පවුල්
මළ එකකු මළ එකියක හා වෙසෙන පවුලය. මළ එකකු දේවියක හා වෙසෙන පවුල ය. දෙවියකු මළ එකියක හා වෙසෙන පවුල ය. දෙවියකු දේවියක හා වෙසෙන පවුල ය යි පවුල් ජාති සතරක් ඇති බව තථාගතයන් වහන්සේ වදාළ සේක. ප්‍රාණඝාතාදි පඤ්ච පාපයෙන් වළක්නා ස්වභාවය හා දෙන ස්වභාවය ද මනුෂ්‍යයා දේවත්වයට පමුණුවන ගුණයෝ ය. එබැවින් ඒ ගුණයන්ගෙන් යුක්ත පුරුෂයාහට දෙවියෙකැ යි ද ස්ත්‍රියකට දේවියකැයි ද කියනු ලැබේ. දුශ්ශීල වූ ද මසුරු වූ ද පැවිද්දන්ට ගර්හා කරන්නා වූ ද ගෘහස්ථයා, ගුණ මරණයෙන් මළ එකකු වන බැවින් ඔහුට මළ තැනැත්තා යයි කියනු ලැබේ.
බුදුන් වහන්සේගේ ධර්මයේ හැටියට අඹුසැමි දෙදෙන ම දුශ්ශීල වූ, මසුරු වූ, පැවිද්දන්ට ගර්හා කරන්නා වූ පවුල මළ එකකු මළ එකියක හා වෙසෙන පවුල ය. දුශ්ශීල වූ, මසුරු වූ, පැවිද්දන්ට ගර්හා කර්නනා වූ සැමියකු ඇති, සිල්වත් නො මසුරු බිරිඳක් ඇති පවුල මළ එකකු දේවියක හා වෙසෙන පවුල ය. සිල්වත් වූ නො මසුරු වූ සැමියකු හා දුසිල් මසුරු බිරිඳක් ඇති පවුල, දෙවියකු මළ එකියක හා වෙසෙන පවුල ය. අඹුසැමි දෙදෙන ම සිල්වත් වූ නො මසුරු වූ දෙන සුළු වූ පවුල දෙවියකු දේවියක හා වෙසෙන පවුල ය. ගුණදම් වඩන්නා වූ ඒ අඹුසැමියෝ මෙලොව ද සමගියෙන් සතුටින් වාසය කොට මරණින් මතු ස්වර්ගයට යන්නාහ.
භාර්යාවෝ සත් දෙනවධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන් සත්දෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාළ සේක.
(1) නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධකසම භාර්යා නම් වේ.
(2) සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරීසම භාර්යා නම් වේ.
(3) ගෙදර වැඩ කිරීමට නො කැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කර ගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.
(4) සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ.
(5) නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම භාර්යා නම් වේ.
(6) බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්රතා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම් වේ.
(7) හිමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ.
“යාවිධ භරියා වධකාති වුච්චති
චෞරී ච අය්යාති ච යා පවුච්චති
දුස්සීල රූපා ඵරුසා අනාදරා
කායස්ස භේදා නිරයං වජන්ති තා”
දුශ්ශීල වූ, නපුරු වූ, හිමියාට අනදර කරන්නා වූ වධක භාර්යාව ය චෞරි භාර්යාව ය ආර්‍ය්‍ය භාර්යාව යයි කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යන බව මේ ගයින් ප්‍රකාශිත ය.
“යාවීධ මාතා භගිනි සඛී ච
දාසී ච භරියාති ච යා පවුච්චති.
සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා
කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”
ශීලයෙහි පිහිටියා වූ මෘතෘ භාර්යාව ය, භගිනි භාර්යාව ය, සඛී භාර්යාව ය, දාශී භාර්යාව යයි කියනු ලබන භාර්යාවෝ මරණින් මතු සුගතියට යත්හයි මෙයින් ප්‍රකාශිත ය.
මෙ ලොව ජය ගන්නා ස්ත්‍රිය
“චතු හි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොක විජයාය පටිපන්නො හොති, අයං ලොකො ආරද්ධො හොති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සුසංවිහිත කම්මන්තො හොති සංගහිතපරිජනො, භත්තුමනාපං චරති, සම්භතං අනුරක්ඛති
මෙය තථාගතයන් වහන්සේ විසින් විශාඛා මහා උපාසිකාවට වදාරන ලද්දකි. මනාකොට කළයුතු දෑ කිරීම ය, පිරිවර ජනයාට සුදුසු පරිදි සංග්‍රහ කිරීම ය, සිය සැමියා සතුටු වන පරිදි හැසිරීම ය, හිමියා සපයන ධනය ආරක්ෂා කර ගැනීම ය යන කරුණු සතරින් යුක්ත ස්ත්‍රිය මෙලොවව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියක් වන බව එයින් ප්‍රකාශිත ය.
(1) ආහාර පිසීම, මැසීම, ගෙතීම, ගේ දොර අලුත්වැඩියා කිරීම, කැඩුම් බිඳුම් සකස් කිරීම, පරණ බඩු අලුත්වැඩියා කර ගැනීම, රෝගීන්ට සාත්තු කිරීම යනාදි ගෙයක ස්ත්‍රිය විසින් සිකු කළ යුතු දේ අනලස ව මනා කොට සිදු කිරීම මෙලොව දිනීමට පිළිපන් ස්ත්‍රියගේ පළමු වන අංගය ය. ඒවා මනාකොට කිරීමට නො සමත් වූ ද අලස වූ ද භාර්යාවක් ඇති නිවස නිශ්ශ්රීක නිවසක් වේ.
(2) ගෙදර වැඩකරුවන් ඒ ඒ දෙය කළ නො කළ බව දැන ගැනීම, ආහාර පානාදියෙන් ඔවුනට සුදුසු පරිදි සංග්‍රහ කිරීම, ගිලන් වූ කල ඔවුනට සංග්‍රහ කිරීම, ගෙදර කටයුතුවලින් පිටතට පැමිණෙන නෑ මිතුරන්ට සංග්‍රහ කිරීම, මෙලොව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ දෙවන අංගය යි. එසේ සංග්‍රහ නො කරන ගෙවල කම්කරුවෝ සැලකිල්ලෙන් වැඩ නො කරති. සමහර විට ඒ ගෙය ද හැර යෙති. යම් යම් අවස්ථාවල දී උපකාරයට පිටතින් පැමිණෙන නෑ මිතුරෝ ද නො පැමිණෙති. එයින් බොහෝ කටයුතු පිරිහේ.
(3) හිමියා සතුටු වන සැටියට හැසිරීම මෙලොව දිනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ තුන්වන අංගය ය. බිරිඳ එසේ නො හැසිරෙන කල හිමියා ධන සැපයීම් ආදියට පසුබට වේ. අන්‍ය ස්ත්‍රීන් ඇසුරු කරන්නට හෝ පටන් ගනී. එයින් ඒ පවුල පිරිහේ.
(4) හිමියා සපයන ධනය පරෙස්සම් කර ගැනීම මෙලොව යහපත පිණිස ස්ත්රීන්ගේ සතර වන අංගය යි. භාර්යාව පමණ ඉක්මවා වියදම් කරන්නියක් වුවහොත් ඒ පවුලට දිළිඳුකමින් නැඟී සිටින්නට නුපුළුවන් වේ.
පරලොව ජය ගන්නා ස්ත්‍රිය“චතූහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොක විජයාය පටිපන්නො හොති, පරො ලොකො ආරද්ධෝ හෝති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති, සීල සම්පන්නො හොති, චාග සම්පන්නො හොති, පඤ්ඤා සම්පන්නො හොති”
ශ්‍රද්ධාවෙන් යුක්ත වීම ය, ශීලයෙන් යුක්ත වීම ය. දෙන ස්වභාවය ඇත්තියක් වීම ය, නුවණින් යුක්ත වීම ය යන මේ කරුණු සතර පරලොව ජය ගන්නා පිණිස පිළිපන් ස්ත්‍රියගේ අංගයෝ යයි එයින් ප්‍රකාශිත ය. දෙලොව ජය ගැනීමට හේතු වන අංග අටින් යුක්ත වූ කාන්තාව මෙලොව ප්‍රීතියෙන් වාසය කොට මරණින් මතු “මනාපකායික” දෙවියන් කෙරෙහි උපදින්නී ය.
අඹුසැමියන්ගේ යුතුකම්පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන් තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍රයා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක.
සැමියාගේ යුතුකම්(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය.
(2) බිරිඳට අවමන් නො කිරීම ය.
(3) සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය.
(4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය.
(5) වස්ත්රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.
භාර්යාවගේ යුතුකම්කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍රහ කරන කල්හි භාර්යාව ද
(1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය.
(2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍රහ කිරීම ය.
(3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය.
(4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය.
(5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍රහ කරන්නීය.
දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු
“ව්‍යාඝ්‍රපද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍රයා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක.
උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්රයකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය.
ආරක්ඛ සම්පදා යනු මාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය.
කල්‍යාණ මිත්තතා යනු ශ්‍රද්ධා, ශීල, ප්‍රඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍රය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය.
සද්ධාසම්පදාය, සීලසම්පදාය, චාගසම්පදාය, පඤ්ඤාසම්පදාය යන මේ සතර පරලොව යහපත පිණිස පවත්නා කරුණු ය.
සද්ධාසම්පදා යනු බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍රයාගේ ගුණ හා කර්ම කර්මඵලය විශ්වාස කරන බව ය. ශීල සම්පදා යනු පන්සිල් රක්නා බව ය. චාගසම්පදා යනු ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන වස්ත්‍රාදිය දෙන බව ය. පඤ්ඤාසම්පදා යනු ස්කන්ධාදි ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇති බව ය.
පොහොසත් පවුල් වැටීමේ හේතු“නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසංකරොන්ති, අපරිමිත පානභෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති” යනුවෙන් නැති වූ දෙය නො සෙවීම ය, දිරූ දෙය අලුත් නො කිරීම ය, පමණක් නැති ව කෑම් බීම් කිරීම ය, දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ ප්රධාන්වයෙහි තැබීම ය යන කරුණු සතර පොහොසත් පවුල් වැටීමේ හේතු යයි තථාගතයන් වහන්සේ වදාළ සේක.
වස්තු විනාශයේ හේතු සය“සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත, භොගානං අපාය මුඛං, විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපාය මුඛං, සමජ්ජාභිචරණං භොගානා අපාය මුඛං, ජුත පමාදට්ඨානානුයොගො භොගානං අපාය මුඛං, පාපමිත්තානුයොගො භොගානං අපාය මුඛං, ආලස්සානුයොගො භොගානං අපාය මුඛං.
මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍රයාට දේශයනය කරන ලද්දකි. එහි තේරුම මෙසේ ය.
ගෘහපති පුත්‍රය, මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවෙක. නො කල්හි වීථිවල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවෙක, නෘත්‍ය ගීතාදිය පවත්වන තැන්වල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවෙක. ප්‍රමාදයට හේතු වූ සූදුවෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවෙක, පාපමිත්‍රයන් නැවත නැවත සේවනය කිරීම වස්තු විනාශයේ හේතුවෙක, අලස බැව්හි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවෙක.”
සුරාපානයේ දෝෂ සය
“ඡ ඛො මෙ ගහපතිපුත්ත, ආදීනවා සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගෙ, සන්දිට්ඨිකා ධනඤ්ජානි, කලහ පවඩ්ඪනී, රොගානං ආයතනං, අකිත්ති සංජනනී, කොපීනං න දංසනී, පඤ්ඤාය දුබ්බලී කරණී ජට්ඨං පදං භවති, ඉමෙ ඛො ගහපතිපුත්ත ඡ ආදීනවා සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගෙ.”
තේරුම:
“ගෘහපති පුත්‍රය, මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීමේ මේ දොස් සය ඇත්තේ ය. ඇස් හමුවෙහි ම ධනය පිරිහීම ය, කෝලාහල වැඩිවීම ය, රෝග බහුල වීම ය, අපකීර්තිය ඇතිවීම ය, ලජ්ජා උපදවන තැන් දැක්වීම ය, ප්‍රඥාව දුර්වල වීම ය යන මේ සය මද ප්‍රමාදයන්ට හේතුවන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝ ය.”
නො කල්හි ඇවිදීමේ දොස් සය
“ඡ ඛො මේ ගහපතිපුත්ත! ආදීනවා විකාල විසිඛාචරියානුයොගෙ, අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති. සාපතෙය්යං පිස්ස අගුත්තං අරක්ඛිතං හොති, සංකියොච හොති, පාපකෙසු ඨානෙසු අභූතං වචනං තස්මිං රූහති, බහුන්නං ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති, ඉමෙ ඛො ගහපති පුත්ත! ඡ ආදීනවා විාල විසිඛා චරියානුයොගෙ.
තේරුම:
“ගෘහපති පුත්‍රය, නො කල්හි වීථිවල ඇවිදීමෙහි මේ දොස් සය ඇත්තේ ය. ඔහුගේ ආත්මය ද නො රැකෙයි. ඔහුගේ අඹු දරුවෝ ද නො රැකෙති, ඔහුගේ වස්තුව ද නො රැකෙයි, හෙතෙමේ පව්කම්වලට සැක කරනු ලබන්නේ ද වෙයි, ඔහු ගැන අසත්‍ය කථා ද ඇති වෙයි, හෙතෙමේ බොහෝ දුක් ඉදිරියට තබා ගෙන සිටින්නේ වෙයි, ගෘහපති පුත්‍රය, මේ සය නො කල්හි වීථිවල ඇවිදීමේ දෝෂයෝ ය.
නෘත්යමණ්ඩලාදියෙහි හැසිරීමේ දොස් සය
“ඡ ඛො මෙ ගහපතිපුත්ත, ආදීනවා සමජ්ජාහි චරණෙ, ක්ව නච්චං ක්ව ගීතං, ක්ව වාදිතං, ක්ව අක්ඛානං, ක්ව පාණිස්සරං, ක්ව කුම්භථූනන්ති ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා සමජ්ජාභිචරණෙ”.
මෙය අතීත ලෝකයේ සැටියට වදාරණ ලද්දකි. තේරුම මෙසේ ය: “ගෘහපති පුත්‍රය, නෘත්‍ය මණ්ඩලාදියේ හැසිරීමෙහි මේ දොස් සය ඇත්තේ ය. ඒ තැන්වල හැසිරීමෙහි ඇලුණු තැනැත්තේ කොතැන නැටුමක් ඇති ද, කොතැන ගී කීමක් ඇති ද, කොතැන වැයුමක් ඇති ද, කොතැන කථා කීමක් ඇති ද, කොතැන තාලම් ගැසීමක් ඇති ද, කොතැන බෙර ගැසුමක් ඇති දැ යි බලා සිටී. ගෘහපති පුත්‍රය, මේ සය නෘත්‍ය මණ්ඩලාදියෙහි හැසිරීමේ ආදීනවයෝ ය.”
සූදුවේ ආදීනව සය.
“ඡ ඛො මෙ ගහපතිපුත්ත! ආදීනවා ජූතප්පමා දට්ඨානා-නුයොගෙ, ජයං වෙරං පසවති, ජිතො චිත්තමනුසොචති, සන්දිට්ඨිකා ධනඤ්ජානි, සභාගතස්ස වචනං න රූහති. මිත්තාමච්චානං පරිභූතො හොති, ආවාහ විවාහකානං අපත්ථිතො හොති අක්ඛධුත්තො පුරිස පුග්ගලො නාලං දාරාහරණායාති, ඉමෙ ඛො ගහපති පුත්ත! ඡ ආදීනවා ජූතප්පමාදට්ඨානානුයොගෙ.”
තේරුම:
“ගෘහපති පුත්‍රය, දූ කෙළියෙහි නිතර යෙදීමෙහි මේ ආදීනව සය ඇත්තේ ය. දිනීමෙන් සතුරෙක් ඇතිවේ. පැරදුනහොත් ශෝකය ඇති වේ. මෙලොව ධනයෙන් පිරිහේ. විනිශ්චය සභාවේ දී සූදුකාරයාගේ වචනය නො පිළිගැනේ. මිතුරන් විසින් වර්ජනය කරනු ලැබේ. සූදුකාරයා භාර්යාවක පෝෂණය කිරීමට සමතෙක් නො වේ යයි ආවාහ විවාහ කරන්නවුන් නො පතනු ලැබේ. ගෘහපති පුත්‍රය, මේ සය සූ කෙළියෙහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝ ය.”
පාපමිත්‍ර සේවනයේ ආදීනව සය
“ඡ ඛො මෙ ගහපතිපුත්ත, ආදීනවා පාපමිත්තානුයොගෙ, යෙ ධුත්තා, යෙ සොණ්ඩා, යෙ පිපාසා, යෙ නෙකතිකා, යෙ වඤ්චනිකා, යෙ සාහසිකා, ත්යස්ස මිත්තා හොන්ති තෙ සහායා, ඉමෙ ඛො ගහපතිපුත්ත, ආදීනවා පාපමිත්තානුයොගෙ”
තේරුම:
“ගෘහපති පුත්‍රය, පාපමිත්‍රයන් නිතර සේවනය කිරීමෙහි මේ දොස් සය ඇත්තේ ය. සූදුකාරයෝ ද ඔහුගේ මිතුරෝ වෙති, ස්ත්‍රී සොණ්ඩාදි සොණ්ඩයෝ (කෑදරයෝ) ද ඔහුගේ මිත්‍රයෝ වෙති, සුරා සොණ්ඩයෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති. සමාන දෙයින් රවටන්නෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති, අන් ක්‍රමවලින් රවටන්නෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති, සාහසිකයෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති. ගෘහපති පුත්‍රය, මේ සය පාපමිත්‍රයන් නිතර සේවනය කිරීමේ ආදීනවයෝ ය.
අලස බැව්හි ආදීනව සය
“ඡ ඛො මෙ ගහපතිපුත්ත! ආදීනවා ආලස්සානුයොගෙ, අතිසීතන්ති කම්මං න කරොති, අතිඋණ්හන්ති කම්මං න කරොති, අතිසායන්ති කම්මං න කරොති, අතිපාතොති කම්මං න කරොති, අති ඡාතොස්මීති කම්මං න කරොති, අතිධාතොස්මීති කම්මං න කරොති. තස්ස එවං කිච්චාපදෙස බහුලස්ස විහරතො අනුප්පන්නා චෙ ව භොගා නුප්පජ්ජනිති, උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති, ඉමෙ ඛො ගහපතිපුත්ත, ආදීනවා ආලස්සානුයොගෙ.”
තේරුම:
“ගෘහපති පුත්‍රය, අලස බැව්හි යෙදීමේ මේ ආදීනව සය ඇත්තේ ය. අලසයා ඉතා සීතය යි වැඩ නො කරයි. ඉතා උෂ්ණය යි වැඩ නො කරයි. ඉතා සවසය යි වැඩ නො කරයි, ඉතා උදෑසනය යි වැඩ නො කරයි, බොහෝ බඩගිනි ඇත්තෙමැයි වැඩ නො කරයි, බොහෝ අහර වැළඳීමි යි වැඩ නො කරයි. මෙසේ වැඩට බාධා වන අන්‍ය කෘත්‍යයන් දැක්වීම් බහුල කොට වාසය කරන්නා වූ ඔහුට නූපන් භෝගයෝ නූපදිති. උපන් භෝගයෝ ද ක්ෂය වෙති. ගෘහපති පුත්‍රය, මේ සය අලස බැව්හි ආදීනවයෝ ය.”