ලෝකය සහ සක්වල තියෙන්නේ කොහේද?
සක්වල විභංග සූත්‍රය, චූළණිකා සූත්‍රය සහ සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය තුලින් මේ ගැන කතා කරනවා..
බුදු දහමේ වර්ගිකරණයට අනුව එක් සක්වලක් යන්න එක් ලෝක ධාතුවක් ලෙසයි හදුන්වන්නේ. එහෙමත් නැත්නම් එක් ඉරකින් හා හඳකින් එලිය පැතිරෙන ප්‍රමාණයේ ලෝක ධාතුවක සත්ත්වයින් ජීවත් වන එක් කොටසකටයි. එහි 31ක් තලයකට (වර්ගයකට) අයිති වන සත්ව ලෝකයක් පවතිනවා..
මෙන්න මෙතන තමයි පටලවා නොගත යුතු තැන. මෙතන තමයි ප්රඤාගෝචරව ලිහාගත යුතු සියුම් තැන.
සක්වල හෙවත් ලෝකධාතුව කියා කියන්නේ අවකාශ ලෝකය ගැනයි. 31ක් තලය කියා කියන්නේ සත්ව ලෝකය ගැනයි. මේ දෙක බොහෝ දෙනෙක් පටලවා ගන්නවා..
මේ සමස්ත (මුලු )ලෝකය ත්රිවිධාකාරයි. එනම් අවකාශ ලෝකය, සත්ව ලෝකය හා සංස්කාර ලෝකය වශයෙනි. මේ අවකාශ (විශ්ව) ලෝකයේ ඇත්තම තත්වය තමයි හිස් අවකාශය. ලෝකයේ තවත් විදියක් තමයි සකස්වීම. ඒ තමයි සංස්කාර ලෝකය කියන්නේ. මේ සුවිශාල සකස්වීම් ගොඩට සත්වයාද අයිතියි. ඒ තමයි සත්ත්ව ලෝකය. ඉතින් මේ සමස්ත ලෝකයම අවකාශ ලෝකය, සංඛාර ලෝකය, සත්තව ලෝකය යැයි කියන තුන් විදියම එක්වෙලා තමයි නිර්මාණයවී ඇත්තේ.
මෙම තුන් ලොවම පිළිබඳව සම්පූර්ණ වශයෙන් ඇතැඹුලක් සේ දැන වදාළ බැවින් බුදුපියාණන් වහන්සේ ලෝකවිදූ නම් වන්නේය. බෞද්ධයන්වූ අප මේ ලෝකයන් පිළිබඳ තම තම නැණ පමනින් අවබෝධ කරගත යුතුයි. ලෝකය ගැන නොසෙවිය යුතුයි යන්න බොහෝ දෙනෙක් තුල ඇති මිත්‍යා මතයකි. බුදුරදුන් දෙසුවේ අවකාශ ලෝකයෙහි කෙලවරක් සොයන්නට යන්න එපා කියායි..
මෙහි දී අප ලෝකය කියන්නේ පෘතුවියට පමණක් යැයි වරදවා වටහා නොගත යුතුයි. ලෝක කියන වචනයෙන් බොහෝ අර්ථ ගැබ් වෙනවා. 'මම' කියන්නේද ලෝකයක්. පෘතුවියද ලෝකයක්. එක් ජාතියකට අයිති සත්ව කොටසක්ද ලෝකයක්. බඹයක් පමණ වූ මේ සිරුර මතම ලෝකය පවතින බව බුදුරදුන් දෙසුවේ සංස්කාර ලෝකය ගැනැයි. මෙය වරදවා වටහා ගත් බොහෝ අය සිතනවා ලෝකය කියා වෙනත් දෙයක් නැහැ මේ පංචස්ඛන්ධය විතරයි තිබෙන්නේ කියා.. එහෙම සිතා වැරදි මිත්‍යා දෘෂ්ටි වලටත් එල්බ ගන්නවා..
අපි දැන් බලමු මේ අවකාශ ලෝකය හා සත්ව ලෝකය ගැන කෙටියෙන්. මේ කතා කරන්නේ සදහම් අවබෝධයටත් ඉතාමත් වැදගත් කරුනක් බවත් සිහි තබාගන්න..
අවකාශ ලෝකය යනු ඉර, හඳ, පෘථුවි, ග්‍රහ වස්තු, මන්දාකිණි මෙන්ම ගස් ගල්, කඳු හෙළ්, සාගර, ගංගා සහිත වූ මේ විශ්ව ලෝකයෙහි භෞතිකව නිර්මාණයවී ඇති මේ ඝණ වූ ද්‍රව්‍යයන්ගෙන් සැදි විශ්ව ලෝකය සිසාරා පවතින අවකාශයයි.
හිස් අවකාශය ලෝකයේ එක විධියක් පමණයි. නමුත් හිස් බව ද්‍රව්‍යයක් නොවෙයි. ද්‍රව්‍යයක් නොවෙයි නම් අගක් මුලක් තියෙන්නත් බැහැ. අග මුල තියෙන්න නම් දෙයක් තියෙන්න ඕනි. එහෙත් මේ අවකාශ ලෝකයේ අගත් නෑ, මුලත් නෑ, සීමාවක් නෑ. හැමතැනම හිස් බවකුයි ඇත්තේ..
අද කාලයේ අප මුළු පෘථුවියටම ලෝකය කියන්නාක් මෙන්ම අවුරුදු 2550 කට පෙර තිබූ බුද්ධකාලීන යුගයේ ජනයා මේ හෙළ දිවයිනටමත් ලෝකය යයි කීවේය.
(මෙහිදී අප එදා තිබූ නියම තත්වය අවබෝධ කර ගැනීමට නම් එදා යුගයට සාපේක්ෂව එම ඇසින් ලොව දෙස බැලිය යුතු අතර අද නවීණ යුගයට සාපේක්ෂව එදා ලොව දෙස නොබැලිය යුතු බව සිහි තබා ගත යුතුයි).
මිනිසුන්, දෙවියන්, බඹුන්, අපාගත සතුන් සහිත මේ හෙළ දිවයිනේ එවකට උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය, පුබ්බවිදේහ, අපරගෝයාන යනුවෙන් කොටස් හතරක් වූහ. එයට සිව් මහා හෙළය කියාද එදා ව්‍යවහාර විය. සක්වලවල්, මහා නේරු පර්වත, කඳු, ගස්, ගල්, ගංගා, සාගර ආදී භෞතික දේවල් එදා මෙන්ම අදටත් ඇත.
මෙවැනි ආකාරයට තවත් ලෝක හෙවත් සක්වල දහසක් පමණ අවට විශ්වයේ ඇත. චූලනිකා සූත්‍රයේ සහස්සධා ලෝක ධාතුව යැයි මේ කියන්නේ පෘථුවි තලයටම බව විමසිල්ලෙන් බුද්ධිමත්ව බැලුවොත් ඔබට පසුව හෝ අවබෝධ වනු ඇත. (පසුකාලීනව මෙම චූලනිකා වැනි සූත්‍රවලට අර්ථ දැක්වූ ආචාරීන් තමන්ගේ විවිධ අදහස් ද එක් කර ඇති බව පැහැදිළි වෙයි )
එකම ඉර හඳ වුවද ඒ ඒ රටවලට වෙලාවන් අනුව වෙනස් බව තේරුම් ගත යුතුයි. මේ මොහොතේ ලංකාවට ඇති ඉර ඇමරිකාවට නැත. ඕස්ට්‍රේලියාවට ඇත්තේ බැස යන ඉරකි. සඳු පිලිබඳව ද මෙසේම දත යුතුයි.
එසේනම් ඉර දහසක්, සඳු දහසක් හා උතුරුකුරු දිවයින ආදී දහසක් යන්න ගැන විමසා බලන්න. (මේ වෙලාවේ ඔබේ යටි සිත නම් මීට විරුද්ධ තර්ක කොතෙකුත් ගෙනෙනු ඇත.) මේ සහස්සධා ලෝක ධාතුව ගැන ඉතා ගැඹුරින් නොසිතන්න. එවිට සත්‍ය වැටහෙයි. කෙසේ නමුත් මේ සහස්සධා ලෝක ධාතුව නම් මේ සෞරග්‍රහ මණ්ඩළයමයි.
මේ සෞරග්‍රහ මණ්ඩළයේ මිනිසුන් සිටිනුයේ මේ පෘතුවි තලයේ පමණයි. මේ සෞරග්‍රහ මණ්ඩළයෙන් පිටතට යෑමට නොහැකි සේ කිසියම් වූ ශක්ති විශේෂ වලින් අපව ඇද බැඳ තබා ඇත. එය ලෝකයේ පැවැත්මයි. එමෙන්ම මේ සහස්සධා ලෝක ධාතුව තුල එක් යුග කාලයකට පහලවන්නේ එක් බුදු වරයෙකුම පමණි. එයද සිදුවන්නේ මේ හෙළ ජම්බුද්වීපය තුලම පමණක් වන අතර පෘතුවියේ අන් කිසිම පෙදෙසක බුදුවරු පහළ නොවෙති.
මෙවැනි තවත් සහස්සධා ලෝක ධාතු දහසක් පමණ ඇත. එය ද්විසහස්සී ලෝක ධාතුවයි. එනම් නුතන තාරකා විද්‍යාවට අනුව මන්දාකිණියයි. එහි සෞරග්‍රහ මණ්ඩළ ද දහසක් පමණ ඇත. ඒවායෙහිද මිනිසුන් සහිත පෘතුවි (පොලෝ) තල ඇත. (මෙහි දහසක් යනු හරියටම දහසක් නොව දහස් ගණනකි. නුතන විද්‍යාඥයන්ද චක්‍රාවාට පොකුරක දහස් ගණන් චක්‍රාවාට තිබෙන බැව් විද්‍යාත්මකව පහදා දී ඇත.)
මෙවැනි ද්විසහස්සී ලෝක ධාතු දහසක් පමණ ඇති තැන ත්‍රිසහස්සී ලෝක ධාතුවයි. එනම් සුපිරි මන්දාකිණියයි. මෙසේ මෙවැනි ආකාරයට ලෝක ධාතු දස දහසක් පමණ ඇති තැන දසසහස්සී ලෝක ධාතුව හමු වෙයි.
බුදුරජාණන් වහන්සේ මේ දසසහස්ශ්රී ලෝකධාතුවම අතරැඳී නෙල්ලිගෙඩියක් මෙන් මනාව දුටු සේක. මෙසේ වන්නාවූ අවකාශ ලෝකය හෙවත් විශ්ව ලෝකය ගැන කෙළවරක් නොසෙවිය යුතුබවද බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.
හොඳයි එහෙනම් දැන් සමහරෙකුට ප්‍රශ්ණයක් එන්න පුලුවන් දිව්‍ය ලෝක, හා බ්‍රහ්ම ලෝක කොහේද තියෙනේ කියා.. ඇත්තටම කියනවන්ම් භෞතික නොවන සියුම්වූ මනෝරූපීයමය වශයෙන් සකස්වී ඇති දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පවතින්නේද මේ ලෝක ධාතු තුලමයි. එසේම එදා භෞතික වශයෙන් සකස්වී ඇති දේවලෝක, මනුස්සලෝක ආදියද තිබූ බවත් ඔබට වැටහිය යුතුයි. මෙතන ලෝක කියන්නේ සත්වයින්ගේ උස්, පහත් භේදයට අනුව පවතින ජාති ලෝක වලටයි. හෙවත් සත්ව ලෝකයටමයි. සැම විටම සත්ව ලෝකය පවතින්නේ අවකාශ ලෝකය සිසාරාමයි.
මිනිසුන්ගේ ලෝකය මනුස්ස ලෝකයයි. බල්ලන්ගේ ලෝකය බලු ලෝකයයි. තිරිසනුන්ගේ ලෝකය තිරිසන් ලෝකයයි. දෙවි කියන ගෝත්‍ර අයගේ ලෝකය දේව ලෝකයයි. නාග කියන ගෝත්‍ර අයගේ ලෝකය නාග ලෝකයයි. යක්ෂ කියන ගෝත්‍ර අයගේ ලෝකය යක්ෂ ලෝකයයි... මේ ආකරයට සත්ව ලෝකය අවකාශ ලෝකය ඇසුරු කරගෙනම ඒ ඒ තැන්වල පවතින බව බුද්ධියෙන් වටහාගත යුත්තකි..
එහෙමනම් මේ පෘතුවි අවකාශ ලෝකයේම එක එක ආකරයේ 31ක් ගනයකට අයිතිවන සත්ව කොටස් නොයෙක් නොයෙක් තැන්වල සිටින බව දැන් වැටහෙනවා ඇති. ඉන් භෞතිකවූ ඝණ වූ මාංශ කයක් ඇති සත්ව ලෝකවල කොටස් අපගේ පියවි ඇසට පෙනෙන අතර සියුම් වූ කයක් ඇති සත්ව ලෝක අපගේ සාමන්‍ය අපට නොපෙනෙනු ඇත..
හොඳයි දැන් හිතෙන්න පුලුවන් එහෙනම් චූලණිකා සූත්‍රවල සඳහන් වුනු දඹදිව්තල, පුබ්බ විදේහ, මහානෙරු පර්වත.. ආදිය දහසක් පමණ බැගින් කොහේද තියෙන්නේ කියා.. ඇත්තටම ඒ උපමාවෙන් පෙන්වා දෙන්නේ මීට සමානවූ ස්ථාන හා වස්තූන් මිස හරියටම මෙවැනිම ස්ථාන හා වස්තූන් ඇත කියා නොවේ. එසේ ඇත කියා කියනවානම් එය බුදු දහමට කොතෙක් දුරට පටහැනි වෙත්දැයි කියා ඔබම විමසා බලන්න. නිත්‍ය නොවන භූතරූපී කොටස් වලින් නිර්මාණය වූ ලෝකයක එක හා සමාන වස්තු තිබෙනවා කියා කෙසේ නම් බුදුරදුන් දේසනා කරයිද? මේවා තමයි අපි වැරදියට අල්ලා ගත් තැන් කියන්නේ. අප මහා දුර යන්නට නොගොස් ලඟ ඇති ලෝකය වටහාගෙන ලඟ ඇති නිවන නොවේද දැක ගත යුතු වන්නේ..?
එහෙනම් එදා සක්වල කියා කීවේද කුමකටදැයි ඔබට දැන් වැටහෙන්නට ඕනි. ඉරෙහි හා හඳෙහි එළිය පැතිරෙන චක්‍රකාර හැඩයෙන් යුතු සීමාවට අයත් ප්‍රදේශයකට සක්වළක් කියා එදා ව්‍යවහාර කළා. අපි හිතමු යමෙක් සිරිපාද කන්ද මුදුනට ගොස් වටේට බලනවා කියා. එහිදී ඔහුට ඉර හඳින් පෙනෙන එම වෘත්තාකාර සීමාවද එක් සක්වලකි. මෙවැනි ආකාරයට ගනන් කළ නොහැකි සක්වලවල් මේ හෙළ භූමිය තලද පිහිටියා. ඉන් එහාටද පිහිටියා.. මේවාට කීවේ අනන්ත සක්වල කියායි. ''සමන්තා චක්ක වාලේසූ..'' කියන තැනදීද ආරාධනා කරන්නේ සෑම සක්වලකම වාගේ සිටින සියුම් ශරීර ඇති දෙවි වරුන්ටය. එසේ නොමැතිව සෞරග්‍රහ වලල්ලක් එක සක්වලක් කියා අදහස් ගෙන නොවේ. “සම්බුදුවරයෙකුගේ ආඥා ක්ෂේත්රය නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්රදේශයයි'' යනුවෙන් මේ කියන්නේ කෙළවරක් නැති සක්වලවල් පුරා බුද්ධ ආඥාව පවතින බවයි.
ලෝකය, චක්‍රවාටය, චක්‍රවාළය කියාද මේ සක්වල හඳුන්වා තිබෙනවා.. සමහර තැනෙක මුලු පොලෝ තලයටමත් සක්වල කියා හඳුන්වා තිබෙනවා. ඒවා ඒ ඒ තැන් වලට යෙදෙන ආකාරය අනුවයි වටහා ගත යුත්තේ..
රාවණා රජුන් සක්වල සමග සියළු සම්බන්ධකම් පැවැත්වූ බවත් එක් සක්වලක පොකුණක සත්වයින් සිරකළ බවත් පුරාවෘත වල සඳහන් වෙයි. මේ කියන්නේ සාමාණ්‍යයෙන් විය හැකි දේවල් විනා අභෞය දේවල් නොවේ.
වරක් “රෝහිතස්ස” නම් දෙව්පුතු, පෙර බවයකදී ලෝකයේ අනන්තය සෙවීම සඳහා අවුරුදු සියයක් පමණ දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්වල පුරා ඇවිද යද්දී එහි නිමාවක් නොදැක අතර මඟ කලුරිය කළ බව දැක්වෙන පුවතක් බුදු දහමේ විස්තර කෙරෙනවා. මේ කියන්නේද මේ පෘතුවිය පුරා පාගමනින් ගිය කතාවක්මය.
මුගලන් මහ රහතන් වහන්සේද දින ගණනාවක් සක්වළවල් සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වූ බවත් එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි දඹදිවට වැඩම කළ බවත් කියවෙනවා. මේ කියන්නේද කුමක් ගැනද කියා නුවණැත්තන්ට වැටහෙනු ඇත.
තථාගතයානන් වහන්සේ එවකට මහියංගන පුරවරයට වැඩම කර එහි හිටි මහා යක්ක ගෝත්‍රික ජන සේනාව එකතු කර ධර්ම දේශනාවක් කලද සමහරුන් එම ධර්මයට පටහැනිව ක්‍රියා කල නිසා "සක්වල ගල" යැයි හදුන්වන පර්වතයෙන් එපිටට ඔවුන් යවන්නට එහි සිටි බළධාරීන් කටයුතු කළා.. මේවා නුවණින්ම තේරුම් ගත යුතුවා විනා අන් ලෙසකින් වටහාගත නොහැකි වනු ඇත..
එදා එක් අවශ්ථාවක සක්වලක් කියා කීවේ තමන් සිටින තැනින් ඈත පෙනෙන චක්රාකාර ප්රදේශයකටයි. මේවා හරියට වටහා නොගත හොත් ධර්මයේ ඇතැම් තැන්ද අවුල් සහගත වෙනවාය.. එසේනම් සක්වලවල් කීයක් මේ හෙළදිවේම තිබෙන්නට ඕනිදැයි ඔබම තීරණය කරන්න. අද සක්වල කියා කියන්නේ වෙනත් එක් දෙයකටය.
අදමෙන් යාන වාහන නොතිබුනු එදා යුගයේ මිනිසුන් වැඩියෙන්ම ගියේ පා ගමනින්ය. ඉතින් සමහරුන් තමන්ගේ සක්වලෙන් පිට සක්වල වලටත් පයින්ම ගොස් තිබෙනවා.. අදටත් ඒ පුරුද්දට අපේ වැඩිහිටියන් ''මේ මිනිහ මොන සක්වලේ ගිහින් එනවද දන්නෑ'' කොයි සක්වලේ ගියාද දන්නෑ'' ආදී වශයෙන් කියනවා නොවේද.? තමන්ගේ රටින් පිට අයට පරසක්වල අය කියාද කීවා. ඉතින් එදා කාලයේ පිට සක්වලින් එන අයගේ භාෂාවනුත් සමහරුන්ට තේරුනේ නැහැ.
මා මේ කියපු දේවල් බුද්ධිමත් ටික දෙනෙකුට හරි තේරුම් යන්නට ඇති කියා මා සිතනවා.. සියල්ලන්ටම යහපතක්ම වෙත්වා... ධර්මඤාණය වැඩේවා.. තෙරුවන් සරණයි...

සක්වල විස්තරය.....(සක්වල විභංගය)
බුදුදහම පවතින කලක පමණක් අසන්නට ලැබෙන මේ විස්තරය ඉතා ගෞරවයෙන් පරිශීලනය කරන්න
මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.
වියත් 2 = රියන් 1
රියන් 7 = යෂ්ඨි 1
යෂ්ඨි 20 = ඉස්බ 1
ඉස්බ 80 = ගවු 1
ගවු 4 = යොදුන් 1
මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.
සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.
බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.
මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්
960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.
තල එකිනෙක පිළිබද විස්කරය මෙතැන් සිට....
මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
පඤ්චස්කන්ධය පවතී*.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.
කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.
රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.
දැන් එකිනෙක විස්තර කර ගනිමු.
දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ
කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,
ප්රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.
සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය
මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට
අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.
දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.
චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)
තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)
යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)
තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)
නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)
පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)
රූප භූමි දහසය
මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.
දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.
බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3
බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2
මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1
පරිත්තාභ - මහා කල්ප 2
අප්පමාණභ - මහා කල්ප 4
ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)
පරිත්ත සුභ - මහා කල්ප 16
අප්පමාණ සුභ - මහා කල්ප 32
සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)
වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)
අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක
අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000
අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000
සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000
සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000
අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව
දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා
චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)
අරූප ලෝක
ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි).අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.
දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.
ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000
විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000
ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000
නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000
එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.
දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.
1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.
2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.
3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.
4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.
5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්
6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)
7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්
8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්
9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්
10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින
11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන
12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන
13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්
14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්
15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්
16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්
17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්
18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්
19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්
20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්
21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්
22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්
23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්
24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින්
25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින්
26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්
27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින්

ලෝකයේ මුල
යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක. “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.
යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නො විය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබී පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබූ නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.
ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි.
දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.
(අනමතග්ග සංයුක්ත)
දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ”යි ඇසීය. “මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ”යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය”යි වදාළහ.
(අනමතග්ග සංයුක්ත)
➤➤ ලෝකයේ ඇතිවූයේ කෙසේද?
——————————--
ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසා ය යි සිතූහ. වඩුවකු ඇඳක් - පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය.
මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙක් වුවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ.
සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වදාළ සේක.
බීජයෙන් ගසත් ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ ය.
එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවතී. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවතී.