ත්‍රිපිටක පොත් වහන්සේ ත්‍රිපිටකය
බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.
ග්රන්ථාරූඩ කිරීමත්රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරටරජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරේ යේදී රහතන් වහන්සේගේ විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී. විනය පිටකයභික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ. විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ. දීඝ නිකායමෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්
චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය. සංයුක්ත නිකායමෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි
අංගුත්තර නිකායඅංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත. ඛුද්දක නිකායමෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ග්රන්ථ 15 ක් අයත් වේ.[1] අභිධම්ම පිටකයඑකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ. මෙහි ග්රන්ථ 7ක් ඇතුලත් වේ.
පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්රත්යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
|
|