන ඒ තුල ගත කරන කාලය තුල සමාදන් වන වත තුලින් මෙම සීලය නොපිහිටන බවද ඔබ විසින් ඔබේම මනසින් විමසා දත යුතුය.
ධර්මාවබෝධය තුලින් ලෝකයේ අසාරත්වය දැනගත් දිනයේදී අවබෝධ වූ දිනයේදී මේ හරයක් නැති ලෝකයේ මොන හේතුවක් නිසා මොනවා ලබාගන්න මම පව් කරන්නද කියන සිතුවිල්ල මතින් මෙන්න මේ කියන යම් තරමකින් පවින් නිදහස් වන දිනයේදී කිසිදිනක නොබිදෙන තමාගේම නුවණින්ම අවබෝධ කරගත් සත්‍යයක් තුලින් නැගෙන අවබෝධයක් තුලින් පිහිටන සංවරත්වය හෙවත් පංච සීලයෙහි පිහිටනවා.
එසේනම් වතින් සාමණේර වත, උපසම්පදා වත ලෙසින් භික්ෂූණ්වහන්සේලාට තිබෙන වතක සිටින්නට පුළුවන්.... නැතිනම් අෂ්ඨාංග වත, නවාංග වත ආදී ලෙස තිබෙන නොයෙක් වත් පුරන අයෙක් සිටින්නට පුළුවන්... ඒ කව්රුන් කුමන වතක සිටියත් සතර අපාගත වීමට හේතු යෙදෙන අවස්ථාවක් කුමන ලෙසකින් හෝ මතුවන්නට අවස්ථාව තිබෙනවා. ඒත් ධර්මාවබෝධය තුලින් සතර අපාගත වීමට හේතු කිසිලෙසකත් නොයෙදෙන තත්වයට පත්වූ විට කුමන වතක සිටියත් නැතත් ඒ පුද්ගලයා තුල ඉහත පෙන්වා දුන් පාරිශුද්ධත්වය තුලින් ලැබෙන පහාන, වේරමණී, චේතනා, සංවර හා අවිතික්කම යන පංච සීලයෙන් යුක්ත වෙනවා.
එනම් සීලය චිත්ත පාරිශුද්ධත්වය තුලින් තමන් තුලම ඇතිවන දෙයක් මිස සිත මට්ටු කරමින් සිතට තදින් අවවාද කරමින් බලහත්කාරයෙන් සිත දමනය කරගෙන සිටින වතක් නොවන බව ඔබගේ නුවණට මේ වන විටත් අවබෝධ වී හමාර බව මට සිතේ. අප දැනගත යුතුයි සීලය යනු සමාදන් වන පද නොවේ යන්න. යම් අයෙක් යථාවබෝධය තුලින් යහපත යහපත ලෙසටත් ලගා කරගත යුත්තක් ලෙසටත් යහපත් ඵල ලබාදෙන ලොවට අවැඩක් සිදුනොවන ක්‍රියාවක් ලෙසටත් සුචරිතයක් ලෙසටත් තමන් වැඩි වැඩියෙන් වර්ධනය කරගත යුත්තක් ලෙස දැක අයහපත අයහපත ලෙසත් ඉවත් කොට දැමිය යුත්තක් ලෙසත් අයහපත් ඵල ලබාදෙන ලෙසත් ලොකයාට අවැඩක්ම සිදුවන ක්‍රියාවන් ලෙසටත් දුෂ්චරිතය ලෙසටත් තමන් නොපමාව ඒ දේ පහ කර දැමිය යුතුයි ලෙස දැක්කා නම් තමන්ගේම නුවණින්ම විමසා අවබෝධයට පත්වූවා නම්
ඔබ සතුන් මරන්න කිව්වත් මරන්නේ නැහැ...
ඔබ සොරකම් කරන්න කිව්වත් කරන්නේ නැහැ...
ඔබ කාමයෙහි වරදවා හැසිරෙන්න කිව්වත් හැසිරෙන්නේ නැහැ...
ඔබ බොරු කියන්න කිව්වත් කියන්නේ නැහැ...
ඔබ මත්පැන් සුරාව සූදුව ලං කරගන්න කිව්වත් කරන්නේ නැහැ.
එලෙසින් තමන්ගේ නැණ නුවණ මොට කරන දමන එවැනි මාර්ගයකට පත්වෙන්නේ නැහැ. ඒවැනි දේ කිරීමට කැමති නැති ස්වභාවයට පත්වෙනවා. එලෙසින් යම් අයෙකුට ධර්මාවබෝධය තුලින් වැරැද්දට කැමති නැති ස්වභාවයක්... අකමැත්තක්... වැරදි කිරීමට අලසකමක් ලැබුණානම් ඒ පුද්ගලයාට සීල ගුණයක් ලැබෙනවා. තම තමන්ගේ නුවණින් විමසන්න... සිතන්න... පන්සිල් යනු සමාදන් විය යුතු දෙයක්ද? පන්සිල් සැබැවින්ම පිහිටන්නේ කා තුලද? පන්සිල් යනු මොනවාද? කියලා තමන්ගේම නුවණින් විමසා බලන්න.
මෙම පංච සීලය තවත් වරෙක බුදුහිමියන් ලෙසින් මෙසේ පෙන්වා දුන්නා...
මහානාම යන කුමාරයා වරෙක බුදු හිමියන්ගෙන් අසනවා “ස්වාමිනී, අරිය ශ්‍රාවකයාගේ සීලය කුමක්ද?” එවිට බුදුහිමියන් පෙන්වා දෙනවා“පාණාතිපාතා පටිවිරතෝ හෝථී, අදින්නාදානා පටිවිරතෝ හෝථී, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝථී, මුසාවාදා පටිවිරතෝ හෝථී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝථී අයං උච්ඡති මහානාම අරිය ශ්රාවකො සීලවා හෝථී” ලෙසින්.
මෙහිදී පටිවිරති හෝථී ලෙසින් පෙන්වා දුන්නේ කුමක්දැයි සලකා බලමු. පටිවිරති යන පදය සැලකීමේදී “රති” යන පදයෙහි අර්ථය වටහාගැනීම වැදගත්. එයින් පෙන්වාදෙන්නේ කැමැත්ත, ආශාව, ඇල්ම... විරති යනු කැමැත්තෙන් වෙන්වීමයි... ආශාවෙන් වෙන්වීමයි... ඇලීමෙන් වෙන්වීමෙයි... බලාපොරොත්තුවක් නැතිවීමයි...
එසේනම් මහානාම කුමාරයාට පෙන්වා දුන් ආර්ය පුද්ගලයාගේ පංච සීලය
පාණාතිපාතා පටිවිරතෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
අදින්නාදානා පටිවිරතෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
මුසාවාදා පටිවිරතෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ
චිත්ත පාරිශුද්ධිය තුලින් නැගෙන මානසික සංවරත්වයක් තුලින් වරදට කැමැත්තෙන් නොබැදෙන ලක්ෂණයම නොවේද මේ ලෙසින් පැහැදිලිව පෙන්වාදී තිබෙන්නේ? සත්‍යාවබෝධය තුලින් මේ සීලය තුලින් තව තවත් මනසට නැගෙනවා මේ හරයක් නැති ලෝකයක අන් අයට හිංසා කරලා රිදවලා... අන් අයගේ දේවල් තමන් සතුකරගන්න හදලා... වැරැදි ඇසුරෙහි බැදෙමින් කය පිනවලා... බොරුවෙන් අන් අයව රවටලා... මදයට ප්‍රමාදයට හේතුවන සුරාවෙන් මේරයෙන් මත්වෙලා තමන්ට ලබාගත හැකි ප්‍රයෝජනයක් ඵලයක් නොමැතිබව තමන්ගේම නුවණින් වැටහෙනවා. එලෙසින් වැටහීම ලත් දිනයට ඒ පුද්ගලයා සෝතාපන්න ඵලය අත්කරගත් පුද්ගලයෙක් ලෙසින්ද හැදින්විය හැකිය. මෙහිදී සුරාමේරය යන කරුණ තවත් බොහෝ විග්රහ කොට ගත යුත්තක් එය ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
එහෙත් මේ පංච සික්ඛා පද මොනවාද?
මේ පංච සික්ඛා පද දේශනා කලේ බුදු පියාණන්වහන්සේ විසින්මය. ශාසනික සික්ඛා පද අබුද්ධෝත්පාද කාලයේ නැත. වචන එසේම භාවිතා කරන අෂ්ඨාංග සීල ක්‍රම ආදිය වේදය තුල තිබුණ අතර ඒවාට පටු ලෞකික අර්ථ දී තිබිණි.
අප අද පන්සිල් ගනිමුයි පවසන සමාදානය පංච සික්ඛා සමාදානයයි. සික්ඛා පද බොහෝ ගැඹුරු අරුත් ගෙන දෙන්නකි. ප්‍රවේසම් ලෙස සිහියෙන් රැකිය යුතුයි. නමුත් මේවාට දී ඇත්තේ පටු අර්ථ විග්රහයකි. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත්පැන් නොබීම යන මේවා පන්සිල් යැයි කියමින් සමාදන් කරවන්නේද පංච සික්ඛාමය. සික්ඛා පද සමාදන්ව ඒවා කඩාගත්විට ආණාවිතික්කමාවරණයට වැටෙන්නට පුළුවන. එය ආවරණයක් බැවින් එවිට ධර්මය අර්ථවත්ව හදවතට කිදා නොබැසීම සිදුවේ. එනිසා මෙම භයානකත්වය වටහාගෙන අවබෝධයෙන් යුතුව තම තමන්ගේ නුවණින් විමසා මේ දේවල් අවබෝධ කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.
අංගුත්තර නිකායේ අෂ්ඨාංග උපෝසථ සූත්‍රය, නවාංග උපෝසථ සූත්‍රය, අරිය උපෝසථ සූත්‍රය, විශාඛ උපෝසථ සූත්‍රය ආදියෙන් මේ සික්ඛා පිළිබදව පාලි සහ සිංහල අර්ථ බලාගත හැකිය.
01) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරන්නේය.
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. මේ මාගේ පළවෙනි සික්ඛාවයි”
මෙහි පෙන්වා ඇත්තේ ශාසනික වූ දයානුකම්පාවයි. සතුන් නොමරා සිටිමින් පමණක් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන සික්ඛා පදය මම හරියට රැක්කා කිව්වොත් එය කොතරම් නිවැරදිද යන්න ඔබගේම නුවණින් විමසා බලන්න.
02) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්නේමය.
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.
මේ මාගේ දෙවෙනි සික්ඛාවයි”
මෙයින් අදහස්වන්නේ සොරකම් කිරීමෙන් වැලකී සිටීම පමණක් නොවන බව ඔබටම දැන් වැටහෙනවා ඇත. කෙටියෙන් කිවහොත් මෙලෙසින් සික්ඛා පදය සමාදන් වූ විට තමන් පානය කරන තේ පානය පවා තමාට අන් අයෙක් විසින් දුන්නොත් පමණක් ගත යුතුය. බත් ආදී ආහාරයක් පවා අන් අයෙක් විසින් බෙදා පිලිගැන්වුවොත් පමණයි නේද ගත යුත්තේ? දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන අයෙකුට පමණයි නේද මේ කියන දෙවෙනි සික්ඛා පදය නොකැඩී නොබිදී ආරක්ෂා කල හැකි වන්නේ? සොරකම් නොකොට අන්සතුදේ නොගෙන අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකුට සිටින්න පුළුවන්. එහෙත් “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙසින් දෙවෙනි සික්ඛා පදය සමාදන් වන පුද්ගලයා සමග ඒ ඇත්තාට ඇප උපස්ථානය සදහාද යමෙක්අසලින්ම සිටිය යුතු නොවන්නේද? වන්දනාමාන කරමින් පූජා සිතින් පිලිගන්වන ඇත්තෙක් අසලම සිටිය යුතුයි නේද?
03) අබ්‍රහ්ම චර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මෙය එදිනෙදා භාවිතයේදී “කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙසින් වෙනස්කොට ඇත.
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය.
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.
මේ මාගේ තෙවෙනි සික්ඛාවයි”
04) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරන්නේමය.
උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. මේ මාගේ හතරවෙනි සික්ඛාවයි.”
05) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන යම් සූරාවක්, මේරයක් ඇද්දමේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැර මත් නොවීම හේතුවෙන් අප්‍රමාදීව නිවන් අවබෝධ කල සේක!
උන්වහන්සේ අනුගමනය කරන්නාවූ මමද සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැර අප්‍රමාදීව නිවන් අවබෝධ කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි.
මෙය මාගේ පස්වෙනි සික්ඛාවයි.”
(සුරාව මේරය - මදයට හේතුවන ප්‍රමාදයට හේතුවන ලොව අල්ලාගැනීමට හේතුවන සුරාවක් තියෙනවා මේරයක් තියෙනවා. සුරා නම් සරාගය නැමැති අර්ථ දෙයි. මේරා නම් මිහිරියාව නැමැති අර්ථ දෙයි. සරාගික වන්නේ මොනවා තුලින්ද? ලස්සන රූප දැක, මිහිර හඩ අසා, ගන්ධ, රස හා ස්පර්ශ යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන පංච කාමයෙන් සරාගික වෙනවා. එම පංච කාමයන් තුලින් රාගික සිතක් ඇතිකරගෙන එහි මිහිරියාවට පත්වූ විට මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් මත්වෙනවා. එලෙස මත්වීම තුලින් නිවනින් සිත ඈත්ව යනවා. ලෝකය කොච්චර ආශ්වාදද කොච්චර ලස්සනද කියලා ලෝකයටම ඇලී සිටින්න සිතෙනවා. එලෙසින් නිවනට ප්‍රමාදය ඇතිවී ලෝකය තුලම ඇලෙනවා. එය සුරා මේරය මජ්ජපමාදට්ඨානා තුලින් පෙන්වා දුන්නා.)
මෙලෙසින් විස්තර කලේ පංච ශික්ෂාවයි.
පස්පව් යනු පංච දුෂ්චරිත නොවේ. එයට වඩා පුළුල් විස්තරයකි. ඉහතකී ශික්ෂා පද 5න් පෙන්වූ වෙන්විය යුතු පාපා කොට්ඨාශ 5ට අසුනොවන පවක් නැත. ඒ අත්හැරිය යුතු කොටසටයි පස් පව් කියන්නේ. සය පව් හෝ සත් පව් ආදී ලෙසටවත් සතර පව් තුන් පව් ආදී ලෙසටවත් නොව පස් පව් යනු ශාසන සම්මත වචනයකි. එසේනම් කොටස් පහකට සියලු පව් අඩංගු විය යුතු බව දැනගැනීම අවබෝධය ඉතාමත් වටින්නේය.
එසේනම් පංච දුෂ්චරිතය හෙවත් “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” ආදියෙන් වෙන්වී දස අකුසල් අත්හැර සීල ගුණයේ ශාසනික අර්ථ සහිතව පිහිටීම සිදුකිරීම වඩාත් සුදුසුය. වත සහ සීලය වෙන්කොට හදුනාගෙන කටයුතු කිරීම මේ ආර්ය මාර්ගය නිවැරදිව පූර්ණය කරගෙන යාමටද ඉතා වැදගත්වෙනවා. පංච දුෂ්චරිතයෙන් වෙන්වන වත ලැබූ පමණින් පංච සීලය ලැබුවා යැයි වැරදි මතයන්ට වැරදි තීරණයන්ට එළඹ නොගෙන තම තමන්ගේ නුවණින්ම කරුණු විමසා බලන්න. ඒ වගේම මම නිතර ඉල්ලා සිටින පරිදි මෙහිදීද විශේෂයෙන් ඉල්ලා සිටින කරුණක් ඇත. මා කියු පමණින් මෙම කාරණා මෙලෙසමයි යැයි නොගෙන තවත් අයෙක් කියූ පමණින් මෙලෙස පෙන්වා දුන් කාරණා ඉවත් නොකොට තම තමන් සතු බුද්ධිමට්ටම මෙහෙයවා සිතන්න... මම නිතර ඉල්ලා සිටින පරිදි විවෘත වූ මනසිකින් සිතන්න... ඔබටත් මේ වෙනස අනිවාර්යෙන්ම අවබෝධ වේවි.
මෙහි ඔබ සදහන් කිසිවක් ඔබ විසින් අන්‍ය පුද්ගලයන් හෝ සම්මතයන් සමග තර්ක වාද කොට ඒවා වෙනස්කිරීමට සටන් කිරීමට නොව ඔබගේම මනසින් නුවණින් විමසා අවබෝධ කොට ගෙන ඔබගේම විමුක්තිය සොයාගැනීමටවේ. තම තමන්ගේ අවබෝධය තුලින් නුවණින් විමසා සත්‍යාවබෝධය ලබන පිරිස් බිහීවීම නොබෝ කලකින්ම සිදුවිය හැක්කකි. එහිදී මෙම කරුණු ස්ථීර වීමටද ඉඩ ඇත. එතෙක් තම තමන් බේරාගැනීමට කටයුතු කල යුතුමය. ඒ සදහා මේ කරුණු ගැන සිතා බලමින් ලබන අවබෝධය පිටුවහලක් වන බව ඔබටද වැටහෙනවා ඇතියි සිතමි.
ඒ වගේම සාම්ප්‍රදායිකව පන්සිල් දීම ලෙස මෙකල කරන පංච ශික්ෂා සමාදානයේ විප්ලවයක් නොකර එබදු අවස්ථාවන්ට සම්බන්ධවන්ට සිදුවුවහොත් විවේචනාදියෙන් බාධක නොකර, ඉදගෙන සිටින තුරු හෝ ඇස් පියාගෙන සිටින තුරු හෝ සමාදන් වෙමියි යම් කාල අධිෂ්ඨානයක් කරගන්න. ඒ වෙලාව අවසන් වන විටම ඔබ නිදහස් වෙනවාද ඇති. එවැනි සුළු මොහොතක කාලයක් වුවත් මෙම ශික්ඛා පද අවබෝධයෙන් නොකඩා සිටින්නේ නම් ඉතාමත් යහපති. රකින්නට හැකිනම් සමාදන්ව කොතෙක් කල් සිටියත් ඉතාමත් යහපතක්ම වන්නේය. පෝය දිනයන් වෙන් කර ඇත්තේද මෙවැනි පහසු සමාදානයන් සදහාමය. එබැවින් එදිනට උපෝසථ සමාදානයට හැකි තරම් අවබෝධයෙන් යුක්තව උත්සාහ කරන්න. මෙලෙස අවබෝධයෙන් යුක්තව ශික්ෂා සමාදන්ව සංවරය හුරු කරන ඔබට ලෞකික වශයෙන් දෙව්ලොවට ඉනිමගක් බදුය. උතුම් නිවන් මග සදහා නම් ආර්ය ශීලයට මහා උපනිශ්‍රයකි. නිතර එදිනෙදා ජීවිතයේදී රකින්නට නොහැකි නම් ඉහත පංච ශික්ඛා නිතර ගැනීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටීමට පෙළඹෙන්නේ එය ඔබගේ නිවන් මග වසාදැමීමට හේතුවන කාරණයක් වීමට ඉඩ ඇතිවන බැවිනි.
එමෙන්ම පංච දුෂ්චරිත සිදු වෙන්ට ඉඩ ඇති බැවින් පාපයට ලැජ්ජා, භය ඇති කවුරු වුවත් මේ දුෂ්චරිත පහෙන් වෙන්වීම සමාදන්ව ආරක්ෂා කිරීම නම් අති උතුම් වගේම මූලික සිල් වතක් ලෙස පංච දුෂ්චරිතයෙන් වැලකීමට අදිටන් කරගැනීමම සෑහේ. දුෂ්චරිතයෙන් වෙන්වීම අපහසු යැයි සිතුනත් එයින් වෙන්වීම තමන්ට මෙන්ම ලෝකයාටද බොහෝම යහපත් ක්‍රියාවක්. එලෙසින් එයින් වෙන්වී සිටීම පංච දුෂ්චරිතයෙන් වෙන්වීම යන වතහි සිටිනවා වෙනවා. ඉහත කී කරුණු 5 පෙර රජවරු පවා පනවා ඇත. මෙය ඉතාමත් හොද දෙයක් වන අතර බුදු හිමියන් පවා අනුමත කල පංච දුෂ්චරිතයෙන් වැළකීමේ වත ලෙස හැදින්විය හැකියි. එලෙසින් වතක සිටීම එක් දිනයකට හෝ පැය කීපයකට සීමා නොකොට තමන්ගේ ජීවිත කාලය තුලම සිටින්නට උත්සාහ කිරීමත් යහපත් ක්‍රියාවක් වෙනවා. මෙම පංච දුෂ්චරිතයන් සදහා වෙන වෙනම පද දේශනා කර නොමැති බැවින් සරලව අවබෝධයෙන් යුතුව මෙවැනි කවියක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි.
මම සතුන් නොමරමි
සොරකම් කිසිත් නොකරමි
දුසිරිතෙන් වැළකෙමි
බොරු බසින් මත් පැනින් වැළකෙමි
තෙවරක් මේ කවිය කියා දුෂ්චරිතයෙන් වැළකීමටත් සුචරිතව කටයුතු කොට නිවන් අවබෝධයට රුකුල් සලසා ගැනීමටත් දැඩි අදිටනක් ඇති කර ගන්න.
එමෙන්ම මෙම පංච දුෂ්චරිතයනගෙන් වැළකීමට බොහෝම පහසු ක්‍රමයක් ඇත. එය බුදු හිමියන් පවා අනුමත කල ක්‍රමයයි.
අපි විසින් අපටම පැහැදිලිවන ධර්මයකට අනුව සිතනවා “මාව තව කෙනෙක් මරණවා නම් රිදවනවා නම් හිංසා කරනවා නම් මම කැමති නැහැනේ, ඒ වගේ තවත් මිනිසෙක් හෝ වේවා යම් සතෙක් හෝ වේවා තමන්ට රිදවනවා නම් හිංසා කරනවා නම් මරණවා නම් අකමැතියි වගේම භයයි. එසේනම් එලෙස මටත් අසාධාරණයක් අවැඩක් ලෙස සිතෙන ලෝකයාටත් අසාධාරණයක් අවැඩක් ලෙස සිතෙන දෙයින් මම වැළකී සිටිය යුතුයි. එලෙසින් අවැඩ අසාධාරණ කිරීම ඉතාමත් නුසුදුසුයි අන් අයටත් මට මෙන්ම වේදනාව ඇතිවෙනවා ඒ නිසා එලෙසින් අන් අයට මමත් අකමැති වේදනාවක් අත්කර දීම ධර්මානුකූල නැහැ කියලා තමන්ගේ නුවණින්ම කල්පනා කොට තීරණයක් ගෙන මේ අවැඩින්... පවින්... මිදී සිටිනවා.
එලෙසින් තම සිතින්ම කල්පනාකොට තීරණයක් ගත් පුද්ගලයා කෙදිනකවත් තම තීරණය වෙනස් කරන්නේ නැහැ. එයට හේතුව කාලය කොතරම් වෙනස්වුවත්... කුමන යුගයක් පැමිණුනත් තමන්ව මරණවාට තමන්ට රිදවනවාට තමන්ට හිංසා කරනවාට තමන්ව භය කරනවාට කැමති පුද්ගලයන් බිහිනොවීමයි.
එලෙසින් අපට සිතිය හැකියි එවැනි තමන්ව මරණවාට තමන්ට රිදවනවාට තමන්ට හිංසා කරනවාට තමන්ව භය කරනවාට කැමති පුද්ගලයන් අතීතයේ සිටියේත් නැහැ වර්ථමානයේත් නැහැ අනාගතයේත් අනිවාර්යෙන්ම බිහිනොවන බවට තමන්ට දැකිය හැකියි. එනම් එය තුන්කාලයටම ගැලපෙන ධර්මතාවයක්. මන්ද යත් එලෙසින් සිතන ඇත්තන් සිටින විට අන් අයටත් එලෙස කිරීම නුසුදුසු බව සුචරිතයක් ලෙසින් ඔවුන් දකිනවා... අන් අයට එසේ කිරීම පහත් නොගැලපෙන දුෂ්චරිතයක් ලෙසින් ඔවුන් දකිනවා... මෙලෙසින් මේ සත්‍යය වටහාගත් තැනැත්තා බුද්ධිමතෙක් ලෙසින් පිලිගැනීමට කුමන ආගමකට අයත්ද යන්න වැදගත් නොමැතිබවත් ඔබටම වැටහෙනවා ඇති. ඔවුන් බෞද්ධාගමේද... ක්‍රිස්තියානි හෝ කතෝලිකද... හින්දුද... මුස්ලිම්ද...හෝ කුමන ජාතියකට රටකට අයත්ද යන්න හෝ කුමන ශාස්ත්රෑවරයෙක් අනුගමනය කරනවාද යන්න වැදගත් නොමැති බව ඔබටම වැටහෙනවා ඇති. මෙය තුන්කාලයටම ගැලපෙන බුද්ධිමතුන් විසින් ගනු ලබන බුද්ධිමත් ධර්මයක්. බෞද්ධයන්ට පමණක් අයත් දෙයක් ලෙස මෙම කාරණය වෙන් කොට දැක්වීමට කාටවත් සිදුකල නොහැක්කක් මන්ද යත් එය ලෝක ධර්මයයි. ධර්මය ධර්මය ලෙසිනුත් අධර්මය අධර්මය ලෙසිනුත් දැනගන්නා ලෝක ධර්මය ස්වභාවය තමයි එලෙසින් පෙන්වා දුන්නේ. එනම් එලෙසින් ධර්මය හෝ අධර්මය පිලිපැදීමට මේ ලෝකයේ ඕනෑම අයෙකුට ජාති ආගම් කුල භේද වලින් තොරව හැකියි. අප පිලිගත්තාත් නැතත් මේ ධර්මය පිලිපදින තැනැත්තාට යහපත් ඵලයත් අධර්මය ඔස්සේ පිලිපදින තැනැත්තාට අයහපත් ඵලයත් නිසැකව ලැබෙන හේතු ඵල ධර්මය තමයි විශ්ව සත්‍යය.
එසේනම් තමන්ගේ හෘදසාක්ෂියට අනුව මෙම යහපත් තීරණය ගත් අයෙක් සිල් සමාදන් වී සිටියත් නැතැත් “අනේ මටත් මෙහෙම අවස්ථාවක භය හිතෙනවා රිදෙනවා නේද...” සිතා කරදරයට පත් අයට උපකාරයක් පවා කරන්න පෙළඹෙනවා නොවේද? මෙම සත් ක්‍රියාව සිදුකරන්න එම පුද්ගලයා පෙළඹුනේ තමන්ගේ ආගමට භයේවත් තමන් අනුගමනය කරන ශාස්ත්රෑවරයාගේ නියෝගය මතවත් තමන් දැඩිව ඇති කරගත් අධිෂ්ඨානයක් මතවත් යම් කාලසීමාවකට පමණක් යහපත් දේ කිරීමට සිතාගත් නිසාවත් අපායට භයේවත් දිව්‍යලෝකේ යාමටවත් වෙන මොනම හේතුවක් නිසාවත් නොවේ තමන් විසින්ම තමන්ගේම නුවණින් යහපත්දේ යහපත් ලෙසටත් අයහපත් දේ අයහපත් ලෙසටත් දුටුව නිසායි. එනම් දැන හෝ නොදැන මේ විශ්වයේ තිබෙන එක් සත්‍යයක් තමන්ගේම නුවණට අවබෝධ වූ නිසායි.
මෙලෙසින් ධර්මය ධර්මය ලෙස අවබෝධ කරගත් තැනැත්තාට එම ධර්මය තුලින්ම සංවරත්වයක් ලබාදෙනවා. ඒ සංවරත්වය මත පිහිටන සීලයක් තියෙනවා ඒ තමයි “සංවරට්ඨේන සීලං” ලෙසින් පෙන්වා දුන්නේ. එම කිසිදු පොරොන්දුවක් හෝ අධිෂ්ඨානයක් නොමැතිවම සත්‍යාවබෝධයක් තුලින් ලැබූ සංවරත්වය තුලින් නැගුන සීලය අපව නිවන් අවබෝධය කරා පත්කීරීමට මහගු උපකාරයක්ද වෙනවා. එමෙන්ම වත සමාදන් කරමින් පමණක් කොතරම් කාලයක් ගත කලත් බුද්ධිමත්භාවයට හෙවත් තමන්ගේ බුද්ධියට අසුවන මේ ධර්මතාවය අවබෝධ වුනේ නැත්නම් කුමන හේතුවක් නිසා හෝ වේවා මෙම වත බිදී යයි. එයට හේතුව තමයි යමෙක් සත්‍යයක් අවබෝධ වීම තුලින් තීරණයක් ගෙන මාර්ගයක ගමන්කරන්නේ නම් ඒ මග වෙනස් කිරීමට කිසිම ලාභයකට කීර්තියකට ප්‍රශංසාවකට නොහැකිවීම. අනවබෝධය මෙවැනි ලාභ කීර්ති ප්‍රශංසා වලට රැවටී මුලාවට පත් කරයි.
එසේනම් මේ සත්‍යාවබෝධයට මග සොයනා ඔබටත් මටත් නිරන්තරයෙන් සමාදන් විය හැකි වතක් ඇති බව මේ වන විට ඔබට පැහැදිලි වෙනවා ඇති. එනම් පංච දුෂ්චරිතය හෙවත් “සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම සහ මත්පැන් බීම” යනාදී දේ තුලින් හැකි උපරිමයෙන් වෙන්වී සිටීමයි.
තම තමන්ගේ නුවණින් විමසා ශ්‍රී සද්ධර්මය අසන විට අවබෝධ වන සත්‍යය ධර්මය තුලින් “පාණාතිපාතා පටිවිරතෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / අදින්නාදානා පටිවිරතෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / මුසාවාදා පටිවිරතෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ” යන තත්වයන්ට පත්ව උතුම් වූ “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං” යන පංච සීලය ලැබීමට ඒ පෙන්වාදුන් සංවරත්වය ලැබීමට විවෘත මනසකින් සත්‍යය අවබෝධය ලැබීමට කටයුතු සිදුකරගන්නා සැමටම හැකිවෙනවා ඇත!
සැනසුම් බුදු දහම් සංවර ලෙස ඒවා
සැනසුම් සිල්ගුණය හැම හදේ පිහිටවා
සැනසුම් සාම සැම සත වෙත විහිදේවා
සැනසුම ලබා සත නිවනින් සැනසේවා!
කුසල්අකුසල්
අපි බලමු මොනවද අකුසල් කියල. දන්නවද අකුසල් මොනවද කියල?
බුදු හාමුදුරුවො අදහස් කළේ ප්‍රාණඝාතයෙන් වැළකීමද? දැන් හුඟක් අය හිතනව මේ අකුසලය කියල කියන්නෙ ප්‍රාණඝාතය කියන-එක, අදත්තාදානය වගේය, ඉතින් කුසල් කියන්නෙ ඒවායින් වැළකීමය කියල. එහෙම කියපු තැනුත් තියෙනව බුද්ධ දේශනාවෙ. ඒත් දැන් මෙතනට මේක අදාළ වෙන්නෙ නෑ. දැන් අපේ සීලය තුළ ප්‍රාණඝාතයෙන් වැළකිලා ඉන්නෙ, අදත්තාදානයෙන් වැළකිලා ඉන්නෙ. එහෙම නම් ආයෙමත් මෙතන ඒ කතන්දරේ එන්නෙ නෑනේ. මෙතන අකුසල් කියල කිව්වෙ වෙන මොකුත් නෙවෙයි, නීවරණ. නීවරණ කියල ජාතියක් අහල තියෙනවද? නීවරණ කියල ජාතියක් තියෙනව. සෑම කෙනෙක්ගේම සිත ප්‍රභාස්වරයි: බැබළෙනව; මැණික් ගලක් වගේ ඉතාම ප්‍රභාස්වරයි. නමුත් බාහිරින් ආපු අකුසල් නිසා අකුසල දහම් නිසා ඒ ප්‍රභාස්වරය නැති වෙලා ගිහිල්ල තියෙනව. හරියට අර මැණික් ගලේ දූවිලි බැඳිලා වගේ. අන්න එහෙම හිතේ තියෙන ප්‍රභාස්වරය වැහිල ගිය කරුණු පහක් තියෙනවා. ප්‍රභාස්වරය වහන නිසා ඒකටයි නීවරණ කියල කියන්නෙ. මේ නීවරණ තමයි බුදුහාමුදුරුවො මෙතන අදහස් කළේ. මොනවද මෙන්න මේ පහ? අපි බලමු මොනවද?
එතකොට ඊළඟ දේ තමයි “ව්‍යාපාදය”. හැම වේලේම පි‍්‍රය අරමුණුම ලැබෙන්නෙ නෑ. හැබැයි පි‍්‍රය අරමුණේ ඇලෙනව. ඒක තමයි කාමච්ඡන්දය. අපි‍්‍රය අරමුණේ ගැටෙනව. අන්න ව්‍යාපාදය හටගන්නව. තරහව, ඒකට කිව්ව ව්‍යාපාදය කියල. ඒක අකුසලයක්, නීවරණයක්, කෙලෙස්. එතකොට ඒ දෙවැනි එක.
තුන්වැනි එක මොකක්ද? “ථීනමිද්ධ” කියල කිව්වෙ සිතේ සහ කයේ තියෙන කම්මැළිකම, අලස ස්වභාවය. හැබැයි අකුසල් කරන්ට එහෙම නොවෙයි, කුසල් දහම්හි යෙදෙන්ටයි කම්මැළි. පසුබහිනව, මැළි ස්වභාවයක් තියෙනව, අලස ස්වභාවයක් තියෙනව සිතේ සහ කයේ. සිත අලස වුණාම මේ කයත් අනිවාර්යයෙන්ම අලසයි. කොහොම හරි මේ සිතේ සහ කයේ අලස ස්වභාවය තමයි ථීනමිද්ධ කියල කිව්වෙ. ඒක අකුසලයක්. ඒක නීවරණයක්.
ඊළඟට හතරවැනි එක තමයි, “උද්දච්ච-කුක්කුච්ච” කියල කියන්නෙ. මෙතන උද්ධච්ච, කුක්කුච්ච කියල නීවරණ දෙකක් තියෙනවා. නීවරණ දෙක එකටම යන හින්ද එකටම අරන් තියෙන්නෙ. උද්ධච්ච කියල කියන්නෙ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය. එක අරමුණක ඉන්ට බෑ. සිත දහ අතේ පැන-පැන දුවනව, එකින් එකට යනව. ඊළඟට කුක්කුච්ච කියන-එක ඒකත් එක්කම එකටම කියවෙනව. කුක්කුච්ච කියල කියන්නෙ: මේ ඕනෑම පුද්ගලයෙක් තුළ තියෙනව අකුසල් කරපුව. රහතන් වහන්සේ හැර ඕනෑම කෙනෙක් තුළ කරපු අකුසල් තිනෙව. සෝවාන් ඵලයට පත් වුණාට පස්සෙ, ඒ කියන්නෙ ආර්ය තත්ත්වෙට පත් වුණාට පස්සෙ, බලපාන්නෙ නෑ.කුක්කුච්ච කියල කියන්නෙ සෝවාන් වෙලා නැති සියලු පෘථග්ජනයන් තුළ අනිවාර්යයෙන්ම තියෙන, තමා කරපු අකුසල කර්ම පිළිබඳ හිතේ තැවෙන ස්වභාවය. හිත සැලෙනව, තැවෙනව, කම්පාවට පත් වෙනව. නිතරම, අර තුවාලයක් තියෙන කොට පෑරෙනව වගේ, හිතට එනව මම අහවල් අකුසල් කළා නේද? කියල.
ගැලවුමක් නෑ. මිනිහෙක් මරල වුණත් මිනිස්සුන්ට බේරෙන්ට පුළුවන් සමහර වෙලාවට නීතියෙන්, නැත්නම් සමාජ අපවාදයෙන්. ඒත් තමාගෙන් බේරෙන්ට බෑ. තමාගේ අධ්‍යාත්මය දන්නව ඒක. අන්න ඒක තමා එතන කිව්වෙ, කුක්කුච්ච. තමා කරපු අකුසල් පිළිබඳව සැලෙන ස්වභාවය, තැවෙන ස්වභාවය. ඒ වගේම නොකළ කුසල් තියෙනව. සමහර වෙලාවට කුසල් කරන්ට අවස්ථාව ලැබිල, මොකක් හරි හින්ද කළේ නෑ. ඒ ගැනත් දුක් වෙනවා “ෂහ්! මට අහවල්-එක කරන්ට තිබුණා. මම ඒක ඒ වෙලාවෙ කරගත්තෙ නෑනෙ” කියලා. ඒ ගැනත් තැවෙන ස්වභාවයක් තියෙනව. මෙන්න මේක තමයි කුක්කුච්ච කිව්වෙ. කළ අකුසල් පිළිබඳව තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් පිළිබඳව තැවෙන ස්වභාවය. එතකොට මෙන්න මේකට කිව්වෙ උද්ධච්ච-කුක්කුච්ච කියල.
පස්වෙනි-එක තමයි “විචිකිච්ඡාව”: බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබදව, පරලොව පිළිබඳව, සුගතිය-දුගතිය ආදි විවිධ දේවල් පිළිබඳව සැකය.
මෙහෙම එකක් තියෙනවද?
මේක ඇත්තද?
අපි මැරුණම නැවත ඉපදෙනවාද?
පුනරුත්පත්තිය කියල එකක් තියෙනවද? වගේ බොහෝ දේවල් පිළිබඳ සැක. මේවා අපේ ඇහැට පේන්නෙ නෑ. මේවා නුවණින් දකින්ට ඕන දේවල්. ඉතින් හැම දෙයක් කෙරෙහිම සැක කරන ස්වභාවයක් තියෙනව. මෙන්න මේක තමයි විචිකිච්ඡාව.
මෙන්න මේ පහ තියෙනකං නිවන් දකින්ට බෑ. මේ පහ නැති කරගන්ට කරන වීරිය තමයි එක පැත්තකින් ඔය අපි කිව්ව කුසල්.
උපන් අකුසල්. දැන් කාමච්ඡන්ද තියෙන වෙලාවට ඒක උපන් අකුසලය. නමුත් ඒ වෙලාවට ව්‍යාපාදය නෑ. එතකොට ව්‍යාපාද නූපන් අකුසලයක්. කාමච්ඡන්දය තියෙන කොට ඒක උපන් අකුසලයක්. ව්‍යාපාදය ඒ වෙලාවට නැත් නම් ඒක නූපන් අකුසලයක්. ඒකයි කිව්වෙ. උපන් අකුසල් කිව්වෙ කාමච්ඡන්ද. ඒක නැති කරන්ට මොකක්ද අපි කරන්ට ඕන? මේ කියන්ට යන්නෙ සමථ භාවනාව ගැන. මේ දේවල් යටපත් කරන්නෙ සමථ භාවනාවෙන්. එතකොට භාවනා කළාම මොකද වෙන්නෙ? කාමච්ඡන්ද තිබුණා නම් ඒක නැති වෙලා යනව. ඒ භාවනාව කරගෙන යද්දී ව්‍යාපාදය ඇති වෙන්ට පුළුවන්. ඒකයි මේ බුදු හාමුදුරුවො දේශනා කළේ. උපන් අකුසල් සහ නූපන් අකුසල් පිළිබඳව කියන්නෙ ඔය විදියටයි.
ඊළඟට කුසල් ගැන. මොනවද කුසල්? පඤ්ච නීවරණ නැති වෙන කොට සිතේ කුසල් මතු වෙනවා. අනිවාර්යයෙන් සිතේ පඤ්චනීවරණ තියෙනව. අභාවිත සිතක, භාවනා කරන්නෙ නැති සිතක හැම වේලේම නීවරණ පහ තියෙනව. ඒවා එක-එකක් අඩු-වැඩි වශයෙන් තියෙනවා. මේ පහම තියෙනව. පහම එකට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. අඩු-වැඩි වශයෙන් පවතිනව. දැන් භාවනා කරගෙන යනකොට මොකද වෙන්නෙ? සමථ භාවනාව කරගෙන යන කොට මේවා යටපත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා කියන පඤ්ච නීවරණ යට යන කොට මතු වෙනව හිතේ ප්‍රභාස්වරය. එතකොට ප්‍රභාස්වර සිතක මොනවද තියෙන්නෙ? ධ්‍යාන අංග.
ද්විතීය ධ්‍යානයට යන කොට විතක්ත, විචාර දෙක නෑ; පී‍්‍රතිය, සුඛය, ඒකාග්‍රතාව පමණි. ඊට පස්සෙ තෘතීය ධ්‍යානයට යනව. ිඑතෙන්දි පී‍්‍රතියත් අත්හරිනව. එතකොට ඉතිරි වෙන්නෙ සුඛය හා ඒකාග්‍රතාව පමණයි. අපි
චතුර්ථ ධ්‍යානයට යන කොට සුඛයත් අත්හරිනව. අන්තිමට ඉතුරු වෙන්නෙ ඒකාග්‍රතාව පමණයි.
මෙන්න මේක ඇති කරගැනීම තමයි, මෙන්න මේ ධ්‍යාන තමයි කුසල් කියල කිව්වෙ. එතකොට මෙන්න මේ නීවරණ යටපත් කරල ධ්‍යාන සිත ඇති කරගැනීම තමයි ‘සතර සම්‍යක් ප්‍රධාන වීර්යය’ කියල, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ ‘සම්මා වායාම’ කියල කියන්නෙ.
මේක පටලවගන්ට එපා. තව තැන්වල තවතවත් ප්‍රකාශන වෙලා ඇති. මම මේ කථා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. පැහැදිලිද මේ කියපු ටික? මේක අමාරු ඇති. දැනට මතක තියාගන්ට. අර පැරණි මතයෙ ඉන්න එපා. දැන් සම්මා වායාම කිව්වෙ මොකක්ද? මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතර සම්‍යක් ප්‍රධාන කිව්වම: මොනවද මේ කුසල් අකුසල් කියන-එකත්, මේවා ඇති කිරීම සහ නැති කිරීම පිළිබඳවත් අවබෝධයෙන් තමයි ඉන්ට ඕන. මේක තමයි කරන්ට ඕන. මේ ටික කරන්නෙ සමථ භාවනාවෙන්.
දැන් පින්-පව් කියල දේකුත් කථා වෙනව. දැන් හුඟාක් වෙලාවට මේකට විවිධ නිර්වචනයන් දෙනව විවිධ අය. දැන් ඔය පින් සහ පව් කියන-එක ගනිමු. ඒ දෙක ලෞකිකයි. ඒ කියන්නෙ සුගතිගාමී වෙන්ට කරන දේට අපට කියන්ට පුළුවන් පින් කියල. එතකොට දුගතිගාමී වීම සඳහා හේතු වන කර්මවලට අපිට කියන්ට පුළුවන් පව් කියල. ප්‍රාණඝාතය පවක්. නිරයට යනව. ප්‍රාණඝාතයෙන් වැළකීම පිනක්. හැබැයි ඉතින් බුදුහාමුදුරුවො කුසල් කියන වචනෙන් ඔතනට දාල තියෙනව. දැන් මෙතන තියෙන්නෙ වචනවල ප්‍රශ්නයක්. මට පේන විදියට ඉතින් අපි වචනවල එල්ලෙන්ට යන්නෙ ඇයි? ‘වචන’ ධර්මෙ නෙවෙයිනෙ නේද? මොකද මේ ලෝකෝත්තර ධර්මය දේශනා කරද්දි බුදුහාමුදුරුවන්ට ගොඩාක් ප්‍රශ්න මතු වුණා. මොකද භාෂාවක් හැදිල තියෙන්නෙ තමාගේ ඉන්ද්රිය ගෝචර ධර්මවලට අනුව. එක එක ජන කොට්ඨාස තමතමාගේ ඉන්ද්රිය ගෝචරව තමාට හැඟෙන අදහස් හුවමාරු කරගැනීම සඳහා සකස් කරගන්න සංකේත සමූහයකටයි භාෂාව කියල කියන්නෙ. සමහරු පාලි භාෂාවට වඳිනව ඒකෙ බලයක් තියෙනව කියල. හොඳට මතක තියාගන්නට එහෙම වෙන්ට බෑ. පාලියට මහා බලයක් තියෙන්ට බෑ.
පාලි කියන්නෙත් සිංහල, දෙමළ, ඉංගී්රසි, ලතින්, ගී්රක් වගේ තවත් භාෂාවක් විතරයි: එක්තරා ජන කොට්ඨාසයක් ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීම සඳහා සකස් කරගත්ත සංකේත සමූහයක්. ඉතින් මේ සංකේත සමූහයක් ඇති වෙන්නෙ, මේ භාෂාව කියන-එක හටගන්නෙ ඉන්ද්රිය ගෝචර ධර්ම අනුව. ඉතින් බුදු හාමුදුරුවො දේශනා කරපු නිබ්බානය, නිවන මොන ඉන්ද්රියටද ගෝචර වෙන්නෙ. නුවණටයි ගෝචර වෙන්නෙ? ඉතින් එතෙන්ට ගිය කෙනෙක් එතෙක් හිටියෙ බුදුන් වහන්සේ පමණයි. පසුකාලීනව උන් වහන්සේගෙ මාර්ගය පිළිපැදල රහත් වෙච්ච අය ඉන්නව. මාර්ගඵලවලට පත් වෙච්ච අය ඉන්නව. ඒ අය පමණයි බුදුන් වහන්සේ කියන දේ ප්රත්යක්ෂව දන්නෙ. අනික් අය දන්නෙ නෑ. ඉතින් ඒක නිසා බුදු හාමුදුරුවන්ට මේ මිනිස්සු දන්නැති, අත්දැකීම් නොලබපු ධර්මය දේශනා කරන්ට වුණේ අර අත්දැකීම් ලබපු වචන හරහා. පැහැදිලිද? එතකොට මෙන්න මේ අවුලට ලක් වෙනව. ඒක හින්ද හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනව: වචන පස්සෙ නම් යන්ට එපා. වචන එක්ක එල්ලෙන්ට යන්ටත් එපා. ඉතාම පැහැදිලියි.
දැන් මේ චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳවයි අපි කථා කරගෙන යන්නේ. ඒ: දුක සහ දුක නැති කරගැනීම පිළිබඳව, දුකට හේතුව නැති කිරීම පිළිබඳව. ඉතින් ඒ තුළ මාර්ගය ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහන් වෙනව. ඉතින් ඒකෙ සීලය මොකක්ද කියල කිව්ව? දැන් මෙතන කුසල් කියනව. කුසල් කියන වචනය කියනව. ඉතින් මේක තමයි කළ යුත්තෙ, බෞද්ධයො වශයෙන්.
ලෝකෙ පින්-පව් හැමදාම තිබුණා. දන් දෙන එක පින්. සිල්වත් වීම පිනක්. දන් දීල සුගතිගාමී වෙයි; දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය සම්පත් ලබන්ට පුළුවන්. සිල් රැකල, දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවලට යන්න පුළුවන්. හැබැයි සිල් රැකල, දන් දීල නිවනට යන්ට නම් බෑ. ඒ හින්ද සරල උදාහරණයක් මට මෙතනදී නිකම් කියන්ට පුළුවන්. පින්-පව් කියල කියන්නෙ මේ ලෝකෙට අදාළ වන සුගතිගාමී සහ දුගතිගාමී වන කර්මවලට. කුසල් හා අකුසල් කියන්නෙ ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන්ට වුවමනා කරන ක්‍රියාකාරකම්වලට කියල කියන්ට පුළුවන්. මම මේක මතයක් වශයෙන් දැඩිව ගන්ට යන්නෙ නෑ. අපි ඔතනින් ඕක නවත්තමුකො. වචනත් එක්ක අපට ගැටෙන්න වුවමනාවක් නෑ. මොකද? තර්ක-විතර්ක කරල මේ ධර්මය අවබෝධ කරගන්ට බෑ. මේක තර්කයට ගෝචර වෙන්නෙ නෑ. මේක ප්රත්යක්ෂය තුළින් තමාගේ ඥානයෙන් නුවණින් දැකිය යුතු ධර්මතාවක්. තමා තුළින් තමාගේ නුවණින් දකින්ට ඕන.
ඊළඟට මෙතන භාවනා ගැනත් කියනව. ඉතින් මේකට ඕන නම් පින් කියල කියන්ට; ඕන නම් කුසල් කියලත් කියන්ට. කැමති එකක් කියන්ට. මොකද කියන්නෙ? ඒක හින්ද අපි ඒක අමතක කරමු නේද?
එතකොට සම්මා වායාම. දැන් මේක කරගත්තහම මොකද වෙන්නෙ? අකුසල් යටපත් කරල කුසල් මතු කරගත්තහම ප්‍රභාස්වර සිත මතු වෙනවා. අන්න ඒ සිතට පුළුවන් ලෝකෙ තියෙන ඕනෑම ගැඹුරු ධර්මතාවකට මේ සිත යොමු කරන්ට. අන්න ඒ සිත තමයි එතකොට අපි යොමු කරන්නෙ සම්මා සතියට. සම්මා සතිය කියන්නෙ මොකක්ද? නිවැරදි සිහිය එහෙම නම් නොවෙයි. සතිය කියන්නෙ සිහිය තමයි. ඒක බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ සිහිය පිහිටුවන්ට ඕන තැන. කොහෙද සිහිය පිහිටුවන්නෙ. සතර සතිපට්ඨානයෙ කියලයි කිව්වෙ. සිහිය පිහිටුවන තැන් හතරක් කිව්ව: කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව සහ ධම්ම පිළිබඳව.
කය පිළිබඳව, “කායේ කායානුපස්සි විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං.”
මෙන්න මේ කායානුපස්සනාව වඩන හැටි සතිපට්ඨාන සූත්‍රයේ භාවනා දාහතරක් ඔස්සේ අපිට පෙන්නල දීල තියෙනව. ඒ විදියට අපි ඒක භාවනා ගැන කථා කරන කොට කථා කරමු. එතකොට මේ සතර සතිපට්ඨානය තමයි, ඒක වඩන-එක තමයි ‘සම්මා සති’ කියල කියන්නෙ. මෙතෙක් අහල තිබුණෙ මොකක්ද? බෞද්ධ නම් නිති පන්සිල් පෝය අටසිල් රකින්ට ඕන. මේව හින්දු ආගමෙන් ආවෙ. කොටින්ම කියනවා නම් ඉස්සර මේවා තිබුණා.
බුදුවරු පහළ වෙන්නෙ පන්සිල් ගැන කියන්න නෙවෙයි. මම ඉස්සෙල්ලත් ඕක කිව්ව, දැනුත් කියනව. එහෙනම් මොකටද බුදුවරු පහළ වෙන්නෙ? එතකොට ඔන්න උත්තරේ ආව. බුදුවරු පහළ වෙන්නෙ ලෝකෙට සතර සතිපට්ඨානය කියල දෙන්ට.
හොඳට මතක තියාගන්ට: බුද්ධ දේශනාවේ හරය, අරටුව මොකක්ද? මෙන්න මේ සතර සතිපට්ඨාන භාවනාව. මේ සතර සතිපට්ඨානය වැඩුවොත් විතරයි නිවනට යන්ට පුළුවන්, මේ දුකින් මිදෙන්ට පුළුවන් සදාකාලිකවම. බුදුවරු නැති කාලවල බුද්ධ ශාසන නැති කාලවල අනෙකුත් ආගම්වල තියෙන්නෙ මොනවද? සතර සතිපට්ඨානයෙන් තොර අනෙකුත් සියලු දේවල් තියෙනව. දාන-සීල-භාවනා ඒවයෙ තිබුණා. ඒ මිනිස්සුත් දන් දුන්නා. අනෙකුත් ආගමිකයෝත් දන් දෙනව. අනෙක්
ආගම්වලත් සීලය තියෙනව. බුද්ධ ශාසන නැති කාලවලත් දානය තිබ්බ, සීලය තිබ්බ; භාවනාත් තිබ්බ; ධ්‍යාන ලැබුව; බ්‍රහ්ම ලෝකවල ඉපදුණා. නේවසඤ්ඤානාසඤ්ඤා දක්වා අෂ්ට සමාපත්ති උපදවාගත්ත; බ්‍රහ්ම ලෝකවලට ගියා. ඒ අය හිතුව මේක තමයි පරමාර්ථය, මේක තමයි පරම සැපත කියල. බ්‍රහ්ම ලෝකවලට යන්න ඕන කරන ධ්‍යාන වැඩුව. නමුත් ඒක සත්‍යය නොවෙයි කියල දැක්ක බුදු හාමුදුරුවො, කවදද ඒක දැක්කෙ? මුලින්ම අර ආලාරකාලාම, උද්දකාරාමපුත්ත ළඟට ගිහිල්ල ඉගෙනගත්තෙ මොකක්ද? ඔන්න ඔය කියන ‘නේවසඤ්ඤානාසඤ්ඤා’ දක්වා තියෙන අෂ්ට සමාපත්ති සමථ භාවනා. ඒවා ලෞකිකයි. ඒවත් දුකයි, ඒවාත් අනිත්‍යයි, ඒවත් අනාත්මයි. ඒවත් ලෝකෙට අයිතියි. ඒක හින්ද ඒක පරම සත්‍යය නොවෙයි. එහෙම නම් පරම සත්‍යය හොයන භාවනාවක් දැනගන්ට ඕන. මොකක්ද ඒක? ඒක හොයාගන්ට තමයි බුදුහාමුදුරුවො අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කළේ. මොකක්ද සොයාගත්තෙ? මෙන්න මේ සතර සතිපට්ඨානය. පැහැදිලිද කියන දේ?
එතකොට බුදුවරු පහළ වෙන්නෙ සතර සතිපට්ඨානය දේශනා කරන්ට. අනෙකුත් භාවනා තිබුණා. බුදු හාමුදුරුවො ඒවාත් නිවැරදි කරමින්, ක්‍රමවත් කරමින්, පිළිවෙළට සකස් කරමින් සැබෑ භාවනාවට ගෙනියනව. මෙන්න මේ කියන සතර සතිපට්ඨනයටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘සම්මා සති’ කියල කිව්වෙ. මෙන්න මේ කිව්ව හතරට. එතකොට ‘නිවැරදි සිහිය’ කියල එහෙම ඇඟ බේරගන්ට බෑ කාට වත්!
දැන් සතර සතිපට්ඨානය වඩන කොට, සම්මා සතිය වඩන කොට මොකද වෙන්නෙ? කය පිළිබඳව, කයේ යථා ස්වරූපය පිළිබඳව අපි බලනව, වීරියෙන්, නුවණින්, සිහියෙන්. “ආතාපි සම්පජානෝ සතිමා.” කය දෙස, කයේ යථා ස්වරූපය දෙස බලමින් වාසය කරනව. කොහොමද? වීරියෙන්, නුවණින්, සිහියෙන්, “විනෙය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” අනුව.
මම මේ එකක් උදාහරණයට ගත්තෙ. ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව මෙන්න මෙතෙන්ට එන්ට ඕන. මෙන්න මේ ටික කරගන්ට වඩාත් හේතු වන දේ තමයි:. මූලික සිද්ධාන්ත හතරක් එතන තියෙනව. මොනවද? වීරියයි, නුවණයි, සිහියයි. එතන තුනයි. ඇලීම සමඟ ගැටීම නැත් නම් එතන මොනවද තියෙන්නෙ? මධ්‍යස්ථ බව, උපේක්ෂාව. එතකොට මේ සතර සතිපට්ඨානය වඩන්ට අපට වුවමනා කරනව ප්‍රධාන සාධක හතරක් වීරියයි, නුවණයි, සිහියයි, උපේක්ෂාවයි. දැන් මෙතන සිහිය ගැන ආයෙ කියනව. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවන තැන් හතරක්. ඒක කරන්ටත් ආයෙත් සිහියක් ඕන.
දැන් හරි ගැටලුවක්: මොකක්ද ඒ සිහිය එතකොට? වර්තමානය, එළඹ සිටි සිහිය: වර්තමානය. මිනිස්සුන්ගෙ හිත හැමවෙලේම තියෙන්නෙ එක වෙලාවකදි අතීතයෙ. කරපු හොඳ දෙයක් නම් මතක් කර-කර සතුටු වෙනව. නරක දෙයක් නම් මතක් කර-කර දුක් වෙනව. ඊළඟට තව වෙලාවකදී අනාගතයෙ සිහින මවනව. ඕකනෙ කරන්නෙ. හැම වෙලේම සිත අතීතයෙ නැත් නම් අනාගතයෙ. එතකොට අතීතය මියගිය දෙයක්. අනාගතය නූපන් දෙයක්. එතකොට මිනිස්සු ඉන්නෙ ඔය දෙකේ. ඒ මිනිස්සු මැරුණ වගේ නේද? අතීතය මැරිලා, අනාගතය ඉපදිලා නෑ. ඔය දෙකේ අපි ඉන්නව කියල කියන්නෙ ජීිවත් වෙනවද? ජීවත් වෙන්නෙ නෑ. අර ඒකයි “අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං” කිව්වෙ.
ප්‍රමාදය කියල කිව්වෙ මොකක්ද? අතීතයෙ සහ අනාගතයෙ සිත. අන්ත දෙකේ තියෙන්නෙ. අප්‍රමාද වෙන්න නම් මොකද කරන්ට ඕන? සිත වර්තමානයට ගේන්ට ඕන. මේ මොහොතට ගේන්ට ඕන. මේ මොහොතට ගේන්ට තමයි, අපි අර සමථ භාවනාව කරල සිහිය දියුණු කරගන්නෙ. සතර සතිපට්ඨානයට එන්ට ඉස්සර වෙලා අර වීරිය, නුවණ, සිහිය සහ උපේක්ෂාව කියන හතර තියෙන්නෙ කොහෙද? මේ ධ්‍යානවල චතුර්ථ ධ්‍යානයෙ මේ හතරම තියෙනව. උපේක්ෂාව තියෙන්නෙ මෙතන. මම කියන්ට යන්නෙ නෑ. බුදුහාමුදුරුවො කිව්වෙ නෑ නිශ්චිතම මේක, චතුර්ථ ධ්‍යානයට යා යුතුමයි කියල. සමථය අවශ්‍යයි. සමථයෙන් තොර විදර්ශනාවක් නෑ. සමථයට තමයි ‘සම්මා වායාම’ කිව්වෙ. දැන් විදර්ශනාවම තමයි සතර සතිපට්ඨානය කිව්වෙ. දැන්-මම ගොඩාක් ගැඹුරට විස්තර කරන්ට ගිහින් අවුල් ජාලයක් වෙයි. දැනට ඔයින් නවත්වනව.

- කාමච්ඡන්ද
- ව්‍යාපාද
- ථීනමිද්ධ
- උද්ධච්ච-කුක්කුච්ච
- විචිකිච්ඡා

- විතක්ත
- විචාර
- පීති
- සුඛ
- ඒකග්ගතා කියන අංග පහ. මෙන්න මේ ධ්‍යාන අග තමයි මෙතෙන්දි අදහස් කළේ.